මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .
Monday, July 18, 2011
ගැමි ආගම හා බුද්ධාගම
ජලවිදුලි බලාගාර ආශ‍්‍රිත ප‍්‍රදේශවලට වැසි පතා විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමති පේ‍්‍රමලාල් ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් සංඝයා වහන්සේලා විසින් මාඋස්සාකැලේ ජලාශයට පිරිත් පැන් මුදාහළ බව 2011.07.08 දිවයින on line edition වාර්තාවක් කියවීමු.
මෙවැනි ආගමික විශ්වාසයන් මත පදනම්ව සිදු කෙරෙන චාරිත‍්‍රයන් ලංකාවේ පමණක් නොව ලෝකයේ තවත් බොහෝ රටවල ද වසර සිය දහස් ගණනක සිට අද දක්වාමත් සිදු කෙරෙමින් ඇති බව මානව විද්‍යාඥයන් විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. අමතරව පුරා විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරනු ලබන එවැනි දේ ඔප්පු කෙරෙන සාධක ද අති මහත් ය.
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ සිංහල ගැමි නාටකය නම් පර්යෙෂණාත්මක කෘතියෙහි ”නාට්‍ය කලාවේ ප‍්‍රභවය”, ”සභ්‍ය නාට්‍ය කලාව හා ආගම”, ”සිංහල නාට්‍ය කලාව හා සංස්කෘතික පසුබිම” නම් මාතෘකා තුළින් මිථ්‍යා විශ්වාස හා බෞද්ධාගම සංකලනය වී ඇති ආකාරය නිදර්ශන සහිතව සරලව පෙන්වා දෙයි. එම`ගින් විදුලි බල හා බල ශක්ති නියෝජ්‍ය ඇමතිගේ වැසි පතා මාඋස්සාකැලේ ජලාශයට පිරිත් පැන් මුදාහැරීම හා ඒ හා සමාන සංසිද්ධීන් අවබෝධ කර ගැනිමට මහත් පිටුවහලක් ලැබෙයි.
ආදි මිනිසා ප‍්‍රකෘති ලෝකය හසුරුවන්නට දරන උත්සාහයේදී ඔහුට තේරුම් ගැනීමට නොහැකිවූ ස්වභාවික වස්තූන් හා ක‍්‍රියාකාරිත්වයන් මත දේවත්වය ආරූඪ කළේ ය. ගස්, ගල්, කඳු, ඇල, දොල, ගංගා වැනි ස්වභාවික වස්තූන්ට අධිගෘහිතවු දෙවි දේවතාවුන් ඇතැයි ඔහු විශ්වාස කළේ ය. එවැනි ස්වභාවික වස්තූන් සප‍්‍රාණිකයයි ඔහුගේ පිළිගැනීම විය. මානව විද්‍යාඥයන් ආදි මානවයාගේ එම විශ්වාසයන් සමූහය හඳුන්වන්නේ ආත්ම ආරූඪවාදය හෙවත් ප‍්‍රාණවාදය ( animism) යනුවෙනි.
‘ස්වභාවික වස්තූන් හා ධර්මතාවයන් ඔහුට පෙනුනේ දෙවිවරුන් හා ඔවුන්ගේ ශක්තීන් හෝ ක‍්‍රියාවන් ලෙසය. සූර්යා දෙවි කෙනෙකි. ඌෂ්ණත්වය ආලෝකය ආදිය ඒ දෙවියන්ගේ බල මහිම ය. එමෙන්ම අහස පොලොව(මිහිකත දෙවි) වර්ෂාව සඳ ප‍්‍රභාතය යන ආදී මේ සියල්ල දෙවිවරු ය.’
