මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Wednesday, March 6, 2013

ජනප්‍රියම වෙළද නාමය- හලාල් සහ බොදු බලය




චරිත භික්ඛවේ චාරිකං, බහුජන හිතාය බහුජන සුඛාය ( බහුජන හිතසුව පිණිස ධර්ම චාරිකාවේ යෙදෙන්න*. බුදුන්වහන්සේ ධර්ම ව්‍යාප්තියේ දී යොදාගත්තේ සිය ගිහි ජීවිතයට උරුමවූ ගෝති‍්‍රක බලය නොවේ , මහත් වෑයමෙන් පසක්කරගත් ධර්මයයි. එයින් ශික්ෂණය කරනු ලැබූ භික්ෂු ඝනයායි.  එහි ගතික ගුණය වුනේ  සියළු ලෝ සතුන් කෙරෙහි පෑ මෛත‍්‍රිය යි. ධර්මයෙහි  හැසිරීමයි.  එය ශක්තියක් මිස බලයක් නොවේ. කුල ගෝත‍්‍ර, දුප්පත් පොහොසත් . උගත් නූගත් විෂමතාවයන් සියල්ල විනිවිද ගියේ එම ශක්තියමයි. බෞද්ධ කතා වස්තූන්ට අනුව බුදුන් වහන්සේ  ප‍්‍රතිපාක්ෂික සියල්ලෝම දමනය අර ඇත්තේ  භෞතික බලය යොදා ගෙන නොවේ, ධර්මයෙහි හැසිරීමෙන්ම ය. බුදුන්ගෙන් පසු කාලයෙහි ධර්මයෙහි හැසිරීම ඓතිහාසිකව සෝදාපාළුවට ලක්වී ගියෙන් ඒ තැන ගත්තේ බුදුන් වහන්සේ විසින්ම එදා ප‍්‍රතික්ෂේප කරනු ලැබූ අභිචාරවිධීන් සහ නේකාකාර ඇදහිලි ය. ගතික ගුණය අහෝසි කරනු ලැබීමෙන් ඉතිිරිවුනේ  ශක්තියෙන් තොර නාමික වශයෙන්  බෞද්ධ වු ආගමික ආයතනික ව්‍යුහයක් පමණකි. එය නොනැසී පැවතීමට උත්සාහ ගත්තේ  ආපසු ධර්මයෙහි පිහිටා නොව රාජ්‍ය  බලයේ සෙවන යටට රිංගාගැනීමෙනි. ආගම හා රාජ්‍යය එකිනෙක ඌනපුර්ණය කරගත්තේය. ඉන් පසු  වරප‍්‍රසාද දිනාගැනීමට හෝ රැුකගැනීමට බොදු බලය ඉහළ පංතීන්ට අවශ්‍යම සාධකයක් විය.  බුද්ධාගම පමණක් නොව අනෙක් ආගම්ද මෙම ඉරණමෙන් බේරී නැත.
සහතික වශයෙන්ම මේ දිග හැරෙමින් පවතින හලාල් අර්බුදය පිටුපස ඇත්තේ ආර්ථික හා දේශපාලන බලය පිළිබඳ ප‍්‍රශ්නයක් මිස ආගමික විශ්වාසයන් පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේ. එම විශ්වාසයන් එසේ තබාගෙන ම සිංහල මුස්ලිම් ජනයා එකට අවුරුදු සිය ගණනක් ජීවත්ව සිට ඇත. 1915 ගැටුම හැරෙන්න මේ ජන කොටස් දෙක අතර  සැලකිය යුතු ගැටුම් සිදුවී ඇති බවක් පෙනෙන්නට නොමැත. එදා එම ගැටුම පිටුපස සිට එය අවුලවා  ඇත්තේ ද බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලකයන් ය. ඒ හැරෙන්න ඉතිහාසය පුරා  මුස්ලිම්වරුන් සිංහලයන් කෙරෙහි යම් නම්‍යශීලීබවකින් හැසිරී ඇත. සිංහලයන් ද එවැනි ආකල්පයක පිහිටා සිටි බව පෙනේ. මෑතක් වනතුරුම සිංහලයන් විසින්  මුස්ලිම්වරුන් ඇමතුවේ තම්බි යනුවෙනි . එම දෙමළ වචනයෙහි සිංහල  තේරුම මල්ලි යන්නන ය. ඉන් ප‍්‍රකාශ උනේ  සමීප සම්බන්ධතාවයකි.  