මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Friday, November 18, 2011

මා දුටු ඉල් විරු සැමැරුම

රජිත රාජපකෂ  



  ජනතා විමුක්ති පෙරමුණ වාර්ෂිකව සමරන ඉල්මහ සැමරුම මෙවර වෙනදාට වඩා විශේෂත්වයක් ගත්තේ ය 1994 වර්ෂයේ සිටම අප කවුරුත් දැක ඇත්තේ ජවිපෙ එක් ස්ථානයක සමරන සැමැරුමක් පමණි නමුත් මෙවර සැමරුම ස්ථාන දෙකක  ප‍්‍රධාන සැමැරුම් දෙකක් ලෙස පැවැත්විණි ජනතා විමුක්ති පෙරමුණේ නිල අයිතිය තාමත් රැුl ගෙන සිටින සෝමවංශ පාර්ශවය කොළඹ විහාර මහ දේවී එළිමහන් රංග පීඨයේත් ජවිපෙ නව වාම ප‍්‍රවේශය සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේත් මෙම සැමැරුම් සූදානම් කර තිබුණි

  ජවිපෙ නව ප‍්‍රවණතාවය ලෙස පෙනී සිටින කංඩායම පවත්වනු ලැබූ විරු සැමරුම නැරඹීමට මෙම ලියුම්කරු ද සුගතදාස කී‍්‍රඩාංගණයට ගියේ ය විවිධ සටන්පාඨ, කවි හා විවිධ නිර්මාණ ඇතුළුව ගෘහස්ත කී‍්‍රඩාංගණයේ පිටත ප‍්‍රදේශය මෙන්ම ඇතුළත ද අලංකාර ලෙස සරසා තිබුණි

  රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ජවිපෙ ප‍්‍රධාන කි‍්‍රයාකාරීනao සාමාජිකයන් o හිතවතුන් හා පොදු ජනයා ඇතුළු 60000කට ආසන්න ප‍්‍රමාණයක් ජවිපෙ දේශපේ‍්‍රමි අරගලය තුළ දිවි පි¥y මෙම දිවිදුන් සටන්කරුවන් ස්මරණය කිරීම සඳහා ඉල් මහ සැමැරුමත්, 71 අරගලයේ දී දිවි පිදුවන් සැමැරුම් සඳහා අපේ‍්‍රල් සමැරුමත් ගාම්භීර ලෙස හා හැඟීම්බර ලෙස ජවිපෙ විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සැමැරුම් ය

  මෙවර ඉල්මහ සැමරුම පැවැත්වීමට පෙර ජවිපෙ නව ප‍්‍රවනතාවය ප‍්‍රවාත්ති සාකච්ඡුාවක් පවත්වා එයට සහභාගි වන ලෙස විවෘත ආරාධනාවක් ද කළේ ය මෙහිදී අදහස් දක්වා තිබූ ජවිපෙ පැරණි ජ්‍යෙෂ්ඨ කි‍්‍රයාකාරිකයෙකු වන සේනාධීර ගුණතිලක සහෝදරයා මෙම ඉල්මහ සැමැරුම නිකම්ම සිදු කරන සැමරුමක් නොව නව වාම දේශපාලනයක ඇරඹුම සටහන් කරන සැමැරුමක් වන බව ද ප‍්‍රකාශ කර තිබුණි

  ජවිපෙ නව ප‍්‍රවනතාවය ජවිපෙ දේශපාලනය සමස්තයක් වශයෙන් ගෙන ගැඹුරින් ප‍්‍රශ්න කිරීමක් මේ දක්වා සිදුකර නැතත් පක්ෂයේ දේශපාලන භාවිතය පිළිබඳව මේ දිනවල කිසියම් ප‍්‍රශ්න කිරීමක් කරමින් සිටී මෙම හේතුව නිසාම කිසියම් ගුණාත්මක වාම කතිකාවක් මෙම සැමැරුම හරහා නව ප‍්‍රවනතාවය අරඹනු ඇතැයි යන්න මෙම ලියුම්කරු ද විශ්වාස කළේ ය

