මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Saturday, August 9, 2014

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකිරීමේ ඉල්ලීම , පොදු අපේක්ෂකයා සහ වාම ප‍්‍රවේශය



    වර්තමාන දේශපාලනය තුල විධායක ජනාධිපති ක‍්‍රමය අහොසිකිරීමේ මාතෘකාව පළමුතැනට පත්ව ඇති බවක් පෙනේ . එහෙත් මේ මාතෘකාව මෙසේ සාකචඡුාවට ගැනුනේ  වර්තමානයේදී පමණක් නොවේ . 94 සහ 2005  ජනාධිපතිවරණවලදී ද එය එක් ප‍්‍රධාන පොරොන්දුවක්  බවට පත්ව තිබූ බවත්  නැවත 2010 ජනාධිපතිවරණයේදී  විරුද්ධ පක්ෂවලින් ඉදිරිපත් වූ පොදු අපේක්ෂකයාගේ  එකම  පොරොන්දුව වූ බවත් අපට මතකය . විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකිරීමේ කතාව ඉදිරියට එමින් , යටයමින් සහ නැවත නව මානයන් හා නව සමාජ ප‍්‍රවනතා වැළඳගනිමින් ඉදිරියට ඒමෙන් පෙනී යන්නේ ලාංකීය දේශපාලනයට එය මගහැර තවදුරටත් ගමන්කල නොහැකි බවයි . විධායක ජනාධිපති ක‍්‍රමය සහිත 78 ව්‍යවස්ථාව හඳුන්වා දීමේදී  ලංකාවේ පසුගාමී ධනවාදය පැත්තෙන් මහා ඉදිරි පිම්මක් ගැනීමටත් ඒ සඳහා දැඩි විධායක බලයක් රාජ්‍ය ප‍්‍රධානියා සතුව තිබිය යුතු බවටත් එහි නිර්මාතෘවරයා කල්පනා කල බව පෙනේ . ඒ කෙසේ වුවත් එය දේශපාලන වශයෙන්  ව්‍යවස්ථානුකූල ආඥාධායක්තවයකට මග පාදා ඇති අතර , ආර්ථික වශයෙන්  නව ලිබරල් ධනවාදයෙන් පෝෂණය ලබන පාදඩ ආර්ථිකයක් ස්ථාපිත කර ඇත . මේ සම්බන්ධයෙන් ඇති සියලූ විවේචනයන් කැටිකර දක්වන්නේ නම් 48 න් පසු ලංකා ඉතිහාසයේ ආණ්ඩු පාලනයන් අතරින්     අධම පාලන  අවධියකට වේගයෙන් ඇදදැමීමට 77 ව්‍යවස්ථාව ඉවහල් වී ඇති බවයි . 
. ලංකාවේ පැවති ඓතිහාසික පසුබිම මත බ‍්‍රිතාන්‍ය යටත් විජිතවාදී ප‍්‍රතිපත්ති යටතේ   ලංකාවේ ධනවාදය රෝපණය වන්නේ කේ`ඩෑරිගැහුන සහජ ලක්ෂණ ඇතිවය. සෝල්බරී ව්‍යවස්ථාව මේ විකෘත්තිය ව්‍යවස්ථාමය  වශයෙන් තහවුරුකරන්නකට වඩා වැඩි යමක් නොවේ .   වැදගත් කරුණ නම් දේශීය නායකයන් ඊට වඩා දියුණු යමක් ගොඩනගාගැනීමට  තරම් ජාතික දැක්මක් හා උවමනාවක් නොපෙන්වීමය . ඔවුන් සෝල්බරී ව්‍යවස්ථාවෙන් ස්ථාපිතකරන ලද ‘ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ’ පෝෂණය කළේ   ඒ වනවිටත් ඇටුවම් බැසතිබූ වාර්ගික , ආගමික , කුල සහ ප‍්‍රභූ වන්දනාව ආදී ආන්තික සංස්කෘතික අංගෝපාන්ගයන් මතින්ය. 
බණ්ඩාරනායකලාගේ පාලනය යටතේ නැගී ගෙන ආ සිංහල - බෞද්ධ සමාජ බලවේගයන්ගේ  උවමනාවන් තෘප්තිමත් කරන සුළු දැක්මක් 72 ව්‍යවස්ථාව නිර්මාණයකරගැනීමේදී පාදක කරගෙන ඇති බව පෙනේ ..මින් සිදුවූයේ වාර්ගික දේශපාලනය කුලූගන්වමින්  බෞද්ධ සිංහල බහුතරයත් දෙමළ , මුස්ලිම්, සුළුතරයත් අතර පැහැදිලි බෙදීමක් ඇති වීමය . කෙසේවුවත් රට ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයක් කරා යොමුකිරීමට   නව ව්‍යවස්ථාව අපොහොසත් වූ බව 77 දී  පොදු පෙරමුණ ලැබූ දෑවැන්ත පරාජයෙන් පෙන්නුම් කරයි . එය  බලයට පත්වීමට බලා සිටි ජේආර් ජයවර්ධනට නව  ආර්ථික දේශපාලන උපාය මාර්ගයක් සොයාගැනීම සඳහා පොළඹවන සුළු අත්දැකීමක් වී ඇති බව පෙනෛ් . 
අසීම්ත රාජ්‍ය බලයක් කේන්ද්‍රකරගත්  නීතියටත් ඉහළින් වැජඹෙන විධායක ජනාධිපති ධූරයක් ද විධායකයට යටත්ව ක‍්‍රියාකිරීමට බලකෙරෙන පාර්ලිමේන්තුවක් ද  තෝරාපත්වෙන මංතී‍්‍රවරු නායකයාගේ සුවච කීකරු අණ පිළපදින්නන් බවට පත්කෙරෙන මැතිවරණ ක‍්‍රමයක් ද 78 ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කෙරුනි. මේ ඒකාධිපති ව්‍යවස්ථා පිටකටුව විසින් ආරක්ෂණය කිරීමට නියමිතව ඇත්තේ    විවෘත ආර්ථික ක‍්‍රමයයි . ජේආර්ගේ ආර්ථික හා දේශපාලන දැක්ම යතාර්තයක් වූයේ   සමාජය , ආර්ථිකය , දේශපාලනය වේගයෙන් තව තවත් විකෘත්තිකරණයට ලක්කරණු ලැබීමෙනි . පෙරදී ගෞරවාන්විත කටයුත්තක් සේ සැලකූ දේශපාලනය තනිකරම පහසුවෙන් හා ඉක්මනින් මුදල් හරිහම්බ කිරීමේ ව්‍යපෘතියක් බවට පත්විය . මහපරිමාණ කොන්ත‍්‍රාත්වල සිට ප‍්‍රාථමික පාසලකට ළමයෙක් ඇතුලත් කිරීම දක්වා ¥ෂණය , අල්ලස ව්‍යාප්තවිය. රාජ්‍ය සේවය , අධිකරණය දේශපාලන  ග‍්‍රහන යේ නැටවෙන්නක් බවට පත්විය. . පිළිගත් මානව ආචාර දර්ම තූතූකඩ කඩා ඉරා දැමුනි .    ජනවාර්ගික ගැටළුව කූරිරු යුද්ධයක් බවට පරිවර්තනයවූයේත් දකූණේ  භීෂණ අවධියක් උදාවූයේත්  ‘ වේගවත් ආර්ථික සංවර්ධනයක් සහ දේශපාලන ස්ථාවරබවක් ’ සහතික කරගනුවස් හඳුන්වා දුන් මේ ව්‍යවස්ථාව යටතේය . 
ජේ ආර්ගේ ආර්ථික හා දේශපාලන ප‍්‍රතිපත්ති කෙරෙහි සමාජයේ මෝරමින් පැවති විරෝධාකල්පය ආමන්ත‍්‍රණය කෙරෙන    විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකිරීම , විවෘත ආර්ථික ක‍්‍රමයට මානූෂීය මුහුණුවරක්දීම සහ ජනවාර්ගික ගැටළුවට සාමකාමී විසඳුමක් ලබාදීම යන ප‍්‍රධාන ප‍්‍රතිපත්තීන් තුනක් ඉදිරිපත්කිරීමට 94 ජනාධිපතිවරණයේ දි චන්ද්‍රිකා බණ්ඩාරනාකට සිදුවිය .  එහෙත් වාර දෙකක්ම එනම් අවුරුදු දහයක කාලයක් ඇය ජනාධිපති ධූරය දැරුව ද ජනවාර්ගික ගැටළුවට සාකච්ඡුාමය විසඳුමක් සෙවීමට යම් උත්සාහයක් දැරුව ද  යුද්ධය අවසන් කර සාමය උදාකරගැනීමට හෝ   විවෘත ආර්ථික ක‍්‍රමයට මානූෂීය මුහුණුවරක් ලබාදීමට හෝ විධායක ජනාධිපතික‍්‍රමය අහෝසිකිරීමට හෝ සමත් නොවීය .  පලල්  සමාජ කථිකාවකට නොයොදා වුවද විධාය ජනාධිපති ධූරය අහෝසිකරන හා බලය බෙදීම අරමුණුකර ගත් නව ව්‍යවස්ථා කෙටුම්පතක් එජාපයේ ද සහායෙන් අනුමත කරගැනීමට 2000 දී  ඇය දැරූ උත්සාහය දෙපසේම කපටිකම් හා කුහකකම්  හේතුවෙන් ව්‍යාර්ථවී ගියේය. 
 මහින්ද රාජපක්ෂ නම් දේශපාලකයාගේ  ඒකායන අරමුණ වූයේ මොනයම් විදියකින් හෝ බලයට ඒම ය. මේ සඳහා ඔහු එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ ප‍්‍රතිපත්ති දැරූ බලවේගයන් සමග පරස්පර එක`ගතාවයන් ඇතිකරගැනීමට , පොරොන්දු දීමට ඉදිරිපත්විය. සසපය හා කොපය සමග ජාතික ගැටළුවට විසඳුම් වශයෙන් බලය බෙදීමට එක් ?යක එක`ග වන ඔහු අනෙක් රැුයේ බලය නොබෙදීමට ,යුද්ධය ජයග‍්‍රහණයක් කරා මෙහෙයවීමට ජාතික හෙළ උරුමයට හා ජවිපෙට  පොරොන්දුවෙයි .   මේ සියලූ තත්ත්වයන්ගේ සංකලනයේ නියත ඵලය වශයෙනි 2005 දී සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය රජයන , යුධවාදී රාජපක්ෂ රෙජිමය බලයට පත්වන්නේ . 2009 ලැබූ යුද ජයග‍්‍රහනයෙන් රෙජිමය අනභිබවනීයත්වයට පත්විය .
මේ තත්ත්වය තුල 2010 ජනාධිපතිවරණය සියළු විරුද්ධ පක්ෂයන් මහත් දුෂ්කර තත්ත්වයකට ඇද දැමුණි . දිගින් දිගටම මැතිවරණ පරාජයන්ට හා අභ්‍යන්තර අර්බූදවලට මුහුණපා සිටි එජාපයට  සහ  යුධවාදය වැළඳගැනීමේ හිළව්වට තම මංතීත‍්‍රීවරු 14 දෙනෙක් අහිමිකරගෙන සිටි ජවිපෙට රාපක්ෂ පැරදවීම   සිතාගැනීමටවත් බැරි කටයුත්තකි . විධායක ජනාධිපති ධූරය අහෝසිකිරීමේ පොදු අරමුණක් කරා ඔවුන් පොළඹුවනු ලබන්නේත්  රාජපක්ෂ ආණ්ඩුවේ කෙනෙහිලිකම් හා අඩම්තෙට්ටම්වලින් පීඩාවිඳිමන් සිටි සරත් පොන්සේකාට පොදු අපේක්ෂකතවය ලැබෙන්නේත් අන් කරුණක් නිසා නොව විරුද්ධ පක්ෂයන්ගේ මේ නොහැකියාව  නිසාමය. 2010 ජනාධිපතිවරණය තුල  පෙන්නුම්කරන පැහැදිලි සත්‍යය නම්  විරුද්ධ පක්ෂවලට තනි පක්ෂයක් ලෙස රාජපක්ෂ රෙජිමය පරාජයකිරීමට ඇති නොහැකියාව මිස විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකිරීමට ඇති  පරම අවංක  අභිලාෂය  නොවේ.  
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකිරීමේ සටන් පාඨය  උපයෝගතාවාදී දේශපාලන ව්‍යාපෘතියක් ලෙස .
පළමුවෙන් ම කිව යුත්තේ මෙම සටන් පාඨය හැමවිටම පෙරට එන්නේ ජනාධිපතිවරණයක් කිට්ටුව පාත පෙනෙන්නට ඇති විටය . ජනාධිපති වරණය අවසානයේ ඒ වෙනුවෙන් පෙනීසිටින්නෙක් නැත. ඒ වෙනුවෙන් පලල් සමාජ කථිකාවක් හා අරගලයක්  අඛණ්ඩව කරගෙන යන ව්‍යාපාරයක් ගැන කිසිවෙක් ම අවධාණය යොමුකරන්නේ නැත.  එයම මේ සටන් පාඨය පක්ෂ විසින් උපයෝගිතාවාදී   ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් පැහැදිලි සරළ නිදසුනක් ය.
චන්ද්‍රිකා , ජවිපෙ , මහින්ද   එජපය සහ සරත් පොන්සේකා  මේ සටන් පාඨය  උපයෝගාවාදී අයුරින්  එකසේ යොදාගත්තවුන්ය. මැතිවරණ දේශපාලනය තුල තමන්ට ස්ථානයක් තහවුරුකරගැනීමේ උවමනාව ජවිපෙ   උපයෝගතාවාදීවීමේ දී ෂලකා බැලූ කාරණයයි.. එදා 94 දී සිදුවුනේ ද එයමය .  ප‍්‍රබල සටනක් දීමට තරම් ජවිපෙ  ශක්තිමත් තැනක නොවූයෙන් නම්බුකාර විදියට සටනෙන් ඉවත්වීමට ඔවුන් යොදාගත් උපක‍්‍රමයකි චන්ද්‍රකාගෙන් විධායක ජනාධිපති ධූරය අහෝසිකිරීමේ ලිඛිත පොරොන්දුවක් ගැනීම . 2005 දී   ජවිපෙ මහින්ද රාජපක්ෂට ඒ සඳහා  6 වසරක සහන කාලයක් ලබාදී ඇත. ඒ  මගින් පෙන්නුම්කරන්නේ ද යුද්ධය කරගෙනයාම සඳහා විධායක ජනාධිපති බලතල අවශ්‍යයැයි රටට ඒත්තුගන්වමින් සිටි රාජපක්ෂ ආණ්ඩුවේ මතය වක‍්‍රව අනුමතකරමින් ජවිපෙ උපයෝගිතාවාදී ප‍්‍රවේශයක් ගන්නා ආකාරයයි .
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකිරීම සම්බන්ධයෙන් එජාපයේ  ප‍්‍රතිපත්තිය ව්‍යාකූල එකකි . විධායක ජනාධිපති සතු අසීමිත බලතල කප්පාදු කිරීම , පාර්ලිමේන්තුවට වගකියන විධායක අගමැති ධූරයක් පිහිටුවීම සහ පැරණි වෙස්මිනිස්ටර් ක‍්‍රමය කරා ආපසු යාම ඔවුන් ඉදිරිපත්කරන විකල්පයන්ය . විකල්පයන් එහෙ මෙහෙ කරමින් කල් මරනවා විනා  තමන් පෙනී සිටින යෝජනාව ජනතාවට ඉදිරිපකරන්නේ නැත.මින් ගම්‍යකෙරෙන්නේ එජාපය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකිරීමට එතරම් ම කැමැත්තක් නැති බවය . බලතල කප්පාදු කරනු ලැබූ විධායක ජනාධිපතිවරයෙක් හෝ එම ක‍්‍රමයටම පත්කෙරෙන විධායක අගමැතිවරයෙක් හෝ ගැන කෙරෙන යෝජනා තුලන්  ගම්‍ය කෙරෙන්නේ ද හිතුමනාපයට පාර්ලිමේන්තුව පාලනය කෙරෙන , ඊට ඉහළින් වැජඹෙන බල අධිකාරයක් ගැන ඇති අපේක්ෂාවය  . මේවා විධායක ජකාධිපති ක‍්‍රමයේම වෙනත් හැඩයන් පමණි . කෙසේ වුවත්  එළඹෙන ජනාධිපතිවරණයේදී   රනිල් වික‍්‍රමසිංහ එජාප අපේක්ෂකයා ලෙස තර`ග කිරීමට සූදානම් වෙමින් සිටියී .  ඔවුන්ගේ ගණන් බැලීම් අනුව තනිව ඉදිරිපත් වී  ජයග‍්‍රහණය කළ හැකියයි විශ්වාස කරන බව පෙනේ . එසේ නම් එදා 2010 දී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකිරීමේ ඉල්ලීම හා පොදු අපේක්ෂකයෙක්  වෙනුවෙන් පෙනී සිටිමින් කළේ ව්‍යාජ රංගනයක් නොවේ ද ? ඇත්ත වශයෙන් ම ඔවුන් මේ ක‍්‍රමයට කැමතිය , එදා කළේ  නොහැකියාව වසාගන්න වැල යන අතට මැස්ස ගැහීමය . 
මින් එළඹිය හැකි නිගමනය මෙසේය .  2010 දී විරුද්ධ පක්ෂ අනොන්‍ය පරස්පරතාවයන් දෙවැනි තැනට දමා පොදු අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටියේ  විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකිරීම ජාතික වැදගත්කමෙන් යුත් අත්‍යාවශ්‍ය කරුණක් ලෙස අවංකවම, ගැඹුරින්ම තේරුම්ගැනීමෙන් නොව තනි පක්ෂ විදියට තර`ගකොට බිඳවැටෙම්න් පැවති තම ප‍්‍රතිරූපය තව තවත් විනාශවීමේ අනතුර දුටු නිසා ය .  එම ජනාධිපතිවරණයෙන් නැවත ජයග‍්‍රණය කල මහින්ද රාජපක්ෂ යටතේ විධායක ජනාධිපති ක‍්‍රමය වඩාත් නිරුවත් වෙන්න ගනිද්දීත් , විරුද්ධ පක්ෂ  එම ඉල්ලීම අතහැර දමමින්    තමතමන්ගේ න්‍යාය පත‍්‍රයන් කරා පසු බැසීම තේරුම් ගතයුත්තේ එලෙස ය . රට ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය කිරීම පිළිබඳ විරුද්ධ පක්ෂවලට අවංක උවමනාවක් නැහැ වගේම  පුලූල් ජාතික  දැක්මක් ද නැති බව අපේ තේරුම් ගැනීමයි .
 මාදුළුවාවේ සෝභිත හිමි ගේ නායකත්වයෙන් යුත් යහපත් සමාජයක් සඳහා වූ ව්‍යාපාරය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකිරීමේ ඉල්ලීම ප‍්‍රධාන අරමුණකරගත් දේශපාලන පක්ෂයක් නොවන ව්‍යාපාරයකි . එයට  උපයෝගතාවාදී යටි අරමුණක් ඇතිබවක් අපි නොකියමු . නමුත් එය ඉදිරිපත්කරන වැඩපිළිවෙල විධායක ජනාධිති ක‍්‍රමය අහෝසිකිරීම සඳහා සීමාවී තිබීම කිසියම් හෝ හේතූන් නිසා ප‍්‍රශ්නය ගැඹුරින් සලකා බැලිමට පැකිලීමක් දක්වන බව නම් පැහැදිලිය . බලය බෙදීම , රාජ්‍ය භාෂාව හා රාජ්‍ය ආගම වැනි සංවේදී ප‍්‍රශ්ණ සාකච්ඡුාවට ගැනීමෙන් මේ ප‍්‍රයත්නයට සමාජ බලවේගයන් ඒකරාශිකිරීමේදී  බාධාවක් විය හැකියයි සලකන බව පෙනෙන්නට ඇත. ඒවැනි දේ  විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකිරීමෙන් පසු පවත්වන මැතිවරණයකින්  තේරීපත්වෙන ආණ්ඩුවක කාර්ය ලැයිස්තුවට ඇතුලත් කිරීම ප‍්‍රශ්ණය තවත් ව්‍යාකූල කිරීමකි . එසේ පත්වෙන  ආණ්ඩුව ද දැන් තිබෙන පක්ෂවලින්ම සෑදෙන්නකි. ඉහත පෙන්නා ඇති කරුණු අනුව දැන් තිබෙන පක්ෂ පලල් ජාතික දැක්මක් නැති උපයෝගතාවාදී පක්ෂ වන නිසා එවැනි පක්ෂවලින් සෑදෙන ආණ්ඩුවක් වගකීමෙන් හා කැපවීමෙන් ඒ කාර්යය ඉදිරියට ගෙනයාවියයි විශ්වාස කල නොහැන . එසේ වුවහොත් සිදුවිය හැක්කේ කුමක් ද ?
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකිරීමට සීමා නොවී පූර්ණ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියක අවශ්‍යතාවය ගැන වික්ටර් අයිවන්  දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරයි . ඔහුගේ ඉදිරිපත්කිරීම් සමග අපට බොහෝදුරට එක`ගවිය හැකි නමුත් ඒ සඳහා සියළු දේශපාලන පක්ෂ එක්සත්  විය යුතුයයි කරන යෝජනාව ඉහත කරුණු අනුව කෙසේවත් ප‍්‍රායෝගික නොවන්නකි .  ‘ ජාතිය ගොඩනැගීම පිළිබඳ ප‍්‍රශස්ථ දැක්මක් හෝ චින්තනයක් ඇති දේශපාලන නායකයෝ අපට නොසිටියෝය ’ ( රාවය -2014 මාර්තු 2 , අර්බූදය මට පෙනෙන හැටි -  වික්ටර් අයිවන්  ) යි ඔහු කියන විට එය එදාට ත් වඩා  අදට    සියයට සියයක්ම නිවැරදිය .  මක්නිසාද අද දේශපාලකයෝ එදාටත් වඩා අද  වර්ගය, ආගම සහ කුලය මත පදනම්ව, ඒවා උත්කර්ෂයට නන්වමින් කොල්ලකාරී මජර දේශපාලනයක  යෙදෙන්නෝය . ඉතිං , එවැන්නන්ගෙන් ජාතිය ගොඩනැගීමක් බලාපොරොත්තු විය හැක්කේ කෙසේ ද ?  මේ කරුණ සෝභිත හිමිගේ ‘ යෝජනාව සම්බන්ධයෙන් ද අදාළය .
  පූර්ණ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් තබා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකිරීමේ භාග  ඉල්ලීම ඉදිරියේ පවා විරුද්ධ පක්ෂ අවංකභාවයක් නොපෙන්වන්නේ යැයි කීමේ දී අපි සර්ව අශුභවාදී යයි කෙනෙකුට පෙනී යා හැකිය . නැතිනම් පවතින සියළු සමාජ- ආර්ථික ව්‍යාසනයන්ට  ඇති  ඒකායන විසඳුම සමාජවාදය පමණකැයි සිතන  ආන්තික දෘෂ්ටිවිදීන් යැයි සැලකිය හැක .  එහෙත් එය එසේ නොවේ. වත්මන් සමාජ අසමානතාවයන් මුලින්ම උපුටා දැමීමට නම් ඊට ප‍්‍රභවය දෙන මූලික හේතුකාරකය වූ ධනවාදී සූරාකෑම  විතැන්කෙරෙන සමාජවාදී සමාජ ආරථික ක‍්‍රමයක් ස්ථාපිත කිරීම එනම් දේපළවල පෞද්ගලික අයිතිය අහෝසිකරීම අත්‍යාවශ්‍යය යන්නෙහි කිසිදු විවාදයක් අපට නැත. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීමේ දේශපාලන අරගලය අතහැරදැමීමක් මින් කිසිසේත් අදහස් නොවේ . එපමණක් නොව ආර්ථිකමය තත්ත්වයන්  , වෘත්තීමය හා මානව අයිතීන් , යහපත් පාරිසරික තත්තවයක් සහතිකකරගැනීම ආදිය සඳහා දරන ප‍්‍රයත්නයන් , අරගලයන් පවා වැඩකට නැති දේවල් සේ සලකා බැහැරකල යුතු ද නොවේ . පවතින සමාජ ක‍්‍රමයෙහි ප‍්‍රතිසංස්කරණවලින් කෙරෙනුයේ  සමස්ථයක් වශයෙන් සමාජ ක‍්‍රමය වෙනස්කිරීමක් නොව එහි සීමා මායිම් යම් තරමකින් පුළුල් කිරීමක් පමණි . ඉන් පීඩිත පංතිය කෙරෙහි ධනපති පංති පාලනයේ බලපෑමෙහි වෙනසක් ඇති නොවේ. සමාජවාදී ව්‍යාපාරයේ ඉදිරි ගමන සඳහාත් , පීඩිත පංතීකයන්ගේ   සාමාන්‍ය ජීවිතය ඉහළ දමාගැනීම සඳහාත් අරගල කිරීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සීමා මායිම් පුළුල්කර ගැනීම අත්‍යාවශ්‍ය බව අපේ පිළිගැනීමයි . මෙහිදී  අපි පැහැදිලිව ම ලිබරල්වාදීන්ගෙන් වෙනස්වන්නෙමු .
අද  ‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකිරීම හා පොදු අපේක්ෂකයා ’පිළිිබඳ මතවාදය හා ව්‍යාපාරය ප‍්‍රභූන් පිරිසක් විසින් අප මත පැටවීමට සූදානම් කරමින් පවතින්නකි . එය හරයෙන් මෙන් ම ආකාරයෙන් ද මැද පංතියේ හා සිංහල බෞද්ධ ජන තීරුවල හ`ඩ දෝංකාරය කෙරෙයි . අපි මේ සරුවපිත්තල ඇමෝසම්වල එල්ලී යා යුත්තේ ඇයි  ? අපේම වූ වැඩපිළිවෙලක් ඉදිරිපත්කරමින් මහේෂ්‍ය දේශපාලනයට අභියෝග නොකරන්නේ ඇයි ?  සමාජවාදීන් හා ප‍්‍රගතිශීලීන් කළයුත්තේ වහාම අව්‍යාජ පූර්ණ බලය බෙදීමක් , අනාගමික රාජ්‍යයක් , අධ්‍යාපනයේ ආගමික ආයතනික ස්වරූපය අහෝසිකිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිය,  මහ ජනතාව සැබෑ ලෙෂ බලගැන්වෙන මැතිවරණ ක‍්‍රමයක් සහ  තවත් එවැනි ප‍්‍රගතිගාමී අගංයන් ඇතුලත් ප‍්‍රගතිශීලී පූර්ණ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ යෝජනාවලියක් ඉදිරියට දමා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා කරන  වත්මන් අරගලයේ පෙරමුණට ඒමට උත්සාහ කිරීමය . ජනතාව ධනේශ්වර හා    ජාතිකවාදී බලවේගයන් වටා පෙළගැහීමට ඇති ඉඩ අවුරාලීමය . එම නව ව්‍යස්ථා ප‍්‍රතිසංස්කරන යෝජනාවලිය සියළු ම වාමවාදීන් සහ ප‍්‍රගතිශීලීන්ගේ මැදිහත්වීමෙන් වැඩ බිම් , ආයතන , නගර , ගම් ප‍්‍රදේශ පදනම් කරගනිමින් ගොඩනගන  මහජන සභා හරහා සංවාදයට ගනිමින්   පුළුල ජනතා ක‍්‍රියාකාරිත්වයක් ගොඩනැගීම අද අත්‍යාවශ්‍යය . ජනතාවගේ ඉරණම තීරණය කළයුත්තේ ජනතාව විසින් ම පමණි . ඒ සඳහා බලය ඔවුන් සතුවිය යුතුය .  ඇත්තවශයෙන් ම මහජන ව්‍යාපාරය ජනතා පරමාධිපත්‍යය සැබෑ ලෙස ප‍්‍රකාශකෙරෙන පීඩක බල ව්‍යුහයට  විකල්ප මහජන බල ව්‍යුහයකි. අපි මහජන ව්‍යාපාරය යනුවෙන් අදහස් කරන්නේ එවැනි ව්‍යාපාරයකි . ඉහළින් කඩාපාත්වෙන ‘ පොදු අපේක්ෂයක්  ’ ගැන බලා නොසිට  ජනතාවාදී පූර්ණ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ඉදිරියට ගනිමින් එය මහජන ව්‍යාපාරයේ කාර්යභාරයක් බවට පත්කර ගතයුතුය .


   ඒඩීපී රත්නායක  





  . 