එහෙත් අද එම පදයම සිංහලූන් විසින්  මුස්ලිමුන්  අපහාසාත්මකව හැඳින්වීමට යොදා ගැනෙයි. කිසියම්ම හෝ සදාචාර බැඳීමකට යටත් නොවන අන්තර්ජාලයේ පේස්බුක් පිටු මුස්ලිමුන් කෙරෙහි  අපහාසාත්මක සිමාව ද ඉක්මවා වෛරී අශිෂ්ට බැණුම්වලින් පුරවා  ඇත. මෙසේ වචනයකට එහි මුල් වටිනාකමට වඩා පසුව වෙනස් ම වටිනාකමක් අත් වූයේ කෙසේ ද? අපි එය මෙසේ විමසා බලමු .  යම් මුදල් ඒකකයක් එක් එක් කාලවල වෙනස් වෙනස් වටිනාකම් අත්කර ගනී. ඒ පිටුපස ඇත්තේ නිෂ්පාදනය හා හුවමාරු සම්බන්ධතාවයන් බව තරමක හෝ වෙළඳපොල ක‍්‍රියාකාරිත්වය ගැන අවබෝධයක් ඇති අය දනී. වචනයන් ද ඒ අනුව භාෂාවමත්  මෙම මූලධර්මය විසින් මෙහෙය වෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සිංහල භාෂාවට එක්වන්නේ ගෙවුනු 20 වන සියවස මුලදී ය. නිශ්චිත රාජ්‍ය ක‍්‍රමයක් මෙන් ම නිශ්චිත නිෂ්පාදන හා හුවමාරු ක‍්‍රමයක් ද එම වචනය තුළ ගැබ්වෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ එදා අපි හඳුනාගත් වටිනාකම් ප‍්‍රමාණයට වඩා වෙනස් වටිනාකම් ප‍්‍රමාණයක් අද  අඩංගු වී ඇත. හෙට මේ තත්ත්වය තවත් වෙනස්වෙනවා ඇත. අනෙක් අතට සංකල්පීය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වඩා භාවිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනස් බව මේ මොහොතේත් පෙනෙන්නට ඇත. මෙසේ ම කිසිම අක්ෂර වෙනසක් සිදුනොවී තිබියදීත් එදා තම්බි ගෙන්  අද තම්බි   බරපතල හරයාත්මක වෙනසක්  අත්කරගෙන ඇත්තේ ආර්ථිකමය හා දේශපාලනමය හේතූන් නිසාවෙනි.
20 වෙනි සිය වස ආරම්භ වන්නේ  සමාජවාදී ව්‍යාපාරය කරළියට විත් රුසියානු බොල්ෂෙවික් විප්ලවයේ ජයග‍්‍රහණය සලකුණු කරමින්ය. යටත් විජිතයන්හි  ජාතික විමුක්ති ව්‍යාපාර පෙරට එන්නේ ද මෙම වකවානුවේ ම ය. අධිරාජ්‍යවාදයේ පීඩනයට එරෙහි අරගලයේ පෙරමුණු බලඇණියක වැඩකොටස මෙම පාර්ශවයන් මත රැුඳී පැවතුනි. වාර්ගික  ආගමික කුල ආදී  පීඩනයන්ට එරෙහි විරෝධය ප‍්‍රකාශකිරිමට  ඒවාටම අනන්‍ය ව්‍යාපාර අවශ්‍ය වුයේ නැත. ඒ සියල්ල බොහෝවිට  සමාජවාදී හා ජාතික විමුක්ති ව්‍යාපාර තුළ ම සංයුක්ත විය. තවදුරටත්  දෙවන ලෝක යුද සමයෙන් පසු සමාජවාදී රාජ්‍ය කලාපයක් ද යටත්විජිත බැමි බිඳ දැමූ නිදහස් ජාතික රාජ්‍ය සමූහයක් ද බිහි විය.  