  ජවිපෙ අපේ‍්‍රල් සැමැරුම, ඉල්මහ සැමැරුම යන සැම සැමැරුමකට සිදුවන්නේ අරගලය ගැන හැඟීම්බර හා වීරත්වයේ ප‍්‍රකාශ මඟින් මහත් භක්තිමත් සාමාජිකයින් පිරිසක් ගොඩ නඟා ගැනීමට කටයුතු කිරීම පමණිග අරගලයේදී දිවි පි¥ අරගලකරුවන්ගේ අභිලාෂයන් හා වීරත්වයන් වේදිකාවල නිතර නිතර කථාබහට ලක් කළත් එම අරගලවල පරාජයන්ට බලපෑ හේතූන් ගැන යම්තමින් හෝ කථාබහක් සිදුවන්නේ නැත. එසේ කථා කිරීම ඔවුන්ට කරන නිගරුවක් ලෙස සිතනවා ද විය හැකි ය

  එදින සුගතදාස කී‍්‍රඩාංගණය ෙදාරටුව අසල සිටි අපට විවිධ හේතුමත ජවිපෙ හැරගිය බොහෝ පිරිස් මෙම සැමැරුම නැරඹීමට පැමිණෙන අයුරු දකින්නට ලැබුණි එසේම වෙනත් කුඩා කුඩා වාමවාදී කණ්ඩායම් ද තවත් බොහෝ වාමවාදී බුද්ධිමතුන් ද මෙම සැමැරුම නැරඹීමට පැමිණි පිරිස් අතර අපි දුටුවෙමු මෙම ලියුම්කරු මෙන්ම මෙම බොහෝ වාමවාදී පිරිස්වල බලාපොරොත්තුව වූයේ නව වාම කතිකාවක ඇරඹුමක් මෙදිනෙන් ආරම්භ වනු ඇති බව යි

  නමුත් සමස්තයක් වශයෙන් පැවැති තත්ත්වය කණගාටුදායක h ජවිපෙ නව ප‍්‍රවනතාවයේ ඉල් මහ සැමැරුම ද හැඟීම් දනවන උද්වේගකාරී කථාවලින් සමන්විත වුවක් ම විය එය රෝහණ විජේවීරයන්ගේ සැබෑ උරුමක්කරුවන් තමන් බව පෙන්වීමට උත්සාහ කළ සැමැරුමක් පමණක් බව පෙනුනි

  මෙම සැමැරුම නව වාම කතිකාවතක ඇරඹුමක් සටහන් කරනු ඇතැයි ප‍්‍රකාශ කර තිබූ සේනාධීර ගුණතිලක සහෝදරයා ඔහුගේ දේශනයේදී ta බව නිකන් මතක් කර එතැනින්ම අවසන් කf

  ජවිපෙ ඉතිහාසය පුරාම අප දකින්නේ අතීත සටන්කරුවන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් හැඟීම්බරව සමාජගත කරමින් එහි කීර්තිනාමය හා උරුමය මත තම දේශපාලන ව්‍යාපාරය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට දරණ උත්සාහයන් මිස එම අරගල පිළිබඳව ගැඹුරින් ආපසු හැරී බැලීමක් කරමින් පැවති වැරදි නිවැරදි කර ගනිමින් පෙරට යාමේ උත්සාහයන් නොවේ

  ධනේශ්වර රාජ්‍ය යන්ත‍්‍රණය සමඟ හැප්පෙන  ඕනැම විප්ලවවාදියෙකුට සුවපහසු මරණ හිමිවන්නේ නැත  එය සැමට පොදු කරුණකි. ඔවුන්ගේ ජීවිත කැප කිරීම හා පරිත්‍යාගය අනුස්මරණය කළ යුතුම ය  එහෙත් ඔවුන් උත්කර්ෂයට නැගීමෙන්ම සැබෑ වාම ව්‍යාපාරයක් ගොඩ නැගීමේ ආරම්භයක් ගත හැකි ද @