Friday, October 25, 2013

එංගල්ස් මාක්ස්වාදය විකෘති කළේ ද ?  - 2 
මාක්ස් සහ එංගල්ස් දෙදෙනාගේ නොබිඳුනු ශක්තිමත් සම්බන්ධතාවය මාක්ස්වාදයේ පදනම ශක්තිමත්  කිරීමෙහි ලා ඉවහල්වී ඇති එක් වැදගත් කරුණකි. දෙදෙනො පෞද්ගලිකව හඳුනාගැනීමට පෙර වෙන් වෙන් වශයෙන් සමාන මතවාදයක් කරා එමින් සිටියහ. 
Rheniche Zeitun   පුවත් පතට 1842 සිට දර්ශනය , දේශපාලනය හා දේශපාලන ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් දෙදෙනා වෙන් වෙන් වශයෙන් ලියන ලද ලිපි තුලින් ඉදිරිපත් වූ  දෘෂ්ටීන්ගේ සහමතියක් පිළිබිඹුවෙයි.  තවදුරටත් 1844  පෙබරවාරියේ දී මාක්ස්ගේ ප‍්‍රධානත්වයෙන් නිකුත්වූ ජර්මන් - ප‍්‍රංශ ඉතිහාස සංග‍්‍රහයට ( මෙහි එකම කලාපයක් පමණි නිකුත්වූයේ) ‘දේශපාලන ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් විවේචනයක් සඳහා කෙටි සටහන් ’ මැයෙන්  ලියන ලිපියෙහි පෞද්ගලික දේපළ, ප‍්‍රාග්ධනය, ශ‍්‍රමය, ලාභය ගැන විග‍්‍රහකරමින් ‘‘අපි පෞද්ගලික දේපළ අහෝසිකරන්නේ නම්, එවිට මේ සියළු අස්වාභාවික බෙදීම් අන්තර්ධාන වෙනවා ඇත.’ යනුවෙන් එංගල්ස් තනිව එළඹෙන දේශපාලන-ආර්ථික නිගමනයත්,  එම ඉතිහාස සංග‍්‍රහයෙහිම ‘අයිතිය පිළිබඳ හෙගල්ගේ දර්ශනවාය සම්බන්ධයෙන් විවේචනයට දායකත්වය - හැඳින්වීමක් ’ ලිපියෙහි ජර්මනියෙහි විමුක්තිය ගැන සඳහන් කරමින් ‘මෙම විමුක්තියෙහි හිස නම්  දර්ශනවාදයයි, හදවත නම් නිර්ධන පංතියයි. නිර්ධන පංතියේ ඉදිරියට පැමිණීමකින් තොරව දර්ශනවාදයට ඊටම ප‍්‍රත්‍යක්ෂවිය නොහැකිවාක් මෙන්ම දර්ශනවාදය ප‍්‍රත්‍යක්ෂවීමෙන් තොරව නිර්ධන පංතියට ද ඉදිරියට යා නොහැක’ යනුවෙන් මාක්ස් දාර්ශනික දෘෂ්ටියකින්  එළඹෙන නිගමනයත් ඉදිරියේ දී දෙදෙනා අතර ඇතිවෙන  අනුකූලතාවය කදිමට පෙන්නුම් කරයි. (http://www.marxists.org/archive/marx/works   

Wednesday, October 23, 2013

එංගල්ස් මාක්ස්වාදය විකෘති කළේ ද?

එංගල්ස් මාක්ස්වාදය විකෘති කළේ ද?
‘මාක්ස්වාදී චින්තනයට එංගල්ස් ආනයනය කළ රළු නියතභාවය  දේශපාලන තලයේ දී මූර්තිමත් වූයේ  සමාජවාදයේ ජයග‍්‍රහණය පථයක ගමන් ගන්නා ග‍්‍රහයන් විසින් උදාකරන්නාක් වැනි තිර නිශ්චිතකරණයවීමක් ලෙසය.’ ( මාක්ස්වාදය -  ඓතිහාසික හා විවේචනාත්මක අධ්‍යායනයක් - ජෝජ් ලිච්හෙයිම් (1912-1973 ජර්මන් ජාතික චින්තකයෙක් )
ජෝජ් ලිච්හෙයිම්   එංගල්ස් විසින් මාක්ස්වාදය දැඩි ලෙස විකෘතිකරන ලදැයි චෝදනාකරන එක් අයෙක් පමණි. බටහිර දාර්ශනිකයන්, චින්තකයන් සැලකිය යුතු ප‍්‍රමාණයක් එසේ එංගල්ස්ට චෝදනා කරති. චෝදනා සහ ඒවා සනාථ කිරීමට ඔවුන් ඉදිරිපත් කරන තර්ක විමසිය යුතු අතරම එසේ කිරීමට ඔවුන් පොළඹවන ලද පසුබිම කුමක් ද, අනතුරුව ඔවුන් මාක්ස්වාදය ස්ථානගත කිරීමට ප‍්‍රයත්න දරන්නේ කොතැනක ද, ඔවුන්ගේ විකල්ප මතවාදයන් සහ ඒවා සමාජයේ පූර්ණ වෙනසකට ප‍්‍රායෝගික විසඳුම් සපයන්නේ ද වැනි කරුණු සම්බන්ධයෙන් ද එසේම අවධානය යොමුකළ යුතු බව අපි කල්පනා කරමු. 
 ‘මාක්ස්වාදය’ට මාක්ස් යන විශේෂණ පදය යොදා ඇති නමුත්  ඉන් මූර්තිමත් කෙරන්නේ මාක්ස් ම පමණක් නොව මාක්ස් සහ එංගල්ස් යන දෙදෙනාම ය. එංගල්ස්ගේ මිතුරන් අතර මෙන් ම සතුරන් අතර ද එංගල්ස් සම්බන්ධ පිළිගැනීම වූයේ ඔහු මාක්ස්ගේම තරමක් වෙනස් වු ආත්මයක් ලෙස ය. එංගල්ස්ට මාක්ස් සමග තිබූ පෞද්ගලික කිට්ටු සම්බන්ධය මෙන් ම දෙදෙනාගේ දේශපාලන මතිමතාන්තර අතර වූ දැඩි සමානත්වය එවැනි පිළිගැනීමකට හේතු වී ඇත.  එංගල්ස් අවුරුදු 40 ක් පමණ මාක්ස් හා එක්ව ‘මාක්ස්වාදය’ පෝෂණය කර ඇති අතර මාක්ස්ගේ අභාවයෙන් (1883) අනතුරුව  ඔහු මියෙන තෙක් ම (1895) එම කාර්යය අඛණ්ඩව ඉදිරියට කරගෙන ගොස් ඇත. 

Thursday, August 29, 2013

මියගිය කඳවින්න සහෝදරයා අපට යොමුකළ ඔහුගේ අවසන් දේශපාලන ලිපිය ඔහුට ගෞරයවයක් වශයෙන් මෙසේ පළකරමු

                                                     ප‍්‍රවේශය
2013 ජනවාරි මාසයේ සිට ගෙන ආ සංවාදයක නිමැවුම ප‍්‍රකාශනයක් වශයෙන් ඉදිරිපත් කරන්නේ ඉදිරි සාකච්ඡාවන් සාර්ථක කර ගැනීම සඳහා කෙටුම් පතක් වශයෙනි.  අප වැනි සමාජ හා දේශපාලන ක‍්‍රියාකාරින් තවත් බොහෝ දෙනා සමග මේ සංවාදය කළ යුතුය.  එය අවසාන නිමැවුමක් බවට පත් කළ හැක්කේ පුළුල් සංවාදයකට විවෘත කළහොත් පමණි.  මෙයට සහභාගි වී ඇත්තේ 15 දෙනෙකු තරම් ස්වල්ප වූ පිරිසකි.  අප පළමුවෙන් උත්සාහ ගත්තේ ලංකාවේ සමාජ දේශපාලන ක‍්‍රියාකාරින්ට අභිමුඛවන සමාජ ආර්ථික හා දේශපාලන අභියෝග මතුකරන සංදර්භය කුමක්ද කියා වටහා ගැනීමටය’  ගත යුතු මග තීරණය කළ හැක්කේ එවැනි ප‍්‍රවේශයකින් යැයි අපි විශ්වාස කළෙමු.
අප ඉදිරියේ එක් සමාජ ආර්ථික දේශපාලන ක‍්‍රමයක් අහෝසි කරමින් නව එකක් බිහිකරමින් පවතින බව මේ සංවාදයේදී පෙනී ගියේය. දවසේ ප‍්‍රවෘත්ති වශයෙන් කඩා වදින බොහෝ දේ මෙන්ම පැරණි අළුත් විචාරාත්මක ලිපි ලේඛනද අපේ අවධානයට යොමු විය. 
                                      ලෝක තත්ත්වය
‘`ලෝකය අවබෝධකර ගත යුත්තේ නිමවා අවසන් කළ ද්‍රව්‍යයන්ගේ සංකීර්ණයක් ලෙස නොව” අපගේ සිත් තුළ වන ද්‍රව්‍ය ප‍්‍රතිරූපක” එනම් සංකල්ප තරම්ම ස්ථායී ද්‍රව්‍ය ඇතුළත් කොටගත් සේ පෙනෙන” ඇති වීමේ හා නැතිවීමේ නොනවතින වෙනස් වීමක් මගින් යන ක‍්‍රියාදාම සංකීර්ණයක් ලෙසටය’`` එංගල්ස් ’
වංචා දූෂණ හා අපරාධ සාමාන්‍ය කරණය වෙමින් තිබේ.  සාමාන්‍ය ජන ජීවිතයේ ප‍්‍රශ්නයක් විසඳා ගැනීමටත් ජනතාවට රාජ්‍ය සමග ගැටෙන්නට හා ජීවිත පූජා කරන්නට සිදුව තිබේ.  රාජ්‍ය විසින් කරනු ලබන  ඕනෑම අපරාධයක්, එපමණක් නොව ඔවුන්ගේ හිතැතියන් කරනු ලබන  ඕනෑම අපරාධයක් සාධාරණී කර ගැනීමට හෝ යටපත් කිරීමට මැලි වීමක් පෙනෙන්නට නැත’ නීතියේ පාලනය අහෝසි කර තිබේ. සිවිල් සමාජය මෙන්ම බුද්ධිමතුන්ද හිරි වැටීමකට ලක්කර තිබේ’  ගෘහ ප‍්‍රචණ්ඩත්වය දෝරෙ ගලා යයි.  පාර්ලිමේන්තුව හා අනෙකුත් නියෝජිත ආයතන,  දේශපාලන පක්ෂ,මාධ්‍ය ඔවුන්ට පැවරී ඇති වගකීමෙන් පිට මංවී ක‍්‍රමය ආරක්ෂා කරන ආයතන බවට පත් වී හෝ කර /නැත්නම් දුර්වල වී හෝ දුර්වල කර තිබේ.  මානව වර්ගයාටම අහිතකර ගැටළු නිෂ්පාදනය කරනු ලබන ලෝකයක් නිර්මාණය වෙමින් පවතින විට එවැනි තත්ත්වයක් බිහි කරන කොන් දේසි මොනවාදැයි සොයා බැලීම අත්‍යාවශ්‍ය වේ.
70 දශකයෙන් පසු ලංකාවේ තත්ත්වය වගේම ලෝකයේ තත්ත්වයත් වෙනස් වූයේය.  ඒ නිසා ලංකාවේ වෙනස්වීම් ලෝක තත්ත්වයේම ප‍්‍රකාශනයකි.  එහිදී සමාජවාදී රාජ්‍ය පද්ධතියද ඉන් මිදුනේ නැත.  මාක්ස් පූර්ව නිගමනයක ආකාරයෙන් ‘ ජාතිකත්වය හා රාජ්‍යය එකම පදනමක් මත පිහිටුවයි. ‘ජාතීන’යනු සමාජ සංවර්ධනයේ ධනපති යුගයේ අනිවාර්ය ප‍්‍රතිඵලයක් වශයෙන් නිගමනය කරයි.  එසේ වුවත් ධනපති ක‍්‍රමයේ නිෂ්පාදනය විසින් ජාතික සීමාවන් අහෝසිකර,  ජාතික හුදකලා භාවයන් අහෝසිකර,  ජාතික විරුද්ධතාවයන් අහෝසිකර, පංති විරුද්ධතාවයන් ආදේශනය කරන බව පෙන්වා දී ඇත.  අද අපි එම මාක්ස්ගේ එම පූර්ව නිගමන අවදියේ ජීවත් වන්නෙමු.
අද වන විට සමාජවාදයේ අවලංගු වීමක් හා ධනවාදයේ ස්ථිරවීමක් හැටියට පෙනී ගිය යුගය වෙනුවට,  අධිරාජ්‍යවාදයේ නව අවධියක්,  ලිබරල් අවධියක්, නව ලිබරල් අවධියක්,  ගෝලීය ක‍්‍රමයක් වශයෙන් තත්ත්වයන් වෙස් ආකාරයකින් අවබෝධ කර ගැනීමට ගන්නා උත්සාහයක් පෙනේ.  මාක්ස් පෙන්වා දුන් පරිදි ධනවාදය ගොඩ නැගූ ජාතිකත්වය,  හා ජාතික රාජ්‍ය” ධනවාදය විසින්ම බිඳ දමන වකවානුවක,  දේශපාලන හා සමාජ ක‍්‍රියාකාරිත්වය අපට උරුමකර තිබේ.  මෙහිදී අපගේ වගකීම වන්නේ විනාශ වෙමින් යන දේ ආරක්ෂා කිරීම නොව ගොඩ නැගෙමින් යන දේ තේරුම් ගැනීම හා එහි දිසානතිය මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් වෙනස් කිරිමය. 
ලෝක තත්ත්වයන් නිරික්ෂණයේදී පෙනී ගියේ අවුරුදු තුන් සීයක පමණ කාලයක් ධනවාදය ගොඩ නැගූ හා ආරක්ෂා කළ ජාතික රාජ්‍යය හා දේශපාලනය අහෝසි කරමින් පවතින බවයි . ධනවාදී ක‍්‍රමයෙන් ජනිත කළ නිෂ්පාදනය,  ප‍්‍රාග්ධනය,  වෙළඳපොළ,  රාජ්‍ය හා සමාජය ධනවාදය විසින්ම විනාශ කරමින් සිටින බවය.  තෝරාගත් භූමිභාගයක සිදු කළ නිෂ්පාදනය” රැස් කළ ප‍්‍රාග්ධනය,  වෙළඳ පොළ,  සිමාවන් රහිත භූමියක නිෂ්පාදන ක‍්‍රමයක් බවට හරවා තිබේ.  විද්‍යාව හා තාක්ෂණය යෙදවීම මගින් වඩ වඩාත් නිෂ්පාදන සමාජ නිෂ්පාදන බවට හරවමින් තිබේ.  විවිධ ජාතික රාජ්‍යවල තෝරාගත් සමාජ කණ්ඩායමක් අතේ පැවති ප‍්‍රාග්ධනය ඒකරාශි කර ගනිමින් ගෝලීය ප‍්‍රාග්ධනයක් බවට පත් කරමින් තිබේ.  එපමණක් නොව ප‍්‍රාග්ධනය රැස්කරන බලවේගය විසින් ප‍්‍රාග්ධනය නිපදවූ - අතිරික්ත වටිනාකම් නිපදවූ කම්කරු පංතිය නිෂ්පාදනයෙන් ඉවත් කරමින් තිබේ. එය ප‍්‍රාග්ධනය නිපදවීමේ මාර්ගය අහෝසි කිරිමකි. ඒවගේම නොකා නොබී ධනපති ව්‍යාපාරිකයන් බවට පත් වූ බොහෝ දෙනෙක් එම ව්‍යවසායකත්ව අයිතියෙන් ඉවත් කරමින් තිබේ.  වෙළඳ පොළ සෑම නිවසකම මැද සාලයක් දක්වා ප‍්‍රසාරණය කරමින් තිබේ.  වෙළඳ පොළ ප‍්‍රාසාරණය කරන කර්මාන්තයන් ලෝකය පුරා ව්‍යාප්ත කර තිබේ.  අද නිපදවන භාණ්ඩයක් සති කීපයක් ඇතුලත පුද්ගලයාට අත්‍යවශ්‍යම භාණ්ඩයක් බවට පත් කරන හා එයම සති කීපයකින් වෙළඳ පොළින් එළියට ඇද දමන නවීකරණය කළ නිෂ්පාදන එකතු කරන කර්මාන්ත බිහිකර තිබේ.  එයින් කලින් නිෂ්පාදකයා අසීරුවට ලක්වේ.  ලෝකයේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරේ කෙරෙන නිෂ්පාදනයක් ආයතනයක් පාලනය කරන්නට පුළුවන.  නොනිදන කර්මාන්ත හා කළමනාකාරිත්වයන් ලොව පුරා ව්‍යාප්ත කර තිබේ. ශ‍්‍රම ගලායාම ප‍්‍රාග්ධනය” ගලායාම වගේම සිදුවේ. ශ‍්‍රමය නීතියානුකූලවත් නැතුවත් ලෝකය පුරා ගලා යමින් පවතී.  මෙම ලෝක වෙනස්වීම සිදුවන්නේ තාක්ෂණයේ හා විද්‍යාවේ වේගවත් වර්ධනය නිෂ්පාදනයට සම්බන්ධවීමත් සමගය.  මෙය ධනවාදයේ ගෝලීය කරණය වශයෙන් හැඳීන්වීමට හැකි වුවත් එය ධනවාදයේම විනාශය ඇති කරන බැවින් එම නිර්වචනය කොතරම්දුරට ගැලපේදැයි කිව නොහැකිය.
ජාතික වශයෙන් ගත්තත් ලෝක මට්ටමින් ගත්තත් අගය කළ යුතු පැති නැතුවා නොවේ.  පළමු වැන්න මුළු පෘථිවි ගෝලයම සම්බන්ධ කරගත් නිෂ්පාදන ක‍්‍රමයක් බිහිවීමය.  තාක්ෂණය හා විද්‍යාව නිෂ්පාදනයේ සමාජයීය වටිනාකම ඉහළ නැංවීමය.  දෙවැන්න ලෝකයේ හුදකලා සමාජ සම්බන්ධතා අහෝසිකර දැමීමය’ බර්ලින් තාප්පය පෙරලීමෙන් සිදුවූයේ එයයි’ තුන්වැන්න තාක්ෂණය හා විද්‍යාව ලෝපුරා ව්‍යාප්ත නොකර මෙම ක‍්‍රමය ඉදිරියට ගෙන යාමට නොහැකි වීමය’ .  අද ලෝකය දෙස නොව තනි රටක් දෙස බැලූවත් ජන සංඛ්‍යාවෙන් විශාල කොටසක් සක‍්‍රීයත්වයට පත් කර ඇති බව පෙනේ. අනෙක් පැත්තෙන් ලෝකයේ හරි අඩක් අන්ත දිළිª භාවයට” මන්ද පෝෂණයට රෝග බියට හා පීඩනයට පත් කර තිබේ.  එය හොඳ දෙයක් නොවේ.  බලය හා ධනය සංකේන්ද්‍රණය කර ගැනීමේ විරුද්ධ පැත්ත ඒකය.
රාජ්‍ය භූමිකාව ඉතාම පටු තැනකට ඇද දමමින් පවතින අතර රාජ්‍ය හා සමාජය අතර ගැටුම් උග‍්‍රවෙමින් පවතී.  එනිසා පාලකයන් බලය සංකේන්ද්‍රය කර ගන්නා තැනට තල්ලූකර තිබේ.  එයින් පෙනී යන්නේ ධනවාදයේම ආරක්ෂාවට පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන අහෝසි කරමින් පවතින බවය.  මෙය එක රටක නොව ලෝකය පුරාම වැඩෙමින් පවතින ප‍්‍රවනතාවක් වී තිබේ.  මීට ප‍්‍රති විරුද්ධව අනෙක් අතට ලෝක සමාජ සබඳතාව ඉතිහාසයේ නොවූ විරූ තැනකට ළංකර තිබේ.  ලෝකයේ කොතනක වුවත් සිදුවන සිදුවීමක් තත්ත්පර කීපයකින් ලෝකයම දැන ගන්නා අතර ලෝක ජනතාව එක පෙළකට පෙළ ගස්වනු පෙනේ. එවැනි පාලකයන් ලෝක ජනතාවගේ විරෝධයට ලක්වේ.
මේ ක‍්‍රමයට යටත් වූ සෑම රාජ්‍යයකටම බලය සංකේන්ද්‍රණය කර ගැනීමට බලකර ඇති අතර ඒ ප‍්‍රමාණයට ධනය සංකේන්ද්‍රණය කරවා ගත හැකිය’ බලයට කෑදර නායකයන්ට හා ධනයට කෑදර අසංවර සමාජයට තාවකාලික උත්තේජනයක් මෙයින් අත්කර දෙනු ලැබේ. එහෙත් එය දිගු කාලයේදී ඔවුන්ටම විනාශය ගෙන එනු මෑත ඉතිහාසය වඩාත් නිවැරදිව ඔප්පු කරමින් තිබේ. ලංකාවේ වුවත් සිවිල් යුද්ධයෙන් ජනතාව අපේක්ෂා කළ කිසිවක් අත්වන බවක් නොපෙනෙන අතර ජනතවා තැනින් තැන සිවිල් යුද්ධයකට යළිත් අවතීර්ණ කරමින් තිබෙන හැටි පෙනේ. බලය තුලනය කර ගැනීමට තිබුණ සෑම ආයතනයක්ම බලය සංකේන්ද්‍රය කර ගන්නා ක‍්‍රියාවලියේදී පොඩිපට්ටම් කළ අතර එහි විපාකයක් වශයෙන් පාලනය කළ නොහැකි ජනතා නැගිටීම් ඉස්මතු වේ. 
මාක්ස් ධනවාදයේ අවධි 3 ක් පෙන්වාදී තිබේ.                                                                                               1. සරළ සහයෝගීතාව                                                                                                                           2.ශ‍්‍රම විභජනය හා භාණ්ඩ තැනීමේ කර්මාන්තය    

3.යන්ත‍්‍ර සූත‍්‍ර හා මහා පරිමානකර්මාන්තය                                                                                                      4.   මාක්ස් සිව්වන අවධිය ගැනත් වඩා ජනප‍්‍රිය නොවූ ‘`මහල්තලය’ ( grundisse)  නම් ග‍්‍රන්ථයේ විස්තර කර තිබේ. ‘ විෂය ගත ශ‍්‍රමය සඳහා ජීවමාන ශ‍්‍රමය හුවමාරු කිරීම - එනම් ප‍්‍රාග්ධනය සහ වැටුප් ශ‍්‍රමය අතර පරස්පර විරෝධතාවේ රූපයෙන් සමාජ ශ‍්‍රමය පිහිටුවීම යනු  වටිනාකම් සම්බන්ධතාවයේද වටිනාකම මත වාරුවන නිෂ්පාදනයේ ද අවසාන වර්ධනයයි’’  ඨරමබාරසිිැ   කියා විස්තර කර තිබේ. අපට පෙනෙන හැටියට මේ අප ඉදිරියේ දිග හැරෙන්නේ මාක්ස් පෙන්වා දුන් ඒ අවසාන යුගයයි.                                          

                                 ලංකාවේ තත්ත්වය
‘නියම නිෂ්පාදකයන් අසන්තකත්වයට පත් කිරිම ඉටු කෙරෙන්නේ දයානුකම්පාවිරහිත විනාශයක් මගින් හා ඉතාමත් අපකීර්තිමත්  ර්‍ණඉතාමත් අධම”ඉතාමත් පහත්” හා ඉතාමත් නීච නින්දිත රුචිකත්වයන්ගේ උත්තේජනය යටතේය. ’ ප‍්‍රාග්ධනය
මෙම ගොලීය ධනවාදයේ විනාශකාරී වර්ධනය අපවැනි රටවලට බලපාන්නේ කෙසේද යන්නත් සලකා බැලීම මෙම සංවාදයේදි සිදුවිය.  ලංකාවේ සමාජ සංවර්ධනය කෙරෙහි අතීතයේ සිටම බාහිර වශයෙන් සිදුවන බලපෑම් ඉතා විශාලය. දකුණු ඉන්දියානු සංස්කෘතික කේන්ද්‍රයේ කොටසක් වශයෙන් පැවති ලංකාව වෙනස් වන්නේ බටහිර යුරෝපීය ආක‍්‍රමණ සමග ඇති වු යටත් විජිත ක‍්‍රමයේ තහවුරු වීමත් සමගය. ඉංග‍්‍රීසි යටත් විජිතයක් බවට පත්වීමත් සමග ඉන්දියාවට වඩා යුරෝපයේ සිදුවන සිදුවීම් මෙරට සමාජයට, ආර්ථිකයට හා දේශපාලනයට බලපෑවේය. නිදහසින් පසුව වුවත් අපට ස්වාධීන වූ පැවැත්මක් නොතිබුණේය. එනිසා එක අතකින් ධනපති ක‍්‍රමය සමග අවිච්චින්න ගැට ගැසීමක් පැවතිණි. 
ලංකාවේ ස්වාභාවික සමාජ සංවර්ධනය වෙනුවට සමාජ සංවර්ධනයේ විකෘති ස්වභාවයක් ගන්නේ මෙම හේතුව නිසාය. යටත් විජිත ආර්ථිකය හා දේශපාලනය යම් ආකාරයකින් සමාජ සංවර්ධනය කෙරෙහි බලපෑ බව ඇත්තය. එහෙත් රදළ වැඩ වසම් ක‍්‍රමය සම්පූර්ණයෙන් බිඳ වැටුණේ නැත’ ධනවාදී සංවර්ධනය සම්පූර්ණයෙන් සිදුවූයේත් නැත’ නමුත් යටත් විජිත බවෙන් නිදහස් වන විට තෝරාගනු ලැබුවේ ධනවාදයේ නිෂ්පාදිතයක් වූ ජාතික රාජ්‍ය ආකෘතියය. මෙම ජාතික රාජ්‍යය තුළ එක අතකින් වැඩ වසම් ක‍්‍රමයේ සාංස්කෘතික ආධිපත්‍යය එසවීමක් කළ අතර අනෙක් අතින් යටත් විජිත ආර්ථිකය ඒ ආකාරයෙන්ම තබා ගැනීමත් කළේය. ලෝක අර්බුදයන් සමග නිරන්තර බැªණු මෙම ජාතික රාජ්‍ය 70 දශකයෙන් පසු අර්බුදයට යාම වැලැක් විය නොහැකි කාරණයක් බවට පත් වූයේය. 77න් පසු මෙයට විසªමක් වශයෙන් යොජනා වන්නේ වෙළඳපොළ රාජ්‍යයක් කරා ගමන් කිරිමය’ 80න් පසු ආරම්භවන ගෝලීය ක‍්‍රමයත් සමග මෙය පහසුවෙන් බද්ධ වූයේය.  මේ ක‍්‍රමයේ කොන්දේසි මොනවාද? එය කලින් ක‍්‍රමයට වඩා වෙනස් වන්නේ කෙසේද?
1978 රාජ්‍ය ව්‍යුහය වෙනස් කිරිම තුළ කැපී පෙනෙන කොන්දේසි හªනා ගැනීමට පුළුවන.  1’ රාජ්‍ය හා සමාජය අතර සම්බන්ධතාව දුරස් කිරිම, (ජනතාවගෙන් දුරස් දේශපාලකයන් නායකයන්) 2’ රාජ්‍ය භූමිකාව පටු වීම,  (යටිතල පහසුකම් ගොඩ නැගීම සංවර්ධනය ලෙස හැරවීම* 3’ වෙළඳ පොළ පාලනයෙන් නිදහස්වීම(ප‍්‍රසාරණයට නිදහස)4’ පෞද්ගලීකරණය,  5’ බලය සංකේන්ද්‍රණය කර ගැනීම එහි ප‍්‍රමුඛ ලක්ෂණයන්ය’ මෙම ක‍්‍රමය තුළ ලාංකික ධනපති පංතියට  කැඳවන ආයෝජකයන්ට,  කැඳවන ප‍්‍රාග්ධනයට හා ගෝලීය තරග කාරිත්වයට මුහුණ දීමක් කරන්නට සිදුවෙයි.  එක්කෝ ඒ අය සමග සම්මිශ‍්‍රණය වීමට සිදුවෙයි. (කැපවීමෙන් ගොඩ නැගූ කර්මාන්තයන් අන්සන්තක කිරීමට සිදුවීම) සමාජයට සමාජ සුරක්ෂිතතාව අහිමි වෙයි. වයස් භේදයකින් තොරව සෑම පුද්ගලයෙකුටම ජීවත්වීම තරගකාරීව කරන්නට සිදුවෙයි. මෙමගින් පැරණි සමාජ සම්බන්ධතා විනාශ වෙයි. එයින් රදළ වැඩ වසම් සම්බන්ධතා පමණක් නොව පැරණි ධනවාදී සම්බන්ධතාද විනාශ වී යයි. ආදි වාසින්ටවත් මේ ක‍්‍රමය තුළ ආරක්ෂා විය නොහැකිය. ඔවුන් එක්කෝ මෙහි වෙළඳ භාණ්ඩ බවට පත්විය යුතුය. නැත්නම් තරගකාරි සමාජයට එක්විය යුතුය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ අහෝසි වී යමින් ජනතාව අඛණ්ඩ පීඩනයකට හා මර්දනයකට ගොදුරු වෙයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සමාජයට ඉතාම සරල ඉල්ලීමකටත් රාජ්‍ය සමග ඍජුව ගැටෙන්නට සිදුවෙයි. නැත්නම් බලයට  හා භාණ්ඩ දේපොළ ආදියට පරාරෝපිත වීමට බලකරයි.  ඒ අතර පීඩනය පිට කිරිම පීඩනය අඩුම දිසාවට එල්ල කරයි. ඒ නිසා ඇති වන ගෘහ ප‍්‍රචණ්ඩත්වය” ලිංගික ප‍්‍රචණ්ඩත්වය” මත්ද්‍රව්‍ය ප‍්‍රචණ්ඩත්වය අපරාධ වේගයෙන් සමාජ ගත වෙයි.
රාජ්‍ය සමාජයෙන් දුරස් බැවින් සමාජයේ ඉල්ලීම් අවධාරණය නොවන අතර රාජ්‍ය හා සමාජය අතර නිරන්තර ගැටුම් ප‍්‍රකාශයට පත් වෙයි. සමාජය විසින් වැදගත්කොට නොසැලකූ හා සමාජය විසින් එතෙක් ප‍්‍රතික්ෂේප කරමින් සිටි  කණ්ඩායම් දේශපාලන බලයට හා සංස්කෘතික බලයට පත් වෙයි. පැරණි සමාජ සම්බන්ධතා හා බැªණු දේශපාලනයද විනාශ වීයයි. එනිසා බලයෙන් ඇද වැටෙන බලවේග බලය රැුක ගැනීම සඳහා ජාතිවාදී” ආගම්වාදී, කුලවාදී හා දේශපේ‍්‍රමී ආදී වූ පහසු මං ඔස්සේ බලය රැුක ගැනීමට උත්සාහ ගනී.
රාජ්‍යයට බලය සංකේන්ද්‍රණය කර ගැනීම නොකඩවාම කරන්නට සිදුවන අතර තනි පුද්ගලයෙකු අතට සංකේන්ද්‍රණය වන  බලය දේශ සීමාවෙන් පිටට හා පහළට ප‍්‍රසාරණය කිරිම මගින් එම බලය රැුක ගැනීමට සිදු වෙයි. ඒ නිසා එක පැත්තකින් ඔවුන් ලෝකයටම අභියෝග කරන පාලකයන් ලෙස පෙනී යන අතර හා එහි හවුල් කරුවන් තුළද එම බලය අන්තර් ගත වීමක් දක්නට ලැබෙයි. අද ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් සභාපතිවරුන් පවා තමන්ගේ අභිමතය පරිදි ක‍්‍රියා කරන ආකාරය ප‍්‍රවෘත්ති බවට පත්වෙමින් යයි. අනෙක් අතට සාංස්කෘතික බලය හිමිව සිට එය ගිලිහී යමින් පවතින බලවේග ජාතිවාදය ආගම්වාදය දේශපේ‍්‍රමය හරහා බිඳ වැටුණ බලය අත්කර ගන්නට ප‍්‍රයත්න දරයි. එක පැත්තකින් ධනවාදය වැඩ වසම්” පූර්ව ධනවාදී” යටත්විජිතවාදී” ගෝත‍්‍රවාදී,  ආදිවාසී සෑම සාංස්කෘතික,  සමාජ දේශපාලන සම්බන්ධතාවක්ම අහෝසි කරමින් යන අතර ජාතික රාජ්‍ය තූල පැවති සමාජ හුදකලා බව අහෝසිකරමින් හා නිෂ්පාදනයේ වේගවත් බව වැඩිකරමින් ගමන් කරයි. ඒ අනුව නව සමාජ සම්බන්ධතා” නව දේශපාලන සම්බන්ධතා” ගෝලිය මට්ටමින් ව්‍යාප්ත කරමින් පවතී’ මෙය ඉදිරි පිම්මක් වන අතර පාලකයන් භීතියට පත් කරන කාරණයක්ද වෙයි.
අභ්‍යන්තර වශයෙන් සමාජය දැඩි පීඩනයකට පත්වන අතර රාජ්‍ය පාලනය හා ආර්ථිකය මෙහෙය වීම බාහිර අතකින් (අපිකේන්ද්‍ර‍්‍රය) සිදුවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන නාම මාත‍්‍ර තත්ත්වයට පත්කර ඇති නිසා වතුර පොදක් පිළිබඳ ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් වුවත් රාජ්‍ය සමග ගැටීමට සිදුව තිබේ. මෙවැනි සිද්ධි අඛණ්ඩව දිගින් දිගටම වර්ධනය වීමට නියමිත වන අතර පවත්නා සෑම දේශපාලන ධාරාවක්ම (වම දකුණු)අවලංගු වෙමින් යයි. එනිසා නව දේශපාලන රටාවක් නව ආකෘතියක් නව අරගල ක‍්‍රමයක් ගොඩ නැගීමට බලකෙරෙන අතර එය පීඩනයට පත් සමාජය අවදිකරන වැඩ පිළිවෙළකින් පටන් ගැනීමටද බල කරයි. 