එහෙත් පසුව  සමාජවාදී කඳවුර බිඳවැටීම සමගින් ලෝක සමාජවාදී ව්‍යපාරය ලක් වූයේ විශාල පසුබෑමකට ය. නවලිබරල් ප‍්‍රතිපත්ති විසින්  කුඩා ජාතික රාජ්‍යයන් ගෝලීය ධනවාදය තුළ කොටු කරගනු ලැබී ය. ගෝලීය ධනවාදයේ පීඩනය අතිශයින් තීව‍්‍ර වුවත් දැන් එයට එරෙහිව යාමට තරම් ශක්තිමත් සමාජවාදී ව්‍යාපරයක් ඇත්තේ නැත. නමුත් පීඩනයට එරෙහි විරෝධය කොතැනකින් කුමන විදියකින් හෝ ප‍්‍රකාශ විය යුතුව තිබුණි. කාර්මික විප්ලවයේ මුල් අවධියේදී ධනවාදී සම්බන්ධතාවයන් පිළිබඳ අවිඥානික කම්කරුවන් තම විරෝධය ප‍්‍රකාශ කළේ සතුරා ලෙස හඳුනාගත් යන්ත‍්‍ර සූත‍්‍ර කඩාබිඳ දැමීමෙනි. කාර්යක්ෂම යන්ත‍්‍රසූත‍්‍ර වෙනුවට නොදියුණු හස්ත කර්මාන්ත ශිල්පය කරා ආපසු යාමෙන් තම තත්ත්වය සුරක්ෂිතවිය හැකි ය යනු  ඔවුන්ගේ කල්පනාව විය. වර්තමානයේ වාර්ගික අන්තවාදයන් හා ආගමික මූලදර්මවාදයන් පෙරට එන්නේ මේ සමාන පදනමකිනි. ගෝලීය ධනවාදය අරාබිකරයේ තෙල් සම්පත් ඩැහැගැනීමට යොදන කූට ක‍්‍රම වගේම ම්ලෙච්ඡු  යුද්ධෝපක‍්‍රම නිසාවෙන්  පළමුවෙන් ම  ඉරිතැලී යන්නේ ඉස්ලාමීය මූලධාර්මික ජීවිතය යි. එවැනි අවස්ථාවල ඉස්ලාම් ආගමේ ආරක්ෂාව වෙනුවෙන් එය විසින් නියම කර ඇති සුද්ධවූ යුද්ධය (ජිහාඞ් * ඔවුන්  ඉදිරියේ ඇති  එකම විකල්පයයි. එහි නිෂ්ඨාව ඉස්ලාමීය මුලධාර්මික රාජ්‍යයක් ගොඩනැගීමයි. එවැනි රාජ්‍යයක ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පවා  සුළු හෝ ඉඩක් නැහැ. එක්තරා කාලයක් තලෙයිබාන් පාලනය යටතේ  ඇප්ගනිස්ථානයේ එවැනි ගෝත‍්‍රක රාජ්‍යයක් ක‍්‍රියාත්මක වුන බව අපි දනිමු.
නැගී ආ ඉස්ලාම් මූලධර්මවාදයෙන් ලෝකයේ සෙසු මුස්ලිම් ප‍්‍රජාවන් ද ආස්වාදය නොලැබුවා යයි කිව නොහැක. බහු ආගමික රටක් වූ ලංකාවේ  ජීවත්වන මුස්ලිම් ප‍්‍රජාව පවා  තම සමාජය ඇතුළත ක‍්‍රමානුකූලව  මූලධාර්මික චාරිත‍්‍රයන් හඳුන්වා දෙන ප‍්‍රවනතාවයක් පෙනෙන්ට තිබුනි. ඒ තත්ත්වය එතෙක්   සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන්ට ගැටළුවක් නොවුනත් ඔවුන්ගේ බඩු මල්ලේ වැඩි වැඩියෙන් හලාල් තියෙනව දැක්ක ගමන් ඔවුන්ට දෙමළකුගේ අවතාරය මැවී පෙනුනා වන්නට පුළුවන. තම්බි  තම්බියා ලෙස රූපාන්තරණය වෙමින් නව වටයකින් කරළියට පැමිණියේ ය.
