රජිත රාජපක්ෂ
ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය භාවිතය, මාධ්‍ය සංස්කෘතිය හා මාධ්‍ය නිදහස සිවිල් සමාජය තුළ අද නිතරම සංවාදයට බඳුන් වන කරුණක් බවට පත්වී තිබේ. පොදු මහජනතාව මෙය එතරම් වැදගත් මාතෘකාවක් ලෙස නොසැලකුවත් ඔවුන්ගේ ද කිසියම් අවධානයක් මාධ්‍ය ක්ෂේත‍්‍රය කෙරේ පවතී.
මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .
Wednesday, August 24, 2011
Thursday, August 18, 2011
උදය ගම්මමන්පිල ගේ ගැලවීමේ මාර්ගය
”ඩෙංගු වැඩිවීමට හේතුව සෞඛ්‍ය ඇමතිවරයා නොව ගෝලීය උණුසුම වැඩිවීමයි.”
බස්නාහිර පළාත් පරිසර අමාත්‍ය උදය ගම්මන්පිල - දිවයින- 2011. 08. 10
දේශපාලනය යනු පුද්ගලික කටයුත්තක් නොවේ. ආවෘතව කවුරු වෙනුවෙන් පෙනී සිටිය ද විවෘතව නම් සියළු දේශපාලකයන් පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙනි. ඒ අර්ථයෙන් ආණ්ඩු පක්ෂ විපක්ෂ භේදයක් නොසලකා දේශපාලකයන් තමන් කරන කියන සියළු දේ සම්බන්ධයෙන් ජනතාව වෙත වගවීමට බැඳී සිටී යනු අපේ වැටහීමයිි. විශේෂයෙන් ආණ්ඩු පක්ෂ දේශපාලකයන් මත එම වගකීම වැඩියෙන් රැුඳී ඇත. ජනතාව අවුරුදු පහකට හයකට තම පරමාධිපත්‍යය ඔවුන් වෙත පවරා දී ඇති නිසාත් මහත් තරගයක් දී ඔවුන් එය ලබාගෙන ඇති නිසාත් ආණුඩු පක්ෂ මැති ඇමතිවරු ජනතාව වෙත වගවීමට අනිවාර්යයෙන්ම බැඳී සිටිති.

Sunday, August 14, 2011
අම්මාවරුනේ! අම්මාවරුනේ !
අම්මාවරුනේ
අම්මාවරුනේ
සම්මා සම්බුදු
අම්මාවරුනේ
දරුවන්ගේ දුක්
කඳුළු දකින දා
සුරලොව සිට අත පා
ඒ කඳුලැලි පිසිනා
අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කව්දෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදුවන්නේ
අම්මාවරුනේ
අම්මාවරුනේ
සෙනෙහස වැඩි දා සිත ද බොළඳ වී
ලොවම ආදරෙයි කියා සිතේ
මායාවක් වී එහි තනි වූ දා
අම්මා පමණයි ල`ග ඉන්නේ
අම්මා පමණයි ල`ග ඉන්නේ
අම්මාවරුනේ
අම්මාවරුනේ
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක්
කඳුළු දකින දා
සුරලොව සිට අත පා
ඒ කඳුලැලි පිසිනා
අම්මාවරුනේ
අම්මාවරුනේ
නන්දා මාලනී
අම්මාවරුනේ
සම්මා සම්බුදු
අම්මාවරුනේ
දරුවන්ගේ දුක්
කඳුළු දකින දා
සුරලොව සිට අත පා
ඒ කඳුලැලි පිසිනා
අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කව්දෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදුවන්නේ
අම්මාවරුනේ
අම්මාවරුනේ
සෙනෙහස වැඩි දා සිත ද බොළඳ වී
ලොවම ආදරෙයි කියා සිතේ
මායාවක් වී එහි තනි වූ දා
අම්මා පමණයි ල`ග ඉන්නේ
අම්මා පමණයි ල`ග ඉන්නේ
අම්මාවරුනේ
අම්මාවරුනේ
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක්
කඳුළු දකින දා
සුරලොව සිට අත පා
ඒ කඳුලැලි පිසිනා
අම්මාවරුනේ
අම්මාවරුනේ
නන්දා මාලනී
Sunday, August 7, 2011
වර්තමාන දේශපාලනය හා අපේ කාර්යභාරය
ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය පෙර දේශපාලන තත්වයන්ට වඩා විශේෂිත ලක්ෂණ කීපයකින් සංයුක්ත වෙයි.
1. සංස්කෘතික දේශපාලනය
අධිපති බල කණ්ඩායම් එකිනෙකා පරයා ආධිපත්‍යය හෙබවීම සඳහා සමාජයේ ඓතිහාසිකව පවතින සංස්කෘතික විෂමතාවයන් උපයෝගී කර ගැනීමෙන් සංස්කෘතික දේශපාලනය සකස් වෙයි.
