මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Saturday, July 24, 2010

බෑන් කී මූන් සහ උපදේශන කමිටුව



ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳ සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා පත්කර ඇති උපදේශක කමිටුව වෙත අද වන විට ශ‍්‍රී ලංකාව තුළ පමණක් නොව ජත්‍යන්තරය තුළ ද දැඩි අවධානයක් යොමු වී  ඇත.
දශක තුනකට වැඩි කලක් ශ‍්‍රී ලංකාවේ පැවති යුද්ධය  ආරක්ෂක හමුදා විසින් යුදමය වශයෙන් පරාජය කළ ආකාරය පිළිබඳව ප‍්‍රබල බටහිර රටවල් එතරම් කැමැත්තක් නොදැක්වීය. ඔවුන්ගේ මේ නොකැමැත්ත එල්ටීටීය සහ රජයේ හමුදාවන් දරුණු ලෙස සටන් පැවති කාලය තුළදී එළිපිට ම පෙන්නුම් කළේ ය. යුද්ධයේ උච්චතම අවස්ථාවේ ප‍්‍රංශ සහ බි‍්‍රතාන්‍ය විදේශ ඇමතිවරු ශ‍්‍රී ලංකාවටම පැමිණ ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවට අනියම් ලෙස බලපෑම් කරන ආකාරයක් පෙන්නුම් කළේ ය. මීට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විජය නම්බියාර් ඇතුළු ඉහළ පෙලේ නිළධාරීහු රැුසක් ම ශ‍්‍රී ලංකාවට පැමිණ මෙම යුද්ධය සාමකාමී ලෙස විසඳා ගැනීමට කටයුතු කරන ලෙස ශී‍්‍ර ලංකා ආණ්ඩුවෙන් මෙන් ම එල්ටීටීයෙන් ද ඉල්ලා සිටියහ. මෙම තත්ත්වයන් පිළිබඳව දේශපාලන විඥානයකින් ගැඹුරින් සිතා බැලීමක් කිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උත්සාහ නොකළ අතර හුදු ජාතිවාදී , දේශපේ‍්‍රමී  රණකාමිත්වය පෙන්නුම් කරමින් සිංහල ජනතාවගේ ප‍්‍රසාදය දිනා ගැනීමට කටයුතු කළේ ය.
රජයේ මෙම හැසිරීමට ආණ්ඩුව පමණක් ම නොව ඒ සඳහා ශ‍්‍රී ලංකාවේ සිටින බුද්ධිමත් යයි කියා ගන්නා අතිශය බහුතරයකුත් මාධ්‍ය ආයතන කීපයක් හැරුණුවිට අනෙක් මාධ්‍ය ආයතන සියල්ලමත් වගකිව යුතු ය. 
රජයේ හැසිරීම වඩා ප‍්‍රඥාගෝචර හා ජාතිවාදී නොවන තැනකට යොමු කර ගැනීමට මෙම පුද්ගලයන් හා ආයතන කටයුතු කරනවා වෙනුවට ඔවුන්ගේ සම්පූර්ණ යොමුවීම සිදු වුයේ ශ‍්‍රී ලංකා රජය ජාතිවාදයේ ඉමට ම තල්ලූ කරගෙන යාමට ය. එම අසීරු අවස්ථාවේ පවා රජය මීට වඩා  පුළුල් දෘෂ්ටියකින් කටයුතු කළ යුතු ය යන්න හ`ඩ නැගුවේ මෙරට පැවති කුඩා වාම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධාන පමණි. රජයේ මෙම අදුරදර්ශී හැසිරීම නිසා ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් කොටුවීමට ඉඩ ඇති බැවින් මීට වඩා පුළුල් දෘෂ්ටියකින් කටයුතු කරන ලෙස අපගේ සෑම ස`ගරාවක් පත‍්‍රිකාවක් තුළින් ම පෙන්වා දුන්නෙමු.
යුදමය වශයෙන් ආණ්ඩුව ලබා ගත් ජයග‍්‍රහණ තම බලය දීර්ඝ කාලයක් ව්‍යාප්ත කර ගැනීම මහින්ද රජයේ ඉලක්කය වූ අතර හදිසි ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් කැඳවමින් එහි උපරිම වාසිය නෙලා ගැනීමට එය සමත් විය. ජාතිවාදය ආණ්ඩුවේ හ`ඩ බවට පත්කරමින් රාජපක්ෂ ආණ්ඩුව ගෙන ගිය අඥාන හැසිරීමේ ප‍්‍රතිඵල අදවන විට උදාවී ඇත. මෙම තත්ත්වය සමස්ත ශ‍්‍රී ලංකීය ජනතාව ම අසීරු තත්ත්වයකට පත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සැමවිට ම ක‍්‍රියා කරන්නේ එම සංවිධානය තුළ සිටින ප‍්‍රබල රටවල උවමනාවට බව පැහැදිලි ය. එහි අපක්ෂපාතීභාවය පිළිබඳ ප‍්‍රබල ගැටළු මතු වේ. බෑන් කී මුන්ගෙන් එළියට එන්නේ ඔහුගේ හ`ඩට වඩා ඇමරිකාව හා බටහිර රටවල හ`ඩ ය.
අප රටේ එක මිනිසෙකු නොව සියයක් මිය ගියත් එ ජා සංවිධානයට වැදගත් නැත. එම සංවිධානයට කිසිවක් වන්නේ ද නැත. බටහිර රටවල් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය බළල් අතක් ලෙස ප‍්‍රයෝජනයට ගැනීමට එරෙහිව සටන් නොකළ යුතු ය යන්න මින් අදහස් නොකෙරේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියට දමමින් ඇමරිකාව ඇතුළු  බටහිර රටවල් ගෙන යන ක‍්‍රියා දාමය පරාජය කිරීමට නම් ලංකාව තුළ සිටින එම සංවිධානයේ නිළධාරීන් හිර කර ගෙන සිටීමට හෝ එම කාර්යාලය ඉදිරිපිට සත්‍යග‍්‍රහ  , උපවාස හෝ මාරාන්තික උපවාස කිරීමට ආණ්ඩුවේ ම ඇමතිවරුන් මෙහෙයවීමට පෙර ආණ්ඩුව  කළ යුත්තේ  පළමුව රට තුළ මානව හිමිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම ය.  ඒ අතර ප‍්‍රශස්ත විදේශ ප‍්‍රතිපත්තියක් මගින් ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීමට කටයුතු කිරීම ය.

No comments:

Post a Comment