මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Wednesday, August 3, 2011

පළාත් පාලන ඡන්දය- නිවට නොවූ උතුර

                                                       වසන්ත දිසානායක

පළාත් පාලන ආයතන ගණනාවක් සඳහ 2011 ජූලි 23 පවත්වන ලද මැතිවරණයේ දකුණේ හා උතුරේ ප‍්‍රතිඵලය සංසදනාත්මකව විමසා බැලීම වටනේ ය. මේ ප‍්‍රතිඵල පෙන්නුම් කරන්නේ එකිනෙකට හාත් පසින්ම වෙනස් නොසලකා නොහැරිය හැකි තත්ත්වයකි.

දකුණේ පළාත් ආයතන ගණනාවක් සඳහා පැවති ඡන්දයෙන් එම  පළාත් පාලන ආයතන සියල්ලත් ප‍්‍රකාශිත වලංගු ඡන්ද ප‍්‍රමාණයෙන් 68. 88% කුත් ලබා ගෙන සුවිශාල ජයක් අත්පත් කර ගැනීමට ආණ්ඩුව සමත් විය. නිදහසින් පසු රට ආණ්ඩු කළ ඉතාමත්ම දූෂිත වූත් අත්තනෝමතිකත්වය අතින් ජේ. ආර්. පේ‍්‍රමදාස පාලනයන්ට කිසිසේත්  දෙවෙනි නොවූත් ඇතැම් පැතිවලින් එකී පාලනයන් ගේ දුෂ්ටභාවය අතික‍්‍රමණය කර ඇත්තාවූත් ආණ්ඩුවක් වන රාජපක්ෂ ආණ්ඩුවටම පළාත් පාලන ආයතනවල බලය එලෙස ලබා දීම උත්ප‍්‍රාස දනවන්නකි. රාජපක්ෂ පාලනයේ හැම එකාම ඔවුන් දරණ තත්ත්වයට සමානුපාතිකව දූෂණ කි‍්‍රයාදාමයේ යම් නිශ්චිත ස්ථානයක් නියෝජනය කරනවාය යන්න රහසක් නොවේ. ඡන්දදායකයෝ බොහෝ දෙනා මෙය දනිති. එහෙත් ඔවුන්ටම ඡන්දය දී රට පමණක් නොව තමන්වමත් දිගින් දිගටම කොල්ල කෑමට අවස්ථාව සලසා දෙති. 

මෙය දරුණු නිවට වීමක්, අවිචාර වීමක්  නොවේ ද? තම ජාතියේ වීරත්වය ගැන, තම ජාතියේ අභිමානය ගැන මහත් අභිමානයකින් කතා කරන ජන කොටසක් මෙතරම්ම නිවට, මෙතරම්ම අවිචාර තත්ත්වයකට ඇද වැටී දූෂිත පාලනයක් චිරස්ථායී කිරීමට සිය වටිනා අයිතියක් වන ඡන්දය පිළිබඳ අයිතිය අන්ධ ලෙස පාවිච්චි කළේ හා කරනුයේ කෙලෙස ද?  මේ සා දරුණු රැවටිල්ලක ගොදුරු බවට පත් වූයේ හා පත් වන්නේ කෙලෙස ද?

මේ නිවට බවට, මේ අවිචාර බවට නිදහසට කාරණයක් ලෙස  ඉදිරිපත් කරන්නක් තිබේ. එනම් එසේ නම් යූඇන්පියට ඡන්දය දෙන්න ද? යන්නයි. ඔව් යූඇන්පියට ඡන්දය දීමෙන් වැඩක් නොවන බව ඇත්ත ය. බොහෝ දෙනෙකුට ජවිපෙට ද ඡන්දයක් පාවිච්චි කිරීම අසීරු බව ද  ඇත්ත ය. ඒ සියල්ල ඇත්ත වුව ද රාජපක්ෂලාට ඡන්දය දීමෙන් හොරකමට, දූසණයට හා අත්තනෝමතිකත්වයට  උඩ ගෙඩි දීමෙන් ලැබෙන පලය කුමක් ද? වෙනත් විකල්පයක් නැති නිසා යයි කියමින් දූෂිත පාලක කල්ලියකටම නැවත නැවත බලය දීමේ උත්ප‍්‍රාසයට යට වෙනවාට වඩා යටත් පිරිසෙයින් ඔවුන්ට එරෙහිව විරෝධය සලකුණු කිරීමක් ලෙස සිය ඡන්දය කටු ගා දැමීම වැනි කි‍්‍රයා මාර්ගයකින් පිළිතුරු දීමේ විකල්පයක් කරා යාමේ දැක්මක්වත් ඇති කර ගැනීමට තරම් දකුණේ ජනයා අපොහොසත් වීමෙන් පෙන්නුම් කරන්නේ කුමක් ද? ඒ සා දරුණු ලෙස රැවටිල්ලේ ගොදුරු බවට පත්ව සිටීම නොවේ ද? ඒ සා දරුණු ලෙස  පසුගාමිත්වයට ඇද වැටී සිටීම නොවේ ද? ඒ සා දරුණු ලෙස අධ්‍යාත්මික ගරා වැටීමකට පත්ව ඇති බව නොවේ ද? අදීන යයි ද අභිමානවත් යයි ද කියනු ලබන ජනතාවක් මෙවන් ශෝචනීය තත්ත්වයකට ඇද වැටුණේ කෙසේ ද?

දකුණේ ජනයාගෙන් මෙවන් තත්ත්වයක් විද්‍යමාන කෙරෙද්දී උතුරේ ජනයා වෙතින් මේ මැතිවරණයේ දී විද්‍යමාන වූයේ කුමක් ද? දකුණට සාපේක්ෂව ආණ්ඩුව එල්ටීටීඊය පරදවා ලත් යුද ජයග‍්‍රහණයෙන් පසු උතුරේ තවමත් කි‍්‍රයාත්මක වන්නේ මිලිටරි පාලනයකි. එල්ටීටීඊ ග‍්‍රහණයෙන් මුදවා ගත්තා යයි කියන ජනතාවක් හා භූමියක් රාජපක්ෂලාගේ මිලිටරි, දේශපාලන හා ආර්ථික ආධිපත්‍යයේ ග‍්‍රහණයට නතු කර ගත් පාලනයකි. උතුරේ මෙම පළාත් පාලන ඡුන්දය පැවැත් වුණේ මෙකී ග‍්‍රහණය යටතේ ය. විරුද්ධ පාර්ශවවලට මැතිවරණ රැුස්වීමක් පැවැත්වීමට, ගෘහස්ත සාකච්ඡචාවන් පවා පැවැත් වීමට අවස්ථාව සලසා ගැනීම පවා ඉතා අසීරු විය. හමුදාවේ කණ්ඩායම් සාකච්ඡුාවලට ද පැන පහර දෙන තත්ත්වයන් තිබුණි. පෝස්ටරයක් ගැසීමට, පති‍්‍රකාවක් බෙදීමට පවා ඔවුන්ට ඉඩ නොදිණ. අමාරුවෙන් පත‍්‍රිකාවක් බෙදුවත් ආණ්ඩුවේ ආධාරකාර කණ්ඩායම්  ක්ෂණයෙන් ඒවා එකතු කර ගෙන ගියහ. විරුද්ධ පාර්ශවවල ප‍්‍රචාරක පති‍්‍රකාවක් තබා ගැනීම නීති විරෝධී පති‍්‍රකාවක් තබා ගැනීම හා සමාන තත්ත්වයකට පත් කර තිබිණ. එපමණක් ද ජනාධිපති ද, මැති ඇමතිවරු බුරුතු පිටින් ද මැතිවරණ කටයුතු සඳහා උතුරේ කඳවුරු බැඳ ගත්හ. රාජ්‍ය දේපල, යාන වාහන, සම්පත් විශාල පරිමාණයෙන් ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් දිනවීම සඳහා යොදා ගැනිණ. ආහාර ද්‍රව්‍ය, සාරි ඇතුළු ඇඳුම් පැලඳුම් බෙදා දෙනු ලැබිණ. සමහර ප‍්‍රදේශවල ඡුන්ද කාඞ්පත් බලෙන් එකතු කර ගත්තා පමණක්  නොව මිලට ගැනීම පවා කරනු ලැබිණ. කොටින් ම ආණ්ඩුව විසින් ඡුන්දය දිනට පෙර ඡුන්දය දිනීම සඳහා යොදා ගත හැකි හැමි දෙයක්ම කරනු ලැබී ය. මැතිවරණය වන විට ආණ්ඩුව සිහින දකිමින් සිටියේ දකුණේ මෙන් කෙසේ වෙතත් ආසන්න ප‍්‍රතිඵලයක් උතුරෙන් දැක ගැනීම සඳහා ය.

