මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Tuesday, July 13, 2010

මහින්ද රෙජිමය හා සමාජ බලව්ග



ලංකාවේ පස්වන ජනාධිපතිවරණය අවසන් වූවේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ වාර්තාගත ජයක් මහින්ද රාජපක්ෂට  හිමිකර දෙමිනි. අඩුම තරමින් මෙවැනි ජයක් මහින්ද රාජපක්ෂවත් බලාපොරාත්තු වූයේ නැත.
එල්ටීටීය පරාජය කළ යුද්ධයේදී ප‍්‍රධානතම වැඩ කොටස ඉටු කළ මහින්ද සහ සරත් යන චරිත දෙක සිංහල සහ මුස්ලිම් ජනතාවගේ අතිවිශාල බහුතරයක සැබෑ වීරයන් දෙදෙනෙක් වූහ. මෙම තත්ත්වය තුළ ජනාධිපතිවරණය ළඟ ළඟ සටනක් බවට පත්වනු ඇති බව දෙස් විදෙස් බොහෝ දේශපාලන විචාරකයන්ගේ ද මතය වී තිබුණි.
ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළ දා සිටම රාජ්‍ය මාධ්‍ය ඇතුළු රජයේ භෞතික සම්පත් හා රජයේ මානව සම්පත් යොදා ගනිමින් රාජපක්ෂ තන්ත‍්‍රය ප‍්‍රධාන විරුද්ධ පාක්ෂික සරත් පොන්සේකාට එරෙහිව මහත් භයංකර චිත‍්‍රයක් මහජනයා ඉදිරියේ නිර්මාණය කළේ හිට්ලර්ගේ ගොබල්ස් පචායුදය ද දෙවෙනි තැනකට දමමිනි. රට බෙදන, රට කඩන, රට පාවා දෙන, දේශීය හා විදේශීය බලවේගවල අතකොළුවක් වී ඇති ජනරාල් සරත් ෆොන්සේකා බලයට පැමිණිය හොත් රට කැබලි වලට කැඞී රට තුළ මිලිටරි පාලනයක් ඇතිවනු ඇතැ යි තොර තෝංචියක් නැතිව ප‍්‍රචාරය කරමිනි. මෙම තත්ත්වය නිර්මාණය කිරීමට
ජනරාල් ගේ දේශපාලන ආධුනිකත්වය හා ඉඳහිට කරන ලද පලක් නැති ප‍්‍රකාශ ද උපරිම වශයෙන් යොදා ගැනීමට බොරුවම බොජුන් කර ගත් රාජපක්ෂ තන්ත‍්‍රයට ඉඩකඩ ලබා දුන් බව පැවසිය හැකි ය. මෙම චේතිය ගනයේ බොරු නිර්මාණය කර ප‍්‍රචාරය කිරීමෙන් ම ජයග‍්‍රහණය අත් පත් කරගත හැකිය යන විශ්වාසය රාජපක්ෂ බල හවුලට නොතිබූ බව පැහැදිලි ය. ඔවුන්ගේ අභිප‍්‍රායව තිබුණේ කෙසේ හෝ කුමන ක‍්‍රමයකින් හෝ බලය තවදුරටත් රැුක ගැනීම ය. තත්ත්වයන් සැකසී තිබුණේ ලැබෙන තොරතුරුවලට අනුව ජෙනරාල් ෆොන්සේකාට පක්ෂව ජයග‍්‍රාහී ප‍්‍රතිඵලයක් ප‍්‍රකාශිත වුවත් බලය නොදී බලයේ රැුඳී සිටීමේ සැලසුම් කළ යෝධ කුමන්ත‍්‍රණයක් රාජපක්ෂලා විසින්
ක‍්‍රියාත්මක කරන්නට යන අන්දමට ය. එසේ ම මැතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රකාශ වෙන්නට පටන්ගත් සැනින් ම වාගේ එම කුමන්ත‍්‍රණය ක‍්‍රියාවට නැගුන බව පෙනුණි. ප‍්‍රධාන ප‍්‍රතිවාදී ජනාධිපති ධූරාපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා සිටි සිනමන් ලේක් සයිඞ් හෝටලය වටලන්නේ මෙහිම කොටසක් වශයෙනි. හෝටලය වටලෑම සඳහා ෆොන්සේකා විරෝධී හමුදා නිළධාරීන් සූදානම් කර තිබුණේ ඒ අනුව ය. උතුරේ සිට සන්නද්ධරථ 15 ගෙන්වා ස්ථානගත කර තිබුණේ ද ඒ අනුව විය හැකිය.
