රාජිත රාජපක්ෂ
ධම්ම දිසානායක වත්මන් රාජපක්‍ෂ පාලන
තන්ත‍්‍රය තුළ සිටින ඓන්ද්‍රිය ඝනයේ බුද්ධිමතකු මෙන් පෙනී සිටින අයෙකි.
විශේෂයෙන්ම රාජ්‍යයේ මාධ්‍ය විශාල ඉඩකඩක් මොහුට ලබාදී තිබෙන අතර ධම්ම ද
තමන්ට ඇති විශ්වවිද්‍යාල කතිකාචාර්ය ධූරය සහ සිවිල් බලය යොදා ගනිමින් මහත්
ආඩම්බරයෙන් ශ්‍රී ලාංකික ජනතාවට අදහස් මතවාද බෙදාහරිමින් සිටි.
ධම්ම දිසානායක තමාව හදුන්වා දී තිබුණේ 80 දශකයේ කොළඹ විශ්වවිද්‍යාලයට
ඇතුලත්ව 88/89 යන කාලවකවානුව තුළ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට
සම්බන්ධව සිටි අයකු ලෙස ය. මීට ටික දිනකට පෙර සිඵුමිණ පුවත්පතට ඔහු ලබා දුන්
සම්මුඛ සාකච්ඡාවකින් මේ බව හෙළිකර තිබුණි. බදුල්ල දිස්ති‍්‍රක්කයේ අතිශය
දුෂ්කර ප‍්‍රදේශයක ඉපිද කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුල් වී ඉතාම අමාරුවෙන්
අධ්‍යාපනය කළ බව ද ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු වශයෙන් 88/89 තුළ
ජීවිතය බේරාගත්තේ ඉතාම අපහසුවෙන් බව ද ඔහු එම පුවත්පත් සාකච්ඡුව්දී
අණාවරණය කර තිබුණි. නමුත් එකල හිටි ධම්ම රටවත්, මාධ්‍යයවත් කව්රුත් දැන
සිටියේ නැත. එය තමාගේ නොයෙකුත් ආකාරයේ මිත‍්‍රයන් කිහිප දෙනෙකු පමණක් දැන
සිටි කාරණයකි. කෙසේ නමුත් ධම්ම දිසානායක කරලියට පැමිණියේ දීප්ති කුමාර
ගුණරත්නගේ ප‍්‍රධානත්වයෙන් ගොඩ නැඟූ x කණ්ඩායමේ දේශපාලනය හරහා ය. x
කණ්ඩායමේ දේශපාලනයේ මූලිකයා වූයේ දීප්ති වුවත් එහි දේශපාලනය ගැන වැඩිපුර
මාධ්‍යයට අදහස් දැක්වූවේ ධම්ම දිසානායකය. නමුත් ධම්ම x කණ්ඩායමේ
දේශපාලනයේ ද සිටියේද ඉතාම කෙටි කලක් වන අතර එම කාලය තුළදී වත් xකණ්ඩායමේ
අභ්‍යන්තරය තුළ ඔහුට කිසිදු බලයක් නොතිබූ බව එකළ x කණ්ඩායම නියෝජනය කළ
ප‍්‍රබල චරිත කිහිපයක්ම මෙම ලියුම් කරු සමඟ පැවැසීය.
මගේ වැඬේ ධම්ම හදුනා ගැනිම නොවේ. ඔහු පිළිබද ඔහු කී හා මා අසා දැනගත්
කරුණු කිහිපයක් පැහැදිලිකළේ ධම්ම කියන දේශපාලනමය කරුණු ගැන පැහැදිලි
කිරීමට මෙය වැදගත් බව මා විශ්වාස කරන නිසා ය. එසේ නම් ගමෙන් ඇවිත්
අමාරුවෙන් ඉගෙන ගෙන 88/89 කාලයේ අමාරුවෙන් ජීවිතය බේරාගෙන අද කොළඹ
විශ්වවිද්‍යාලයේ දේශපාලනය හා රාජ්‍ය ප‍්‍රතිපත්ති පිළිබද ජ්‍යෙෂ්ඨ
කථිකාචාර්යවරයකු වන ධම්ම රාජ්‍ය මාධ්‍ය හරහා ඉදිරිපත් කරන කරුණු ගැන දැන්
සලකා බලමු.
ධම්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන
කාලය තුළ අයි.ටි.එන්. හා ජාතික රූපවාහිනියේ නිතර දක්නට ලැබුණු චරිතයකි .
ඉන්දියාවේ ගාන්ධි මෙන් ලංකාවේ ද නායකයෙකු ඒ තත්ත්වයට පැමිණ ඇති බවත් ඒ
කවරෙක් ද යන්න සිතා ගැනිම ඕනෑම කෙනෙකුට අපහසු නැති බවත්, අයි.ටී.එන්.
