![]() |
![]() |
ගෝලීය ධනවාදය පිළිබඳ න්‍යායික හැදෑරීමක් ඇති ඒ වගේම ඒ ගැන දැඩි උනන්දුවක් දක්වන හා අවබෝධයෙන් යුතුව ගෝලීය ධනවාදය සමග එක්තැන්ව සිටින මිලින්ද මොරගොඩට එජාපයේ ඇමතිවරයෙක් වශයෙන් සිටියදී මුන්පත් කර ගැනීමට කාලවේලා නොතිබූ ගෝලීය සිහිනය කොළඹ දී නමුත් ඉටුකර ගැනීමට දැන් දේශප්‍රෙමී බටහිර විරෝධී රාජපක්ෂලා විසින් අවස්ථාව ලබා දී තිබීම අපූර්ව ජනක ය. ගෝලීය ධනවාදී මාවතේ ගොරහැඩි මිලිටරි ක‍්‍රමයකට ඉදිරියට යන්න තැත් දරන ගෝඨාභය රාජපක්ෂගේ තේරීම ඔවුන්ට අනුව නරකම නැත. මේ විදියට කොළඹ නගර සභාවේ ඔවුන් එකිනෙකා මුණ ගැසීම කිසිසේත්ම අහඹුවක් නොවේ. න්‍යායික හා ප‍්‍රායෝගික සැබෑ එකතුවකි. ඔවුන් දෙන්නාගේ ක‍්‍රමවේද දෙක එකිනෙක උණපුරණය කර ගන්නා විට කොළඹ පැල්පත් වාසී ජන සමූහයාට දෙවියන්ගේම පිහිට ය.!