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර - සිංහල ගැමි නාටකය - 6 පිටුව
ජීවය හා මරණය යනු කුමක්දැයි තේරුම් ගැනීමට අපොහොසත්ව සිටි ආදි මානවයා සෑම ප‍්‍රාණියෙකුටම ශරීරයක් හා ආත්මයක් ඇතැයි විශ්වාස කළේ ය. මරණයේදී ක‍්‍රියාකාරිත්වය මුළුමනින්ම අතුරුදහන් වෙයි. ශරීරයෙන් ප‍්‍රබල කිසිවක් පිටව ගොස් ඇත. අදෘශ්‍යමාන මේ බලය අවස්ථාව ලද විගස මිනිසුන්ට ආරුඪ වෙයි. ලෙඩ රෝග ඇති කරයි. වියරු වට්ටයි. මේ ආත්මයන් ( පේ‍්‍රතයන්) තමන් අවට සැරිසරයි යන නිරන්තර බියකින් ඔහු පෙළෙයි. ඔවුන්ට කෑම බීම දී යාග හෝම පවත්වා දුරු කළ යුතු වෙයි.
මේ දෙවිවරු හා භූතයන්ගේ රුචි අරුචිකම්, කන බොන දෑ, වාසස්ථාන ආදිය ගැන දන්නෝ පූජකයෝ වූහ. ඔව්හු දෙවිවරුන්ගේ සිත් දිනා ගැනීම සඳහා ගූණ ගායනා කළහ. අකල් වැසි, ඉඩෝර, ගංවතුර, දුර්භික්ෂ, වසංගත වැනි අනර්ථයන් සිදුවීම වලක්වා ගැනීම සඳහා දෙවිවරුන් හා භූතයන් වෙත යාග හෝම පුද පූජා පැවැත්වූහ.
ප‍්‍රාග්විද්‍යාත්මක චින්තන ක‍්‍රම ලෙස හඳුන්වන ආදී මානවයාගේ මේ විශ්වාසයන් හා ඇදහිලි ක‍්‍රම දැනුදු ශිෂ්ට යැයි පිළිගත් ජනතාවන් අතර විශේෂයෙන් ගැමි ජනතාවන් අතර බහුලව දක්නට ඇත. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර එය ‘ගැමි ආගම’ ලෙස හඳුන්වයි. සමාජීය වශයෙන් නම් ගැමි යන්නෙන් සිංහල ගැමි සමාජය අදහස් කෙරෙයි.
”බුද්ධාගම ලාංකීය ජනතාවගේ සම්මත ආගම වීමට පෙර ඇනිමිස්ටික් වශයෙන් හැඳින්විය හැකි පිදිවිලි වෙසෙස් මෙහි ප‍්‍රචලිත වී යයි සිතීමට තුඩු දෙන සාක්ෂි සෑහෙන ප‍්‍රමාණයක් ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් ලංකාවේ ප‍්‍රාග් බෞද්ධ විශ්වාස පිළිබඳව ලියන ලද ශාස්ත‍්‍රීය ලිපියක සඳහන් වේ.”
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර - සිංහල ගැමි නාටකය - 19 පිටුව
මේ අනුව බුද්ධාගම ලංකාවට ඒමට පෙර මානව විද්‍යාඥයන් විසින් ඇනිමිසම් යනුවෙන් හඳුන්වන පුද පූජා අඩංගු ගැමි ආගම ආදි සිංහල සමාජය තුළ තහවුරුව පැවති බව පිළිගැනෙයි. අළුත පැමිණි බුද්ධාගමට ව්‍යාප්තවීමට සිදුවන්නේ මෙවන් පසුබිමක් මත ය.