ජනාධිපති රාජපක්ෂ ලත් විශාල ජයග‍්‍රහණය අන්ත ¥ෂිත, ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී එකක් වූ අතර ප‍්‍රජාතන්තී‍්‍රයව හා සාධාරණව ජනාධිපතිවරණය පැවත් වූයේ නම් විපක්ෂ අපේක්ෂකයාට මීට වඩා ඉහළ ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගැනීමේ හැකියාව
තිබුණි. ජනාධිපතිවරණ දිනය දක්වා රාජපක්ෂ තන්ත‍්‍රය ගෙන ගිය ¥ෂිත කි‍්‍රයාවලිය මගින් ජනාධිපතිවරණය ජය ගැනීමේ තත්ත්වයන් නිර්මාණයකර ගත් අතර එල්ටීටීඊය පරදවා ලත් යුද ජයග‍්‍රහණය ජනාධිපති රාජපක්ෂ කෙරෙහි දැවැන්ත ජනප‍්‍රියතාවක් නිර්මාණය වීමට හා නිර්මාණය කිරීමට හේතු වූ බව හා එම ජනපි‍්‍රයතාව ජනාධිපතිවරණ ජයග‍්‍රහණයට බෙහෙවින් හේතු පාදක වූ බව ද අවිවාදිතය. නාගරිකව කෙසේ වතුදු ගම්බදව ගත් කල බහුතර ඡුන්ද දායකයා කරා
ප‍්‍රවේශය ලබා ගත්තේ ජෙනරාල් ෆොන්සේකා නොව ජනාධිපති රාජපක්ෂ ය. ගම්බද මනෝභාවය ගොඩ නගා තිබුණේ රාජපක්ෂ පාක්ෂිකව ය.

ජනාධිපති රාජපක්ෂ ලත් විශාල ජයග‍්‍රහණය නිසැකවම මේරටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වල දැමීමේ නව ආරම්භයක උදාවකි. රාජපක්ෂ බල හවුල ලබාගත් මෙම ”ජයග‍්‍රහණය” මගින් එය සිව් වසරක් තුළ පවත්වාගෙන ආ අධිපතිවාදී රාජාණ්ඩු
ක‍්‍රමයක ස්වභාවය ගත් පාලන තන්ත‍්‍රය හරයෙන් කෙසේ වුව ද පෙනුමෙන් දැඩි සුජාතකරණයක් අත් කර ගත්තේ ය.
පෙනුමෙන් ම සියල්ල තීරණය කරන බහුතර ජනතාවක් සිටින රටක, බුද්ධිමතුන් යයි සමාජය පිළිගත් සරසවි ආචාර්ය මාහාචාර්යවරුන් පවා එබඳු ශෝචනීය තත්ත්වයකට ඇද වැටී තිබෙන රටක මෙම සුජාතකරණය මගින් රට තුළ නිර්මාණය කරනු ඇත්තේ අතිශය භයානක හා ඛේදනීය තත්ත්වයකි. මෙය පෙන්නුම් කරන භාවිතයන් කිහිපයක් මෙසේ ය.
