මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Thursday, May 10, 2012

ලෙඩා මළත් බඩ සුද්දයි

බාල තෙල් පාඩුව කෝටි 14 යි
                                                                   දිවයින 10 6 2012
ශිරාන් රණසිංහ

මෙරටට ගෙනා ප්ර මිතියෙන් තොර ගුවන් යානා තෙල් (Jet Oil)    මෙට්ටි්ර ක්‌ ටොන් හත්දහස්‌ පන්සියය භූමිතෙල් ලෙස භාවිතයට ගැනීමට ගත් තීරණය නිසා ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි දහහතරක්‌ (මිලියන 140 ක්‌) යෑයි තෙල් සංස්‌ථා මුදල් අංශය ගණන් බලා තිබේ. නෞකාවට ගෙවූ ප්‍රමාද ගාස්‌තු මෙන්ම මේ දිනවල පවතින විදේශ විනිමය අනුපාතවල අවාසියද මෙම පාඩුව මෙතරම් වැඩිවීමට බලපෑ බව මුදල් අංශයේ නිළධාරියෙක් දිවයින ට පැවැසීය.

සිංගප්පූරු බ්රිුටිෂ් පෙට්රොය්ලියම්(සිංගප්පූරු බී. පී) නමැති සමාගමකින් මෙම ඉන්ධන තොගය ඛනිජ තෙල් සංස්‌ථාව මිලදී ගෙන ඇත.

මීට දින කිහිපයකට පෙරාතුව (Asdral Extra Ess ) නමැති නෞකාවකින් මෙරටට ගුවන් යානා තෙල් මෙටි්රුක්‌ ටොන් විසිදහසක්‌ රැගෙනවිත් තිබේග මෙම මෙටි්රාක්‌ ටොන් විසිදහසින් ප්‍රමිතියෙන් තොර මෙටි්රනක්‌ටොන් 7500 ක්‌ වෙනම ටැංකියක අසුරා තිබී ඇත.

ඉන්ධන තොගය ගොඩබෑමට පෙරාතුව ලබාගත් සාම්පල් පරීක්ෂ‍ණයේදී ගුවන් යානා තෙල් තොගයේ ප්‍රශ්ණයක් ඇතැයි තහවුරු වූ පසුව අදාළ සිංගප්පූරු තෙල් සමාගමද වෙනම රසායනාගාර පරීක්ෂරණයක්‌ සිදුකර ඇත.

මෙම නෞකාවේම ඩීසල් මෙටි්රෂක්‌ ටොන් විසිදහසක්‌ ගෙන්වා ඇති අතර ඒවායේ ප්‍රශ්ණයක් නොතිබූ බව ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව තහවුරු කළේය. භූමිතෙල් හා ගුවන් යානා තෙල් (Jet Oil) අතර විශාල වෙනසක්‌ නැති බව තෙල් සංස්‌ථාවේ ජ්යෙුෂ්ඨ නිලධාරීන් මෙන්ම ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්රේොමජයන්ත මහතාද සඳහන් කළේය.

කෙසේ වෙතත් පාඩුවක්‌ සිදුව ඇතිදැයි ගණනය කිරීම තෙල් සංස්‌ථාව මගින් සිදුකරන කටයුත්තක්‌ යෑයි ද ඇමැතිවරයා සඳහන් කළේයග ගුවන් යානා තෙල් මෙටි්රමක්‌ ටොන් 7500 ක්‌ භූමිතෙල් ලෙස පාවිච්චියට ගැනීමේදී වන පාඩුව අවම වන ලෙස සිංගප්පූරු බ්‍රිටිෂ් පෙට්රොලියම් නමැති ආයතනය ගුවන් තෙල් බැරලයකට ඩොලර් ශත විසිපහක්‌ බැගින් මිල වට්‌ටමක්‌ ලබාදුන් පසුවත් සංස්‌ථාවට රුපියල් කෝටි දහයක්‌ පාඩුවී ඇතැයි තෙල් සංස්‌ථා මුදල් අංශය සඳහන් කළේය.


බාල ගුවන් යානා තෙල්වලින් රුපියල් ලක්ෂ 18ක ලාභයක්
                                        දිනමිණ 10. 6. 2012
සිංගප්පූරුවෙන් ආනයනය කළ ගුවන් යානා ඉන්ධන මෙට්රි ක් ටොන් 7500 වෙනුවෙන් එක් බැරලයකට අමෙරිකානු ඩොලර් 0.25ක වට්ටමක් හිමිවීමෙන් රුපියල් 1787466ක ලාභයක් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමිව තිබේග
ඒ අනුව එම තෙල් තොගය භූමිතෙල් වශයෙන් භාවිතයට ගැනීම සඳහා තීරණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ භූමිතෙල් අවශ්යයතාව සැපිරීම සඳහා අනෙකුත් අවස්ථාවන්හිදී ආනයනය කරන මිල ගණන්වලට වඩා අඩු මිලකට භූමිතෙල් තොගය ලැබීමත් සමඟ වාසිදායක තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්යාං ශය සඳහන් කරයිග
ඊට අමතරව අදාළ තෙල් තොගය රැගෙන ආ නෞකාව දින තුනක් ප්රඳමාද වීම හේතුකොටගෙන දිනකට ඇමරිකානු ඩොලර් 4000 බැගින් ඩොලර් 12000ක මුදලක් සිංගප්පූරුවේ බ්‍රිටිෂ් පෙට්රෝලියම් සමාගමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමිවන බවද එම අමාත්යාං ශය කියයි.
මේ ඉන්ධන තොගය සංස්ථාවට ආනයනය කර ඇත්තේ ගුවන්යානා ඉන්ධන මෙන්ම භූමිතෙල් වශයෙන්ද භාවිත කිරීම සඳහා බව ඛනිජතෙල් කර්මාන්ත අමාත්යංනශය කියා සිටී.
 

අප ඉහත උපුටා දක්වා ඇත්තේ ජාතික යයි කියන පුවත්පත් දෙකක් එකම සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තාකරණයේ යෙදෙන අන්දමය.
දිවයිනට අනුව පාඩුව රු.  කෝටි 10 කි.
 දිනමිණට අනුව කිසිම පාඩුවක් නැත.  රු. ලක්ෂ 18 ක ලාභයක් ලාබා ඇත. 

අඩු මිළකට භූමිතෙල් තොගයක් ලැබී ඇත
ගුවන් යානා තෙල්  භූමිතෙල් කියල ඒ තරම් වෙනසක්  නැත
   එක බැරලයකට ඇ. ඩො.  ශත 25 ක වට්ටමක් දීමට තරම් සිංගප්පූර් බ‍්‍රිටිෂ් පෙටේ‍්‍රා්ලියම් සමාගම කාරුණිකවී ඇත.
 

  දිනමිණ යොදා ඇති උප ශීර්ෂයේ  බාල (ගුවන් යානා තෙල්)  යන්න මුද්‍රණ දෝෂයක් සේ  සැලකිය යුතුය.       

Sunday, April 29, 2012

ජන අරගල ව්‍යාපාරයට අභියෝගයක් වන ජවිපෙ උරුමය.

 රීතියක් වශයෙන් ප‍්‍රතිගාමිත්වය අයත්වන්නේ දකූණට ය. එය විවෘතය, පැහැදිලිය. හඳුනා ගැනීම පහසු ය. නමුත් ප‍්‍රතිගාමිත්වය වමේ ද පවතී. එය හඳුනා ගැනීම පහසු නැත. මක්නිසා ද එය වාමාංශික වදන් හා සළු පිළි පැළඳ එන නිසා ය. වමේ ප‍්‍රතිගාමිත්වය සැබෑ විප්ලවීය ව්‍යපාරයක් සඳහා වන ප‍්‍රධාන බාධකයකි. එය ප‍්‍රකාශයට පත්වන්නේ අවස්ථාවාදය ලෙස යි.

Saturday, April 28, 2012

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමු සමුළුවට අපේ සුභාශිංසන

සහෝදර සහෝදරියනි,

ප‍්‍රථමයෙන්ම අද දින මුළු දෙන ඔබගේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රථම සමුළුවට සුභ පැතුම් පිරි නමන්නට අවස්ථාවක් සලසා දීම සම්බන්ධයෙන් පීපල්ස් මාච් සංවිධානයේ අපගේ සහෝදරාත්මක කෘතඥතාව පළ කරන්නට ඉඩ දෙන්න. මෙම සමුළුව පැවැත්වෙන්නේ එක් අතකින් ලෝක ධනේශ්වර ක‍්‍රමය තියුණු හා ගැඹුරු ව්‍යුහාත්මක අර්බුදයක් කරා ගමන් කරමින් තිබෙන්නා වූ ද එහි   පරපෝෂිත හා මැරී යන ස්වභාවය ලෝකයට ප‍්‍රකට කරමින් තිබෙන්නා වූ ද වකවානුවක ය. එහි වෙන් කළ නොහැකි කොටසක් බවට පත්ව තිබෙන අපේ රට ද එලෙස ම අර්බුදයක් කරා ගමන් කර තිබෙන්නා වූ ද වැඩෙන ආර්ථික අවපාතය, ණය අර්බුදය, උද්ධමනය හා විරැුකියාව, දරිද්‍රතාව හා දුක්ඛිත භාවය හා අර්බුදය හමුවේ පිළියම් නොමැති පාලක රෙජිමය ඉවක් බවක් නැතිව ජනතාවන්ගේ සියලූ ප‍්‍රජාතන්තී‍්‍රය හා මානව අයිතීන් කප්පාදු කරන්නා වූ ද ඊට එරෙහිව කි‍්‍රයාකාරී වන විරෝධය පාන කොටස් මර්දනයට පමණක් නොව පැහැර ගෙන ගොස් ඝාතනයට පවා ලක් කරන්නාවූ ද වටා පිටාවක් තුළ ය. අනෙක් අතින් මීට විකල්පය විය යුතු වමේ ව්‍යාපාරය තුළ අවස්ථාවාදය, පටු ජාතිකවාදය හා කට්ටිවාදය ජයග‍්‍රාහීව ඇත්තා වූ ද ජනතා බලවේග විප්ලවීය නායකත්වයක්, කි‍්‍රයා මාර්ගයක් හා සංවිධානයක් නැතිව විසිරී සිටින්නා වූ ද  එනයින්  ප‍්‍රබල වමේ ව්‍යාපාරයක අවශ්‍යතාවය බරපතල් ලෙස මතුව තිබෙන්නා වූ ද  වටාපිටාවක ය.



මෙම සමුළුව  අද දවසේ අවස්ථාවාදයට, කට්ටිවාදයට හා පටු ජාතිකවාදයට ගොදුරුව වමේ වගකීම අත්හරිමින් ප‍්‍රතිගාමී වී ඇති වමට එරෙහිව සැබෑ වමේ විකල්පයක් පිළිබඳ සිහින මවා ගැනීමේ ද  භේද භින්නතාවන්ගෙන් පීඩා විඳිමින් මහත් පසු බෑමකට ලක්ව තිබෙන වාම ජන බලවේගයන්ට නව අපේක්ෂාවක්, නව ජීවනයක් හා නව මාවතක් ලබා දීමේ ද විභවයක් අඩංගු කර ගන්නා බව  අපි දකිමු.

1978- 2012 ජවිපෙ ගමන් මග කෘතිය පිළිබඳ සංවාදයට ප‍්‍රවේශයක්


 


  පි‍්‍රය සහෝදරවරුනි, සහෝදරියනි,

පළමුවෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් එළි දක්වනු ලැබ ඇති ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය පිළිබඳ ස්වයං විවේචනාත්මක හැරී බැලීමක් සඳහා වන කෘතිය - 1978 -2012 ජවිපෙ ගමන් මග කෘතිය පාදක කර ගෙන ගොඩ නැගීමට අදහස් කරන කතිකාවතක ආරම්භක අවස්ථාවට පීපල්ස් මාච් සංවිධානයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් අපේ සහෝදරාත්මක ස්තුතිය  පළ කරමු. 

