විප්ලවීය දෘෂ්ටිවාදය හා ප‍්‍රතිපත්ති
සමාජය පංතිවලට බෙදී පවතී. එම පංතීන් ගේ උවමනාවන් මෝරා වැඩෙත්ම එම උවමනාවන් ඉටුකර ගැනීමේ නිශ්චිත මාධ්‍යය රාජ්‍ය බලය ලෙස හඳුනාගත් විගස ඔවුන් දේශපාලන පක්ෂ ගොඩනගා ගනිති. දේශපාලන පක්ෂවල දෘෂ්ටිවාදය හා ප‍්‍රතිපත්ති ලෙස ප‍්‍රකාශ වෙන්නේ ආර්ථිකය, දේශපාලනය, සමාජය හා සංස්කෘතිය පිළිබඳ ඒ ඒ පංතීන්ගේ අභිලාෂයන්, සංකල්ප ආදියේ සම්පිණ්ඩිතය යි. ප‍්‍රාග්ධනයේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින හා ක‍්‍රියා කරන පංතීන් හා ඔවුන්ගේ පක්ෂවල දෘෂ්ටිවාදය වන්නේ ධනපති දෘෂ්ටිවාදය යි. ධනවාදයේ විෂයබද්ධ තත්ත්වයන් විසින්ම නිරායාසයෙන් ඊට අවශ්‍ය ධනේශ්වර දෘෂ්ටිවාදය ගොඩනන්වනු ලබයිි. පාලක අධිපති ධනපති පංතිය හැරුණු විට ධනපති පංතියේ තවත් ප‍්‍රභේද ඇති හෙයින් මෙය මැද ධනපති, සුළු ධනපති ආදී වශයෙන් තවත් ප‍්‍රභේදවලට බෙදී යයි. නිර්ධන පංතියට ඊටම වන නිශ්චිත දෘෂ්ටිවාදයක් පැවතිය ද ධනපති ක‍්‍රමය තුළ ස්වභාවිකව හා නිරායාසව නිර්ධන පංතිය තමන්ට හිමි දෘෂ්ටිවාදය මත පිහිටන්නේ නැත. සාමාන්‍යයෙන් නිර්ධන පංතියමත් ස්වභාවිකව හා නිරායාසයෙන් ධනපති දෘෂ්ටිවාදයේ කිසියම් ප‍්‍රභේදයකට අනුගත වෙයි. සෙසු පීඩිතයින් ගැන කිව යුතු නොවේ. තමන් නිරායාසව වැළඳ ගන්නා දෘෂ්ටිවාදය තමන්ගේ උවමනාවන් ප‍්‍රකාශ නොකරනවා පමණක් නොව, එය තමන් පීඩාවට පත්කරන්නාවූ ප‍්‍රති දෘෂ්ටිවාදයක් බවත් එමගින් තමන් නිරායාසව ඇලී සිටින්නේ තමන්ටම එරෙහි ප‍්‍රති දේශපාලනයක බවත් නිර්ධනීන් හා පීඩිතයින් වූ බහුතර ජනතාව කිසිවිටකත් ස්වයංව අවබෝධකර නොගනී. ඒ නිසාම ඔවුන් තමන්ගේ ම වූ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමෙහි අපොහොසත් වෙයි. ඒ තාක් ඔවුන් ධනපති පංතියේ බලපෑම හා මෙහෙයවීම යටතේ ක‍්‍රියා කරයි. නිර්ධනීන් හා පීඩිතයින් ධනපති දෘෂ්ටිවාදයෙන් ද එම දේශපාලනයෙන් ද- සියළු ධනපති සම්බන්ධතාවයනගෙන් ද පැහැදිලි ලෙසම කඩා ඉවත්කර විමුක්ත කරලීමේ තත්වයන් පිළිබඳ උගැන්වීම කොමියුනිස්ට්වාදය යි. (කොමියුනිස්ට් ප‍්‍රකාශනය, උප ග‍්‍රන්ථය) පංති අරගලය නිර්ධන පංති රාජ්‍ය බලය ඇති කිරීම අරමුණු කරගත් නිර්ධන පංති