බුද්ධාගමේ පරමාර්ථය පුද්ගල විමුක්තිය යි . එනම් පුද්ගලයා තමන්ගේම අධිෂ්ඨානයෙන් හා අභ්‍යාසයෙන් සසර දුකින් මිදීම ය. මේ නිසාම බුද්ධාගමෙහි සාමූහික වන්දනාමානයන් නැත. දරුවකු ලැබීම, නම් තැබීම,, අකුරු කියවීම, විවාහය වැනි වැදගත් සංතෘෂ්ටිදායක සිදුවීම්වල දී බෞද්ධයාගේ ක‍්‍රියාකාරකම්වලට බෞද්ධාගම අත නොපොවයි. එනම් ගිහි ජීවිතයේ සිදුවීම් ආගමික චාරිත‍්‍රවලින් පාලනය නොකරයි. ගිහි ක‍්‍රියකාරකම්වලින් ඈත්ව සිටීම බෞද්ධ පරමාර්ථයට අනුව ගැලපෙන්නේ වූව ද එමගින් බෞද්ධාගම හා බෞද්ධ සමාජය අතර එක්තරා දුරස්ථබවක් ඇතිවීම නොවැලක්විය හැකි ය. එහිදී ගැමි ආගමට අයත් චාරිත‍්‍ර හා පිදවිලි ක‍්‍රම ආදියෙන් මේ අඩුපාඩුව මදක් පිරිමැසිණැයි මහාචාර්ය සරත්චන්ද්‍ර අදහස් කරයි.
ලංකාවට බූද්ධාගම ගෙන එන්න ප‍්‍රථම භාරතයේදීමත් හින්දු දේව මණ්ඩලයට අයත් සමහර දෙවිවරු ද හින්දුන්ගේ ලෝක විවරණය ද බෞද්ධ විශ්වාසවලට වැද්ද ගෙන ඇති බවත් හින්දු ඉන්ද්‍ර දෙවියා බුදු සසුන ආරක්ෂා කරණ සක‍්‍ර දේවේන්ද්‍රයා ලෙස පරිවර්තනය වී ඇති පරිදිම
”භාරතීය ගැමි ජනයාගේ ඇදහිලිවලට අයත් වූ චෛත්‍ය පූජාව හා බෝධි වෘක්ෂ පූජාව ද බෞද්ධ පූජා සේ සකස් විණි ”යැයි (සිංහල ගැමි නාටකය 19 පිට) ඔහු පෙන්වා දෙයි.
අමතරව බුද්ධාගම ලංකාවට ගෙන ඒමෙන් පසුව ලංකාවේ ඒ වනවිට තිබූ එවැනි පිදවිලි ද තව තවත් බුද්ධාගමට වැද්දගෙන ඇති බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.
ගැමි ආගමට අයත් අභිචාර විධි (මන්ත‍්‍ර ගුරුකම්) කෙනෙකුට අනවින කිරීමට පමණක් නොව සෙත් සාන්ති ලැබීමට ද යොදා ගනී. පේ‍්‍රත භූත ආදී අමනුෂ්‍යයන්ගෙන් වන උපද්‍රව වලින් කෙනෙකු ආරක්ෂා කිරීම සඳහා මන්ත‍්‍ර ජපකොට කහ දියරෙහි පො`ගවන ලද නූලක් ගැට ගැසීමේ චාරිත‍්‍රය අද ද ලංකාවේ බහුලව පවතී.
”පිරිත් පැන් ඉසීම ද පිරිත් නූල් ගැට ගසා ගැනීම ද ගැමි ආගමේ අභිචාර ක‍්‍රමවලට අනුකූලව සාදා ගන්නා ලද බව අනුමාන කළ හැකිය.”” ( සිංහල ගැමි නාටකය 20 පිට)
ගැමි ආගමට අයත් වෙනත් පූජා කර්ම බුදු සමය තුළට වැද්දගන්නා ලද සැටි ස්පුට කිරීම සඳහා ඔහු තවත් නිදර්ශන ගෙනහැර දක්වන්නේ මෙසේ ය.
