මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Tuesday, July 27, 2010

ශ‍්‍රී ලංකාවේ යුධ අපරාධ සිදුවූ බවට හියුමන් රයිට්ස් වොච් ආයතනයෙන් චෝදනා

ඇමරිකාවේ නිව්යෝක් හි පිහිටි රාජ්‍ය නොවන සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් ආයතනය ශ‍්‍රී ලංකාවේ යුධ අපරාධ සිදුවූ බවට චෝදනා කර සිටී. එල්ටීටීයට එරෙහි යුද්ධයේ  අවසාන කාල සීමාව තුල උතුරේ සිවිල් වැසියන් 7000 ක් පමණ ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් ඝාතනය කර ඇති බව මෙම සංවිධානයේ චෝදනාවයි.
මෙම සංවිධානයේ ඇනා නෙයිස්   යුද්ධය පැවති කාලයේ ශ‍්‍රී ලංකාවට පැමිණ   උතුරු ප‍්‍රදේශයේ රුඳී සිට ඇත. ඒ අනුසාරයෙන් සකස් කළ වාර්ථාවක් මගින් මෙම ඝාතන චෝදනාව ඉදිරිපත් කර ඇති අතර එම වාර්ථාව ඇමරිකානු රජයට ඉදිරිපත් කර තිබේ .
  හියුමන් රයිට්ස් වොච් ආයතනය විසින් මතුකරන සිවිල් වැසියන් ඝාතනය කිරීමේ චෝදනාව කෙරේ ඇ. එ. ජ. රජයේ දැඩි අවධානය යොමුවී ඇත.
පසු ගිය දා ලංකාවට පැමිණි ශ‍්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට් බ්ලේක්  ද බෑන් කී මුන් පත් කළ කමිටුවට නීතිමය වැදගත් බවක් නොමැති බව ප‍්‍රකාශ කළත් කමිටුව සමග සහයෝගයෙන් ක‍්‍රියාකිරීමේ ඇති වැදගත් බව පෙන්වා දී තිබුනි. යුරෝපා සංගමයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ප‍්‍රධානී කැතරීන් ඇන්ටන් ද එ. ජා. මහ ලේකම් ගේ කමිටුව සමග සහයෝගයෙන් වැඩ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි.  

No comments:

Post a Comment