  සමාජවාදී රාජ්‍ය බිඳවැටීම හා නව සමාජවාදී අවදියකට කොන්දේසි                                                                                         
                                 
‘ලෝකය අවබෝධකර ගත යුත්තේ නිමවා අවසන් කළ ද්‍රව්‍යන්ගේ සංකීර්ණයක් ලෙස නොව අපගේ සිත් තුළ වන ද්‍රව්‍ය ප‍්‍රතිරූපක එනම් සංකල්ප තරම්ම ස්ථායී ද්‍රව්‍ය ඇතුළත් කොටගත් සේ පෙනෙන” ඇති වීමේ හා නැතිවීමේ නොනවතින වෙනස් වීමක් මගින් යන ක‍්‍රියාදාම සංකීර්ණයක් ලෙසටය. ’ එංගල්ස්
සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමග සමාජවාදය පිළිබඳ අවධානය අඩුවීමක් හා පසු බැසීමක් සිදුවුවද යුරෝපය පුරා යළිත් අර්බුද පැන නැගීමත් සමග ධනවාදයට තිබුණ ආකර්ෂණය ගෙවී යමින් පවතී. මාක්ස්වාදය පිළිබඳව වාමාංශික බුද්ධිමතුන්ටත් වඩා ධනේශ්වර බුද්ධිමතුන් ඒ ගැන උනන්දුවක් දක්වන්නට පටන් ගෙන ඇත. කෙසේ නමුත් සෝවියට් දේශයේ බිඳ වැටීම ලෝකයේම වාම බලවේග දුර්වල කළ බැවින් හා තවමත් අප රටේ ඒ පිළිබඳව පැහැදිලි අවදිවීමක් නැති බැවින් අප ඒ පිළිබඳවද සැලකිල්ල යොමු කළෙමු.
සමාජවාදී රාජ්‍ය පද්ධතියේ බිඳ වැටීම දැනෙන ලෙස ප‍්‍රකාශයට පත් වූයේ බර්ලින් තාප්පයේ බිඳ වැටීමත් සමගය. ඇත්ත වශයෙන්ම එය ලෝකයේ ජාතික රාජ්‍ය වටා බැඳ තිබුණ සියළු තාප්ප බිඳ දැමීමේ පැහැදිලි ප‍්‍රකාශනයක් විය. නැගෙනහිර බර්ලිනයේ තාප්පය පමණක් නොව නැගෙනහිර ජර්මනියේ තාප්පයත් ඉන් බිඳ වැටිණ. ධනවාදය මෙන්ම සමාජයවාදය පැවතුනේත් ජාතික රාජ්‍ය නම් තාප්පයෙන් වට කරගෙනය. මේ ජාතික රාජ්‍ය ඇතුලේ නිෂ්පාදනය වේගවත් කරන විද්‍යාව හා තාක්ෂණය සමග පොර බැදීමක් පැවති බව රහසක් නොවේ. මහ බලවතුන්ගේ තරගය වශයෙන් පැවතුනේ මෙම ලක්ෂණයයි. විද්‍යාව තාක්ෂණය නිෂ්පාදනය සමග බද්ධවීමත් සමග නිෂ්පාදනයේ වේගවත් සංවර්ධනයක් මතුවිය. 70 දශකය ධනවාදී රටවල පමණක් නොව සමාජවාදී රටවල්කරාද අර්බුද ගෙන ආවේය. ඒ අර්බුදවලින් පෙනී ගියේ නිෂ්පාදනයේ වේගවත් කම මගින් කරුණු තුනක් කරා ඒ රටවල් පෙළඹවූ බවයි. එකක් ප‍්‍රාග්ධනය සංකේන්ද්‍රණය කරගැනීම කෙරෙහිය. අනෙක නිෂ්පාදනය ජාතික සීමාවන් ඉක්මවන්ට කරන බල කිරීමය. තුන් වෙනුව ප‍්‍රාග්ධනය කිසියම් කෙළවරක සංකේන්ද්‍රණය වන විට එහි අනෙක් කෙළවරේ දිළිªකම හා සියළු අගතීන් සංකේන්ද්‍රණය වීමය. 70 දශකය වන විට ධනවාදී සමාජවාදී පද්ධති දෙකම මෙම කොන්දේසි වලට අවනත නොවී සිටිය නොහැකි තැනට පැමිණ තිබිණ. එය සමාජවාදයේ බිඳ වැටීමක් වශයෙන් ප‍්‍රචාරය වුවත් ඇත්ත වශයෙන් සිදු වූයේ එම ආකෘති දෙකම අභාවයට නියම වීමය.
අපට මෙන්ම ලෝකයේ බොහෝ රටවල වාම ව්‍යාපාර වලට හා විමුක්ති ව්‍යාපාරවලට පමණක් නොව ධනවාදී රටවලටත් තේරුම් ගත නොහැකි කාරණයක් වූයේ මේ සංසිද්ධියය. ඇත්ත වශයෙන්ම අප මාක්ස්වාදී ඉගැන්වීම් වලින් පිට පැන සිටියෙමු. අපි සමාජවාදී රාජ්‍ය මෙන්ම ජාතික රාජ්‍යයත් ස්ථායී සංකල්පයක් කරගෙන සිටි අය වෙමු. ස්ටාලින් වාදයෙන් බැහැරව සිටි ට්‍රොස්කිවාදින් පවා රුසියාවේ දැක්කේ නිලධරවාදී යාන්ත‍්‍රණයක් පමණි. එහි නිෂ්පාදනයේ ඇතිවන වෙනස්කම් කෙරෙහි අවධානය නොකෙරුණි. 
අද ලෝකයේම සමාජවාදී වුවත් ධනවාදී වුවත් ජාතික රාජ්‍ය අහෝසි කරනු ලබන ලෝකයක් ඉදිකරමින් පවතී. බැලූබැල්මට මහා විනාශයක් අප ඉදිරියේ දකින්නට ලැබුණත් හරයාත්මක වශයෙන් සමාජයේ පැවති පැරණි හුදකලා බව අහෝසිවීම වැදගත් සාධකයකි. අනෙක් සාධකය නිෂ්පාදනය සමාජ නිෂ්පාදනයක් වශයෙන් මුළු ලෝකයම පුරා ප‍්‍රකාශයට පත්වීමය.  ප‍්‍රාග්ධනය ගලායාමක් වශයෙන් වුවත් ආයෝජකයන් ගලායාමක් වශයෙන් වුවත් ඒ ඇදී එන්නේ නුපුහුණු ලාභ ශ‍්‍රමය සොයාගෙනය. ඔවුන් අවසන් වන්නේ පුහුණු ශ‍්‍රමිකයන් වශයෙනි. ප‍්‍රාග්ධනය කළේ පුහුණු ශ‍්‍රමිකයන් අත්හැර දැමීමය.  ඒ ප‍්‍රාග්ධනයේ ප‍්‍රතිවිරෝධයයි’ එමගින් ප‍්‍රාග්ධනය නිමැවුමේ අවසානයට ළං කරයි.
අද ධනවාදී හෝ සමාජවාදී හෝ රාජ්‍ය පද්ධතියක් ඉතුරු නොවන තැනට පත්වනවා පමණක් නොව ලෝකය ම නැවත අළුත් පෙළ ගැස්මකට කැස කවයි. එම අළුත් රාමුව නැත්නම් ආකෘතිය කුමක්ද කියා තවමත් පැහැදිලි නැතත් එය ගෝලීය එකක් වනවා නොවැලැක්විය හැකිය’ සමාජයීය නිෂ්පාදනය ඉහළ යාමත්,  ගෝලීය හුදකලා බව අහෝසිවීමත් එයට දැනටමත් කොන්දේසි සපයා ඇත. අනෙක ප‍්‍රාග්ධනයේ වැඞීමේ සීමාවට තව කොපමණ කල් තිබේද යන්න තක්සේරු කිරිමට සමත් වුවහොත් එහි නිමාව කිව හැකිය. මේ පාර කැපෙන්නේ සමාජවාදයේ නව අවදියකට බව ඉහත කී කොන්දේසි සාක්ෂි දරයි.
                                       සමාජය නැවත පෙළ ගැස්වීමට මාවතක්
ජාතික මෙන්ම ලෝක තත්ත්වයන්ද විශ්ලේෂණය කිරීමෙන් පෙනී ගියේ ලෝකයම පොදු කොන්දේසි සමූහයක් ඉදිරියේ පවතින බවයි. ජාතික රාජ්‍ය රාමුව අහෝසිවී යාම නිසා සමාජ ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියක් සඳහා කළ හැකි අරගලයක් ගැන සිතන්නට පුළුවන් කමක් නැත’ එනිසා කම්කරු පංතියේ කේවේල් කිරීමේ ශක්තිය හීනවී ඇත. එසේ කිරිමට නම් ධනපති පංතියේ ඉම ජාතික රාජ්‍ය සිමාව විය යුතුය. ජනතාවට සවන් දෙන,  ජනතාවගේ බලපෑමට යටත් වන,  ජනතාවට ආසන්නව සිටින දේශපාලන නායකත්වයක් පැවතීමේ කොන්දේසියත් ජාතික රාජ්‍ය අහෝසිවීමත් සමග අහෝසි වී ඇත’ නව ව්‍යවස්ථාවෙන් පනවා ඇති කොන් දේසි නොතකාම ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියකට තබා අල්ප ඉල්ලීමක්ටත් රාජ්‍ය සමග ගැටෙන්නට සිදුවී තිබීම එහි ප‍්‍රතිඵලයකි. දෙවනුව සමාජය දශක 3 කට වැඩිකාලයක් මර්දනයකට හා සිවිල් යුද්ධයකට කොටුකර තිබීමේ හේතුවෙන් සමාජය බලයට පරාරෝපිතව සිටීම නිසා මතුවන ගැටළුද සැලකිල්ලට ගත යුතුය. ඒවගේම වෙළඳ පොළ ප‍්‍රසාරණය කරවීම සඳහා ගොඩ නගා ඇති කර්මාන්තය හරහා කරන්නේ සමාජය භාණ්ඩ හා දේපොළ වලටත් පරාරෝපිත කරවීමය. දේපොලවලට හෝ බලයට පරාරොපිත වු සමාජයක් සමාජ කර්තව්‍යක් වෙනුවෙන් අවදි කර ගැනීම පහසු කරුණක් නොවේ. පරාරොපිත සමාජයක අනෙක් ලක්ෂණය වන්නේ දේශපාලනය හා වෘත්තීය සමිති හා සිවිල් සමාජ සංවිධාන දුර්වල තත්ත්වයකට ඇද හැලීමය. මාධ්‍ය මුළු මනින්ම සේවය කරන්නේ බලයට යටත්වය. මෙවැනි තත්ත්වයක් යටතේ සම්ප‍්‍රදායික දේශපාලන රාමුවක් යටතේ සංවිධාන ගොඩ නගා ගැනීමෙන් ප‍්‍රයෝජනවත් කිසිවක් කරන්නට බැරිය. එසේ කළ හැකි නම් දැන් පවත්නා සංවිධාන එය ඉටු කරනු ඇත. 
අද පළමුව කළ යුතුව ඇත්තේ සමාජය පරාරෝපිත බවෙන් නිදහස් කර ගැනීමේ කර්තව්‍යයයි. ඒ සඳහා මතවාදී අරගලය මෙන්ම සමාජ ක‍්‍රියාකාරිත්වයද අවශ්‍යය. එය සමාජ පංති පදනම්ව කළ හැකි දෙයක් නොවේ. සමාජය පිහිටුවීම නොකර රාජ්‍ය සමග ගැටීම පලවත් කාර්යයක් නොවේ. සමාජය පිහිටුවීම කළ හැක්කේ සිවිල් සමාජ ක‍්‍රියාවලියකින් මිස හුදු දේශපාලන කි‍්‍රයාවලියකින් නොවේ. එක අතකින් වෙළඳ පොළ ප‍්‍රසාරණ කි‍්‍රයාවලිය සමග ද අනෙක් අතින් යටිතල සංවර්ධන ක‍්‍රියාවලිය සමගද ගැටෙන්නට සිදුවේ.  සමාජය ක‍්‍රියාකාරිත්වයට නැංවිය හැකි අවස්ථා සැලකිල්ලට ගෙන ඒ සමාජ කණ්ඩායම් දැනුවත් කිරිම හා සංවිධාන ගත කිරිම අවශ්‍යය. ජන ජීවිතයේ ගැටළු හා සම්බන්ධවෙමින් එය ඉදිරියට ගත යුතුය’ දැනටමත් කල්තියා තීරණය කළ නොහැකි සමාජ අවදිවීම් හා රාජ්‍ය සමග ගැටීම් දිගින් දිගටම ඉස්මතුව එන හැටි පෙනේ. එම අවදිවන සමාජයත්, එය දකින සමාජයත් නොතේරුම් ගන්නා මූලික දෙය නම් මෙය ක‍්‍රමය තුළ පැන නගින නොවැලැක්විහැකි දෙයක් බවය.   ඒපිළිබඳව පුළුල් කතිකාවක් ඇති කිරීම අවශ්‍යය. දේශපාලන තේරුම් කිරීමකින් තොරව මෙවැනි දේ සිදුවන විට එය අවස්ථාවාදයට වාසි සහගත වේ’ එය ජනතාවගේ නැගිටීම් ආපස්සට හරවන මාර්ගය වේ. 
නව සංදර්භයේ පවතින කොන්දේසි යටතේ ඒ කොන්දේසි අහෝසි කිරීමට නම් ජනතා ක‍්‍රියාකාරිත්වයක් ගොඩ නැගීම අවශ්‍ය වේ. අද අපට ලෝක පෙළ ගැසිමකින් තොරව විප්ලවවාදී ව්‍යාපාරයක් ගැන සිතන්නට නුපුළුවන. එහිදී කිනම් රටවල් ඉදිරි පියවර තබන්නේද යන්න නිශ්චය කිරීමට තරම් ප‍්‍රමාණවත් දත්ත තොරතුරු අපට නැත. හැම අතින්ම අපගේ පෙරටු කර්තව්‍ය විය යුත්තේ සමාජ පෙළ ගැසීමකට අවශ්‍ය දේශපාලන තේරුම් කිරිමකට බැසීමය. ජනතාව පරාරොපිත බවෙන් නිදහස් කර ගන්නා සමාජ ක‍්‍රියාකාරත්වයකට ගැනීමය. ඒ සඳහා අවශ්‍ය සමාජ සංවිධානයකට බැසීමය. එනිසා අප මේ යුගයේ අවදිවන්නා වූ ජනතාවගේ අරගලයන් හුදකලා නොකරන හා ඒකාබද්ධ කරන පුළුල් සමාජ ව්‍යාපාරයක අවශ්‍යතාව දකිමු.


Friday, August 2, 2013

පෙසප නටන්න . එහෙත් පය පැටලෙන්න දෙන්න එපා


ජුලි දාහතර වෙනිදා චමීර කොස්වත්ත සහෝදරයා ජනරළට ලියා තිබූ පෙරටුගාමී පක්ෂයට මොකද වෙන්නේ ලිපිය කියවීමු. එදා ජවිපෙන් ඔවුන් කැඞී වෙන්වුණ වෙලාවෙ ජවිපෙහි අති විප්ලවවාදයෙන්, ජාතිවාදයෙන්, සභාග දේශපාලනයෙන් මිදුන නව විප්ලවීය ව්‍යාපාරයක් ගැන බලාපොරොත්තු ඇතිවීමෙන් අප ලැබුවේ නොවක් සතුටකි. මේ වනවිට පෙසපක්ෂය තුළ මතුවී ඇති අර්බූද ගැන දේශපාලන ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්ව ඇති නිසාම  එහි  දේශපාලන මණ්ඩල සභිකයෙක්  බොල්ෂෙවික්වාදය අනුව යමින් පක්ෂ අභ්‍යන්තර දෘෂ්ටිවාදීමය හා ප‍්‍රතිපත්තිමය ගැටළු ප‍්‍රසිද්ධ තලයක සාකච්ඡාකරමින් නව විප්ලවීය සංස්කෘතියක් හඳුන්වා දෙන්නට යන බවක් පෙන්නුම් කළ ලිපියේ මාතෘකාව දුටු මොහොතේ ද ඇතිවුනේ එවන් සතුටකි. ඒ නිසා ම න්‍යායාත්මකවත් ගැඹුරිනුත් කරුණු සාකච්ඡා කිරීමට ඉන් අඩුම තරමේ  ප‍්‍රවේශයකවත් ගෙන ඇතැයි  සිතා  ලිපිය  වැඩි අවධානයෙන් කියවීමු. මැතිවරණ පරාජයන්ගෙන් පසුව ඊට බලපෑ නියම සත්‍ය කරුණු ගැන විශ්ලේෂණයකට නොයා  තම හිතවතුන්ගේ මොරාල් එක රැුක ගන්න ඔරුව පෙරලූන අත හොඳයි කියන්න ආටෝපවත් වචන ගොන්නක්  පෙළ ගැස්වීමට පුරුදුව සිටි ජවිපෙ පරිද්දෙන්ම  සුපුරුදු ඒ වාගාඩම්බරය හැර පෙසපයට මොකද වෙන්නෙ කියා හඳුනාගැනීමට තරම් කිසිදු කරුණක් හෝ ඒ සඳහා ප‍්‍රවේශයක්වත් චමීර කොස්වත්ත සහෝදරයාගේ ලිපියෙහි දක්නටන තිබුණේ නැත. ඒත් ලිපිය අවසානයේ ‘පක්ෂයක දුර්වලකම දක්වන බලවත්ම සාක්ෂිය එහි ලිහී විසිරුණු ස්වභාවය හා පැහැදිලි සීමා සටහන් දුර්වර්ණ වීමයි ’කියන ලෙනින්ගේ උදෘතයක් ගෙනහැර දැක්වීමෙන් අර්බූදයේ හරය ගැන ඇ`ගවුමක් ලබාගත හැකි ය. එවැනි උදෘතයක් හෝ යෙදීමට  පෙළඹීමෙන්  පුරුද්දේ බලයට වඩා චමීර සහෝදරයාගේ  විප්ලවීය හෘදය සාක්ෂිය පෙරට පැමිණීම ගැන අපි සතුටුවෙමු. 

Thursday, June 27, 2013

ජාතික ප්‍රශ්ණය සම්බන්ධායන් සම්පිණ්ඩනාත්මක සටහනක් -2

ලෙනින් ස්වයං තීරණයට ඇති ජාතීන්ගේ අයිතිය පිළිබඳ මාක්ස්වාදී ප‍්‍රවේශය පෙන්වා දෙන්නේ මෙසේ ය.
”ස්වයං තීරණයට ඇති ජාතීන්ගේ අයිතිය යන්නෙන් ඒකාන්තයෙන්ම දේශපාලන අර්ථයකින් ස්වාධීනත්වයට ඇති අයිතිය, පීඩක ජාතියෙන් දේශපාලන වශයෙන් වෙන් වීමේ අයිතිය අදහස් කරයි. සංයුක්තව මෙම දේශපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම වෙන් වීමට පක්ෂව උද්ඝෝෂණ ගෙන යාමට සම්පූර්ණ නිදහස හා වෙන් වීම පිළිබඳ ප‍්‍රශ්නය වෙන් වීම අවශ්‍ය කරන ජනතාවගේ ජනමත විචාරණයක් මාර්ගයෙන් විසඳා ගැනීමට ඇති නිදහස අදහස් කරයි. ආනුෂාංගිකව මෙම ඉල්ලීම කිසිදු ආකාරයකින් වෙන් වීම සඳහා, කුඩා රාජ්‍යයන් සකස් කිරීම සඳහා වන ඉල්ලීම සමග අනන්‍ය නොවේ. එය හුදෙක්  ඕනෑම ආකාරයක ජාතික පීඩනයකට එරෙහි අරගලයේ තාර්කික ප‍්‍රකාශනය ය.” (ක්‍Critical Remarks on National Question – 168   පිටුව)
 තවදුරටත්,

ජාතික ප‍්‍රශ්නය පිළිබඳ සම්පිණ්ඩනාත්මක සටහනක්



ශ‍්‍රී ලංකාව සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් හා මැලේ ආදී ජාතීන් හෝ  ජාතිකත්වයන් හා ජන වාර්ගික සමූහන්ගෙන් යුත් බහු ජාතික රටකි. ලංකාවේ සිංහල සහ දමිළ ප‍්‍රජාවන් ජාතීන් හෝ ජාතිකත්වයන් බවට විකාශනය වූයේ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ දිවයිනේ ජීවත් වූ ද දිවයිනට සංක‍්‍රමණය වූ ද ප‍්‍රජාවන් කාලාන්තරයක් තිස්සේ භූමි ප‍්‍රාදේශික හා සංස්කෘතික වශයෙන් විවිධ පරිණාමන්යට භාජනය වෙමිනි. කාලයක් මුළුල්ලේ වරෙක එක්ව ද වරෙක වෙන් වෙන්ව ද සිටි මෙම ප‍්‍රජාවන්් දෙක ඒකීය රාජ්‍ය ව්‍යුහයක් තුළට අවසාන වශයෙන් ගොනු කරන ලද්දේ 1815 මුළු දිවයිනම යටත් කර ගනු ලැබූ බි‍්‍රතාන්‍ය යටත් විජිතවාදීන් විසින් ඔවුන්ගේ ම උවමනාවන් ඉටුකර ගැනීම උදෙසා බලහත්කාරයෙනි. මේ අනුව  ලාංකීය  ජාතික රාජ්‍යය ඒකීය රාජ්‍යයක් වශයෙන් විකාශනය වන්නේ ඓතිහාසික වශයෙන් ප‍්‍රචණ්ඩ හෝ සාමකාමී අභ්‍යන්තර සමාජ විකාශයක ප‍්‍රතිඵලයක් වශයෙන්  නොව බි‍්‍රතාන්‍ය යටත් විජිතවාදීන් විසින් රෝපණය කරන ලද්දක් වශයෙන් හා පසුව  සිංහල ධනපති පංතිකයන්ගේ අභිලාෂයන්ට ප‍්‍රමුඛත්වය දෙමින් බි‍්‍රතාන්‍ය පාලකයන් විසින් පවරා දෙනු ලැබූ  විකෘතිමය ධනේශ්වර රාජ්‍යයක් වශයෙනි. ඊනියා නිදහසින් පසුව සිදු වූයේ ලංකාව සිංහල, දමිළ හා මුස්ලිම් ආදී වශයෙන් වන ජාතික ප‍්‍රජාවන්ගෙන් යුත් බහු ජාතික රටක්ය යන යථාවට පිටු පාමින් සියලූ ජාතික හා ජන කොටස්වල සමාන අයිතීන් සහතික කරන සැබෑ එක්සත් රාජ්‍යයක් නිර්මාණය කරනු වෙනුවට සිංහල ජාතික ආධිපත්‍යය (සැබවින්ම සිංහල ධනපති පංතික ආධිපත්‍යය) තහවුරු කරන සිංහල ජාතික රාජ්‍යයක් නිර්මාණය කිරීම කරා පියවරෙන් පියවර ගමන් කිරීම ය. එමගින් දමිළ  ජාතියට හෝ ජාතිකත්වයට ලාංකීය රාජ්‍යය තුළ සමානත්වයේ හා සහෝදරත්වයේ  පදනමින්  ගරුත්වයෙන් හා අභිමානයෙන් යුතුව  එහි කොටස්කරුවන් වෙමින් ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ජීවිතය බුක්ති විඳීමට ඇති අයිතිය  අහිමි කළා පමණක් නොව පොදු ප‍්‍රජාතන්ත‍්‍රීය පදනම මත ලාංකීය ජාතියක හා ජාතික රාජ්‍යයක පාර්ශවකරුවන් වීමේ මාවත ද අහුරා දමා ඇත. එහි මුල් එක්තරා දුරකට ඊනියා නිදහසට පෙර යුගයට ද දිවෙන බව ඇත්ත නමුත් දමිළ ජාතික ව්‍යාපාරය සැබවින්ම ආරම්භ වන්නේ නිදහසෙන් පසු මෙම වෙනස් කොට සැලකීමට එරෙහි ප‍්‍රතිචාරයක් වශයෙනි. මුල දී ව්‍යවස්ථාදායකය තුළ ද ඒ හා සමග ඉන් පිටත ද පොදු සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක් වශයෙන් ඇරඹුණු එම ව්‍යාපාරය දිගින් දිගටම සිංහල ස්වෝත්තමවාදී ආණ්ඩු අනුගමනය කළ මුරණ්ඩ ප‍්‍රතිපත්ති හේතුවෙන් සම්ප‍්‍රදායික හා සාමකාමී අරගල විධීන්ගෙන් බැහැර බිහිසුණු  ප‍්‍රචණ්ඩ මාවතකට අවතීර්ණ විය. රාජපක්ෂ හෙජමනික බලය විසින් එම අරගලය ගෝලීය හා කලාපීය බලවතුන්ගේ ද ආධාරය ලද යුදමය ක‍්‍රියාමාර්ගයකින් පරාජය කරනු ලැබුව ද එයින් දමිළ ජාතික ව්‍යාපාරය හෝ එහි උවමනාවන් යටපත්කර දැමීමට හැකිවී නැත. ඒ වෙනුවට පශ්චාත් යුද කාලපරිච්ඡේදය තුළ එම ජනතාවට මුහුණ දීමට බල කරනු ලැබ ඇති තත්ත්වයන් විසින් දමිළ ජාතික ගැටළුව පෙරටත් වඩා බරපතල ජාතික අර්බූදයක් නිර්මාණය කරන තත්ත්වයක් කරා වර්ධනය වීම අනිවාර්ය කෙරී  ඇත.
 
දමිළ ජාතික ගැටළුවට වත්මන් තත්ත්වය යටතේ දමිළ ජනයාට අවම වශයෙන් හෝ පිළිගත හැකි සාධාරණ විසඳුමක් සැපයීම සිදු නොකරන්නේ නම් එය එක් අතකින් ලංකාවේ සමාජ සංවර්ධනයට ද අනෙක් අතින් නිර්ධනීන් ප‍්‍රමුඛ පීඩිත පංති ව්‍යාපාරයේ සංවර්ධනයට ද තියුණු ලෙස බාධා කරනු ඇත. එක් අතකට එම ප‍්‍රශ්නය ධනේශ්වර සංවර්ධනයටමත් අවශ්‍ය කරන ආර්ථික, දේශපාලන හා සමාජ ජීවිතයේ සාපේක්ෂ ප‍්‍රජාතන්තී‍්‍රයකරණයට පවා ප‍්‍රතිවිරෝධීව කි‍්‍රයා කරන අතර ලංකාව ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී වීමටවත් ඉඩ නොදෙයි. අනෙක් අතට පසුගාමී ධනපති පංතික පාලකයින් ද අනෙකුත් පටු ජාතිකවාදී බලවේග ද එම ප‍්‍රශ්නය දඩ මීමා කර ගනිමින් සියළු ජාතීන්ට අයත් පීඩිත පංතිකයින් අතර පටු ජාතිකවාදය, වර්ගවාදය හා ආගම්වාදය අවුලූවාලමින්, ජාතීන් වශයෙන්  එකිනෙකා කෙරෙහි වෛරය හා  සතුරුතාවය වර්ධනය කරවමින් පීඩිත පංතීන් අතර එක්සත්භාවය ගොඩ නැගීමට අවහිර කරයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජවාදය යන දෙකරුණෙහි දී ම ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් නිවැරදි මාක්ස්ලෙනින්වාදී ආස්ථානයක හා ප‍්‍රතිපත්තියක පිහිටීම අත්‍යාවශ්‍ය වන්නේ මේ නිසා ය. 


