මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .
Saturday, July 30, 2011
අද දේශපාලනය තුළ ජවිපෙ භූමිකාව
මේ වනවිට ජවිපෙ උතුරේ දෙමළ ජනතාව අතරට තම හ`ඩ ගෙනයාමට මහත් වෑයමක් දරණ බවක් පෙනෙන්ට තිබේ. එය දෙමළ සිරකරුවන් නිදහස් කිරීම වෙනුවෙන් හා යුද්ධයේදී අතුරුදහන්වූ දෙමළ ජාතිකයන් වෙනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාරයන්හි නියැලෙයි. කිළිනොච්චිය වැනි හමුදා පාලනයට දැඩි ලෙස නතුව ඇති ප‍්‍රදේශවල පවා දෙමළ ජනතාව සමගින් වීදිවලට පිවිසීමට උත්සාහ දරමින් සිටී. රාජපක්ෂ විරෝධී වාම කණ්ඩායම් පක්ෂ හා ප‍්‍රගතිශීලී බුද්ධිමතුන් කොළඹ කේන්ද්‍ර කරගත් වේදිකා මතින් වැඩිම වුනොත් කොටුව දුම්රිය පළ ඉදිරිපිට පදික වේදිකාව මතින් හෝ ලිප්ටන් වටරවුමේ පදික වේදිකව මතින් ඔබ්බට යා නොහැකි තරමට දුර්වලව හා අසංවිධිතව සිටින තත්ත්වයක් යටතේ ජවිපෙ මේ ක‍්‍රියාකාරිත්වය සැලකිය යුතු වැදගත්කමක් දරයි. ඒ පරිද්දෙන් ම ලංකා පුවත්පතෙහි පලවෙන සමහර ලිපි තුළින් හා එහිම ජවිපෙ නායකත්වය සමග කෙරෙන සම්මුඛ සාකච්ඡා ආදිය මගින් ප‍්‍රකාශවන මතයන් විශේෂයෙන් දෙමළ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ප‍්‍රකාශවන මතයන් මෑත කාලීන ජවිපෙන් ප‍්‍රකාශ නොවූ ආකාරයේ මතයන් ය. ඒවා බරපතල අවුල් සහගත තත්ත්වයක පැවතිය ද යම් දුරකට ප‍්‍රගතිගාමී ප‍්‍රවනතාවක් පිළිබිඹු කරන බව පෙනෙන්නට තිබේ. එහෙයින් එම මත ඒ මේ අත පෙරළා විමසා බැලීම අද දේශපාලනය තුළ වැදගත් යයි සිතමු.
Sunday, July 24, 2011
ආචාර්ය වැටුප හා පෞරුෂත්වය
රජිත රාජපක්ෂ
සරසවි ඇදුරන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ඇරඹි සටන් කි‍්‍රයාමාර්ගය දැන් මසක් ඉක්මවා තිබේ. අද වන විට එහි කිසියම් අවසානයක් දක්වා පැමිණෙන බවක් පෙනේ. ආචාර්ය සංගමය බලාපොරොත්තු වූ වැටුප් වැඩිවීම නැතත් සැලකිය යුතු වැටුප් වැඩිවීමක් ලබාදීමට රජයට අකමැත්තෙන් හෝ සිදුවී තිබේ.
Monday, July 18, 2011
ගැමි ආගම හා බුද්ධාගම
ජලවිදුලි බලාගාර ආශ‍්‍රිත ප‍්‍රදේශවලට වැසි පතා විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමති පේ‍්‍රමලාල් ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් සංඝයා වහන්සේලා විසින් මාඋස්සාකැලේ ජලාශයට පිරිත් පැන් මුදාහළ බව 2011.07.08 දිවයින on line edition වාර්තාවක් කියවීමු.
Tuesday, July 5, 2011
නව මානයක් ගත් සරසවි ආචාර්ය ප‍්‍ර‍්‍රජාවගේ අරගලය
වසන්ත දිසානායක
සිය වෘත්තියට ගැලපෙන වැටුපක් සඳහා සරසවි ආචාර්ය ප‍්‍රජාව ආරම්භ කළ අරගලය මේ වන විට ප‍්‍රබල අරගලයක් බවට පරිවර්තනය වී ඇත. ජනතා අවශ්‍යතාවන්ට කන් දෙනවාය යනුවෙන් අප‍්‍රමාණ පොරොන්දු තොගයක් දෙමින් බලයට පත් වත්මන් ආණ්ඩුව බලයට පත් තැන් සිටම අනුගමනය කළේ පෙර පාලන තන්ත‍්‍රයන්ට නොවෙනස්ව දුන් පොරොන්දු අමතක කර දමා ජනතා ඉල්ලීම් බලහත්කාරය යොදා පාගා දැමීම ය. සරසවි ආචාර්ය ප‍්‍රජාවගේ අරගලය සම්බන්ධයෙන් ද ආණ්ඩුව අනුගමනය කරන්නට වූයේ එම පිළිවෙතම ය.

