මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Thursday, June 24, 2010

 තීරණාත්මක මැතිවරණයක්

2010 ජනවාරි 26 පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපති රාජපක්ෂ ලබා ගත්තේ නොසිතූවිරූ පමණක් නොව බැලූ බැල්මට සිදුවිය නොහැකි වූ ද විවාදයට තුඩු දෙන්නාවූ ද ”දැවැන්ත ජයග‍්‍රහණයකි.”
මෙම ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකා මැතිවරණ ඉතිහාසයේ සිදුවූ ¥ෂිතම ක‍්‍රියාවලියක් ඔස්සේ ඉදිරියට ඇදුනු ජනතාවට නිදහසේ තීරණකට එළඹීමට හා තීරණය ක‍්‍රියාවට නැගීමට ද එලෙස සැබෑ ජනමතය ප‍්‍රකාශවීමට ද කිසිදු ඉඩක් නොදුන් ජනාධිපතිවරණයක් මගින් අත් කර ගත් ජයග‍්‍රහණයක් බව ඉතා පැහැදිලි ය.
ජනාධිපතිවරයාගේ මෙම ජයග‍්‍රහණය පිටුපස වූ ප‍්‍රවර්තක සාධකය වූයේ කෙසේ හෝ කුමන ක‍්‍රමයකින් හෝ බලය තවදුරටත් රැුක ගැනීම ය. අද අපි එළඹෙන අපේ‍්‍රල් 8 වෙනි දින පැවැත්වීමට නියමිත මහා මැතිවරණය අභියස සිටින්නෙමු. ජනාධිපතිවරණය මෙන්ම මෙම මහා  මැතිවරණය ද කෙසේ හෝ කුමන ක‍්‍රමයකින් හෝ ජයග‍්‍රහණය කිරීම රාජපක්ෂ පාලනයේ අපේක්ෂාව ය.
තීරණාත්මක මැතිවරණයක්
මෙම මැතිවරණයෙන් රාජපක්ෂ තන්ත‍්‍රය අපේක්ෂා කරන ජයග‍්‍රහණය ඔවුනට ලැබුණහොත් එය නිසැකවම පාර කපනු ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ¥ෂිත, ආඥදායකත්වයක් බවට පරිවර්තනය වෙමින් පවතින පවුල් - ගජ මිතුරු පාලනය එනම් රාජපක්ෂතන්ත‍්‍රවාදී පාලනය තහවුරු කිරීමට ය.
් මහා ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු ලෙස වෙස් බැඳ සිටින මහින්ද රාජපක්ෂට විධායකයේ පමණක් නොව ව්‍යවස්ථාදායකයේ ද එනම් පාර්ලිමේන්තුවේ ද පූර්ණ බලය අවශ්‍යව ඇත. කුමක් සඳහා ද? රාජපක්ෂතන්ත‍්‍රවාදී ආඥාදායක පාලනයට එවන් බලයකින් තොරව ඉදිරියේ දී පැවැත්ම සහතික කර ගත නොහැකි නිසා ය. සිය කොල්ලකාරී ආර්ථික පිළිවෙත් හා ක‍්‍රමෝපායන් මගින් ඉදිරියේදී පිමිවලින් උග‍්‍ර කරවනු ලබන ආර්ථික ප‍්‍රශ්න නිසාත් ඒ නිසාම තීව‍්‍රව වැඞී යාමට නියමිත  සමාජ - දේශපාලන ප‍්‍රශ්න නිසාත් රාජපක්ෂතන්ත‍්‍රයේ අනාගතය සුබ අනාගතයක් නොවනු ඇති බව පැහැදිලි ය. ඔවුන් 2/3 වැඩි බලයක් ඉල්ලා සිටිනුයේ මෙම අභියෝගාත්මක තත්ත්වයට මුහුණ දීම සඳහා මිස මෙම පාලක තන්ත‍්‍රයත් ඒ වටා පෙළගැසුනු වන්දි භට්ට ආචාර්ය මහාචාර්ය කලාකාර ආදීන්ගේ සේවය ලබා ගන්නා ප‍්‍රචාරක යන්ත‍්‍රයත් තොරතෝංචියක් නැතිව කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ සඳහා නොවේ. 
මොවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැනටමත් අපි සියල්ලෝම අත් දකිමින් සිටිමු, අත් විඳිමින් සිටිමු. ජනාධිපතිවරණ සමයේ දී ජෙනරාල් සරත් ෆොන්සේකා බලයට පත්වුනොත් විය හැකි යයි මොවුන් දහස් නොව දස දහස් වාරයක් ජප කළ මන්ත‍්‍රය - හමුදා පාලනය හා සමාන පාලනයක් රාජපක්ෂතන්ත‍්‍ර පාලනය යටතේ දැනටමත් අත් දකින්නට සිදුවීම උත්ප‍්‍රාසයකි. හෙට තව තවත් කොටස් වලට ද වෙනකක් තබා අද රාජපක්ෂලාට කඬේ යන්නන්ට පවා ද මෙම අත් විඳීම විඳින්නට සිදුවීම ඊටත් වඩා උත්ප‍්‍රාස දනවනු ඇත.  දැනටමත් රාජපක්ෂ පාලනය මිලිටරි පාලන ක‍්‍රියාකාරිත්වය ආරම්භ කර විරුද්ධ වාදීන් දඩයම් කිරීම අරඹා ඇත. ජනරාල් සරත් ෆොන්සේකාගේ කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයම වාගේ අත් අඩංගුවට ගනු ලැබී ය. ජනරාල් සරත් ෆොන්සේකා ද පෙබරවාරි 9 වෙනි දින සිට අත් අඩංගුවේ පසු වේ. 12,000 ක් රැුඳවිය හැකි රැුඳවුම් කඳවුරු 8 ක් ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත්කර ඇත. මේ කුමක් සඳහා ද, එන්නේ මොකාට ද යන්න තේරුම් ගන්නට අටුවා ටීකා අවශ්‍ය නැත. එහෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගයන්ට එළඹෙන මහ මැතිවරණය අතිශයින්ම තීරණාත්මක එකක් වනු ඇත.