මෙය සැබවින්ම කදිම ආරම්භයක් යයි අපි සිතමු. මෙවැන්නක් වමේ ඉතිහාසයේ මින් පෙර දක්නට නොලැබුණු භාවිතාවකි. මෙය හදා වඩා පෝෂණය කරමින් අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු නව සංස්කෘතියක ප‍්‍රවේශයක් ලෙස හඳුන්වා දීමට අපි කැමැත්තෙමු. සැබවින්ම මෙය එඩිතර පියවරකි, ආදර්ශයකි.  පි‍්‍රය සහෝදරවරුනි, සහෝදරියනි, මෙවන් ප‍්‍රවේශයක් ගැනීම ගැන අපි ඔබව බෙහෙවින් අගය කරන බව, අපගේ ගෞරවාදරයට ඔබ පාත‍්‍ර වන බව දැඩි සහෝදරත්වයෙන් යුතුව ප‍්‍රකාශ කරමු.

Tuesday, April 10, 2012

වාමාංශික පක්ෂ සහ සංවිධාන ඒකතුවට අපේ යෝජනා

 


 1. ගෝලීය ධනවාදය ස්වභාවිකවම එහි අඩංගු කරගත් ප‍්‍රතිවිරෝධී කොන්දේසි විසින් එය ගැඹුරු සංකිීර්ණ අර්බූදයක් කරා මෙහෙයවයි. අර්බූදයේ ප‍්‍රතිවිපාකයන්ගෙන් ගැලවීමට දරණ සෑම උත්සාහයක්ම පෙරළා අර්බූදය තීව‍්‍ර කරයි. ගෝලීය ධනවාදී බලවේගයන් ඔවුනොවුන්ම ඇන කොටාගන්නවා පමණක් නොව සමස්ථ මානව වර්ගයා මත ද යුද්ධය දරිද්‍රතාවය අයිතීන් අහිමිකිරීම හා විනාශය මුදා හරී.


2. මහින්ද රාජපක්ෂ පාලන තන්ත‍්‍රය 48 න් පසු බලයේ සිටි ඕනෑම පාලකයෙකුට වඩා වැඩියෙන් ගෝලීය ධනවාදය හා ගැට ගැසෙමින් ඔවුන් අනුව යමින් සිටී. එය ගොඩනගාගත් ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක ආවරණය යටතේ කොල්ලකාරී දූෂිත ඥාති - ගජමිතුරු කවයක් තුල ආර්ථික හා දේශපාලන බලය කේන්ද්‍ර ගතකරමින් ලංකාවේ පීඩිත පංතීන් හා පීඩිත ජතීන් මත යුද්ධය දරිද්‍රතාවය අයිතීන් අහිමිකිරීම හා විනාශය මුදා හරීමින් සිටී. මේ සියල්ල කරනුයේ පෝෂණය කරනු ලැබූ සිංහල බෞද්ධ ජාතිකවාදයේ සෙවනැල්ල යටතේය.


3. පාර්ලිමේන්තුව නියෝජනය කරන විරුද්ධ පක්ෂ රාජපක්ෂ රෙජිමයට අභියෝගකිරීමෙහි හැ`ගීමක් හෝ නොපෙන්වයි. එජාපය නොවිසඳෙන නායකත්ව අර්බූදයක එරී සිටී. ජවිපෙ නොනැසී පැවතීම සඳහා එදා වේල දේශපාලන සටන් පාඨ තෝරයි. දෙ ජා සංධානය දකුණේ පාලකයන් විසින් නැවත නැවතත් රවටනු ලැබීමේ උගුල තුල හිරවී සිටී.


4. වාමවාදී හා ප‍්‍රගතිශීලී කුඩා සංවිධාන සහ පුද්ගලයන් රාජපක්ෂ රෙජිමයට එරෙහිව හුදකලා මතවාදී අරගලයක ද සමහරවිට අඩු බලපෑමෙන් යුත් ප‍්‍රතිරෝධී ක‍්‍රියාකාරකම්වල ද යෙදී සිටිති.


5. මෙකී තත්වයන් අනුව දූෂිත අවිචාරවත් රාජපක්ෂ රෙජිමයට එරෙහිව කළ යුතුව ඇති අත්‍යාවශ්‍ය අරගලය අද අක‍්‍රීය තත්වයක පවතී . එම අරගලය ගෝලීය ධනවාදයට එරෙහි අරගලය හා බැඳුනු ධනේශ්වර විරෝධී පොදු අරගලයේ අඛණ්ඩ කොටසක් ලෙෂ සක‍්‍රීය කළ යුතුව ඇත . පීඩිත පංතීන්ගේ හා ජාතීන්ගේ සැබෑ විමුක්තිය රැුඳී ඇත්තේ එවැනි වූ අරගලයක ජයග‍්‍රහණය මත පමණි.


6. ඒ සඳහා , විද්‍යාත්මක දැක්මක් , නිරවුල් වැඩපිළිවෙලක් හා උපාය මාර්ගයක් සහිත පෙරමුණු බළ ඇණිය ගොඩනැගීම සඳහා අවශ්‍ය පූර්ව කොන්දේසීන් සකස් කළ යුතුව පවතී.


7. කෙසේ වුවද , පොදු අරගලය තුල වාමවාදීන්ගේ එක්සත්බාවය එම අරගලය ඉදිරියට ගෙනයාමට ශක්තියක් වන බව අපි පිළිගනිමු. මෙහිදී ලාංකීය වාමාංශික ව්‍යාපාරයේ ඉතිහාසයේ අත්දැකීම් මෙන්ම මෑත කාලයේ අපේම අත්දැකීම් ද පහසුවෙන් බැහැරකළ නොහැකි බව අවධාරණය කරමු. එළඹෙන ආසන්න දේශපාලන තත්වය අනුව ( විශේෂයෙන් මැතිවරණයක් ආසන්නයේ* ඒ ඒ පක්ෂවල ප‍්‍රයෝගිකවාදී පටු උවමනාවන් පෙරදැරිව සමගි සංධාන සඳහා උනන්දුවී ඇති බවත් එම පටු භාවිතයන් හේතුවෙන්ම ඒවා වැඩිකල් නොගොස් බිඳවැටී ඇති බවත් යතාර්ථයයි. ඒ හැරෙන්න ක‍්‍රියාවෙන් ක‍්‍රියාවට (පිකිටින් , උද්ඝෝෂණ අදිය * පමණක් සමගිය අපේක්ෂාකිරීම ද වාමවාදීන් ගේ තවත් ප‍්‍රතිපත්තියකි. තම වාමවාදී පැවැත්ම රැුකගැනීමට උවමනා නමුත් අනොන්‍ය විශ්වාසය බිඳවැටී තිබීම එම ප‍්‍රතිපත්තියෙන් ප‍්‍රකාශකෙරෙයි. .මේ තත්වයන් නිසා අවංක උවමනාවක් ඇති වාමවාදීන් පවා පසුබැස හුදකලාව සිටී. වාම එකතූන්ගේ මේ දෙආකාරයම පීඩිත පංති ව්‍යාපාරය පිරිහීමට ලක් කර ඇතිවා මිස ඵලදායී කිසිවක් ඊට එකතුකර නැත. වමේ එක්සත් මධ්‍යස්ථානයක් ගැන ෂලකාබැලීමේදී මේ කරුණු කෙරෙහි අවධානය යොමුකිරීම අත්‍යාවශ්‍යයයි අපි කල්පනාකරමු.






8. අප අතර සමගියකදී පංති සහයෝගතාවාදය හා පටු ජාතිකවාදය ප‍්‍රතික්ෂේප කිරීම මූලික පිළිගැනීම විය යුතුය. සමගියකට වෙනත් න්‍යායික වෙනස්කම් එතරම් බලපෑමක් ඇති නොකරයි. ගැටළු ඇති කරන්නේ ප‍්‍රායෝගික ක‍්‍රියා මාර්ග තේරීමේදීය. පළමුව ප‍්‍රාථමික දේශපාලන කරුණු සම්බන්ධයෙන් එක`ගතාවය ඇතිකර ගැනීම වාම එකතුවක් සඳහා වඩාත් යතාර්ථවත් ප‍්‍රවේශය වෙයි. අවම වශයෙන් නිශ්චිත කාල වකවානුවකට වලංගු වන ජාතික දේශපාලනය පිළිබඳ විශ්ලේෂණයක් ද ඒ අනුව ප‍්‍රතිපත්තින් ද උපාය මාර්ගයන් ද පිළිබඳ එක`ගතාවයකට පැමිණිය යුතුය. මෙය වුවද ඉක්මනින් කළ හැක්කක් නොවේ . අවංක හා විවෘත සංවාදයක් අවශ්‍යය. කාල සටහනක් අනුව සාකච්ඡුා ඉදිරියට ගෙන යා යුතුය.


ප‍්‍රතිපත්තිමය එක`ගතාවයකට පැමිණිය යුතු මූලික කරුණු


1. ලංකාවේ දේශපාලන ව්‍යුහය ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය කිරීම . ඒ සඳහා බැහැර කළ යුතු අංග හා අඩංගු වියයුතු නව අංග පිළිබඳ


2. දෙමළ ජාතික ප‍්‍රශ්ණය පිළිබඳ


3.අධ්‍යාපනය , සෞඛ්‍ය ආදී ප‍්‍රශ්ණ පිලිබඳ


9. සංවිධාන උපාය මාර්ගය


මේ පිළිබඳ වාමවාදීන් ෂතුව ඇත්තේ යාන්ත‍්‍රික ආකල්පයක් බව කිවයුතුය. වාම එකතුවක් සෑ¥ වහාම සමුළු, සම්මන්ත‍්‍රණ , පිකටින් වැනි ජනප‍්‍රිය යෝජනා ගලා එන්නේ ඒ නිසාය. මෙවැනි ක‍්‍රියාකාරිත්වයන්ට පෙර ඒ සඳහා ජනතාව සංවිධානය කිරීමේ අවශ්‍යතාවය මින් බැහැරකෙරෙයි.


අපට ප‍්‍රතිපත්තින් සකස්කළ හැක. එහෙත් ඒවා බල ගැන්වෙන්නේ පීඩිත ජනතාව ඒවා පිළිගෙන ඒ වටා පෙළ ගැසෙන්නේ නම් පමණි. මේ නිසා ජනතාවට ඒත්තුගැන්වීම හා සංවිධානය කිරීම මූලික කාර්්‍යයක් බව අපි සලකමු. එළඹෙන මොහොත අනුව විරෝධතා සංවිධාය කිරීම මින් ප‍්‍රතික්ෂේප නොවෙයි.


’සංවිධානය කිරීම’ යන්නෙන් නිශ්චිත ව්‍යුහයකට ක‍්‍රමානූකූල ගොනුකිරීම, ඒකරාශිකිරීම අදහස්වෙයි. අපේ ප‍්‍රතිපත්ති පළල් ජනතාව සඳහා නම් අපේ අරමුණ ඒ වටා ජනතාව සංවිධානය කිරීම නම් එම සංවිධානය බහු ජන සංවිධාන හැඩයක් ගනී. ඒ තුල මාක්ස්වාදීන් , ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් , මානව හිතවාදීන් , පරිසර හිතවාදීන් වැනි විවිධ බිම් තුල සටන් කරන්නන් සිටිය හැක. එය පලල් ජනතාව හා වාම සංවිධානය නැතිනම් පක්ෂය අතර පාලමක් ලෙෂ පැවතිය යුතුය. වාම සංවිධානය - පක්ෂය ඊට මග පෙන්වන්නේක් විය යුතුය. කිසිම අරගලයකට ජනතාව සියයට සියයක් ඇදී එන්නේ නැත. එසේ එන්නේ යම් තරමක හෝ උනන්දුවක් දක්වන කුඩා පිරිසකි. එම සක‍්‍රීය කොටස් ප‍්‍රථමයෙන් බහු ජන ව්‍යාපරය තුල හැඩගැස්වීම කළ යුතුය. පක්ෂයට උරාගත යුත්තේ එසේ හැඩගැස්වූ දියුණු කොටස්ය.


කම්කරු , ගොවි, තරුණ , ශිෂ්‍ය, කාන්තා හෝ වෙනත් කිසියම් නිශ්චිත විෂයයක් ඉලක්කකර ගත් ව්‍යාපාර පැවතිය හැකි මුත් අප අදහස් කරන මහජන ව්‍යාපාරය එවැන්නක් නොවේ. විවිධ අරගලයන් එකට කැටිකර ගත් පොදු ඉහළ තලයක මධ්‍ය සංවිධානයකි මහජන ව්‍යාපාරය. මෙය විප්ලවවාදි පක්ෂය නොවේ . පක්ෂය සාපේක්ෂව කුඩා නමුත් දියුණු කොටස්වලින් සමන්විත දෘෂ්ටිමය අතින් ඒකීය මධගත සංවිධානයකි.


