මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Tuesday, November 2, 2010

පිරිත් නූල ටී පනස් හය සමග පෑහීමක් නැත

යුද්ධ කළේ දහමට ළැදිවයි
        හමුදා ප‍්‍රකාශක
                    රාවය පුවAතක් 2010. 10. 24
ශ‍්‍රී ලංකා යුද හමුදාව පසුගිය කාලය තුළ උතුරු නැගෙනහිර එල්ටීටීයට එරෙහිව කරගෙන ගිය බිහිසුුණු යුද්ධය ආගම දහමට නැඹුරු ආසියාතික සංකල්පයක පිහිටා කරන ලද්දක් බව හමුදා ප‍්‍රකාශක පවසයි. යුද කි‍්‍රයාන්විතයන් ආරම්භ කිරීමට පෙර සර්ව ආගමික චාරිත‍්‍රයන් පවත්වා ආශිර්වාද ලබාගෙන ඇති නිසා පශ්චාත් යුද සමයේ අන් රටවල හමුදා සොල්දාදුවන් තුළ දකින්න ලැබෙන යුද ආතතිය ශ‍්‍රී ලංකාවේ හමුදා සොල්දාදුවන් තුළ දකින්න නොලැබුණ බව හමුදා ප‍්‍රකාශක වැඩිදුරටත් කියා සිටී

Sunday, October 24, 2010

හිරේ දමා සමාව ඉල්ලන්නැයි කීමේ කලාව

ජනාධිපති රාජපක්ෂ තමන් සෝබෝන් අයෙකු නොව මෙහෙබෝන් අයෙකු බව මතක තබා ගන්නැයි ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු සමාලෝචන රැුස්වීමක දී සිය පාක්ෂික ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකුට පසුගිය දා පැවසා ඇත.

Saturday, October 16, 2010

දර්ශනය , අපව අරගෙන යන පාරුවක් මිසක හිස උඩ උස්සාගෙන යා යුතු බරක් නොවෙයි


ඉන්දීය ජාතික මහා පණ්ඩිත් රාහුල් සංකෘත්‍යායන ( 1893- 1963)   ළමාවියේ දී  ප‍්‍රාථමික අධ්‍යාපනය හැර විධිමත් අධ්‍යාපනයක් නොලැබූවෙකුවුවත් වෙහෙස වී ඉගෙනීමෙන් සංස්කෘත ,  පර්ෂියානු ,  අරාබි ,  දෙමළ ,  කන්නඩ ,  ටිබෙට් ,  සිංහල ,  ප‍්‍රංශ ,  රුසියානු ආදී භාෂා ගණනක ප‍්‍රවීනත්වය ලැබ ඉතිහාසය ,  භාෂා විද්‍යාව ,  බුද්ධ ධර්මය ,  නාට්‍ය ,  දේශපාලනය හා සමාජ විද්‍යාව වැනි විවිධ විෂයයන් අලලා බොහෝ  පත පොත ලියා ඇත

Saturday, October 9, 2010

සමාව ඉල්ලන්න ඕන ද?



නීත්‍යානුකූල, පිළිගත් ක‍්‍රමයක් යටතේ සමාව ඉල්ලා සිටින්නේ නම් ජෙනරල් සරත් ෆොන්සේකාට සමාව දීමට හෝ ඒ ගැන සලකා බැලීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ මීට දින කිහිපයකට පෙර ය. මෙවැනි ප‍්‍රකාශයක් ජනාධිපතිවරයාට කිරීමට සිදුව ඇත්තේ මෙම අසාධාරණ කි‍්‍රයාවට සමාජයෙන් නැග එමින් පවතින  විරෝධය නිසා මිස ඔහුගේ මනස තුළ ඇති වූ  සානුකම්පාවක් නිසා නොවේ.