එළඹෙන මැතිවරණයේදී රාජපක්ෂ පාලනය පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක්  නොව තුනෙන් දෙකකටත් වඩා වැඩි බලයක් ලබා ගැනීමට දරණ උත්සාහයන් සාර්ථක වුව හොත් එය මෙරට ප‍්‍රජාතන්තී‍්‍රය භාවිතයට එල්ලවන අතිශයින් ම මරු පහරක් වනවා ඇත. පවත්නා තත්ත්වය යටතේ මහ මැතිවරණයේ දී රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගැනීම ජනාධිපතිවරණයටත් වඩා ඉහළින් සිදු විය හැකි ය. ප‍්‍රතිපාක්ෂිකයන් වෙත පමණක් නොව තම පාක්ෂිකයන් වෙත පවා මනාපය වෙනුවෙන් ප‍්‍රචණ්ඩත්වය මුදා හැරීමට සමහර ඇමතිවරුන් ක‍්‍රියාකරමින් සිටී.
මේ  මොහොතේ ප‍්‍රධාන අභියෝගය අත්තනෝමතික රාජපක්ෂ පාලනයට එරෙහිව බලවේග පෙළ ගැස්විම ය
වත්මන් තත්ත්වය තුළ ප‍්‍රධාන තර්ජනය හා අභියෝගය රාජපක්ෂ අත්තනෝමතික පාලනය ය. එල්ල වෙමින් තිබෙන මෙම තර්ජනය හා අභියෝගය හමුවේ රාජපක්ෂ පාලනයේ ප‍්‍රයත්නය පරාජය කළ යුතු ය. නැතහොත් අඩුම වශයෙන් පසු බැස්ස විය යුතු ය. එය පසු බැස්ස වීම පවා මේ මොහොතේ තීරණාත්මක වෙනවා ඇත. පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් විපක්ෂයක් පැවතීමේ වැදගත්කම රඳා පවතිනුයේ මෙහි දී ය. මේ සඳහා සමස්ත ප‍්‍රජාතන්තී‍්‍රය බලවේගයන්ගේ ඒකාබද්ධ ප‍්‍රයත්නයක් අවශ්‍ය ය.
නමුත් ජනාධිපතිවරණයේදී පොදු විපක්ෂය ලෙස පෙනී සිටි බලවේගය ප‍්‍රධාන සන්ධාන දෙකකට බෙදී එජාපෙ අලියා ලකුණ යටතේ ද ජවිපෙ සහ ෆොන්සේකා  කුසලානය ලකුණ යටතේ ද මහ මැතිවරණයට ඉදිපත් වී සිටී. මහින්ද පාලනයට එරෙහි පොදු ජන අපේක්ෂාවට මින් අයහපත් බලපෑමක් ඇති වුව ද මැතිවරණ ව්‍යාපාරය තුළ දී හෝ විපක්ෂය එකිනෙකා ඇන කොටා ගැනීමෙන් වැලකී වෙන් වෙන්ව එහෙත් තීරණාත්මක අභියෝගයට එරෙහිව පෙරමුණු ගණනාවක ප‍්‍රහාරක අරගලයක් දියත් කිරීමට කටයුතු කළ යුතුව ඇත.
උද්ගතව ඇති තත්ත්වය තුළ මහ මැතිවරණයේදී රාජපක්ෂ පාලනයට එරෙහිව ශක්තිමත් විපක්ෂ බලයක් මතුකර ගැනීමට ක‍්‍රියා කිරීම සෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී  බලවේගයකම වගකීමක් වන්නේ ය. විපක්ෂ බලවේග ඒ වගකීමට සැබෑ ලෙස ම උර දේවි ද යන ප‍්‍රශ්නය නැතිවා නොවේ. එමෙන් ම ඒවායේ්් භාවිතයෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇති තැන පිළිබඳව ද ප‍්‍රශ්න තිබේ. එලෙසම ඒවායේ වැනෙන සු`ඵ බව හා වරප‍්‍රසාද පතා පිල් මාරු කිරීම ද නැවත නැවත සිදු විය හැකි ය. ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ගමනට එරෙහිව මෙන්ම විපක්ෂයේ ඉහත කී තත්ත්වයන්ට එරෙහිව ද ජනතා පෙළගැස්මක හා මහජන ව්‍යාපාරයක අවශ්‍යතාවය අපි දිගින් දිගින්ටම අවධාරණය කරනුයේ මේ නිසා ය.
තත්වයන් විසින් ඉල්ලා සිටින්නේඅත්තනෝමතික පාලනයට එරෙහිව සියලූ බලවේග එක්ව සටන් වැදීමය. අපි විපක්ෂ බලව්ගයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබලා සැබවින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහාවන අරගලය ශක්තිමත්කිරීමට අපේක්ෂා කරනවානම් වෙන්ව ගමන් කළත් ප‍්‍රධාන තර්ජනයට සහ අභියෝගයට එරෙහිව ප‍්‍රධාන ප‍්‍රහාරය එල්ල කිරීමට කටයුතු කරන ලෙසය එක් බලවේගයක් ලෙස ගොනුවී මැතිවරණයේදී සටන් නොකළත් යටත් පිරිසෙයින් විපක්ෂ බලවේග ලෙස ඔවුනොවුන් අතර අරගලය නවතා හැමපෙරමුණක්ම වෙන් වෙන්ව එහෙත් තීරණාත්මක අභියෝගයට එරෙහිව පෙරමුණු ගනනාවක ප‍්‍රහාරක අරගලයක් දියත් කිරීමට කටයුතු කරන ලෙසය
 