විප්ලවය දක්වා වර්ධනය වන බවත් අනාගතයේ යම් දවසක සූරාකෑම, පීඩනය හා මර්දනය නොමැති නිසා ජනයා ස්ව කැමැත්තෙන්ම සමාජ කොන්දේසීන් පිළිපැදීමට පුරුදුවන පංති රහිත එනයින් රාජ්‍යය ද නැති සමාජයක් දක්වා පරිවර්තනය වන බවත් කොමියුනිස්ට්වාදය අපට උගන්වයි. මාක්්ස් , එංගල්ස් සහ ලෙනින් මෙහි ලා ඉදිරිපත්කර ඇති සංකල්ප සමූහය මාක්ස්- ලෙනින්වාදී දෘෂ්ටිවාදය වෙයි. ඒ මත පදනම් වූ ව්‍යාපාරය නිර්ධන පංතියේ විප්ලවීය දේශපාලන ව්‍යාපාරය වෙයි. බොල්ෂෙවික් විප්ලවයේ ජයග‍්‍රහණය රැුඳුනේ මාක්ස්වාදී දර්ශනය මත පිහිටා මෙසේ ලෙනින්ගේ උපායික හා උපක‍්‍රමික මග පෙන්වීම අනුව බොල්ෂෙවික් පක්ෂය ගෙන ගිය අඛණ්ඩ අරගලය මත ය. නිර්ධන පංති විප්ලවීය පක්ෂයක් ගොඩ නැගීමට කි‍්‍රයා කිරීමේ දී එම සමස්ත අරගලයේ අත්දැකීම් යෝධ සවියක් ද ස්ථිරසාර පදනමක් ද වන බව අවධාරණය කරන අපි ඒ අත්දැකීම් ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු බව තවදුරටත් අවධාරණය කරමු.
අප හමුවේ ඇති ප‍්‍රධාන අත්දැකීමක් වන්නේ නිර්ධන පංති විප්ලවීය පක්ෂ ගොඩ නැගීමට ගොස් කලක් අපත් සිටි ජනතා විමුක්ති පෙරමුණේ අත්දැකීමයි. එදා ජවිපෙ ආරම්භක ක‍්‍රියාකාරීන් සෘජුව මුහුණලා සිටි ලාංකේය වාම ව්‍යාපාරයේ අවස්ථාවාදී හැඩගැසීම්වලට එරෙහිව ඉක්මන් ප‍්‍රතිචාර දැක්වීමට පෙළඹීම හා ඒ හේතුවෙන් වාම අන්තවාදය කරා ගමන් කිරීමත් ප‍්‍රධාන වශයෙන් ඔවුන් බොල්ෂෙවික් ව්‍යාපාරය සමස්තයක් වශයෙන් ගෙන අධ්‍යයනය කිරීම අවතක්සේරු කිරීමත් අතර ඇත්තේ පැහැදිලි සම්බන්ධතාවයකි. ඔවුන් පැරණි වමේ පංති සහයෝගිතාවාදය හඳුනාගත් මොහොතේ, මාක්ස්වාදීමය දැක්ම හා ප‍්‍රතිපත්තීන් හැඩගැසුන අවුරුදු 150 ට වැඩි පංති අරගල ඉතිහාසය තිබියදීත්, විශේෂයෙන් බොල්ෂෙවික් ව්‍යාපාරය වැනි අත්දකීමෙන් අති පොහොසත් ඉතිහාසයක් තිබියදීත් එය නිසි ගැඹුරකින් කියවීමට උත්සාහ දැරුවේ නම් විප්ලවය, පක්ෂය, පක්ෂ උපාය මාර්ගය හා සන්නද්ධ නැගීටීම ආදිය අතර වෙනස මෙන්ම ඒ එකිනෙක අතර තිබිය යුතු අපෝහක සම්බන්ධතාවය ද ඒවා සම්බන්ධ දෘෂ්ටිය හා ප‍්‍රතිපත්ති ද නිවැරදි ලෙස හඳුනා ගැනීමට ඉඩ තිබිණි. ජවිපෙ සම්බන්ධයෙන් එය එසේ නොවුන බව අපේ පිළිගැනීමයි.
