අද අප ජීවත් වන සමාජය ස්වභාවික වශයෙන් ම ධනපති ක‍්‍රමයයේ ප‍්‍රචණ්ඩමය ආධිපත්‍යය විසින් මෙහෙයවනු ලබන, සංස්කෘතිකමය සමාජයක් පමණක් ම නොව ආගමික හා වාර්ගික ඓතිහාසික සාධකයන් විසින් පොළවඹවනු ලැබ ආවේශයට පත් ජනතාවක් විසින් ස්ව කැමැත්තෙන්මත් තමන් පාලනය කරනු ලැබීමට ස්වකීය නියෝජිතයන් ලෙස සලකන සමාජ බල කණ්ඩායම් හරහා ධනපති පාලකයන්ට වරම් දෙනු ලැබ ඇති සමාජයකි. මෙම තත්ත්වයන් ගේ එකතුව විසින් රාජපක්ෂ හෙජමොනිය නිර්මාණය කරනු ලැබ ඇත. ඊට ගෝලීය ධනවාදයේ ආශිර්වාදය හා අනුබලය නොඅඩුව ලැබෙයි. තරවටු කිරීම් කරන්නේ නම් ඒ ‘‘යහ මගට’’ ගැනීම සඳහාම පමණි. උතුරේ දෙමළ ජනතාවට ගේ දොර ඉඩකඩම් අහිමිකර ඇත. ඔවුන්ගේ පැල්පත් යටකරගෙන විසල් හමුදා සංකීර්ණයන් ගොඩ නැගෙයි. ඊටත් වඩා ඔවුන්ට හිමි ජාතික ගෞරවය හා අභිමානය අහිමි කරනු ලැබීමෙන් ඉතිහාසයේ කවරදාටත් වඩා ඔවුහු විඳවමින් සිටිති. 53 දී සහල් සහනාධාරය අත් හිටුවා සේරුව ශත විසි පහකින් වැඩි කළ විට මහා නැගිටීමකට පිළිපන් ජනතාවක් පාන් රාත්තල රුපියල් දහයකින් වැඩිවන විට, සිය ගණනින් පුද්ගලයන් පැහැර ගැනීම් හා අතුරුදහන් කිරීම්වලට ආණ්ඩුවේ සෘජු සම්බන්ධය පැහැදිලිව එළිදරව් වෙමින් පවතින විට, බිලියන ගණනින් රාජ්‍ය සම්පත් වංචනික හා ¥ෂිත මාර්ගයෙන් ගිලදමන විට, හමුදාමය මැදිහත්වීම් මගින් නීතියේ ස්ථානය ඩැහැ ගනිමින් තිබෙනා විට අද ඒවාට එරෙහිව විටින් විට වුවත් නැගෙන විරෝධතාවන් නොසලකා සිටින්නේ එම ජනතාවගෙන් බහුතරය රාජපක්ෂ හෙජමොනිය සමග ඇති කරගෙන ඇති මේ සහමිතික බැඳීම ද නිසා ය. මීට අමතරව මහින්ද රෙජිමය නිවැරදි කරන්්නට හා ආරක්ෂා කරන්නට උපදේශන පාඨමාලා පවත්වන ජාතික හා ඇතැම් විකල්ප මාධ්‍ය ගෙන යන මාධ්‍ය ප‍්‍රචාරය ද මෙම සහමිතික බැඳීම නගාලීම සඳහා කරන කුප‍්‍රකට සේවය මෙහි දී නොකියා නොහැකි ය.
දකුණේ සිංහල සමාජය කෙරෙහි එල්ටීටීඊය විසින් ඇති කර තිබු පීඩනයේත් එල්ටීටීඊය පරදවා එය ලත් යුද ජයග‍්‍රහණයේත් සන්දර්භය තුළ අද දවසේ රාජපක්ෂ රෙජිමය සිය දෘෂ්ටිවාදයෙන් බහුතර ජන සහමතිය දිනා ගැනීමට සමත්ව සිටී. රාජපක්ෂ රෙජිමයේ දෘෂ්ටිවාදය හුදු ධනේශ්වර දෘෂ්ටිවාදයම නොවේ. එය ධනපති හා සුළු ධනපති දෘෂ්ටිමය සංයෝජනයකි. විශාල ලෙස පැතිරුණ පංතියක් වූ සුළු ධනපති පංතියේ දෘෂ්ටිවාදය එහි ප‍්‍රධාන අඩංගුව තුල සැලකිය යුතු කොටසක් නියෝජනය කරයි. මෙම ධනපති හා සුළු ධනපති දෘෂ්ටිමය සංයෝජනයේ ප‍්‍රධාන ආකාරය වනුයේ දේශපේ‍්‍රමයේ ආකාරයෙන් එන පටු ජාතිකවාදී දෘෂ්ටිවාදය යි. මෙය ව්‍යාජ අධිරාජ්‍ය විරෝධී මෙන්ම ව්‍යාජ සමාජවාදී පවා ද වන සටන් පාඨවල සාරසංග‍්‍රහවාදී විකාරරූපී එකතුවක් වන අතර ඉන් ”මායාවක් වැනි සැනසුමක්” ලබා දෙමින් පීඩිත පංතීන් සැලකිය යුතු තරම් දුරකට ආකර්ෂණය කර ගැනීමට සමත්ව සිටී. එහෙත් කොපමණ කලකට ද?