මහජන ව්‍යාපාරයක සංවිධාන ව්‍යුහය වෘත්තීය ක්‍ෂේත‍්‍රය, නගරය හෝ ප‍්‍රාදේශිකය පදනම්කරගත් සමාන්තර මධස්ථාන වශයෙන් පැවතිය හැකිය. එහි වර්ධනීය සීමාවකදී සමුළුවක් තුල එකාබද්ධ කළයුතුය. වචනයේ සැබෑ අරුතින්ම එහි ප‍්‍රජාතන්වාදී විධික‍්‍රමය තිබිය යුතුය. වෙනස් මතවාදයන් පවතින නිසා තීරණගැනීමේදී සංවාදය අතිශයින් වැදගත්ය.


පීඩිත පංතීන්ට එරෙහිව තීරණ ගැනීමේ්දී හා ක‍්‍රියා මාර්ග තේරීමේදී ධනේශ්වරය මධ්‍යගත රාජ්‍ය බලය මත පිහිටයි.ආණ්ඩුව යන නමින් ඔවුන්ගේ පක්ෂ එම මෙහෙයුම හසුරුවයි. මේ තත්වයට එරෙහිව තීීරණ ගැනීමට හා ක‍්‍රීයාමාර්ග තේරීමට පීඩිත පංතීන්ට ඔවුන්ගේම විකල්ප බල මධ්‍යස්ථාන තිබිය යුතුය. ඔවුන්ගේ පක්ෂ එය හසුරවිය යුතුය. මහජන ව්‍යාපාරය පිළිබඳ අපේ දැක්මේ පදනම එයයි.(සම්පිණ්ඩනයකි)






Tuesday, December 27, 2011

නැසෙමුද නැතිනම් රැකෙමුද

  
රජිත රාජපක්ෂ-    

  ජන අරගල ව්‍යාපාරයේ දේශපාලන කි‍්‍රයාකාරීන් දෙදෙනෙකු යාපනය ප‍්‍රදේශයේ දී අතුරුදහන් විය. සිය සංවිධානයේ දේශපාලන කටයුතුවල නිරත වී සිටියදී මෙසේ අතුරුදහන් වී ඇති බව ජන අරගල ව්‍යාපරය පවසයි.මෙම ලියන මොහොත දක්වාම ඔවුන් අත් අඩංගුවට ගත් බවක් හෝ රදවාසිටින තැනක් රජය ප‍්‍රකාශ කර නැත මෙය අවනීතික පැහැර ගැනීමක් බවට මෙයින් මනාව පෙන්නුම් කරයි

  දශක තුනකට ආසන්න කාලයක සිට මිනිසුන් අතුරුදහන්වීම්, පැහැරගැනීම් හා මරාදැමීම්මවලින් අඩුවක් ශී‍්‍ර ලංකාවේ නැත. දරුණු යුධ ගැටුමක නිමාවකින් පසුවත් මෙවැනි තත්ත්වයන් ඉවත් වී සමාජය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් නිර්මාණය වීම දැකීම සියලූ ජනතාවගේ ප‍්‍රාර්ථනය විය.

  2009 මැයි මස සිදු වූ ප‍්‍රභාකරන්ගේ ඝාතනයත් සමඟ එල්.ටී.ටී.ඊ. සන්නද්ධ කි‍්‍රයාකාරිත්වය සහමුලින්ම අවසන් කිරීමට ශී‍්‍ර ලංකා රජය සමත් විය.

  අලූතින් නිර්මාණය වූ මෙම තත්වය තුළ දකුණට පමණක් සීමා වී තිබූ බොහෝ දේශපාලන පක්ෂ තම දේශපාලන කි‍්‍රයාමාර්ග උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලටද ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටී. ඇත්තෙන්ම මෙය හොඳ ප‍්‍රවණතාවයකි. එක්තරා ප‍්‍රදේශයකට පමණක් සීමා වී දේශපාලනය කරමින් සිටි ජාතික දේශපාලන ව්‍යාපාර යැයි කියාගත් සංවිධානවලට මුළු රටේම දේශපාලන කටයුතු කිරීම අගය කළ යුත්තකි. තම ජාතියට, තම ප‍්‍රදේශවලට පමණක් සීමා වී දේශපාලන කටයුතුවලට මැදිහත් වූ දෙමළ සමාජයට ද රට තුළ පවතින ජාතික දේශපාලන බලවේග සමඟ එක්ව කටයුතු කිරීම අතිශයින්ම වැදගත් දෙයකි.

 වෙනම රාජ්‍යයක් පාදක කරගනිමින් දරුණු සන්නද්ධ කි‍්‍රයාකාරීත්වයක යෙදී සිටි දෙමළ සමාජය දකුණේ දේශපාලන සමඟ සම්බන්ධ වී දේශපාලන කටයුතු කිරීමට ඉදිරිපත් වීම අගය කළ යුත්තකි. ඇත්තෙන්ම මෙම තත්වය තව තවත් දිරිගැන්වීමට කටයුතු කිරීම වගකිව යුතු රජයක යුතුකමකි.

  නමුත් සිදුවීම් සිදුවන්නේ එසේ නොවේ. එවැනි දේශපාලන කි‍්‍රයාකාරකම්වල නිරතවීමට උත්සාහ ගන්නා ආණ්ඩුවේ නොවන දෙමළ හෝ සිංහල පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම, පැහැර ගැනීම, පහරදීම, අතුරුදහන් කිරීම හා මරා දැමීමය. උතුරේ හෝ දකුණේ දේශපාලනය කළ යුත්තේ ආණ්ඩුවේ දේශපාලන බලවේග පමණක් නොවේ. ඒ අයිතිය විපක්ෂ බලවේගවලටද තිබිය යුතුය. රටේ  ඕනෑම ප‍්‍රදේශයක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස දේශපාලන කටයුතුවල නිරත වීමට ආණ්ඩුවේ අවසර පත් අවශ්‍ය නැත. එය නිකමට හෝ තිබෙන ආණ්ඩුවක ව්‍යවස්ථාවෙන්ම සහතික කර ඇති දෙයකි.

  රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් ඇති කිරීම ගැටුම් නිර්මාණය වීම වැළැක්වීමට හා සාමය ස්ථාපිත වීමට ගත හැකි හොඳම කි‍්‍රයාමාර්ගයයි. එසේ නොමැතිව රටේ ධනය මිලියන ගණන් වැය කරමින් වසර ගණන් කාලය වැය කරමින් බොරු කොමිසං සභා පිහිටුවීම හෝ බොරු වාර්තා සැකසීම නොවේ.

  අතුරුදහන් කිරිම්, පැහැරගැනීම්, මරා දැමීම් ඇතුළු මානව හිමිකම් කඩකිරීම් ගැන ජාත්‍යන්තර වශයෙන් ද ප‍්‍රබල චෝදනාවන්ට ලක් වී ඇති පාලන තන්ත‍්‍රයක් ඒ ගැන කිසිදු තැකීමක් නොකර තම සුපුරුදු මිලිටරිකරණ කි‍්‍රයාවලිය දිගටම පවත්වාගෙන යන තත්වයක් පවතී. මෙම සියලූ අවනීතික කි‍්‍රයා ඉදිරියේ රටේ නීතිය කි‍්‍රයාත්මක කරන අංශ දක්වන නිද්‍රාශීලිත්වය දෙස බලන විට මේවා පාලන තන්ත‍්‍රයේ අනුග‍්‍රහය මත සිදුවන කි‍්‍රයාවන් බවට මතුවන සැකය බැහැර කළ නොහැකිය.

  මූලිකවම විපක්ෂ බලවේග මුල්කරගනිමින් සිදුවන මෙම අවනීතික කි‍්‍රයාවලියට ආණ්ඩු පක්ෂයේ අයද ගොදුරුවිය හැකි බව භාරත ඝාතනයෙන් මනාව පෙන්නුම් කළේය. භාරත මෙහි ප‍්‍රථමයා හෝ අවසානයද වන්නේ නැත.

  මෙම බැරැරුම් තත්වය පිළිබඳව විපක්ෂයේ සියලූ බලවේග මෙන්ම, ආණ්ඩු පක්ෂයේද ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග නිසි අවධානයක් යොමු කොට කි‍්‍රයාත්මක නොවුන හොත් අප සියලූ දෙනාටම අවසානයේ කියන්නට සිදුවන්නේ මාටීන් නීමොලර් ගේ වදන් පෙළ පමණි. අවසානයේ අපි වෙනුවෙන් කථා කිරීමට කිසිවෙකු ඉතිරි වී නොසිටියේය යන්නයි.



Thursday, December 8, 2011

ජවිපෙ දෘෂ්ඨිවාදය හා දේශපාලනය



ජවිපෙහි යළිත් බෙදීමක් හට ගෙන තිබේ. මෙවර බෙදීම පෙර ඒවාට වඩා විශාල හා පැතුරුණු එකක් ලෙස දිස්  වෙයි. එහි මධ්‍යම කාරක සභාවෙන් හරි අඩකට ආසන්නව ද ඇතැම් දිස්ති‍්‍රක්වල බහුතරය ලෙසින් ද මෙම බෙදීම සිදුව ඇති බවක් පෙනෙන්නට තිබේ. මේ බෙදීමට පාදක වී ඇති බව පෙනෙන කරුණු දෙකකි. බෙදී ගිය පාර්ශවයෙන් දක්වන කරුණුවලට අනුව එය මෙසේ දැක්විය හැකි ය.

1    පරිවාසයේ සිට ජවිපෙ භාවිතයට නැගූ සභාගවාදී දේශපාලනය.
2    ජාතික ගැටළුව සම්බන්ධයෙන් වත්මන් ජවිපෙ ප‍්‍රවේශය

මෙම කරුණු දෙක පාදක කර ගෙන කාලයක් තිස්සේ ජවිපෙ තුළ මතවාදී අරගලයක් පැවති බව පැහැදිලි ය. බෙදීම හට ගන්නේ කෙමෙන් කෙමෙන් වැඞී ගිය මෙම අරගලය මෝරා යාමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. ඉහත කී කරුණු දෙක සම්බන්ධයෙන් ජවිපෙ කොතෙක් දුරට පීලි පැන ගොස් තිබුණා ද කියතොත් මතවාදී තලයේ මෙන්ම භාවිත තලයේ දී ද එය සිය වාමභාවය අහෝසි කර ගෙන හෝ අහෝසි කර ගනිමින් තිබුණි. ජවිපෙට සිදුව තිබුණේ ”බල්ලන් සමග ලැග මැක්කන් සමග නැගිටීමට” සිදු වූවා වැනි තත්ත්වයකි. ජවිපෙ තුළ නව ප‍්‍රවනතාවය පැන නගින්නේ මෙම තත්ත්වයට එරෙහිව බව දැකිය හැකි ය. මෙම ප‍්‍රවනතාව මතු කළ විවේචන සපුරා ප‍්‍රතික්ෂේප කරන්නට ජවිපෙ නායකත්වයට හැකිව නැත. ඊට හේතුව වශයෙන් නීර්ණය කළ හැක්කේ ජවිපෙ ගමන් මග සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ පැතුරුණු විචිකිච්ඡාවක් ඇතිව තිබීම ය. සභාගයන්ට යාමෙන් පැරණි වමට අත් වූ  ඉරණමම ජවිපෙටත් අත් විඳින්නට සිදුව තිබෙන බව බොහෝ පිරිස්වලට දැනෙන්නට පටන් ගෙන තිබුණි. ජාතික ගැටළුව සම්බන්ධයෙන් එතරම් පැතුරුණු කුකුසක් ඇතිව නොතිබුණ බව ඇත්ත නමුත් ජවිපෙ නායකත්වයේ සැලකිය යුතු පිරිසකට විශේෂයෙන්ම පශ්චාත් යුද සමය තුළ ලබන්නට සිදුව ඇති  අත්දැකීම් අනුව මේ ප‍්‍රශ්නයේ දී තම පක්ෂය ”සීමාව ඉක්මවා යමින්” ධනේශ්වර පාලක කල්ලියේ දෑත් සවිමත් කරන්නට දායක වූ බව දැනෙන්නට වී තිබිණ. මේ කාරණා දෙකේ දී ම ”අප අතින් පොඩි පොඩි අඩුපාඩු සිදු උනා” යයි පිළි ගන්නට ජවිපෙ නායකත්වයට සිදුව තිබිණ.