”අවමංගල උත්සවයන්හි භික්ෂූන් වහන්සේ වෙත මතක වස්ත‍්‍ර පූජා කිරීම මෙයින් එකක් යයි හැෙ`ග්. මේ පූජා කර්මයන්හි දී මිය ගිය තැනැත්තාගේ නෑයෙකු විසින් පැන් වඩන විට භික්ෂූන් වහන්සේ කියන තිරෝකුඞ්ඩ සූත‍්‍රයෙහි මළ ගිය ඇත්තන් පිළිබඳ ගැමි ජන විශ්වාස කීපයක් අනතර්ගත වේ. එහි එක් පාඨයක් මේ චාරිත‍්‍රයේ ප‍්‍රභවය අවබෝධ කර ගැනීමට ඉවහල් වෙතියි පෙනේ . එනම් ඉතො දින්නෙන යාපෙන්ති පෙතා කාල කතා තහිං (මෙහි දෙන ලද්දෙන් මිය ගිය අය එහි යැපෙති.)යන්නයි .” (සිංහල ගැමි නාටකය 20 පිට)
”පේ‍්‍රතයෝ නිතරම කුසගින්නෙන් පෙළෙතියි යන විශ්වාසයෙන් හට ගත් චාරිත‍්‍රයක් වන ඔවුන් වෙත ආහාර පිදීමේ සිරිත ද පසු කාලයක දී ඔවුන්ගේ නාමයෙන් භික්ෂූන් වෙත දන් දීමේ චාරිත‍්‍රයක් වශයෙන් හැඩ ගැසිණැයි නිගමනය කිරීම යුක්ති යුක්ත සේ පෙනේ” . (සිංහල ගැමි නාටකය 20 පිට)
සාමාන්‍ය ජනතාව අතර ගැමි ආගම මුල් බැසගෙන තිබූ නිසා බෞද්ධාගම ඔවුන් අතර ව්‍යාප්ත වීමේදී ඔවුන් දිනා ගැනීම සඳහා බෞද්ධ නොවූ එම චාරිත‍්‍රවලට බෞද්ධ වේශයක් ආරෝපණය කොට සමහරවිට බෞද්ධ චාරිත‍්‍ර හා උත්සව ලෙස සකස් කරගත් අවස්ථා ද ඇත. සමනොළ පර්වතයට අධිගෘහිත සමන්ත භද්‍ර දෙවියා එහි බුදුන්ගේ ශ‍්‍රීපාද ලාංඡුනය ඇතැයි සැලකෙන තැන් සිට එය ආරක්ෂා කරන සමන් දෙවියෙකු බවට පෙරළී පුද පූජා උත්සව සිදු කෙරෙයි. විෂ්ණු නාථ කතරගම හා පත්තිනි නම් හින්දු දෙවිවරුන් වෙත කෙරෙන පූජාවක් ලෙස ඇරඹි මහනුවර පෙරහැරෙහි ගැමි ආගමික චාරිත‍්‍ර ද අඩංගු වෙයි. පසුව 1775 දී කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ නියෝගයෙන් දන්ත ධාතූන් වහන්සේ ද එක් කරමින් එය දළදා මාලිගාවේ බෞද්ධ මහෝත්සවයක් බවට සකස් විණි.
අළුත් ආගමක් වෙනත් ආගමක් පවත්නා රටකට ගෙන යන ලද කල්හි ආගම් දෙක අතර කිසියම් රහස් ගිවිසුමක් අනිවාර්යයෙන් ම සිදුවන බව මහාචාර්ය සරත්චන්ද්‍රයන් පවසයි.