Monday, October 4, 2010

පීපල්ස් මාච් සැප්-ඔක් අළුත්ම කලාපය

18 වෙනි සංශෝධනය . . . ..
ආණ්ඩුවෙන් සික්සර්  විපක්ෂයෙන් සිංගල්. . . .
යූඇන්පියේ ඇද වැටීම හා රනිල්ගේ නායකත්වය . . . .
මුන්නේස්වරම්හි බිලිපූජාව හා විරෝධතාවයට පසු වදනක්  . . . .
ගෝලීය උණුසුම හා සීතල වම . . . .
18 වන සංශෝධනයෙන් මතුවන ඒකාධිපති වියරුව හෙවත්  "මෙහෙබෝන්වාදය" . . . .
ස්ත‍්‍රීවාදය ගැන කියවීමක්  . . . .
ජන ආන්දෝලන් -2 . . . .
ඇනටෝනියෝ  ග‍්‍රාම්ෂී සහ හෙජමනිය . . . .
කලා කාරයෝ හා නලා කාරයෝ  . . . .
වික්ටර් හාරා . . . .

  පීපල්ස් මාච්

Wednesday, September 29, 2010

රාජ්‍ය සේවය ඈවරවෙයි ?

17 වන සංශෝධනය මගින් විකෘති කළ රාජ්‍ය සේවය ප‍්‍රකෘතිමත් කිරීම 18 වන සංශෝධනය මගින් සිදු වූ බව රජයේ මැති ඇමතිවරු පවසති. මේ අතරින් රාජ්‍යය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ප‍්‍රමුඛස්ථානයේ සිටී.

යුඇන්පිය නන්නත්තාරකරන ලද මහින්දගේ මැජික්පොල්ල

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් වෙනුවෙන් සිරිකොත වටලා මාරාන්තික සටනක් කිරීමට හෝ තමන් සූදානම් බව එම පක්ෂයේ කුරුණෑගල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු ප‍්‍රකාශ කළේ නොබෝදා පැවති කුරුණෑගල දිස්ත‍්‍රික් එජාප පළාත් සභා හා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ගේ රැස්වීමකදී ය. එජාපයේ ඉහළ නායකයන්ගේ සිට පහළ නායකත්වය දක්වා බොහෝ කොටස්වලින් නායකත්වයේ වෙනසක් බලාපොරොත්තුවන බව පෙනේ

Wednesday, September 8, 2010

2010. 09. 08 ?????????????????????. . . . .

ප‍්‍රජාතන්ත‍්‍රවාද‍යේ මලගමේ කසකාරයෝ


එක් පුද්ගලයෙකුට විධායක ජනාධිපති ධූරය දැරීමට තිබූ වාර දෙකේ කාල සීමාව ඉවත් කිරීමත් 17 වන සංශෝධනය මගින් පිහිටවු ස්වාධීන කොමිෂන් සභා අහෝසිකිරීමත් අඩංගු කර ගත් මෙම 18 වන ව්‍යවස්ථා සං‍ශෝධනය හදිසි කටයුත්තක් ලෙස ඉදිරිපත් කර ඇත.

Tuesday, September 7, 2010

18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මතුවන ඒකාධිපති වියරුව

(වසන්ත දිසානායක)
මහින්ද පාලන තන්ත‍්‍රයේ ඊළ`ග අදියර ඇරඹෙන්නේ 2010 සැප්තැම්බර් 8 දින සියලූ සදාචාර ධර්මයන්ට පටහැනිව දූෂිත කි‍්‍රයාදාමයක් මගින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබීමට නියමිත 18 වන ව්‍යවස්ථා සංශෝධනයත් සමග ය.

