මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .
Sunday, July 24, 2011
ආචාර්ය වැටුප හා පෞරුෂත්වය
රජිත රාජපක්ෂ
සරසවි ඇදුරන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ඇරඹි සටන් කි‍්‍රයාමාර්ගය දැන් මසක් ඉක්මවා තිබේ. අද වන විට එහි කිසියම් අවසානයක් දක්වා පැමිණෙන බවක් පෙනේ. ආචාර්ය සංගමය බලාපොරොත්තු වූ වැටුප් වැඩිවීම නැතත් සැලකිය යුතු වැටුප් වැඩිවීමක් ලබාදීමට රජයට අකමැත්තෙන් හෝ සිදුවී තිබේ.
ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ මාසික වැටුප රු. 1,15,000ක් දක්වාත් සෙසු ආචාර්යවරුන්ගේ වැටුප් තල වසර දෙකක් තුල සකස් කිරිමටත් රජය හා සරසවි ආචාර්ය සංගමය එකග වී ඇතග
රටේ සිටින බුද්ධිමතුන් වශයෙන් සරසවි ඇදුරන් ඉහළ වැටුප් තලයක පිහිටුවීමට බහුතර සමාජ විරෝධයක් නැත. ආචාර්යවරුන්ගේ වැටුප් ප‍්‍රශ්නයේ දී රජය කටයුතු කළ ආකාරය ගැන බොහෝ දැනුවත් සමාජ කොටස්වල පිළිකුලක් පවතී. සමාජයේ පිළිගත් බුද්ධිමතුන් කොටසක්වන සරසවි ඇදුරන්හට නිසි වැටුපක් හා පිළිගැනීමක් ලැබිය යුතුය යන්න සමාජයේ පොදු පිළිගැනීමයි. සරසවි ඇදුරන්හට නිසි වැටුපක් හා පිළිගැනීමක් ලබාදීම රජයේ යුකුකමක් වනවා සේම, එවැනි ඉහළ වැටුපක් ලබාගන්නා සරසවි ආචාරයවරුන්ගෙන්ද සමාජය බලාපොරොත්තු වන වැදගත් කාර්ය භාරයක් තිබේ.
සමාජයේ සිටින පිළිගත් බුද්ධිමතුන් පිරිසක් ලෙස රට තුළ මතුවන දේශපාලන, ආර්ථික ජනවර්ග යන ඕනෑම ජාතික ප‍්‍රශ්නයක් තුළදී වැදගත් කාර්ය භාරයක් ඔවුන්ට ඉටු කළ හැකිය. එය ඒක පාර්ශවික නොවී පිළිගත් ශාස්තී‍්‍රය මූලධර්ම මත කළ යුතු වැඩකි.
එසේ වුව ද බොහෝ සරසවි ආචාර්යවරුන්ගෙන් එවැනි මැදිහත් වීමක් මෑත භාගයේ දී අපි නොදකිමු. ආචාර්යවරුන්ගෙන් ඉතාම සුළුතරයක් පමණක් එවැනි ජාතික ප‍්‍රශ්නවලදී අදහස් දැක්වීමට හෝ සංවාදවල නිරතව සිටියත් ඉන් ඉපිට මැදිහත්වීමක් නොමැති තරම් ය.
නමුත් අපට දක්නට ඇති සමහර ආචාර්යවරුන්ගේ මැදිහත්වීම් ඉතා කණගාටුදායක මෙන්ම පිළිකුල් සහගතය.
ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමැති දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකු වෙනුවෙන් වැඩකිරීමට හෝ පෙනී සිටීමට පුළුවන. එය පොදු ප‍්‍රජාතන්තී‍්‍රය අයිතියකි. එහෙත් සරසවි ඇදුරන් වශයෙන් කිසියම් මැදිහත්වීමක් සිදුකරන විට එය සමාජයට ආදර්ශයක් ඇතිවන ලෙස සිදුකළ යුතු දෙයකි.
පසුගිය මහා මැතිවරණයේදී කැලණිය විශ්වවිද්‍යාලයේ ආචර්යවරුන් බහුතරයක් ඇතුළු සරසවි ඇදුරන් 40කට වැඩි ප‍්‍රමාණයකගේ අත්සනින් මර්වින් සිල්වාට මනාප ලබාදෙන ලෙස ඉල්ලා පුවත්පත් දැන්වීම් පළ කළෝ ය. එමෙන් ම මර්වින් සිල්වා කැලණිය විශ්වවිද්‍යාලයට ගෙන්වා ඇගයීමට ද ලක් කළෝ ය.
