මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Saturday, July 30, 2011

අද දේශපාලනය තුළ ජවිපෙ භූමිකාව

 මේ වනවිට ජවිපෙ උතුරේ දෙමළ ජනතාව අතරට තම හ`ඩ ගෙනයාමට මහත් වෑයමක් දරණ බවක් පෙනෙන්ට තිබේ. එය දෙමළ සිරකරුවන් නිදහස් කිරීම වෙනුවෙන්  හා යුද්ධයේදී අතුරුදහන්වූ දෙමළ ජාතිකයන් වෙනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාරයන්හි  නියැලෙයි.  කිළිනොච්චිය වැනි හමුදා පාලනයට දැඩි ලෙස නතුව ඇති ප‍්‍රදේශවල පවා දෙමළ ජනතාව සමගින් වීදිවලට පිවිසීමට උත්සාහ දරමින් සිටී. රාජපක්ෂ විරෝධී වාම කණ්ඩායම් පක්ෂ හා ප‍්‍රගතිශීලී බුද්ධිමතුන්   කොළඹ කේන්ද්‍ර කරගත් වේදිකා මතින් වැඩිම වුනොත් කොටුව දුම්රිය පළ ඉදිරිපිට පදික වේදිකාව මතින් හෝ ලිප්ටන් වටරවුමේ පදික වේදිකව මතින් ඔබ්බට යා නොහැකි තරමට දුර්වලව හා  අසංවිධිතව සිටින තත්ත්වයක් යටතේ ජවිපෙ මේ ක‍්‍රියාකාරිත්වය සැලකිය යුතු වැදගත්කමක් දරයි. ඒ පරිද්දෙන් ම ලංකා පුවත්පතෙහි පලවෙන සමහර ලිපි තුළින්  හා එහිම ජවිපෙ නායකත්වය සමග කෙරෙන සම්මුඛ සාකච්ඡා ආදිය  මගින් ප‍්‍රකාශවන මතයන්   විශේෂයෙන් දෙමළ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ප‍්‍රකාශවන මතයන් මෑත කාලීන ජවිපෙන් ප‍්‍රකාශ නොවූ ආකාරයේ මතයන් ය. ඒවා  බරපතල අවුල් සහගත තත්ත්වයක පැවතිය ද යම් දුරකට ප‍්‍රගතිගාමී ප‍්‍රවනතාවක්  පිළිබිඹු කරන බව පෙනෙන්නට තිබේ. එහෙයින් එම මත ඒ මේ අත පෙරළා විමසා බැලීම අද දේශපාලනය තුළ වැදගත් යයි සිතමු.

Sunday, July 24, 2011

ආචාර්ය වැටුප හා පෞරුෂත්වය


රජිත රාජපක්ෂ
  සරසවි ඇදුරන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ඇරඹි සටන් කි‍්‍රයාමාර්ගය දැන් මසක් ඉක්මවා තිබේ. අද වන විට එහි කිසියම් අවසානයක් දක්වා පැමිණෙන බවක් පෙනේ. ආචාර්ය සංගමය බලාපොරොත්තු වූ වැටුප් වැඩිවීම නැතත් සැලකිය යුතු වැටුප් වැඩිවීමක් ලබාදීමට රජයට අකමැත්තෙන් හෝ සිදුවී තිබේ.

Monday, July 18, 2011

ගැමි ආගම හා බුද්ධාගම



ජලවිදුලි බලාගාර ආශ‍්‍රිත ප‍්‍රදේශවලට වැසි පතා විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමති පේ‍්‍රමලාල් ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් සංඝයා වහන්සේලා විසින් මාඋස්සාකැලේ ජලාශයට පිරිත් පැන් මුදාහළ බව 2011.07.08  දිවයින  on line edition වාර්තාවක් කියවීමු.

Tuesday, July 5, 2011

නව මානයක් ගත් සරසවි ආචාර්ය ප‍්‍ර‍්‍රජාවගේ අරගලය

       වසන්ත දිසානායක
සිය වෘත්තියට ගැලපෙන වැටුපක් සඳහා සරසවි ආචාර්ය ප‍්‍රජාව ආරම්භ කළ අරගලය මේ වන විට ප‍්‍රබල අරගලයක් බවට පරිවර්තනය වී ඇත. ජනතා අවශ්‍යතාවන්ට කන් දෙනවාය යනුවෙන් අප‍්‍රමාණ පොරොන්දු තොගයක් දෙමින් බලයට පත් වත්මන් ආණ්ඩුව බලයට පත් තැන් සිටම අනුගමනය කළේ පෙර පාලන තන්ත‍්‍රයන්ට නොවෙනස්ව දුන් පොරොන්දු අමතක කර දමා  ජනතා ඉල්ලීම් බලහත්කාරය යොදා පාගා දැමීම ය. සරසවි ආචාර්ය ප‍්‍රජාවගේ අරගලය සම්බන්ධයෙන් ද ආණ්ඩුව අනුගමනය කරන්නට වූයේ එම පිළිවෙතම ය.