මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Wednesday, August 24, 2011

මාධ්‍ය භාවිතය හා සංස්කෘතිය

රජිත රාජපක්ෂ
       ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය භාවිතය, මාධ්‍ය සංස්කෘතිය හා මාධ්‍ය නිදහස  සිවිල් සමාජය තුළ අද නිතරම සංවාදයට බඳුන් වන කරුණක් බවට පත්වී තිබේ. පොදු මහජනතාව මෙය එතරම් වැදගත් මාතෘකාවක් ලෙස නොසැලකුවත් ඔවුන්ගේ ද කිසියම් අවධානයක් මාධ්‍ය ක්ෂේත‍්‍රය කෙරේ පවතී.

Thursday, August 18, 2011

උදය ගම්මමන්පිල ගේ ගැලවීමේ මාර්ගය

 ”ඩෙංගු වැඩිවීමට හේතුව සෞඛ්‍ය ඇමතිවරයා නොව ගෝලීය උණුසුම වැඩිවීමයි.”
  
      බස්නාහිර පළාත් පරිසර අමාත්‍ය උදය ගම්මන්පිල    - දිවයින- 2011. 08. 10

දේශපාලනය යනු පුද්ගලික කටයුත්තක් නොවේ. ආවෘතව කවුරු වෙනුවෙන් පෙනී සිටිය ද විවෘතව නම් සියළු දේශපාලකයන් පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙනි. ඒ අර්ථයෙන් ආණ්ඩු පක්ෂ විපක්ෂ භේදයක් නොසලකා දේශපාලකයන් තමන් කරන කියන සියළු දේ සම්බන්ධයෙන් ජනතාව වෙත වගවීමට බැඳී සිටී යනු අපේ වැටහීමයිි. විශේෂයෙන් ආණ්ඩු පක්ෂ දේශපාලකයන් මත එම වගකීම වැඩියෙන් රැුඳී ඇත. ජනතාව අවුරුදු පහකට හයකට තම පරමාධිපත්‍යය ඔවුන් වෙත පවරා දී ඇති නිසාත් මහත් තරගයක් දී ඔවුන් එය ලබාගෙන ඇති නිසාත් ආණුඩු පක්ෂ මැති ඇමතිවරු ජනතාව වෙත වගවීමට අනිවාර්යයෙන්ම බැඳී සිටිති.

Sunday, August 14, 2011

අම්මාවරුනේ! අම්මාවරුනේ !

අම්මාවරුනේ
අම්මාවරුනේ

සම්මා සම්බුදු
අම්මාවරුනේ

දරුවන්ගේ දුක්
කඳුළු දකින දා
සුරලොව සිට අත පා
ඒ කඳුලැලි පිසිනා

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කව්දෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදුවන්නේ

අම්මාවරුනේ
අම්මාවරුනේ

සෙනෙහස වැඩි දා සිත ද බොළඳ වී
ලොවම ආදරෙයි කියා සිතේ
මායාවක් වී එහි තනි වූ දා
අම්මා පමණයි ල`ග ඉන්නේ
අම්මා පමණයි ල`ග ඉන්නේ

අම්මාවරුනේ
අම්මාවරුනේ
සම්මා සම්බුදු අම්මාවරුනේ

දරුවන්ගේ දුක්
කඳුළු දකින දා
සුරලොව සිට අත පා
ඒ කඳුලැලි පිසිනා

අම්මාවරුනේ
අම්මාවරුනේ

නන්දා මාලනී

Sunday, August 7, 2011

වර්තමාන දේශපාලනය හා අපේ කාර්යභාරය



ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය  පෙර දේශපාලන තත්වයන්ට වඩා විශේෂිත ලක්ෂණ කීපයකින් සංයුක්ත වෙයි.

1. සංස්කෘතික දේශපාලනය

අධිපති බල කණ්ඩායම් එකිනෙකා පරයා ආධිපත්‍යය හෙබවීම සඳහා සමාජයේ ඓතිහාසිකව පවතින සංස්කෘතික විෂමතාවයන්  උපයෝගී කර ගැනීමෙන් සංස්කෘතික දේශපාලනය සකස් වෙයි.

