මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Wednesday, September 7, 2011

මින් ඉදිරියට ඉඩම් විකුණන්නේ නෑ





විදේශිය ආයෝජකයන් වෙනුවෙන් මින් ඉදිරියට ඉඩම් විකුණන්නේ නැති බවත් ඒ වෙනුවට 30 අවුරුදු බදු ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති ලක්ෂමන් යාපා අබේවර්ධන අගෝ. 2 දින රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවනාගාරයේ පැවති මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශකර ඇත.


ආණ්ඩුව රජයේ ඉඩම් විදේශීය ආයෝජකයන්ට දිගට හරහට විකුණමින් ගියේ හරියටම තම පරම්පරා බූදලයක් විකුණනන්නාක් වගේ ය. එහිදී විශාල වශයෙන් වංචා දූෂණ සිදුවී ඇති බවට විපක්ෂ පක්ෂ හා විකල්ප පුවත්පත් ස`ගරා ආදිය මගින් හෙළිදරව් කෙරුණි. ඒවාට නෑසූ කන් ඇතිව සිටි ආණ්ඩුව දැන් හදිසියේම තිස් අවුරුදු බද්දකට පස්ස ගසා ඇත. අප හිතනවට වැඩිය ජනාධිපති මහින්ද රාජපක්ෂට- ඔහුගේ පැත්තෙන් දුර පෙනෙන බව සිතේ. පහුගිය කාලෙ තුෂ්ණිම්භූතව සිටි ජනයා ග‍්‍රීස් යකා ආවේශයෙන් හමුදා කඳවුරු වටකරන්න ගත්ත වගේ පන්නා දමන නාගරික පැල්පත් වාසීන් ගෙවල යකා ආවේශයෙන් කොළඹ නගරෙ හොල්මන් කරන්න ගත්තොත් ඉහගෙන කෑම කොහොමවුනත්  බාගෙන කන්නවත් වලක් ඉතිරිවෙන එකක් නැතිවෙලා යන්න පුළුවන් කියල හිතුනා විය හැකි ය. ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව වැනි රටවල සිදුවූ දේ අනුව තමන්ට මෙන්ම පුතාටත් පවුලටත් යන කලදසාව  ගැනත් හිතුනා විය හැකි ය.


මීටත් වඩා ලක්ෂමන් යාපා නි. ඇමතිතුමාගේ කථාවේ තවත් රසවත් කොටසක් ඇත. ඒ එ. ජා. ප. පාලන කාලයේ අක්කරය රු. 300 ක් වගේ සුළු මුදලකට ඉඩම් බදු දී ඇති බවට ඔහු චෝදනා කිරීම යි. ඉතිං ලක්ෂමන් යාපා ද එදා එජාප ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ ඇමතිවරයෙකුව සිටියා නොවේ ද? එදා ඔහු  ඒවා අනුමත කළා මිස විරුද්ධවූ බවක් අපට අසන්නට නම් නැත. මෙදා ද ඔහුගේම ඇමති ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඉඩම් විකුණද්දී ඒවා සාධාරනීකරණය කළා මිස ඒවාට විරුද්ධ වූයේ නැත. වැරදි යයි කීවේ නැත. එදා මෙදා ඔහුගේ මේ බයාදු නිවට හැසිරීමෙන් ඔහු උපයාගෙන ඇත්තේ නි. ඇමති තනතුරක් විතරක් ම ය.    

No comments:

Post a Comment