දෘෂ්ටිවාදය හා ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් පැහැදිලිව සඳහන් කළ යුතු දේ නම් ඒවා ජාතික හෝ භූගෝලීය තත්වයන් අනුව වෙනස් නොවන බව ය, ධනවාදය සම්බන්ධයෙන් පොදු වශයෙන් අදාළ වන බව ය. මේ නිසා විප්ලවවාදී පක්ෂයක පදනම් කාර්ය වන්නේ මාක්ස්-ලෙනින්වාදී දැක්ම හා ප‍්‍රතිපත්තීන් නිවැරදි ලෙස හඳුනාගෙන ඒ මත තිර ලෙස පදනම් වීම ය.
විප්ලවීය උපාය මාර්ගය
මෙහි දී උපාය මාර්ගය හා උපක‍්‍රම යන යෙදුම් නිරවුල්ව යොදා ගැනීම අවශ්‍ය ය. ඒ නොයෙක් අවස්ථාවල මේ දෙකම එකම අර්ථයේ යෙදෙන බවක් පෙනෙන හෙයිනි. මෙය සිංහල පරිවර්තනයන්හි පමණක් නොව ඉංග‍්‍රීසියෙහි ද දැකිය හැකි ය. උපාය මාර්ගය හා උපක‍්‍රම යන ඒවාට ඉංග‍්‍රීසියෙන් යෙදෙනුයේ පිළිවෙලින් ිඑර්එැටහ හා ඒජඑසජි ය. මේ වචන දෙක ඔක්ස්ෆර්ඞ් ශබ්දකෝෂයෙහි සමාන වචන ලෙස ද දක්වා තිබේ. මෙයින් යම් අවුලක් ඇති වේ. ිඑර්එැටහ යන්නෙන් අදහස් කරන්නේ සමස්ත කි‍්‍රයා මාර්ගයකි. මූලෝපාය හෝ උපාය මාර්ගය ලෙස දැක්විය හැකි එය දිගුකාලීන හා සමස්ත කි‍්‍රයාවලියම වැළඳ ගන්නා එකකි. ඒජඑසජි යනු උපක‍්‍රම ය. ඒවා සමස්ත කි‍්‍රයාවලිය තුළ එක් එක් අවස්ථාවට, එක් එක් සිද්ධියට අනුව වෙනස් විය හැකි අතර උපාය මාර්ගය සාර්ථක කර ගැනීම සඳහා සේවය කරයි. එහෙයින් එම වචන එකී වෙනසට අනුව යොදාගත යුතුවේ. මේ වෙනස සැලකිල්ලට නොගෙන නොයෙක් අවස්ථාවල සිංහල පරිවර්තනයන්හි උපාය මාර්ගය ු උපක‍්‍රම වශයෙන් ද ඉංග‍්‍රීසි පරිවර්තනයන්හි ිඑර්එැටහ ු ඒජඑසජි වශයෙන් ද යොදා ගෙන තිබීම නොසලකා අපි උපාය මාර්ගය උපාය මාර්ගය ලෙස ද උපක‍්‍රම උපක‍්‍රම ලෙස ද එකිනෙකට වෙනස් අරුතෙන් භාවිතා කරමු. ඒ අනුව තැනක උපුටා ගැනීම්වලදී සඳහන්වන උපක‍්‍රම යන්න වෙනුවට අපි උපාය මාර්ගය යන්න යොදා ඇත.
පක්ෂයේ උපාය මාර්ගය සම්බන්ධයෙන් ලෙනින් මෙසේ කියයි.
”පක්ෂයේ උපාය මාර්ගය යනුවෙන් අප අදහස් කරන්නේ පක්ෂයේ දේශපාලන ස්වභාවය, නැතහොත් හැසිරීම, එල්ලය හා එහි දේශපාලන ක‍්‍රියාකාරිත්වයේ විධි ක‍්‍රමයයි.”