ජාතික ගැටළුව සම්බන්ධයෙන් නිවැරදි ප‍්‍රතිපත්තිමය ප‍්‍රවේශයකට හා විසඳුමක් සඳහා වන වැඩ පිළිවෙලකට එළඹිය  හැක්කේ  ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය පිළිගැනීමේ පදනම මත පමණකි.


ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය පිළිගැනීමෙන් තොරව ජාතික ගැටළුව සම්බන්ධයෙන් නිවැරදි ප‍්‍රතිපත්තිමය ප‍්‍රවේශයකට හා විසඳුමක් සඳහා වන වැඩ පිළිවෙලකට එළඹිය නොහැකි බව ද මෙම ප‍්‍රතිපත්තිය පුළුල් අර්ථයෙන් තේරුම් ගැනීම අද අත්‍යාවශ්‍ය කරුණක් බව ද අපි කියා සිටිමු.   අධිරාජ්‍යවාදී බලවතුන් හෝ බලගතු ජාතීන් හෝ රටක මහ ජාතිය හෝ විසින් වෙනත් ජාතියක් හෝ ජාතීන් නැතහොත් ජාතිකත්වයක් හෝ ජාතිකත්වයන් පෑගීමට, පීඩනයට, මර්දනයට හා වෙනස් කොට සැලකීම්වලට භාජනය කරනු ලබන විට ඒ තන්හි ජාතික ගැටළුව පැන නගී. එවිට එසේ පෑගීමට, පීඩනයට, මර්දනයට හා වෙනස් කොට සැලකීම්වලට භාජනය කෙරෙන ජාතියකට හෝ ජාතීන්ට නැතහොත් ජාතිකත්වයකට හෝ ජාතිකත්වයන්ට එකී භාවිතයන්ට එරෙහිව නිදහස හා විමුක්තිය පතා සටන් වැදීමට සිදුවේ. එය ඔවුන් සතු අනුල්ලංඝනීය අයිතියකි. මේ අයිතිය අන් කිසිවක් නොව ස්වයං තීරණය සඳහා ඔවුන්ට ඇති අයිතිය යි. පීඩිත ජාතීන්ට හෝ ජාතිකත්වයන්ට ඇති මේ අයිතිය ප‍්‍රතික්ෂේප කරන්නේ නම් ජාතීන් හෝ ජාතිකත්වයන් පෑගීමට, පීඩනයට, මර්දනයට හා වෙනස් කොට සැලකීම්වලට භාජනය කිරීමට විරුද්ධ වන්නේ යයි කීම මහා වංචාවකි.

අනෙක් අතට රටක මහ ජාතිය විසින් (ඇත්ත වශයෙන්ම මහ ජාතියේ පාලකයන් විසින්) අනෙකුත් ජාතීන් හෝ ජාතිකත්වයන් පෑගීමට, පීඩනයට, මර්දනයට හා වෙනස් කොට සැලකීම්වලට භාජනය කරනු ලබන විට එම රටේ ජාතීන් අතර විශේෂයෙන් පීඩිත පංතීන් අතර සමගියක් ගොඩ නැගීම අපහසු කරයි. පීඩක ජාතියේ නිර්ධනීන් ප‍්‍රමුඛ පීඩිතයෝ පීඩිත ජාතිය හෝ ජාතිකත්වයන් පෙළීමේ පාලක පංති ප‍්‍රතිපත්තියේ දී පාලකයන් සමග එක්සත් වීමේ නැමියාවක් දක්වනවා පමණක් නොව ඇතැම් තත්ත්වයන් තුළ දී  තමන්ගේ ධනපති පාලකයන් වෙනුවෙන් සටන් වැදීමට පවා අනලස් වෙති. එමගින් පීඩිත ජාතියේ හෝ ජාතිකත්වයන්ගේ  වහල්භාවය චිරස්ථායි කරන්නට දායක වෙති. මෙම තත්ත්වය පවතින තාක් ජාතීන් අතර, පීඩිත පංතීන් අතර සමගියක් පිළිබඳ අපේක්ෂා මායාවක් පමණක්ම වනු ඇත. ජාතීන් අතර මෙන්ම පීඩිත පංතීන් අතර ද සමගියක් ඇති වෙන්නට නම් ජාතීන් සම්බන්ධ පීඩක පංතීන්ගේ ප‍්‍රතිපත්තියෙන් කැඞී වෙන්වීම පමණක් නොව පෑගීමට, පීඩනයට, මර්දනයට හා වෙනස් කොට සැලකීම්වලට භාජනය කිරීමට විරුද්ධව පීඩිත ජාතිය හෝ ජාතිකත්වයන් ගෙන යන අරගලය සමග බද්ධ වීම ද අවශ්‍ය කෙරෙනු ඇත. මෙම කැඞීමේ හා බද්ධ වීමේ ආරම්භක ලක්ෂ්‍යය වනුයේ ස්වයං තීරණය සඳහා  පීඩිත ජාතීන්ට හෝ ජාතිකත්වයන්ට ඇති අයිතිය පිළි ගැනීම ය.
පොදුවේ ගත් කල ස්වයං තීරණය සඳහා දෙමළ ජනතාව සතු අයිතිය වෙනුවෙන් පෙනී සිටියේ හා පෙනී සිටිනුයේ  කුඩා කුඩා වාමාංශික පක්ෂ හා (අප ද ඇතුළුව) කණ්ඩායම් කිහිපයක් පමණි. එහෙත් පීඩිත පංති ව්‍යාපාරය කෙරෙහි හෝ පීඩිත ජාතික ව්‍යාපාරය කෙරෙහි හෝ ඵලදායී බලපෑමක් කිරීමෙහිලා ඒවා සමත්ව නැත. දමිළ ජාතික අරගලයට එරෙහිව රාජ්‍ය මර්දනයේ විශේෂිත සිදුවීම්වලදී  පුවත්පත් නිවේදන නිකුත් කිරීම, ප‍්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීම  සහ වැඩිම වුනොත් විරෝධතා පෑම් වශයෙන් සුළු පිරිසක් එකතුව පිකට් කිරීම වැනි  ක‍්‍රියාකාරිත්වයන්ට ඒවායේ කි‍්‍රයාකාරිත්වය සීමාවනු දැකිය හැකි ය. අධිරාජ්‍යවාදයට, ධනවාදයට හා පටු ජාතිකවාදයට එරෙහිව පීඩිත පංතියට අධ්‍යාපනයදීම ඔවුන් සංවිධානය කිරීම ආදී පංතිමය දේශපාලනයට අදාළ පැහැදිලි සහ සැබෑ වැඩපිළිවෙලක්වත්  භාවිතයක්වත් ඒවා සතුව නොතිබීම ඊට බෙහෙවින් බලපෑ එක් ප‍්‍රධාන සාධකයක් වූවා නිසැක ය.            
කෙසේ වේවා එකී කුඩා කුඩා වාමාංශික පක්ෂ හා කණ්ඩායම්වලට වෙනස්ව අපේ ඇතැම් මාක්ස්වාදී, විප්ලවවාදී යයි කියනු ලබන වාමාංශිකයන් විවිධ හේතු ගෙන හැර දක්වමින් ස්වයං තීරණය සඳහා  පීඩිත ජාතීන්ට හෝ ජාතිකත්වයන්ට ඇති අයිතිය පිළි ගැනීම ප‍්‍රතික්ෂේප කරනු දැකිය හැකි ය. එක් නිදසුනක් ජවිපෙ ය. පැරණි වමේ ප‍්‍රතිසංස්කරණවාදී අවස්ථාවාදී දේශපාලනයට එරෙහිව ”විප්ලවයේ මාවත” ගත් ජවිපෙ දමිළ ජාතික ප‍්‍රශ්නයේදී තමන් ලෙනින්වාදය මත පිහිටනවා යයි කියමින් ලෙනින්වාදය ද විකෘති කරමින් ස්වයං තීරණය සඳහා  පීඩිත ජාතීන්ට හෝ ජාතිකත්වයන්ට ඇති අයිතිය ප‍්‍රතික්ෂේප කරමින් අවස්ථාවාදී ප‍්‍රවේශයක් ගත් අයුරු ද තමන් ජාතිවාදයට සපුරා විරුද්ධ යයි කියමින්  ධනේශ්වර ජාතිකවාදීන්ටත් වඩා  ඔබ්බට  යමින් පීඩිත පංති ව්‍යාපාරය පටු ජාතිකවාදයේ සීමාවන් තුළ කොටුකර හා තවදුරටත් කොටුකරමින් සිටින අයුරු ද අපි දකිමු. වමේ නව ව්‍යාපාරයක් වශයෙන් කි‍්‍රයාකාරී වී සිටින ජවිපෙන් කැඞී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ජවිපෙහි පටු ජාතිකවාදී ආස්ථානයන් හා ප‍්‍රතිපත්තිවලින් කැඞී වෙන් වූවා යයි පැවසුව ද ස්වයං තීරණයට දමිළ ජනයාට ඇති අයිතිය එය පිළි නොගන්නා බව ප‍්‍රකාශිතව තිබේ. කලක දී එම අයිතිය ස්ථිරසාරව පිළිගත් සමාජවාදී සමානතා පක්ෂය ද ජවිපෙ, පෙසප යන ඒවාට වෙනස් ප‍්‍රවේශයකින් නමුත් අද ස්වයං තීරණය සඳහා දමිළ ජනතාව සතු අයිතිය පිළි නොගනී. 
ලංකාවේ ජාතික ගැටළුව සම්බන්ධයෙන් ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය ප‍්‍රතික්ෂේප කරන්නෝ ඊට විවිධ හේතු ගෙනහැර දක්වති. අපි මේවා පරීක්ෂා කර බලමු.
1.    ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය පිළිබඳ ඉල්ලීම ධනපති පංති ඉල්ලීමකි. මෙම ඉල්ලීම පිළිගතහොත් එය භාවිතයට නැගීමේ දී බලයට පත්වන්නේ දමිළ ධනපතීන්  නිසා එයින් දමිළ පීඩිතයාට ඇතිවන සෙතක් නැත. ඊට ප‍්‍රතිකූලව එමගින් සිදු වන්නේ ප‍්‍රශ්නය වඩාත් නරක අතට හැරීම ය යනු මෙම තර්කයෙන් ගෙන හැර පාන කාරණය ය. තර්කය තවදුරටත් ගෙන යමින් දමිළ ජනයාට අවම හෝ ස්වයං පාලන ආකෘතියක් සැපයෙන බලය බෙදීමකට පවා එරෙහිව මෙසේ ද කියනු දැකිය හැකි ය.

මෙයින්  උතුර නැගෙනහිර දමිළ ජනයාට විමුක්තියක් සැපයෙන්නේ යයි මනෝරාජිකව උපකල්පනය කළත් දමිළ ජනතාවගෙන් අඩක්ම ජීවත් වන්නේ උතුර හා නැගෙනහිරෙන් බාහිරව අනෙක් ප‍්‍රදේශවල නිසා ඔවුන්ගේ අයිතීන් තහවුරු වන්නේ නැත. අම්පාර වැනි දිස්ති‍්‍රක්කවල සිංහල, දෙමළ, මුස්ලිම් ජන ප‍්‍රජාවන් දළ වශයෙන් සමාන ප‍්‍රතිශතවලින් වාසය කරන අතර බලය බෙදා හැරීමකින් ඒ සංකීර්ණ ප‍්‍රශ්න විසඳිය නොහැක. මෙවැනි දිස්ති‍්‍රක්කවල එක් ජාතික ප‍්‍රජාවකට විශේෂ වරප‍්‍රසාද ලැබීම තුළ අනෙකුත් ජාතික ප‍්‍රජාවන් අසාධාරණයට ලක්වීම වැලක්විය නොහැක.  ආදී වශයෙන් කියනු ලැබේ. 

ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය පිළි ගැනීමෙන් ම ජාතික ගැටළුව විසඳෙන්නේ නැති බව සැබෑ ය. එය ඒ සඳහා පදනමක් මිස විසඳුම නොවේ. කිසියම් ජාතියක් ස්වයං තීරණ අයිතිය මත දේශපාලන වශයෙන් වෙන්ව ස්වාධීන ධනේශ්වර රාජ්‍යයක් බවට පත් වුවහොත් ඉන් වැඩ කරන ජනයා මත කි‍්‍රයාත්මක වන පංති පීඩනය අහෝසි කිරීමක් වන්නේ නැත. සිදු වන්නේ ජාතිකමය වශයෙන් පැවති පීඩනය අහෝසි වීම පමණකි.

ඇත්තවශයෙන්ම වත්මන් සන්දර්භය තුළ වෙන්වී වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීමේ ඉල්ලීම ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයට අදාල ඉල්ලීමකි. එහි කිසිදු විවාදයක් නැත. වෙන්වීම ධනපති ක‍්‍රමයෙන් බැහැර නොයනවා පමණක් නොව ඉන් ධනපති ක‍්‍රමයේ අවශ්‍යතාවයන් වඩාත් පැහැදිලිව ප‍්‍රකාශ කෙරෙයි. එහි අත්තිවාරම වඩාත් පුළුල් කෙරෙයි, ශක්තිමත් කෙරෙයි. එමගින්  ධනපති පාලන ක‍්‍රමයක් ස්ථාපිතවීම නොවැලැක්විය හැක්කකි. සූරාකෑමේ සියළුම ආකරයන් එපරිද්දෙන් ම සිදුවෙනවා ඇත. ස්වයං තීරණයේ අයිතිය පිළිගැනීමෙන් ප‍්‍රකාශ වන්නේ ජාතික පීඩනය අහෝසි කිරීමේ පිළිවෙතකි. ඉන් නිර්ධන පංතියේ විමුක්තිය උදාවේ යයි කිසිසේත්ම අදහස් නොවේ. නිර්ධන පංතියේ විමුක්තිය සමාජවාදයට අදාළ කරුණකි. දමිළ ජනතාව සම්බන්ධයෙන් ස්වයං තීරණයේ අයිතිය පිළිගැනීම යනු එම ජනතාවට  ඔවුන් ජීවත්වන භූමි ප‍්‍රදේශයන් තුළ මහ ජාතික පීඩනයෙන් තොරවූ නිදහස්  ආර්ථික හා දේශපාලනික සංවර්ධනයක් ඇති කර ගැනීමට  ඇති අයිතිය පිළි ගැනීම ය. එය ජාතික වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය වීමට පක්ෂවීමකි. ඉන් දමිළ පීඩිත පංතියේ විමුක්තිය උදා නොවන නමුත් ජාතිකමය වශයෙන් කෙරෙන පෑගීමෙන් හා පීඩනයෙන් නිදහස් වීම  ජාතීන් දෙක තුළම  සමාජවාදී ව්‍යාපාරයක ඉදිරි ගමනට බාධක වූ අද දවසේ ප‍්‍රමුඛ බාධකයක් අහෝසි වෙයි. ජාතික පීඩනය අහෝසි වීම පීඩනයට පත්ව සිටි ජාතියේ ධනේශ්වර පංතියේ සැබෑ ස්වභාවය, එනම් ජාතික විමුක්තිය වෙනුවෙන් පෙනී සිටි ධනේශ්වර පංතිය ඊළ`ග නිමේෂයේ පටන් ලෝක හා කලාපීය ධනපති පාලකයන් සමග පමණක් නොව තමන් ජාතික වශයෙන් පෙළුෑ ජාතියේ ධනේශ්වර පාලකයන් සමග ද සන්ධානගත වෙමින් සිය ජාතියේම පීඩිත පංතීන් පෙළීම එහි න්‍යාය පත‍්‍රයේ මුදුනට ගෙන ඒමේ ස්වභාව ලක්ෂණය එකී ජාතියේ පීඩිත පංතීන් හමුවේ හෙළි දරව් වීමට ද එය පීඩක පීඩිත වශයෙන් සිටි දෙජාතියේ පීඩිත පංතීන් අතර එක්සත් භාවය සඳහා පදනම් දමා ගැනීමේ අවකාශයන් විවෘත කිරීමට ද මග පාදයි. නිර්ධනීන් ප‍්‍රමුඛ පීඩිත පංතීන්ගේ පංති දෘෂ්ටි කෝණයෙන් ගත් කල ඒ තාක් දුරට එය ඔවුන්ගේ පංති අරගලයට වාසිදායක කොන්දේසියක් වේ. කෙසේ වුව ද මෙම වාසිදායක කොන්දේසි යථාවක් බවට පත් කර ගැනීම රඳා පවතින්නේ දෙජාතියේම සහ විශේෂයෙන් මහ ජාතියේ විප්ලවවාදී බලවේගයන්ගේ ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාකාරිත්වයන් මත ය.
ජාතික ගැටළුවට විසඳුමක් ලෙස ඇති කරන ලද පළාත් සභා ක‍්‍රමය ගත් කල එය ගැටළුවට කොහෙත්ම විසඳුමක් නොවන බව ඇත්ත ය. එහෙත් ඊට විරෝධය පාන්නවුන් ඒ විරෝධය පාන්නේ පැහැදිලි ලෙසම එය ප‍්‍රශ්නයට විසඳුමක් නොවන නිසා නොවේ.  දමිළ ප‍්‍රදේශවලට සැබවින්ම නාමිකව නමුත් යම් ආකාරයක ස්වයං පාලනයක් ලබා දීම ඉන් හැ`ගවෙන නිසා ය. මෙහි දී ඔවුන් කෙරෙන් එළියට පනින්නේ ඔවුන් තුළ සැ`ගවී සිටින මහ ජාතිකවාදී හැ`ගීම් හා සිතීම්වල දෝංකාරය යි. පීඩිත ජාතික ජන කොටස්වලට මහ ජාතියේ ආධිපත්‍යයික හා අනිසි බලපෑමෙන් තොරව නිදහසේ සිය කටයුතු කරගෙන යාමට අවම හෝ අවකාශයකට එරෙහි වන්නන් පීඩිත ජාතික ජනයාට නොකියා කියා සිටින්නේ ඔවුන් කියන ‘‘සමාජවාදය’’ එළඹෙන තෙක් බලා සිටින්නට ය.
”ඒ අතරම අනෙක් අතින් පොදුවේ පමණක් නොව, නොපැහැදිලි වාක්‍ය ඛණ්ඩවලින්, සන්ධාරයෙන් ශූන්‍ය ඝෝෂාවන්ගෙන් නොව, සමාජවාදය ස්ථාපිත කරන තෙක් ප‍්‍රශ්නය ‘කල් දැමීම’ මගින් නොව විශේෂයෙන් පීඩක ජාතික සමාජවාදීන්ගේ කෛරාටික බව සහ බිය සුළුබව සැලකිල්ලට ගන්නා, පැහැදිලිව හා නිවැරදිව සකස් කරන ලද දේශපාලන වැඩපිළිවෙලකින් පීඩිත ජාතීන්ගේ විමුක්තිය ඉල්ලා සිටිය යුත්තෙමු.” යි ජාතික ප‍්‍රශ්නය පිළිබඳ විවේචනාත්මක සටහන් හි දී ලෙනින් පිළිතුරු දෙන්නේ මෙවැනි සමාජවාදීන් සැලකිල්ලට ගනිමිනි.
2ග    මාක්ස්වාදය කිසිදු උත්තර් ඓතිහාසික අයිතියක් පිළිගන්නේ නැත. ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය යනු උත්තර් ඓතිහාසික අයිතියක් නොවේ, එහෙයින් එවැනි  අයිතියක්  පිළිගත යුතුම නොවේ. මෙය මෙම අයිතිය සම්බන්ධ ජවිපෙහි ප‍්‍රස්තුතයකි. (විජේවීර - දෙමළ ඊළම් අරගලයට විසඳුම කුමක්ද? 89 පිටුව) පෙසප ද මේ හා සමාන අදහස් දරණ බවක් පෙනෙන්නට තිබේ. 

ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය උත්තර් ඓතිහාසික අයිතියක් නොවේ. කිසිදු මාක්ස්වාදියෙකු කිසිදු විටෙක කිසිදු තැනක එම අයිතිය උත්තර් ඓතිහාසික අයිතියක් යයි කියා නොමැතිවා පමණක් නොව කියන්නේ ද නැත.  මාක්ස්වාදය පිළිබඳ සරල හෝ අවබෝධයක් ඇති කිසිවෙකු ද එවැනි උත්තර් දේ ගැන කතා කරන්නේ නැත. මෙම උත්තර් අයිතියක් පිළිබඳ කතා ගෙන එන්නේ  ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය ප‍්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීමට මිස අන් කිසිවකට නොවේ.
3.    ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය යන්නෙන් ගම්‍ය වන්නේ බලවත් අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ඈඳා ගනු ලැබූ රටවලට, ජාතීන්ට, යටත් විජිතවලට වෙන් වී යාමට තිබෙන අයිතිය යි. (විජේවීර -එම 94 - 95 පිටු*. එය එක් රටක් තුළ ජීවත්වන ජාතීන්ට (ජාතිකත්වයන්ට) අදාළ කළ නොහැකි ය. එක් රටක්  තුළ වෙසෙන ජන කොටසක් සම්බන්ධයෙන් මෙම අයිතිය පිළි ගත හොත් සිදු වන්නේ එම රට කැබලි වී යාමයි, රාජ්‍යය බිඳී විසිරී යාම යි.  මේ තර්කය ප‍්‍රධාන වශයෙන් ගෙනෙනුයේ ජවිපෙ ය.

මෙම තර්කයෙන් කරුණු දෙකක් ගෙන හැර දක්වයි. 

පළමු වැන්න රටක් තුළ පීඩිත ජාතියකට හෝ ජාතිකත්වයකට ස්වයං තීරණය සඳහා අයිතියක් තිබෙන්නට නොහැකි ය යන්න යි. එහෙත් මෙය අමු අමුවේ කරුණු විකෘති කිරීමකි. ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය පැන නගින්නේ අප පෙර ද දැක් වූ පරිදි ජාතියක් විසින් සිය දේශ සීමාවන්ගෙන් ඔබ්බෙහි හෝ සිය දේශ සීමා තුළ හෝ වෙසෙන ජාතියක් හෝ ජාතීන් පෑගීමට, පීඩනයට, මර්දනයට හා වෙනස් කොට සැලකීම්වලට භාජනය කරනු ලබන විට ය. ලෙනින් හෝ කොමියුනිස්ට් ජාත්‍යන්තරය හෝ කිසි විටෙක ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ඈඳා ගනු ලැබූ රටවල හා යටත් විජිතවල ජාතීන්ට පමණක් ඇති අයිතියක් ලෙස දැක්වූයේ නැත. මූලික පදනම වූයේ කිසියම් ජාතියක් හෝ ජාතිකත්වයක් පෑගීමට, පීඩනයට, මර්දනයට හා වෙනස් කොට සැලකීම්වලට භාජනය කරනු ලබන්නේ ද යන්න ය. ලෙනින් මෙම කරුණ අවධාරණය කර දක්වන්නේ මෙසේ ය.

”ප‍්‍රථමයෙන්ම අපේ ප‍්‍රවාද පත්ලෙහි තිබෙන ප‍්‍රධානතම අදහස කුමක් ද? එය නම් පීඩිත හා පීඩක ජාතීන් අතර ඇති වෙනස පිළිබඳ අදහස ය. දෙවෙනි ජාත්‍යන්තරය සහ ධනේශ්වර  ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන් නොව අපි මෙම වෙනස අවධාරණය කරන්නෙමු...... ජාතීන් පීඩිත හා පීඩක වශයෙන් මෙසේ වෙන් කොට දැක්වීම ප‍්‍රවාද මුළුල්ලෙහිම දක්නට ලැබෙන දෙයකි.” (තෝරාගත් කෘති වෙළුම් දොළහ, 11 වෙළුම, 8 පිටුව, අවධාරණය අපේ) 

මේ කරුණ තවදුරටත් පැහැදිලි කර ගන්නට අපට රුසියාව නිදසුනක් වශයෙන් ගන්නට  පුළුවන. රුසියානු සාර් පාලනය විසින් පෑගීමට, සූරාකෑමට හා පීඩනයට පත් කරන ලද්දේ රුසියාව විසින් ඈඳා ගන්නා ලද හා යටත් විජිත බවට පත් කර ගන්නා ලද ජාතීන් පමණක් නොවේ. රුසියාව තුළම විසූ රුසියානු නොවන බෂ්කීර්, ටාටර්, චෙචෙන්, බුරියත්, අදිගෙයි, අල්තායි, මොර්දෝවියා ආදී වශයෙන්  ජාතිකත්ව රාශියක් තිබුණ අතර සාර් පාලනය විසින් අභ්‍යන්තරිකව ඔවුන් ද පෑගීමට, සූරාකෑමට හා ජාතික වශයෙන් වූ පීඩනයකට ලක් කරනු ලැබ තිබිණ.  ඔවුන්  රුසියාව තුළ පීඩිත ජාතිකත්වයන් වූ අතර බොල්ෂෙවිකයන් ඔවුන් රුසියාව තුළ ජීවත්වන නිසා ඔවුන්ට ස්වයං තීරණය සඳහා ජාතීන් සතු අයිතිය අදාළ කළ නොහැකි යයි කීවේ නැත. ඊට වෙනස් ලෙස බොල්ෂෙවිකයෝ මෙම සියලූ ජාතිකත්වයන් සඳහා ස්වයං තීරණයට ඇති අයිතිය පිළිගෙන තිබුණා පමණක් නොව ඔක්තෝබර් විප්ලවයෙන් පසු එකී ජාතිකත්වයන් සඳහා එම අයිතිය රුසියානු සෝවියට් ඒකාබද්ධ සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ද තහවුරු කළහ. ඒ අනුව එකී ජාතිකත්වයන්ට රුසියානු සෝවියට් ඒකාබද්ධ සමාජවාදී ජනරජයේ කොටස් ලෙස බෂ්කීර්, බුරියාත්, චෙචෙන් - ඉන්ගුෂ්, චුවාෂ්, කි‍්‍රමියන් ආදී වශයෙන් ස්වතන්ත‍්‍ර සෝවියට් සමාජවාදී ජනරජයන් ගණනාවක්ම ඇති කරනු ලැබිණ. එපමණක් නොවේ ජාතික ජන සමූහ වශයෙන් සිටි ජනයා සඳහා ද අදිගෙයි, ගොර්නෝ - අල්තායි, කරචායි - චාකේස්, යුදෙව් ආදී වශයෙන් ස්වතන්ත‍්‍ර කලාප ද ඇති කරනු ලැබිණ. මේ සියල්ල ඇති කරන ලද්දේ ජාතිකමය පදනම්වලිනි. 

ඉහත තර්කයෙන් ගෙන හැර දක්වන ඊළ`ග කරුණ නම්  එක් රටක්  තුළ වෙසෙන ජන කොටසක් සම්බන්ධයෙන් මෙම අයිතිය පිළි ගත හොත් එම රට කැබලි වී යාම ද  රාජ්‍යය බිඳී විසිරී යාම ද සිදු වන්නේ ය යන්න ය. මෙය පළමුව න්‍යායික අරුතෙන් ද දෙවනුව ප‍්‍රායෝගික දේශපාලන අරුතෙන් ද මුළුමනින්ම වැරදි ය. න්‍යායිකව ගත් කල රට කැබලිවී යාමේ හෝ රාජ්‍යය බිඳී විසිරී යාමේ අනතුර ජනිත කරන්නේ රටක පීඩිත ජාතියකට ස්වයං තීරණය සඳහා වන අයිතිය පිළි ගැනීමෙන් නොව එය ප‍්‍රතික්ෂේප කිරීමෙනි. එය ප‍්‍රතික්ෂේප කිරීම මගින් සිදු වන්නේ අප ද අපගේ මහ ජාතික පාලකයන් හා මහ ජාතිකවාදීන් පරිද්දෙන්ම පීඩිත ජාතියේ (හෝ ජාතිකත්වයේ) අයිතීන් ප‍්‍රතික්ෂේප කරන්නේය යන්න පීඩිත ජාතික ජනයා තුළ තහවුරු කිරීම හා පීඩිත ජාතියේ (හෝ ජාතිකත්වයේ) කම්කරුවන් හා ගොවියන් ඇතුළු පීඩිත පංතීන් ඔවුන්ගේ ධනේශ්වරය වටා පෙළ ගැස්වීමේ තත්ත්වයන් තවදුරටත් පෝෂණය කිරීම ය. යම් යම් ව්‍යතිරේකයන්ට යටත්ව පොදුවේ ගත් කල ජාතියක් හෝ ජාතිකත්වයක් අරභයා ස්වයං තීරණය සඳහා ඇති අයිතිය සම්බන්ධයෙන් අරගලය පැන නගින්නේ හා එම අරගලය එකී ජාතියේ  හෝ ජාතිකත්වයේ සමූහ මනෝභාවයක් ලෙස හා ප‍්‍රයෝගික දේශපාලන ඉල්ලීමක් ලෙස සුජාත භාවය ලබන්නේ ඔවුන් ජාතිකමය වශයෙන් වෙනස් කොට සැලකීමට, පෑගීමට හා පීඩනයට පත් කරන විට දී ය. මෙය දමිළ ජනයාගේ අරගලය සම්බන්ධයෙන් ද සත්‍ය ය. බෙදී යාම වලක්වන්නට නම් අප දමිළ ජනයාට අප ඔවුන්ගේ අයිතීන් ස්ථිරසාරව පිළි ගන්නා බව, ඔවුන්ගේ අයිතීන් පාගා දැමීම සඳහා අපගේ පාලකයන් අනුගමනය කරන පිළිවෙත්වලට හා කි‍්‍රයා මාර්ගයන්ට සපුරා විරුද්ධවන බව හා ජාතිකමය වශයෙන් වෙනස් කොට සැලකීමට, පෑගීමට හා පීඩනයට එරෙහි ඔවුන්ගේ අරගලය පාලක පංතීන්ට එරෙහි අපේ අරගලයේ කොටසක් බව ඒත්තු ගැන්විය යුතු ය. ස්වයං තීරණය සඳහා ඇති අයිතිය ප‍්‍රතික්ෂේප කිරීමෙන් හෝ ඔවුන්ගේ අරගලයෙන් රට බෙදෙනවා යයි කියමින් පාලක පංතීන්ගේ හා මහ ජාතිකවාදීන්ගේ ප‍්‍රතිපත්ති සමග ඝෘජුව හෝ වක‍්‍රව සන්ධානගත වීමෙන් හෝ එසේ ඒත්තු ගන්වන්ට  නොහැකි ය. එවන් එළඹුමකින් වන්නේ පැහැදිලිවම දමිළ ජනයා තුළ බෙදී වෙන්වීමේ උවමනාව වඩ වඩාත් ශක්තිමත් කිරීමට පණ පෙවීම පමණි.