ශ‍්‍රී ලංකාව බහුවිධ සංස්කෘතියකට උරුමකම් කියන දකුණු ආසියාතික රටකි. යටත් විජිතවාදය විසින් ලංකාවට හඳුන්වා දෙනු ලැබූ ධනවාදය වර්ධනය වූයේ පසුගාමී වැඩවසම් ආර්ථිකය හා සංස්කෘතිය සමග අතිනත ගෙන සමහරවිට සුළු වශයෙන් ඒවාට බලපෑම් කරමින් ඊටම විශේෂිත ආකාරයකට ය. ඒ එහි යටත්විජිතමය ස්වරූපය නිසා ය. පැවති ආර්ථික හා සංස්කෘතික සබඳතාවන්ගේ පසුගාමී අංග නොවැදගත් අප‍්‍රධාන සාධකයන් බවට පත්කරනවා වෙනුවට එය කළේ ඒවා ලියාපදිංචි කිරීම ය. යටත්විජිතවාදයේ ආභාෂය ලැබූ දේශීය ධනවාදී දේශපාලනඥයන්ට ද ඔවුන්ගේ ස්වාමිවරුන්ට වඩා වැඩි යමක් කිරීමට තරම් දුර දැක්මක් ද හැකියාවක් ද උවමනාවක් ද නොවීය. ඔවුන්ට සමාජ පසුගාමිත්වය බලය ලබා ගැනීම සඳහා කේවල් කිරීමේ මෙවලමක් පමණක්ම විය. ඒ අනුව ඔවුන්ගේ දේශපාලන පැවැත්ම හා සමාජ පසුගාමිත්වය අන්‍යොන්‍යව වෙළී පවති.

Saturday, August 6, 2011

කව්ද මේවට වගකියන්නේ ?

         


රාවය පුවත් පතේ පිටුවක් බද්දට ගෙන පලකරන ‘සමබිම’ ඉරිදා සංග‍්‍රහයේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන ලියා තිබූ ලිපියක මාතෘකාව එලෙසින්ම අපේ මේ සටහනට ද යොදාගැනීම වඩාත් සුදුසුය යි අපි අදහස් කරමු .


කුමාර් සංගක්කාර විසින් එංගලන්තයේ දී පැවැත්වූ කොලින් කවුඞ්රි දේශනය අද  බොහෝ  බුද්ධිමතුන් විසින් මහත් අගය කිරීමකට ලක් කරනු ලබයි. එහිදී අපේ ක‍්‍රිකට් පරිපාලනය තුළ අරක්ගෙන ඇති දේශපාලනය හා දූෂණය ගැන අවධාරණය කරන අතරම සංගක්කාර, ශ‍්‍රී ලාංකීය ක‍්‍රිකට් ක‍්‍රීඩාව මහත් සේ ඉහළට ඔසවා තබයි. ඒ තමයි ඔහුගේ කථාවේ ඇති විශේෂත්වය. අගය කිරීමට ලක්වූයේ එම යථාර්තය යි. මේ නිසාම  ක‍්‍රීඩා ඇමතිවරයාට හා ක‍්‍රිකට් පරිපාලනයට සිදුවුනේ සංගක්කාරට එරෙහිව අමෝරා ගත් පොලූ මුගුරු පස්ස පැත්තේ හංගාගෙන පසු බහින්නයි. ඉදිරියේ දී සංගක්කාරට කුමක් සිදුවේ දැයි අපි නොදනිමු. ක‍්‍රිකට් ක‍්‍රීඩාව මෙන්ම ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ද වෙළෙඳ පොළ භාණ්ඩයක් වීම අද යථාර්තය තුළ නොවැලැක්විය හැක්කකි. එසේ වුව ද වඩාත්  ආකර්ෂණීය රිද්මයක් සහිත ක‍්‍රීඩාවක් වූ  ක‍්‍රිකට් ක‍්‍රීඩාව යම් දුරකට හෝ එලෙසින්ම පවත්වාගෙන යාමට සංගක්කාර දක්වන උනන්දුව  අපි අගයන අතරම මේ සමාජ යථාර්තය සම්බන්ධයෙන් අපේ විවේචනයන් සනාථ කරන්නාවූ සාක්ෂිකරුවකු වූ ඔහුව අපි ආරක්ෂා කළ යුතු වෙමු.

Wednesday, August 3, 2011

පළාත් පාලන ඡන්දය- නිවට නොවූ උතුර

                                                       වසන්ත දිසානායක

පළාත් පාලන ආයතන ගණනාවක් සඳහ 2011 ජූලි 23 පවත්වන ලද මැතිවරණයේ දකුණේ හා උතුරේ ප‍්‍රතිඵලය සංසදනාත්මකව විමසා බැලීම වටනේ ය. මේ ප‍්‍රතිඵල පෙන්නුම් කරන්නේ එකිනෙකට හාත් පසින්ම වෙනස් නොසලකා නොහැරිය හැකි තත්ත්වයකි.