මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Tuesday, October 18, 2011

”සරදියෙල්ලාගේ” නීතිය

රජිත රාජපක්ෂ
නීතිය අතට ගෙන කිසිදු පුද්ගලයෙකු කටයුතු නොකළයුතු අතර එසේ කටයුතු කරන  ඕනෑම පුද්ගලයෙකුට තරාතිරම නොබලා නීතිය අකුරටම කි‍්‍රයාත්මක කරන බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ කිහිපවරක්ම ප‍්‍රකාශ කර තිබේ.   කිසියම් පුද්ගලයෙකු අපරාධයක් හෝ නීති විරෝධී කටයුත්තක නිරතවන්නේ නම් එ් බව පොලිසියට දන්වා පොලිසිය මඟින් නීතිය කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරවා ගන්නා ලෙස ඔහු මහා ජනතාවගෙන් ද ඉල්ලීමක් කර ඇත. අපූරු ය! 

Thursday, October 6, 2011

හොඳයි, ඒත් පරෙස්සමින්



සමාජයේ මෝරා වැඩෙන අර්බුදයන්ගේ බලපෑමෙන් පවතින කිසිදු දේශපාලන පක්ෂයකට ගැලවී ගත නොහැකි ය. පක්ෂයක් තුළ පිළිබිඹුවන එම අර්බුදයන් යම් යම් කොන්දේසි යටතේ කලක් ආවරණය කරගෙන සිටිය හැකි නමුත් දිගටම එසේ ආවරණය කර ගෙන සිටින්නට ද බැරි ය. හැම පක්ෂයක් තුළම මේ අර්බුදය පිළිබිඹුවෙයි. ඇතැම් ඒවායේ ඉක්මනින් ද ඇතැම් ඒවායේ පසුවී ද මෙම අර්බුද ප‍්‍රකාශයට පත් වෙයි. මෙම අර්බුදය ප‍්‍රකාශයට පත්වීම විදහා පාන අලූත්ම නිදර්ශනය ජවිපෙන් දිස්ව ඇත.

Monday, October 3, 2011

මාධ්‍ය නිවේදනය

                                                                   2011.09 .27
                              

මේ වන විට ජවිපෙ තුළ ප‍්‍රතිපත්ති හා ක‍්‍රියා මාර්ග සම්බන්ධයෙන් සිදුවෙමින් පැවති මතවාදී අරගලය උච්චස්ථනයකට පැමිණ තිබේ. ප‍්‍රකාශයට පත්ව ඇති අන්දමට මෙය පක්ෂයේ සභාගවාදී හා පතිසංස්කරණවාදී දේශපාලනයට එරෙහිව වාම ප‍්‍රවේශයකින් පක්ෂ අභ්‍යන්තරයේ හටගත් කැරල්ලකි. ජන මාධ්‍ය ඇතුළු මුළු සමාජය තුළම පාහේ ප‍්‍රධාන කතිකාව බවට පත්ව ඇත්තේ ජවිපෙහි මෙම ඛණ්ඩනය යි. ජවිපෙ තුළින් හෝ ජවිපෙ නව ප‍්‍රවනතාව තුළින් මේ පිළිබඳව නිශ්චිත කරුණු දැක්වීමක් සමාජයට ඉදිරිපත් කර නැතත් ජන මාධ්‍යවල විවිධ ප‍්‍රවෘත්ති හා ලිපි ලේඛනවලින් බොහෝ කරුණු ඉදිරිපත්ව තිබේ. මෙම ප‍්‍රවෘත්තිවලට හෝ ලිපිවලට නිසි මූලාශ‍්‍රයක් නොමැති බව පැහැදිලි නමුත් එමගින්  ඉදිරිපත් කරන කරුණු සමස්තයක් ලෙස  මුලූ සමාජයම කිසියම් කැළඹීමකට ලක් කරයි.

මාධ්‍යයන්හි  බොහෝ ලිපි හා ප‍්‍රවෘත්තිවලින් උත්සාහ දරා ඇත්තේ ජවිපෙ නව ප‍්‍රවනතාව සන්නද්ධ කැරල්ලකට අර අදින බවට සමාජය තුළ මතයක් තහවුරු කිරීමට ය. මෙය මෙම ප‍්‍රවනතාව මත පමණක් නොව සමාජයමත් මත මර්දනයක් මුදා හැරීම සාධාරණය කිරීම සඳහා   ජන මනස සැකසීමේ මාධ්‍ය මෙහෙයුමක් බව පෙනෙන්නට තිබේ. මෙම මුද්‍රිත අකුරු මත සිදු කරන දේශපාලන කී‍්‍රඩාව පෙනුමෙන් ගවේෂණාත්මක  බවක් පෙන්නුම් කළත් හරයෙන් නම් අතිශයින්ම භයානක බව අමුතුවෙන් කිය යුතු නොවේ.