මර්වින් සිල්වා යනු සමාජයේ සිටින ඉතාම කළු චරිතයක් බව පොදුවේ මුළු මහත් සමාජයේම පිළිගැනීමයි. එවැනි පුද්ගලයෙකුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් සමාජයේ සිටින බුද්ධිමතුන් පිරිසක් කටයුතු කරන විට පොදු මහජනයා තුළ ඇතිවන හැඟීම කෙබඳු ද? මෙම මැදිහත්වීම පොදුවේ සමස්ත සරසවි ඇදුරන් හටම තවරා ගත් කළු පැල්ලමක් බව සඳහන් කළ යුතු ය.
සරසවි ඇදුරන් හට වැඩි වැටුපක් ලබාදී බුද්ධි ගලනය නවතා සමාජයේ නිසි පිළිගැනීමක් ඇතිකරලීමට වත්මන් සරසවි ආචාර්ය සංගමය උද්යෝගයෙන් කටයුතු කරයි. සරසවි ආචාර්යවරුන් සිය සම්ප‍්‍රදායික සටන් බිමෙන් ඈත් වී රැඩිකල්වාදී සටන් දක්වා සිය ගමන් මඟ වෙනස්කර ඇති බවක් ද පෙනේ. ඇත්තෙන්ම එය ඇගයිය යුතු කරුණකි. එසේම ආචාර්ය සමිතිය විසින් ඉටුකළ යුතු තවත් වැදගත් කාර්ය භාරයක් තිබේ.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඉහළ වැටුපක් ලබාදීමට සමාජය ද විශාල කැපකිරීමක් කළ යුතුව තිබේ. පොදුවේ මුළු මහත් සමාජයටම එම වැය බර දැරීමට සිදුවේ.
ඒවෙනුවෙන්, සමාජය වෙුනවෙන් ඉටු කළ යුතු යුතුකම් ඉටුකරවා ගැනීමේ දිශාවට තම සාමාජිකත්වය මෙහෙයවීම ආචාර්ය සංගමයේ වගකීමකි.
මෙසේ ඉහළ වැටුපක් ලබාදෙන්නේ නම් එසේ සිදුවන්නේ රට තුළ රැුදී සිටිමින් උපාධි අපේක්‍ෂක, අපේක්‍ෂිකාවන්ට ඉගැන්වීම සඳහාය. සමාජය වෙනුවෙන් ඉහළ අධ්‍යාපනයක් අනාගත පරපුර වෙනුවෙන් ලබාදීම සඳහාය. රට වෙනුවෙන් කැප වී පර්යේෂණ කටයුතුවල නිරත වීම සඳහාය.
එසේ නොමැතිව රජයේ ඉහළ නිලතල දරමින් පාලක පක්ෂවල කුණු සේදීමට නොවේ. මැතිවරණ කාලවලදී පාලකයින් වෙනුවෙන් සාවද්‍ය තොරතුරු මත සමීක්‍ෂණ වාර්තා ඉදිරිපත් කිරීමට නොවේ. කිසිම පදනමක් නැතුව සිදුකරන අවිද්‍යාත්මක පර්යේෂණවලට නොවේ.
මහාචාර්ය ආරියරත්න ඇතුගල, මහාචාර්ය ගාමිණී සමරනායක, ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක වැනි අය ආණ්ඩුව සෝදන සේදීම ලැජ්ජා සහගතය.ඒවා කිසිම බුද්ධිමතකුට තරම් නොවේ.
පසුගිය දිනක දිනමිණ පුවත්පතට සම්මුඛ සාකච්ඡුාවක් ලබාදෙමින් මහාචාර්ය ආරියරත්න ඇතුගල එකල සරසවි ශිෂ්‍ය නායකයන් වූ දැනට ජ.වි.පෙ. ඉහළ නායකයන් කිහිපදෙනකුම ආණ්ඩුව වෙනුවෙන් බරපතල ලෙස විවේචනය කර තිබුණි. ධම්ම දිසානායක, ගාමිණී සමරනායක වැනි අයද එලෙස ආණ්ඩුවේ පැවැත්ම පතා ජ.වි.පෙ. හා යූ.ඇන්.පී.ය ප‍්‍රබල ලෙස විවේචනය කරති.
මහාචාර්ය ඇතුගල, මහාචාර්ය ගාමිණී සමරනායක හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක රජයේ ඉහළ නිලධාරීන් වශයෙන් කටයුතු කරන තිදෙනෙකි. රාජ්‍ය සේවකයකුට රජය පමණක් නොව විපක්ෂය හෝ විපක්ෂයේ දේශපාලඥයින් විවේචනය කළ නොහැකිය. නමුත් ඒගැන කිසිදු තැකීමක් නොකරන මොවුන් තිදෙනා තම හිතවත් දේශපාලන පක්ෂයෙන් ලකුණු දාගැනීම සඳහා විපක්ෂය හා එහි දේශපාලඥයින්ට බැණ වැදෙමින් සිටිති.