එහෙත් උතුරේ ජනතාව දකුණේ ජනතාව මෙන් මග නැගුම, දිවි නැගුම, ආසියාවේ ආශ්චර්යය, උතුරු වසන්තය වැනි පවුල් හා ගජ මිතුරු සංවර්ධන ව්‍යාපෘතිවලින් මෝහනයට පත් නොවූහ. වංචවේ හා රැුවටිල්ලේ ගොදුරු බවට පත් නොවූහ. මිලිටරි පාලනයක ද`ඩු අ`ඩුවට හිර කරනු ලැබ තිබියදීත් තර්ජන ගර්ජන තිබියදීත් බලයට යටත් නොවූහ. බලයේ සිටින්නන්ට ම බලය දී යමක් කරවා ගැනීමේ මෝහයට ගොදුරු නොවූහ.  මුදාහරින ලද බලහත්කාරය හා කූට උපක‍්‍රම නිසා උතුරේ ඡුන්දය ප‍්‍රකාශ කිරීම දකුණට වඩා අඩු වූ බව ඇත්ත ය. දකුණේ ඡුන්දය පාවිච්චි කිරීම 63. 82% ක් වන විට උතුරේ එය 53. 24% ක් විය. එහෙත් උතුරේ තිබූ වාතාවරණය අනුව මෙය ප‍්‍රමාණවත් ප‍්‍රතිශතයකැයි කිව හැකි ය. දකුණේ පාවිච්චි වූ ඡුන්දවලින් ආණ්ඩුව 68. 88% ලබා ගන්නා විට උතුරේ දී ආණ්ඩුව ලැබූ ප‍්‍රතිශතය 30. 82% ක් පමණි. නිදහසේ කිසිදු මැතිවරණ කටයුත්තක යෙදීමට ඉඩක් නොලද ඉලංකෛ තමිල් අරසු කට්චි යටතේ තරග වැදුන දෙමළ සන්ධානය 73. 22% ක් ලබමින් විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්පත් කර ගත්තේ ය. මැතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත් වී නම් මෙම
ප‍්‍රතිශතය 80% ත් ඉක්මවා යන බව කිව යුතු නොවේ.

දෙමළ සන්ධානයට අති විශිෂ්ට ජයග‍්‍රහණයක් හා ආණ්ඩුවට අන්ත පරාජයක් අත් කර දුන් උතුරේ මැතිවරණ ප‍්‍රතිඵලයෙන් කරුණු රැසක් පෙන්නුම් කරයි.
1    එල්ටීටීඊ ග‍්‍රහණයෙන් දෙමළ ජනතාව මුදා ගැනීම සඳහා යයි කියමින් ආණ්ඩුව දියත් කරන ලද යුද්ධයේ මානුෂිකත්වය දෙමළ ජනයා බුක්ති විඳි තරම ය.
2    එල්ටීටීඊ ග‍්‍රහණයෙන් මුදා ගත්තා යයි කියූ දෙමළ ජනතාවට රාජපක්ෂ පාලනය ලබා දුන් නිදහසේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තරම ය.
3    දෙමළ ජනතාවගේ හ`ඩට රාජපක්ෂ පාලනය කන් දී ඇති තරම හා ඒවාට පිළියම් යෙදීමට රාජපක්ෂ පාලනය කි‍්‍රයාකර ඇත්තේ කෙසේ ද යන්නේ තරම ය.
4    මොන තරම් පීඩාකාරී හා මර්දනකාරී තත්ත්වයක් හමුවේ වුව නිවටත්වය වැළඳ නොගෙන ආත්මාභිමානයෙන් යුතුව කි‍්‍රයාකරන්නට දෙමළ ජනයාගේ ඇති අධිෂ්ඨානයේ තරම ය.
5    මැතිවරණ සටන් බිමේ දී ප්‍රෝඩාකාරී අත්තනෝමතික පාලකයන්ට දිය යුතු පිළිතුරේ වපසරියේ තරම  ය.
6    ස්වකීය ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් සඳහා වන දෙමළ ජනතාවගේ අභිලාෂයේ තරම ය.

උතුරේ ජනතාවෙනි පීඩක පාලකයන්ට එරෙහිව මැතිවරණ සටන් බිමේ දී ඔබ දුන් පිළිතුර අගනේ ය, ආශ්වදනීය ය. එය දකුණේ ජනතාවගේ නෙත් සිත් පෑදීමට රුකුලක් ම වේවාإ

1 comment:

  1. සමාවන්න.. ඕකට පිළිතුර මම මගේ පෝස්ට් එකේ පැහැදිලිව දක්වා ඇත..

    ReplyDelete