තමාට ප‍්‍රබල අභියෝගයක් වූ හා ඉදිරියේදී අභියෝගයක් විය හැකි ප‍්‍රධාන ප‍්‍රතිවාදී ජනාධිපතිධූර අපේක්ෂකයාට එරෙහිව දියත් කර ඇති දැඩි මර්දනකාරී වැඩ පිළිවෙල විරුද්ධ පාර්ශවීය මාධ්‍යයන්ට එරෙහිව දියත් කර ඇති මර්දනය
ආණ්ඩු විරෝධී බොහෝ වෙබ් අඩවි අඩපණ කිරීමේ ප‍්‍රයත්නය පුද්ගලික මාධ්‍ය ආයතනවලට කරනු ලබන දැඩි පීඩනය සිරසට සෘජුව ගා අනියම්ව එල්ලකර ඇති තර්ජන විරුද්ධ පාර්ශවීය නායකයන්ට එරෙහිව කුමන්ත‍්‍රණකාරී
චෝදනා ගොනු කිරීමට දරන ප‍්‍රයත්නය හා රාජ්‍යමාධ්‍ය මගින් කරගෙන යන දුෂ්ඨ
ප‍්‍රචාර හමුදාවන් හා පොලීසිය රාජපක්ෂකරණය කිරීමේ ක‍්‍රියාවලිය සෑම ක්ෂේත‍්‍රයක්ම රාජපක්ෂ පවුල් හා ගජමිතුරු බලය යටතට ගෙන ඒමේ ක‍්‍රියාවලිය
මෙම තත්වයන් විසින් පෙන්වා දෙන්නේ රාජපක්ෂ පාලනයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී
පරිසරයක් රට තුළ නිර්මාණය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බව ය.
රටේ දේශපාලනයේ ගමන් මග නිශ්චය කළ කේන්ද්‍රීය ගැට`ඵව වූ දෙමළ ජාතික ගැටළුව විසඳීමට මහින්ද රාජපක්ෂ පාලනය අනුගමනය කළ මිලිටරිකරණ ක‍්‍රියාවලිය මගින් රට භෞමිකව එක්සත් කර ඇතත් දෙමළ සහ සිංහල ජනයා අධ්‍යාත්මික වශයෙන් වෙන් වීම අන් කවරදාටත් වඩා තහවුරුව ඇත. මෙම තත්ත්වය කිසියම් දුරකට හෝ මග හැරවීමට දෙමළ ජනයාට සාධාරණ දේශපාලන විසඳුමක් ලබාදීම අවශ්‍ය වුවත් ජනාධිපතිවරයාත් ඔහු වටා පෙළගැසී සිටින සිංහල රණෝන්මාදී බලවේගත් ඊට කිසිදු සූදානමක් දක්වන බවක්
නොපෙනේ.
දැනට වසර දෙකකට ආසන්න කාලයක සිටම කඩින් කඩ පවත්වන ලද ඡුන්ද සෙල්ලම නිසාත් ඒවා ජයග‍්‍රහණය කිීරීමට මහජන සහයෝගය ලබා ගැනීමට දෙන ලද ඡුන්ද ආර්ථික පැකේජ නිසාත් රටේ ආර්ථිකය දැඩි අවදානම් තත්ත්වයකට පත් කෙරී ඇත. පොරොන්දු වූ පරිදි අය වැය පරතරය අඩුකර
ගැනීමට රජය අසමත්වී ඇති නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ලබා දීම ද මැයි මාසය දක්වා ප‍්‍රමාද කර ඇත. පසු ගිය කාලය තුළ රටේ පැවති ආර්ථික අවදානම් තත්ත්වය මග හැරවීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ආධාර බෙහෙවින් ඉවහල් වූ බව එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍ය වරයා වූ සරත් අමුණුගම ප‍්‍රසිද්ධියේම පිළිගත්තේ ය. ශ‍්‍රී ලංකාවේ විදේශ සංචිත ඉහළ තත්ත්වයක පවත්වා ගැනීමට මෙය බෙහෙවින් ඉවහල් වූ අතර එමගින් රට තුළ පැවති ආර්ථික අස්ථායීතාවය අහෝසි විය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ප‍්‍රමාදයත් ජීඑස්පී ප්ලස් වැනි ආර්ථික සහන අහෝසිවීමත් දුර්වල ආර්ථික
කළමනාකරණයත් හේතු කොටගෙන ඉදිරි අනාගතයේදී රට තුළ ප‍්‍රබල ආර්ථික අර්බූද මතුවීමට ඉඩ තිබේ. මේවා විසඳීම සඳහා අලංකාර කතා මිස කිසිදු සැලස්මක් ද නැත. මෙම තත්ත්වය තුළ සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකාර්මික ඇතුළු
බොහෝ කේෂ්ත‍්‍රයන්ට ලබා දෙන සහන අහෝසිවන තත්ත්වයන් උදාවන අතර බඩු මිල, ජීවන බර දැරිය නොහැකි  තරම් ඉහළ යනු ඇත. නිෂ්පාදන ක්ෂේත‍්‍රය ගත් කල කෘෂි අංශයෙහි පෙන්නුම් කරන්නේ නැගීමක් නොව වැටීමකි.
