මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Friday, June 3, 2011

දෙමළ ජාතික ප‍්‍රශ්නය හා වික්ටර් අයිවන්

                         

  මා බල්ලන් ඇති කරන්නට කැමතිය'එහෙත් මාගේ ආදරණීය බල්ලා පිස්සු වැටුනහොත් ඌ මරා දමනවා හැර මට අන් විකල්පයක් නැත. සමහරවිට උගේ පිස්සු වැටීම මාගේ නොසැලකිලිමත් කි‍්‍රයාකාරකම් ද බලපෑවා විය හැකිය. මා නිසි වේලාවට ඌට ලබා දිය යුතු එන්නත් ලබා දුන්නේ නම් සමහරවිට ඌ පිස්සු නොවැටෙන්නට ඉඩ තිබුණි' බල්ලා පිස්සු වැටුණු පසු මා අතින් සිදුවී තිබුන අතපසුවීම් සලකා ඌ නොමරා සිටීමේ හැකියාවක් මට තිබිය නොහැකිය' උගේ පිස්සුව හොඳ කිරීමට මොනයම් හෝ මාර්ගයක් තිබෙන්නේ නම් මා තෝරා ගන්නේ එම මාර්ගයයි' එහෙත් එවැනි මාර්ගයක් නැත්නම් ඌ මා ආදරයෙන් හදා වඩාගත් බල්ලා බව නොසලකා ඌ මරා දැමීමට මම මැලි නොවෙමි. මා එසේ කරනු ඇත්තේ සංතෝෂයෙන් නොව මහත් කණගාටුවක්ද හිතේ ඇතිවය'   

ඉහත කී ප‍්‍රකාශය ප‍්‍රභාකරන් මරා දමා දෙවර්ෂ පූර්ණ සැමරුම් උත්සවයකදී  එකී කාර්යයේ යුක්ති යුක්තභාවය පෙන්වා දෙමින්  ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද කථාවකින් උපුටා ගත්තක් නොවේ'
  
2011 මැයි 22 රාවය පුවත් පතට එහි අයිතිකරු වික්ටර් අයිවන් විසින්ම දෙමළ ප‍්‍රශ්නය හා සුනිල් විජේසිරිවර්ධන යන මැයෙන් ලියන ලද ලිපියෙන් උපුටා ගත්තකි' ඔහු එහි සඳහන් කරන අන්දමට ඊට පෙර ඉරිදා රාවයේ සම්මුඛ සාකච්ඡුාවකදී  සුනිල් විජේසිරිවර්ධන ප‍්‍රභාකරන් පැරදවීමට යුද්ධය හැර වෙනත් දේශපාලන අවස්ථාවන් තිබුණා යනුවෙන් කරන ලද ප‍්‍රකාශය ප‍්‍රශ්න කිරීමට ලක් කිරීමකි'

දෙමළ ජාතික ප‍්‍රශ්නය පිළිබඳ වික්ටර් අයිවන්ගේ සමස්ත දැක්ම ඔහුගේ පිස්සු බලූ උපමාව තුළ ප‍්‍රවේශමෙන් ගොනු කිරීමට ඔහු උත්සාහ දරා ඇත' ලිපියට මාතෘකාව යොදා ගැනීමේදී පවා  පාවිච්චිකර ඇති දෙමළ ප‍්‍රශ්නය යන්න ප‍්‍රවීන පුවත්පත් කලාවේදියෙකුගේ සංයමයෙන් යුත් භාෂා ශෛලියෙන් බැහැරව ගොස් ඇත'  ඉන් ඇති කරන්නේ සිංහලයාට  මහ කන්කරච්චලයක් වෙලා ඇති දෙමළ මිනිස්සු අතරෙම ඇතිවුණු  හබයක් වගේ හැ`ගීමක්' ඒ අනුව ලිපිය  කියවා ගෙන යන අයෙකුට උපමාව අවසානයේ  ඇත්ත නේන්නම්, පිස්සු බල්ලෙක් නම් මරණව හැර වෙන මොනව කරන්නද යන සරළ හැ`ගීම නිරායාශයෙන්ම ඇතිවෙයි. යුද්ධය පිළිබඳ සරළ හැ`ගීම් උද්දීපනය කරන ප‍්‍රකාශ නැතිනම් අර්ථකථනයන්  ආණ්ඩු පක්ෂ දේශපාලන වේදිකාවෙන් ද රාජ්‍ය මාධ්‍ය තුළින් ද වැල නොකැඞී ගලා ඒම පුදුමයක් නොවේ. එහෙත්  විචාරශීලී ගවේෂණාත්මක පුවත්පත් කලාවක් ගැන නිතර කථාකරන වික්ටර් අයිවන් දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන්  සිංහල ජනතාව ^රාවය සිංහල පුවත්පතක් නිසා& විචාරශීල’ විමසුමකට යොමු කරන ආකාරය නම් කදිම ය' ප‍්‍රශ්නයේ අග්ගිස්සට බරට ඇ`ගිල්ල තබා  එහි මුල්  ගැඹුරු හේතූන් නොසැලකිලිමත්වීම්  හා අතපසුවීම් ගනයේ ලා සැහැල්ලූ  ලෙස  කීමෙන් ගොඩ නැගෙන විචාර බුද්ධිය කුමක් ද@

දෙමළ ජන පෙදෙස් සංවර්ධනයෙන් බැහැර කර තැබීම  සිංහලය රාජ්‍ය භාෂාව කිරීම බුද්ධාගම රාජ්‍ය ආගම කිරීම කළු ජූලිය අඛණ්ඩ හදිසි නීතිය ත‍්‍රස්තවාදී පනත ඇතුළු දෙමළ ජනතාවට එරෙහිව දකුණේ පාලකයන් කරන ලද තවත් බොහෝ දේ හුදෙක් අතපසුවීම් ද@ දෙමළ ජනතාව සන්නද්ධ අරගලයකට යොමු වුණේ මේ අතපසුවීම් නිසාද@එසේ නම් ඔවුන් තරම් අශිෂ්ට ජාතියක් තවත් සිටින්නට බැරිය' මක්නිසාද ශිෂ්ට මිනිසුන් අනෙකෙකුගේ අතපසුවීමක් ගැන එහෙමට කලබල වෙන්නේ නැති නිසාය'
 
බල්ලෙකුට පිස්සු හැදෙන්නේ ස්වභාවික පරිසරයේ ඇති රෙබීස් වෛරසය  උගේ ශරීරයට ඇතුල්වීමෙනි' එය හුදෙක්ම ස්වභාවික සංසිද්ධියක්' එහෙත් ප‍්‍රභාකරන් ගේ පිස්සුව ස්වභාවක නොව සමාජීය සංසිද්ධියක්' රටේ බල තණ්හාවෙන් පිස්සු වැටුණ දේශපාලනඥයන් විසින් පරණ පෙට්ටගම් ඇතුලේ දූවිල්ලෙන් වැසී තිබියදී  සොයාගත්  ජාතිවාදී  වෛරසය   සමාජය වෙත  මුදාහරිනු ලැබීමේ හේතුවෙන් ඇතිවූවකි' එය තනිකරම සමාජීය දේශපාලනික කරුණකි' ඔවුන්  වග බලා ගෙන ඇත්තේ නිසි වේලාව බලා මාරක වෛරස් එන්නත්ම දීමට ය' එසේ කිරීමේදී නම්   නොසැලකිල්ලට හෝ අතපසුවීම්වලට ඔවුන් කිසිදු ඉඩක් තබා නැත'   ප‍්‍රතිඵලය නම්  එය පීඩිත දෙමළ සමාජය  වෙතින් ප‍්‍රභාකරන් ගේ ඊනියා පිස්සුව සේ ප‍්‍රකාශවීමත්  සිංහල සමාජය වෙතින් ඊනියා දේශපේ‍්‍රමය ලෙස ප‍්‍රකාශවීමත් ය'  මෑත කාලයේ    රාජපක්ෂ බල කණ්ඩායම  ජවිපෙ සහ හෙළ උරුමය වගේ මැද කණ්ඩායම්වල ද සහයෝගයෙන්  මේ ඊනියා සිංහල දේශපේ‍්‍රමයට පෝර දමා ඒ හා අන්‍යොන්‍ය වශයෙන් පෝෂණය කෙරුණි' අද රාජපක්ෂ ආණ්ඩුව උඩ පැන පැන පිස්සු නටන්නේ මෙසේ සාදාගත් වේදිකාව මත ය' ඉතිං ප‍්‍රභාකරන්ගේ පිස්සුව හා බලූ පිස්සුව එකක් ලෙස ගැනීමෙන් වික්ටර් අයිවන් කරන්නේ දෙමළ ජාතික ප‍්‍රශ්නය ස්වභාවික එකක් ලෙස පෙන්නා එහි මේ සමාජීය හරය වසන් කිර’මය' අපි විශ්වාස කරන විදියට දෙමළ ජාතික ප‍්‍රශ්නය පිළිබඳ ඔහුට ඇති සත්‍ය දැනුමට පිටින් මෙසේ කරන්නේ කුමන හෝ හේතුවක් නිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුක්ති යුක්ත කිරීම ය' ඒ සමගම ඔහුගේ එම හැසිර’ම ඔහුගේම දෘෂ්ටිය තුළ ප‍්‍රතිවිරෝධීතාවයක් ඇති කරයි' යුද්ධය දිනූ මහින්ද රාජපක්ෂ කපා ඔප දැමිය හැකි මැණික් කැටයක් ලෙස එක ඉරිදාවක ^2011. 5. 1 දින රාවයේ වික්ටර් අයිවන්ගේ අභියෝග ජය ගැනීම ලිපිය බලන්න& හඳුන්වන ඔහු ඊළ`ග ඉරිදා අවිහිංසාවාදී ගාන්ධි ශ‍්‍රී ලංකාවට අදාළ කර ගැනීමේ අවශ්‍යතාවය පෙන්වයි' දෙකරුණම පිළිබඳ ද’ර්ඝ වශයෙන් ලියයි' ගාන්ධිගේ දෘෂ්ටිය  අනුව නම් මහින්ද රාජපක්ෂගේ මාර්ගය වැරදිය' මහින්ද රාජපක්ෂට අනුව නම් ගාන්ධි ගේ මාර්ගය වැරදි ය'  එහෙත් මේ මාර්ග දෙකම පිළබඳ විශ්වාසය එකවර එකම පුද්ගලයා තුළ පිහිටිය නොහැකි වුවත් වික්ටර් අයිවන් තුළ පිහිටා ඇත'  පැහැදිලි ලෙසම මින් එකක් සත්‍යය ද අනෙක අසත්‍යය ද විය යුතුය' වඩාත් ප‍්‍රායෝ.sl ඇසින් බලන්නේ නම් ගාන්ධිතුමාගේ අවිහිංසාවාදය පිළිබඳ ඔහුගේ උනන්දුව අව්‍යාජ විය නොහැකිය' ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මාර්ගය සාධාරණ’කරණය කිර’ම ඔහුගේ  සැබෑ මතය යැයි සැලකීමට පුළුවන'   එවැනි නිගමනයකට බැසීමට බලපෑ එකම කරුණ ඔහු යුද්ධය යුක්ති යුක්ත කිර’ම ම නොවේ' රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් මේවන තෙක් ඔහු අනුගමනය කර ඇති හුදු උපදේශනාත්මක කරුණු දැක්වීමේ ප‍්‍රතිපත්තිය ද  ඇතුළු  සමස්තය ඊට හේතු පාදක වෙයි'

ඊළ`ගට වික්ටර් අයිවන් කියන විදියට  ප‍්‍රශ්නය මේරු පසු - මේ කාල නිර්ණය ඔහගේය- එනම් බල්ලා පිස්සු වැටුණු පසු - බලයට පත්වෙන මහින්ද රාජපක්ෂ රජයට ඌ මරා දැමීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැත' ඇත්තවශයෙන්ම යුදමය කි‍්‍රයාමාර්ගයක් කරා ආණ්ඩුව පොළඹවනු ලැබුවේ ආණ්ඩුවේම පැවැත්මේ කොන්දේසීන් විසින්ම ය' ජවිපෙ සහ හෙළ උරුමය විසින් ගොඩනැගූ ඊනියා දේශපේ‍්‍රමයේ පදනම මත ආණ්ඩුව පිහිටා තිබූ නිසා එය රැක ගැනීමට නම් ඔවුන්ගේ තෙරපුමට යටත්වීම හැර එක අඩියක් පස්සට ගැනීම  ආණ්ඩුවට කළ නොහැක්කක්ම විය' වෙනත් දේශපාලනමය  විසඳුම් සෙවීමට යාම  ආණ්ඩුව සියතින්ම ගෙල  සිඳ ගැනීමකි' ඒ නිසා   යුද්ධය පිටුපස වූ ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ මේ කරුණ නොසලකා හැර’මෙන්   වික්ටර් අයිවන් කරන්නේ  ආණ්ඩුව පාරිශුද්ධතවයට පත්කිර’මකි'
 
ප‍්‍රභාකරන්  නොසළකා   දෙමළ ජනතාවගේ මෙන්ම ලෝක ප‍්‍රජාවගේ ද පිළිගැන’මට ලක්වන දේශපාලන විසඳුමක් පාලකයන් වෙතින් ඉදිරිපත් වූයේ නම් ප‍්‍රභාකරන්ගේ පැවැත්ම අහෝසිවීම හෝ අවම වශයෙන් ඊට ප‍්‍රබල අභියෝගයක්ව’ම විය හැකි දෙයක් විය' ඒත් වික්ටර් අයිවන් දකින්නේ එය අරුත් විරහිත අදහසක් ලෙස ය' මර්දනීය පාලකයන්ටත් වඩා ඔහු ඉදිරියට ගොස් ඇති සැටි

      
 

1 comment:

  1. කන්න ඕනැ උනහම කබරගොයත් තලගොයා කරගන්නවනේ. අනිත් අයට බෝතලේට ලියන මාධ්‍යවේදියෝ කිව්වට. මෙයාලටත් උනේ ඒකමයි. මමත් පෝස්ට් එකක් දැම්ම මේ අදීන මාධ්‍යවේදිය ගැන. මේය කඩේ යන්නේ මල්ලක අරන් නෙමේ. බ්‍රීෆ් කේස් එකක් අරන්..

    ReplyDelete