අපට පෙනෙන අන්දමට සැබවින්ම ප‍්‍රශ්නය මතු වන්නේ නව ප‍්‍රනතාව ජවිපෙ නිල නායකත්වයට වෙනස්ව  මෙම  සිදු වූවා  යයි කියන ”පොඩි පොඩි අඩු පාඩු” පොඩි පොඩි ඒවා ලෙස  නොදැක ”තරමක්” බරපතල ඒවා ලෙස  ගෙන විවේචනාත්මකව දකින්නට පටන් ගෙන තිබීම නිසයි.

ජවිපෙ දේශපාලන සංස්කෘතියට අනුව වැරදි නොදකින්නේ ම යයි අපි නොකියමු. එහෙත් ”පොඩි පොඩි වැරදි” පමණි. පොඩි පොඩි වැරදි පවා ද දැකිය යුත්තේ නායකත්වය විසින්ම ය. නායකත්වය නොදකින වරදක් දකින්නට සාමාජිකත්වයට අවකාශයක් නැත. ජවිපෙ සාමාජිකත්වය කිසියම් වැරද්දක් හෝ අඩුපාඩුවක් දැකිය යුත්තේ ජවිපෙ නායකත්වය ඒවා බලන පි‍්‍රස්මය තුළින්ම පමණක් ම හා නායකත්වය ඒවා සම්බන්ධයෙන් දක්වන සීමා මායිම් තුළ සිට පමණක් ම ය. නායකත්වය දෙන අර්ථ නිරූපණයන් තුළින් පමණක්ම ය. ඉන් ඔබ්බට යමින් වරදක් දකින්නට එක් පියවරක් හෝ ඉදිරියට තබන්නේ ද එය නිරායාසයෙන්ම පක්ෂයට ද්‍රෝහී වීමක් වෙයි. බොහෝ සාමාජිකයන් මොනවා වුවත් අප පක්ෂය සමගයි යනුවෙන් පවසන්නේ ඒ නිසා ය.
ජවිපෙ මතවාදය ගැන, වැඩපිළිවෙල ගැන, කි‍්‍රයාමාර්ගය ගැන, මූලෝපාය ගැන, උපක‍්‍රම ගැන කිසිදාක, කිසි විටෙක අභ්‍යන්තර ප‍්‍රශ්න කිරීමකට ඉඩක් තිබුණේ නැති තරම් ය. ඒ සම්බන්ධයෙන් විවේචනයක් මතු වූ හැම විටම එය අවස්ථාවාදය කරා ගමන් කිරීමක් හා පක්ෂයට ද්‍රෝහී වීමක් ලෙස අර්ථ නිරූපණය කෙරිණ. නැතහොත් අසවල් කල්ලියේ අදහස් යයි හංවඩු ගසා නිශේධ කෙරිණ. නැතහොත් ”නෑසූ කන්වාදයෙන්’‘ප‍්‍රතිචාර දැක්විණ. පක්ෂයේ සෙසු සියල්ල පක්ෂ නායකත්වය දරන්නේ කුමන මතයක් ද කුමන ස්ථාවරයක් ද එය අවිවාදිතව පිළි ගත යුතු විය. ජවිපෙ දෙවෙනි, තෙවන පෙළට හා සාමාජිකත්වයට විවේචනය කිරීමේ, වැරදි දැකීමේ අයිතිය තිබුණේ ජවිපෙ නායකත්වය දකින සීමාවට හා ජවිපෙ නොවන අනෙක් ඒවා සම්බන්ධයෙන් පමණි. එහෙත් ජවිපෙ නොවන අනෙක්වා කරන වැරද්දක් ජවිපෙ කළොත් එය වැරද්දක් ලෙස නොසැලකේ. නිදසුන් ලෙස සමසමාජ කොමියුනිස්ට්කාරයන් පංති සහයෝගිතාවේ මාවතට පිවිස ධනේශ්වර පක්ෂ සමග සභාගයන්ට යන විට එය පාවා දීමක් ද්‍රෝහි කමක් වන නමුදු ජවිපෙ එයම කිසිදු වෙනසකින් තොරව කරන විට එය නිවැරදි උපායික හා උපක‍්‍රමික ප‍්‍රවේශයක් බවට පත් වෙයි. ජවිපෙහි අවිඥානික විඥානය වී ඇත්තේ එය කිසි විටෙකත් වැරදි නොකරන බව ය. කිසි විටෙකත් ඊට නොවරදින බව ය. ජවිපෙට ද වරදින බව, වැරදිය හැකි බව පිළිබඳව සවිඥානක වූ සැනින් ඒ සවිඥානික වූවන් අවස්ථාවාදීන් හා ද්‍රෝහීන් බවට පත් වන්නේ ඒ නිසා ය.

ජවිපෙ වැරදි අඩුපාඩු දුටු පළමු කොටස හෝ ප‍්‍රවනතාව මෙම අලූත් ප‍්‍රවනතාව පමණක් නොවේ.  විටින් විට එවැනි වෙනත් පිරිස් හා ප‍්‍රවනතාවන් ජවිපෙ තුළ මතු විය. මේවා අතර විවිධවු පිරිස් හා ප‍්‍රවනතා වූ බව ඇත්ත ය. සමහරු හා සමහර ඒවා සම්පූර්ණයෙන් විප්ලවීය දේශපාලනයට සමු දුන්නා පමණක් නොව ධනේශ්වරයේ පැත්තට ම පලා ගියහ. ඊට වෙනස්ව ජවිපෙ දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදි දකිමින් ඒවා නිවැරදි කර ගැනීම සඳහා අරගලයේ යෙදුන පිරිස් හා ප‍්‍රවනතා තිබිණ. එහෙත් ජවිපෙ නායකත්වයට මේවායේ කිසිදු වෙනසක් දැකිය නොහැකි විය. සියල්ලෝම එකම ගොඩෙහි ගසමින් ද්‍රෝහී හංවඩුවෙන් නාම ලක්ෂිත කරනු ලැබීය. එපමණක් නොව ඔවුන්ට හා ඒවාට එරෙහිව ප‍්‍රබන්ධ කතා නිර්මාණය කර සාමාජිකත්වය අතර වපුරාලීය. මෙය ජවිපෙහි කි‍්‍රයාවට නැගෙන නෛසර්ගික අඛණ්ඩ භාවිතයකි. ජවිපෙ කිසිදා වෙනස් නොවූයේ මෙම භාවිතයෙන් පමණි. නමුත් ටිල්වින් සිල්වා ජවිපෙ නායකත්වයේ නෛසර්ගික ලක්ෂණය විදහා පාමින් කියන්නේ කුමක් ද?

”අපේ රටේ මොන පක්ෂය ද තමන්ගෙන් සිදුවූ වරදවල්් හඳුනා ගෙන ඒවා නිවැරදි කර ගෙන ජනතාවාදී ගමනක් යන්නේ? ඒ වෙන කිසිවෙක් නොවෙයි ජනතා විමුක්ති පෙරමුණ විතරයි කියන එක අපි නොබියව කියනවා.” (ටිල්වින් සිල්වා නුවර දී කළ දේශනයක දී - 2011. 11. 11 දිවයින*

ජවිපෙ කළා වූ ද තමන් එසේ කළ බවට හඳුනා ගත්තා වූ ද එසේ හඳුනා ගෙන නිවැරදි කර ගත්තා වූ ද පොඩි පොඩි මිස එකදු හෝ තරමක වැරද්දක්වත් මේ යයි පෙන්වා දෙන්නට ජවිපෙ නායකත්වයට පුළුවන් ද?

තමන්ගේ වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි ගන්නා එකම පක්ෂය යයි කියන ජවිපෙ එහි ඇස් පනා පිට පෙනෙන වැරදි පිළිබඳව විවේචනාත්මකව දකින සිය සාමාජිකයන් අවස්ථාවාදීන් හා ද්‍රෝහීන් ලෙස  හංවඩු ගැසීම අයෙක් තේරුම් ගත යුත්තේ කෙසේ ද? ජවිපෙට මෙම ප‍්‍රවේශයෙන් මිදෙන්නට කිසිදාක හැකි වේ ද යනු ප‍්‍රශ්නයකි.

කවුරුන් කැමති වුවත් නැතත් ජවිපෙ නැමැති දේශපාලන ප‍්‍රපංචය දැන් ගමන් කරමින් සිටින්නේ මතවාදී වශයෙන් ද භාවිතමය වශයෙන් ද ඉරණම වශයෙන් ද යම් යම් වෙනස්කම් සහිතව නමුත් පැරණි වම ගිය අඩි පාරේම ය. මේ අවනතිය නවතන්නට එයට හැකි වන්නේ නැත. ඒ ඒ මොහොතට හැරෙනවා පෙරළෙනවා හැරෙන්නට එය කරන දෙයක් හෝ එයට කළ හැකි දෙයක් නැති තරම් ය.

එහි වත්මන් බිඳවැටීමේ ආරම්භය සලකුණු වන්නේ පරිවාසයෙන් ඇරඹි සභාගවාදී දේශපාලනයත් සමග ය. එය කලකට පසු සභාගයෙන් ඉවත් වෙතත් එසේ ඉවත් වන්නේ සභාග දේශපාලනය ප‍්‍රතික්ෂේප කිරීම නිසා නොව චන්ද්‍රිකා පාලනය එල්ටීටීඊය සමග සුනාමි සහන  මණ්ඩලයක් පිහිටු වන්නට යාම නිසා ය.  එහි සභාගවාදී දේශපාලනය මගින් එදා පැවති මහ මැතිවරණයේ දී ආසන 41 ක් දිනා ගැනීමට ඊට ඉඩ අවකාශ විවෘත වීමෙන් සිදු වූයේ බැලූ බැල්මට පෙනුණ පරිද්දෙන් එහි ශක්තිය කුළු ගැන්වීමක් නොව එහි අවනතියේ නව ආරම්භයක් සලකුණු වීම ය. එහි යථා ශක්තියට වඩා පිම්ඹුණු ජයග‍්‍රහණයක් වූ එම ජයග‍්‍රහණයේ මට්ටම රඳවා ගන්නට නම් එය දිගටම සභාග දේශපාලනයේ ම ගිලී සිටිය යුතු විය. නන්දන ගුණතිලකලා විමල් වීරවංශලා වැන්නන් ජවිපෙන් විතැන්වන්නට පටන් ගන්නේ සභාග දේශපාලනයෙන් ලැබුණ රස පහස නිසා පමණක් ම නොවේ මේ ප‍්‍රායෝගික තර්කනය ද නිසා ය. ජවිපෙ සභාගයෙන් කැඩුණු විට එහි ආසන සංඛ්‍යාව සිව් ගුණයකටත් වඩා පහළට ඇද වැටීමට මෙම ප‍්‍රායෝගික තර්කනය තීරණාත්මකව බලපෑවේ ය.  අනෙක් අතට සිංහල බහුජනතාව අතර පදනම තහවුරු කර ගැනීමේ උපක‍්‍රමයක් වශයෙන් දෙමළ ජනයාගේ ජතික අරගලයට එරෙහිව එය ගත් පටු ජාතිකවාදී ප‍්‍රවේශය එහි වාසියට වැඩ කළේ ද සභාගයක් තුළ පමණි. යුද්ධයෙන් පසු ජවිපෙ සිය දිවි දෙවෙනි කොට සැලකූ පටු ජාතික වාදයේ ධජය ජයග‍්‍රහණය ගෙන දුන්නේ ජවිපෙට නොව මහින්ද රාජපක්ෂ රෙජිමයට ය. පසුව ආ මහ මැතිවරණයේ දී සරත් ෆොන්සේකාලා සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය වශයෙන් සන්ධානගත නොවන්නට ඇතැම් විට ජවිපෙට එම ආසන ගණනවත් දිනා ගත හැකි වේ ද යන්න සිතීම වැරදි නොවේ.