සත්‍යවශයෙන් ම සමස්ත ක‍්‍රියාවලිය තුළ කැපී පෙනෙන ලක්ෂණය නම් (සිංහල) ගැමි ආගමික සමාජය හා බුද්ධාගම රහස් ගිවිසුමක් මත ක‍්‍රියාකාරී වෙමින් එකිනෙක ඌණපූරණය කරගැනීම ය. (සිංහල) ගැමි ආගමික සමාජය බෞද්ධාගම තම දෘෂ්ටිමය ආයතනය ලෙස පිළිගනිමින් ද ඒ අතර බෞද්ධාගම එම සමාජය මත බලපෑම් සහගත ආයතනික තත්ත්වය තහවුරු කරගනිමින් ද සිංහල බෞද්ධ රාජ්‍යය නිර්මාණය කරගනී. එදා ගැමි ආගමට තිබූ තැන බෞද්ධාගම විසින් විස්ථාපනය කර අද ශ‍්‍රී ලංකාව නිර්මල බුදු දහම රජයන බුදුන්ගේ දේශය ලෙස මහත් ඉහළට ඔසවා ඇතැයි බෞද්ධයෙකුට අභිමානයක් දැනෙනු ඇත. එහෙත් ඉහත කරුණු ගැඹුරින් සැලකිල්ලට ගන්නේ නම් සිදුවී ඇත්තේ හාත්පසින්ම වෙනත් දෙයකි. බෞද්ධාගම නිරාමිස විමුක්තිය පිළිබඳ සිය ඉගැන්වීම මතින් ගොඩ නගාගෙන තිබූ ගෞරවනීය අනන්‍යතාවය අහෝසිකර ගනිමින් පුද පූජා උත්සව මංගල්‍ය යන්ත‍්‍ර මංත‍්‍ර ගුරුකම් වෙදකම් නැකත් බැලීම්වලින් ගහන සැබෑම සිංහල ගැමි ආගමික ආයතනයක් බවට පත්වී ඇත. කාලය අනුව නව්‍ය වෙමින් වුව ද ගමන් කරන්නේ ඒ මගෙහි ම ය.
මිථ්‍යා විශ්වාසයන් වුව ද ඒවා මිනිසාගේ ජීවන අරගලය මතින් එනම් ප‍්‍රකෘතිය වෙනස් කිරීමට දරණ උත්සාහයේදී පිළිපන් ඒවා ය. කටුක ප‍්‍රකෘතිය විඳ දරාගැනීමටත් නැතිනම් චමත්කාර බලාපොරොත්තු හඹා යාමටත් ඔහු මෙහෙයවනු ලබන්නේ එම විශ්වාසයන් විසින් ය. ඒ නිසා ඔහු ඒවා සමග ඇලී ගැලී සිටිමට ආසා කරයි. මිථ්‍යාවට ආදරය කරන තරමට එසේ ආදරය කිරීමට පොළඹවන තරමට මිනිසා ප‍්‍රකෘතිය අවබෝධ කර ගැනීමට හෝ එය වෙනස් කිරීමට තැත් කරන්නේ නැත.
Subscribe to:
Post Comments (Atom)
සිද්ධාර්ඨ ගෞථම ගේ ටීචීන් නෙමෙයි නැගල යන්නෙ. වෙන එකක්. නමුත් බුද්ධාගම මෙරටට ආපූ මුල් දවස්වල පුද්ගල විමුක්තිය සොයපු පුද්ගලයෝ කෙතරම් සිටියද කියල අනුරාධපුර පැත්තෙ තියෙන කටාරම් කොටපු ලෙන් ටිකම සාක්ෂී. සීගිරියත් කස්සප උන්නෑහේ මාලිගාව හදන්න කලින් සහ ඊට පස්සේ එහෙම තැනක්. නමුත් තව සෙට් එකක් පාළ්කයොත් එක්ක එකතුවෙලා රට වැසියා මුලාකරගෙන ජනතාව බය කිරීමටත් ඔවුන්ගෙන් යැපීමටත් ඒ උතුම් දර්ශනය විස්සෝපත් සමඟ යොදාගත්ත. නියම මගට හෙන ගහල. බොරුව අදටත් රාජ්‍ය අනුග්‍රහය ඇතිව නැගලම යනව. අම්බරුවන්ටත් මඩ වලේ ලගිනව තරම් වෙන සැපතක් නෑ...
ReplyDelete