මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Saturday, October 16, 2010

දර්ශනය , අපව අරගෙන යන පාරුවක් මිසක හිස උඩ උස්සාගෙන යා යුතු බරක් නොවෙයි


ඉන්දීය ජාතික මහා පණ්ඩිත් රාහුල් සංකෘත්‍යායන ( 1893- 1963)   ළමාවියේ දී  ප‍්‍රාථමික අධ්‍යාපනය හැර විධිමත් අධ්‍යාපනයක් නොලැබූවෙකුවුවත් වෙහෙස වී ඉගෙනීමෙන් සංස්කෘත ,  පර්ෂියානු ,  අරාබි ,  දෙමළ ,  කන්නඩ ,  ටිබෙට් ,  සිංහල ,  ප‍්‍රංශ ,  රුසියානු ආදී භාෂා ගණනක ප‍්‍රවීනත්වය ලැබ ඉතිහාසය ,  භාෂා විද්‍යාව ,  බුද්ධ ධර්මය ,  නාට්‍ය ,  දේශපාලනය හා සමාජ විද්‍යාව වැනි විවිධ විෂයයන් අලලා බොහෝ  පත පොත ලියා ඇත දෙවරකදී ලෙනින්ග‍්‍රාද් විශ්ව විද්‍යාලයේ ඉන්දියානුවේදය පිළිබඳ මහාචාර්ය පදවියත් බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය පදවියත් හොබවා ඇති ඔහු ලංකාවේ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ හින්දි භාෂාව පිළිබඳ මහාචාර්ය පදවිය ද හොබවා ඇත. ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියෙකුවීම හේතුවෙන් ඔහුට සිරබත් කෑමට ද සිදුවිය.
ක‍්‍රි. ප.ූ 6000 සිට ක‍්‍රි .ව. 1922 දක්වා මානව සමාජයේ ඓතිහාසික ආර්ථික හා දේශපාලනික පරිනාමය ,  කතාන්දරයක ස්වරූපයෙන් ඔහු විසින් ලියා ඇති ‘වොල්ගා සිට ගංගා තෙක් ’ නම් වු  කෘතියෙහි එන (  සිංහල පරිවර්තනය මහින්ද සෙනරත් යාපා )   ක‍්‍රි .පූ. 50 දී පමණ උතුරු ඉන්දියාවේ කල්කරාම් බෞද්ධ ආරාමයේ වැඩ විසූ ග‍්‍රීක ජාතික ධර්මරක්ෂිත නම් හිමි හා මහා කවි අශ්වඝෝෂ අතර පිළිසඳරකින් උපුටා ගත් කොටසකි මේ.
‘.........ආ ගිය තොරතුරු කතා බහෙන් පසු අශ්වඝෝෂ දර්ශනයේ ප‍්‍රශ්නය  සාකච්ඡුාව මතු කරගත්තේය. ’
‘වංශවත් බ‍්‍රාහ්මණ තුමනි’ අශ‍්‍රාමාධිපති පැවසීය. බෞද්ධයන්ගේ ආගමේ දී ,ඒ කියන්නේ ශාශ්ත‍්‍රවන්තයෝ අතරේ දර්ශනය හැඳින්වෙන්නේ දාමයක් හැටියට, ඉතා ම බර දාමයක් හැටියට.
‘එතකොට බුද්ධාගමේ දර්ශනයට තැනක් ඇත්තේම නැද්ද’
‘ඇයි නැත්තේ  බුද්ධාගම කියන්නේ දාර්ශනික ආගමක් .බුදුන් දෙසුවේ ,  දර්ශනය අපව අරගෙන යන පාරුවක් මිසක කෙනෙක්ගේ හිස උඩ උස්සගෙන යා යුතු බරක් නොවෙයි කියලයි ’
‘මොකක්ද එයා අදහස් කළේ . . . ?  පාරුවක්
’ඔව්,  මිනිස්සු    ගගක් ළ`ගට ආවම ඔරුවක් නැත් නම් එයාල කරන්නේ ග`ගතරණය කරන්න පාරුවක් හදාගන්න එක. ඒකේ එගොඩගියාට පස්සේ එයාල හිතන්නෙ නෑ කළ උපකාරයට කෘතඥවෙන්න ලී කොට ටික උරහිසින් උස්සන් යන්න  ඕනැ තියල.‘
‘ආගම වෙනුවෙන් හරි එහෙම දෙයක් කියන්න තරං නිර්භීත වුන මිනිහා නිසැකවම සත්‍ය ය දැකලා,  ඒකේ බලය හ`ගින්න ඇති. ආශ‍්‍රමාධිපතිතුමනි,  අපට පැහැදිලි කරලා දෙන්න,  ඉගෙනීමෙන් , අපේ හිත්වලට ප‍්‍රඥාව අල්ලගන්න හැකියාව ඇතිකරන බුදුන්ගේ දර්ශනයේ තියෙන දේ මොකක්ද කියලා.‘
මගේ පුතා,  ආත්මය විශ්වාස නොකිරීමෙන් ! බ‍්‍රාහමණයන් විශ්වාස කරන්නේ ආත්මය කියන්නේ සදාතන ධ‍්‍රැව තාරකාවක් කියලා. අජරාමර ස්වභාවයක් කියලා. බුද්ධාගමට අනුව විශ්වයේ ඒ වගේ අජරාමර ධාතු කිසිවක් පවතින්නේ නැහැ.ඒ අනුව මේ දර්ශනය අර්ථ දක්වන්න පුළුවන් ආත්මය සමග ක‍්‍රියාවේ යොදවන දෙයක් හැටියට,  එක් මොහොතක උපදින,  ඊළ`ග මොහොතේ වැනසෙන සැම දෙයක් ම අනිත්‍ය හැටියට දකින දෙයක් හැටියට.
‘මේ අදහස ම මට ප‍්‍රමාණවත්. පාරුවක් විදියට හැදුව මේ ආගම අනාවරණය කිරීම සහ ආත්මයේ මේ ප‍්‍රතික්ෂේප කිරීම ගැන ඉහළම උණුසුමින් මම සර්වඥයන්ට ගරු කරනවා. හොයමින් හිටි  දේ මට හමුවුණා. මට දැනටම දැනෙනවා,  ඒ සිතුවිල්ල ම මා තුළ කිසියම් කැළඹීමක් කරන බව. ඒත් මට ඒක කොහෙත් ම පැහැදිළි කරන්න පුඵුවන් කමක් නෑ. මිනිස්සු අද බුදුන්ගේ ඉගැන්වීම නිවැරදිව තමන්ගේ මග පෙන්විම කරගන්නවා නම් ලෝකය මීට වඩා වෙනස් තැනක් වේවි!’
‘ඇත්ත මගෙ පුතා,  ඇත්ත. අපේ මව් රටේ,  ග‍්‍රීසියේ බොහොම විචක්ෂණ දාර්ශනිකයෝ ඉපදුණා . බුදුන්ගේ කාලයේ ම ජීවත්වුණු පෛතගරස් , හෙරක්ලීටස් ඒ අතර ඉන්නවා. ඩිමොක‍්‍රීටස්,  ප්ලේටෝ , ඇරිස්ටෝටල් උපන්නේ ඊට මදක් පහුවෙලා. ඒ ග‍්‍රීක දාර්ශනිකයෝ හු`ගක් ගැඹුරට කල්පනා කළා. ඒත් හෙරක්ලීටස් හැර එයාලගෙන් කිසි කෙනෙකුට බැරි වුණා සදාතනිකත්වයේ මතයෙන් එපිටට යන්න. පැවැත්මට ඔවුන් අසීමිතව වශීවිමක් වුණා. ඒ නිසා එයාලට  ඕනැ වුණා මරණින් මතු මුළු ජීවිතයට ම එහි විලංගු පනවන්න. හෙරක්ලීටස් ඇත්ත වශයෙන් ම හිතුවේ විශ්වය නිරන්තර ගලායාමක් විදියට. කොහෙත් ම බුදුන් හිතන විදියට ක‍්‍රමාණුකූලව එන අවස්ථා දෙකක් විදිහට නෙවෙයි. ඒත් එයාගේ අදහසේ ආත්ම ලාභය ගැන මූල ධාතුවක් තිබුණා.
‘කොහොමද ආත්ම ලාභය දාර්ශනික කල්පිතයට ඇතුල් වෙන්නේ ?’
‘මගෙ පුතා,  හැම දෙයක් මත ම බඩ තමන්ගේ භූමිකාව ර`ග පානවා. ඒ කාලයේ අපේ ඇතෑන්ස් නගරය ජනරජයක්,  රජකම් තිබුනෙ නෑ. මුලදී දේශපාලන බලය තිබුණේ හෙරක්ලීටස් වගේ අය අයිති කුලින පවුල්වල අත්වලයි. පස්සේ කාලෙ වෙළඳ පංතිය එයාලව පැත්තකට තල්ලූ කරල දාලා බලය තමන් අතට ගත්තා. හෙරක්ලීටස් හිටියේ මේ තත්වයේ කටයුතුවලින් අසතුටට පත් වෙලා. එයා විප්ලවයක් මහත් ආශාවෙන් බලාපොරොත්තු වුණා. ඒත් ඒ ප‍්‍රගතිය ඉදිරියට ගෙනියන්න නෙවෙයි,  ඔරලෝසුව ආපසු කරකවන්න.’
