මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Thursday, October 6, 2011

හොඳයි, ඒත් පරෙස්සමින්



සමාජයේ මෝරා වැඩෙන අර්බුදයන්ගේ බලපෑමෙන් පවතින කිසිදු දේශපාලන පක්ෂයකට ගැලවී ගත නොහැකි ය. පක්ෂයක් තුළ පිළිබිඹුවන එම අර්බුදයන් යම් යම් කොන්දේසි යටතේ කලක් ආවරණය කරගෙන සිටිය හැකි නමුත් දිගටම එසේ ආවරණය කර ගෙන සිටින්නට ද බැරි ය. හැම පක්ෂයක් තුළම මේ අර්බුදය පිළිබිඹුවෙයි. ඇතැම් ඒවායේ ඉක්මනින් ද ඇතැම් ඒවායේ පසුවී ද මෙම අර්බුද ප‍්‍රකාශයට පත් වෙයි. මෙම අර්බුදය ප‍්‍රකාශයට පත්වීම විදහා පාන අලූත්ම නිදර්ශනය ජවිපෙන් දිස්ව ඇත.

ජවිපෙ දැන් අනුගමනය කරන මූලෝපායික ප‍්‍රවේශය නිවැරදි ද, එහි අනාගත මූලෝපායික දිශානතිය කුමක් විය යුතු ද, එකී දිශානතිය පදනම් විය යුතු දෘෂ්ටිමය පදනම් මොනවා ද ආදී වශයෙන් විවාදයක් එහි අභ්‍යන්තරයේ පැන නැගී පැවති බව රහසක් නොවුව ද එහි දිග පළල ගැඹුර නිරාවරණය වන්නේ දැන් දැන් ය. ලැබෙන තොරතුරු අනුව පෙනෙන්නේ ජවිපෙ මෙවර බෙදීම සිදුවන්නේ  වත්මන් ජවිපෙ සිටින දක්ෂිණවාදී වාම ස්ථාවරයට එරෙහිව එකී ස්ථාවරයෙන් කැඩුණ වමක් ගොඩ නැගිය යුතු ය යන ප‍්‍රවේශයකින් බව ය. ජවිපෙහි දක්ෂිණවාදී වාම ස්ථාවරය බෙදුම්වාදයට මුවාවෙමින් රාජපක්ෂ රෙජිමය බලයට ගෙන ඒමට පමණක් නොව එය ස්ථාපිත කිරීමට ද සුවිශාල වැඩ කොටසකට දායක වූයේ ය. රාජපක්ෂ රෙජිමය මතවාදී වශයෙන් ද දේශපාලනමය වශයෙන් ද හොඳටම ස්ථාපිත කිරීමෙන් අනතුරුව එයට එරෙහිව සටන් වැදීම තමන්ටම එරෙහි සටන් වැදීමක් බවට පත්වීමේ විරුද්ධාභාෂයට මුහුණ දීමට සිදුවීම ජවිපෙහි දෛවයේ සරදමක් බඳු ය. නන්දන ගුණතිලකලා, විමල් වීරවංශලා ජවිපෙන් වෙන්ව රාජපක්ෂ රෙජිමයේ බැලයන් බවට පත්වීම සිදු වන්නේ එදා ජවිපෙ දේශපාලනයේ ම තාර්කික දිගුවක් ලෙසිනි. අනෙක් අතට ජවිපෙ රාජපක්ෂ රෙජිමයෙන් කැඞීම එම දේශපාලනයෙන් කැඞීමක් සලකුණු කළේ ද නැත. එය ඉන් කැඩෙන්නේ ඉහවහ ගිය දූෂණය, මර්දනය, පවුල් අධිකාරය ආදී වශයෙන් වන රාජපක්ෂ රෙජිමයේ භාවිතයන්ට එරෙහිව ය. අනෙක් අතට ඉන් කැඞීමෙන් අනතුරුව සිදු වූයේ  රාජපක්ෂ සමග සන්ධානය වෙනුවට එම දේශපාලනයේම දිගුවක් වශයෙන් ජවිපෙ නව සන්ධානයක් කරා පිවිසීම ය. දූෂණය, මර්දනය, පවුල් අධිකාරය අදියෙන් වෙනස් වන බව ප‍්‍රකාශිත වුව ද හරයෙන් ගත් කල මේ සන්ධානයේ දේශපාලනය ද රාජපක්ෂ රෙජිමයේ දේශපාලනයෙන් සැබවින්ම වෙනස් නැත.