හත්වෙනි පැය වැඩසටහනේදී ඔහු ප‍්‍රකාශ කළේ ය. ධම්ම කියපු ඒ නායකයා වෙන
කවුරුවත් නොව මහින්ද රාජපක්‍ෂ බවට කිසිදු සැකයක් නැත. ඇත්ත වශයෙන්ම අපි මේ
ගැන අදහස් ඉදිරිපත් කිරීමට ප‍්‍රථම ඉන්දියාවේ මහත්මා ගාන්ධිගේ දේශපාලන
දර්ශනය, භාවිතය හා ඔහු අනුගමනය කළ කි‍්‍රයාමාර්ග පිළබදව සලකා බැලිය යුතු ය.
ගාන්ධි යනු අවිහිංසාවාදී සටනේ පුරෝගාමීයා ය. එකල ඉන්දියාව යටත් කරගෙන
සිටි බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව ඉන්දියාවේ නිදහස පතා සකලවිධ ඉන්දීය
ජනයා ඒකරාශි කරගනිමින් ඉන්දීය නිදහස් සටනට නායකත්වය දුන් ප‍්‍රබලම ඉන්දීය
නායකයා ය. අද වන විටත් ඉන්දියානුවෝ කිසිදු භේදයකින් තොරව ගාන්ධි
ඉන්දියාවේ ජාතික නායකයා හෙවත් ඉන්දියාවේ පියා ලෙස සලකති.
ගාන්ධිගේ සටන ඉස්මතු වූයේ ඉන්දියාව පමණක් නොව ලෝකයේ බොහෝ ප‍්‍රදේශ
යටපත් කරගෙන සිටි ප‍්‍රබල ගණයේ අධිරාජ්‍යවාදී බලවතෙකු වූ මහ
බි‍්‍රතාන්‍යයට එරෙහිවය . අද වන විට පකිස්ථානය, බංගලදේශය, නේපාලය, භූතානය
ලෙස වෙන්ව රාජ්‍යයන් ලෙස පවතින සියළු ප‍්‍රදේශ ඉන්දියාවට අයත් වූ ප‍්‍රදේශ
ය. එකල ගාන්ධිගේ සටන වූවේ අති විශාල භූමි ප‍්‍රදේශයක ජීවත් වූ ජාතීන් සිය
ගණනක් ඉක්මවූ සකලවිධ ඉන්දියානු ජාතිකයන් සඳහා ය. ඒ විතරක් නොව එකල
බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් වූ ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ යටත් විජිත
රාජ්‍යවලට සිය නිදහස් සටන් සඳහා සහයෝගය දැක් වූ නායකයෙකු විය.
ගාන්ධි කිසි විටකත් කිසිදු ජාතියක් පාගා දැමීමට හෝ යටත් කිරීමට
කටයුතු කළ පුද්ගලයෙකු නොවේ. ඕනෑම ජාතියක නිදහස හා අභිමානය උදෙසා පෙනී සිටි
පුද්ගලයෙකි. ඕනෑම බලගතු අධිරාජ්‍යවාදියෙකුව වුව ජනයා ඒකරාශි කරමින්
අවිහිංසාවාදී සටන් ක‍්‍රමය තුළ අරගලය ඉදිරියට ගෙන යා යුතු බව සිතු
පුද්ගලයෙකු විය. ඉන්දියාවේ වාර්ගික අනන්‍යතාවයන් සියල්ල ඉන්දීය රාජ්‍ය
නිර්මාණය කිරීමේදී එයට උකහා ගැනීමට කටයුතු කළ යුතු ය යන්න පිළිබඳව
විශ්වාසයකින් සිටි පුද්ගලයෙකු විය. ඉන්දියානුවන් අද වන විටත් ගාන්ධිව
දකින්නේ තම රටේ ජාතික නායකයා ලෙසය. ගාන්ධි සත්‍යයෙන්ම හින්දුන්ට පමණක් නොව
ඕනෑම ජාතිකයකුට ගරු කිරිමට හැකිලෙස සිය දේශපාලන කි‍්‍රයාමාර්ග ඉදිරියට
ගෙනගිය පුද්ගලයෙකු විය. ගාන්ධි හැම විටම පෙනී සිටියේ ජාතීන්ගේ
ප‍්‍රජාතන්තී‍්‍රය එකමුතුබව හා විශ්වාසය ගොඩ නැගිම සදහා ය.
ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්‍ෂ යනු කවරෙක් ද ? ඔහු ශ්‍රී ලංකාවේ
ජීවත්වන ප‍්‍රධාන ජාතීන් තුන වන සිංහල මුස්ලිම්, දෙමළ යන ජාතීන් තුන විසින්වත්
පොදුවේ තමන්ගේ නායකයා වශයෙන් සලකනු ලබන්නේ ද ? සත්‍ය තත්ත්වය නම් මහින්ද
සිය නායකත්ව පෞරුෂය ගොඩ නඟාගෙන ඇත්තේ බහුතර සිංහල බෙෘද්ධ ජාතිකයන් තුළ
පමණි. මුස්ලිම් හා වතුකම්කරු බහුතරයවත් ඔහු සිය නායකයා ලෙස නොපිලිගනී.
සිංහල හැරුණු විට ශ්‍රී ලංකාවේ අනිකුත් ප‍්‍රධාන ජාතිය වන්නේ දෙමළ ජාතිය
ය. දෙමළ ජාතියේ අති බහුතරයක් මහින්දව සලකන්නේ සිය ජාතියේ අභිමානය බිද
දමා තම ජාතිය නිවටයන් පිරිසක් බවට පත් කළ පුද්ගලයෙකු ලෙසය. ඔහු නායකයා ලෙස
පිළි ගනු ලබන්නේ ඩග්ලස් දේවානන්ද කරුණා අම්මාන් වැනි රාජපක්ෂලාගේ තුරුලේ
නැලවෙන දමිලයන් හා අනුගාමිකයන් අතලොස්සක් පමණි.
වසර
30ක් පැවැති යුද්ධයක් නිමාකර රට තුළ සාපේක්ෂ සාමකාමී තත්ත්වයක් නිර්මාණය
වී ඇතිබව ඇත්ත ය. එම සාපේක්ෂ සාමකාමී තත්ත්වය නිර්මාණය වූයේ එල්ටීටීය
පමණක් නොව සටන්කාමී ජාතියක්ම සන්නද්ධ බලයෙන් සහමුලින්ම පරාජය කළ තත්ත්වයක්
තුළ ය. පැරද වුයේ එල්ටීටීයේ සන්නද්ධ අරගලය පමණක් නොවේ. දෙමළ ජාතියේ අයිතින්
පතා ගෙන ගිය සමස්ත අරගලයම ය. සියවස් කිහිපයක සිට පැවැත එන දෙමළ ජාතියේ
සමස්ත අභිමානයත්, පෞරුෂයත් සන්නද්ධ බලයෙන් බිඳ දමා තිබේ. එල්ටීටීය පරාජය
කිරිමට මහින්ද අනුගමනය කළ දේශපාලන ක‍්‍රියාමාර්ගය තුළ රටෙහි සාමකාමී
තත්ත්වයක් නිර්මාණය වී රට එක් රටක් ලෙස භෞතික වශයෙන් පෙනී ගිය ද
අධ්‍යාත්මික වශයෙන් මෙරටේ ප‍්‍රධාන ජාතීන් දෙකවන සිංහල හා දෙමළ ජාතීන් තුළ
ඇති වී ඇත්තේ අති විශාල දුරස්ථ භාවයකි. කොටින්ම මෙම ජාතින් දෙකම එකිනෙකා
විශ්වාස කරන තත්ත්වයක් නොමැත. දෙමළ හා සිංහල ජාතිය අධ්‍යාත්මික වශයෙන්
සිටිනුයේ මතු පිටෙන් නොපෙනුනාට බරපතල ලෙස වෙන් කරනු ලැබු තත්වයක් තුළ ය.
අදටත් මෙම වෙන්වීම ළං කිරිමට කිසිදු උත්සාහයක් නොගන්වා පමණක් නොව අනුගමනය
කරනු ලබන්නේ තව තවත් දෙමළ ජාතිය සිංහල ජාතියෙන් හා ශ‍්‍රී ලංකා රාජ්‍යයෙන්
දුරස් කරන ක‍්‍රියාමාර්ගයන් ය. මතුපිට පවතින හොද හිත හා කථා බහ අව්‍යාජ
නොව ව්‍යාජ ඒවාය. රාජපක්ෂලා යටතේ සිදුවන්නේ ඒ ව්‍යාජයන් පරමෝත්කෘෂ්ඨ කිරිම
ය.
සැබැවින්ම රට තුළ සිටින ප‍්‍රධාන ජාතීන්
තුනටවත් පිළිගත හැකි මට්ටමේ නායකයෙකු වීමට නොහැකි වී ඇති මහින්ද මුළු
ඉන්දියානුවන්ගේම ජාතික සංකේතය වශයෙන් සලකන ගාන්ධිට සමාන කළ හැක්කේ දේශපාලන
වශයෙන් අඥානයෙකුට හෝ තම වරප‍්‍රසාද වෙනුවෙන් දේශපාලනය ගැන කථාකරන කට්ට
කෛරාටියෙකුට පමනී. සිහි කල්පනාව ඇති කිසිම දේශපාලන විශ්ලේෂකයෙකුට හෝ පොඩි
හෝ ලෝකු දේශපාලන දැනුමක් ඇති දේශපාලනඥයෙකුට හෝ පුරවැසියෙකුට එසේ කළ
නොහැකි ය.