ජවිපෙ තුළ නව ප‍්‍රවනතාව හිස ඔස වන්නේ මේ සන්දර්භය තුළ ඊට එරෙහි ප‍්‍රතිකි‍්‍රයාවක් බව පැහැදිලි ය.  එමෙන් ම එය ජවිපෙ සභාගවාදී හා පටු ජාතිකවාදී දේශපාලනයේ අභාවවාචක අත්දැකීම්වල තෙරපීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් මිස ජවිපෙ සමස්ත දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය ප‍්‍රවේශය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක ප‍්‍රතිඵලයක් වශයෙන් එළඹ ගන්නා ආස්ථානයන් මතින් පැන නැගුණක් බව ප‍්‍රකාශිත කරුණුවලට අනුව නම් පෙන්නුම් නොකරයි. එය තවමත් පෙන්නුම් කරන්නේ නිවැරදි වීමේ ආරම්භයක් පමණි. අපගේ අදහස නම් එය සැබෑ බලවේගයක්  බවට පත් වන්නට නම් තව බොහෝ දුරක් ගමන් කළ යුතු බව ය.

මෙම ප‍්‍රවනතාව නියෝජනය කරනුයේ ජවිපෙ දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය යන සමස්තය සමග ඓන්ද්‍රිය ඒකත්වයක පැවතුන පුද්ගල සමූහයකින් ය. ඔවුහු ද ජවිපෙ දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදි කි‍්‍රයාවට නැගීමේ දී හා සමාජගත කිරීමේ දී ඇප කැපව කි‍්‍රයාත්මක වූහ. උපරිමයෙන් දායක වූහ. ඒ පක්ෂය උදෙසාම ය. පක්ෂය කෙරෙහි ඔවුන්ගේ ආකල්පය අනුව, පක්ෂය දම්බන්ධයෙන් ඔවුන් සිටි පදනම් අනුව ඔවුන්ට ප‍්‍රාරම්භකව ජවිපෙ වැරදි අඩුපාඩු දැකිය හැකිවන්නේ ප‍්‍රායෝගික වශයෙන් හෝ අනුභූතික වශයෙන් පමණක් මිස ජවිපෙ දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය යන සමස්තය පිළිබඳව කෙරෙන ගැඹුරු හා අදිටන් සහගත විශ්ලේෂණයකින් නොවේ. එකී අනුභූතික ප‍්‍රවේශයෙන් ඔවුන් දෘෂ්ටිමය ප‍්‍රවේශයකට එළඹෙමින් සිටිය ද එහිලා දිගු ගමනක් යාමට ඔවුන්ට සිදුවීම අනිවාර්ය ය.

ප‍්‍රායෝගිකව ගත් කල ඔවුන්ට තවමත් ජවිපෙ අඩුපාඩු හා වැරදි සම්බන්ධයෙන් සමස්ත හා යථා  විශ්ලේෂණයකට යාමටවත් එමගින් නිශ්චිත නිගමනවලට එළඹීමටවත් ඇති ඉඩකඩ අඩු ය. ඒ  ඉඩ කඩ ඉබේ විවෘත වන්නේ නැත, විවෘත කර ගත යුතු ය.

බලවේගයක් ලෙස ඔවුන්ට කටයුතු කිරීමට සිදුව ඇත්තේ ජවිපෙ එතෙක් අනුගමනය කළ  දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය ප‍්‍රවේශය තුළ හැදී වැඩුණු, පෝෂණය වුණු මධ්‍යගතවාදී භාවිතයක් මිස ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතයක් පිළිබඳ අත්දැකීමෙන් දුරස්වු හා ස්වකීය වැරදි සම්බන්ධයෙන් අවිවේචනාත්මකවූ බැතිමත් සාමාජිකත්වයක් ද සමග ය. මෙම සාමාජිකත්වය දෘෂ්ටිමය වශයෙන් සිටින්නේ පක්ෂය ගොඩ නැගීම ගැන, දේශපාලන කි‍්‍රයාමාර්ගික ප‍්‍රවේශය ගැන, ජාතික ගැටළුව ගැන, විජේවීරගේ භූමිකාව ගැන තවමත් අඩු වැඩි වශයෙන් ජවිපෙ සිටි වැරදි දෘෂ්ටිමය ස්ථාවරයන්වල ම ය. වෙනසක් වී ඇත්තේ සුළු වශයෙන් පමණි. ඇරත් වැරදි හා අඩුපාඩු සැලකිල්ලට ගන්නේ වැඩිමනත්ම අනුභූතිවාදී ප‍්‍රවේශයකිනිි. එහෙයින් නව ප‍්‍රවනතාවේ නායකත්වයට මෙම පිරිස තමන් සමග රඳවා ගැනීමේ පදනම මත සිට ඒ තාක් දුරට ය මෙම අරගලය කිරීමට සිදුව තිබෙන්නේ.  එපමණක් නොවේ පෙර දැක්වූ පරිදි නායකත්වයේ අයට ද මෙහි දී තමන් තවමත් සිටින බොහෝ ස්ථාවරයන් සමග ගැට ගැසී ගෙන අරගලය කරන්නට සිදුව තිබෙන බව පැහැදිලි කරුණකි. ඉන් බැහැරව අරගලය නිසි සන්ධාරයෙන් යුතුව ගෙන යන්නට ඔවුන් එහිලා කොතෙක් අභීත, ස්ථිරසාර හා අදිටන් සහගත වනු ඇද්දැයි කියන්නට අපට නොහැකි ය. කෙසේ වතුදු මාක්ස් වරෙක කීවා සේ මේ කාරණයේ දී නව ප‍්‍රවනතාවට ”නිරයට යාමට තරම් නිර්භීතභාවයක් හා අධිෂ්ඨානයක්” තිබිය යුතු ම ය. නැතිනම් සිදුවන්නේ ඔවුන්ගේ ප‍්‍රයත්නය ශෝචනීය ලෙස ගබ්සා වී යාම ය.

මෙලෙස ජවිපෙ නව ප‍්‍රවනතාවයට වහාම ජවිපෙ සමස්ත වැරදි දේශපාලන භාවිතයෙන් පූර්ණ වශයෙන් කැඩෙන්නට අපහසු ය. එය යථාර්ථයකි. එහි වර්තමානයට එරෙහිව එහි අතීතය සමග අවිවේචනාත්මකව ගමන් කිරීමට ද එහි අතීතය විශේෂයෙන් බරපතල අභාවවාචක අත්දැකීම් සමුදායක් ශේෂ කළ  87-90 දේශපාලන කි‍්‍රයාකාරිත්වය පවා විචෙනයකින් තොරව උත්කර්ෂයට නගන්නට ද නව ප‍්‍රවණතාවයට සිදුව ඇත්තේ එම නිසා ය. ජවිපෙ උරුමය වෙත ආපසු යාම, විජේවීර වෙත ආපසු යාම, ඔහුගේ කලින් කෘති ප‍්‍රකාශයට පත් කිරීම ආදිය කරන්නට සිදුව ඇත්තේ එම නිසා ය. ඇත්තෙන්ම ඔවුන්ට තවමත් සැබෑ විප්ලවීය ව්‍යාපාරයක් ගොඩ නැගීමේ දී අනිවාර්යයෙන් ප‍්‍රශ්න කරන්නට සිදුවන විජ්වීරගේ භූමිකාව ගැන ප‍්‍රශ්න කරන්නට නොහැකි ය. දෘෂ්ටිමය හා දේශපාලනමය වශයෙන් ගොඩ නැගෙනවාට වඩා නායකත්වය කෙරෙහි බැතිමත් බවකින් ගොඩ නැගුණු සාමාජිකත්වයක් හමුවේ එසේ ප‍්‍රශ්න කිරීම ද අසීරු ය. ඇරත් නායකත්වයේ මනස ද තවමත් විචාරපූර්ණ බවක් කරා පිවිසීමට පූර්ණ සූදානමක් පෙන්නුම් නොකරයි. අගති විරහිතව බලන විට මේ තත්ත්වය අපට තේරුම් ගන්නට පුළුවන.  ඕනෑම සැබෑ වෙනසක් සඳහා සංක‍්‍රාන්තික නැතහොත් පරිවර්තන කාලයක් අවශ්‍ය ය. පරිවර්තන කාලය තුළ නොවැලක් විය හැකි ලෙස ම නව උරුමයේ අංග සමග පෙර උරුමයේ සාධනීය අංග මෙන්ම නිශේධනීය අංගවල නෂ්ටාවශේෂයන් ද එකට පවතිනවා ඇත. එක පහරින් එම නෂ්ටාවශේෂ බැහැර කරන්නට බැරි ය. ප‍්‍රශ්නය වන්නේ පැරණි උරුමයේ නිශේධනීය අංග අධිෂ්ඨාන ලෙස විවේචනය කර බැහැර කරන්නට නව ප‍්‍රවනතාවයට හැක්කේ ද යන්නයි.

කවුරුන් පිළි ගැනීමට කැමති වුව ද නැත ද ජවිපෙ තුළ පැවතියා වූ  බරපතල දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදි මෙරට සැබෑ විප්ලවීය ව්‍යාපාරයක් ගොඩ නැගීමට ප‍්‍රබල ලෙස හරස් වූයේ ය යන්න බැහැර කළ නොහැකි සත්‍යයකි. සැබෑ විප්ලවීය ව්‍යාපාරයක් ගොඩ නැගීමට නම් එකී සමස්ත වැරදිවලට ම එරෙහිව විනිවිද යන අධිෂ්ඨාන සහගත අරගලයක් කළ යුතුව තිබේ.

ජවිපෙ දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදි ඇරඹෙන්නේ නව ප‍්‍රවනතාව සිතනවා යයි පෙනෙන අන්දමට සෝමවංශලා ටිල්වින් සිල්වලා යටතේ නොවේ. ඔවුන් යටතේ සිදු වන්නේ පැවති වැරදි ඇතැම් විට වෙනස් මුහුණුවර ගනිමින් අඛණ්ඩව කර ගෙන යාම ය. සැබවින්ම ජවිපෙ දැනුදු කරන වැරදිවල මුල් එහි ආරම්භය කරාම දිවෙයි.

පීඩිත පංතික බලවේගයක් වශයෙන් ධනේශ්වර පාලක පංතියට එරෙහිව එදා 1971 අපේ‍්‍රල්හි දී කැරලි ගසා නැගී සිටීම  අද ද අප මහත් ආශ්වාදයකින්  අනුස්මරණය කළ යුතු සංසිද්ධියකි. එනමුදු ඒ                 සමගම විප්ලවයක් සඳහා අවශ්‍ය විෂයමූල හා මනෝමූල කොන්දේසි  කොහෙත්ම සැපිරී නොතිබූ විටක කැරලි ගසා නැගීසිටීම ජවිපෙ කළ බරපතල දේශපාලන වැරද්දක් වූයේ ය යන්න ප‍්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයක්ය යන්න විවාද රහිතව පිළිගත යුත්තෙමු. ජවිපෙ නායකත්වය කිසි විටෙක අපේ‍්‍රල් නැගීසිටීමට හේතු පාදක වූ සිය දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදි නිසි සන්ධාරයෙන් යුතුව පිළි ගත්තේ නැත. අපරාධ යුක්ති විනිශ්චය කොමිසම හමුවේ විජේවීරගේ ස්ථාවරය වූයේ අපේර්ල් නැගීසිටීම යනු ජවිපෙ විනාශ කිරීම සඳහා ලොකු අතුලලාගේ කල්ලිය විසින් කරන ලද කුමන්ත‍්‍රණයකැයි යන්න ය.

ඔහු අපේ‍්‍රල් මහ නඩුවේ දී විජේවීර ලොකු අතුලට යෝජනා කරන්නේ හා අපරාධ යුක්ති විනිශ්චය කොමිසම හමුවේ කියා සිටින්නේ මෙසේ ය.

    ලොකු අතුලට :

    ”ඒ වගේම මම යෝජනා කරනවා බෝම්බ හැදීමත් පොලීසිවලට පහර දීමත් ජනතා විමුක්ති පෙරමුණේ තීරණයක් නොවේ, ජවිපෙ තුළ ඔබේ ත‍්‍රස්තවාදී කල්ලියේ තීරණයක් කියලා.”

”එය ඔබත් ඔබේ කල්ලියත් විසින් ජවිපෙට විරුද්ධව කළ කුමන්ත‍්‍රණයක් කියා මම යෝජනා කරනවා.”