මාක්ස්වාදීන් ස්වයං තීරණයට ජාතීන්ට ඇති අයිතිය පිළි ගන්නේ නිරපේක්ෂ හෝ ප‍්‍රතිජානාත්මක   අර්ථයෙන් එනම් අනිවාර්යයෙන්ම වෙන් විය යුතුය යන අර්ථයෙන්වත්, වෙන්වීමට ඒකාන්ත වශයෙන් පක්ෂ වීමේ අර්ථයෙන්වත්  වෙන් වීම යථාවක් කිරීමේ අර්ථයෙන්වත් නොවේ. පීඩිත හා පීඩක ජාතීන්ගේ කම්කරු පංතිය ප‍්‍රමුඛ පීඩිත පංතීන්ගේ එක්සත් බව ඇති කර ගැනීමේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගතවාදය මත පදනම්ව ජාතීන්ගේ ස්වෙච්ඡානුගත, සැබෑ ඒකාබද්ධතාවක් ඇති කර ගැනීමේ අර්ථයෙනුයි, ප‍්‍රතිෂේධාත්මක අර්ථයෙනුයි. එය සැබවින්ම වෙන්වීම නගාලන, ප‍්‍රවර්ධනය කරන පිළිවෙතක් නොව එක්සත්භාවය, ඒකාබද්ධතාවය නගාලීම, ප‍්‍රවර්ධනය කිරීම සඳහා වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගතවාදී පිළිවෙත ජාතික ගැටළුවේ දී භාවිතයට යෙදීමයි. මෙය තේරුම් ගැනීමට නොහැකිවීමෙන් නැතහොත් තේරුම් ගැනීම මග හැර යාමෙන් පෙන්නුම් කරන්නේ එක් අතකින් මෙම තර්ක ගෙනෙනවූන්ගේ මාක්ස්වාදී අපෝහකය පිළිබඳ ඇති අවබෝධයේ පවත්නා අන්ත දරිද්‍රභාවය යි. අනෙක් අතින් මහ ජාතිකවාදී මනෝභාවයන්ගෙන් කැඞී වෙන් වීමට ඔවුන්ගේ ඇති නොහැකියාව හා නුවුවමනාව යි.


(මතු සම්බන්ධයි)

Monday, May 13, 2013

පක්ෂය හා විප්ලවීය මහජන ව්‍යාපාරය 6

නිර්ධන පංති රාජ්‍යය හා කොමියුනිස්ට් පක්ෂය අතර සම්බන්ධය
 

 ඒ සමගම එම රාජ්‍යය සහ පක්ෂය අතර පැවතිය යුතු සම්බන්ධතාවය පිළිබඳ ලෙනින් ඉතාමත් නිරවුල් ප‍්‍රතිපත්තියක පිහිටා ඇත. සෝවියට් සභා තුළ සංවිධානය වී සිටින නිර්ධන පංතිය විසින් රාජ්‍ය බලය  ක‍්‍රියාත්මක කරනු ලබයි. එම සභාවල  නිර්ධන පංතියේ බහුතරය දිනාගනිමින් ඊට  නායකත්වය දෙනු ලබන්නේ බෝලෂෙවික් වරුන්ගේ කොමියුනිස්ට් පක්ෂය විසින් ය. වාර්ෂික සම්මේලනය විසින් තෝරාපත් කළ මධ්‍යම කාරක සභාව විසින් පක්ෂය මෙහෙයවයි. පක්ෂයේ නිතිපතා කටයුතු කරනු ලබන්නේ මධ්‍යම කාරක සභාව විසින් තෝරාපත් කළ සංවිධාන කාරක සභාව හා දේශපාලන කාරක සභාව විසින්ය.
 ‘අපට නාමික වශයෙන් පමණක් කොමියුනිස්ට් පාක්ෂික නොවන , නම්‍යශීලී , සහ සාපේක්ෂ වශයෙන් පුළුල් හා ඉතාම බලවත් නිර්ධන පංති යාන්ත‍්‍රණයක් ඇත. එය මගින් පක්ෂය, පංතිය හා පොදු ජනතාව සමග සමීප ලෙස එකට සම්බන්ධවී සිටී. එය මගින් පක්ෂයේ නායකත්වය යටතේ පංති ආඥාදායකත්වය කි‍්‍රයාත්මක කරනු ලැබේ.’ (ලෙනින් තෝ. කෘති 10 වෙළුම 162-163 පිට) පංති ආඥාදායකත්වය මෙහෙයවීම පක්ෂය විසින් කරන මුත් පක්ෂය ඊට ආදේශකයක් වීම ලෙනින් බැහැර කරයි. කොමියුනිස්ට් පාක්ෂිකයන්  සෝවියට් සභාවක බහුතරය දිනා ඇතැයි කියන විටම එහි නව ක‍්‍රමයට  අනුගතවී ඇති නමුත් කොමියුනිස්ට් පාක්ෂික නොවන සුළුතරයක් සිටින බව ඇ`ගවෙයි. සමහර තැනක ඔවුන් කම්කරුවන්ගේ ම වෙනත් ප‍්‍රවනතාවයන්ය, සමහර තැනක ඔවුන් ගොවීන් ය, ඔවුන්ගේම තවත් ප‍්‍රවනතාවයන් ය. එසේ වුවත් ඔවුන් විප්ලවීය බලවේගයේ සැලකිය යුතු කොටසක් නියෝජනය කර ඇත. උදාහරණයක් වශයෙන් එවකට රුසියානු ගොවි ජනතාවගෙන් බහුතරය සිටියේ සමාජ විප්ලවවාදීන් සමග ය. මේ නිසා ගොවින්ගේ සෝවියට් සභා බොහොමයක්  ඔවුන්ගේ නායකත්වයට නතුව පැවතිනි. ඔක්තෝබර් විප්ලවයේ ජයග‍්‍රහණයෙන් පසු ඔවුන්ගේ වාමාංශය බොල්ෂෙවික් ආණ්ඩුවට එක්වී ඇමති තනතුරු තුනක් දැරූහ. සමහරු කොමියුනිස්ට් පක්ෂයට එක්වූහ. තවත් සමහරු ප‍්‍රතිවිප්ලවීය ධවල ව්‍යපාරයට එක්වූහ. විප්ලවීය බලවේගයන්ගේ වුව ද ඒවායේ නියම ස්වභාවය පංති අරගලය තුළ නිශ්චයකර ධ‍්‍රැවීකරණයට ලක් කරනු ලබයි. ප‍්‍රතිවිප්ලවය වෙත පලායන්නවුන් හැර විවේචනාත්මක පාර්ශවයන්ගේ පැවැත්ම විවෘතවම පිළිගැනීම, ඔවුන් සමග සමගි  සම්මුතියකින් කටයුතු කිරීම,  ඔවුන්ට එරෙහිව බලය යෙදවීම නොව දෘෂ්ටිමය අරගලයක් ගෙනයාම ලෙනින්වාදී ප‍්‍රතිපත්තිය වී ඇත. වැදගත් දේ නම් ප‍්‍රති පාක්ෂිකයන් කෙරෙහි වෛරීය ප‍්‍රචණ්ඩ හැසිරීමකින් ප‍්‍රතිචාර දක්වනවා වෙනුවට ඉවසිලිමත් හා තර්ක බුද්ධියෙන් ක‍්‍රියාකරන අනුගාමිකත්වයක් බිහිවීමය. ප‍්‍රති පාක්ෂිකයන් ප‍්‍රතිවිප්ලවීය ක‍්‍රියාකාරිත්වයක නොයෙදෙන තාක් විවිධ මතවාදයන් දැරීමට, ඒ අනුව සංවිධානය වීමට හා ක‍්‍රියාත්මකවීමට එහි කිසිදු අවහිරයක් නොවීය. සමාජ විප්ලවවාදීන් බොල්ෂෙවික් ආණ්ඩුවේ ඇමති තනතුරු දරමින් සිටියදී  බ්‍රෙස්ලිටොව්ස්ක් සාම ගිවිසුමට එරෙහිව විරෝධය පාමින් ඔවුන්  ඉන් ඉවත්වී තවදුරටත් සෝවියට් සභා තුළ සිටිමින් කි‍්‍රයාත්මකවීම බොල්ෂෙවිකයන්ට ගැටළුවක් වූයේ නැත. ලෙනින්ගේ අවධිය තුළ අපට පෙනෙන්නට ඇත්තේ මෙසේ  ගොඩනගන ලද නව කොමියුනිස්ට්වාදී සංස්කෘතියයි. මෙම සංස්කෘතිය තුල නිළධාරිවාදයට තිබූ ඉඩකඩ අවම ය.
කෙසේ වේවා, සෝවියට් ක‍්‍රමය  වැරදි හා දුර්වලතාවයන්ගෙන් විනිර්මුක්ත වූවක් නොවීය. එය ‘ධනපති ක‍්‍රමය නැමති මව් කුසින් මේ දැන් දහවල් ආලෝකයට බිහිවුණු, සහ පැරණි සමාජයෙන් ගෙන ආ උපන් ලපවල මුද්‍රාව සෑම අතින්ම දරන’ (ලෙනින් තෝ. කෘ. 12. 99 පිට) කොමියුනිස්ට් ක‍්‍රමයේ පහළ අවධිය ය. එම අවධියෙහි  ‘උපන් ලපවල මුද්‍රාව’ ඇති පුද්ගලයන් වගේම සංවිධාන හා ප‍්‍රවනතා ද තිබිය හැකි ය. ඒ හා සමීප ලක්ෂණ හෙබවූවන් බොල්ෂෙවික් පක්ෂය තුළ ද සිට ඇත. කොමියුනිස්ට් පක්ෂය ද පංති තත්වයන්ට ඉහළින් වූ නිරපේක්ෂ ආයතනයක් නොවේ. ‘අපේ පක්ෂය පංති දෙකක් පදනම් කරගෙන සිටී’ යි ( තෝ.කෘ. 12 වෙළුම 166 පිට) ලෙනින් සඳහන් කරන්නේ ඒ නිසාය. පසුගාමී ආර්ථික හා සංස්කෘතික පසුබිමක් යටතේ මේ කොතැනකත් ‘උපන් ලපවල මුද්‍රාව’ මතු විය හැකි ය. එය වැඞී නිළධාරිවාදය කරා, ධනවාදය කරා නැවත ආපසු ගමන්කිරීමේ වැඩි ඉඩක් පවතී. ලෙනින්ගේ ජීවිතයේ අවසාන වසර කීපයේ ඔහුු ලියා ඇති ලිපි බොහොමයක  රාජ්‍ය ආයතන සහ පක්ෂය තුළ ගොඩනැගෙමින් පැවති නිළධාරිවාදය ගැන දැඩි විවේචනයන් සහ ඒවාට එරෙහි ක‍්‍රමවේදයන් ගැන ද සඳහන්කරයි. සමාජවාදය තුළ වරප‍්‍රසාදිත පංතීන් බිහිවීමට අවශ්‍ය ආර්ථිකමය මූලයන් නොමැතිවුවද  කොමියුනිස්ට් පක්ෂය සහ රාජ්‍ය ආයතනවලට රිංගා ගත් උපන් ලපවල මුද්‍රාව ඇති ආත්මාර්ථකාමීන්  එකී ආයතනවල දේශපාලන අධිකාරිත්වය හා බලය උපයෝගීකර ගනිමින් වරප‍්‍රසාධිත ජීවන ශෛලියක් ගොඩනගා ගැනීමට උත්සාහ ගනී. මෙකී නිළධාරිවාදයට එරෙහිවීමේදී පාක්ෂික නොවන නිර්ධන පංතිකයන්ගේ කාර්යභාරය ලෙනින් ඉහළින් අගය කොට සලකයි. පක්ෂය පිරිසිදුකිරීම නම් ඔහුගේ කෙටි ලිපියෙහි මෙසේ සඳහන් කරයි. ‘සමහර ස්ථානවල ප‍්‍රධානවශයෙන් පාක්ෂික නොවන කම්කරුවන්ගේ යෝජනා හා අත්දැකීම් ආධාරයෙන් පක්ෂය පිරිසිදු කරනු ලබමින් ඇත. පාක්ෂික නොවන නිර්ධන පංතික ජනතාවගේ මේ යෝජනා සහ ඔවුන්ගේ නියෝජිතයන් වෙත නිිසි සැලකිල්ලකින් යුතුව අවධානය යොමුකරනු ලබමින් සිටී. වඩාත් අ`ගනා  සහ වඩාත් වැදගත් දෙය මෙයයි. සත්‍යවශයෙන් අපි මේ අයුරින්  ඉහළ සිට පහළට පක්ෂය පිරිසිදු කිරීමෙහි සමත් වේ නම් නිසැකවම එය විප්ලවය සඳහා අතිවිශාල ජයග‍්‍රහණයක් වනවා ඇත.’ මේ මගින් පක්ෂය පංතිය සමග වඩාත් ශක්තිමත්ව බැඳ තබන බවත් දුෂ්කරතාවයන් හා අනතුරු රාශියක් මැද වුවද පංතිය ජයග‍්‍රහණය කරා මෙහෙයවීමේ හැකියාව එයට ලැබෙන බවත් ලෙනින් වැඩිදුරටත් සඳහන් කරයි. ( මේ අවධියේ දි පක්ෂ සාමාජිකයන් එක් ලක්ෂ හැතෑ දහසක් පමණ දෙනා  බොල්ෂෙවික් පක්ෂයෙන් ඉවත්කර ඇති බව එක් වාර්තාවක සඳහන් වෙයි)
නිළධාරිවාදයට එරෙහි අරගලයේ දී ලෙනින් පාක්ෂික නොවන සාමාන්‍ය නිර්ධන පංතිකයන් කෙරෙහි සැලකිල්ල යොමුකර තිබීමෙන්  පෙනී යන්නේ පක්ෂයේ   අධිකාරී බලයට පිටතින් විවෘත විවේචනාත්මක පාර්ශවයන්ගේ පැවැත්ම පෙරළා පක්ෂයට ද   විප්ලවයට ද වැදගත්වන බවය. සෝවියට් සභා එවැනි පාක්ෂික හා පාක්ෂික නොවන පිරිස්ගෙන් සැදුම් ලත් ආයතනික ව්‍යුහයකි.  පක්ෂ අධිකාරියේ මෙන්ම ඒ මගින් රාජ්‍යයේ ද ඇතිවිය හැකි අගතිගාමී අත්නෝමතික ප‍්‍රවනතා සාපේක්ෂව හෝ මැඩලිය හැක්කේ සෝවියට් සභා නැතිනම් විප්ලවීය බහු ජන ව්‍යාපාරය ශක්තිමත් කිරීමෙන් පමණි.              
සෝවියට් ව්‍යාපාරය හා වෘත්තීය සමිති ව්‍යාපාරය අතර වෙනස
කර්මාන්ත සංවර්ධනයත් සමග වැඩෙන නිර්ධන පංතිය සමූහයන් ලෙස ඒකරාශිවෙයි.   එම සංවර්ධනය ශ‍්‍රමයේ විශේෂතාවන් මකා දමමින්, නිර්ධන පංතියේ උවමනාවන් හා ජීවන තත්වයන් සමාන තත්වයකට පත්කරයි. එසේම වැඩෙන අර්බූය විසින් ඔවුන්ගේ ජීවන තත්වය වඩාත් අස්ථිර තත්වයකට පත්කරන හෙයින් එය වළක්වා ගැනීම සඳහා ඔවුහු එක්ව ක‍්‍රියා කරති. වෘත්තීය සමිති ඔවුන් එසේ ගොඩ නගා ගන්නා ප‍්‍රාථමික සංවිධාන ආකාරයයි. ඒවායේ ශිල්පීය සංගම් ස්වභාවය හීනවී මුළු මහත් කර්මාන්තයන්ම වැළඳගන්නා තත්ත්වය කරා ඒවා වර්ධනය වී ඇත්තේ හෙමිහිට ය. එසේ වුවත්  එය පංති සංවිධානයේ ඉදිරි පියවරක් විය. එය  නිර්ධන පංතියට එම පංතියේ උසස්ම සංවිධාන ආකෘතිය වූ විප්ලවීය පක්ෂය සොයා ගැනීමට අත්වැලක් විය. ‘වෘත්තීය සමිති හා කම්කරු පංතියේ පක්ෂය අතර අන්‍යොන්‍ය ක‍්‍රියාකාරිත්වයෙන් තොරව ලෝකයේ කිසිම තැනක නිර්ධන පංතිය සංවර්ධනය නොවීය’ යි ද, ‘වෘත්තීය සමිති කොමියුනිස්ට්වාදයේ පාසැලක්’ ලෙසට මෙකල මෙන්ම අනාගතයේදී ද අත්‍යවශ්‍යවනු ඇතයි ද, ඒවා නිර්ධන  පංතිකයන්ට ඔවුන්ගේ ආඥාදායකත්වය ක‍්‍රියාත්මක කිරීමේ පුහුණුව දෙන අභ්‍යාස විද්‍යාල වන බව ද, රටේ ආර්ථික ජීවිතයේ කළමනාකාර කටයුතු ක‍්‍රමානුකූල ලෙස,  ප‍්‍රථමයෙන් කම්කරු පංතියට (එක් එක් කර්මාන්තවලට නොවේ) සහ පසුව සියළු වැඩකරන ජනතාවට පවරාදීම සඳහා නැතිවම බැරි සංවිධානයක්  බව ද මතක තබාගත යුතු යැයි ලෙනින් (තෝ. කෘ.10 .  165 පිට) අවධාරණය කරයි. ඒ අතරම  විප්ලවීය පක්ෂය  නැගී එනවිට වෘත්තීය සමිති, ඒවායේ ස්වභාවයෙන්ම පිහිටි පටු වෘත්තීය ආකල්ප හේතුවෙන්  තම ක්ෂේත‍්‍රය තුළටම තව තවත් වැද දේශපාලනයෙන් බැහැරව සිටීමේ ප‍්‍රතිගාමී ප‍්‍රවනතාවක් පෙන්නුම්කරන්නේ යයි ඔහු පෙන්වා දෙයි. එපමණක් නොව පොදු ජනතාව සමග සම්බන්ධතා පැවැත්වීමේදී වුව ද වෘත්තිය සමිති ප‍්‍රමාණවත් නොවන බව ලෙනින් අදහස් කරයි. මේ සියළු කරුණු අනුව, ‘වෘත්තීය සමිති නිර්ධන පංතිකයන්ට ඔවුන්ගේ ආඥාදායකත්වය ක‍්‍රියාත්මක කිරීමේ පුහුණුව දෙන අභ්‍යාස විද්‍යාලයකි. එය ‘ජනතාව අතරින් ශ‍්‍රම විභජනය තුරන්කර ඔවුන්ට  සර්ව පාර්ශවීය සංවර්ධනය හා සර්වපාර්ශවීය පුහුණුව ලබා දීමට, ඔවුන්ට අධ්‍යාපනය හා ශික්ෂණය ලබාදීමට ක‍්‍රියා කරයි’. (ලෙනින්  එම) 
එසේ නමුත්  සෝවියට් සභා ගුණාත්මක වශයෙන් වෘත්තිය සමිතිවලට වඩා වැඩි යමක් අඩංගුකර ගනී. එය සම්පූර්ණ බලය ඇති ‘ගොවිජන -නිර්ධන පංතික සමූහාණ්ඩුවකි’.   මේ  ආයතන දෙක තුළම   කම්කරුවන් සිටී. වෘත්තීය සමිති ආර්ථිකමය ක්ෂේත‍්‍රය තුළ හැසිරෙන අතර සෝවියට් සභා  නිර්ධන පංති  ආඥාදාදායකත්වය ක‍්‍රියාත්මක කරයි.  ඒ දෙක අතර  ඇත්තේ පැහැදිලි  ගුණාත්මක වෙනසකි. තරුණ, කාන්තා, ශිෂ්‍ය සංවිධාන හෝ සංගම්වල තත්ත්වය වෘත්තීය සමිතිවල තත්ත්වයට වඩා වෙනස් නොවේ.
සෝවියට් සභා පිළිබඳ අපේ වටහාගැනීම හුදු විප්ලවීය මාදිලියක්, නැගීසිටීමේ තවත් එක් අකෘතියක් නොවන බව ය. එය වචනයේ සැබෑ අර්ථයෙන් ම විප්ලවීය පොදුජන අරගල ව්‍යාපාරයකි. එය විප්ලවීය බලවේගයන්ගේ මැදිහත්වීමෙන්, මෙහෙයවීමෙන් කම්කරුවන්ගේ, ගොවීන්ගේ, සියළු පීඩිතයින්ගේ බලය කැටිකර ගනිමින් ධනපති රාජ්‍ය බලයට ප‍්‍රතිපක්ෂව නිර්ධන පංති රාජ්‍ය බලය වෙත යොමුව පැවති පොදු ජනතාවගේ ව්‍යාපාරයකි.  ලෙනින්වාදය ඊට නායකත්වය දෙමින් එය නියමිත මොහොතෙහි නියමිත ස්ථානයෙහි පිහිටුවාලීය. ඔක්තෝම්බර් විප්ලවයේ ජයග‍්‍රහණය යනු සෝවියට් ව්‍යාපාරය නම්  වේදිකාව මත එළිදැක්වූ  බොල්ෂෙවික්  න්‍යායයේ  හා භාවිතයේ අති සාර්ථක රංගනයයි. ලාංකේය විප්ලවයේ ජයග‍්‍රණය සඳහා විප්ලවීය පක්ෂයක උපාය මාර්ගයේ  අවශ්‍යයෙන්ම තිබිය යුතු එක් වැදගත් මූලික කොන්දේසියක් වන්නේ මේ  ‘වේදිකාව’ නිර්මාණය කරගැනීම ය. නළුවා සහ වේදිකාව එකක් නොව එකිනෙකට සම්බන්ධ ප‍්‍රපංචයන් දෙකක් බව අපි නැවත නැවතත් අවධාරණය කරමු. ලාංකේය වාම ව්‍යාපරයේ ප‍්‍රතිසංස්කරණවාදය, පාර්ලිමේන්තුවාදය, පංති සහයෝගිතාවාදය,  අතිවාමවාදය හා පටු ජාතිකවාදය ලෙස පිළිබිඹුවී ඇති සුළු ධනපති අවස්ථාවාදයේ පදනම් සාධකය, වෙනත් සාධකයන්ට අමතරව විප්ලවීය අරගලයේ ‘පොදුජන’ සාධකය නොතකා හැරීම ය. විප්ලවය පළල් අරුතින් වටහා නොගැනීම ය. යමෙක්  විප්ලවයේ පොදු ජන ස්වරූපය ගැඹුරින්ම තේරුම් ගන්නේ නම්  ඒ පොදු ජනතාව සඳහා නිශ්චිත    ‘ස්ථානය’ සොයා ගැනීමට ද ඔහුට  සිදුවෙයි.  එය, එනම්  විප්ලවයේ පොදු ජන ස්වරූපය (කමනෙව්, සිනොවියෙව් වැනි සමහර බොල්ෂෙවිකයන් මෙන්) අවතක්සේරු කරන්නේ නම්  නැතිනම් (මෙන්ෂෙවිකයන් හා සමාජ විප්ලවවාදීන් මෙන්* තමන්ගේම පටු අරමුණකට ඌනනය කරන්නේ නම්  හේ ඉහත කී අවස්ථාවාදයේ කුමන හෝ ප‍්‍රවනතාවයකට ඇද වැටෙන්නේ ය. සංවිධානමය වශයෙන් නිළධාරිවාදී, කුමන්ත‍්‍රණකාරී හැඩගැස්මක ම පිහිටන්නේ ය.     
මේ අර්ථයෙන් බලනවිට ලාංකේය වාම ව්‍යාපාරය එක් හෝ තවත් අන්තයකට ගමන් කරමින් සිටිනවා හැර බහු ජනතාව වැළඳගන්නා විප්ලවීය ව්‍යාපාරයක් බවට පත් නොවීම තේරුම් ගත හැකි ය. 53 හර්තාල් ව්‍යාපාරයට මදක් එබී බලන්න. 1952 පැවති මැතිවරණයේ දී එජාපය ජනතාවට දුන් පොරොන්දු ඉටු කරනවා වෙනුවට ජනතාව මත තව තවත් බර පැටවීම හේතුකොටගෙන ආණ්ඩුව ජනතාවගේ විශ්වාසය අහිමිකරගත්තා පමණක් නොව ක‍්‍රමිකව වැඩෙමින් පැවති  ඔවුන්ගේ සක‍්‍රීය විරෝධයට ද පාත‍්‍ර විය. එහි උච්ඡුතම අවස්ථාව ලෙස 53 අගෝ. 12 විරෝධතා ව්‍යාපාරයක් (හර්තාලයක්) වම විසින් ප‍්‍රකාශයට පත් කෙරෙයි. ප‍්‍රධාන වශයෙන් බස්නාහිර, දකුණ හා සබරගමුව පළාත්වල පැතිර ගිය එම ව්‍යාපාරය තුළ කුලය වර්ගය ආගම නොසලකා දහස් ගණන් පීඩිත ජනකොටස් ඒකරාශි වූහ. සාමාන්‍ය විරෝධය පෑමේ සිට වැඩ වර්ජන, බැරිකේඞ් දැමීම, ප‍්‍රවාහන සහ තැපැල් හා විදුලි පණිවුඩ සේවා ඇනහිටුවීම, දුම්රිය ස්ථාන අත්පත්කර ගැනීම, සමහරතැන්වල කුඩා පාළම් පුපුරවා හැරීම වැනි සිදුවීම් සමගින් එය ලංකාව තුළ ධනවාදයට එරෙහි පළමු  මහා ජනතා නැගිීටීමක් සළකුණු කරයි. පොදු ජනතාව ගේ විප්ලවවාදී උද්වේගය මෙසේ ප‍්‍රකාශයට පත්වීමත්, ආණ්ඩුව වරායේ නවතා තිබූ නැවකට පසුබසිමින් හා ඩඞ්ලි සේනානායක අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් ධනපති පංතියේ දුර්වල, වැනෙන සුළු, අධිෂ්ඨාන විරහිතභාවය ප‍්‍රකාශවීමත් සමගින් ඉතිහාසයේ සංධිස්ථනායක් නිර්මාණය විය. වැදගත් ප‍්‍රශ්නය නම් මේ  ඉතිහාසයේ සංධිස්ථානය කෙරෙහි විශ්වාසය තබමින් (ලෙනින් - තෝ .කෘති 6 වෙළුම, 134 පිට)