තව ද පශ්චාත් යුද සමය තුළ වසර 10ක් යන
තුරු සංවර්ධනයක් ගැන කථා කිරීම අපහසු බවත්, මේ කාලය තුළ බොහෝ විට සිදුවන්නේ
විනාශ වූ ප‍්‍රදේශ ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලියක් බවත් ධම්ම මෙම
අයි.ටි.එන්. හත්වෙනි පැය සාකච්ඡාව තුළ දී ම ප‍්‍රකාශ කළේ ය. නමුත් ඊළග
අවස්ථාවේ ඔහු කියන්නේ කුමක් ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ප‍්‍රම‍්‍රඛ ඔහුගේ රජය
යුදමය කාලය තුළදීත් සංවර්ධන කටයුතු සිදු කළ බවත් අද වන විට සංවර්ධන
කටයුතු වේගවත්ව පවත්වාගෙන යන බව හා තවත් වසර තුනකින් පමණ ශ‍්‍රී ලංකාව
මහත් දියුණු සංවර්ධන මට්ටමකට ළඟාවන බවත් විස්වාසයෙන් යුතුව කියා සිටීම ය.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයවන වේගය අද වන විටත් යාම්තම් 7%කට ආසන්න ය.
වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් 2000ක් බව ආණ්ඩුව පෙන්වා දුන්නත් දවසකට එක
ඩොලරයකවත් ආදායමක් නැති පුද්ගලයන් කොපමණ ප‍්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සිටී ද ?
ජාතික ආදායමින් 50%කට වඩා වැඩිපුර භුක්ති විදින්නේ ඉහළම ආදයම් ලබන 10%ක්
පමණ පිරිසකි. මෙයින්ම මොනතරම් ආදායම් බෙදී යාමේ විෂමතාවයක් පවතීද ? රජයේ
වාර්තාවලට අනුව තව වසර 10කින් වත් ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ක් වීමට
ආර්ථික වර්ධන වේගය 10% ඉක්ම විය යුතු ය. ඒ අද එවැනි වේගයක් පවතින්නේ
චීනයේ පමණි. ශ්‍රී ලංකාවේ රැකියා වියුක්ති අනුපාතය 7%කට ආසන්න ය.
මෙම තත්ත්වයේ පවතින රටක් තවත් වසර 10 හෝ 15ක කාලයකින් ප‍්‍රබල
සංවර්ධන රටක් කළ හැකි බව පාලකයන් හා ඔවුන්ගේ ආර්ථික විශේෂඥයන්ගේ මතයයි.
කිසිම ආර්ථික විශේෂඥ දැනුමක් නැති ධම්ම දිසානායක පවසන්නේ තව වසර 03කින්
ලංකාවේ සංවර්ධන තත්වය හොඳ තත්වයකට පත්වන බවය.
මෙවැනි ප‍්‍රකාශයක් ගමක සිටින අහිංසක ගැමියෙකු හෝ කිසිම ආර්ථික දැනුමක්
නැති දේශපාලනඥයෙකු ප‍්‍රකාශ කළ විට සලකා බැලිය යුතු නොවේ. ධම්ම දිසානායක
ආර්ථික විශේෂඥයෙකු නොවුනාට ඔහුට රට ගමන් කරන රිද්මය හදුනාගත හැකි
පුද්ගලයෙකි. ඔහු කියන විදියට ඔහු ගැමියන් නිතර ඇසුරු කරන, ගමට යන සාමාන්‍ය
මිනිසුන් ජීවන තත්ත්වය හොඳින් දැක ඇති පුද්ගලයෙකි.
ධම්ම දිසානායක දැනට ජන සභා ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂක ජෙනරාල් ය.
මහින්දගේ පියා වූ ඞී. ඒ. රාජපක්‍ෂ ගුණ සමරු උළෙලක ප‍්‍රධාන දේශකයා බවට පත්
වී ප‍්‍රබල ශ්‍රී ලංකාකාරයන්ට ඞී. ඒ. රාජපක්‍ෂ යනු කවරෙක් දැයි
කියාදුන් පුද්ගලයෙකි. ඔහුට එම දේශනය සඳහා ලැබුණු ආරාධනය මහත් භක්තියක් කොට
සලකා අදහස් පල කළ අයෙකි.
ඉතින් මෙවැනි පුද්ගලයින්ට මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පාලනය ගැන මෙසේ කථාකරනවා හැරෙන්නට, බුද්ධියට සමච්චල් කරමින් ස්තෝත‍්‍ර ගයනන්නට හැර වෙන කළ හැකි යමක් වේ ද?
No comments:
Post a Comment