කර්මාන්ත අංශයෙහි ද තත්ත්වය එපරිදිම ය. ඇ`ගලූම් ක්ෂේත‍්‍රයෙහි ධාරිතාව හැකිලෙමින් පවතී. විදේශ රැුකියාවලින් කෙරුණු විදේශ විනිමය ඉපයුම්වල ද පෙන්නුම් කරන්නේ යහපත් තත්ත්වයක් නොවේ. ලෝක ආර්ථිකය ද පවතිනුයේ සංකෝචනය වන තත්ත්වයක ය. රාජ්‍ය පාලනය  මෙහයවීම සිය පවුල ප‍්‍රමුඛ ඥාති හා හිතවත් කණ්ඩායමක් යටතට පත්කර ඇති තත්ත්වය තුළ අල්ලස, ¥ෂණය, හොරකම, කොමිස් ගැහිලි සිදුවන්නේ ඩොලර් බිලියන ගණන්වලිනි. මෙයින් තත්ත්වය වඩාත් බරපතල වෙයි. මෙම තත්ත්වයන්ට එරෙහිව කම්කරුවන් ඇතුළු පීඩිත  කොටස්වලින් ප‍්‍රබල විරෝධයක් මතුවීමට ඉඩ ඇති අතර ඒවා මර්දනය කරනවා හැර රාජපක්ෂ පාලනයට විකල්පයක් ඇත්තේ ද නැත. තිබෙන එකම විකල්පය ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි කොට සියලූ අයිතීන් පාගා දමා රට ජනතාවගේ හිර ගෙයක් බවට පත් කිරීම ය. දැන් රාජපක්ෂ පාලනය ආරම්භ කර ඇත්තේ එම කි‍්‍රයාවලිය යි. මෙම ගමන යාම සඳහා රාජපක්ෂ බල හවුලට
ජනාධිපතිවරණයෙන් උදුරා ගත් බලය පමණක් ප‍්‍රමාණවත් නොවීය. ඊට වඩා
බලයක් අවශ්‍ය විය.
ඒ අනුව ජනාධිපතිවරණ ”ජයග‍්‍රහණයේ” සුජාතකරණය උපයෝගී කර ගනිමින්
රාජපක්ෂ පාලනය විසින් මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ඉල්ලා සිටියේ ය. මේ වන විට ජනාධිපතිවරණයෙන් සරත් ෆොන්සේකා ලද උක්ත දෑවැන්ත පරාජය මගින් විපක්ෂ බලවේග සිටියේ දරුණු පසුබෑමකට ලක්ව ය.
ජනාධිපතිවරණයේ දී විපක්ෂ බලවේග රාජපක්ෂ පාලනයට එරෙහිව දැක් වූ
උද්යෝගය මහමැතිවරණයේ දී පවත්වා ගත්තේ නැත. ප‍්‍රබල විපක්ෂයක් ලෙස
මතු වීමේ අභියෝගය භාර ගනු වෙනුවට එය කළේ බෙදී දුබල ලෙස කි‍්‍රයා කිරීම
ය. තනිව තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමේ උපක‍්‍රමයක් වෙත ගමන් කිරීම
ය. අභියෝගයව තිබුණේ රාජපක්ෂ පාලනය පරදවා විකල්ප ආණ්ඩුවක් ගොඩ නැගීම පිළිබඳ කාරණයක් නම්ප‍්‍රතිපත්තිමය වශයෙන් විශාල වෙනස්කම් සහිත පක්ෂ හා සන්ධානයන්ව එකම සන්ධානයක් සේ කටයුතු කිරීම අසීරු බව ඇත්ත ය.