* තීරණාත්මක හැරවුමක් ගැනීමට ලසසප හෝ කොප නායකත්වය සූදානම් බවක් පෙන්වූයේ ද යන්නය. නැත. නිර්ධන පංතිය වෙත රාජ්‍ය බලය දිනාගැනීමේ  විප්ලවීය දැක්මක් හෝ උවමනාවක් නොතිබූ බවත් ඒ හේතුව නිසාම විප්ලවීය පක්ෂයක් සහ ඒ වටා කම්කරු පංතිය හා පීඩිත පංතික බලවේගයන් සංවිධානයකිරීමේ උපාය මාර්ගයක් නොතිබූ බවත් පසු දින මහා ජනතා නැගිීටීම නැවැත්වීමට ගත් තීරණයෙන් ම පැහැදිලිවෙයි. මහමග වැතිර මාර්ග බාධකයක් බවට පත්වීමට තරම්  එඩිතරකමක් පෙන්වූ  පීඩිත පංතික ගැහැණු සහ පිරිමි (රන්දොඹේ* පක්ෂයේ නායකත්වයෙන් මහජන කමිටු වැනි බහුජන සංවිධාන අකෘතින් තුළ ස්ථානගත කීරීමේ සංවිධාන උපාය මාර්ගයක් අරගලයට පූර්වයෙන් හෝ අවම වශයෙන් රන්දොඹේ ආදර්ශය අරගල භූමිය පුරා පැතිර යද්දී ඒ  අතරතුර ක්ෂණිකව හෝ  මතුකර ගැනීමට තරම් දැක්මක්  එදා වමේ පක්ෂවලට   තිබී නැත.  වඩාත් හාස්‍ය ජනක දේ නම් එවකට ලෝකයේ ප‍්‍රබල ට්‍රොට්ස්කිවාදී පක්ෂය වූ ලසසපය,  පෙට්‍රොග‍්‍රෑඞ් කම්කරු සභාවේ -සෝවියට් සභාවේ සභාපති වූ ට්‍රොට්ස්කි ගේ පංති අරගල දේශපාලන භාවිතය අහලකින්වත් නොයාම ය.
මීල`ගට අපි ජවිපෙ වෙත පිවිසෙමු. ජවිපෙ නායකත්වයෙන් 71 සහ 88 දී සන්නද්ධ අරගල දෙකක් ම දියත් කෙරී ඇත. එම අරගලයන් දෙක ම එම පක්ෂයේ පිළිගැනීම අනුව සමාජවාදී සමාජයක් එනම් නිර්ධන පංතිය වෙත රාජ්‍ය බලය දිනා ගැනීම අරමුණුකරගත් ඒවා ය. 71 වනවිට සිදුවී තිබුණේ  කෙලින්ම පක්ෂය සංවිධානය කිරීමත් එම පක්ෂයම සන්නද්ධ හමුදාවකට පරිවර්තනය කිරීමත් ය. පුද්ගලයන් සවිඥානගත කිරීමේ හා ඔවුන් උරගා බැලීමේ විධික‍්‍රමයක් වශයෙන්  යොදාගත්තේ පංති පහ හා අධ්‍යාපන කඳවුරු ය. අනතුරුව ඔවුන් අවම  මට්ටමක හෝ පුහුණුවක් නැතිවම සන්නද්ධ ප‍්‍රහාරයකට යොමු කරනු ලැබීණ. කළ යුත්තේ පළමුව පුද්ගලයා බිම්මට්ටමේ බහුජන අරගල ව්‍යාපාරයක් තුළ ගොනුකර ඒ මගින් දැනුවත් කිරීමේ හා පුහුණුකිරීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කර දෙවනුව පක්ෂයේ ද්වීතියික සංවිධාන තුළ පිහිටුවා වැඩිදුරටත් හැඩගස්වා න්‍යායික දැනුමෙන් ද සන්නද්ධකර   තිරසර විප්ලවවාදියෙකු  බවට පරිවර්තනය කිරීමෙන් පසුව පමණක්  පක්ෂයට උරා ගැනීම ය. එවැනි   විප්ලවීය ප‍්‍රායෝගික පාසලක ලබාදෙන අධ්‍යාපනයට හා පුහුණුවට පංති පහ සහ කඳවුරු අධ්‍යාපනය කිසිසේත් සමකළ නොහැකි ය. ඉන් සිදුවූයේ පුද්ගලයා සමාජයෙන් උගුල්වා සෘජුව පක්ෂය තුළ පැළ කිරීම ය. අනතුරුව පක්ෂ සංස්කෘතියට අනුව හැඩගැස්වීම ය. මෙය විප්ලවීය පක්ෂයකට වඩා යම් ආකාරයක නිකායක්  බඳු විය. පොදු ජනතාව සමග සංයෝග වීම වෙනුවට සිදු වුණේ ජනතාවගෙන් ඔවුන් වෙන්කර පෙන්වන පැහැදිලි හිස් අවකාශයක් නිර්මාණය වීම ය. මෙසේ තිබියදීත් ජවිපෙ යම් ජනප‍්‍රියතාවයක් දිනාගෙන සිටි බව සත්‍යයකි. ඒ, නිිසි මග පෙන්වීම නිසා එය වටා ගොඩ නැගුණ අනුගාමිකත්වයක් හේතුකර ගෙන නොව  හොර මැර වංචා දූෂණවලින් පිරි ධනපති දේශපාලන ව්‍යාපාරය සමග ජවිපෙ සංසන්දනය කර බලද්දී එහි ක‍්‍රියාකාරීන්ගේ අවංකබව, කැපවීම හා වංචා දූෂණවලින් තොරවීම ගැනත් අමතරව පසුකාලයේ ඔවුන්ගේ ජාතිකවාදි සටන් පාඨ ගැනත්  ඇති වූ හුදු කැමැත්ත ප‍්‍රකාශවීමක් වශයෙනි. මේ තත්ත්වය පංතිමය පෙළගැස්මක් වන්නේ නැත. කළ යුතු වූයේ විප්ලවීය පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන විෂයබද්ධ පීඩිත පංතික සටන්පාඨ ඔස්සේ ඉදිරියට යන්නට ජනතාව පෙළ ගැස්වීම ය. පංතිමය පෙළගැස්මක් වන්නේ එවිට ය. ජවිපෙ මුදාහල  ප‍්‍රචණ්ඩත්වයේ හා පටු ජාතිකවාදයේ තෙරපුම යටතේ 88-89 අරගලයේ දී යම්  ප‍්‍රමාණයක ජන සහභාගිත්වයක් ලැබී තිබුණ ද එය පොදු ජන අරගල ව්‍යාපාරයක් වූයේ නැත.  වෙනත් නම්වලින් පෙනී සිටියත් එතැන තිබුණේ පක්ෂය ම ය. 
  ලෙනින්වාදයට අනුව, ලාංකේය නිර්ධන  පංතික දේශපාලන ව්‍යාපාරය ගොඩනැගීම  යන්නෙන් අදහස් වන්නේ නැතිනම් එහි සංයුක්තව ඇත්තේ කම්කරුවන්්  ගොවීන් සෙසු පීඩිත පංතිකයින්, පීඩිත ජාතීන්  සහ ප‍්‍රගිතිශීලීන්  අයත් විප්ලවීය පොදුජන අරගල ව්‍යාපාරය සහ නිර්ධන පංති පක්ෂය යන ද්විත්වය අන්‍යොන්‍ය සම්බන්ධිතව ගොඩ නැගීම ය. ඒ අනුව විප්ලවවාදී පක්ෂයක කාර්ය භාරය බැහැර කරමින් පොදුජන අරගල ව්‍යාපාරයක් ගැන සිතීම හෝ පොදුජන අරගල ව්‍යාපාරයක කාර්යභාරය බැහැරකරමින් විප්ලවවාදී පක්ෂයක් ගැන සිතීම හෝ කළ නොහැක්කකි. විප්ලවීය පක්ෂයක මග පෙන්වීම නොමැතිව පොදුජන අරගල ව්‍යාපාරයක් පැන නැගිය හැකිමුත්  එය නිර්ධන පංති විප්ලවයේ ජයග‍්‍රණයෙන් නොව තවත් ‘අරාබි වසන්තයකින් ’ ම කෙළවර වන්නක් බව අපි දනිමු. එසේම පොදු ජන අරගල ව්‍යාපාරයක් නොමැතිව, ලෙනින් කියන විදියට නිර්ධනයින්ගේ සහ නිර්ධනයින් නොවන වැඩකරන ජනතාවගේ ප‍්‍රමාණවත්  සහයෝගය ප‍්‍රකාශ කෙරෙන ව්‍යාපාරයක්  නොමැතිව  විප්ලවවාදී පක්ෂය කෙලින්ම සටනට පිවිසෙන්නේ නම් එය සිය දිවිහානිකර ගැනීමකට සමාන වෙයි. පළල් හා පොහොසත් පසුමුණක් නැතිව පෙරමුණු බල ඇණියකට පමණක් සටනක් සාර්ථකව ජයග‍්‍රහණය කළ නොහැකි ය. අපට විප්ලවීය පොදුජන අරගල වේදිකාව නුහුරු නුපුරුදු තැනකි.  මක්නිසා ද තමන්ගේ පාරිශුද්ධ කුටුම්භ වටා මහා පවුරක් අටවාගෙන  පේමන්ට් එකේ මැජික් පෙන්නන්නා වගේ ‘එන්න අප වටා එක්වන්න’ කියා අ`ඩගාන දේශපාලනය  හෝ එහෙමත් නැතිනම් මොනම ඉදිරි දැක්මක්වත්  නැතිව එදාවේල පිරිමහ ගන්නා ආකාරයේ ‘ඇක්ෂන්’ දේශපාලනයේ නියැලීම දන්නා, පුරුදු එකම දේශපාලනය   වන නිසාය. මේ දෙආකාරයෙන්ම මිදිය යුතු ය. අවශ්‍ය වන්නේ  සියළු බලය තමන් අතට පත් කෙරෙන ආකාරයේ තමන්ගේම බල ව්‍යුහයක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය හා හැකියාව  සියළුම  වැඩ කරන පීඩිත  ජනතාවට වටහා දීමය. විප්ලවීය  කලලය බිහිකර ගැනීම  සඳහා මග පෙන්වීම ය. පුහුණු කිරීම ය. නායකත්වය දීම ය. එය කළ යුත්තේ විප්ලවීය පක්ෂ සහ සංවිධාන විසින්ය යන්න අවිවාදිත ය. මෙහිලා පළමු කොන්දේසිය සෝවියට් ව්‍යාපාරය ආකෘතිමය වශයෙන් නොගෙන එහි හරයවූ විප්ලවීය පොදුජන අරගල ව්‍යාපරය  යථාර්ථයෙන්ම ගෙන ග‍්‍රහණය කරගැනීම ය. ඒ විප්ලවීය සංස්කෘතිය ලාංකේය බිම මත ගොඩ නැගීම ය.
   දැන් අපි මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි ප‍්‍රශ්නයක් ගැන අවධානය යොමු කරමු. කොමියුනය හෝ සෝවියට් ව්‍යාපාරය බිහිවුණේ අදාළ ජනතාවගේ ‘ස්වයං ක‍්‍රියාආරම්භත්වයෙන්’, අරගල බිමෙහි ඒ ඒ මොහොතෙහි ය. ඒ ඒ ඓතිහාසික තත්ත්වයන් යටතේ ය. ඒ නිසා එම සංකල්පය  එයාකාරයෙන් ක‍්‍රියාත්මක කිරීමට  උත්සාහ දැරීම ප‍්‍රායෝගික ද? 1905 පළමු සෝවියට් සභාව බිහිවීමට පාදක වූ කරුණ  කම්කරුවන්ගේ වැඩවර්ජනය  යන තේරුමෙන් එය ‘ස්වයං ක‍්‍රියාආරම්භත්වයක් ’ ලෙස සැලකිය හැකි ය. නමුත් එය සාමාන්‍ය වැඩවර්ජන මෙහෙයුම් කමිටුවකට වඩා ‘බලය’ අත්පත්කර ගැනීමේ දිශාවට යොමුවූ කම්කරුවන්ගේ ආයතනයක් බවට පත්වන්නේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් (බොල්ෂෙවික් හා මෙන්ෂෙවික්), සමාජ විප්ලවවාදීන් හා වෙනත්  විප්ලවවාදී හා ප‍්‍රගතිශීලී කවයන්ගේ මැදිහත්වීමෙන් ය, මෙහෙයවීමෙන් ය. පසු කාලයේ ඒ සඳහා වඩාත් තෙරපුමක් ඇති කරන්නේ ලෙනින් ය. මෙහිදී ලෙනින් කළේ පැරිස් කොමියුනය අනුකරණය කිරීමක්  නොව සෝවියට් සභාවේ  අඩංගු කොමියුනයක  විභවය  හඳුනාගෙන එය   ඉදිරියට ගැනීම ය.  පැරිසියේ දී ‘කොමියුනය’ බවට පත්වන්නේත් රුසියාවේදී ‘සෝවියට් සභා’ බවට පත්වන්නේත්  විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරයම ය. එහි ජාතික ස්වරූපයන් ය. වෙනත් රටකදී එම ව්‍යාපාරය එම රටේ ජාතික අනන්‍යතාවයකික් පැන නැගිය හැකි ය. මිනිසා පරිකල්පන හැකියාව ඇත්තෙකි.  ඔහු තමන්ගේම සෘජු අත්දැකීම් මගින් උගන්වන තෙක් බලා නොසිටීයි. අතීතය පරිකල්පනය කර ඒ අනුව ඔහු වර්තමානය නිර්මාණය කරගනී. ලාංකේය විප්ලවීය ව්‍යාපාරය කොමියුනය හෝ සොවියට් සභා අනුසාරයෙන් විප්ලවීය පොදුජන ව්‍යාපාරයක දේශීය අකෘතියක් නිර්මාණයකර නොගත යුත්තේ ඇයි? විප්ලවීය ආණ්ඩුවක කලලය සොයා නොගත යුත්තේ ඇයි? විප්ලවයේ පොදුජන ස්වරූපය ගැන වැටහීමක් ඇති නම් විප්ලවීය පක්ෂයකට මේ පිළිබඳ සංකල්ප මාත‍්‍රයක් හෝ තිබිය යුතු ය. එබැවින්  අපට ඇත්තේ කොමියුනය ද සෝවියට් ද යන නාමකරණය පිළිබඳ  ප‍්‍රශ්නයක් නොව,  ඒවායේ හරය මත පිහිටා  ලාංකේය විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරය ගොඩ නැගීම පිළිබඳ ප‍්‍රශ්නයකි. විප්ලවීය රාජ්‍ය බලයේ කලලය සොයා ගැනීම පිළිබඳ ප‍්‍රශ්නයකි .
ලාංකේය  විප්ලවීය පොදුජන අරගල ව්‍යාපාරය ගොඩ නැගීම අපේ වාමාංශික පක්ෂ සහ සංවිධානවල ප‍්‍රයත්නයෙන්ම සිදුවි යුත්තකි. අවශ්‍යවන්නේ ප‍්‍රථමයෙන් ඒ පිළිබඳ දැක්මක්, දෘෂ්ටිමය වටහාගැනීමක් ලබා ගැනීම ය. දැනටමත් ගොඩ නැගී ඇති වාම පක්ෂ, සංවිධාන හා පුද්ගලයන්ගේ එකතුව තුළ ද ඉන් බාහිරව ද මේ පිළිබඳ ගැඹුරු සංවාදයක් මතු කර ගැනීම අවශ්‍යය. වාම එකතුව පවත්වා ගෙන යමින්ම එම පක්ෂ, සංවිධාවල මැදිහත්වීමෙන් නමුත් ඊට බාහිරින් විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරයට මුල්ගල තැබිය හැකි බව අපේ විශ්වාසය යි. පළමු වටයට අපට හැකියාව ඇති වඩාත් වැදගත් කලාපයන් තෝරා ගෙන එම කලාපයන්හි වාම සහ ප‍්‍රගතිශිලී කොටස් ඒකරාශිකර (මේ අදහස ඔවුන්ට ඒත්තු ගන්වමින්) ඔවුන්ගේම සටන් මධ්‍යස්ථානයන් ගොඩ නගා ගැනීමට මග පෙන්විය යුතු ය. ඒවා හුදෙක් එම කලාපයන්හි මානව අයිතීන් හෝ පරිසරය හෝ සුරැුකීමේ සංවිධාන, ගොවි සංවිධාන හෝ වෙන යම් පාර්ශවීය සංවිධානම නොව ධනපති ආර්ථික හා දේශපාලන අධිකාරිත්වය නම් සමස්තයට එරෙහිව අභියෝගාත්මකව නැගී සිටින පොදු සටන් මධ්‍යස්ථාන බව ආරම්භයේදීම නිශ්චය කරගත යුතු ය. නමුත් ඉහතකී වර්ගයේ  ඕනෑම සංවිධානයකට හෝ පුද්ගලයෙකුට මධ්‍යස්ථානයට සම්බන්ධවිය හැකි ය. අනෙක් වැදගත් කරුණ නම් මෙහි ආරම්භය ජාතික ව්‍යාපාරයක ස්වරූපයෙන් නොව එකිනෙකෙන්  ස්වාධීන ප‍්‍රාදේශීය මධ්‍යස්ථාන ලෙස ගොඩ නැගීම ය.  ඉහළින් ඇති ආගන්තූක ‘ජාතික  විධායක කමිටුවකින්’ නියෝග දීම, උපදෙස් දීම හෝ මෙහෙයවීම කරන්නට යන පළමු මොහොතේම එය ශාඛාවක තත්ත්වයට පත්වෙයි. තමන්ගේම පොදු තීරණයන් මගින් එළඹෙන ක‍්‍රියාරම්භකත්වයට  එම මධ්‍යස්ථානයන්ට ඉඩ දිය යුතු ය. වර්ධනය වන තත්ත්වයන් විසින් ඉල්ලා සිටින විට මේ සියළු මධ්‍යස්ථානයන් ජාතික සමුළුවක් තුළ ඒකාබද්ධකළ හැකි ය. ජාතික මට්ටමේ පක්ෂ සහ සංවිධානගත සාමාජිකයන් තමන්ගේ ජාතික හෝ කලාපීය උපාය මාර්ගයන්  ඒ තුළ ජයග‍්‍රහණය කරවීම  ඒවා  තර්කානුකූලව ඒත්තු ගැන්වීම මගින් පමණක් කළ යුතු ය. එසේ නැතිව කවර උපායයක් හෝ යොදා  තමන්ගේම නායකත්වය යටතට,  ලෙනින් කියන විදියට  ‘තමන්ගේ බැනරය’ යටතට ගන්න දරන උත්සාහයන් එහි ජීවය රැුඳී ඇති මතවාදිමය අරගලය වගේම බිමේ ප‍්‍රායෝගික අරගලය ද  ප‍්‍රතික්ෂේප කිරීමකි. මෙය එක අතකින් තමන්ගේ සාමාජිකයන්ගේ තර්ක බුද්ධිය මොටකර දමන අතරම අනෙක් අතින් පීඩිත ජනතාවමත් එවැනි තත්වයකට ඇද දමයි. විවිධත්වය ඉවසන, තර්කානුකූලව සිතන, සැබෑ බිමේ කෙරෙන අරගලය තුළින් ලබන පන්නරය ඇති  පංතියේ ක‍්‍රියාකාරීන්,  නායකයන් බිහිවන්නේ ද අනෙක් අතට නිර්ධන පංතියේ පෙරමුණු බල ඇණියෙහි පංති විඥානය, විප්ලවය කෙරෙහි වූ කැපවීම, නොපසුබස්නා වීර්ය හා වීරත්වය ප‍්‍රකාශ කෙරෙන්නේ ද මෙවැනි ව්‍යයාමයක් තුළ පමණි. එය සැබෑ විප්ලවවාදීන් පෙරා වෙන් කරන පෙරණයක් වැනි ය. 
විප්ලවීය  පක්ෂයක්,  සංවිධානයක් ජනතාව සමග සංයෝග වෙමින් සිය දේශපාලන දෘෂ්ටිය, වැඩපිළිවෙල, උපාය මාර්ගය , ක‍්‍රියාමාර්ගික සැලසුම් සහ දේශපාලන නායකත්වය  ආදියෙහි නිවැරදිබව, හා ඒවා නිවැරදිබව ජනතාවට ඔවුන්ගේම අත්දැකීම් මගින් දැනෙන්ට සලස්වමින් නිර්ධන පංති විප්වයේ ජයග‍්‍රහණය කරා ජනතාව මෙහෙයවීමේ ලෙනින්වාදී විධික‍්‍රමය එයය යන්න අපේ අවබෝධය යි.
 