ලෙනින් තෝ. කෘති වෙළුම 3. 19 පිට
පැන නගින නව දේශපාලන තත්වයන් අනුව හෝ පක්ෂය මුහුණදෙන නව කර්තව්‍යයන් සමබන්ධයෙන් හෝ නිශ්චිත රටක නිශ්චිත අවධියක් සඳහා වලංගුවන සමස්තයක් වශයෙන් මුළු පක්ෂයේ දේශපාලන කි‍්‍රයා මාර්ගික හැසිරීම ඉතාමත් නොවරදින ලෙස පැහැදිලි කිරීම විප්ලවීය පක්ෂයක උපාය මාර්ගය යන්නෙන් අදහස් කෙරෙයි. නිර්ධන පංතිය වෙත රාජ්‍ය බලය දිනා ගැනීමේ කාලපරිච්ෙඡ්දය තුළ හා සමාජවාදය ගොඩ නැගීමේ කාලපරිච්ෙඡ්දය තුළ මෙන්ම එකිනෙක රටවල විශේෂිත තත්ත්වයන් අනුව ද අනුගමනය කරන උපාය මාර්ගික වැඩපිළිවෙල් එකිනෙකින් වෙනස් වන්නේ ද මේ නිසා ය. විප්ලවීය පක්ෂයේ තත්කාලීන අරමුණ විජයග‍්‍රහණය කරවීම වෙනුවෙන් නිර්ධන පංතිකයින්ගේ හා පීඩිත පංතිකයින්ගේ උපරිම සහාය ලබා ගැනීමට ඔවුන්ගේ දේශපාලන, ආර්ථික, මතවාදීමය හා විප්ලවීය හැකියා සියල්ල කළමනාකරණය කිරීමේ කලාව හා විද්‍යාව උපාය මාර්ගයෙහි අන්තර්ගත යි. උපාය මාර්ගික වැඩපිළිවෙල තුළ සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික යන සමස්තය මෙහෙයවන පොදු නියාමයන් සාරාර්ථයෙන් ගැබ්වෙන හෙයින් එය විද්‍යාවක් වන අතර පෘථුල අත්දැකීම් හා විමර්ශනයෙන් ලබා ගත් නිපුණතාවය අවශ්‍ය හෙයින් එය කලාවක් ද වෙයි. මෙම අර්ථයෙන් ගත් විට පක්ෂයේ දෘෂ්ටිවාදය හා ප‍්‍රතිපත්ති මෙන්ම උපාය මාර්ගය ද අතිශයින් වැදගත් තැනක් ගනී. එසේ නමුත් උපාය මාර්ගය දෘෂ්ටිවාදය හා ප‍්‍රතිපත්ති මෙන් ස්ථාවර තත්ත්වයක් ගන්නේ නැත. පංතීන් සැමවිටම ඔවුනොවුන්ගේ දිශාවන් කරා ගමන් කරයි. ක‍්‍රියාවන් හා ප‍්‍රතික‍්‍රියාවන් ඇති කරයි. මෙහි තේරුම නම් පංති අරගලය නිරන්තරයෙන් සක‍්‍රීයව පවතින බවයි. දේශපාලන තත්ත්වයන් වෙනස් වෙමින් පවතින බව යි. වෙනස් වෙන නව දේශපාලන තත්වයන් අනුව හා එම තත්වයන් යටතේ පක්ෂයට පැවරෙන නව කර්තව්‍යයන් අනුව උපාය මාර්ගය වෙනස් කිරීම්වලට භාජනය වන්නේ මේ නිසාය. මේ පිළිබඳ වැදගත් උදාහරණයක් නම් ලෙනින් ගේ අපේ‍්‍රල් තීසිසය යි. රුසියාවේ 1917 පෙබරවාරි විප්ලවයට පෙර උපාය මාර්ගය කේන්ද්‍රගත වූයේ සාර් එපා කම්කරුවන්ගේ ගොවියන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමූහාණ්ඩුවක් යන සටන් පාඨයෙන් ප‍්‍රකාශිත කෙරුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය මතයි. 1917 පෙබරවාරි විප්ලවයෙන් රාජාණ්ඩුව පරදවා රාජ්‍ය බලය ධනපති පංතිය අතට පත්වෙමින් සභාග ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ තැන බලය සමාජවාදී විප්ලවයේ තැනට මාරු වූ පසු විප්ලවයේ පළමු අදියර එනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය නිමා වී ඇති නිසා එය ඉලක්කකර ගත් පක්ෂයේ පැරණි අවම වැඩපිළිවෙල යල් පැන ගොස් ඇති හෙයින් එය වෙනස් විය යුතු විය. සිය අපේ‍්‍රල් තීසිසයන් මගින් ලෙනින් සියළු බලය කම්කරු ගොවි සෝවියට් සභා වෙත යන නව සටන් පාඨය පෙරට ගනිමින් එම වෙනස් වීම කළේ තවත් අදාළ වෙනස් කිරීම් ද සමග ය.
පක්ෂයේ දේශපාලන ස්වභාවය, හැසිරීම නැතහොත් එහි දේශපාලන ක‍්‍රියාකාරිත්වයේ විධික‍්‍රමය (උපාය මාර්ගය* සකස්කර ගැනීමේදී පංති හා පංති අරගලය පිළිබඳ ගැඹුරු කියවීමක් අවශ්‍ය වෙයි. රටේ ආර්ථිකයේ ස්වභාවය, සමාජය පංතින්ට බෙදී ඇති අන්දම, කම්කරු පංතියේ, ගැමි සහ නාගරික පීඩිත පංතින්ගේ හා පීඩිත ජාතීන්ගේ තත්ත්වය ආදිය පමණක් නොව මැද පංතියේ හා දේශීය ධනපති පංතියේ ස්වභාවය, ලෝක ධනපති පංතීන් සමග ඔවුන්ට ඇති සම්බන්ධතාවය, එහි ස්වභාවය ආදිය ද නිවැරදි ලෙස විමසා බැලිය යුතු ය. ඒ ඒ ජනවර්ගයන්ගේ සංස්කෘතික හැසිරීම තේරුම් ගත යුතු ය. අභ්‍යන්තර භූගෝලීය තත්ත්වයන් මෙන්ම කලාපීය භූ පිහිටීම හා එහි බලපෑම් ද අධ්‍යායනය කළ යුතු ය. මෙසේ ලබා ගත් දැනුම තවමත් උපාය මාර්ගය නොව, උපාය මාර්ගය සකස්කර ගැනීමට අවශ්‍ය පූර්ව කොන්දේසි සපුරා ගැනීමකි. එම කොන්දේසි මත පිහිටා නිර්ධන පංතික රාජ්‍ය බලය ගොඩනැගීම සඳහා නිර්ධන පංතිකයින්ගේ හා පීඩිත පංතිකයින්ගේ උපරිම සහාය ලබාගැනීමට ඔවුන්ගේ දේශපාලන, ආර්තථික, මතවාදීමය හා විප්ලවීය හැකියා සියල්ල කළමනාකරණය කිරීම විප්ලවීය උපාය මාර්ගයේ අතිශය වැදගත්ම අංගය වෙයි. මෙය පැහැදිලි ලෙසම විප්ලවීය පක්ෂයක දෘෂ්ටිවාදය සහ ප‍්‍රායෝගිකත්වය හා බැඳි පවතින්නකි, දෘෂ්ටිවාදය පංති අරගල යථාර්ථය සමග ගලපන අභියෝගාත්මක අවස්ථාවකි. න්‍යාය එහි අවසාන හැඩරුව ලබන්නේ සැබවින්ම පොදුජන සහ සැබවින්ම විප්ලවවාදී ව්‍යාපාරයක ප‍්‍රායෝගික ක‍්‍රියාකාරිත්වය හා සමග සමීප සම්බන්ධතාවයක් ඇතිව පමණි. (ලෙනින් තෝ. කෘති 10. 135 පිට) බොල්ෂෙවිකයන්ට මේ තත්ත්වය ජයග‍්‍රහණය කිරීමට හැකිවූ ඔවුන් සතු විශේෂ ගුණාංග තුනක් ගැන ලෙනින් අවධාරණය කරයි.
