විප්ලවය, පංතිය හා පක්ෂය
විප්ලවය පිළිබඳ සංකල්පය පොදු වශයෙන් ඉතිහාසය පිළිබඳ ලියකියවිලි හා පොත්පත් තුළ සටහන් වන්නේ මාක්ස්ට පෙර හා මාක්්ස්ට පසුකාලයේ පටන්ම ය. අදත් පාසැල් පෙළ පොත් තුළ අපට යුරෝපා ඉතිහාසය ඉගැන්වීමේදී විප්ලව ගැන කියා දෙයි. ඒ වැඩවසම්වාදය පෙරළා දමා ධනවාදය බිහිවීමට මග පෑදූ විප්ලවයන් - ධනේශ්වර විප්ලවයන් ගැන යි. නැගී එමින් තිබූ ධනවාදයට බාධකයන් වූ සියළු ආකාරයේ රදළවාදී සම්බන්ධතාවයන් වහාම බිඳදමා නව ධනේශ්වර සම්බන්ධතාවයන් තුළ මුළු මහත් සමාජය ස්ථානගත කිරීම ධනේශ්වර විප්ලවයේ කාර්යභාරය විය. එය ඒ තාක් දුරට ප‍්‍රගතිශීලී වෙයි. මානව සමාජය ම්ලෙච්ඡුත්වයේ සිට ශිෂ්ඨත්වය කරා, නොදියුණුබවේ සිට දියුණුබව කරා, පහළ අදියරයක සිට ඉහළ අදියරයක් කරා ගමන්කරමින් පැවතිිි විචල්‍ය ප‍්‍රපංචයක් ලෙස දුටු ඉතිහාසඥයින් එය ධනවාදය කරා පිවිසි විගස මානව සමාජීය සංවර්ධනය එතෙකින් කෙළවර කර ස්ථායී ප‍්‍රපංචයක් ලෙස සලකයි. සිදුවෙන යම් දියුණුවක් වේ නම් ඒ ධනවාදයම ප‍්‍රසාරණය කරන්නකි.
මාක්ස්- ලෙනින්වාදය ධනවාදය සමාජ සංවර්ධනයේ ස්ථායී කඩඉම සේ නොසලකයි. සමාජ සංවර්ධනය තවදුරටත් ධනවාදයෙන් සම්පූර්ණ වශයෙන් වෙනස් ගුණාත්මක තත්ත්වයන් අඩංගුකර ගන්නා නව සමාජ අදියරයක් කරා ගමන් ගන්නා බව පෙන්වා දෙයි. එය හුදෙක් මාක්ස්වාදයේ සොඳුරු බලාපොරොත්තුවක් හෝ අපේක්ෂාවක් නොවේ. ඊට පටහැනිව ධනේශ්වර සංවර්ධනයේ ම ප‍්‍රතිවිරෝධතාවයන් නව සමාජ අවධියක් ගොඩ නැගීම දිශානතිකර ගෙන මෝරා යන නිසා ය.
ලෝකය වසාගනිමින් යෝධ පරිමාණ ව්‍යවසායයන් වර්ධනය වී ඇත. ඒවා ලෝකය උඩු යටිකුරු කරමින් අමු ද්‍රව්‍ය බිම් සොයා යමින් එකිනෙක සැතපුම් සිය දහස් ගණන් ඈතින් පිහිටි වඩාත් සුදුසු ස්ථානවලට සංවිධිත ආකාරයෙන් ප‍්‍රවාහනය කෙරෙයි. නේකාකාර නිමි භාණ්ඩ රාශියක් නිෂ්පාදනය කරමින් කෝටි ගණන් පාරිභෝගික පිරිසක් වෙත එකම සැලැස්මක් අනුව බෙදා හරී. මේ සියල්ලටම ඉහළින් ආයෝජන බිම් සොයා මහ බලවතුන්ගේ ප‍්‍රාග්ධනය පෘථිවි ගෝලය පුරා වියරුවෙන් සැරිසරයි. මෙම සමස්ත කි‍්‍රයාවලිය කුමන රටක කුමන අවස්ථාවක සිදුවුව ද නිවැරදි ලෙස දශමස්ථානයට ගණන් තැබීමෙහි සමත් දියුණු තාක්ෂණවේදයක් සොයාගෙන ඇත. ප‍්‍රග්ධනය, අමු ද්‍රව්‍ය හෝ පාරිභොගිකයා යන මේ කිසිම දෙයක හෝ පිරිසක ජාතික විශේෂිත ලක්ෂණ තව දුරටත් ඉතිරිවී නැත. අධ්‍යාත්මික නිර්මාණවල තත්ත්වය ද මෙබඳුම ය. සීමා සහිත පටු ජාතික බුද්ධිය එන්න එන්න ම එහි සීමා වළලූ පුළුල් කර ගනිමින් ජගත් අධ්‍යාත්මික නිර්මාණ ක්ෂේත‍්‍ර කරා වර්ධනය වෙයි. මින් පෙනී යන්නේ වත්මන් ධනපති ක‍්‍රමය එය ගමන් ගන්නා සංවර්ධන මාර්ගය එය පිරිසිදු පෞද්ගලික ව්‍යපාර පටිපාටිය ඉක්මවා ගමන් ගන්නා බවය. මෙතරම් බලසම්පන්න නිෂ්පාදන මාධ්‍යයන් හා හුවමාරු ක‍්‍රම මවා තිබෙන සමාජය (කො. ප‍්‍රකාශනය* ලෙනින් වඩාත් පැහැදිලි ලෙස අර්ථ දක්වන්නේ නිෂ්පාදනයේ සමාජමයකරණය ලෙසය. මේ අරුතින් වත්මන් ධනවාදය නව සමාජය එනම් සමාජවාදය ගොඩ නැගීමට අවශ්‍ය තරමට නිෂ්පාදන බලවේගයන් වර්ධනය කර ඇත. එහෙත් නිෂ්පාදන මාධ්‍යයන් සියල්ල පෞද්ගලික දේපළ හිමිකම් යටතට එනම් ධනපතීන්ගේ ස්වල්පයක ස්තරයක් අතට පත්වී ඇත. අද ලෝකයේ පොදු තත්ත්වය එයයි. නිෂ්පාදනය අතිශයින් සමාජමයකරණය වුවද ජනගහනයෙන් වැඩි දෙනෙකූගේ තත්ත්වය වඩාත් දුගීබවට හා විඳ දරාගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ. වත්මන් සියළු විපත් සදහටම නැතිකරලීමට තරම් මාධ්‍යයන් තිබියදීත් එම මාධ්‍යයන් ධනපති ක‍්‍රමයට අනුව හැසිරවීම හේතුවෙන් විපත් වඩාත් තීව‍්‍ර වෙමින් පවතියි. ඒ අනුව ධනපති ක‍්‍රමය තවදුරටත් කාලයට අනුරූප නොවෙන බව ඔප්පු වෙයි. එසේ නම් සියලූ විපත් නැති කරලීමට සමත් අයුරින් මාධ්‍යයන් හැසිරවීය හැකි නව සමාජ ක‍්‍රමයක් බිහි කිරීම විෂයමූල තත්ත්වයන් විසින් ම ඉල්ලා සිටින්නක් මිස මාක්ස්වාදී පරිකල්පනයක් නොවේ.
මෙසේ මාක්ස් කළේ අනෙක් ඉතිහාසඥයින් හා අර්ථ ශාස්ත‍්‍රඥයින් අපොහොසත් වූ ඉතිහාසයේ අපෝහක තර්කණය ඔප්පුකොට පෙන්වීම ය. නිෂ්පාදනයේ සමාජමයකරණය වසා ගත් පෞද්ගලික දේපළ හිමිකම් කේන්ද්‍රීය කරගත් නිෂ්පාදන සබඳතා ක‍්‍රමය නැමති නොගැලපෙන පිටකටුව අනිවාර්යයෙන් ම ඉවත්කර නිෂ්පාදන බලවේගයන්ට යෝධ පිමි හරහා තව තවත් ඉදිරියට යාමට මං විවර කරන නව නිෂ්පාදන සබඳතා ක‍්‍රමයක්, සමාජ ධනය සමස්ත මානව වර්ගයාගේ පොදු යහපත එනයින් සෑම දෙනාගේම පෞද්ගලික යහපත සලසන ක‍්‍රමයක් උදෙසා සටන් වැදීම අද දවසේ කළ යුත්තක් බවට පත්ව තිබේ. බාධකයක්වූ මෙම පවතින පැරැුන්න ඉවත් කරීම හා නව දෙය ගොඩනැගීම අඩංගු සමස්ත ක‍්‍රියාවලිය සමජවාදී විප්ලවය ලෙස සැලකෙයි. ඇත්තවශයෙන් ම සමාජවාදී විප්ලවය මේතාක් දුරට හඳුනා ගැනීම ඒ පිළිබඳ තවමත් න්‍යායික වටහා ගැනීමක් පමණකි. කෙනෙකුට එවැනි අවබෝධයක් සාමාන්‍යයෙන් මාක්ස්වාදී සාහිත්‍යය කියවීමෙන් ලබාගත හැකි ය. නමුත් මාක්ස්වාදී විප්ලවවාදියා යනු හුදෙක් ඉහතකී වටහාගැනීම තුළ ?