අනෙක් අතට ආණ්ඩු සභාගයක් තූළ සිදු විය හැක්කේ අප දැන් විරුද්ධ වන
භාවිතයන් ම යම් යම් සංස්කරණයන්ට යටත්ව කි‍්‍රයාවට නැගීමක් වන හෙයින්
සැබෑ ප‍්‍රජාතන්තී‍්‍රය බලවේගයන්ට ද එවැනි සභාග ආණ්ඩු සඳහා සන්ධානයන්ට ආධාර කරන්නට බැරිය. එහෙත් අත්තනෝමතික බලයට එරෙහිව ප‍්‍රබල විපක්ෂයක් පිළිබඳ අවශ්‍යතාවක් හා අභියෝගයක් හමුවේ පාර්ලිමේන්තු විපක්ෂ බලවේගයන්ට පමණක් නොව ඉන් පරිබාහිර විපක්ෂ හා සියලූ ප‍්‍රජාතන්ත‍්‍රීය බලවේගයන්ට ද එක් පෙරමුණකට පැමිණීමට ප‍්‍රතිපත්තිමය බාධා ගෙන දුන්නේ නැත. අත්තනෝමතිකත්වයට එරෙහිව ශක්තිමත් විපක්ෂයක් තිබීම අත්තනෝමතිකත්වය දුර්වල කිරීමට හේතු වන නිසා ය.එහෙත් එවන් තත්ත්වයක් හමුවේ විපක්ෂය සටන් වැදුණේ බෙදී ගෙන ය. එම බෙදීම විපක්ෂ ඡුන්දදායකයා
අධෛර්යමත් කළ අතර එය රාජපක්ෂ පාලනයට මැතිවරණයෙන් මංත‍්‍රීවරු
144 ක් එනම් 2/3 බලයට ඉතාම ආසන්න විශාල ජයක් අත්පත් කර ගැනීමට මග පාදා දුන්නේ ය. ධනය සහ පුද්ගලිකත්වය ඉදිරියේ  ඕනෑම දෙයක් කීරීමට ලෑස්ති මහජන නියෝජිතයින්  ඕනෑ තරම් සිටින රටක තව මන්ත‍්‍රීවරු 6 ක් නොව 10 ක් සොයා ගෙන 2/3 ට ද වැඩි බලයක් අත් කර ගැනීමට මෙහි දී ආණ්ඩුවට එතරම්
අපහසුවන්නේ නැත.
ජනාධිපතිවරණයේ දී විපක්ෂ බලවේග අතර ඇතිවූ එක`ගතාවයට ප‍්‍රධාන
වශයෙන්ම හේතු වූයේ විධායක ජනාධිපති ධූරය අහෝසිකරලීමේ උවමනාව පමණි. එතැනින් ඉදිරියට සමස්තයක් ලෙස සමාජය සැබෑ ලෙස ප‍්‍රජාතන්ත‍්‍රීයකරණයට අවශ්‍ය පළල් එක`ගතාවයක් ජනාධිපතිවරණ කාලසීමාවේදීවත් දක්නට නොලැබුණ’.මෙම හේතු නිසාම මෙම විපක්ෂ
බලවේගවලට පිටින් සිටි බොහෝ වෘත්තීය සමිති ඇතුළු සමාජ සංවිධානවලට ද විපක්ෂ අපේක්ෂකයාට සෘජුව ආධාර කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය නොකෙළේ ය. මහ මැතිවරණයේදී එක් බලවේගයක් ලෙස පෙනී සිටීමට ජනාධිපතිවරණයේදී එක්වූ පොදු විපක්ෂ බලවේගවලට හැකි නොවීමට එය ද බලපෑවේ ය. ඔවුන් අතර මතුවූ ගැටළු විසඳා ගැනීමට ප‍්‍රමාණවත් කාලයක් නොමැති වීමත් ඔවුන් අතර වූ දෘෂ්ටිමය වශයෙන් වූ දැඩි පටු සහ ආචීර්ණ කල්පිත බවත් මෙම තත්ත්වයට හේතු විය. ජවිපෙ සමග එක්වීම නිසා එජාපෙ