1. නිර්ධන පංතියේ පෙරමුණු බල ඇණියෙහි පංති විඥානය, විප්ලවය කෙරෙහි වූ කැපවීම, නොපසුබස්නා වීර්ය හා වීරත්වය
2. නිර්ධන පංතියත් නිර්ධන පංතික නොවන පොදු ජනතාවත් සමග ගැලපීම නැතිනම් සංයෝගවීමට ඇති හැකියාව
3. නිර්ධන පංතියේ පෙරමුණු බල ඇණිය දෙන දේශපාලන නායක්තවයේ නිවැරදිබව, පොදු දේශපාලන ක‍්‍රියාමාර්ගයේ නිවැරදි බව හා ඒවා නිවැරදි බව ජනතාව ඔවුන්ගේම අත්දැකීම් මගින් දැන තිබීම,
බොල්ෂෙවික්් ව්‍යාපාරයේ දෘෂ්ටිවාදය එහි ප‍්‍රායෝගික ක‍්‍රියාකාරිත්වය සමග බද්ධ කළාවූ ආකාරය පෙන්වන ඉහත කී කරුණු තුන ඕනෑම රටක විප්ලවීය ව්‍යාපාරයකට එකසේ අදාලවන බව පමණක් නොව අදාළ කරගත යුතු බව අපි අවධාරණය කරමු. මේ තත්ත්වය කරා ළගා වීමට අපොහොසත් කිසිම පක්ෂයකට දියුණු පංතියේ පක්ෂය බවට හෝ ධනපති පංතිය බලයෙන් නෙරපා දමා මුළු සමාජයම පරිවර්තනයට භාජනය කිරීම හෝ කළ නොහැක්කක් බව ඉතා පැහැදිලි ය. බොල්ෂෙවික්වාදය හුදු වචන යෙදුමක් නොව, විප්ලවීය හැඩගැස්මකී. මෙකී තත්ත්වයන් ජවිපෙ සන්නද්ධ අරගල දෙකක් සහිත අතීතය සමගත් එහි වර්තමාන දේශපාලනය සමගත් පෙළගස්වා බලන්න. පෙන්වූ කැපවීම, වීර්යය හා වීරත්වය හැරුණු කොට දෙවන හා තෙවන කොන්දේසි මගින් පෙන්වන ජනතාව සමහ සංයෝගවීම, දේශපාලන නායකත්වයේ නිවැරදිබව, පොදු දේශපාලන ක‍්‍රියාමාර්ගයේ නිවැරදි බව හා ඒවා නිවැරදි බව ජනතාව ඔවුන්ගේම අත්දැකීම් මගින් දැන තිබීම සත්‍ය වශයෙන්ම සිදු නොවූ දේවල්ම ය. ඒ කරා ළ`ගාවීමට ප‍්‍රයත්න නොදැරුවා පමණක් නොව අඩුම වශයෙන් සරළ අරුතින් හෝ ඒවා තේරුම් ගෙන තිබුණේ ද නැත. ජවිපෙන් කැඞී වෙන්වූ පෙස පක්ෂය ද බොල්ෂෙවික්වාදය මෙවැනි අරුතකින් තෙරුම් ගෙන ඇති බවක් මෙතෙක් පෙන්නුම් නොකරන නමුත් එය කියවා ගැනීමට ඔවුන් දක්වන උද්‍යෝගයට අපේ කියවීම යම් පිටුවහලක් වේයැයි අපි කල්පනා කරමු.
අපි නැවතත් උපාය මාර්ගය වෙත පිවිසෙමු. විප්ලවවාදීන් පොදු ජනතාව සමග සංයෝග වන්නේ කෙසේ ද? විප්ලවවාදී පක්ෂයේ දේශපාලන නායකත්වයේ නිවැරදිබව හා එහි දේශපාලන ක‍්‍රියාමාර්ගයේ නිවැරදි බව ජනතාවට ඔවුන්ගේම අත්දැකීම් මගින් දැනගන්නට සලස්වන්නේ කෙසේ ද? විප්ලවීය පක්ෂය එසේ දැනුවත් පළල් ජනතාව නියමිත එල්ලය කරා මෙහෙය වන්නේ කෙසේ ද? ඒ සඳහා ඇති යාන්ත‍්‍රණය කුමන ආකාරයක් විය හැකි ද? සවිඥානක, සංවිධිත කුඩා විප්ලවිය පක්ෂය, අවිඥානික, අසංවිධිත, පළල් බහු ජනතාව සමග සංයෝගවීමේදී එම ‘සංයෝගය’ ඊට මූලික වූ අංග දෙකෙන් එකක් පමණක් විය නොහැකි ය. එය විප්ලවීය පක්ෂයක් නොවී ය. අනෙක් අතට එය හුදු ප‍්‍රජා ඝනයක් වූයේ ද නැත. එය නම්, විප්ලවීය බලය දෑතට ගනිමින් තම ‘එල්ලය’ කරා පියවරෙන් පියවර ඉදිරියට යමින් තිබූ රුසියානු පොදු පීඩිත ජනතාව නියෝජනය කළ කම්කරුවන්, ගොවීන් හා සොල්දාදුවන්ගේ සෝවියට් ව්‍යාපාරය ය. බොල්ෂෙවික්වරුන් තම පක්ෂයේ දේශපාලන නායකත්වයේ නිවැරදිබව හා එහි දේශපාලන ක‍්‍රියාමාර්ගයේ නිවැරදි බව ජනතාවට ඔවුන්ගේම අත්දැකීම් මගින් දැනගන්නට සැලැස්වූ ප‍්‍රධාන හා වැදගත් ම මාධයය වූයේ එය යි. ‘සෝවියට්’ නම් රුසියානු භාෂාවෙන් ලියා තිබූ නාම පුවරුව පිටුපස වූයේ ඒ විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරය යි.