පීපල්ස් මාච්

Sunday, May 12, 2013

පක්ෂය හා විප්ලවීය මහජන ව්‍යාපාරය 5

සෝවියට් සභා විප්ලවීය ආණ්ඩුවක කලලයකි
අපේ කාර්යභාරය හා කම්කරු නියෝජිතයින්ගේ සෝවියට් සභාව  නම් ලිපියෙහි ලෙනින් අවධාරණය කරන තවත් වැදගත් කරුණක් නම් දේශපාලන වශයෙන් සෝවියට් සභා තාවකාලික විප්ලවීය ආණ්ඩුවක කලලය ලෙස සැලකිය යුතුය යන්න ය. මෙම ඉදිරිපත් කිරීමේදී ඔහු  මාක්ස්වාදයේ වැදගත් මූලික සංකල්පයක් වන රාජ්‍යය පිළිබඳ න්‍යාය සෝවියට් සභා සමග එක එල්ලේ සම්බන්ධකර ඇත. වැඞී වර්ධනය වීමට නියමිත යම්කිසිවක මූලික ගති ලක්ෂණ සියල්ල අඩංගුකරගත් එහි ප‍්‍රාථමික අවධිය කලලය නමින් හඳුන්වයි. 1905 ප‍්‍රථම සෝවියට් සභාව විප්ලවීය ආණ්ඩුවක මූලික ගති ලක්ෂණ අඩංගුකරගත් කලලයක් වී ද? එක් අතකින් පාර්ලිමේන්තුවකින්  පනවන ලද නීති මගින් බැහැරව ජනතාව තමන්ගේ ප‍්‍රදේශවල සිට කෙලින්ම බලය අල්ලා ගැනීම මගින් ද ප‍්‍රතිවිප්ලවීය හමුදාවන්ට එරෙහිව කම්කරුවන්ගේ සන්නද්ධ සේනාංකයන් ගොඩනගා ගැනීම මගින් ද අනෙක් අතට කම්කරුවන් විසින් සෘජුව නියෝජිතයින්  තෝරාපත්කර ගැනීම මගින්  සහ එය විසින්ම නියෝග පනවමින්  හා ක‍්‍රියාත්මක කරමින් ව්‍යවස්ථාදායක හා විධායක බලය එක්තැන් කිරීම මගින් ද සෝවියට් සභාව විප්ලවීය ආණ්ඩුවක මූලික ලක්ෂණ පෙන්නුම් කළේ ය. 
එක් පැත්තක පැරණි රුසියාව වෙනුවෙන්   සූරාකෑමේ, පීඩනයේ සහ මිනිසාට එරෙහි ප‍්‍රචණ්ඩත්වයේ සියළු දුෂ්ඨ බලවේගයන් නිළ රාජ්‍යය තුළ සංවිධානයවී සිටී.  අනෙක් පැත්තේ  නිදහස සහ සමාජවාදය වෙනුවෙන්  සියළු පීඩිත ජනතාවගේ සහ සාධාරණත්වය අගයන බුද්ධිමතුන්ගේ විප්ලවීය බලවේගයන්   නැගී එන සෝවියට් සභා තුළ හිඳිමින්  මුහුණට මුහුණලා අරගලයක යෙදී සිටී.  එය සාමාන්‍ය වශයෙන් ජනතාව වෘත්තීය සමිති හෝ සමූපකාර සමිති තුළ සංවිධානයවී සිටිනවාට වඩා වැඩි දෙයක් යනුවෙන් ලෙනින් පැහැදිලි කරයි.  එහි සියළු ලක්ෂණ වෙතින්, එම ලක්ෂණ තවමත් නොදියුණුව පැවතුණ ද  නිර්ධන පංතියේ දේශපාලන ආධිපත්‍යයයේ  මුලික ලක්ෂණ  ප‍්‍රකාශ කෙරෙයි. එම අර්ථයෙන්  සෝවියට් සභා නව විප්ලවීය රාජ්‍ය බලයක කලලයක් වෙයි.
1905 විප්ලවයේ පරාජය  ජනතාව දිගු කලකට අධෛර්යට පත් කළේ ය. දැනුවත් විප්ලවවාදීන් ජනතාව මත පැතිරවූ බලපෑම හීන කළේ ය. එදා පොලිස් ප‍්‍රහාරයකට එරෙහිව එකාවන්ව නැගී සිට වැඩවර්ජනයේ යෙදුන කම්කරුවෝ  දැන් ආණ්ඩුවේ කෲර අපරාධයන්ට වුව ද කිසිදු විරෝධයක් නොපා  ඉවසා සිටිති. එහෙත්  1914 දී හටගත් යුද්ධය හා එහි  රුසියානු පංගුකාරිත්වයත් විසින් කම්කරු පංතිය සහ සෙසු පීඩිත පංතීන්  මත ඇතිකරන ලද පීඩනය ඔවුන්  නින්දෙන් අවදි කළේ ය.  පීතෘ භූමිය ආරක්ෂා කිරීමේ ආණ්ඩුවේ මෝහනීය ප‍්‍රකාශ නිශ්ප‍්‍රභා කෙරිණි. නව දේශපාලන හැරීමක්, වඩා ඉහළ තලයකින් ඇරඹිණ. කම්කරු වැඩවර්ජන නැගිටීම් බවට පත්විය. ගොවීහු ද  සොල්දාදුවෝ ද කම්කරුවන් අනුගමනය කළහ. ප‍්‍රතිඵලය නම් 1917 පෙබරවාරි 27 සාර් බලයෙන් නෙරපා දැමීම ය. එදිනම වෘත්තීය සමිති,  සමූපකාර සමිති සහ පක්ෂ නායකයෝ රැුස්ව 1905 ආදර්ශයට ගනිමින් සෝවියට් සභාවක් කැඳවූහ. අපේ‍්‍රල් වනවිට නගර, ගම් කරා පැතිරෙමින් සෝවියට් සභා වඩාත් පැතිරුණු හා සංකීර්ණ මෙන්ම වඩාත් විප්ලවීය මහජන ව්‍යාපාරයක් බවට පත්විය. සෝවියට් ව්‍යාපාරයේ ප‍්‍රධාන අවිය වුනේ වැඩ වර්ජනය යි. නිර්ධන පංතියේ සියළුම කණ්ඩායම් සමග සෘජු සම්බන්ධාතාවයන් තබා ගනිමින් එය මුළු වැඩකරන ජනතාවගේ  බලය හා අධිකාරිත්වය ප‍්‍රකාශ කළේය. නිෂ්පාදන මාර්ගයන්ගේ අයිතිය ධනපතින් සතුව තිබුණත්, රාජ්‍ය නිළ බලය නිළධාරි තන්ත‍්‍රය අත තිබුණත් රටේ එදිනෙදා  ආර්ථික ක‍්‍රියාකාරිත්වය හා රාජ්‍ය පාලනය අක‍්‍රීය කිරීමෙහි ශක්තිය එය සතු විය. ජනතා බලය සැබවින්ම සෝවියට් සභා මත රදීපැවතියෙන් නිළ තාවකාලික ආණ්ඩුව නාමික එකක් විය. කම්කරුවෝ, සොල්දාදුවෝ  තාවකාලික ආණ්ඩුවේ නියෝග නොතකා  හැර සෝවියට් සභා නියෝග ක‍්‍රියාත්මක කළහ. සෝවියට් ව්‍යාපාරය අත්කර ගනිමින්  තිබූ මේ බලය එහි නායකත්වයේ සිටි සුළු ධනපති සමාජ විප්ලවවාදීන් හා මෙන්ෂෙවිකයන් (1917 ජුනි 3 දින පැවැත්වූ කම්කරු හා සොල්දාදු නියෝජිතයින්ගේ සෝවියට් සභා ප‍්‍රථම සමුළුවට සෝවියට් සභා 400 ක 1090 ක් නියෝජිතයින්   සහභාගි වී ඇත. ඉන් 285 ක් සමාජ විප්ලවවාදීන් ද 248 ක් මෙන්ෂෙවිකයන් ද නියෝජනයකර ඇත. බොල්ෂෙවිකයන් නියෝජනයකර ඇත්තේ 105 ක් පමණි.* යොදාගත්තේ ධනපති සභාග ආණ්ඩුවකට ඇතුල්වීමට ය, ඒ සමග කේවල් කිරීමට ය.
කවර ආකාරයක හෝ ස්ථාවර  පාලනයක් වීමට නම් ආර්ථික හා දේශපාලන වශයෙන් සමස්ත සමාජය මත තනි ආධිපත්‍යය පැතිරවීම අත්‍යාවශ්‍ය වුව ද දැන් එම කොන්දේසිය බිඳවැටී ධනපති ආණ්ඩුව වන  තාවකාලික ආණ්ඩුව සමග එක පෙළට සිටින සේ තවත් ආණ්ඩුවක් නිර්මාණය වී තිබේ. ( ලෙනින් - ද්විත්ව බලය) ආණ්ඩුව පෙරළා දැමිය යුතු වුව ද කම්කරුවන්ගේ හා ගොවීන්ගේ පංති විඥානය හා සංවිධානය ප‍්‍රමාණවත් නොවීම නිසා සෝවියට් සභාවල ආධාරය මත එය තවමත්  රැුඳී පවතී. ද්විත්ව බලය  තරමක දිගු කාලයක් පුරා ඇදී යන්නේ මේ හේතුව නිසා ය. සෝවියට් සභාවල විප්ලවීය හරය සලකා ඉදිරිපත් කළ සියලූ බලය සෝවියට් සභාවලට යන බොල්ෂෙවික් සටන් පාඨය ප‍්‍රතිපත්තිමය වශයෙන් නිවැරදිය. එහෙත් එහි නියම අරුත ප‍්‍රකාශ වන්නේ  සුළු ධනපතිවාදී නායකත්වයෙන් තොර සෝවියට් සභා සම්බන්ධයෙන් බවට ලෙනින් කරුණු දක්වයි. මිනිස් වර්ගයා විසින් මෙතෙක් පරිණාමයකොට ගෙන ඇති උසස්තම ආණ්ඩු ආකෘතිය - සෝවියට් සභා - මෙසේ විකෘතියක් වී ඇතිවිට ධනපති පංතිය සමග බෙදාගත් බලයක් සඳහා නොව නොබෙ¥ තනි බලයක් නිර්ධන පංතිය වෙත දිනා ගැනීම කුමන්ත‍්‍රණකාරී ක‍්‍රියා මගින් නොව, ‘අතිධාවනකාරී ක‍්‍රියා මගින් නොව, නිර්ධන පංතියේ සිත් සතන් පිරිසිදු කිරීමෙන්, ඔවුන් ධනපති බලපෑමෙන් නිදහස් කරගැනීම මගින් කළ යුතු කාර්යයක් බව ලෙනින් අවධාරණය කරයි. සැබෑ අත්දැකීම් ලැබීමෙන් හා ඒ සමග බොල්ෂෙවිකයන් ගෙනගිය ඉවසිලිමත්ව කරුණූ පෙන්වාදීම මගින් නිර්ධන පංතිය බොල්ෂෙවිකයන් වටා එක්වූහ. ඒ අනුව 1917 නොවැම්බර් මස පවත්වන දෙවන සමුළුවේ සංයුතිය වෙනස් විය. සෝවියට් සභා 318 ක් නියෝජනය කරමින් සමුළුවට සහභාගි වූ නියෝජිතයින් 649 න් 390 ක්ම බොල්ෂෙවිකයෝ වූහ. සමාජ විප්ලවවාදීන් 160 කි. මෙන්ෂෙවිකයින් 72 කි.  ද්විත්ව බලය අහෝසිවී විප්ලවය ජයග‍්‍රණය කළේය. මෙසේ සෝවියට් සභා දැඩි ලෙස අවස්ථාවාදයට යටත්ව තිබූ වකවානුවලදී පවා නිර්ධන පංති විප්ලවයේ මූලික කොන්දේසි වෙතින් බැහැරවීමට හෝ  සෝවියට් සභා ව්‍යාපාරයෙන් ඉවත්වීමට හෝ ලෙනින් පෙළඹී නැත. ස්වයං ආරම්භකත්වයෙන් පැන නැගි කම්කරු පංතික අරගල ම්‍යස්ථානයක් කම්කරුවන්්, ගොවීන්, සොල්දාදුවන්, ශිෂ්‍යයන්, බුද්ධිමතුන් ඇතුළු සියලූ පීඞීත කොටස් වැළඳගත් දැනුවත්, සංවිධිත පොදු අරගල ව්‍යාපාරයක් බවටත් එතැනින් එය නිර්ධන පංතික රාජ්‍ය බලයක් බවටත් පත්වීමේ ඉතිහාසය යනු  බොල්ෂෙවික් ව්‍යාපාරය හා සෝවියට් සභා ව්‍යාපාරයේ අනොන්‍ය සම්බන්ධතාවයේ ඉතිහාසයයි.
එහෙත් අපේ මෑත වාම ව්‍යාපාරයේ ඉතිහාසය කියාපාන්නේ කුමක් ද? ඒ ඓතිහාසික ව්‍යාපාරය එහි වර්ධනයේ නිසි සම්බන්ධතාවයන් තුළ ගෙන පිරික්සා බලා ඇති ද? පසු කාලයක හෝ එය ගැඹුරින් අධ්‍යයනය කර ඇති ද? එසේ නොකිරීමෙන් අප ගමන්කර ඇත්තේ ප‍්‍රථමකොට නිර්ධන පංතික සිත්සතන් පිරිසිදු කිරීම, නිර්ධන පංතිකයන්  ධනපති පංතික බලපෑමෙන් නිදහස්කර ගැනීම නම් යෝධ මහජන ව්‍යාපාරය ගොඩනැගීම වෙත නොවන බව ය. ලෙනින්  එහි හරය ග‍්‍රහණය කරගෙන විප්ලවයේ ජයග‍්‍රහණය කරා එය යොමු කර ඇත. අපි එය නැගීසිටීමේ ආකාරයක් ලෙස, එය ද උඩින්පල්ලෙන් සලකා බැහැරකර අතිධාවනකාරී අරගල කරා ගමන් කර පරාජයන් අත්විඳ ඇත්තෙමු. ඇත්තවශයෙන්ම රුසියානු විප්ලවයේ උච්ඡුතම අවස්ථාව වූ නැගීසිටීමේ මූලික මෙහෙයුම් කටයුතු දියත් කළේ ද සමස්ත  සෝවියට් සභාවන් විසින් නොවේ. එය කළේ නොවැම්බර් වනවිට බොල්ෂෙවිකයන් ගේ නායකත්වය යටතට පත්ව තිබූ පෙට්‍රොග‍්‍රෑඞ් සෝවියට් සභාව විසින් ය. ඒ නිසාම අනෙක් පාර්ශවයන් නැගිටීම බොල්ෂෙවික් කුමන්ත‍්‍රණයක් ලෙස හංවඩුගසා එය පිළිගැනීම ප‍්‍රතික්ෂේප කළහ. නමුත් බොල්ෂෙවිකයන් බලය අල්ලානිමින් සෝවියට් සභා විප්ලවයේ බල කේන්ද්‍රස්ථානයෙහි පිහිටවූහ.
සෝවියට් සභා නිර්ධන පංති රාජ්‍ය බලයේ ආකෘතියක් ලෙස
විප්ලවයේ ජයග‍්‍රහණයෙන් පසු  ව්‍යවස්ථාපිත  ජනතා පාලනයක් බවට පත්වෙමින් එම කලලය එහි නිසි පරිනත අවධියට ළ`ගා විය. 1919 අගෝස්තු 24 ලෙනින්, ඒ ගැන මෙසේ කියයි.
ව්‍යවහාරයේදී ‘කම්කරු පංතියේ ආඥාදායකත්වය’ යනුවෙන් අදහස් වන්නේ ප‍්‍රාග්ධනය දෙසට නැඹුරුවීමක් නොව, එයට විරුද්ධව සටන්කිරීම සඳහා වූ වැඩකරන ජනතාවගේ සන්ධානයකි, කම්කරුවන්ගේ හා ගොවියන්ගේ රාජ්‍ය බලයකි, සෝවියට් රාජ්‍ය බලයකි. ( තෝ. කෘ 10,  97පිට)
ලෙනින් සෝවියට් සභා රුසියාවට පමණක් අදාළ කරගැනීමෙන් නොනැවතී ලෝකයේ  ඕනෑම තැනක තිබිය හැකි, කම්කරු පංතියේ හා එහි නායකත්වය දරන නිර්ධන පංතියේ ආධාරය ලබන එකම පාලන ආකෘතිය විය හැක්කේ සෝවියට් පාලනයයි, නිර්ධන පංති ආඥාදායකත්වයයි, යනුවෙන් හංගේරියානු සෝවියට් ආණ්ඩුවට සුභ පතිමින් අවධාරණය කරයි. (තෝ. කෘති 9, 202 පිට) 1920 දී  යුනිවර්ෂල් සර්විස් ප‍්‍රවෘත්ති සේවයේ බර්ලින් වාර්තාකරු කාල් වීගන්ද් ලෙනින් වෙත යොමු කරන ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ සමස්ත ලෝකයේම අනාගතය සෝවියට් ක‍්‍රමයට අයත් වන බව ය. (තෝ. කෘති 10 , 94 පි.) මෙලෙස ලෙනින් සෝවියට් පාලන ක‍්‍රමය ලෝකයට තිබිය හැකි එකම නිර්ධන පංති රාජ්‍ය ආකෘතිය ලෙස අවධාරණය කිරීමේදී යාන්ත‍්‍රිකවාදී මනෝරාජික ආස්ථානයකට ඇද වැටී ඇද්ද?  නැත.  ලෙනින් සියල්ල වාස්තවික සම්බන්ධතාවයන් තුළ තබා බැලූවෙකි. ඒ අනුව දේශපාලනය සකසා ගත්තෙකි. ඔහු සෝවියට් සභා හඳුනා ගන්නේ රාජ්‍යය පිළිබඳ, නිර්ධන පංති ආඥාදායකත්වය පිළිබඳ  මාක්ස්, එංගල්ස් ඉදිරිපත් කරන න්‍යායාත්මක මෙන්ම ජගත් විප්ලවීය කම්කරු ව්‍යාපාරය තුළින් ඔවුන් ලැබූ අත්දැකීම් මගින් වැඩිදුරටත් පෝෂණය කර ඉදිරිපත් කර ඇති  කරුණු සම්බන්ධයෙන් කරන ගැඹුරු හැදෑරීම මත පිහිටාය. 
මාක්ස් සහ එංගල්ස් විසින් රචිත කොමියුනිස්ට් ප‍්‍රකාශනය මගින්  පංති අරගලයේ  වර්ධනය නියත වශයෙන්ම  යොමුව ඇත්තේ නිර්ධන පංතියේ ආධිපත්‍යය ගොඩනැගීම කරා බව පෙන්වා දෙයි. සකල විධ ප‍්‍රාග්ධනය ධනපති පංතියෙන් උදුරා ගැනීමත් පාලක පංතිය ලෙස සංවිධානය වූ නිර්ධන පංතිය අත සියලූ නිෂ්පාදන මාර්ග මධ්‍යගත කිරීමත් අධික වේගයෙන් නිෂ්පාදන බලවේගයන්ගේ සමස්තය වැඩිකරලීමත් සඳහා එම ආධිපත්‍යය ක‍්‍රියාකරනු ඇත යනුවෙන් එම ආධිපත්‍යයයේ විෂයපථය සම්පිණ්ඩනාත්මකව එහි දක්වයි. එහෙත් පොදු වැඩපිළිවෙලක් වූ  කොමියුනිස්ට් ප‍්‍රකාශනයෙහි නිර්ධන පංති ආධිපත්‍යයේ ආකෘතිමය ස්වරූපය (ආණ්ඩු ආකාරය) මෙසේ යැයි පෙන්වීමට තරම් ඔවුන් මනෝරාජික වී නැත. ඔවුන්ගේ ඇස් පනාපිට 1871 දී පැරිසියේ කම්කරුවන් ධනපති ආණ්ඩුව පෙරළා දමා ප‍්‍රථම නිර්ධන පංති රාජ්‍යය - පැරිස් කොමියුනය -පිහිටූවූ විට එය ළ`ගින් සිට නිරන්තරව අධ්‍යයනය කරමින් එහි පියවරක් පියවරක් පාසා විග‍්‍රහ කරමින් මාක්ස් ජාත්‍යන්තර කම්කරු සංගමයේ මහා මණ්ඩලය වෙත වාර්තා කර  ඇත. ඒ වෙනුවෙන් ප‍්‍රකාශ නිකුත්කර ඇත.  පැරිස් කොමියුනයේ පරාජයෙන් ස්වල්ප දිනකට පසු ප‍්‍රංශයේ සිවිල් යුද්ධය නමින් එම ලියවිලි කෘතියක් ලෙස ප‍්‍රකාශයට පත්කරනු ලැබීය. පැරිස් කොමියුනයට ඇ`ගිල්ල දිගුකරමින් මාක්ස් එහි මෙසේ සටහන් කරයි. 
‘එය ඉඳුරාම කම්කරු පංතියේ ආණුඩුවක්, දේපළ අත්පත්කර ගන්නා පංතියට එරෙහි දේපළ නිපදවන්නාගේ අරගලයේ නිපැයුමක්, ශ‍්‍රමයේ ආර්ථික විමුක්තිය උදාකර ගැනීමට අවසානයේ  සොයාගත් දේශපාලන ආකෘතියක් විය.’
ප‍්‍රථම නිර්ධන පංති රාජ්‍යය දින 72 ට පමණක් සීමාවූව ද එය - කොමියුනය - කම්කරු පංතික ආණ්ඩුවක ආකෘතියක් ඉතිහාසයට හිමිකර දී ඇත. මාක්ස් සහ එංගල්ස්  පැරිස් කොමියුනයේ අත්දැකීම් මත පිහිටා  නිර්ධන පංති රාජ්‍යය පිළිබඳ සංකල්පය වඩාත් පෝෂණය කළ අතර ලෙනින් තමන්ගේම  දේශපාලන ව්‍යවහාරය තුළින්  එම සංකල්පය වඩාත් පැහැදිලි ලෙස විග‍්‍රහ කළේය. (කොමියුනය යනු දේපොළ පිළිබඳ සාමූහික අයිතිය හා පරිභෝජනය මත පදනම් වූ ජන සමූහයක් හැඳින්වීමට මධ්‍යකාලීන යුගයේ දී යුරෝපයේ භාවිත වචනයකි. පසු කාලයේ එම රටවල කූඩා පරිපාලන දිස්ත‍්‍රික්ක හැඳින්වීමට ද එම නම භාවිත කර ඇත.) 1871 පැරිස් කොමියුනය ගොඩනැගීමට නායකත්වය දුන්නවුන්ගෙන් බොහෝ දෙනෙක් ජාත්‍යන්තර කම්කරු සංගමයට සම්බන්ධව සිටි කොමියුනිස්ට්වාදීහු ද සමාජවාදී ද වූහ. පැරිස්වරුන්ට අමතරව පිටුවහළට ලක්ව සිටි රුසියන්, පෝලන්ත, ජර්මන්  වැනි වෙනත් ජාතීහු ද ඊට සහභාගි වූහ. ජර්මනිය විසින් වටකර පහරදෙමින් තිබියදීත් කොමියුනය ජර්මන් ජාතික කම්කරුවෙකු කම්කරු ඇමති වශයෙන් පත්කර ගනිමින්  සිය  ජාත්‍යන්තරවාදී ස්වරූපය පිළිබිඹු කළේය. වචනයේ එහි මුලික අර්ථයෙන් කොමියුනය දේපොළ පිළිබඳ සාමූහික අයිතිය හා පරිපාලනය ස්ථාපිත කරමින් තිබිණ. එහි මූලික ලක්ෂණ මෙසේය,
කොමියුනය ඡුන්දයෙන් තෝරාගත් එහෙත් කෙටිකාලයක් තුළ අවශ්‍ය නම් ආපසු කැඳවිය හැකි නියෝජිතයන්ගෙන් සමන්විත විය.  ඔවුන්ගෙන් බහුතරයක් කම්කරුවෝ හෝ කම්කරු පංතියේ  පිළිගත් නියෝජතයෝ වූහ.
කොමියුනය පාර්ලිමේන්තුවකට වඩා වෙනස් ලෙස එකවර ව්‍යවස්ථාදායකයක්  හා විධායකයක් ද විය.
ස්ථාවර හමුදා අහෝසි කිරීම හා ඊට සන්නද්ධ මහ ජනතාව ආදේශ කිරීම
පොලීසිය හා පරිපාලනයේ සියළු නිළධාරීන් කොමියුනයට වගකිවයුතු,  ඕනෑම මොහොතක ආපසු කැඳවිය හැකිවීම
කොමියුන නියෝජිතයන් ද ඇතුළු සියලූ මහජන පරිපාලන සේවකයන් සාමාන්‍ය කම්කරුවෙකුගේ වැටුපක පිහිටුවීම
සියළු මහජන සේවාවන් කොමියුනය යටතට ගැනීම
සියළු අධ්‍යාපන ආයතතන මහජනතාවට විවෘතකිරීම සහ අධ්‍යාපනයට  පල්ලියේ මැදිහත්වීම අහෝසි කිරීම
අධිකරණය ස්වාධීන කිරීම සහ විනිසුරුවරුන් ඡුන්දයෙන් තෝරාපත් කිරීම
සෑම දිස්ත‍්‍රික්කයකම මහ ජනතාවගේ පොදු කටයුතු ඔවුන්ගේම සභාවලට පැවරීම හා ඒවායේ නියෝජිතයින් පැරිසියේ ප‍්‍රධාන නියෝජිත සභාවට සහභාගිවීම
පුද්ගලික නිෂ්පාදන මාධ්‍යයන්, ඉඩම්, සහ ප‍්‍රාග්ධනය නිදහස් පොදු දේපොළ බවට පරිවර්තනය කිරීමට අරමුණුකර ගෙන සිටීම
මෙකී ලක්ෂණ අනුව කොමියුනය එය පැවති සුළු කාලය තුළ වුව ද නිර්ධන පංති රාජ්‍යයක් පිහිටුවීමට අවශ්‍ය  මූලික පියවරයන් ප‍්‍රාථමික මට්ටමෙන් හෝ ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කර හෝ ආරම්භ කිරීමට අරමුණුකරගෙන හෝ සිටිමින් කොමියුනිස්ට්වාදය යථාර්ථයක්ය යන්න ලෝකය හමුවේ ඔප්පුකොට පෙන්වීය. ඒ සමගම කොමියුනය පළමුවරට  නිර්ධන පංති රාජ්‍ය ආකෘතියක ආදර්ශය  සපයමින්  ලෝක විප්ලවීය ව්‍යාපාරයට භෞතික බලවේගයක් වීමට අවශ්‍ය ශක්තිය සපයා දුනි. බොල්ෂෙවික් ව්‍යාපාරය එම ශක්තිය හරියාකාරව  උකහාගනිමින් ඉන් වසර 46 ට පසු මේ මිහිපිට හයෙන් එකක් වසා ගත්  දෙවන කොමියුන රාජ්‍යය රුසියානු ජාතික අනන්‍යතාවයකින් සමාජවාදී සෝවියට් රාජ්‍යය ගොඩ නැගීය.
     සමාජවාදය කරා ප‍්‍රවේශවීමේ දී අත්‍යවශ්‍ය, නිෂ්පාදන බලවේගයන්ගේ භෞතික වර්ධනය ධනවාදය විසින් එහි ගැබ තුළම පෝෂණය කරයි. එනම් සමාජවාදී කලලය දරයි. එසේම එය මෙහෙයවීමෙහි, හැසිරවීමෙහි, ඒ කෙරෙහි අධිකාරිත්වය දැරීමෙහි සුදුසු බල ව්‍යුහයන්ගේ, ආකෘතීන්ගේ කලලයන් බිහිකර ගැනීමට ධනවාදය නිර්ධන පංතියට අභ්‍යාසය ලබා දෙයි. කොමියුනය එවැනි අභ්‍යාසයකින් නිර්ධන පංතිය ගොඩනගා ගත් නිර්ධන පංති රාජ්‍ය බලයේ ඓතිහාසික ආකෘතියකි. එදා 1905 දී  පීටර්ස්බර්ගයේ කම්කරුවන් ගොඩ නගාගත්්  අරගල මධ්‍යස්ථානය-සෝවියට් සභාව තුළ වූ      ‘පැරිස් කොමියුනය ’ හඳුනා ගැනීමට ලෙනින් සමත් විය.  සෝවියට් සභා  1917 දී පාලක පංතිය බවට පත්  නිර්ධන පංතියේ  රාජ්‍ය අකෘතිය බවට පත්වීමත් ඒ පිළිබඳ ලෙනින්ගේ පැහැදිළි කිරීම් ද යන සියල්ලත්  මගින් පෙන්නුම් කරන වැදගත් කරුණ එයයි.