”ඒ වගේම එය ජනතා විමුක්ති පෙරමුණත් මේ රටේ විප්ලවවාදී ව්‍යාපාරයත් විනාශ කිරීම සඳහා කළ සාපරාධී කි‍්‍රයාවක් කියලා මම කියනවා.” (1973.02.13 දින අ. යු. වි. කොමිසන් සභා වාර්තාව 44-46 පිටු*

අපරාධ යුක්ත විනිශ්චය කොමිසමට :

”ජවිපෙ පැත්තෙන් ජවිපෙ තීරණයක් රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා 1971 අපේ‍්‍රල් 5 දා කි‍්‍රයාත්මක වුනාය කියන එක මා ප‍්‍රතික්ෂේප කරනවා නමුත් ජවිපෙට සම්බන්ධ සහෝදරයන් සමහර ස්ථාවනල මර්දනයට මුහුණ දීමට වෙනත් ක‍්‍රමයක් ‍වෙනත් හැකියාවක් නොමැති අවස්ථාවල ඊට එරෙහිව අරගල කරලා ඇතිය කියන එකයි මගේ අදහස ” ( එම 7 - 8  පිටු*

ඇත්තටම එය එසේ ද? නැත, එය විජේවීර අපරාධ යුක්ත විනිශ්චය කොමිසම හමුවේ ගත් ස්ථාවරයට පටහැනිව ජවිපෙ දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය කි‍්‍රයාකාරිත්වයේ නොවැළක්විය හැකිව තිබූ කූඨ ප‍්‍රාප්තිය යි. ජවිපෙ ඒ වන විට කල්ලිවලට බෙදී සිටි බව ඇත්ත නමුත් අපේ‍්‍රල් නැගීසිටීම කුමන හෝ කල්ලියක කුමන්ත‍්‍රණයක් නොවේ. මෙහිදී නැගීසිටීමට අපේ‍්‍රල් 5 දිනය යොදා ගැනීම තීරණාත්මක නොවේ. ඒ වන විට ජවිපෙ පැමිණ සිටි ලක්ෂ්‍යය අනුව තත්ත්වයන් නිර්මාණය වී තිබුණේ අපේ‍්‍රල් හෝ මැයි හෝ ආසන්න කිසියම් දිනයක අනිවාර්යෙන්ම නැගී සිටිය යුතු බවට තීරණයක් ගත යුතු තත්ත්වයකි. එය එදා ජවිපෙ දේශපාලනයේ අනිවාර්ය ඵලයයි. විජේවීර එදා ගත්තේ සිය වගකීම් මග හැර යාමේ මාවතකි. එහෙත් සැබෑ විප්ලවීය පක්ෂයක් ස්වකීය වැරදි සම්බන්ධයෙන් සිටිය යුත්තේ කොතැනක ද? ඒ ගැන ලෙනින් පවසන දෙය වැදගත් ය. ලෙනින් කියන්නේ මෙසේ ය.

”දේශපාලන පක්ෂයක් තමන්ගේම වැරදි පිළිබඳව දරන ආකල්පය එම පක්ෂය කොතරම් අව්‍යාජ පක්ෂයක් ද, එය භාවිතාවේ දී තම පංතිය කෙරෙහි තමන්ගේ යුතුකම සපුරාලන්නේ ද යන්න තීරණය කිරීමේ දී නිවැරදිම හා ඉතාමත්ම වැදගත් ක‍්‍රමවලින් එකකි. අවංකව වරදක් පිළි ගැනීම, එයට හේතු ස්ථිර ලෙස සොයා ගැනීම, එම වැරද්දට මග පෑදූ තත්ත්වයන් විග‍්‍රහ කර ගැනීම, එය නිවැරදි කර ගන්නා ක‍්‍රම පිළිබඳව තරයේ සාකච්ඡා  කිරීම මේ වගකීම් සහිත පක්ෂයක් හඳුනා ගැනීමේ නිවැරදි ලක්ෂණයන් ය. එම පක්ෂය තම යුතුකම ඉටු කළ යුතු ආකාරය එයයි. එය තම පංතියට හා ඊට පසුව ජනතාවට ද අධ්‍යාපනයක් හා පුහුණුවක් දිය යුතු ආකාරය එයයි.”

අපි පංතිය හා ජනතාව පොඞ්ඩකට පැත්තකින් තියා මෙසේ එකතු කරමුු. ”යටත් පිරිසෙයින් එය තම සාමාජිකත්වයට අධ්‍යාපනයක් හා පුහුණුවක් දිය යුතු ආකාරය එයයි.”

එහෙත් අද දක්වාමත් 71 නැගිටීම හා එහි දේශපාලනය ගැන ජවිපෙ සාමාජිකත්වය වෙනුවෙන් හෝ කළ ඇත්ත ස්වයං විවේචනයක් දක්නට නොමැත. 71 නැගිටීමෙන් පසු ජවිපෙ තුළ ස්වයං විවේචනයක අවශ්‍යතාවය මතු කළ වුන්ට සංග‍්‍රහ කෙරුණේ ද්‍රෝහීන් ලෙස  ගෙන ය. ස්වයං විවේචනය පිළිබඳ විජේවීර දැරූ මතයක් වූයේ ව්‍යාපාරය යළි ගොඩ නගා ස්වයං විවේචනයක යෙදනෙ බව ය. ව්‍යාපාරය සී සී කඩව පවතිද්දී ස්වයං විවේචනයක යෙදීමෙන් සතුරා වාසි ගන්නා බව කියනු ලැබිණ. ප‍්‍රතිඵලය වූයේ කළ වැරදි පිළිබඳව හාංකවිසියක්වත් නැතිව ව්‍යාපාරය යළි ගොඩ නැගීමයි. වැරදි නිවැරදි කර ගැනීමක් කරා යොමු වූයේ ම නැත. එහෙත් ස්වයං විවේචනයක් සඳහා නැගෙන හ`ඩ යටපත්කර දැමීම අසීරු විය. ඒ නිසා ස්වයං විවේචනයක් සඳහා වන සූදානමක් නායකත්වය විසින් පෙන්නුම් කෙරිණ. ඉන් පසු ප‍්‍රකාශයට පත් කෙරුණේ ස්වයං විවේචනයක ආකාරයක ගත් ලියවිල්ලක් එනම් ”ස්වයං විවේචනාත්මකව ආපසු හැරී බලමු” නම් ලියවිල්ල ඉදිරිපත් කිරීමයි. එයින් කෙරුණේ අපේ වැරදිවල වගකීම ස්ටාලින්ලා මා ඕලා මත පැටවීමයි.

අපෙන් වැරදි සිදු වුණේ අප අර්ධ ස්ටැලින්වාදී අර්ධ මා ඕවාදී ස්ථාවරයන් තුළ සිටි නිසා බව කියනු ලැබිණ. ජවිපෙ එතෙක් සිටි බොහෝ ස්ථාවරයන් අර්ධ ස්ටැලින්වාදී හා අර්ධ මා ඕවාදී යයි කියමින් පිටු දකිනු ලැබිණ. එතෙක් පිළිගත් දේශපේ‍්‍රමය සුන්නද්දූලි කර දැමිණ. දැන් ජවිපෙ ”නූතන බොල්ෂෙවික්” පක්ෂය බවට පත් කර ඇතැයි කියනු ලැබිණ. ජවිපෙ ගීවල පැවති දේශපේ‍්‍රමී අන්තර්ගතයකින් යුත් වචන නව වචනවලින් විතැන් කෙරිණ.  ”අවස්ථාවාදය ද නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ද?” යන විජේවීරගේ කෘතිය මෙම පරිවර්තනය ප‍්‍රකාශයට පත් කළ අත් පොත බවට පත් විය. (නව ප‍්‍රවනතාව විසින් දැන් මේ පොත ප‍්‍රකාශයට පත් කර තිබේ.* එහි මෙසේ සඳහන් වෙයි.

”අපේ දේශපාලනය අපට කොමියුනිස්ට් පක්ෂය තුළින් පටන් ගැනීමට සිදු වූ හේතුවෙන් අප විසින් කොමියුනිස්ට් පක්ෂය තුළින් එහි පෙකනිවැල හරහා උරුම කර ගත් යම් යම් නිර් මාක්ස්වාදී නිර් ලෙනින්වාදී ස්ථාවරයන් අප තුළ පැවතිණ. අත්දැකීම් තුළින් අපට ඒවා නිවැරදි කර ගන්නට සිදු වි තිබේ. අපි ඒවා නිවැරදි කර ගනිමින් සිටිමු. ඒ සඳහා ස්වයං විවේචනය කරමු. මේ සටහන් මේ විෂය පිළිබඳ අපේ ආකල්පයන්ගේ ස්වයං විවේචනයක පදනම හැටියට පිළි ගන්නා ලෙස ඉල්ලමි. මේ විෂය පිළිබඳ අනාගතයේ දී වඩාත් විස්තරාත්මක වූත් වඩාත් පරිපූර්ණ වූත් විධිමත් විග‍්‍රහයක් අප විසින් කළ යුතුව ඇත.” (”අවස්ථාවාදය ද නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ද?” දෙවන මුද්‍රණය, 137 පිටුව*

මෙහිදී කේන්ද්‍රීය අවධානය යොමු කෙරුණේ ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපරය විවේචනය කිරීමට මිස ජවිපෙ දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදි පිළිබඳ ස්වයං විවේනයකට නොවේ. ජත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ වැරදි විවේචනය කළ යුතුම ය. ඒ පිළිබඳ ගත් ප‍්‍රවේශයෙහි ප‍්‍රශ්න කළ යුතු තැන් බොහෝ වුව ද විවේචනය කිරීම වරදකැයි අපි නොකියමු. එහෙත් ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ වැරදි විවේචනයට යෙදූ බරෙන් ම ජවිපෙ නායකත්වය තම ව්‍යාපාරයේ ඇත්තටම තිබූ වැරදි ගැන විවේචනය මග හැර යාම අයෙක් තේරුම් ගත යුත්තේ කෙසේ ද?

හරයාත්මක වශයෙන් ”අවස්ථාවාදය ද නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ද?” කෘතියෙන් ඉදිරිපත් ඉදිරිපත් කළ කේන්ද්‍රීය විවේචනය කුමක් ද? ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය එංගල්ස්ගේ ඇවෑමෙන් බර්න්ස්ටයින්ලා හා කෞට්ස්කිලා ද යළි ලෙනින්ගේ ඇවෑමෙන් ස්ටාලින්ලා මා ඕලා ද යටතේ පංති සටන වෙනුවට පන්ති සහයෝගිතාව ද නිර්ධන පංති ජාත්‍යන්තරවාදය වෙනුවට ජාතිකවාදය හා දේශානුරාගය ද ආදේශ කරමින් අවස්ථාවාදයට ගොතදුරු වූවා ය යන්න ය. හොඳයි අපි විජේවීරගේම වචනවලට පිවිසෙමු.