ජනතා බලවේගයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම අත්තනෝමතික පාලනයට තව දුරටත් අත්තනෝමතික වීමට ඉඩ සලසන ජයග‍්‍රහණයක් අත්පත් කර ගැනීමට කිසිදු ඉඩක් නොදෙන ලෙස ය. ඔබේ ඡුන්දය මෙම අත්තනෝමතික පාලනයට එරෙහිව ඵලදායී විපක්ෂ කණ්ඩායමකට දෙන ලෙස ය. විශේෂයෙන් ම මේ ඉල්ලීම කරන්නේ මෙම පාලකයන්ට වටී උපේක්ෂා සහගත භාවයට ඇද වැටී සිටින ඡුන්ද දායකයාට ය.
අත්තනෝමතික පාලනයට එරෙහිව පෙළ ගැසෙමු!
පාර්ලිමේන්තු මැතිවරණයේදී  රාජපක්ෂ පාලනය පසු බස්වමුු!
මානව හා ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් උදෙසා වන අරගලය තුළ එක්සත් වෙමුු!
ජාතික ප‍්‍රශ්නය ඇතු`ඵ රටේ දැවෙන ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දීමට රාජපක්ෂ පාලනයට බල කරමුු!
සැබෑ මහජන ව්‍යාපාරයක් උදෙසා පෙළ ගැසෙමුු!

No comments:

Post a Comment