Friday, May 10, 2013

පක්ෂය හා විප්ලවීය මහජන ව්‍යාපාරය 4

විප්ලවවාදීන් (විප්ලවවාදී පක්ෂය) පොදු ජනතාව සමග සංයෝගවන්නේ කෙසේ ද ?
විප්ලවවාදී පක්ෂය පෙරමුණු බල ඇණිය ලෙස ද හැඳින්වෙන බව අපි දනිමු. එසේ හැඳින්වීමෙන්ම පෙනීයන්නේ කැපවීම, නොපසුබස්නා වීර්ය හා වීරත්වයෙන් යුත්, පංති අරගලයේ ඉදිරියෙන් ම සිටිමින් එම අරගලයේ සියළු  හැරවුම්, සංධිස්ථාන, ඉදිරියට යාම්, පසුබැසීම් කොටින්ම පංති අරගලයේ සියළු සම්බන්ධතාවයන් විනිවිද දැකීමෙහි සමත්, ඒ අනුව සිය ස්ථානය ක්ෂණයෙන් වෙනස්කර ගැනීමෙහි මනා පුහුණුව ලත්, නිපුණ විප්ලවවාදීන්ගෙන් එම පක්ෂය සමන්විත වී ඇති බවයි. එවැනි පක්ෂයක් තිබීම  නිර්ධන පංති විප්ලවයේ ජයග‍්‍රහණය සඳහා ඇති එක් ප‍්‍රධාන කොන්දේසියකි. එම පක්ෂය    බලය අල්ලා ගැනීමට පෙර, ඒ අතරතුර හා ඉන් පසුව නිර්ධන පංතියේ සහ නිර්ධන පංතික නොවන පීඩිත පංතික කොටස්වල නොදියුණු ස්ථරයන්ට පුහුණුව, අධ්‍යාපනය හා අවබෝධය දී ඔවුන් නව ජීවනයට අද්දාගැනීමට සමත් විය යුතුය. විප්ලවවාදී දේශපාලන කලාව යනු එයයි.  (ලෙනින් තෝ. කෘති 165 පිට* විප්ලවවාදීන් ජනතාව සමග සංයෝග වන්නේ කෙසේ ද යන්න පිළිබඳ පැහැදිලි මග පෙන්වීමක් මින් ලබා දෙයි. නිර්ධන පංතියේ හා පීඩිත පංතියේ නොදියුණු ස්ථරයන් නොදියුණුබව තුළ දිගටම රඳවාගෙන සිටිනු ලබන්නේ  ධනේශ්වර දෘෂ්ටිවාදය හා පසුගාමී සංස්කෘතික චර්යාවන් විසින් ය. ධනේශ්වරය තමන් සතුව ඇති  සකලවිධ මාධ්‍යයන් මේ සඳහා යොදා ගනී.  පීඩිත පංතිකයන්ට යොදා ඇති මේ තිරිංග කඩා බිඳ දැමිය යුතුව ඇත. සම්මත ආයතනික අධ්‍යාපන රටාවට එහා ගිය  ප‍්‍රායෝගික දේශපාලනික ‘පාසැල් ‘ තුළට ඔවුන් ඇතුළත් කරගත යුතු ය. එහි දී ඔවුන් අවබෝධ ගැන්විය යුතු ය.  පුහුණු කළ යුතු ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, දේශප්‍රෙමය ගැන ධනපතීන්ගේ මොරගෑම් සමග සහමිතියට ඒමට නොව  අවබෝධයෙන් යුතුව ඒවාට එරෙහිව නැගී සිටීමට උගැන්විය යුතු ය.
     නිර්ධන පංතියේ හා පීඩිත පංතියේ නොදියුණු ස්ථරයන්ට විප්ලවවාදී දේශපාලන කලාව උගන්වා පුහුණු කරන පාසැල නිවැරදිව හඳුනා ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි. අන් සෑම විප්ලවයකටම සාපේක්්ෂව රුසියානු බොල්ෂෙවික් විප්ලවය ලෝක  නිර්ධන පංති ව්‍යාපාරයට මේ සම්බන්ධයෙන් බොහෝ දේ උගන්වා ඇතැයි යන්න පැහැදිලි සත්‍යයකි. විප්ලවීය අරමුණ සාක්ෂ්‍යාත්කර ගැනිම සඳහා ඔවුන් - බොල්ෂේවිකයන් පොදු ජනතාව සමග එකට වෙලී ඔවුන් දැනුවත්කරමින් හා පුහුණුකරමින් ද තමන්ම ද ඒ අනුව වෙනස්වෙමින් හා පන්නරය ලබමින් ගමන් කර ඇති මූලික පාසැල සෝවියට් ව්‍යාපාරයයි.  මූල කඳවුරු න්‍යාය , ගරිල්ලා සටන් උපාය හෝ පැතිරුණ සන්නද්ධ අරගල න්‍යාය වැනි සන්නද්ධමය අරගල විධික‍්‍රම සමග  සෝවියට්   ව්‍යාපාරය පටලවා නොගත යුතු බව අපි අවධාරණය කරමු. මක්නිසාද ජවිපෙ පැතිරුණ කෙටිකාලීන සන්නද්ධ අරගල උපාය වෙත ප‍්‍රවේශවීමේදී සෝවියට් සභා අර්ථ ගැන්වූයේ රුසියානු විප්ලවයේ නැගිටීමේ උපාය ලෙසට ය. එවැනි උපායයක් ලංකාවට නොගැලපෙන බව ය. ඇත්තවශයෙන්ම සෝවියට් සභා ව්‍යාපාරය විප්ලවයේ නැගීසිටීමේ අවස්ථාවට අදාළ බලය අල්ලා ගැනීමේ  අකෘතියක් නොව පුළුල් පීඩිත බහුජනතාව - කම්කරුවන්, ගොවීන් හා සොල්දාදුවන් - ඒකරාශිවූ සමස්ත විප්ලවීය දේශපාලන ව්‍යාපාරයකි. මෙය මේ අර්ථයෙන් තේරුම් නොගැනීම නිසා එදා  ජවිපෙට විප්ලවයේ යෝධ බහුජන ස්වරූපය අත හැරිණි. අතිධාවනකාරී අන්තවාදයකට ඇද වැටුණි.
බොල්ෂෙවික්වාදය නියමාකාරයෙන් අර්ථ දැක්විය හැක්කේ එය සෝවියට් ව්‍යාපාරය හා එකට ගෙන කරන අධ්‍යයනයකින් පමණකි. මක්නිසා ද බොල්ෂෙවික්වාදය මෙන්ම සෝවියට් ව්‍යාපාරය ද හැදී වැඞී පෝෂණය වූයේ එකිනෙක අන්තර් සම්බන්ධිතව ය. ඒවා වෙන් කළ නොහැකි දේශපාලන ක‍්‍රියාදාමයක ප‍්‍රතිඵලයක් ලෙස පැන නැගි ඒවා ය. බොල්ෂෙවික් විප්ලවවාදීන් පොදු පීඩිත ජනතාව සමග සංයෝගවීමේ ප‍්‍රධාන මාධ්‍යය වූයේ මේ ඓතිහාසිකවූත් ඒ වගේම අතිශයින් සංකීර්ණවූත් සෝවියට්  ව්‍යාපාරය යි.  පීඩිත කම්කරුවන් ගොවීන් හා සොල්දාදුවන් සාර්වාදයට එරෙහිවත් පසුව ධනේශ්වර සභාගවාදට එරෙහිවත් විටෙක ඒ සමග සම්මුතිවාදීවත් අවසානයේ ඊට එරෙහිව තීරණාත්මකවත් නැගී සිටුවමින්  ස්වකීයමය රාජ්‍ය බලය කරා  ඔසවා තබනු ලැබූවේ සෝවියට් ව්‍යාපාරය හරහාය. සෝවියට් (soviet ) යනු රුසියානු භාෂාවෙන් සභා ( council) යන අර්ථය දනවන පදයකි. එවකට සාර් යටතේ වූ ඇමති මණ්ඩලය නම්කර ඇත්තේ  ද  soviet of ministers  යනුවෙනි. ප‍්‍රථම වරට සෝවියට් යන්න කම්කරු නියෝජිතයින්ගේ සභා හැඳින්වීමට යොදා ගැනෙන්නේ 1905 විප්ලවයේ දීය. 1905 අවසන් කාර්තුව තුළ  රුසියාවේ විප්ලවීය තත්ත්වයන් මෝරමින් පැවතිණි. පීටර්ස්බර්ගයේ  ඉවනොවො වොසෙන්ස්කි ප‍්‍රදේශයේ  රෙදිපිළි කර්මාන්ත කම්කරුවන්ගේ වැඩවර්ජනය තවත් වැඩවර්ජන රැුල්ලකට ආරම්භය දුනි. මේ වනවිට පීටර්ස්බර්ගයේ සිටි  සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ක‍්‍රියාත්මක වෙමින් සිටියේ රහසිගතව ය. ඔවුන් හා පුළුල් ජනතාව අතර සජීවී සංවිධාන  සම්බන්ධතාවයක් ගොඩනැගී  නොතිබිණි. අනෙක් අතට  ඔවුන් අතර කණ්ඩායම් දෙකක අභ්‍යන්තර ගැටුමක් ද විය. සමාජවාදී විප්ලවවාදීන්ගේ තත්ත්වය ද ඊටත් වඩා අයහපත් විය. මේ සියළු පාර්ශවයන් අන්‍යොන්‍ය අරගලයක පැටලී සිටිය ද වැඩ වර්ජන රැුල්ල තව තවත් වර්ධනය වුණි. පැවති යථාර්ථය තුළ පාක්ෂික නොවන ස්වයං පාලනයක් සහිත විප්ලවීය කම්කරු සභාවක් කැඳවීමට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායමක් ක‍්‍රියා කළේ ය. ඒ අනුව  ඔක්තෝම්බර් 13 දින පීටර්ස්බර්ගයේ තාක්ෂණික ආයතනයේ දී නියෝජිතයින් 50 කින් පමණ සැදුම් ලත්  කම්කරුවන්ගේ  ප‍්‍රථම -සෝවියට් සභාව - රැුස්විය. වෘත්තීය ශ්‍රේණි හෝ දේශපාලන ප‍්‍රවනතා නොසලකා කම්කරු සමූහයා අතරින් තෝරාපත් කර ගත් නියෝජිතයින්ගෙන් එය සමන්විත විය. දේශපාලනමය මහා වැඩවර්ජනයක් කැඳවීමට එහි දී තීන්දු විය. වැඩවර්ජනය මොස්කව් ඇතුලූ නගර කරා තව තවත් පැතිර ගියේ ය.  සැප්තම්බර් 6 දින රැුස්වූ සෝවියට් සභාව වැඩ වර්ජනය ආයුධ සන්නද්ධ නැගීටීමකට පරිවර්තනය කිරීමට තීරණය කළේ ය. පීටර්ස්බර්ග් කම්කරුවන්ගේ ප‍්‍රථම සෝවියට් සභාවේ ඉතිහාසය දින පනහකට පමණක් සීමාවිය. දෙසැම්බර් 3 දින ආණ්ඩුව විසින් එය මර්දනයකර දමනු ලැබිය.    
සෝවියට් සභාවේ පාක්ෂික නොවන ස්වරූපය නිසා සමහර බොල්ෂෙවිකයන් එය පක්ෂයේ කාර්යභාරයට තර්ජනයක් වෙතැයි සැළකූහ.  දේශපාලන වේදිකාවෙන් බොල්ෂෙවිකයන් බැහැර කිරීමට මෙන්ෂෙවිකයන් අටවන ලද කුමන්ත‍්‍රණයකැයි ඔවුන් සිතූහ.  මේ වනවිට ලෙනින් සිටියේ   විදේශගතව පිටුවහල් ජීවිතයක් ගතකරමිනි. ඔහු තොරතරුු ලබාගත්තේ දිනපතා පුවත්පත් හරහාය. ඒ නිසාම යම් අවිනිශ්චිත හැ`ගීමකින් යුතුව ඔහු (1905 නොවැම්බර්) අපේ කාර්යභාරය හා කම්කරු නියෝජිතයින්ගේ සෝවියට් සභාව (
^http://www.marxists.org/archive/lenin/works/1905/nov/04b.htm    යන මැයෙන් ලියූ ලිපියක් පක්ෂ පුවත්පතේ කතුවරුන් වෙත එවූයේ එය පලකිරීම හෝ නොකිරීම ඔවුන්ගේ අභිමතය පරිදි කිරීමට ඉඩහරිමින් ය. එසේම වඩාත් තොරතුරු ලැබූවිටෙක ඔහුගේ මතය වෙනස්කර ගැනීමට ද ඔහු සූදානම් බවක් පෙන්වීය. ඒ තොරතුරු සම්බන්ධයෙන් වූ අවිනිශ්චිතභාවය නිසාම ය. දින පනහක් පමණක් පැවති එහෙත් කිසිදිනක සෝවියට් සභාව ඇසින් නොදැක, ඒ  සමග ප‍්‍රායෝගික සම්බන්ධතාවයක් නොමැතිව වුවද ලෙනින් එම සෝවියට් සභාව පදනම් කරගෙන ඒ ලිපියෙන්  ඉදිරිපත් කළ මත තවත් අවුරුදු 12 ක් ඈත අනාගතයේදී සිදුවීමට නියමිත රුසියානු විප්ලවයේ දී පංති බලවේගයන්ගේ හැසිරීම, බොල්ෂෙවිකයන්ගේ උපාය මාර්ගය, විප්ලවීය ආණ්ඩුවේ ආකෘතිය ආදිය පිළිබඳ සපයන කටුසටහනක් බඳු ය. ඒ නිසාම තම මතයන් වෙනස් කරගැනීමට ඔහුට ඉතිහාසය අවස්ථාව උදා කළේ නැත.  එළඹි 1917 විප්ලවයන්හිදී පංති අරගලයේ න්‍යෂ්ටීය කාර්යභාරය  ඉටු කළේ නැවත පිහිටුවූ සෝවියට් සභා ය. නිර්ධන පංති රාජ්‍ය ආකෘතිය වුයේ සෝවියට් සභා ය. මෙලෙස සෝවියට් සභාවල නියෝජිත ස්වරූපයත්, විප්ලවීය අරගලයක් සඳහා ඒ තුළ ගැබ්වූ ශක්තියත්, හැකියාවත් සම්බන්ධයෙන් කල් ඇතිව නිවැරදි තක්සේරුවකට එළඹීමට ලෙනින්ට හැකි වූයේ ඔහු සතු තියුණු විප්ලවීය ඉව නිසා ය.
පක්ෂය හා බහුජන ව්‍යාපාරය අතර ද පක්ෂය හා වෙනත් විප්ලවීය පාර්ශවයන් අතර ද පැවතිය යුතු   සම්බන්ධතාවය පිළිබඳ අපෝහකවාදී න්‍යායාත්මක දැක්මක් ලෙනින් එම ලිපිය තුළ සම්පිණ්ඩනයකර ඉදිරිපත් කරයි .    
බොල්ෂෙවිකයන් සෝවියට් සභා ද? පක්ෂය ද? කියා අන්දමන්දව සිටියදී තම ලිපියෙන් ලෙනින් කියා සිටියේ නිසැකවම තීරණය විය යුත්තේ කම්කරු නියෝජිතයින්ගේ සෝවියට් සභාව සහ පක්ෂය යන දෙකම ය. එකම ප‍්‍රශ්නය සහ වඩා වැදගත්ම ප‍්‍රශ්නය නම් කම්කරු නියෝජිතයින්ගේ සෝවියට් සභාවේ සහ රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්ෂයේ කාර්යභාරයන් වෙන්කර දක්වන්නේ කෙසේ ද, ඒවා ඒකාබද්ධ කරන්නේ කෙසේ ද යන්න ය.
සෝවියට් සභාවේ  ආර්ථික ඉල්ලී්ම් කිසියම් කම්කරු පිරිසකට පමණක් නොව සමස්ත නිර්ධන පංතියටම අදාළ වූ ඒවා ය. එහි දේශපාලන ඉල්ලීම් රුසියාවේ සියළු  ජනයා  රාජාණ්ඩුවේ වියගසින් නිදහස් කරගැනීමට, අයිතීන් අහිමි තත්ත්වයෙන් නිදහස්කර ගැනීමට හා කෲර පොලිස්  පාලනයෙන් නිදහස් කරගැනීමට ඉලක්කකර ගත් ඒවා විය. මේ අර්ථයෙන් සෝවියට් සභාව බහුජනතාවගේ  විප්ලවීය අරගල කේන්ද්‍රස්ථානය විය. කාර්මික හා කාර්යාල සේවකයින්, ගෘහ සේවකයින්,  කෘෂිකාර්මික කම්කරුවන් වැනි සියළු කොටස් අතරින්, වැඩකරන ජනතාව වෙත වඩාත් උසස් ජීවන තත්වයක්  ලබා දීම සඳහා පොදු අරගලයක් ගෙන යාමට  සූදානම්, අවම වශයෙන්  දේශපාලන අවංකභාවයේ මූලික මට්ටමක සිටින සියළු කොටස් අතරින්, ඔවුන්ගේ දෘෂ්ටිමය තත්ත්වයන් නොසලකා, නියෝජිතයින්  තෝරා පත්කර ගැනීමට සෝවියට් සභාව පරිශ‍්‍රම දැරිය යුතු යැයි ලෙනින් වැඩිදුරටත් අදහස් දක්වයි. එසේම අන්ත ප‍්‍රතිගාමී කොටස්වලට පිවිසිය නොහැකි පරිදි සෝවියට් සභාවක දොරටු වසා දැමිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.         
ලෙනින්  සෝවියට් සභාව දෙස බැලුවේ එය  කිසියම් විකල්ප සංවිධාන මාධ්‍යයක් ලෙස සලකා නොව පොදු ජනතාවගේ විශ්වාසය දිනාගත්, ඒ නිසාම පොදු ජනතාව අතර මුල් බැසගත්, විප්ලවීය ශක්තියෙන් හෙබි, විප්ලවීය ආකාරයට ක‍්‍රියා කරන,  විප්ලවීය සංවිධාන හා පක්ෂ සමග ඉතා සමීප සබඳතා ඇති සජීවී නව සමස්ත රුසියානු දේශපාලන මධ්‍යස්ථානයක අඩුව පුරවන්නාවූ සංවිධානයක් ලෙස ය. පළල් දේශපාලන අරගල  මධ්‍යස්ථානයක් ලෙස පැවතීමෙන් බැහැරව සෝවියට් සභා කිසියම් පක්ෂයකට ඇලී සිටීම හෝ සෝවියට් සභා නියෝජිතයින් බොල්ෂෙවික් වැඩපිළිවෙල පිළිගෙන එහි සාමාජිකයන් විය යුතු යැයි හෝ එම බැනරය යටතේ ගමන් කළ යුතු යැයි හෝ සිතීම නුවණට හුරු දෙයක් නොවන බව ද  ලෙනින්ගේ අදහස විය. එය දේශපාලන අරගලය හා දේශපාලන නායකත්වය  එකිනෙකට වෙනස් කරුණු දෙකක්ය යන්න නොසලකා හැරීමකි. බලය සම්බන්ධයෙන් පංතීීන් අතර කෙරෙන අරගලය දේශපාලන අරගලය යි. දැන් පීටර්ස්බර්ග්හි සිදුවන්නේ කම්කරුවන්ගේ හා පීඩිත පංතීන්ගේ දේශපාලන අරගලයකි. පංතියක් හෝ පංති ස්ථරයක් නියෝජනය කරන වැඩපිළිවෙළක් හෝ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා එම පංතිය හෝ පංති ස්ථරය ඉදිරියට මෙහෙයවීම දේශපාලන නායකත්වයෙන් අදහස් කෙරෙයි. එය තම අරමුණ සම්බන්ධයෙන් සවිඥානක, සාපේක්ෂව කුඩා පිරිසකගෙන් සමන්විත  සංවිධානය වූ පක්ෂයක කාර්යභාරයයි. දැනටමත් අරගල බිම මත සක‍්‍රීයව පෙනෙන්නට  ඇති සෝවියට් සභාව  බහුවිධ දෘෂ්ටීන්ගේ, නායකත්වයන්ගේ පොදු එකතුවක්ය යන්න කිසිවෙකුටවත් ප‍්‍රතික්ෂේප කළ නොහැකි  යථාර්ථය යි. එසේ වුව ද එය කම්කරුවන්ගේ විප්ලවීය අරගලයේ මධ්‍යස්ථානයක්ය යන්න ද එවැනිම යථාර්ථයකි.  මේ අනුව තමන්ගේ බැනරය යටතේ පමණක් තිබිය යුතුයැයි  සිතා එය පිටු දැකිය නොහැකි ය. සෝවියට් සභාව බොල්ෂෙවික් නායකත්වයේ මගපෙන්වීමට අනුගත කරගැනීම අවශ්‍යයෙන්ම කළ යුතු නමුත් එය කළ යුත්තේ එහි විප්ලවීය ගතිකත්වයට හානි කරන බලවේගයන් ජනතාව හමුවේ හෙළිදරව්වීමට සැලැස්වීම මගින් ය. ඒ සඳහා කරන නොනවතින අරගලයක් මගින් ය. අනෙක් සාධනීය පාර්ශවයන් තම පැත්තට දිනා ගැනීමට ක‍්‍රියා කිරීම මගින් ය.  ඒ අනුව  සෝවියට් සභා බොල්ෂෙවික් දේශපාලනයට  අදාළ කරගන්නා උපාය මාර්ගික කරුණු දෙකක් ඔහු ඉදිරිපත් කරයි.
 1.  සියළුම වෘත්තීය සමිති තුළ පක්ෂ සංවිධාන නියෝජනය කරවීමට හැකි උපරිමයෙන් ක‍්‍රියා කිරීම
 2. ඒකාබද්ධ අරගලය සැබෑ නිර්ධන පංති ලෝක දෘෂ්ටිය වූ මාක්ස්වාදය තහවුරුකිරීම සඳහා යොදාගැනීම
සෑම වෘත්තීය සමිතියක් තුළම පක්ෂ නියෝජනය වැඩිකර ගැනීමෙන් සෝවියට් සභාව නියෝජනය කිරීම සඳහා බොල්ෂෙවිකයන්ට වැඩි අවස්ථාවක් ලැබෙයි. එවිට ඔවුන්ට සෝවියට් සභාවට වැඩි බලපෑමක් එල්ල කළ හැකිවෙයි. එසේ කිරීමෙන් පමණි සෝවියට් සභාව ගෙන යන අරගලය තුළ දී පංතිමය දෘෂ්ටිය  තහවුරු කිරීම මගින් ආර්ථික අරගලයෙන් ඔබ්බට යන්නාවූ දේශපාලන අරගලයේ -නිර්ධන පංති විප්ලවයේ - ජයග‍්‍රහණය සාක්ෂාත් කරගත හැක්කේ. වැඩ වර්ජන හරහා සාමාන්‍ය ආර්ථික ඉල්ලීම් දිනා ගැනීමේ සීමිත අරගලය සමග පංතියේ හා සෙසු පීඩිත ජනතාවගේ  නිදහස දිනා ගැනීමේ පුළුල් අරගලය කරා මෙහෙයවීමේ බොල්ෂෙවික් පක්ෂයේ විප්ලවීය අරමුණ බද්ධකීරීමට එම උපාය මාර්ගය සමත් විය. වැදගත් කරුණ නම් පංතියේ ස්වයං ක‍්‍රියාකාරිත්වය සහ ඊට මග පෙන්වීමේ, නායකත්වය දීමේ විප්ලවීය පක්ෂයක කාර්යභාරය බෙදා වෙන්කිරීම වගේම ඒවා ඒකාබද්ධ කිරීමේ විධික‍්‍රමය එහි අන්තර්ගත වීම ය. පක්ෂ අරමුණු සෝවියට් සභාවන් හරහා පොදු අරගලයන් සමග ඒකාබද්ධ කළේ වැඩබිම් හා කර්මාන්තශාලා පදනම්කර ගත් බොල්ෂෙවික් පක්ෂ ඒකක විසින්් ය.  
පොදු ජන අරගල ව්‍යාපාරය හා විප්ලවීය පක්ෂය අතර ඇති අපෝහකය සම්බන්ධයෙන්  යථාර්ථවාදී අවබෝධය ලබා ගැනීමට නම් සෝවියට් ව්‍යාපාරය ආකෘතිමය කෝණයකින් නොගෙන අධ්‍යායනය කළ යුතු ය. එය පෙබරවාරි විප්ලවයේ අවධියේ බොල්ෂෙවික්වාදය හා බහුවිධ අවස්ථාවාදයන් එකට ගැටෙමින් තිබූ එකම වේදිකාවක් විය. සෝවියට් ව්‍යාපාරය බොල්ෂෙවිකයන් ද සුළු ධනපති අවස්ථාවාදීන් ද අන්ත ප‍්‍රතිගාමී ධනපති දෘෂ්ටිවාදීන් ද එකම මොහොතක එකම ස්ථානයක අභිමුඛ වෙමින් කම්කරුවන්, ගොවීන් හා සොල්දාදුවන් මත බලපෑම් එල්ල කරමින් විප්ලවය ඔවුනොවුන්ගේ දිශාවන්වෙත ඇදගෙන යාමට දරන  ප‍්‍රයත්නයන්ගේ ගහණ වූවකි. විප්ලවවාදීන්ට හා අවස්ථාවාදීන්ට එකවර ඇහුම්කන්දීමට කම්කරුවන්ට, ගොවීන්ට, සොල්දාදුවනට අවස්ථාව ලැබිණිි. පංති අරගලය විවෘත වේදිකාවේ දිග හැරිණ. ඒ ඒ නළුවන්  ර`ගපාන මොහොතේම ඒවා වෙත ඇ`ගිල්ල දිගුකර ඒවායේ චරිත ස්වභාවයන් නරඹන්නන්ට පැහැදිලි කරදීමට බොල්ෂෙවිකයන්ට හැකියාව ලැබිණි.  සෝවියට් ව්‍යාපාරය තුළ අරක්ගත් ප‍්‍රතිගාමිත්වයට හා අවස්ථාවාදයට අභිමුඛව සිට ඒවා හෙළිදරව්කරමින් පංතිය අවබෝධ ගැන්වීමත් පුහුණු කිරීමත් සිදු වූයේ එලෙස ය. ශාස්ත‍්‍රීය අධ්‍යාපනයෙන් කිසිදාක නොලැබෙන  තර්ක ඥානයක් ජනතාවට ඉන් ලබා ගත හැකි විය. බොල්ෂෙවික්වාදය සමගින් ජනතාව  හැඩ ගැසී  වර්ධනය වූයේ ඒ මගිනි. ඓතිහාසික අරගලයන් මගින් හිමිකරගත් වටිනාකම් ස්වර්ණාභරණයක් සේ එල්ලාගෙන සුපිරි යැයි සිතා විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරයක් නිර්මාණයකර ගැනීමෙන් බැහැරව ක‍්‍රියාකරන්නාවූ  ජවිපෙ මෙම භාවිතයෙන් බොහෝ දුරස් බව ඔබට පෙනෙනවා ඇත.
සෝවියට් ව්‍යාපාරය විසින් පිළිබිඹු කරන විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරය  වාම පෙරමුණු හෝ වාම සන්ධාන ද නොවේ. ඒවාට විකල්පයක් ද නොවේ. එය පැහැදිලිවම පීඩිත පංතීන්ගේ සජීවී දේශපාලන අරගලයේ සංවිධානමය ව්‍යුහයකි.  ලෙනින්ගේ ලිපි ලේඛන දහස් ගණනක් කියා පාන්නේ  සෝවියට් පොදු ජන අරගල  ව්‍යාපාරය තුළ බොල්ෂෙවිකයන් ගෙන ගිය අරගලයේ ගුණාත්මක හා ප‍්‍රමාණාත්මක තරම ය. මෙන්ෂෙවික්වරු හා සමාජ විප්ලවවාදීහු ද තාවකාලික ආණ්ඩුවේ ඔවුන්ගේ ඇමතිවරු ද බොල්ෂෙවිකයෝ ද සෝවියට් සභා තුළ, ඒවායේ මධ්‍ය විධායක කමිටු තුළ සහභාගි වූහ. මෙම රැුස්වීම්වලදී මෙන්ෂෙවිකයන්, සමාජ විප්ලවවාදීන්් සහ ඔවුන්ගේ ඇමතිවරුන් ඉදිරිපිට තබා ගෙනම  බොල්ෂෙවික්වරු ඔවුන් දැඩි විවේචනයට ලක් කළහ. එසේම ඔවුහු ද බොල්ෂෙවික්වරුන්ට එලෙසම ප‍්‍රතිචාර දැක්වූහ. සමහර අවස්ථාවල ලෙනින්ගේ කථාවලට කෑකෝගැසීම් මගින් බාධා එල්ලවිය. 1917 ඔක්. 25 නැගීටීම ආරම්භ වූ දින පැවැත්වෙමින් තිබූ සෝවියට් සභා දෙවන  සම්මේලනය විප්ලවයේ පොදු ජන ස්වභාවය මැනවින් විදහා දැක් වූ අවස්ථාවකි. ඒ ගැන ”ලොව හෙල්ලූ දස දවස” හි ජෝන් රීඞ් මෙසේ කියයි.  එතැන (සෝවියට් සභා සම්මේලනය) ජරාවට ඇඳගත් විශාල සෙබළ සමූහයන් ය. අපිරිසිදු විශාල කම්කරු පිරිස් ය. ගොවි ජන සේනාවන් ය. ජීවත්වීම සඳහා ගෙන යන අමානුෂික අරගලයෙන් ඔත්පල වී ගිය දුගී ජන සන්නිපාතයකි. මේ ඔත්පල වී ගිය දුගී ජන සන්නිපාතය විප්ලවය වෙත වාරු කරගෙන ආවේ කවුරුන් විසින් ද? ඒ කුමන මාධ්‍යයක් ඔස්සේ ද? ප‍්‍රධාන වශයෙන් බොල්ෂෙවිකයන් විසින් ය. සෝවියට් නම් රුසියානු නමින්  වූ පොදු ජන අරගල ව්‍යාපාරය නම් මාධ්‍යය හරහා ය.  අරගලය සඳහා තම පාක්ෂිකයන් පමණක් නොව සාමාන්‍යයෙන් දේශපාලනය ගැන කිසිවක් නොදන්නා දුකසේ ජීවත් වන පාක්ෂික නොවන දහස් ගණන් ජනතාව ද පුබුදුවාලමින් ඔවුන් විප්ලවවාදී ලෙස ක‍්‍රියාකිරීමට හැඩගස්සූ විට එය බහුජන අරගල  ව්‍යාපාරයක් බවට පත්වී  එම ව්‍යාපාරය පක්ෂය හා බහු ජනතාව අතර පාලමක් ලෙස ක‍්‍රියා කරන බව ඉන් තහවුරු වෙයි.  පක්ෂය විසින් බහු ජන ව්‍යාපාරය පෝෂණය කරනු ලබන අතරම බහු ජන ව්‍යාපාරය විසින් පක්ෂය පෝෂණය කරනු ලබයි. අසංවිධිත, අවරසික, සාමාන්‍ය පීඩිතයා සංවිධිත, විඥානගත විප්ලවවාදියකු බවට පරිවර්තනය කරනු ලබන්නේ  සැබෑ ලෙසම බිමේ අරගලය මත යැපෙන බහුජන ව්‍යාපරය මගිනි. අනතුරුව එවැන්නන් ප‍්‍රථමයෙන් තරුණ, කාන්තා, ශිෂ්‍ය වැනි පක්ෂය න්‍යෂ්ටිය කරගත් කනිෂ්ඨ සංවිධානවලට ද ඒවායේ ඔවුන්ගේ භාවිතය තවදුරටත් පිරික්සා පක්ෂ සාමාජිකත්වයට ද  ඇතුළත් කරගනී. අන්‍යොන්‍ය බලපෑම් සහිත මේ ක‍්‍රියාවලිය සමගම බහු ජන ව්‍යාපාරය ද ගුණාත්මකභාවයක් අත්කර ගනී. එය තවදුරටත් පැතිරෙමින් ඉදිරියට යන්නේ නම් සැබෑ විප්ලවයක් දක්වා වර්ධනය වෙයි. කාලෝචිත  නිසි සටන් පාඨ ඉදිරිපත් කරමින් බහුජන ව්‍යපාරය මෙහෙයවන විට පමණක් පක්ෂය පෙරමුණු බල ඇණියක තත්ත්වය ගනී. සෝවියට් ව්‍යාපාරයේ හා බොල්ෂෙවික්වාදයේ අපෝහකය මෙයයි. පීඩිත පංතියේ නොදියුණු ස්ථරයන් උගන්වා පුහුණු කළ හැකි වෙනත් මාධ්‍යයක් තවත් තිබිය හැකි ද? ඇත්තවශයෙන්ම විප්ලවවාදීන් පොදු ජනතාව සමග සංයෝජනය වූයේ එලෙස ය. එවිට පමණකි,  පොදු ජනතාව පෙරළා විප්ලවවාදීන් ගේ දේශපාලන නායකත්වයේ නිවැරදි බව, ඔවුන්ගේ ක‍්‍රියාමාර්ගයන්ගේ නිවැරදි බව තම අත්දැකීම් මගින්ම තේරුම් ගනිමින් ජන සන්නිපාතයක් ලෙස ඉතිහාසයට කඩා  වදින්නේ. 
ලෙනින් විප්ලවයේ බහුජන පදනම වෙනුවෙන් දැඩිව පෙනී සිටි අයෙකි.  කුඩා පක්ෂයකට බලය ලබා ගැනීම කළ නොහැකි දෙයක් නොවන නමුත් එම පක්ෂය පීඩිත පංතික බහුතරයක සහයෝගය ලබා ගැනීමෙහි සමත්ව සිටිය යුතුයැයි ලෙනින් අවධාරණය කරයි. විප්ලවීය පක්ෂයකට එවැනි සහයෝගයක් ලබාගත හැක්කේ බහුජන ස්වරූපයේ සංවිධාන ව්‍යුහයක් හරහා පමණි. අපේ වාම දේශපාලන ව්‍යාපාරය නොතකා හැර ඇත්තේ ද එයම ය. මෙවැනි තත්ත්වයක් යටතේ පංති අරගලය බහු ජනතාවගේ අරගලයක් වෙනවා වෙනුවට  පක්ෂයක් භාරගත් කොන්ත‍්‍රාත් එකක් බවට පත් වෙයි. මේ නිසාය අපේ බොහෝ උද්ඝෝෂණ පෙළපාලිවල නිතරම පක්ෂ හෝ සංවිධානවල නායකයන්, ඒවායේ ඉදිරිපෙළ ක‍්‍රියාකාරීන් සහ ළ`ගම අනුගාමිකයන් පිරිසක් පමණක්ම දකින්නට ලැබෙන්නේ. උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගයක අරමුණු දෙකකි. එකක් නම් ප‍්‍රශ්නගත කරුණ සම්බන්ධයෙන් පාලකයන්ට බලපෑම් කිරීම ය. දෙවැන්න නම් අප ඉහත උපුටා දක්වා ඇති ලෙනින්ගේ උදෘතයකට අනුව විප්ලවවාදී දේශපාලන කලාවට අයත් නොදියුණු ස්ථරයන්ට පුහුණුව, අධ්‍යාපනය හා අවබෝධය දී ඔවුන් නව ජීවනයට අද්දවා ගැනීමට කරන පෙළඹවීම ය.
මෙකී මුඛ්‍ය අරමුණු දෙක එයාකාරයෙන් සාක්ෂාත් කරගැනීමට අප සමත්වී ඇති ද? පාලකයන්  මේවාට දැන් හොඳින් පුරුදුවී ඇත. ඒත් සැබෑම ජන අරගලවලදී පාලකයන් වෙව්ලූ අවස්ථා අපි දැක ඇත්තෙමු. විශ‍්‍රාම වැටුප් පනතට එරෙහි කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක අරගලය, සී ප්ලේන් බැස්සීමට එරෙහි මීගමුව ධීවරයන්ගේ අරගලය හා පීඩාවට පත් ගොවීන් මින්නේරිය වාරිමාර්ග  ඉංජිනේරු කාර්යාලය වටලෑම  ඒ සඳහා මෑත උදාහරණයන් ය.  වාමාංශික  පක්ෂ නායකත්වය ඒවායින් බැහැර කෙරිණි. යම් මැදිහත්මක් සිදු වූයේ නම් ඒ පුද්ගලයන් වශයෙනි. එවැනි අරගල යම් ප‍්‍රතිසංස්කරණ හෝ තාවකාලික සහන දිනා ගැනීමෙන් කෙළවර වනවා වුවත් පීඩිතයින් ඉන් ලබන අවබෝධය හා පුහුණුව නොසළකා හැරිය නොහැකි ය. මෙයාකාර ජන අරගල හා විප්ලවීය දේශපාලනය අතර සහසම්බන්ධය ගොඩනැගීම මේ නිසාම වැදගත් කොන්දේසියක් වෙයි.            ඇත්තවශයෙන්ම මෙය ලාංකීය වාම දේශපාලනයේ තීරණාත්මක අර්බූදයකි.  සාමාන්‍ය වශයෙන් සෑම වාම දේශපාලන පක්ෂයක්ම වාගේ තමන්ගේ හංවඩුව නැති පරිබාහිර ජන ක‍්‍රියාකාරිත්වයන් දෙස බලන්නේ වපර ඇසකිනි. සියල්ල තමන්ගේම නායකත්වය යටතේ සිදුවිය යුතුයැයි ඔවුහු සිතති. තමන් වටා එක්වන්නැයි ඉල්ලා සිටිති. නැතිනම් තමන්ගේම ක‍්‍රියාකාරිකයන් යොදවා නාමමාත‍්‍රයෙන් පමණක් පොදු වූ සංවිධානයක් සාදා ඒ වටා එක්වන්නැයි  ආයාචනය කරති. එසේ ගොඩනගන සංවිධාන මොන පැත්ත හරවා බැලූවත් මව් සංවිධානයෙන් වෙනස් වන්නේ නැත. ඇසෙන්නේ එහිම දෝංකාරය යි.   මෙම ගුණාංගයන් වැඩිපුරම පිහිටා ඇත්තේ ජවිපෙ තුළ ය. එය විසින් කලින් කල එසේ ගොඩනැගූ පොදු ජන ව්‍යාපාර එමට ය. පුරුද්දේ බලය නිසාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද පූර්වයෙන් ජන අරගල ව්‍යාපාරය  නමින් පොදුජන ව්‍යාපාරයක් ප‍්‍රකාශයට පත් කරමින් ඒ වටා එක්වන්නැයි ප‍්‍රගතිශීලී ජනතාවට ආයාචනය කළේ ය. එහෙත් ඒ හෝ මේ කිසිවක් සැබෑ පොදු ජන ව්‍යාරයක් වී නැත. එසේ වන්නේ ඇයි?
පොදුජන අරගල  ව්‍යාපාරය හරයෙන් මෙන් ම ආකාරයෙන් ද විවිධත්වය අඩංගූකර ගනී.     ධනවාදයේ පීඩන බරින් දුකට වේදනාවට මෙන් ම කෝපයට පත්  සියළු පීඩිතයන්ගේ   නියෝජිතත්වය ඒ තුළ ප‍්‍රකාශ වෙයි. සමහරවිට පාලක ධනේශ්වරයෙන් එල්ලවන ප‍්‍රහාර හමුවේ කරකියාගත නොහැකි ධනේශ්වර කොටස් පවා ද සෘජුව හෝ වක‍්‍රව එහි සරණ සොයා පැමිණිය හැකි ය. මේ නිසාම එය දෘෂ්ටිමය වශයෙන් ද  අරමුණු අතින් ද විවිධ වේ, සමාජීය වශයෙන් විවිධ වේ. සංවිධානමය වශයෙන් නම්‍ය වේ. විෂය වශයෙන් සංකීර්ණ වේ. ඊට වෙනස් ලෙස විප්ලවීය පක්ෂය ඒකීය දෘෂ්ටිවාදයකින් සන්නද්ධ ය. සාමාජිකත්වය නිශ්චිත ය, මධ්‍යගත සංවිධාන විනයකින් බැඳී සිටී. මේ ආයතන  එකිනෙකට සාපේක්ෂව එකක් බහුත්වයකි, විවිධත්වයේ ඒකත්වයකි. අනෙක ඒකීයත්වයකි. කිසියම්  පක්ෂයකට මේ  අපෝහක සම්බන්ධතාවයට පිටු පා නිර්ධන පංති විප්ලවයක් සාක්ෂාත් කරගත හැකි ද? නොහැකි ය. මතු පිටින්  නොව ගැඹුරින් අධ්‍යයනය කරන්නේ නම්  සෑම නිර්ධන පංති  විප්ලවයකම ජයග‍්‍රහණය හෝ පරාජය තීන්දු කර ඇත්තේ වෙනත් කරුණුවලට අමතරව ප‍්‍රධාන වශයෙන් පක්ෂය බහු ජනතාව අතර දරන ලද තත්ත්වය මත ය. බොල්ෂෙවිකයන් සෝවියට් ව්‍යාපාරය හරහා ද චීනය හා වියට්නාමය දිගු කාලීන යුද්ධය හා බහු ජන ව්‍යාපරය ඒකාබද්ධ කළ මහජන ප‍්‍රතිරෝධක ව්‍යාපාරය හරහා ද කියුබාව ගරිල්ලා ප‍්‍රහාර සමග පෙළ ගැසුන නාගරික මහජන ව්‍යාපාරය හරහා ද බහු ජනතාව අතර ස්වකීය තත්ත්වය තහවුරුකර ගනිමින් ජයග‍්‍රහණය ලැබූහ.