Sunday, August 22, 2010

මර්වින් සිල්වා ඇගයීමේ ස`ග සමුළුව නොහොත් පනින රිලවුන්ට පිරිත් නූල් බැඳීම



‘සමෘද්ධි නිළධාරියෙකු ගස් බැඳීමේ සිද්ධිය හේතුවෙන් නියෝජ්‍ය ඇමති ධූරයෙන් ද ශ‍්‍රීලනිප කැළණීය ආසන සංවිධායක ධූරයෙන් ද ඉවත් කර ඇති හා ශී‍්‍රලනිප සාමාජිකත්වය අත්හිටුවා ඇති පා. ම. මර්වින් සිල්වා අගය කිරීම සඳහා හා ඔහුගේ සේවය  තව දුරටත් ලබා ගැනීමේ අරමුණ ඇතිව

Saturday, August 21, 2010

එදා විරුවන් අද මරුවන්




එදා ත‍්‍රිවිධ හමුදාව සහ පොලීසිය යනු ජවිපෙට විරුවන් පිරිසකි. බෙදුම්වාදය පරදවා රට බේරා ගත්තේ මෙම විරුවන් ය. මෙම ‘විරුවන් පිරිස කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීම සඳහා එකල ජවිපෙ හඩ වේදිකාවල රැව්පිළිරුවි දුන්නේ ය.

Saturday, August 14, 2010

රටක නීතියට ගිය කලක් !


පසු ගිය 12 වෙනි දින  ජවිපෙ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මංත‍්‍රී විජිත හේරත්, ගාල්ල දිස්ත‍්‍රික්  ජවිපෙ මංත‍්‍රී අජිත් කුමාර හා පළාත් සභා මංතී‍්‍ර නලීන් හේවගේ ඇතුළු 8 දෙනෙකු ගාල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන එදින ම ගාල්ල මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 2010. 08. 16 දින දක්වා රිමාන්ඞ් භාරයට පත් කර තිබේ.



ජෙනරාල් සරත් පොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලා 2010. 08 .12 දින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය ගාල්ල නගරයේදී පැවැත් වූ උද්ඝෝෂණයෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත. සාමකාමීව පැවැත්වූ උද්ඝෝෂණයට ගාල්ල පොලීසිය මගින් එල්ල කළ ප‍්‍රහාරය රූපවාහිනී නාලිකා මගින්  සමස්ත රට වැසියන්ට ම දැක ගත හැකි විය.

Friday, August 13, 2010

නිර්වින්දන සමාජයක ඛේදවාචකය





එළඹ ඇත්තේ 2010 අගොස්තු මාසය යි. ජනාධිපතිවරණය අහවරවී වසරකට ආසන්න වී ඇත. කැබිනට් මණ්ඩලය 35ට බැස්සවීම හීනයක් වෙමින් එය ආසියාවේ නොව ලෝකයේ ම ආශ්චර්යය ලෙස යෙහෙන් වැජඹෙයි. 17වෙනි ව්‍යවස්ථා සංශෝධනය, කොමිෂන් සභා පත්කීරීිම් යනාදියේ ද තත්ත්වය එයම ය. එහෙත් ඔඩු දුවා ඇති ආර්ථික අවපාතයට  ජනතාවගේ පැත්තෙන් කිසිම විරෝධයක් තාමත් පැන නැගී නොමැත. අවුරුදු 30ක් ම පටි තද කර ගැනීමට හුරුවී සිටි ජනයා මැතිවරණයේදී පැතූ ”කාලා ඇඳලා සැනසීමේ ඉන්න” තැබූ  පැතුම් උඩු හුලෙ`ග් ගසාගෙන යමින් තිබේ.