මැතිවරණ කාලය ආසන්න වන විට සමීක්‍ෂණ වාර්තා නිකුත් කිරීම සාමාන්‍ය දෙයකි. නමුත් විශ්වවිද්‍යාලය ආචාර්යවරු තම ශිෂ්‍යයන්ද සම්බන්ධ කරගනිමින් නිකුත් කරන වාර්තා අව්‍යාජ දත්ත මත සිදු කළ යුතුය. රජයේ ඉහළ තනතුරු දරන විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වන චරිත හේරත්ගේ මූලිකත්වයෙන් සකස්කරන වාර්තා දේශපාලන හිතවත්කම් මත නිකුත් කරන එ්වා බවට කිසිදු දෙගිඩියාවක් නොපවතී.
මෙවැනි දේශපාලන උවමනාවන් වෙනුවෙන් සරසවි ඇදුරන්ගේ මූලිකත්වයෙන් කිසිදු පදනමක් නැති වාර්තා මැතිවරණ කාලවලදී හොඳින් දැකබලා ගත හැකි ය.
ආසනික් පිළිබඳව මහාචාර්ය නලින්ද සිල්වාගේ නායකත්වයෙන් සිදුකල පර්යේෂණ අවිද්‍යාත්මක පදනමක් මත සිදු කළ එකක් බවට ප‍්‍රබල චෝදනාවක් තිබේ. මේ පිළිබඳව සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ.
මෙහිදී මහාචාර්ය නලීන්ද සිල්වා ප‍්‍රමුඛ කණ්ඩායමේ පර්යේෂණයට විරුද්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හැසිරුණු ආකාරයද නින්දා සහගතය. මහාචාර්ය නලීන් සිල්වා ප‍්‍රමුඛ කණ්ඩායම වැරදි නම් ඔවුන්ට කලයුතුව තිබුණේ විද්‍යාත්මකව නිවැරදි පරීක්‍ෂණ ක‍්‍රමයක් මගින් එහි සත්‍ය අසත්‍යතාවය මුළු රටටම පෙන්වා දීමට කටයුතු කිරීමයි. නමුත් මෙම විරුද්ධ පාර්ශව ආචාර්ය කණ්ඩායම සිදුකළේ එවැනි වැඩක් නොවේ. නලින් සිල්වා ප‍්‍රමුඛ කණ්ඩායමේ පරීක්‍ෂණය අවිද්‍යාත්මක බවත්, ඊට තමන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නැති බව කෘෂිකර්ම ඇමැතිවරයා ඇතුළු රජයේ බලධාරීන්ට දන්වා එයින් ඇග බේරාගැනීම ය. එය රජයේ බලධාරීන්ගෙන් ලකුණු දමා ගැනීමේ ක‍්‍රමයක් මිස වෙන වැඩක් නොවේ.
අප රටේ විශ්වවිද්‍යාලවලින් බහුතර ආචාර්යවරුන් පිරිස ඈත කඳුකරවල භාවනායෝගීව සිටින ස්වාමීන් වහන්සේලා වගේය. තමන්ගේ වැඬේ කර ඔය පැත්තකට වී සිටීම හැර රටේ ජාතික තලයේ ප‍්‍රශ්න ඉදිරියේ මැදිහත් වීමක් නැත.
හදිස්සියේම ජනාධිපතිවරණයක් හෝ ජාතික තලයේ මැතිවරණයක් ආ විට කිසිදු වග විභාගයකින් තොරව කාටහරි පක්ෂපාතීව දැන්වීමක් පළකර අත්සන් කරනවා හැරෙන්නට ඉන් එහා දෙයක් නැත. එම අත්සන් ගැන දැන් ඔවුන්ටම කල්පනා කළ හැකිය.
තව ලිවිය හැකි බොහෝ දේ තිබේ. කෙටියෙන් නමුත් මෙම කරුණු ටික මතුකරනු ලැබුවේ පොදුවේ සමාජය පැත්තේ සිටය. විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ නිසි වගකීම වන්නේ තම වෘත්තීය සගයන්ගේ වැරදි භාවිතයන් නිවැරදි කරලීමට ද නායකත්වය දීමය. පාලකයන්ගේ පැත්තේ සිට නොව ජනතාවගේ පැත්තේ සිට ප‍්‍රශ්න විග‍්‍රහ කිරීම හා ඒවෙනුවෙන් පෙනී සිටීමට තම සාමාජිකත්වය දැනුවත් කිරීම ය. මෙය අපහසු බව ඇත්ත ය. අමාරුවෙන් හෝ එසේ නොකළහොත් සරසවි ඇදුරන්ට ද දැනට සමාජයේ යම් හෝ ඇති පිළිගැනීම අවසන් වන බව පමණක් සටහන් කිරීමට පුළුවන.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment