මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Saturday, June 4, 2011

ඔබ මේ දුෂ්ට පාලනයේ අවසානයේ ආරම්භය සලකුණු කළෙහිය


රොෂේන් චානක සොහොයුරාණෙනි,
ඔබට අපේ සහෝදරාත්මක ආචාරය

දුෂ්ට පාලකයෝ කම්කරු පංතිය ප‍්‍රමුඛ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් හැමදාමත් පැහැර ගනිති.

ජනතාව නිහ`ඩව සිටින්නේ කොයි තාක් ද ඒ තාක් ඒ පැහැර ගැනීම් නොනවත්වා කරගෙන යති.

ඔබ ඊට එරෙහිව නැගී සිටිය හොත්  ඔවුන් ඔබට බැටන් ප‍්‍රහාර, කඳුළු ගෑස් හා අවසානයේ වෙඩි උණ්ඩවලින් ද සංග‍්‍රහ කරමින් ජීවිත ද බිලි ගනිති.



රොෂේන් චානක සොහොයුරාණෙනි,

රාජපක්ෂ පාලනය ද එපරිද්දෙන් ම ඔබේ ද ඔබේ පංතියේ ද අයිතිවාසිකම් පැහැර ගන්නට පටන් ගත්තේ ය. ඔබගේ දහඩිය මහන්සියෙහි ඉතිරියක් වූ ඔබේ සේවක අර්ථ සාධක අරමුදල, ඔබේ සේවක  භාරකාර අරමුදල කොල්ලකෑම සඳහා ව්‍යාජ විශ‍්‍රාම වැටුප් පනතක් ගෙනාවේ ය. ඔබේ යහපතට යයි කියමින් මේ පරපුටු පාලන තන්ත‍්‍රයේ නාස්තිකාර වියදම් පියවා ගැනීම සඳහා ගෙනෙන ලද එකී කොල්ලකාරී පනතට එරෙහිව  ඔබ ඔබේ පංතිය සමග නැගී සිටියෙහි ය. එහෙත් මේ පරපුටු පාලනය එකී කොල්ලකාරී පනත ඉවත් කර ගන්නවා වෙනුවට කළේ කුළු පොලූ, කඳුළු ගෑස්, තුවක්කු හා වෙඩි උණ්ඩ සමග රාජ්‍ය මර්දනීය බල ඇණි යොදවා පිළිතුරු දීම ය. අරගල කරන සියල්ලන්ටම පාඩමක් ඉගැන්වීමට ඔබේ විරෝධය බලයෙන් කුඩු පට්ටම්කර දැමීමට පියවර ගැනීම ය. අවසානයේ ඔබේ ජීවිතය ද බිලි ගැනීම ය.

සොහොයුරාණෙනි,

ඔබේ ජීවිතය බිලි ගැනීමෙන් කළේ මේ දුෂ්ට පාලකයන් ජය ගැනීම නොවේ. ඔවුන්ගේ දුෂ්ට පාලනයේ අවසානයේ ආරම්භය සලකුණු කර ගැනීම පමණි. ඔබ ඔබේ ජීවිතය කැප කිරීමෙන් ඔබගේ සහෝදර ජනයාගේ අරගලයට ජීවයක් ලබා දුන්නෙහි ය. කොල්ලකාරී පනත හකුලා ගන්නට සැලස්සුවෙහි ය. මුළුමහත් පීඩිත ජනයාටම ගමන් කළ යුතු මාවත විවර කර දුන්නෙහි ය. අරගලයට ආශ්වාදයක් සැපයුවෙහි ය. සිය පංතියේ අරගලය වෙනුවෙන් සිය දිවි කැප කළා වූ ලොව පුරා පීඩිත පංති විරුවන්ගේ නම් අතරට ඔබේ නම ද එක් කරමින් සදානුස්මරණීය වූවෙහි ය.

සොහොයුරාණෙනි,

යළිත් ඔබට අපේ සහෝදරාත්මක ආචාරය

පීපල්ස් මාච්

No comments:

Post a Comment