  ජවිපෙ නව ප‍්‍රවනතාවය කථා කරන විශාල බහුජන වාම ව්‍යාපාරයක ගොඩ නැගීම ජවිපෙ භක්තිමත් කි‍්‍රයාධරයන්ට ඇමතීමෙන් පමණක් සිදු කළ හැකි දෙයක් නොවේ එය ඊට වඩා පළල්, ගැඹුරු හා වඩා සංයමයකින් කළ යුතු දෙයකි  හැඟීම්බරව නොව බුද්ධිමත්ව පුළුල් දැනුමක් සහිතව කළ යුතු වැඩකි. මෙවැනි නව වාම කතිකාවක් ඇරඹීමට ජවිපෙ නව ප‍්‍රවේශයට ශක්තිමත් සංවිධාන ජාලයක් දැනටමත් පවතින බව පෙනේ  එහෙත් අදාළ කාර්යයට නිසි අවධානය යොදා සිය කි‍්‍රයාකාරිත්වය ගොඩ නැගීමට අධිෂ්ඨාන සහගත ලෙස මැදිහත් නොවන්නේ නම් එම සංවිධාන ජාලය කෙමෙන් කෙමෙන් දිය වී යාම වැළකිය නොහැකි ය

  නමුත් ජවිපෙ දෘෂ්ටිවාදය o දේශපාලන උපාය මාර්ගය හා උපක‍්‍රම යනාදිය උඩින් පල්ලෙන් නොව ගැඹුරින් ප‍්‍රශ්න කිරීමට ඔවුන් ද සූදානම් ද යන ප‍්‍රශ්නය මතු වේ  සැබවින්ම නව බහුජන වාම දේශපාලන ව්‍යාපාරයක් කරා ගමන් කිරීමට නම්  ජවිපෙ සමස්ත දේශපාලනයම ගැඹුරින් විචාරයට ලක්  කිරීම අත්‍යවශ්‍ය දෙයකි 

  එයට ඔවුන් සූදානම් ද යන ප‍්‍රශ්නd¾;h ඉල් විරු සැමැරුම නැරඹූ මා තුළ මෙන් ම සැබෑ වමේ ව්‍යාපාරයක අවශ්‍යතාවෙන් පෙළෙන තවත් බොහෝ දෙනෙකු තුළ o ඇති වූ   බව නිසැක ය




 

Tuesday, November 8, 2011

මෛත‍්‍රීපාල සිරිසේනගේ කක්කුටු බණ


  

2011 . 10. 16 දින ඉරිදා ලක්බිම පුවත්පතේ දේශපාලන හමුව තුළින් ශ‍්‍රිලනිප මහ ලේකම් සෞඛ්‍ය ඇමති මෛත‍්‍රීපාල සිරිසේන පාතාලයන් හා මැර දේශපාලනය සම්බන්ධයෙන් ඡන්ද දායකයන් වෙත වගකීම පටවමින්  දැඩි ලෙස චෝදනා කරයි.

ඔහු චෝදනාව ගොනු කරන්නේ මෙසේ ය.

”ජනතාවත් ඔවුන්ගේ පැත්තෙන් දැන ගන්න  ඕනෙ නරක දේශපාලනඥයන්ව ප‍්‍රතික්ෂේප කරන්න. මිනිස්සු මොන විදියට හැසිරුනත් ඡන්දය දෙනකොට දැනගන්න  ඕනෙ තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තිබුනට සුදුසු මිනිස්සු කවුද කියල බලල ඡන්දය දෙන්න. මැතිවරණයක් වෙලාවෙදි කොහෙන් හරි එන අයගේ පොදිය බාරගෙන කටයුතු කරන එක නොවෙයි තියෙන්නෙ ඡන්ද දායකයන් දේශපාලන මහත්තුරු කවුද කියල දැනගෙන ඡන්දය දෙන්න දැන ගන්න  ඕනෙ. ”