රෙජිමය හා පොදු ජනතාව අතර වන මෙම අන්‍යොන්‍ය සහමිතියේ මිහිරියාව දැන් බොඳවී යාමේ මාවතට පිවිසෙමින් තිබේ. එය රැුක ගැනීමට නම් ආණ්ඩුව වඩ වඩාත් ඊනියා දේශපේ‍්‍රමයේ මතින් ජනයා මත් කළ යුතු ය. ව්‍යාජ ආශ්චර්යයන් මවා පෑ යුතු ය. එහෙත් ආණ්ඩුවට එය දිගින් දිගටම කළ නොහැක්කකි. මක්නිසා ද ආණ්ඩුවේ කොල්ලකාරී අනීතික දේශපාලන යථාර්ථය සියළු මවාපෑම් අභිබවමින් කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදී යන්නේ දිනක් පාසා ජනතාව ප‍්‍රති ධ‍්‍රැවයට තල්ලූකර දැමීමේ තත්ත්වයන් නිර්මාණය කෙරෙමින් තිබෙන නිසා ය.
එහෙත් ප‍්‍රති ධ‍්‍රැවය බෙලහීනය. එහි ප‍්‍රධාන අන්තර්ගතයට රාජපක්ෂ රෙජිමය කෙරෙහි කල කිරෙන ජනයා ආකර්ෂණය කරන්නට බැරි ය. එහි නිමක් නොදකින අභ්‍යන්තර ගැටුම්වලින් කෙරෙන්නේ රෙජිමය ශක්තිමත් කිරීම පමණකි. එහි ඇතැමෙක් ජයග‍්‍රහණය ල`ගට එනතෙක් ගුලට වී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පරමාදර්ශයන් ගැන සිහින මවති. ඇතැමෙක් තමන්ටමත් නොතේරෙන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ද තවත් නොයක් දේ ද ගැන කතා කරති. මේ කිසිවෙකුට රාජපක්ෂ රෙජිමයට විකල්ප දේශපාලන බලවේග ගොනු කිරීමේ හැකියාවක් මේ මොහොතේ පෙනෙන්ට නැත. ගොඩ නැගුණත් රාජපක්ෂ රෙජිමයේ ආර්ථික හා දේශපාලන පිළිවෙත්වලින් බිඳීමේ විභවයන් ඔවුන් සතු නොවේ.
වමේය කියන බලවේග ද සිටින්නේ බලපෑමක් කිරීමේ හැකියාවෙන් දුරස්ව ය. ඇතැමෙක් රෙජිමයේ තුරුලේ නැලවෙමින් නිවට ව‍්‍රතයක් රකිති. ඇතැමෙක් මාක්ස්වාදයේ විප්ලවීය අංශ කපා කොටා ධනපති පංතියට ද බිය සැක නැතිව එක`ගවිය හැකි පරිදි පවතින ඓතිහාසික තත්ත්වයන්ට අනුව යයි කියමින් මාක්ස්වාදය සංශෝධනය කරති. නැතහොත් බැලූ බැල්මට පීඩිත පංතීන්ගේ විමුක්ති දායකයන් විදියට පෙනී සිටින ඔවුන් ස්වකීය සුළු ධනපති පංතික උවමනාවන් වෙනුවෙන් ධනපති ආණ්ඩු සමග කේවල් කිරීමට නිතරම පීඩිත පංතීන් වෙන්දේසියේ තබති. කොල්ලකාරී ධනවාදය විසින් ප‍්‍රති ධැවයට තල්ලූකරනු ලබන පීඩිත පංතින් එක් හෝ වෙනත් අතකින් ආපසු ධනපති ආණ්ඩුවේ ගාල තුලම ලැග්ගවීමට තැත් කරති. පාර්ලිමේන්තුව යොදාගන්නේ පීඩිත පංතීන්ට රාජ්‍ය බලය දිනා ගැනීමට හැකි නියත දිශාව ආලෝකමත් කිරීමට නොව ඊට රිංගා අවස්ථාව ලදොත් ආණ්ඩුවට ද රිංගා සිය සුළු ධනපති පංතික පෙකණි වැල කපා හැරීමට ය. මේ අදිසි අපේක්ෂාවන්ට ගැලපෙන පරිදි පක්ෂයේ සියළු වැඩපිළිවෙලවල්, උපාය උපක‍්‍රමයන් නැවත නැවතත් සකස්කිරීම පවතින තත්වයන්ට අනුව වෙනස්වීමේ විප්ලවීය හැකියාව ’ලෙස හුවා දැක්වීමට තරම් ඔවුහු ආඩම්බර ද වෙති. ඇතැමෙක් මාක්ස්වාදය ”විද්‍යාවක්” බවට පත් කළ යුතු යයි කියමින් මාක්ස්වාදය සිය සුළු ධනපති උවමනාවන්ට සරිලන සේ ප‍්‍රතිනිර්මාණය කරන්නට වෙර දරමින් ධනේශ්වර ක‍්‍රමයම පෝෂණය කිරීමේ දෘෂ්ටිවාද පතුරු වති. ඒ ආදී වශයෙනි.
