මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Tuesday, January 18, 2011

සුළු ජාතියක් නැතිකොට ‍‍හත්වලාමේ ජාතික ගීය දෙමළෙන් කියන්නෙ මක්ක‍ටෙයි ?

      ශ‍්‍රීලංකාවේ ජාතික ගීයේ දෙමළ පරිවර්තනය ඉවත්කර සිංහලෙන් පමණක් එය ගායනා කළ යුතුය යන  යෝජනාවක් කැබිනට් මණ්ඩලය මගින් සම්මත කර ඇත. මෙම යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ චම්පික රණවක හෝ විමල් වීරවංශ විසින් නොව ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්ම වීම නිසා රටේ තරමක ආන්දොලනයක් මතුවිනි. එල්ටීටිය පරදවා ආණ්ඩුව ලැබූ ජයහ‍්‍රනයෙන් පසු  ජනාධිපති රාජපක්ෂ ජාතිය අමතමින් කියා සිටියේ දැන් සුළු ජාතිය කියා පිරිසක් නැති බව ය. ඒ අනුව අද වනවිට දෙමළ පුළුටක්වත් මේ රටේ හතර දිග්භාගයේ කොතැනකවත් සිටිය නොහැකි ය! එසේ නම් ජාතික ගීයේ දෙමළ පරිවර්තනයක් තව දුරටත් තිබිය යුත්තේ අහවල් දේකට ද? ඔහු තර්කය ගොඩ නගනවා ඇත්තේ එසේ යැයි අපට උපකල්පනය කරන්නට පුළුවන.