විප්ලවීය ව්‍යාපාරය සම්බන්ධයෙන් වැදගත් ප‍්‍රශ්න සාකච්ඡුා කිරීමේදී අපේ අත්දැකීම් පෙරට පැනීම නොවැළැක්විය හැකි ය. අප විශ්වාස කරන අන්දමට ලෙනින්වාදී, ට්‍රොට්ස්කිවාදී, මා ඕවාදී කුමන ප‍්‍රවනතාවයක් වුවත් පොදු වශයෙන් ලාංකේය වාම ව්‍යාපාරය, පක්ෂය හා බහුජනතාව අතර සහසම්බන්ධය ගොඩනැගීම සම්බන්ධයෙන් පිළිතුරු සොයා ගැනීමෙහි අපොහසත් වී ඇත. සත්‍යවශයෙන්ම පෙනෙන්නට ඇත්තේ බොහෝ පාර්ශවයන්ට ඒ පිළිබඳ අව්‍යජ උවමනාවක් හා දැක්මක් ද නැති බවකි. ජවිපෙ දියත් කළ සන්නද්ධ අරගල දෙක තුළින් ද එහි සමස්ත ඉතිහාසය තුළින් ද පෙන්නුම් කරන්නේ ‘විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරය’ වෙනුවට තමන් ආදේශ වීමකි, දේශපාලන ක‍්‍රියාමාර්ගයන්ගේ ‘නිවැරදිබව’, දේශපාලන නායකත්වයේ ‘නිවැරදිබව’ ඒත්තු ගන්වන්නේ සාමකාමී කාලවලදී නම් ආකර්ෂණීය ප‍්‍රවාරණය මගිනි. උද්ඝෝෂණ මගිනි. නැතිනම් කාමර සාකච්ඡුා මගිනි. ඒ ආදී වශයෙනි. අනෙක් කාලවලදී නම් අනෙක්වා ද සමග නීති සහගත මෙන්ම නීති කඩා ගෙන පෙරට යන ති‍්‍රයාකාරිත්වයන් ඇතුළු කි‍්‍රයා සමුච්චයක් මගිනි. ‘විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරය’ යනු පක්ෂය විටෙක පසුමුණේ ද බොහෝ විට පෙරමුණේ ද සිට කි‍්‍රයාකාරීව මැදිහත්වෙන වෙනස් වෙනස් හැඩයන් ඔස්සේ මුළු දෙන විප්ලවීය ජනතා කි‍්‍රයාකාරිත්වය යි. එහෙත් ජවිපෙ සම්බන්ධව ගත් කල සිදු වූයේ එය ජනතාව සමග සංයෝගවීම නොව ජනතාවගෙන් වියෝජනයවී කිසියම් නිකායික ස්වරූපයක හැඩයක් ගැනීම ය.
