මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Thursday, April 21, 2011

පීපල්ස් මාච් ස`ගරාව මාර්තු අපේ‍්‍රල් කලාපය




මැද පෙරදිග හමායන දේශපාලන විප්ලවය ශ‍්‍රී ලංකාවත් සිප ගනීද?   
පාලකයන් මැතිවරණ පවත්වන්නේ නැග එන මහජන විරෝධයන් යටකර දැමීමට විනා මහජනමතය සාධාරණ ලෙස ප‍්‍රකාශ කිරීමට ඉඩ දීමට නොවේ......


රාජපක්ෂ පාලනයේ සමාජ ප‍්‍රාග්ධනය.

රාජ්‍ය මාධ්‍ය පමණක් නොව ශ‍්‍රී ලංකවේ පවතින     මාධ්‍ය    ආයතනවලින් සියයට අනූවකටත් වඩා අද පෙනී සිටින්නේ පාලක පක්ෂය වෙනුවෙනි ......


ජනසහමිතිය බිඳීමට නම්.
රාජපක්ෂ තන්ත‍්‍රය තවමත් උත්කර්ෂයට නංවන්න හදන්නේ එල් ටීටීඊය පරදවා හමුදාව ලද යුද ජයග‍්‍රහණය ය. එම යුද ජයග‍්‍රහණයෙන් නිලංකාරයට පත් වූ ජනතාව තවත් කාලයකට ඒ නිලංකාරයෙහි ඔබා තබා ගන් නට ය.......

සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කිවීමක්.

  අතීතයේ මෙන්ම අදත් ධනවාදය මේච්චල්කර පවත්වාගෙන යාමට කෙරෙන ඔවුන්ගේ යෝජනාවල අඩුවක් වී නැත......




   peoples march magazine march - aprial issue

Tuesday, April 5, 2011

71 බක්මහ අරගලය

ඒ. ඩී. පී. රත්නායක


2011 අපේ‍්‍රල් 5 වෙනි දිනට 71 අරගලයට හතලිස් වසරක් සපිරෙයි නිල වශයෙන් ඒ වෙනුවෙන් පෙනී සිටින ජවිපෙ සුපුරුදු පරිදි වේදිකා මත ආකර්ෂණීය ස්මාරකයන් තනා අපේ‍්‍රල් විරුවන් සමරනු ඇත . උද්වේගී දේශනයන් පවත්වනු ඇත. ඒ අතර විවිධ මතවාදයන් දැරුවද හෘදය සාක්ෂිය විසින් අමතකකීරීමට ඉඩදෙනු නොලැබූ  තවමත් ජීවත්ව සිටින කැරලිකරුවන් ද වෙනත් තැනක 71 විරුවන් සමරනු වස් සුහඳ හමු පවත්වති. 71 විරුවන් සැමරීම කවුරු කොතැනක සිදුකලත් සම්ප‍්‍රධායක් සිරිතක් බවට පත්වී ඇතිවා හැර 71 අප්‍රෙල් අරගලය විසින් මතුනරන ලද දේශපාලන අරමුණට ආලෝකයක් ලැබී නැත.