ඳී සිටින්නෙකු පමණක් නොවේ. ඔහු/ඇය විප්ලවය න්‍යායිකව වටහා ගැනීම භාවිතයට ද යොදන්නේ වෙයි. මුලදී ජාතික වශයෙන් ස්වකීය ධනපති පංතිය සමග ගනුදෙනු බේරා අවසන් කරමින් (කො. ප‍්‍රකාශනය* ලෝක ධනපති ක‍්‍රමය ම පෙරළා සමාජවාදය ගොඩනැගීම දක්වා වූ දැක්මක් හා භාවිතයක් ඔහු/ඇය තුළින් ප‍්‍රකාශ වෙයි. නව සමාජ ක‍්‍රමය -සමාජවාදය සඳහා පළමුකොට නිර්ධන පංතිය අතට රාජ්‍ය බලය ලබා ගත යුතුය. නිර්ධන පංති විප්ලවයේ ප‍්‍රථම කොන්දේසිය වන්නේ එයයි. නිර්ධන පංති විප්ලවය සරළ හා සුගම්‍ය දෙයක් සේ සලකා ක‍්‍රියාකිරීමට කිසිදු මාක්ස්වාදී විප්ලවවාදියෙකුට ඉඩක් නොමැති බව සැලකිය යුතු ය. විප්ලවය හා සම්බන්ධිත සියළු පැති පිළිබඳ පූර්ණ කියවීමක් ලබා තිබිය යුතුය. පූර්ව විප්ලවීය අවධිය හා පශ්චාත් විප්ලවීය අවධිය තුළ ජනතාව හා පක්ෂය සතු කාර්යභාරය ඒවා අතර අනොන්‍ය සම්බන්ධතාවය හා ඒ අනුව පක්ෂ උපාය මාර්ගය කෙසේ විය යුතු ද යන්න ගැඹුරින් හැදැරිය යුතුයයි අපි යෝජනා කරමු.
සමාජවාදය ගොඩ නැගීමට අවශ්‍ය තරමට නිෂ්පාදන බලවේගයන් වර්ධනය වී තිබීම සහ විප්ලවය සඳහා අවශ්‍ය තත්ත්වයන් මෝරා තිබීම එකක් ලෙස වටහා නොගත යුතු ය. (පළමුවැන්න වටහා ගත යුත්තේ න්‍යායික ඓතිහාසික අරුතකින් ය. දෙවැන්න ප‍්‍රායෝගික දේශපාලනික අරුතකින් ය.* ප‍්‍රථම කරුණෙන් ඉහත කී ලෙස ධනවාදය සමාජවාදය සඳහා භෞතික හා සමාජීය වශයෙන් මුහුකුරා ඇති බවක් අදහස් කරයි. දෙවැන්නෙන් අදහස්වන්නේ නිශ්චිත රටක පාලක ධනපති පංතියට සිය පාලනය තව දුරටත් පවත්වාගෙන යාමට නොහැකි තරමට එම රටේ ආර්ථික, දේශපාලන හා සමාජ අර්බූදය උත්සන්න වී තිබීම බවත් ඒ හේතුවෙන් තවත් එක අ`ගලක් හෝ ඉදිරියට යන්නට සමාජයට හැකියාවක් නොමැති බවත් ය. පීඩිත ජනතා නැගීටීම් මගින් සනිටුහන් කරන්නේ මෙහි උච්චතම අවස්ථාවන් ය. ස්වයං සිද්ධ හෝ යම් දුරකට සංවිධිත හෝ ජනතා නැගිටීම් සහිතව අර්බූදය එහි හිනිපෙත්තටම නැග තිබුණ ද එය සමාජවාදී විප්ලවයේ ජයග‍්‍රහණයෙන් කෙළවර වන්නේ යයි කිව නෙහැකි ය. එසේ වීමට නම් එම රටේ නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයේ විශේෂිත තත්ත්වයන් විසින් එම සමාජය වෙත ඇති කර ඇති බලපෑම් හඳුනා ගනිමින් ඒ අනුව නිර්ධන පංතිය ප‍්‍රමුඛ සෙසු පීඩිත පංතික බලවේගයන් දැනුවත්කරමින්, හැඩගස්වමින් හා පෙළගස්වමින් ඉවසිල්ලෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව නායකත්වය සැපයීමෙහි සමත් නිවැරදි දෘෂ්ටියක්, ප‍්‍රතිපත්ති හා උපාය මාර්ගයක් සහිත නිර්ධන පංතියේ විප්ලවීය පක්ෂයක් ගොඩ නගා තිබිය යුතු ය. මනෝමූල තත්ත්වයන් ගොඩනැගීම යනුවෙන් අදහස් කරන්නේ ප‍්‍රධාන කොටම එය යි. මේ අනුව ධනපති පාලනය පෙරළා දැමීමේ ජනතා නැගීටීමට පූර්වයෙන් විප්ලවීය පක්ෂයක කාර්ය කොටස අතිශයින් වැදගත් ස්ථානයක් හිමිකර ගනී.
No comments:
Post a Comment