ශ‍්‍රී ලංකාව බහුවිධ සංස්කෘතියකට උරුමකම් කියන දකුණු ආසියාතික රටකි. යටත් විජිතවාදය විසින් ලංකාවට හඳුන්වා දෙනු ලැබූ ධනවාදය වර්ධනය වූයේ පසුගාමී වැඩවසම් ආර්ථිකය හා සංස්කෘතිය සමග අතිනත ගෙන සමහරවිට සුළු වශයෙන් ඒවාට බලපෑම් කරමින් ඊටම විශේෂිත ආකාරයකට ය. ඒ එහි යටත්විජිතමය ස්වරූපය නිසා ය. පැවති ආර්ථික හා සංස්කෘතික සබඳතාවන්ගේ පසුගාමී අංග නොවැදගත් අප‍්‍රධාන සාධකයන් බවට පත්කරනවා වෙනුවට එය කළේ ඒවා ලියාපදිංචි කිරීම ය. යටත්විජිතවාදයේ ආභාෂය ලැබූ දේශීය ධනවාදී දේශපාලනඥයන්ට ද ඔවුන්ගේ ස්වාමිවරුන්ට වඩා වැඩි යමක් කිරීමට තරම් දුර දැක්මක් ද හැකියාවක් ද උවමනාවක් ද නොවීය. ඔවුන්ට සමාජ පසුගාමිත්වය බලය ලබා ගැනීම සඳහා කේවල් කිරීමේ මෙවලමක් පමණක්ම විය. ඒ අනුව ඔවුන්ගේ දේශපාලන පැවැත්ම හා සමාජ පසුගාමිත්වය අන්‍යොන්‍යව වෙළී පවති.
Saturday, August 6, 2011
කව්ද මේවට වගකියන්නේ ?
රාවය පුවත් පතේ පිටුවක් බද්දට ගෙන පලකරන ‘සමබිම’ ඉරිදා සංග‍්‍රහයේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන ලියා තිබූ ලිපියක මාතෘකාව එලෙසින්ම අපේ මේ සටහනට ද යොදාගැනීම වඩාත් සුදුසුය යි අපි අදහස් කරමු .
කුමාර් සංගක්කාර විසින් එංගලන්තයේ දී පැවැත්වූ කොලින් කවුඞ්රි දේශනය අද බොහෝ බුද්ධිමතුන් විසින් මහත් අගය කිරීමකට ලක් කරනු ලබයි. එහිදී අපේ ක‍්‍රිකට් පරිපාලනය තුළ අරක්ගෙන ඇති දේශපාලනය හා දූෂණය ගැන අවධාරණය කරන අතරම සංගක්කාර, ශ‍්‍රී ලාංකීය ක‍්‍රිකට් ක‍්‍රීඩාව මහත් සේ ඉහළට ඔසවා තබයි. ඒ තමයි ඔහුගේ කථාවේ ඇති විශේෂත්වය. අගය කිරීමට ලක්වූයේ එම යථාර්තය යි. මේ නිසාම ක‍්‍රීඩා ඇමතිවරයාට හා ක‍්‍රිකට් පරිපාලනයට සිදුවුනේ සංගක්කාරට එරෙහිව අමෝරා ගත් පොලූ මුගුරු පස්ස පැත්තේ හංගාගෙන පසු බහින්නයි. ඉදිරියේ දී සංගක්කාරට කුමක් සිදුවේ දැයි අපි නොදනිමු. ක‍්‍රිකට් ක‍්‍රීඩාව මෙන්ම ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ද වෙළෙඳ පොළ භාණ්ඩයක් වීම අද යථාර්තය තුළ නොවැලැක්විය හැක්කකි. එසේ වුව ද වඩාත් ආකර්ෂණීය රිද්මයක් සහිත ක‍්‍රීඩාවක් වූ ක‍්‍රිකට් ක‍්‍රීඩාව යම් දුරකට හෝ එලෙසින්ම පවත්වාගෙන යාමට සංගක්කාර දක්වන උනන්දුව අපි අගයන අතරම මේ සමාජ යථාර්තය සම්බන්ධයෙන් අපේ විවේචනයන් සනාථ කරන්නාවූ සාක්ෂිකරුවකු වූ ඔහුව අපි ආරක්ෂා කළ යුතු වෙමු.
Wednesday, August 3, 2011
පළාත් පාලන ඡන්දය- නිවට නොවූ උතුර
වසන්ත දිසානායක
පළාත් පාලන ආයතන ගණනාවක් සඳහ 2011 ජූලි 23 පවත්වන ලද මැතිවරණයේ දකුණේ හා උතුරේ ප‍්‍රතිඵලය සංසදනාත්මකව විමසා බැලීම වටනේ ය. මේ ප‍්‍රතිඵල පෙන්නුම් කරන්නේ එකිනෙකට හාත් පසින්ම වෙනස් නොසලකා නොහැරිය හැකි තත්ත්වයකි.

