මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Thursday, July 22, 2010

උතුරු නැගෙනහිර සංවර්ධනය සහ ආණ්ඩුවේ පම්පෝරිය


පශ්චාත් යුධ කාලය තුල උතුරු නැගෙනහිර සංර්ධනයට විශාල මුදලක් වැය කරන බව ආණ්ඩුව පෙන්වීමට උතත්සාහ කළත් එහි සත්‍යය එය නොවන බව අර්ථික සංර්ධන  අමාත්‍යාංශයේම වාර්ථා මගින් පෙන්වා දෙයි
නැගෙන හිර උදානය උතුරු වසන්තය වැනි ලස්සන නම් පමණක්  ආණ්ඩුව සතු අතර ඒවාට යොදවා ඇති මුල්‍ය සම්පත්  ප‍්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සංවිධානයන් සහ විදේශ රටවල් සතුය.  අමාත්‍යාංශ වාර්ථා අනුව ප‍්‍රධාන ව්‍යාපෘතීන් 21ක්  සඳහා ආධාර දෙන ජාත්‍යාන්තර ආයතන සහ රටවල් මෙසේය .

1.  ලෝක බැංකු(WB)  2.  ජාත්‍යන්තර සංවර්ධන අයතනය.  ( IDA)  3.  යුරෝපා කොමිෂම  ( EC)4.  ආසියානු සිවර්ධන බැංකුව  (ADB)  5.  ප‍්‍රංශ සංවර්ධන ඒජන්සිය  ( FDA)  6.  ස්විඩන් ජාත්‍යාන්තර සංවර්ධන ඒජන්සිය  ( SIDA)  7.   දුගිබව අඩුකිරීම සඳහා වූ ජපාන අරමුදල ( JFPR)  8.  ලෝක ආහාර වැඩපිළිවෙල ( WFP)  9.  ජපාන ජාත්‍යාන්තර සහයෝගිතා ඒජන්සිය ( JICA)  10.  තෙල් අපනයන රටවල සංවිධානය  ( OPEC)   11.  සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන් ගේ මහ කොමසාරිස්  ( UNHCR) 12. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන  ( UNDP)  13. යුරෝපා සංගමය  (EU)  14.  ජාත්‍යාන්තර සංවරධන ආයතනය  (IDA) 15  ජර්මන් තාක්ෂණික ආයතනය  ( GTZ˜)  16.  ස්වීඩන් රජය  17.  නෙදර්ලනත රජය
ඉංදියාව සහ චීනය ව්‍යාපෘතීන් 21ට සම්බන්ධවි නැත .  එහෙත් ඉංදියාව උතුර නැගෙනහිර සංවර්ධනය සඳහා රුපියල් බිලියන 12-5ක් වෙන්කර ඇත .

No comments:

Post a Comment