මෙම ප‍්‍රවෘත්ති නිර්මාණය කිරීමෙහිලා රජයේ හා එහි ඒජන්තයන්ගේ පැහැදිලි සම්බන්ධයක් පවතින බව හොඳින් නිරීක්ෂණය කිරීමෙන් වටහා ගත හැකි ය. කිසිදු සැබෑ මූලාශ‍්‍රයක් නොමැතිව සිදු කරන මෙම කාලකන්නි ප‍්‍රබන්ධ මාධ්‍ය භාවිතය අපි ඉතාම පිළිකුල් සහගත ලෙස ප‍්‍රතික්ෂේප කරමු.

රාජපක්ෂ පාලනය අද වන විට පවතින්නේ දෙස් විදෙස් මහා පරිමාණ ගැටළු රාශියකට මුහුණ දී බව අවිවාදිත ය. දැරිය නොහැකි සේ වන ජීවන වියදම ඉහළ යාම, රැකියා වියුක්තිය වැනි ප‍්‍රශ්න හේතුවෙන් මතුවන ආර්ථික පීඩනයෙන්  මෙන්ම මර්දනකාරී මිලිටරි පන්නයේ පාලනය  නිසා මතුව පවතින  දේශපාලන පීඩනය ද මගින් ජනතාව වෙතින් රාජපක්ෂ පාලනය වෙත එල්ලවීමට නියමිත  පීඩනය මතු පිටින් පෙනෙනවාට වෙනස්ව බරපතල වන්නකි.

මානව හිමිකම් කඩ කිරීම, දෙමළ ජනතා ප‍්‍රශ්නය සම්බන්ධයෙන් දිගින් දිගටම අනුගමනය කරනු ලබන ජාතිවාදී ප‍්‍රවේශය හේතු කොට ගෙන ඉන්දියාව ඇතුළු විදෙස් බලවේගවල පීඩනයට ද රාජපක්ෂ පාලනය මුහුණ දී සිටී.

ආණ්ඩුවට එරෙහිව  දේශීය වශයෙන් මතු වන විරෝධතාවන්ට කිසිදු පිළිතුරක් නොමැති තත්ත්වයක් තුළ ආණ්ඩුවට අනුගමනය කිරීමට සිදු වන්නේ මර්දන කි‍්‍රයාවලිය පමණි. මෙම මර්දන කි‍්‍රයාවලියට එරෙහිව නැගෙන විරෝධයන් යටපත් කිරීම සඳහා භයානක බිල්ලකු රට තුළ නිර්මාණය කිරීම ඉතාම අත්‍යවශ්‍ය ය.

අද වන විට ජන මාධ්‍ය විසින් ආණ්ඩුවේ කි‍්‍රයාවට නැගීමට අර අඳින අනාගත මර්දන සැලසුම් සමාජය තුළ සාධාරණය කිරීමට අවශ්‍ය මතවාදී සැකස්ම සකස් කරමින් සිටී. මෙයට ආණ්ඩුවේ මෙන්ම එහි ඒජන්තයන්ගේ ද පැහැදිලි සම්බන්ධයක් තිබෙන බව බැහැර කළ නොහැකි ය.

රට තුළ මතුවන ප‍්‍රගතිශීලී ව්‍යාපාර හා ප‍්‍රගතිශීලී කි‍්‍රයාකාරිකයන් විනාශ කර දැමීමට ආණ්ඩුව හා එහි ඒජන්තයන් දරණ සියලූ උත්සාහයන් පරාජය කර දැමීමට පෙරට ඒම සියලූ ප‍්‍රගතිශීලී බලවේගයන්ගේ අත් හැරිය නොහැකි වගකීමකි.

මෙරට ප‍්‍රගතිශීලී  බලවේග ලෙයින් හා යකඩින් විනාශ කළ ඉතිහාසයක් අප රටේ පවතී. බොහෝ ප‍්‍රගතිශීලී යයි කියා ගන්නා කොටස් තම හ`ඩ අවදි කරන්නේ මහත් සංහාරයකින් පසුව සිදු කරන මරණ පරීක්ෂණ කටයුතු සඳහා ය. එසේ නොවී ප‍්‍රගතිශීලී ව්‍යාපාර ගිලටිනයට දැක්කීමට පෙර කි‍්‍රයාකාරී මැදිහත් වීමක් සිදු කිරීම ප‍්‍රගතිශීලීන්ගේ යුතුකමක් මෙන්ම වගකීමකි.
                                                                       

                                                                      ඒ ඩී පී රත්නායක
                                                                 ප්‍රධාන ලේකම්                                                            පීපල්ස් මාච්