සමස්තයක් වශයෙන් නිර්ධන පංති හා පීඩිත පංති ව්‍යාපාරය දැඩි පසුබැස්සවීමකට ලක්ව ඇත්තේ ධනපති මර්දනය හෝ ධනපති තර්කණය නිසා ම නොවේ, එම ව්‍යාපාරය තුළ ම සිටින මේ සුළු ධනපති අවස්ථාවාදය විසින් ද එම අවස්ථාවාදය පැරදවීම සඳහා වන අරගලය නිසි සන්ධාරයකින් යුතුව නොගැනීම විසින් ද බව සැලකිය යුතුය.
මේ සියල්ල අද ලාංකේය දේශපාලනයේ නියත ලක්ෂණයන් ය. ඒවා තව දුරටත් ලාංකේය සමාජයට ජීර්ණකරගත නොහැකි ය. වහාම ලාංකේය දේශපාලනයේ ව්‍යුහාත්මක වෙනසක් කළ යුතුව ඇතැයි සමහරු කරන යෝජනාවන්ට ප‍්‍රති විරුද්ධව වහාම ලාංකේය ධනපති ක‍්‍රමය පදනමින්ම ඉවත් කර නව සමාජ හා ආර්ථික ක‍්‍රමයක් ස්ථාපිත කිරීමේ සටන් පාඨය ඉහළින් ඔසවා තැබිය යුතුය. ඒ පසෙකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ජිවත්වීමේ අයිතිය තහවුරුකරන දෛනික සටන් පාඨ පෙළගැස්විය යුතුය. මේවා අද නිර්ධන පංති ව්‍යාපාරය හමුවේ ඇති මග හැරයා නොහැකි අභියෝගයන් ය.
ධනපති ක‍්‍රමය පදනමින්ම ඉවත් කර නව සමාජ හා ආර්ථික ක‍්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා සැකසුන වැඩ පිළිවෙලක අංක එක විය යුත්තේ ධනපති පංතියේ මෙන්ම සුළු ධනපති පංතියේ ද බලපෑමට හසුව ඇති නිර්ධන පංතිය ප‍්‍රමුඛ පීඩිත පංති බලවේගයන් එම බලපෑමෙන් නිදහස්කර ගෙන ඔවුන්ගේ ම අරමුණු ඔස්සේ නැවත හැඩගැස්වීම ය. නිර්ධන පංති දෘෂ්ටිවාදය ඔවුන් අතර නැවත නැවතත් තහවුරු කිරීම ය. ඒ සඳහා අත්‍යවශ්‍ය විප්ලවීය පක්ෂය ගොඩනැගීම දෙසට යොමුවූ පූර්ව කි‍්‍රයාකාරකම් හඳුනාගත යුතු ය. ඒ අනුව විප්ලවය, පංතිය හා පක්ෂය අතර අන්‍යොන්‍ය සම්බන්ධය ප‍්‍රකාශ කෙරෙන විප්ලවයේ උපාය මාර්ගයන් පිළිබඳ ප‍්‍රශ්නය අද ලාංකේය විප්ලවීය ව්‍යාපාරය ඉදිරියේ ඇති ප‍්‍රමුඛ ප‍්‍රායෝගික දේශපාලන කරුණක් ලෙස පවතින බවත් මෙහිදී බොල්ෂෙවික් ව්‍යාපාරයේ විප්ලවීය උපාය මාර්ගය ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් අපට ඉන් නිසි මග පෙන්විමක් ලබාගත හැකි බවත් අපි විශ්වාස කරමු.
No comments:
Post a Comment