ජවිපෙහි නව පිපිරීම අපට දර්ශනය වන්නේ සුවිශේෂව පරිවාසයේ සිට කැපී පෙනෙන අකාරයෙන් භාවිතයට නගන්නට වූ ජවිපෙ සභාග දේශපාලනයත්  ඊට එරෙහිව පැන නැගී වර්ධනය වී ඇති වාම ප‍්‍රවනතාවත් අතර අරගලය මතු පිටට පැමිණීමක් ලෙස ය. ජවිපෙ තුළ මෙම ප‍්‍රවනතාව ජය ගනී ද නැතහොත් සුපුරුදු පරිද්දෙන් ම ජවිපෙ නිල නායකත්වය නියෝජනය කරන සභාගවාදී පංති සහයෝගිතාවාදී දේශපාලනය විසින් එය පොඩි පට්ටම් කර දමනු ලැබ තම ස්ථානය රැුක ගනී ද යන්න අපට තවමත් කිව නොහැකි ය. කෙසේ වුව ද ජවිපෙහි ජයග‍්‍රාහී වී ඇති දක්ෂිණවාදී වාම දේශපාලනයට එරෙහිව වාම ප‍්‍රවනතාවක් මතු වී වර්ධනය වීම පංති අරගලයේ දෘෂ්ටි කෝණයෙන් ගත් කල යහපත්  වර්ධනයක් බව පැවසිය යුතු ය.

මෙම ප‍්‍රවනතාව ශක්තියෙන් වැඞී යන්නේ නම් එය කෙසේ වර්ධනය වනු ඇත් දැ යි තවමත් නිශ්චිතව කියන්නට බැරි ය. මන් ද ජවිපෙ දේශපාලන සංස්කෘතිය තුළ හැදී වැඞී පෝෂණය වු බලවේගයන්ට එහි චින්තන විධියෙන්, ඒ තුළ හැදී වැඞීම තුළ මුල් බැස ගත් පුරුද්දේ බලයෙන් හා ජවිපෙට ආවේණික වූ නිකායවාදී භාවිතයෙන් කැඞී වෙන් වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන නිසා ය. ඒ සඳහා තිරසර බවක් ද දැඩි අධිෂ්ඨානයක් ද අපෝහක ප‍්‍රවේශයක් ද අදම්‍ය ස්වයං විවේනාත්මක ජීව ගුණයක් ද අවශ්‍ය ය. ඒවායින් කැඞී වෙන් වීමට තිරසර  හා අධිෂ්ඨාන සහගත වන්නේ නම් ද දක්ෂිණ අවස්ථාවාදී වාම දේශපාලනයට එරෙහිව අති ධාවනකාරී, අවස්ථාවාදී අති වාම දේශපාලනයට ඇද නොවැටීමට සබුද්ධික වන්නේ නම් ද නිකායවාදී භාවිතයෙන් තිරසර ලෙස  සමු ගන්නේ නම් ද මෙම ප‍්‍රවනතාව අද ජනතා ව්‍යාපාරයේ සැබෑ බල ඇණියක් ලෙස වැඞීමේ විභවයකින් යුක්ත බව පෙනෙන්නට තිබේ. ඒ පදනමින් ඒ තාක් දුරට අපි මෙම ප‍්‍රවණතාවට සුභාශිංසනය කරමු. දෑත් දිගු කරමු.

එහෙත් ඒ සමගම ජවිපෙ තුළ පැන නැගී ඇති මෙම නව වර්ධනය පාලකයන්ගේ නැගී වර්ධනය වන දුෂ්ඨ අරමුණු ඉටු කර ගැනීම සඳහා උපයෝගී කර ගැනීමේ බරපතල කුමන්ත‍්‍රණකාරී කි‍්‍රයාකාරිත්වයක් දියත් වෙමින් පවත්නා බවට අනතුරු හැ`ගවීමට ද කැමත්තෙමු. පාලකයන්ගේ අවශ්‍යතා සඳහා දර දිය අදින්නන් බවට පත්ව ඇති මාධ්‍ය ඇතැම් විට පාලකයින්ගේ ද උපදෙස් අනුව යමින් මේ කුමන්ත‍්‍රණයේ කොටස්කරුවන්ගේ භූමිකාවක් ර`ග දක්වන බවක් පෙනෙන්නට තිබේ. මේ මාධ්‍යයන්ට අනුව මෙම ප‍්‍රවනතාව කැරලිකාර කණ්ඩායමකි. ඬේලි මිරර් පත‍්‍රය ලීවේ මෙම කණ්ඩායම සන්නනද්ධ කැරල්ලක් සඳහා සූදානම් වන බවකි. ඉරුරැුස  කියා සිටියේ ජවිපෙ කොටසක් කැලෑ වදී ද? යනුවෙනි. දිවයින වාර්තා කළේ කුමාර ගුණරත්නම් සැරසෙන්නේ තුන්වන කැරල්ලකට ද? කියා යි.  කිසිදු පිළිගත හැකි සාධකයක් නොමැතිව බොරු බේගල් ඇද බාමින් මේ මාධ්‍ය ඉටු කරන්නට යන්නේ කාගේ වුමනාවක් ද?