Saturday, July 30, 2011
අද දේශපාලනය තුළ ජවිපෙ භූමිකාව
මේ වනවිට ජවිපෙ උතුරේ දෙමළ ජනතාව අතරට තම හ`ඩ ගෙනයාමට මහත් වෑයමක් දරණ බවක් පෙනෙන්ට තිබේ. එය දෙමළ සිරකරුවන් නිදහස් කිරීම වෙනුවෙන් හා යුද්ධයේදී අතුරුදහන්වූ දෙමළ ජාතිකයන් වෙනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාරයන්හි නියැලෙයි. කිළිනොච්චිය වැනි හමුදා පාලනයට දැඩි ලෙස නතුව ඇති ප‍්‍රදේශවල පවා දෙමළ ජනතාව සමගින් වීදිවලට පිවිසීමට උත්සාහ දරමින් සිටී. රාජපක්ෂ විරෝධී වාම කණ්ඩායම් පක්ෂ හා ප‍්‍රගතිශීලී බුද්ධිමතුන් කොළඹ කේන්ද්‍ර කරගත් වේදිකා මතින් වැඩිම වුනොත් කොටුව දුම්රිය පළ ඉදිරිපිට පදික වේදිකාව මතින් හෝ ලිප්ටන් වටරවුමේ පදික වේදිකව මතින් ඔබ්බට යා නොහැකි තරමට දුර්වලව හා අසංවිධිතව සිටින තත්ත්වයක් යටතේ ජවිපෙ මේ ක‍්‍රියාකාරිත්වය සැලකිය යුතු වැදගත්කමක් දරයි. ඒ පරිද්දෙන් ම ලංකා පුවත්පතෙහි පලවෙන සමහර ලිපි තුළින් හා එහිම ජවිපෙ නායකත්වය සමග කෙරෙන සම්මුඛ සාකච්ඡා ආදිය මගින් ප‍්‍රකාශවන මතයන් විශේෂයෙන් දෙමළ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ප‍්‍රකාශවන මතයන් මෑත කාලීන ජවිපෙන් ප‍්‍රකාශ නොවූ ආකාරයේ මතයන් ය. ඒවා බරපතල අවුල් සහගත තත්ත්වයක පැවතිය ද යම් දුරකට ප‍්‍රගතිගාමී ප‍්‍රවනතාවක් පිළිබිඹු කරන බව පෙනෙන්නට තිබේ. එහෙයින් එම මත ඒ මේ අත පෙරළා විමසා බැලීම අද දේශපාලනය තුළ වැදගත් යයි සිතමු.
Sunday, July 24, 2011
ආචාර්ය වැටුප හා පෞරුෂත්වය
රජිත රාජපක්ෂ
සරසවි ඇදුරන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ඇරඹි සටන් කි‍්‍රයාමාර්ගය දැන් මසක් ඉක්මවා තිබේ. අද වන විට එහි කිසියම් අවසානයක් දක්වා පැමිණෙන බවක් පෙනේ. ආචාර්ය සංගමය බලාපොරොත්තු වූ වැටුප් වැඩිවීම නැතත් සැලකිය යුතු වැටුප් වැඩිවීමක් ලබාදීමට රජයට අකමැත්තෙන් හෝ සිදුවී තිබේ.
Monday, July 18, 2011
ගැමි ආගම හා බුද්ධාගම
ජලවිදුලි බලාගාර ආශ‍්‍රිත ප‍්‍රදේශවලට වැසි පතා විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමති පේ‍්‍රමලාල් ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් සංඝයා වහන්සේලා විසින් මාඋස්සාකැලේ ජලාශයට පිරිත් පැන් මුදාහළ බව 2011.07.08 දිවයින on line edition වාර්තාවක් කියවීමු.
Tuesday, July 5, 2011
නව මානයක් ගත් සරසවි ආචාර්ය ප‍්‍ර‍්‍රජාවගේ අරගලය
වසන්ත දිසානායක
සිය වෘත්තියට ගැලපෙන වැටුපක් සඳහා සරසවි ආචාර්ය ප‍්‍රජාව ආරම්භ කළ අරගලය මේ වන විට ප‍්‍රබල අරගලයක් බවට පරිවර්තනය වී ඇත. ජනතා අවශ්‍යතාවන්ට කන් දෙනවාය යනුවෙන් අප‍්‍රමාණ පොරොන්දු තොගයක් දෙමින් බලයට පත් වත්මන් ආණ්ඩුව බලයට පත් තැන් සිටම අනුගමනය කළේ පෙර පාලන තන්ත‍්‍රයන්ට නොවෙනස්ව දුන් පොරොන්දු අමතක කර දමා ජනතා ඉල්ලීම් බලහත්කාරය යොදා පාගා දැමීම ය. සරසවි ආචාර්ය ප‍්‍රජාවගේ අරගලය සම්බන්ධයෙන් ද ආණ්ඩුව අනුගමනය කරන්නට වූයේ එම පිළිවෙතම ය.

Subscribe to:
Posts (Atom)