සැලකිය යුතු ඡුන්ද දායකයින් සංඛ්‍යාවක් ඡුන්දය නොදීමට හෝ මහින්ද රාජපක්ෂට ඡුන්දය දීමට කටයුතු කළ බව එජාපේ බොහෝ කොටස්වල අදහස ය. ජවිපෙ සාමාජිකයින් හා හිතවතුන් ද එජාපෙජවිපෙ හවුලකට අකමැතිව මෙවැනිම ආකාරයෙන් ක‍්‍රියා කළ බවක් ද සමාජය තුළ කතා බහට ලක් විය. එහෙත් මහ මැතිවරණයේ ප‍්‍රතිඵල නිරීක්ෂණය කරන කල මෙම තර්කයට කිසිදු
වැදගත්කමක් පෙනෙන්නට නැත.කොතරම් ඡුන්ද පාවිච්චි කළත් ආ ණ ් ඩ ු ව
විසින් හොර ක‍්‍රම මගින් මැතිවරණ දිනා ගන්නා බව විපක්ෂය විසින් පුන පුනා
කළ ප‍්‍රකාශ නිසා ද බොහෝ ආණ්ඩුවිරෝධී කොටස් ඡුන්ද පොලට ඇදී ඒම
අඩ පණ කළේ ය. තම ජනාධිපතිපතිවරණ පරාජය තුළ සිය බලවේගවල ධෛර්යමත්භාවය පවත්වාගෙන යාම සඳහා විපක්ෂ බලවේග නිතර නිතර කළ හුදු ඡුන්ද ¥ෂණ හා ප‍්‍රතිඵල විකෘති කිරීම් පිළිබඳ ප‍්‍රකාශ නිසා ද තම ඡුන්දය ප‍්‍රකාශ කිරීමෙන් ඇති ඵලය කුමක් ද යනුවෙන් ඇතැම් ඡුන්දදායකයන් තුළ මතයක් නිර්මාණය වී තිබුණි. ආණ්ඩුව කොතරම් හොර වංචා කළත් ඒවා පරදවාලීමේ වැඩපිළිවෙලක් තමන් සතු හෙයින් නොබියව ඡුන්දය පාවිච්චි කිරීම සඳහා ඉදිරිපත් වන ලෙස විපක්ෂය මහජනයාගෙන් ඉල්ලා සිටිය ද එය
එතරම් පිළි ගැනීමකට ලක් නොවුණි. විකෘති කළාය කියන ප‍්‍රතිඵලයට එරෙහිවඑදා මාකෝස්ට එරෙහිව විපක්ෂ බලවේග ජනතාව පෙළ ගැස් වූ
පරිද්දෙන් අපේ විපක්ෂය ජනතාවබලමු`ඵ ගැන්වීමට ක‍්‍රියා කළේ නම් යටත්
පිරිසෙයින් මීට වඩා වැඩි ප‍්‍රමාණයක් විපක්ෂ බලවේගවලට ඡුන්දය දීමට
ඉදිරිපත් වීමට ඉඩ තිබුණි. මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය සම්බන්ධ ගැට`ඵව ද මේ හා සමාන ය. රාජ්‍ය මාධ්‍ය සැමවිටම ක‍්‍රියාකරන්නේ පවතිනආණ්ඩුවේ නිළ ආයතන ලෙසිනි. එය මෙරට දේශපාලන සංස්කෘතියේ ඇති කරන ප‍්‍රබල වෙනස්කම් තුළින් පමණක් වෙනස් කිරීම විනා එතැනින් මෙපිට එම ආයතනවලින් ස්වාධීනතාවයක් බලාපොරොත්තුවීම නිෂ්ඵල වැඩකි. මේපිළිබඳ විපක්ෂ බලවේගවලට අවබෝධයක් තිබුණත් තමන්ගේ ප‍්‍රතිපත්ති වැඩ පිළිවෙලවල් මහජනයා අතරට ගෙන යාමේ සාර්ථක විකල්ප වැඩපිළිවෙලක දක්නට නොවීය.
සමහර ග‍්‍රාමීය ප‍්‍රදේශවල ප‍්‍රධාන විපක්ෂයේ ප‍්‍රචාරක පත‍්‍රිකාවක්වත් දක්නට නොලැබුණි. රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගනිමින් ආණ්ඩුවේ කොටස් මුදාහළ දැඩි මර්දනය ද විපක්ෂයේ ඡුන්ද ව්‍යාපාරය බෙහෙවින් අඩපණ කිරීමට හේතු වූවා
පමණක් නොව ආණ්ඩු විරෝධී ඡුන්දදායකයින් තුළ දැඩි භීතියක් ද ඇති කළේ ය.