Thursday, June 9, 2011
බෑන් කි මූන් ගේ උපදේශන කමිටු වාර්තාව හා රාජපක්ෂ තන්ත‍්‍රයේ දේශපේ‍්‍රමී මත් කුඩු දේශපාලනය
වසන්ත දිසානායක
එජා මහ ලේකම් ලංකාවේ පැවති යුද්ධය තුළ සිදු කෙරුණා යයි කියන යුද අපරාධ සම්බන්ධ චෝදනා පිළිබඳව තමන්ට උපදෙස් දීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුව ද එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව ද සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනයත් එහි කොටස්කාර කල්ලිත් හැසුරුණු ආකාරය පුහුල් හොරා කරෙන් දැනේ කියන කතාවේ සංස්කරණයක් බඳු ය. පුහුල් හොරා කරෙන් දැනේ කී විට ඔහු කළේ හොරෙන් කර අත ගා බැලීම ය. එහෙත් රාජපක්ෂ පාලනය හැසුරුණේ ඔවුන්ගේ මෙහෙබෝන් න්‍යායට අනුව ”අඩෝ කවුද ඩෝ අපි යුද අපරාධ කරා කියන්නේ? බංකි මූනෝ උඹගේ කමිටුව අකුලා ගනින් නැත්තන් අපි එකා පිට එකා මැරිලයි උඹලට උත්තර දෙන්නේ” අන්දමේ චණ්ඩි මල්ලී ටෝක් දීමෙනි. ඒ අතර ම ජනාධිපති රාජපක්ෂ ”මෙන්න මං විදුලි පුටුවට ගෙන යන්න හදනවෝයි” කෑ මොර දෙන්නට ද පටන් ගත්තේ ය.

Saturday, June 4, 2011
ඔබ මේ දුෂ්ට පාලනයේ අවසානයේ ආරම්භය සලකුණු කළෙහිය
රොෂේන් චානක සොහොයුරාණෙනි,
ඔබට අපේ සහෝදරාත්මක ආචාරය
දුෂ්ට පාලකයෝ කම්කරු පංතිය ප‍්‍රමුඛ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් හැමදාමත් පැහැර ගනිති.
ජනතාව නිහ`ඩව සිටින්නේ කොයි තාක් ද ඒ තාක් ඒ පැහැර ගැනීම් නොනවත්වා කරගෙන යති.
ඔබ ඊට එරෙහිව නැගී සිටිය හොත් ඔවුන් ඔබට බැටන් ප‍්‍රහාර, කඳුළු ගෑස් හා අවසානයේ වෙඩි උණ්ඩවලින් ද සංග‍්‍රහ කරමින් ජීවිත ද බිලි ගනිති.
Friday, June 3, 2011
දෙමළ ජාතික ප‍්‍රශ්නය හා වික්ටර් අයිවන්
Wednesday, May 25, 2011
ධම්මට මහින්දව පෙනෙන හැටි
රාජිත රාජපක්ෂ
ධම්ම දිසානායක වත්මන් රාජපක්‍ෂ පාලන තන්ත‍්‍රය තුළ සිටින ඓන්ද්‍රිය ඝනයේ බුද්ධිමතකු මෙන් පෙනී සිටින අයෙකි. විශේෂයෙන්ම රාජ්‍යයේ මාධ්‍ය විශාල ඉඩකඩක් මොහුට ලබාදී තිබෙන අතර ධම්ම ද තමන්ට ඇති විශ්වවිද්‍යාල කතිකාචාර්ය ධූරය සහ සිවිල් බලය යොදා ගනිමින් මහත් ආඩම්බරයෙන් ශ්‍රී ලාංකික ජනතාවට අදහස් මතවාද බෙදාහරිමින් සිටි.

Thursday, April 21, 2011
පීපල්ස් මාච් ස`ගරාව මාර්තු අපේ‍්‍රල් කලාපය

මැද පෙරදිග හමායන දේශපාලන විප්ලවය ශ‍්‍රී ලංකාවත් සිප ගනීද?
පාලකයන් මැතිවරණ පවත්වන්නේ නැග එන මහජන විරෝධයන් යටකර දැමීමට විනා මහජනමතය සාධාරණ ලෙස ප‍්‍රකාශ කිරීමට ඉඩ දීමට නොවේ......
රාජපක්ෂ පාලනයේ සමාජ ප‍්‍රාග්ධනය.
රාජ්‍ය මාධ්‍ය පමණක් නොව ශ‍්‍රී ලංකවේ පවතින මාධ්‍ය ආයතනවලින් සියයට අනූවකටත් වඩා අද පෙනී සිටින්නේ පාලක පක්ෂය වෙනුවෙනි ......
ජනසහමිතිය බිඳීමට නම්.
සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කියවීමක්.
අතීතයේ මෙන්ම අදත් ධනවාදය මේච්චල්කර පවත්වාගෙන යාමට කෙරෙන ඔවුන්ගේ යෝජනාවල අඩුවක් වී නැත......
peoples march magazine march - aprial issue
Tuesday, April 5, 2011
71 බක්මහ අරගලය
ඒ. ඩී. පී. රත්නායක
2011 අපේ‍්‍රල් 5 වෙනි දිනට 71 අරගලයට හතලිස් වසරක් සපිරෙයි නිල වශයෙන් ඒ වෙනුවෙන් පෙනී සිටින ජවිපෙ සුපුරුදු පරිදි වේදිකා මත ආකර්ෂණීය ස්මාරකයන් තනා අපේ‍්‍රල් විරුවන් සමරනු ඇත . උද්වේගී දේශනයන් පවත්වනු ඇත. ඒ අතර විවිධ මතවාදයන් දැරුවද හෘදය සාක්ෂිය විසින් අමතකකීරීමට ඉඩදෙනු නොලැබූ තවමත් ජීවත්ව සිටින කැරලිකරුවන් ද වෙනත් තැනක 71 විරුවන් සමරනු වස් සුහඳ හමු පවත්වති. 71 විරුවන් සැමරීම කවුරු කොතැනක සිදුකලත් සම්ප‍්‍රධායක් සිරිතක් බවට පත්වී ඇතිවා හැර 71 අප්‍රෙල් අරගලය විසින් මතුනරන ලද දේශපාලන අරමුණට ආලෝකයක් ලැබී නැත.

Subscribe to:
Posts (Atom)