මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Wednesday, March 6, 2013

ජනප්‍රියම වෙළද නාමය- හලාල් සහ බොදු බලය




චරිත භික්ඛවේ චාරිකං, බහුජන හිතාය බහුජන සුඛාය ( බහුජන හිතසුව පිණිස ධර්ම චාරිකාවේ යෙදෙන්න*. බුදුන්වහන්සේ ධර්ම ව්‍යාප්තියේ දී යොදාගත්තේ සිය ගිහි ජීවිතයට උරුමවූ ගෝති‍්‍රක බලය නොවේ , මහත් වෑයමෙන් පසක්කරගත් ධර්මයයි. එයින් ශික්ෂණය කරනු ලැබූ භික්ෂු ඝනයායි.  එහි ගතික ගුණය වුනේ  සියළු ලෝ සතුන් කෙරෙහි පෑ මෛත‍්‍රිය යි. ධර්මයෙහි  හැසිරීමයි.  එය ශක්තියක් මිස බලයක් නොවේ. කුල ගෝත‍්‍ර, දුප්පත් පොහොසත් . උගත් නූගත් විෂමතාවයන් සියල්ල විනිවිද ගියේ එම ශක්තියමයි. බෞද්ධ කතා වස්තූන්ට අනුව බුදුන් වහන්සේ  ප‍්‍රතිපාක්ෂික සියල්ලෝම දමනය අර ඇත්තේ  භෞතික බලය යොදා ගෙන නොවේ, ධර්මයෙහි හැසිරීමෙන්ම ය. බුදුන්ගෙන් පසු කාලයෙහි ධර්මයෙහි හැසිරීම ඓතිහාසිකව සෝදාපාළුවට ලක්වී ගියෙන් ඒ තැන ගත්තේ බුදුන් වහන්සේ විසින්ම එදා ප‍්‍රතික්ෂේප කරනු ලැබූ අභිචාරවිධීන් සහ නේකාකාර ඇදහිලි ය. ගතික ගුණය අහෝසි කරනු ලැබීමෙන් ඉතිිරිවුනේ  ශක්තියෙන් තොර නාමික වශයෙන්  බෞද්ධ වු ආගමික ආයතනික ව්‍යුහයක් පමණකි. එය නොනැසී පැවතීමට උත්සාහ ගත්තේ  ආපසු ධර්මයෙහි පිහිටා නොව රාජ්‍ය  බලයේ සෙවන යටට රිංගාගැනීමෙනි. ආගම හා රාජ්‍යය එකිනෙක ඌනපුර්ණය කරගත්තේය. ඉන් පසු  වරප‍්‍රසාද දිනාගැනීමට හෝ රැුකගැනීමට බොදු බලය ඉහළ පංතීන්ට අවශ්‍යම සාධකයක් විය.  බුද්ධාගම පමණක් නොව අනෙක් ආගම්ද මෙම ඉරණමෙන් බේරී නැත