Tuesday, August 10, 2010

චෙල්සි ක්ලින්ටන් ගේ සහ අපේ ලෝකය

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් හා එහි වත්මන් රාජ්‍ය ලේකම්වරිය හිලරි ක්ලින්ටන් යුවළගේ දුව චෙල්සි ක්ලින්ටන් පසු ගිය ජුලි 30 වෙනිදා යුග දිවියට පිවිසුනා. මංගල උත්සවයට ගිය වියදම ඇ .ඩො. මිලියන 5 ක් පමණ වෙනව. සහභාගි වූ ආරාධිතයන් ප‍්‍රමාණය 400 ක්. ඇ. ඩො. මිලියන 5 ක් කියන්නෙ ලංකා රුපියල්වලින් නම් කෝටි 56 යි ලක්ෂ 10 ක් විතර. ඒ අනුව එක් අයෙක් වෙනුවෙන් වියදම රු ලක්ෂ 14 ක් විතර .
ඒත් අපට ලෝකයේ අනෙක් පැත්තෙන් මෙහෙම දේවලූත් අහන්න ලැබෙනව .
මිනිසුන් මිලියන 3 ක්  ජීවත්වීම සඳහා දිනකට ඩොලර් 2 ක් උපයාගන්න මහත් අරගලයක යෙදීසිටිනවලූ. 
ළමයින් මිලියන 15 ක් අවරුද්දකට බඩ ගිනනේ මියයනවලූ .
සෑම තත්පර 3.6 ට එක් අයෙක් බඩ ගින්නේ මිය යනවලූ .
 ඒ විතරක් ද, චෙල්සි ගෙ රටේ,  ඇමරිකාවේ ළමයි අට දෙනෙකුගෙන් එක් අයෙක් සෑම රාත‍්‍රියකම නිදාගන්න යන්නෙ බඩ ගිනනෙන්ලූ.

http://www.thinkquest.org/pls/html/think.library

Tuesday, July 27, 2010

ශ‍්‍රී ලංකාවේ යුධ අපරාධ සිදුවූ බවට හියුමන් රයිට්ස් වොච් ආයතනයෙන් චෝදනා

ඇමරිකාවේ නිව්යෝක් හි පිහිටි රාජ්‍ය නොවන සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් ආයතනය ශ‍්‍රී ලංකාවේ යුධ අපරාධ සිදුවූ බවට චෝදනා කර සිටී. එල්ටීටීයට එරෙහි යුද්ධයේ  අවසාන කාල සීමාව තුල උතුරේ සිවිල් වැසියන් 7000 ක් පමණ ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් ඝාතනය කර ඇති බව මෙම සංවිධානයේ චෝදනාවයි.

Saturday, July 24, 2010

බෑන් කී මූන් සහ උපදේශන කමිටුව



ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳ සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා පත්කර ඇති උපදේශක කමිටුව වෙත අද වන විට ශ‍්‍රී ලංකාව තුළ පමණක් නොව ජත්‍යන්තරය තුළ ද දැඩි අවධානයක් යොමු වී  ඇත.
දශක තුනකට වැඩි කලක් ශ‍්‍රී ලංකාවේ පැවති යුද්ධය  ආරක්ෂක හමුදා විසින් යුදමය වශයෙන් පරාජය කළ ආකාරය පිළිබඳව ප‍්‍රබල බටහිර රටවල් එතරම් කැමැත්තක් නොදැක්වීය.

Thursday, July 22, 2010

උතුරු නැගෙනහිර සංවර්ධනය සහ ආණ්ඩුවේ පම්පෝරිය


පශ්චාත් යුධ කාලය තුල උතුරු නැගෙනහිර සංර්ධනයට විශාල මුදලක් වැය කරන බව ආණ්ඩුව පෙන්වීමට උතත්සාහ කළත් එහි සත්‍යය එය නොවන බව අර්ථික සංර්ධන  අමාත්‍යාංශයේම වාර්ථා මගින් පෙන්වා දෙයි

Tuesday, July 13, 2010

මහින්ද රෙජිමය හා සමාජ බලව්ග



ලංකාවේ පස්වන ජනාධිපතිවරණය අවසන් වූවේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ වාර්තාගත ජයක් මහින්ද රාජපක්ෂට  හිමිකර දෙමිනි. අඩුම තරමින් මෙවැනි ජයක් මහින්ද රාජපක්ෂවත් බලාපොරාත්තු වූයේ නැත.

Thursday, June 24, 2010

 තීරණාත්මක මැතිවරණයක්

2010 ජනවාරි 26 පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපති රාජපක්ෂ ලබා ගත්තේ නොසිතූවිරූ පමණක් නොව බැලූ බැල්මට සිදුවිය නොහැකි වූ ද විවාදයට තුඩු දෙන්නාවූ ද ”දැවැන්ත ජයග‍්‍රහණයකි.”