‘අපටත් විප්ලවයක් අවශ්‍යයි. අපව පස්සට තල්ලූ කරන එකක් නෙවෙයි,  ඉදිරියට ගෙනියන එකක්.  මං හිතන්නේ අතීතය මැරිලා කියලා ,ගරුතර හාමුදුරුවනේ.‘
’වංශවත් තරුණයා,  ඔබ කියන දෙය හරි. බුදුන්ට  ඕනැ වුණේ ලෝකය වඩාත් යහපත් තැනක්  කරන විප්ලවයක් .එයා සංඝ සමාජය සංවිධානය කළේ හෙට දවසේ ලෝකයක ආදර්ශයක් විදියට.
‘පංති බෙදීම් නැති,  උස්,  පහත්කම් නැති තැනක් .’
‘සතුට සහ ශ‍්‍රමය හැමෝට ම සමාන තැනක් . ඔබ දැකලා තියෙනවද ධර්මසේන මහ ස්ථවිර බිම අමදින හැටි?’
‘අර හු`ගාක් කළු මනුස්සයා?‘
‘ඔව් , එයා තමයි,  අපි ඔක්කෝටම ඉහළ කෙනා. හැමදාම අපි එයා ඉදිරිපිට දණ ගහල වඳිනවා. මුළු කෝසලයේ ම සංඝාධිපති උන් වඑන්සේ.
‘ඇත්තද එයා චණ්ඩාල කුලේ කෙනෙක් කියන්නේ ?’
‘සංඝ සමාජය කුලේ ගනන් ගන්නෙ නෑ මගෙ පුතා. ඒක සලක්න්නේ මිනිහගේ ගුණ විතරයි . එයා අපේ ප‍්‍රධානියා වුණේ එයාගේ උගත්කමත් සද්ගුණත් නිසා. එයා අපේ පියා. එයා පිඩු සි`ගා ගියා ම පාත්තරේ යාන්තම් ගෑවෙන තරං විතරක් වුණත් ලැබුණේ එයා කොහොමවත් වළඳන්නෙ නෑ,  තමන්ගේ අනික් අයට කොටහක්  නොදී.  ඒ තමයි බුදුන් ඉගැන් වූ දේ. තුන් සිවුරයි,  මැටි පාත්තරේයි,  ඉදිකටුවකුයි,  දිය බොන බඳුනකුයි,  පනාවකුයි,  බඳ පටියයි,  ඇර අනෙක් හැම වස්තුවක් ම,  දේපළක් ම,  අපි හැමෝට ම අයිතියි. අනිත් හැමදේ ම- ගෙවල්,  උයන්,  බංකු,  මිටි බංකු,  අයිති අපේ ප‍්‍රජාවට. අපේ සමහර සංඝාරාමවලට අයිති වතු තියෙනවා,  අපි කෙනෙක් පිළිගන්න කලින් එයා මුළුමනින් ම පරික්ෂා කරලා බලනවා. ඒත් එයා අපේ හාමුදුරු කෙනෙක් වුණාට පස්සේ එයා අපි හැමෝට ම සමානයි.’
‘මුළු ජාතියම අඩංගු කරලා එහෙම සමාජයක් සංවිධානය කළොත් මොකද?’
‘ඒක වෙන්නෙ කොහොමද මගෙ පුතා? රජවරුයි,  පොහොසත්තුයි,  කවද ද සමානත්වයට යටත් වෙන්නෙ?  එක හාමුදුරු කෙනෙක් දාසයකුව තමන් ගේ සංඝ සමාජයට පිළිගත්තා. එහි සාමාජිකයකු වුණා ම දාසකමින් මිදිලා සංඝ සමාජයේ සමානයෙක් වෙනවා. ඒත් එයාගේ අයිතිකාරයා ඝෝෂා කරන්න ගත්තා. අනිත් වහල් හිමියොත් එයාට උදව් දුන්නා. රජ්ජුරුවොත් වහල්ලූ දාස් ගාණක හිමිකරුවෙක් .එයා කොහොමද දරාගන්නෙ තමන්ගේ දේපළට එහෙම පාරක් වදිද්දී? බුදුන්ට මොකක්ද කරන්න පුළුවන් වුණේ ? එයාට සිද්ධ වුණා අවධාරණය කරන්න,  එැතැන් පටන් කිසිම දාසයෙකුව සංඝ සමාජයට ඇතුල් කරගන්නෙ නෑ කියලා. අපේ සමාජය පංති , අසමානතා පිරිච්ච මහා සාගරේක පුංචි දූපතක් වගේ. ලෝකයේ දුප්පත්කමත් වහල්කමත් පවතින තාක් ඒකට ආරක්ෂා වී තියෙන්න බෑ.’

No comments:

Post a Comment