”තවද එංගල්ස්ගේ මරණින් පසු බර්න්ස්ටයින්ගේ හා කෞට්ස්කිගේ මග පෙන්වීම යටතේ ජර්මන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායකත්වය යටතේ මාක්ස්වාදී ඉගැන්වීම්වලින් මුළුමනින්ම පිට පනිමින්, නිර්ධන පංති ජාත්‍යන්තරවාදය අත්හැර දමමින් ජාත්‍යන්තර ධනේශ්වර පංතිය සමග පංති සටන වෙනුවට පංති සහයෝගිතාවය ආදේශ කරමින් ජාතිවාදයත් ධනේශ්වර දේශානුරාගයත් වැළඳ ගනිමින් ජාත්‍යන්තර නිර්ධන පංති ව්‍යාපාරය පාවා දෙමින් ජාත්‍යන්තර ධනවාදයට මුක්කු ගැසූ අයුරින් ඒ අයුරින්ම ලෙනින්ගේ ඇවෑමෙන් ගෙවුණු අඩ සියවස තුළ ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය එහි නායකත්වය අරා වැජඹුණු අයගේ මග පෙන්වීම යටතේ එකින් එක මූලික මාක්ස්වාදී ඉගැන්වීම් නොපිට පෙරළමින්, විකෘති කරමින් හා බැහැර කරමින් පංති සටන වෙනුවට පංති සහයෝගිතාව ද නිර්ධන පංති ජාත්‍යන්තරවාදය වෙනුවට ජාතිකවාදය හා දේශානුරාගය ද ආදේශ කරමින් ජාත්‍යන්තර නිර්ධන පංති ව්‍යාපාරයට මහත් වූ හානි පමුණුවමින් ජාත්‍යන්තර ධනවාදයට කිව නොහැකි තරම් උදව් උපකාර කරමින් සිටියි.” (”අවස්ථාවාදය ද නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ද?” මාලිමා ප‍්‍රකාශන 7 පිටුව*

අනෙක් අතට ජවිපෙ නායකත්වය මේ කියන ලද නිර් මාක්ස්වාදී නිර් ලෙනින්වාදී ස්ථාවරයන් යයි තරයේ හෙළා දුටු හා ප‍්‍රතික්ෂේප කළ ස්ථාවරයන්ගෙන් එනම් ජාතිකවාදයෙන් හා දේශානුරාගයෙන් (දේශපේ‍්‍රමයෙන්* වෙන්ව සිටියේ කොපමණ කලකට ද? මේ හැරීමෙන්  වසර පහකට පමණ පසු යළිත් විජේවීර විසින් ම නිර් මාක්ස්වාදී නිර් ලෙනින්වාදී යයි තරයේ හෙළා දුටු හා ප‍්‍රතික්ෂේප කළ එකී ස්ථාවරයන් කරා පෙර සිටියාටත් වඩා දෘඩතරව පෙරළා සම්ප‍්‍රාප්ත වීම හා එම ස්ථාවරයන්ගේ සිට කුරිරු ධනේශ්වර පාලකයන් පරිද්දෙන් තමා සමග එක`ග නොවන අය මත කුරිරු භීෂණයක් මුදා හැරීම අයෙක් තේරුම් ගත යුත්තේ කෙලෙස ද? ”අවස්ථාවාදය ද නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ද?” ඉවත දමනු ලැබුවේ සෝමවංශලා ටිල්වින් සිල්වලා වැන්නන් විසින් නොවේ. ”අවස්ථාවාදය ද නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ද?” කෘතිය ලියූ විජේවීරම ය. ඒ විශේෂයෙන්ම ”ඊලම් අරගලයට විසඳුම කුමක් ද?” යන කෘතියෙනි. ඉන් අනතුරුව ”දේශ පේ‍්‍රමය”, ”මවුබිම නැත්නම් මරණය” ”දේශද්‍රෝහීන්ට මරණය” යන සන් පාඨ ජවිපෙ කේන්ද්‍රීය සන් පාඨ බවට පත් වූයේ 71 පෙර සිටි ආස්ථානයන්ගේ අන්තර්ගතය ද ඉක්මවා යමින් තනිකරම ධනේශ්වර ජාතිකවාදය සමග සන්ධාන ගත වෙමිනි. එපමණක් නොව ”අවස්ථාවාදය ද නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ද?” කෘතියහි ”දහස් ගණන් විප්ලවවාදීන්ගේ ජීවිත බිලි ගත් යකින්න” (81 පිටුව* ලෙස හැඳින්වූ සිරිමා බණ්ඩාරනායකලා සමග පවා 87 -89 කාලයේ සන්ධාන ගත වන්නට දැරූ වෑයම කිසිවෙකුට රහසක් නොවේ. 71 වැරදි වීමට මග පෑදුවා යයි දරුණු විවේචනයට බඳුන් කර ඉවත දැමූ ආස්ථානයන් වෙත 71 ට පෙර සිටියාටත් වඩා ප‍්‍රබල ලෙස ගමන් කිරීමෙන් එකී තර්කනයටම අනුව 71 ටත් වඩා බරපතල් ලෙස වැරදි සිදු විය හැකිව නොතිබුණේ ද?

87-90 කාලය තුළ සිදුවූයේ කුමක් දැ යි අපි දනිමු. ඒ කාලයේ සිදුවූ දෑ සම්බන්ධයෙන් වගකීම සුවිශාල වශයෙන් ධනේශ්වර පාලකයන් වෙත පැවරෙන බව ඇත්ත නමුත් ඒවායේ වගකීම සම්පූර්ණයෙන් ධනේශ්වර පාලකයන්ටම පවරා අත සෝදා ගන්නට ජවිපෙට පුළුවන් ද? ඒ සා මහා අභාවවාචක අත්දැකීම් තොගයට  ජවිපෙ දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදි මගින් අවකාශයක් ලබා දුන්නේ නැති ද? 88 - 90 මුහුණ දුන් ඒ සා දැවැන්ත පරාජයට හා විනාශයට පසුව වත් ජවිපෙ තම දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදි පිළිබඳව අවංක හා සැබෑ ස්වයං විවේචනයක් හා විශ්ලේෂණයක් මගින් ස්වකීය වැරදි නිවැරදි කර ගැනීම කරා යොමු වීද? නැත. ඒ වෙනුවට කළේ සියලූ වැරදි වසා දැමීමට මාවත් සෙවීම ය. දැන් සභාග දේශපාලනයට පැමිණීමෙන් ජවිපෙ කර ගෙන ඇත්තේ ස්වයං විනාශයකි. එහෙත් ඒ පිළිබඳව ස්වයං විවේචනයක් හා විශ්ලේෂණයක් තිබෙනවා ද? ස්වයං විවේචනාත්මකව වැරදි හඳුනා ගැනීමේ අවශ්‍යතාව මතු කළ අයට පක්ෂය තුළ මුහුණ දීමට සිදුව ඇති තත්ත්වය කුමක් ද?  සිදු වන්නේ පැරණි දෙයම ය. කි‍්‍රයාවට නැගෙන්නේ පැරණි ක‍්‍රමවේදයම ය.

එහෙත් අපට දැනට පෙනෙනෙ පරිදි නම් නව ප‍්‍රවනතාව දකින්නේ සෝමවංශ - ටිල්වින් නායකත්වය යටතේ ජවිපෙ කළ හා කරන වැරදි පමණ ය. නව ප‍්‍රවනතාවේ නිල දොරට වැඞීම ලෙස සැලකිය හැකි ඔවුන් පැවැත් වූ 22 වන ඉල් මහ විරු සැමරුමෙහි දී ද ඉන් වෙනස් වීමක් සැබවින්ම පෙන්නුම් කළේ නැත. එහෙත් සැබෑ විප්ලවීය ව්‍යාපාරයක් ගොඩ නැගීමට නම් ඔබට සෝමවංශලාගේ ටිල්වින් සිල්වලාගේ වැරදි නිශේධනය කිරීමට පමණක් සීමා වී එම කාර්යය ඉටු කරන්නට බැරි ය. මන් ද එකී වැරදි ජවිපෙහි මුලසිටම පැවත ආ දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදිවල දිගුවක් පමණක් වන බැවිනි. ඒවා රෝහණ විජේවීරගේ නායකත්වය කරාම දිවෙයි. ජවිපෙ අතීත දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදි හඳුනා නොගෙන වත්මන් වැරදිවලවලට හේතු නිසි ග‍්‍රහණය කර ගන්නට බැරි ය. යළි යළිත් කිව යුත්තේ සෝමවංශලා ටිල්වින්ලා විවේචනය කිරීමෙන් පමණක් එය කරන්නට බැරි බව ය. හැ`ගීම්බර ආයචනයන්ගෙන් හා භක්තිවාදය කුළු ගැන්වීමෙන් එය කරන්නට බැරි බව ය. ඒ සඳහා වන ගැඹුරු දේශපාලන - න්‍යායික සංවාදයකට පිවිසීමේ අපේක්ෂාවෙන්  යුතුව පක්ෂයක් ස්වකීය වැරදි සම්බන්ධයෙන් කි‍්‍රියා කළ යුතු ආකාරය දක්වන ලෙනින්ගේම තවත් ඉදිරිපත් කිරීමකින් මෙම ලිපිය අවසන් කරමු.

”අප පක්ෂයේ වරද පැහැදිලිව පෙනේ. දියුණු පංතියේ සටන්කාමී පක්ෂය වැරදීම් නිසා බිය විය යුතු නොවේ. බිය විය යුත්තේ වරද නැවත නැවතත් කිරීමට ඉදිරිපත්වීම ගැනය. ලජ්ජාව පිළිබඳ බොරු හැ`ගීමකට යටවී වරද පිළිගැනීමටත් එය නිවැරදි කරගැනිමටත් ප‍්‍රතික්ෂේප කිරීම ගැනය. ”


Friday, November 18, 2011

මා දුටු ඉල් විරු සැමැරුම

රජිත රාජපකෂ  



  ජනතා විමුක්ති පෙරමුණ වාර්ෂිකව සමරන ඉල්මහ සැමරුම මෙවර වෙනදාට වඩා විශේෂත්වයක් ගත්තේ ය 1994 වර්ෂයේ සිටම අප කවුරුත් දැක ඇත්තේ ජවිපෙ එක් ස්ථානයක සමරන සැමැරුමක් පමණි නමුත් මෙවර සැමරුම ස්ථාන දෙකක  ප‍්‍රධාන සැමැරුම් දෙකක් ලෙස පැවැත්විණි ජනතා විමුක්ති පෙරමුණේ නිල අයිතිය තාමත් රැුl ගෙන සිටින සෝමවංශ පාර්ශවය කොළඹ විහාර මහ දේවී එළිමහන් රංග පීඨයේත් ජවිපෙ නව වාම ප‍්‍රවේශය සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේත් මෙම සැමැරුම් සූදානම් කර තිබුණි

  ජවිපෙ නව ප‍්‍රවණතාවය ලෙස පෙනී සිටින කංඩායම පවත්වනු ලැබූ විරු සැමරුම නැරඹීමට මෙම ලියුම්කරු ද සුගතදාස කී‍්‍රඩාංගණයට ගියේ ය විවිධ සටන්පාඨ, කවි හා විවිධ නිර්මාණ ඇතුළුව ගෘහස්ත කී‍්‍රඩාංගණයේ පිටත ප‍්‍රදේශය මෙන්ම ඇතුළත ද අලංකාර ලෙස සරසා තිබුණි

  රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ජවිපෙ ප‍්‍රධාන කි‍්‍රයාකාරීනao සාමාජිකයන් o හිතවතුන් හා පොදු ජනයා ඇතුළු 60000කට ආසන්න ප‍්‍රමාණයක් ජවිපෙ දේශපේ‍්‍රමි අරගලය තුළ දිවි පි¥y මෙම දිවිදුන් සටන්කරුවන් ස්මරණය කිරීම සඳහා ඉල් මහ සැමැරුමත්, 71 අරගලයේ දී දිවි පිදුවන් සැමැරුම් සඳහා අපේ‍්‍රල් සමැරුමත් ගාම්භීර ලෙස හා හැඟීම්බර ලෙස ජවිපෙ විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සැමැරුම් ය

  මෙවර ඉල්මහ සැමරුම පැවැත්වීමට පෙර ජවිපෙ නව ප‍්‍රවනතාවය ප‍්‍රවාත්ති සාකච්ඡුාවක් පවත්වා එයට සහභාගි වන ලෙස විවෘත ආරාධනාවක් ද කළේ ය මෙහිදී අදහස් දක්වා තිබූ ජවිපෙ පැරණි ජ්‍යෙෂ්ඨ කි‍්‍රයාකාරිකයෙකු වන සේනාධීර ගුණතිලක සහෝදරයා මෙම ඉල්මහ සැමැරුම නිකම්ම සිදු කරන සැමරුමක් නොව නව වාම දේශපාලනයක ඇරඹුම සටහන් කරන සැමැරුමක් වන බව ද ප‍්‍රකාශ කර තිබුණි

  ජවිපෙ නව ප‍්‍රවනතාවය ජවිපෙ දේශපාලනය සමස්තයක් වශයෙන් ගෙන ගැඹුරින් ප‍්‍රශ්න කිරීමක් මේ දක්වා සිදුකර නැතත් පක්ෂයේ දේශපාලන භාවිතය පිළිබඳව මේ දිනවල කිසියම් ප‍්‍රශ්න කිරීමක් කරමින් සිටී මෙම හේතුව නිසාම කිසියම් ගුණාත්මක වාම කතිකාවක් මෙම සැමැරුම හරහා නව ප‍්‍රවනතාවය අරඹනු ඇතැයි යන්න මෙම ලියුම්කරු ද විශ්වාස කළේ ය

