මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Tuesday, November 2, 2010

පිරිත් නූල ටී පනස් හය සමග පෑහීමක් නැත

යුද්ධ කළේ දහමට ළැදිවයි
        හමුදා ප‍්‍රකාශක
                    රාවය පුවAතක් 2010. 10. 24
ශ‍්‍රී ලංකා යුද හමුදාව පසුගිය කාලය තුළ උතුරු නැගෙනහිර එල්ටීටීයට එරෙහිව කරගෙන ගිය බිහිසුුණු යුද්ධය ආගම දහමට නැඹුරු ආසියාතික සංකල්පයක පිහිටා කරන ලද්දක් බව හමුදා ප‍්‍රකාශක පවසයි. යුද කි‍්‍රයාන්විතයන් ආරම්භ කිරීමට පෙර සර්ව ආගමික චාරිත‍්‍රයන් පවත්වා ආශිර්වාද ලබාගෙන ඇති නිසා පශ්චාත් යුද සමයේ අන් රටවල හමුදා සොල්දාදුවන් තුළ දකින්න ලැබෙන යුද ආතතිය ශ‍්‍රී ලංකාවේ හමුදා සොල්දාදුවන් තුළ දකින්න නොලැබුණ බව හමුදා ප‍්‍රකාශක වැඩිදුරටත් කියා සිටී.
පිරිත් කියමින් හමුදා සොල්දාදුවන් අත පිරිත් නූල් බඳින එවැනි අවස්ථා අපි ද නොයෙක් විට මාධ්‍ය තුළින්  දැක ඇත්තෙමු. ඒත් එදත් අදත් අපට මතුවුන ප‍්‍රශ්නයක් තිබේ. ඒ තුමූම හෝ අනෙකා මරණයේ දොරටුව වෙත දක්කාගෙන යන්න පොළවඹනු ලබන්නේ බෞද්ධයෙකු ලෙස සැලකීමේ අවම කොන්දේසිය වූ පන්සිල් පද පහෙන් කුමන සිල්පදය අනුව ද යන්නයි. අප දන්නා තරමින් සියළු ආගමික ඉගැන්වීම්වලින් අවසාන වශයෙන් ප‍්‍රකාශවන්නේ සමාජ සම්බන්ධතාවයන් වඩාත් යහපත් අයුරින් පවත්වාගෙන යාමට ඉවහල්වන මාර්ගෝපදේශයන් ය. කොටින් ම මිනිසා ජීවත් කරවීම මිස මරාදැමීම නොවේ.
අපි එකක් පිළිගනිමු. එනම් ඉතිහාසයේ සියළු ආගම් විසින් යහපතට පමුණූවන ලද මිනිසුන් සංඛ්‍යාවකට වඩා පංතිමය සමාජයේ දී එහි ප‍්‍රමුඛ අධිපති පංතින් විසින් ආගම උපයෝගී කරගනිමින් පෙළන ලද, භේද කරන ලද, මරා දමන ලද හා මරවන ලද මිනිසුන් සංඛ්‍යාව අතිවිශාල විය හැකි ය යන්න ය.   
ශ‍්‍රී ලංකාවේ සෑම හමුදා සොල්දාදුවෙකට ම දැන් හිතන්න කරුණක් අභිමුඛව ඇත. එනම් තීරණාත්මක මොහොතකදී අනෙකාට එරෙහිව ඔබ අත ඇති ආයුධය පමණක් ම නොව ඔබේම හෘදය සාක්ෂිය ද යුද උපක‍්‍රමයක් ලෙස යොදාගෙන ඇති බව ය.

No comments:

Post a Comment