මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Thursday, June 9, 2011

බෑන් කි මූන් ගේ උපදේශන කමිටු වාර්තාව හා රාජපක්ෂ තන්ත‍්‍රයේ දේශපේ‍්‍රමී මත් කුඩු දේශපාලනය

වසන්ත දිසානායක

එජා මහ  ලේකම් ලංකාවේ පැවති යුද්ධය තුළ සිදු කෙරුණා යයි කියන යුද අපරාධ සම්බන්ධ චෝදනා පිළිබඳව තමන්ට උපදෙස් දීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුව ද එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව ද සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනයත් එහි කොටස්කාර කල්ලිත් හැසුරුණු ආකාරය පුහුල් හොරා කරෙන් දැනේ කියන කතාවේ සංස්කරණයක් බඳු ය. පුහුල් හොරා කරෙන් දැනේ කී විට ඔහු කළේ හොරෙන් කර අත ගා බැලීම ය. එහෙත් රාජපක්ෂ පාලනය හැසුරුණේ ඔවුන්ගේ මෙහෙබෝන් න්‍යායට අනුව ”අඩෝ කවුද ඩෝ අපි යුද අපරාධ කරා කියන්නේ? බංකි මූනෝ උඹගේ කමිටුව අකුලා ගනින් නැත්තන් අපි එකා පිට එකා මැරිලයි උඹලට උත්තර දෙන්නේ” අන්දමේ චණ්ඩි මල්ලී ටෝක් දීමෙනි. ඒ අතර ම ජනාධිපති රාජපක්ෂ ”මෙන්න මං විදුලි පුටුවට ගෙන යන්න හදනවෝයි” කෑ මොර දෙන්නට ද පටන් ගත්තේ ය.

Saturday, June 4, 2011

ඔබ මේ දුෂ්ට පාලනයේ අවසානයේ ආරම්භය සලකුණු කළෙහිය


රොෂේන් චානක සොහොයුරාණෙනි,
ඔබට අපේ සහෝදරාත්මක ආචාරය

දුෂ්ට පාලකයෝ කම්කරු පංතිය ප‍්‍රමුඛ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් හැමදාමත් පැහැර ගනිති.

ජනතාව නිහ`ඩව සිටින්නේ කොයි තාක් ද ඒ තාක් ඒ පැහැර ගැනීම් නොනවත්වා කරගෙන යති.

ඔබ ඊට එරෙහිව නැගී සිටිය හොත්  ඔවුන් ඔබට බැටන් ප‍්‍රහාර, කඳුළු ගෑස් හා අවසානයේ වෙඩි උණ්ඩවලින් ද සංග‍්‍රහ කරමින් ජීවිත ද බිලි ගනිති.

Friday, June 3, 2011

දෙමළ ජාතික ප‍්‍රශ්නය හා වික්ටර් අයිවන්

                         

  මා බල්ලන් ඇති කරන්නට කැමතිය'එහෙත් මාගේ ආදරණීය බල්ලා පිස්සු වැටුනහොත් ඌ මරා දමනවා හැර මට අන් විකල්පයක් නැත. සමහරවිට උගේ පිස්සු වැටීම මාගේ නොසැලකිලිමත් කි‍්‍රයාකාරකම් ද බලපෑවා විය හැකිය. මා නිසි වේලාවට ඌට ලබා දිය යුතු එන්නත් ලබා දුන්නේ නම් සමහරවිට ඌ පිස්සු නොවැටෙන්නට ඉඩ තිබුණි' බල්ලා පිස්සු වැටුණු පසු මා අතින් සිදුවී තිබුන අතපසුවීම් සලකා ඌ නොමරා සිටීමේ හැකියාවක් මට තිබිය නොහැකිය' උගේ පිස්සුව හොඳ කිරීමට මොනයම් හෝ මාර්ගයක් තිබෙන්නේ නම් මා තෝරා ගන්නේ එම මාර්ගයයි' එහෙත් එවැනි මාර්ගයක් නැත්නම් ඌ මා ආදරයෙන් හදා වඩාගත් බල්ලා බව නොසලකා ඌ මරා දැමීමට මම මැලි නොවෙමි. මා එසේ කරනු ඇත්තේ සංතෝෂයෙන් නොව මහත් කණගාටුවක්ද හිතේ ඇතිවය'