  ජවිපෙ අපේ‍්‍රල් සැමැරුම, ඉල්මහ සැමැරුම යන සැම සැමැරුමකට සිදුවන්නේ අරගලය ගැන හැඟීම්බර හා වීරත්වයේ ප‍්‍රකාශ මඟින් මහත් භක්තිමත් සාමාජිකයින් පිරිසක් ගොඩ නඟා ගැනීමට කටයුතු කිරීම පමණිග අරගලයේදී දිවි පි¥ අරගලකරුවන්ගේ අභිලාෂයන් හා වීරත්වයන් වේදිකාවල නිතර නිතර කථාබහට ලක් කළත් එම අරගලවල පරාජයන්ට බලපෑ හේතූන් ගැන යම්තමින් හෝ කථාබහක් සිදුවන්නේ නැත. එසේ කථා කිරීම ඔවුන්ට කරන නිගරුවක් ලෙස සිතනවා ද විය හැකි ය

  එදින සුගතදාස කී‍්‍රඩාංගණය ෙදාරටුව අසල සිටි අපට විවිධ හේතුමත ජවිපෙ හැරගිය බොහෝ පිරිස් මෙම සැමැරුම නැරඹීමට පැමිණෙන අයුරු දකින්නට ලැබුණි එසේම වෙනත් කුඩා කුඩා වාමවාදී කණ්ඩායම් ද තවත් බොහෝ වාමවාදී බුද්ධිමතුන් ද මෙම සැමැරුම නැරඹීමට පැමිණි පිරිස් අතර අපි දුටුවෙමු මෙම ලියුම්කරු මෙන්ම මෙම බොහෝ වාමවාදී පිරිස්වල බලාපොරොත්තුව වූයේ නව වාම කතිකාවක ඇරඹුමක් මෙදිනෙන් ආරම්භ වනු ඇති බව යි

  නමුත් සමස්තයක් වශයෙන් පැවැති තත්ත්වය කණගාටුදායක h ජවිපෙ නව ප‍්‍රවනතාවයේ ඉල් මහ සැමැරුම ද හැඟීම් දනවන උද්වේගකාරී කථාවලින් සමන්විත වුවක් ම විය එය රෝහණ විජේවීරයන්ගේ සැබෑ උරුමක්කරුවන් තමන් බව පෙන්වීමට උත්සාහ කළ සැමැරුමක් පමණක් බව පෙනුනි

  මෙම සැමැරුම නව වාම කතිකාවතක ඇරඹුමක් සටහන් කරනු ඇතැයි ප‍්‍රකාශ කර තිබූ සේනාධීර ගුණතිලක සහෝදරයා ඔහුගේ දේශනයේදී ta බව නිකන් මතක් කර එතැනින්ම අවසන් කf

  ජවිපෙ ඉතිහාසය පුරාම අප දකින්නේ අතීත සටන්කරුවන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් හැඟීම්බරව සමාජගත කරමින් එහි කීර්තිනාමය හා උරුමය මත තම දේශපාලන ව්‍යාපාරය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට දරණ උත්සාහයන් මිස එම අරගල පිළිබඳව ගැඹුරින් ආපසු හැරී බැලීමක් කරමින් පැවති වැරදි නිවැරදි කර ගනිමින් පෙරට යාමේ උත්සාහයන් නොවේ

  ධනේශ්වර රාජ්‍ය යන්ත‍්‍රණය සමඟ හැප්පෙන  ඕනැම විප්ලවවාදියෙකුට සුවපහසු මරණ හිමිවන්නේ නැත  එය සැමට පොදු කරුණකි. ඔවුන්ගේ ජීවිත කැප කිරීම හා පරිත්‍යාගය අනුස්මරණය කළ යුතුම ය  එහෙත් ඔවුන් උත්කර්ෂයට නැගීමෙන්ම සැබෑ වාම ව්‍යාපාරයක් ගොඩ නැගීමේ ආරම්භයක් ගත හැකි ද @

  ජවිපෙ නව ප‍්‍රවනතාවය කථා කරන විශාල බහුජන වාම ව්‍යාපාරයක ගොඩ නැගීම ජවිපෙ භක්තිමත් කි‍්‍රයාධරයන්ට ඇමතීමෙන් පමණක් සිදු කළ හැකි දෙයක් නොවේ එය ඊට වඩා පළල්, ගැඹුරු හා වඩා සංයමයකින් කළ යුතු දෙයකි  හැඟීම්බරව නොව බුද්ධිමත්ව පුළුල් දැනුමක් සහිතව කළ යුතු වැඩකි. මෙවැනි නව වාම කතිකාවක් ඇරඹීමට ජවිපෙ නව ප‍්‍රවේශයට ශක්තිමත් සංවිධාන ජාලයක් දැනටමත් පවතින බව පෙනේ  එහෙත් අදාළ කාර්යයට නිසි අවධානය යොදා සිය කි‍්‍රයාකාරිත්වය ගොඩ නැගීමට අධිෂ්ඨාන සහගත ලෙස මැදිහත් නොවන්නේ නම් එම සංවිධාන ජාලය කෙමෙන් කෙමෙන් දිය වී යාම වැළකිය නොහැකි ය

  නමුත් ජවිපෙ දෘෂ්ටිවාදය o දේශපාලන උපාය මාර්ගය හා උපක‍්‍රම යනාදිය උඩින් පල්ලෙන් නොව ගැඹුරින් ප‍්‍රශ්න කිරීමට ඔවුන් ද සූදානම් ද යන ප‍්‍රශ්නය මතු වේ  සැබවින්ම නව බහුජන වාම දේශපාලන ව්‍යාපාරයක් කරා ගමන් කිරීමට නම්  ජවිපෙ සමස්ත දේශපාලනයම ගැඹුරින් විචාරයට ලක්  කිරීම අත්‍යවශ්‍ය දෙයකි 

  එයට ඔවුන් සූදානම් ද යන ප‍්‍රශ්නd¾;h ඉල් විරු සැමැරුම නැරඹූ මා තුළ මෙන් ම සැබෑ වමේ ව්‍යාපාරයක අවශ්‍යතාවෙන් පෙළෙන තවත් බොහෝ දෙනෙකු තුළ o ඇති වූ   බව නිසැක ය




 

Tuesday, November 8, 2011

මෛත‍්‍රීපාල සිරිසේනගේ කක්කුටු බණ


  

2011 . 10. 16 දින ඉරිදා ලක්බිම පුවත්පතේ දේශපාලන හමුව තුළින් ශ‍්‍රිලනිප මහ ලේකම් සෞඛ්‍ය ඇමති මෛත‍්‍රීපාල සිරිසේන පාතාලයන් හා මැර දේශපාලනය සම්බන්ධයෙන් ඡන්ද දායකයන් වෙත වගකීම පටවමින්  දැඩි ලෙස චෝදනා කරයි.

ඔහු චෝදනාව ගොනු කරන්නේ මෙසේ ය.

”ජනතාවත් ඔවුන්ගේ පැත්තෙන් දැන ගන්න  ඕනෙ නරක දේශපාලනඥයන්ව ප‍්‍රතික්ෂේප කරන්න. මිනිස්සු මොන විදියට හැසිරුනත් ඡන්දය දෙනකොට දැනගන්න  ඕනෙ තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තිබුනට සුදුසු මිනිස්සු කවුද කියල බලල ඡන්දය දෙන්න. මැතිවරණයක් වෙලාවෙදි කොහෙන් හරි එන අයගේ පොදිය බාරගෙන කටයුතු කරන එක නොවෙයි තියෙන්නෙ ඡන්ද දායකයන් දේශපාලන මහත්තුරු කවුද කියල දැනගෙන ඡන්දය දෙන්න දැන ගන්න  ඕනෙ. ”

මෛත‍්‍රීපාල සිරිසේන ශ‍්‍රිලනිපයේ මහ ලේකම් ය. මැතිවරණයන්ට එම පක්ෂයෙන් ඉදිරිපත් කරන ඡන්ද අපේක්ෂක ලැයිස්තු සකස් කරන්නේ ඔහුගේ ප‍්‍රධානත්වයෙන් ය. අවසාන වශයෙන් අත්සන යොදා අනුමත කරන්නේ ඔහු ය. එසේ නම් පාතාලයන් මැරයන් කුඩු බිස්නස්කාරයන් ස්ත‍්‍රී දූෂකයන්   ඇතුළු  සකලවිධ දූෂිතයන්  වෙත ප‍්‍රථමයෙන්ම ඡන්දය ප‍්‍රකාශකර ඇත්තේ ඔහු ය. ඡන්ද දායකයන්ට ඇත්තේ ඔහු එසේ ඡන්දය දී සුදුස්සන් ලෙස අනුමතකර ඉදිරිපත් කරන අපේක්ෂකයන්ට ඡන්දය දීමය. ඉතිං ඡන්දදායකයා චූදිතයා වීමට පෙර මැතිවරණ ක‍්‍රියාවලියේ පළමු තත්පරයේදීම ඔහු අධි චෝදනා ලැබිය යුතු ප‍්‍රධාන චූදිතයා වී අවසන් ය.  කක්කුටු බණ නොකියා ඔබම කියන විදියට ‘මැතිවරණයක් වෙලාවේදී කොහෙන් හරි එන අයගේ පොදිය බාරගෙන කටයුතු නොකර’ ආදර්ශමත් නායකයෙක් විය නොහැක්කේ ඇයි ?

පාතාලයන් මැරයන් කුඩු බිස්නස්කාරයන් ස්ත‍්‍රී දූෂකයන් ඇතුළු  සකලවිධ දූෂිතයන් දේශපාලන කි‍්‍රයාවලිය තුළට ගෙන ආවේ ජනතාව ද? නැතිනම් ඔවුන්ගෙන් යැපෙන දේශපාලන ලොක්කන් ද? ඉතින් මෛතී‍්‍රපාල ඇමතිතුමා ලොක්කන් පසෙක තබා චෝදනා දමා ගසන්නේ ජනතාවට
රජුන් අදමිටු                     වත්
වෙති මැතිඳෙ
ද            එපවත්
දැක උන්ගේ                  පුවත්
බමුණු ගහපතියෝ ද    එගනිත්

ඊළ`ගට දී කිරට බලල්ලූත් සාක්කි කීවා වගේ එම ලක්බිම පුවත්පතේ කතු වැකිය ද ඊටම සරිලන ලෙස පෙළ ගස්වා ඇත. පාතාලයන් හා සම්බන්ධ මැර දේශපාලකයන් පුටුවල ඉන්දවීම සම්බන්ධයෙන් පළමුවැනි වගඋත්තරකරුවා ඡන්දදායකයා ලූෟ අනේ කාලේ වනේ වාසේ කිව්වලූෟ  ඒ අතර ලේ විකුණමින් පේව්මන්ට් බිස්නස්  කරනවා හැර ඊට වැඩි යමක් මාධ්‍යය විසින් ද කරන්නේ නැතැයි එය ස්වයං විවේචනයක් ද කරගනී.

මේ  සියල්ල වංචනික ව්‍යාජ හිස් බස් ය. කක්කුටු බණ ය. මක් නිසා ද මෙවැනි ”ප‍්‍රබුද්ධ” කතු වැකි ලියවෙන පත්තර පිටු පුරා මැතිවරණ සමයක පාතාල මැර දේශපාලකයන්ගේ වෛවර්ණ ප‍්‍රචාරක දැන්වීම්වලින් පිරී ඇති නිසා ය. සමස්තයක් වශයෙන් මේ ක‍්‍රමය තුළ අධිපති දේශපාලන හා මාධ්‍ය භාවිතය අනෙකක් නොව ගොනා වියගසට බැඳ තබා ගැනීමේ භාවිතයක්ම වන නිසා ය. 

Tuesday, October 18, 2011

”සරදියෙල්ලාගේ” නීතිය

රජිත රාජපක්ෂ
නීතිය අතට ගෙන කිසිදු පුද්ගලයෙකු කටයුතු නොකළයුතු අතර එසේ කටයුතු කරන  ඕනෑම පුද්ගලයෙකුට තරාතිරම නොබලා නීතිය අකුරටම කි‍්‍රයාත්මක කරන බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ කිහිපවරක්ම ප‍්‍රකාශ කර තිබේ.   කිසියම් පුද්ගලයෙකු අපරාධයක් හෝ නීති විරෝධී කටයුත්තක නිරතවන්නේ නම් එ් බව පොලිසියට දන්වා පොලිසිය මඟින් නීතිය කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරවා ගන්නා ලෙස ඔහු මහා ජනතාවගෙන් ද ඉල්ලීමක් කර ඇත. අපූරු ය!