අපි නැවතත් කියමු. හලාල් ඉල්ලීමත් , හලාල් විරා්ධයත් පිටුපස ඇත්තේ අහිංසක ආගමික සංකල්පයක් නොවේ, වාණිජ වගේ ම ඊට අදාළ දේශපාලනික උවමනාවන් සමූහයකි. මෙය නව ලිබරල්වාදය තුළ බහු ජාතික ව්‍යාපර විසින් ලංකාවේ වෙළඳ පොළ ආක‍්‍රමණය කිරීමේ හේතුවෙන්  පොදු වශයෙන් පීඩාවට පත් සිංහල මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ අඳෝනාවේ දෝංකාරයක් ද වැඩෙන ආර්ථික දේශපාලන අර්බුදය හමුවේ අභියෝගයට මුහුණ දෙමින් සිටින හා පැවැත්ම සඳහා ගැටුම් නිර්මාණය කරලීමේ උවමනාවෙන් කි‍්‍රයා කරන පාලකයන්ගේ කුමන්ත‍්‍රණකාරී පිවිසියාවේ ප‍්‍රකාශනයක් ද වේ. වෙළඳාමෙහි සහජ උපායික දක්ෂතාවය යොදවා මුස්ලිම් ව්‍යාපරිකයන් තමන්ගේ  ස්ථානය රැුකගෙන හිටියත් ඒ  ඉන්නෙ  සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් රාජ්‍ය අනුග‍්‍රහයෙන්  ශක්තිය ලැබ තරගයට පිවිසේයැයි යන බියෙනි. පාර්ශවයන් දෙක ම ආගමික හා වාර්ගික අවිය මුවහත් කරමින් අඩු වැඩි වශයෙන් සැරසෙන්නේ  ආර්ථික උවමනාවන්  වෙනුවෙන් දේශපාලන බලය උරගා බැලීමටයි. ”බොදු බලය” වගේ ම ”හලාල්”ද වෙළඳ ලකුණක් පමණක් නොව ”ඡුන්ද” ලකුණක් ය.
අනෙක් කරුණ නම් වෙළඳපොල තරගයේදී මේ සෑම ව්‍යාපාරිකයෙකුටම හලාල් යනු සුපර් ස්ටාස් වගේ තවත් වෙළඳ ප‍්‍රවර්ධන වැඩ සටහනකි.  සමහරවිට බලවත් සමාගමකට පුළුල් ප‍්‍රචාරක ව්‍යාපාරයකට යෙදවිය යුතු අතිවිශාල මුදල ඉතිරි කරගෙන  අඩු මුදලක් හලාල් වෙනුවෙන් වැයකර පහසුවෙන් මුස්ලිමුන් අතර තහවුරු වෙන්න පුළුවන. අසරණ දුප්පත් මුස්ලිමුන්ට අඩු මිල විකල්ප භාණ්ඩ තෝරා ගැනීමේ අයිතිය අහිමි වෙයි.  ආකර්ෂණීය දවටන, ඇසුරුම්, පච‍්‍රාරක පෝස්ටර්, රූපවාහිනී හා ගුවන්විදුලි දැන්වීම්, තරග, සජීවී සංගීත ප‍්‍රසංග වැනි ප‍්‍රචාරක කටයුතු සඳහා වැය කරන මිලියන ගණන් මුදල් භාණ්ඩයක මිලට එකතුකර  වෙළඳ සමාගම් කරන  සූරාකෑමට  බොදුබල සේනාව, ජාතික හෙල උරුමය හෝ උලමා සංවිධානය කිසිවිටකත් විරුද්ධ නැත.
මේවායින් පෙන්නුම් කරන්නේ හලාල් ඉල්ලීමත් , හලාල් විරා්ධයත් පෙරටු කර ගත් වේෂ්ටිත බැඳියාවන්ගෙන් ( ධනය රැුබලය ලබාගැනීමේ උවමනාවන්ගෙන් * මෙහෙයවෙන බලවේග කීපයක් බෞද්ධ මුස්ලිම් පොදු ජනයා ගොනාට අන්දා අලූත් ගැටුම් ක්ෂේත‍්‍රයක් කරා ඔවුන් තල්ලූ කර දැමීමේ කුමන්ත‍්‍රණයක් දියත් කරමින් තිබෙන බව ය.  මෙම කුමන්ත‍්‍රණය පිටු පස පාලක රෙජිමය සැලකිය යුතු භූමිකාවක් ර`ගනවා නිසැක ය.
සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ පිහිටෙන්  ප‍්‍රජාතන්ත‍්‍රවාදය හකුළුවමින් පැසිස්ට් පන්නයේ ආණ්ඩු කරණයට යොමුවූ රාජපක්ෂ පාලනය වැනි පාලනයන් තුළ පහසුවෙන්  ගෝත‍්‍රිකවාදී ගැටුම් ඇවිලයාමේ මෙන්ම අවුලූවාලීමේ වැඩි ඉඩක් පවතී.
සමාජවාදී ව්‍යාපාරයේ වගකීම වන්නේ ගෝලීය ධනවාදයට, ජාතිකවාදයට මෙන්ම සෑම ආකාරයකම ආගමික මූලධර්මවාදයන්ට ද එරෙහිව පෙරමුණු කීපයක සංකීර්ණ අරගලයක් කිරීම ය.
ඒඞීපී.  රත්නායක

No comments:

Post a Comment