අද රටේ කිසියම් කැරලිකාරී තත්ත්වයක් ඇති කර ගැනීමේ සැබෑ උවමනාවෙන් පෙළෙන එකම බලවේගයක් තිබේ. එය අන් කිසිවක් නොව ආණ්ඩුවයි. ආණ්ඩුව දෙස් විදෙස් වශයෙන් මුහුණ පා සිටින්නේ  ඉතා අසීරු තත්ත්වයකට ය. එය නොයෙකුත් කොන්දේසි යටතේ මැතිවරණ ජයග‍්‍රහණ අත්පත් කර ගන්නා බව ඇත්ත නමුත් එය සිටින්නේ රටේ ද එහි අභ්‍යන්තරයේ ද පුපුරා යන්නට තත්ත්වයන් කුළු ගැන්වෙන තෙක් නිසලව වැඩෙමින් පවත්නා ප‍්‍රතිවිරෝධයන් ගොන්නක් මත ය. මේවා එන්නට එන්ටම මෝරා යාමේ මිස සමහන් වීමේ විභවයන්ගෙන් යුතු නොවේ. දිගින් දිගටම යුද ජයග‍්‍රහණය පෙන්වමින් හා අධිවේග මාර්ග තැනීමේ හා පාරවල් කොන්කී‍්‍රට් කිරීමේ සංවර්ධනය කියා පෑමෙන් මේ ප‍්‍රතිවිරෝධතා පාලනයකට නතු කර ගන්නට රාජපක්ෂ රෙජිමයට හැකි වන්නේ නැත. මේ නිසා පැවැත්ම සඳහා තත්ත්වයන් නිර්මාණය කර ගැනීමට හා පවත්වා ගැනීමට ඊට බල කෙරෙයි.  දිගින් දිගටම හදිසි තත්ත්වයක් පවත්වා ගැනීමට, පවත්වා ගෙන යන මර්දනීය පිළිවෙත් සාධාරණීය කිරීමට තත්ත්වයන් පැවතීම ඊට අවශ්‍ය ය. තත්ත්වයන් නොපවතින්නේ නම් ඒවා  නිර්මාණය කර ගත යුතු ය. මේ සඳහා ආණ්ඩුව හිට්ලර්ගේ මාධ්‍ය ඇමත්තා වූ ගොබෙල්ස්ගේ  න්‍යාය භාවිතයට යෙදිය යුතු ය. හිට්ලර් වැන්ඩලූබේ වැනි ඒජන්තයින් යොදා ගෙන ජර්මන් පාර්ලිමේන්තුවට ගිනි තබා එය කොමියුනිස්ට්වාදීන් මත පැටවූවා සේ ආණ්ඩුව සිය ඒජන්තයින් ලවා යම් යම්  දේ කර ඒවා කාගේ පිට හෝ  පටවා තමන්ට ඇවැසි දේ ඉටු කර ගත හැකි ය. මේ සඳහා ජාත්‍යන්තර පමණක් නොව දේශීය නිදසුන් ද ඇත්තේ ය. ඒ අනුව ජවිපෙ කොටසක් සන්නද්ධ කැරැුල්ලකට සූදානම් වෙනවාය යයි ප‍්‍රචාරය කිරීම ආණ්ඩුවේ ද ආණ්ඩුව තුරුලේ නැලවෙන ගෝස්තරවාදීන්ගේ ද කුමන්ත‍්‍රණයක් වන්නට හැකි බව ප‍්‍රගතිශීලී බලවේග, ප‍්‍රගතිශීලී මහජනයා තේරුම් ගැනීම අවශ්‍ය බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

ඒ වගේම පක්ෂ හෝ කණ්ඩායම්වල තුළට ඇතුල්කර ඇති හෝ ඒවා තුළින් තමන් වෙතට දිනා ගෙන ඇති ඒජන්තයින් ලවා එම පක්ෂ හෝ කණ්ඩායම් තුළින්ම පවා එබඳු කි‍්‍රයාකාරිත්වයන් ඇති කිරීමේ  සැලසුම් කි‍්‍රයාත්මක වන්නට ද හැකි බවට අනතුරු හැ`ගවීමට  අපි කැමත්තෙමු. 

අවසාන වශයෙන් මෙම ප‍්‍රවනතාව  නියෝජනය කරන සහෝදර සහෝදරියන්ට අප මෙසේ කියමු. පෙරට තැබූ පය පෙරටම තබන්න. මේ ගමනේ දී ඔබට එරෙහිව ඇතුළතින් ඔබව විනාශ කිරීමට ද  පිටතින් ඔබව කොටු කිරීමට හා ඔබව උපයෝගී කර ගෙන ඔබ පමණක් නොව ජනතාවම අඩස්සියේ තබා ගැනීමට ද කුමන්ත‍්‍රණ හා උගුල් මානවන්නට පුළුවන. ඒවාට අසු නොවී පෙරට යන්නට විමසිලිමත්ව වග බලා ගන්න.


No comments:

Post a Comment