විප්ලවීය උපාය මාර්ගය ගැන විමසීමේදී පැහැදිලි කරගත යුතු තවත් වැදගත් කරුණක් වන්නේ සන්නද්ධ නැගිටීම පිළිබඳ සංකල්පය යි. සන්නද්ධ නැගීටීම සමස්ත උපාය මාර්ගය ද නැතිනම්, එහි නිශ්චිත තීරණාත්මක කඩඉමක් ද? 71 අරගලය සම්බන්ධයෙන් නම් ජවිපෙ උපාය මාර්ගය මුළු එකම සන්නද්ධ අරගලය පමණක්ම කැටිකොට ගත්තකි. එහි කැපවීම, වීර්යය හා වීරත්වය ප‍්‍රකාශ කෙරුණේ පංති විඥානයෙන් හෙබි පෙරමුණු බල ඇණිය එනම් නිර්ධන පංති පක්ෂය ගොඩනැගීම හෝ ‘විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරය’ මුඛ්‍ය කරගෙන නොව සන්නද්ධ අරගලයම, එයම පමණක් මුඛ්‍ය කර ගෙන ය. ඉහත ලෙනින් අර්ථදක්වන අන්දමටත් බොල්ෂෙවික් ව්‍යාපාරයේ ඉතිහාසයට අනුවත් උපාය මාර්ගයේ වැදගත්ම හා ප‍්‍රමුඛම කාර්යභාරය සංයුක්ත වන්නේ පෙරමුණු බල ඇණිය පංති විඥානගත කිරීම, ජනතාව සමග සංයෝගවීම හා පක්ෂයේ දේශපාලන ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසනීයත්වය ගොඩනැගීම වැනි කරුණුවලින් ය. මෙකී මනෝමූල තත්ත්වයන් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විෂයමූල තත්ත්වයන් ද සම්පූර්ණ නම් පමණක් බලය ලබාගැනීම සඳහා නැගීසිටීම හැකියාවක් පමණක් නොව කළ යුත්තක් ද වෙයි. ඒ ඒ රටවල පවතින විශේෂිත තත්ත්වයන් අනුව නැගීසිටීම් ආකාරයෙන් වෙනස් විය හැකි ය. රුසියාවේ මෙන් නොව චීනයේ සහ වියට්නාමයේ මුලකඳවුරු හා ගරිල්ලා සටන් ක‍්‍රම පදනම් කරගත් දිග්ගැස්සුන මහජන යුද්ධයන්ගේ ස්වරූපයෙන් නැගිටීම් සිදුවී ඇත. ඒ සමගම එම රටවල් දෙකෙහිම නිර්ධන පංති විප්ලවවාදීන් කොමියුනිස්ට් පක්ෂ ගොඩනගමින්, කොමියුනිස්ට් පක්ෂවල මෙහෙයවීම ලබා දෙමින් පළල් බහු ජනතාව දැනුවත් කිරිමට හා සංවිධානය කිරීමට ප‍්‍රමුඛ අවධානයක් දී විප්ලවීය බහුජන අරගලය පණ පොවා ඇත. කියුබානු විප්ලවය මේ සියල්ලටම වඩා වෙනස් මුහුණුවරක් ගෙන ඇත. කොමියුනිස්ට්වාදීන් ද ඇතුළත් කුඩා නමුත් ප‍්‍රබල ගරිල්ලා කණ්ඩායමක සටන් ව්‍යාපාරය හා නාගරික ජනතා ව්‍යාපාරයක ඒකාබද්ධ ක‍්‍රියාකාරිත්වයක් අන්තර්ගතව තිබිම එම නැගිටීමේ විශේෂිත ලක්ෂණය යි. මෙහිදී අපි සැලකිල්ලට ගන්නේ කියුබානු විශේෂිතය නොව නිර්ධන පංති විප්ලවයේ පොදු ස්වභාවයි. ඒ අනුව නැගිටීමකට පූර්වයෙන් මනෝමූල තත්ත්වයන් ගොඩනැගීමත් නැගීසිීටීම සංවිධානය කිරීමත් එකම උපාය මාර්ගයකට අයත් අවස්ථා දෙකකි. නැගීසිටීම පෙරට ගැනීම මනෝරාජික විප්ලවවාදයක් මිස නිර්ධන පංති විප්ලවවාදය නොවේ. ජවිපෙ මේ සඳහා උදාහරණයක් වන අතර ප‍්‍රතිසංස්කරණවාදය වැළඳගෙන විප්ලවීය නැගීසිටීම බැහැර කර දැමීම සම්බන්ධයෙන් පැරණි වම උදාහරණයක් වෙයි.
No comments:
Post a Comment