මෛත‍්‍රීපාල සිරිසේන ශ‍්‍රිලනිපයේ මහ ලේකම් ය. මැතිවරණයන්ට එම පක්ෂයෙන් ඉදිරිපත් කරන ඡන්ද අපේක්ෂක ලැයිස්තු සකස් කරන්නේ ඔහුගේ ප‍්‍රධානත්වයෙන් ය. අවසාන වශයෙන් අත්සන යොදා අනුමත කරන්නේ ඔහු ය. එසේ නම් පාතාලයන් මැරයන් කුඩු බිස්නස්කාරයන් ස්ත‍්‍රී දූෂකයන්   ඇතුළු  සකලවිධ දූෂිතයන්  වෙත ප‍්‍රථමයෙන්ම ඡන්දය ප‍්‍රකාශකර ඇත්තේ ඔහු ය. ඡන්ද දායකයන්ට ඇත්තේ ඔහු එසේ ඡන්දය දී සුදුස්සන් ලෙස අනුමතකර ඉදිරිපත් කරන අපේක්ෂකයන්ට ඡන්දය දීමය. ඉතිං ඡන්දදායකයා චූදිතයා වීමට පෙර මැතිවරණ ක‍්‍රියාවලියේ පළමු තත්පරයේදීම ඔහු අධි චෝදනා ලැබිය යුතු ප‍්‍රධාන චූදිතයා වී අවසන් ය.  කක්කුටු බණ නොකියා ඔබම කියන විදියට ‘මැතිවරණයක් වෙලාවේදී කොහෙන් හරි එන අයගේ පොදිය බාරගෙන කටයුතු නොකර’ ආදර්ශමත් නායකයෙක් විය නොහැක්කේ ඇයි ?

පාතාලයන් මැරයන් කුඩු බිස්නස්කාරයන් ස්ත‍්‍රී දූෂකයන් ඇතුළු  සකලවිධ දූෂිතයන් දේශපාලන කි‍්‍රයාවලිය තුළට ගෙන ආවේ ජනතාව ද? නැතිනම් ඔවුන්ගෙන් යැපෙන දේශපාලන ලොක්කන් ද? ඉතින් මෛතී‍්‍රපාල ඇමතිතුමා ලොක්කන් පසෙක තබා චෝදනා දමා ගසන්නේ ජනතාවට
රජුන් අදමිටු                     වත්
වෙති මැතිඳෙ
ද            එපවත්
දැක උන්ගේ                  පුවත්
බමුණු ගහපතියෝ ද    එගනිත්

ඊළ`ගට දී කිරට බලල්ලූත් සාක්කි කීවා වගේ එම ලක්බිම පුවත්පතේ කතු වැකිය ද ඊටම සරිලන ලෙස පෙළ ගස්වා ඇත. පාතාලයන් හා සම්බන්ධ මැර දේශපාලකයන් පුටුවල ඉන්දවීම සම්බන්ධයෙන් පළමුවැනි වගඋත්තරකරුවා ඡන්දදායකයා ලූෟ අනේ කාලේ වනේ වාසේ කිව්වලූෟ  ඒ අතර ලේ විකුණමින් පේව්මන්ට් බිස්නස්  කරනවා හැර ඊට වැඩි යමක් මාධ්‍යය විසින් ද කරන්නේ නැතැයි එය ස්වයං විවේචනයක් ද කරගනී.

මේ  සියල්ල වංචනික ව්‍යාජ හිස් බස් ය. කක්කුටු බණ ය. මක් නිසා ද මෙවැනි ”ප‍්‍රබුද්ධ” කතු වැකි ලියවෙන පත්තර පිටු පුරා මැතිවරණ සමයක පාතාල මැර දේශපාලකයන්ගේ වෛවර්ණ ප‍්‍රචාරක දැන්වීම්වලින් පිරී ඇති නිසා ය. සමස්තයක් වශයෙන් මේ ක‍්‍රමය තුළ අධිපති දේශපාලන හා මාධ්‍ය භාවිතය අනෙකක් නොව ගොනා වියගසට බැඳ තබා ගැනීමේ භාවිතයක්ම වන නිසා ය.