මෙම සියළු තත්ත්වයන් විසින් රට තුළ දෑවැන්ත ආණ්ඩු පක්ෂයකුත්සංඛ්‍යාත්මකව මෙන්ම ගුණාත්මකව දුර්වල විපක්ෂයකුත් නිර්මාණය කරනු ලැබ ඇත. රටක් ගොඩ නැගීමට විධායක ජනාධිපති ධූරය ද සමග තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය යයි කීම විකාරයකි. ඒ සා විශාල බලයක්
අවශ්‍ය වන්නේ ජනතා යහපත තකා නොව ජනතාව මර්දනය කර පාගා
දැමීමට බව නම් සඳහන් කළ යුතු ය. මහ මැතිවරණයෙන් රාජපක්ෂ තන්ත‍්‍රය
ලබා ගත් මෙම ජයග‍්‍රහණය නිසැකවම පාර කපනු ඇත්තේ රාජපක්ෂලාත්
ඔවුන්ගේ ප‍්‍රාචාරකයෝත් ඔහු වටා පෙළගැසුන ආචාර්ය මහාචාර්යකලාකාර සියල්ලත් සරත් පොන්සේකා බලයට පත්වුනොත් විය හැකියැයි කියූ හමුදා පාලනයක් හා සමාන පාලනයක්රාජපක්ෂ පාලනය යටතේ කාට කාටත්
අත් විඳින්නට සිදුවීම ය. අද රාජපක්ෂලාට කඬේ යන්නනන්ට ද
හෙට එකී පාලනයේ රග බුක්ති විඳින්නට සිදුවනු වැලකිය නොහැකි බව
පැවසිය යුතු ය. රාජපක්ෂ පාලනය මිලිටරි පාලන ක‍්‍රියාකාරිත්වයක් ආරම්භ
කළේ ජනාධිපතිවරණ ජයත් සමග ය පෙර කී පරිදි එය විරුද්ධවාදීන් දඩයම්
කිරීම අරඹා ඇත. ජනරාල් සරත් පොන්සේකාගේ කාර්යාලයේ සමස්ත
කාර්ය මණ්ඩලයම අත් අඩංගුවට ගනු ලැබිණ’ ජනරාල් සඑත් පොන්සේකා ද
පෙබරවාරි 8 වෙනි දා සිට අත් අඩංගුවේය’ 12, 000 ක් රැුඳවිය හැකි රැුඳවුම්
කඳවුරු 8 ක් ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත්කර තිබේ’ මේ කුමක්
සඳහා ද එන්නේ මොකාට ද යන්න තේරුම් ගැනීමට අටුවා ටිකා අවශ්‍ය
නැත. එහෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගයන්ට අද වනවිට අතිශයින්ම
තීරණාත්මක අවස්ථාවකට මුහණ දීමට සිදුවී තිබේ’ රට තුළ මතුවී ඇති තත්ත්වය
විසින් ඉල්ලා සිටින්නේ අත්තනෝමතික පාලනයට එරෙහිව සියළු බලවේග
එක්ව සටන් වැදීමකි. බෙදීම තුළ ජනතාවගේ උද්යෝගය, උනන්දුව හීන
වීමට ඉඩ ඇත. මෙය හානිකර ය.  එහෙයින් විපක්ෂ බලවේගයන් එකම
එල්ලයකට එරෙහිව සටන් කිරීම දවසේ අවශ්‍යතාවයක් ලෙස මතුවී තිබේ.
එහෙත් විශේෂයෙන් ම එජාපෙට ඔවුන් ගේ දේශපාලන සංස්කෘතියෙන්
ගැලවීමට නොහැකි බවක් පෙන්නුම් කරයි. පොදු අරමුණ පසෙක ලා සිය
පක්ෂයේ න්‍යාය පත‍්‍රය ඉදිරියට ගැනීමට එජාපෙ උත්සාහ කිරීම තුළින් එක්වූ
බලවේග ද විසිරෙන තත්ත්වයක් පෙන්නුම් කරයි. දෙමළ ජාතික සන්ධානය ද ගැඹුරින් දේශපාලනය ගැන කල්පනා කරන බවක් නොපෙනේ. තවමත් ඔවුන්
ඉන්දියාව කෙරේ විශ්වාසයකින් කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. තම
තරුණ සටන් කාමීන් විසින් ගෙනගිය අරගලය කුඩුපට්ටම්කර දැමීමට
ඉන්දියාව දැක්වූ සහයෝගය දෙමළ ජාතික සන්ධානය පාඩම් වශයෙන්
තවමත් ගෙන නොමැති බව පෙනේ. එසේම දකුණේ වාම ප‍්‍රගතිශීලී ජනතා
ව්‍යාපාර සමග බද්ධවීමට කිසිදුඋත්සාහයක් ඔවුන්ගේ පැත්තෙන් ගන්නා බවක් ද නොපෙනේ. එක් බලවේගයක් ලෙස ගොනුවී මැතිවරණයේදී සටන් නොකළත් යටත් පිරිසෙයින් විපක්ෂ බලවේග දැන්වත් ඔවුනොවුන් අතර අරගලය
නවතා හැම පෙරමුණක්ම එකම තීරණාත්මක අභියෝගයට එරෙහිව පෙරමුණු ගණනාවක ප‍්‍රහාරාත්මක අරගලයක් දියත් කිරීම එනම් වෙන් වෙන්ව ගමන් කරමින් එකඉලක්කයකට පහරදීමේ උපාය මාර්ගයක් වෙත ගමන් කිරීම
මේ මොහොතේ අවශ්‍යතාවකි. මෙම උපාය මාර්ගයට අනුව කටයුතු කිරීමට විපක්ෂ බලවෙග සමත් වුවහොත් රාජපක්ෂ පාලනය ප‍්‍රහාරකයාගේ භූමිකාවෙන්
ආරක්ෂණවාදී ස්ථාවරයකට පසුබස්සවන්නට හැකිවනවා ඇත. රාජපක්ෂ පාලනය විසින්ම එම අවස්ථාව උදාකර දී ඇති අතර විපක්ෂ බලවේග එය ගිලිහී යන්නට නොදී තරයේ අල්ලා ගැනීම අවශ්‍ය ය. එළඹෙමින් ඇත්තේ රාජපක්ෂ
පාලනයේ ආරෝහණයේ නොව අවරෝහණයේ යුගය බව වටහා ගැනීම ද එලෙසින් ම අවශ්‍ය ය.
එහෙත් විපක්ෂ බලවේග මේවා සැලකිල්ලට ගන්නා බවක් පෙනෙන්නට නැත.
වගකීම පැවරෙන්නේ ජනතා සංවිධානවලට ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීම යනු සටන් පාඨ පුවත්පත් සාකච්ඡුා හා නියෝජිත සමුළුවලින් පමණක් කළ නොහැකි බව වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, මාධ්‍ය ව්‍යාපාර හා සෙසු සමාජ සංවිධාන ද
අවබෝධකොට ගත යුතුය. සිය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී භාවිතයන් සඳහා ආණ්ඩුව කූට උපක‍්‍රමයන් මගින් මැතිවරණ හරහා ලබාගන්නා බලය ආයුධයක් ලෙස යොදා ගන්නා බව ද සංවිධානය වීමෙන් හා අරගල කිරීමෙන් තොරව අත්තනෝමතික බලය පරාජයට පත් කළ නොහැකි බව ද මහජනතාවට
අවබෝධකර දීම සඳහා ගම් දනව් කරා ඇදී ගොස් ඔවුන් දැනුවත් කිරීමට සහ
සංවිධානය කිරීමට අවශ්‍ය ගොඩ නැංවීම් සඳහා විධිමත් වැඩපිළිවෙලක්
ක‍්‍රියාවට නැගීම ඉලක්ක කර ගෙන කටයුතු කිරීම කරා යොමු විය යුතු ය.

No comments:

Post a Comment