මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .
Friday, August 13, 2010
නිර්වින්දන සමාජයක ඛේදවාචකය
එළඹ ඇත්තේ 2010 අගොස්තු මාසය යි. ජනාධිපතිවරණය අහවරවී වසරකට ආසන්න වී ඇත. කැබිනට් මණ්ඩලය 35ට බැස්සවීම හීනයක් වෙමින් එය ආසියාවේ නොව ලෝකයේ ම ආශ්චර්යය ලෙස යෙහෙන් වැජඹෙයි. 17වෙනි ව්‍යවස්ථා සංශෝධනය, කොමිෂන් සභා පත්කීරීිම් යනාදියේ ද තත්ත්වය එයම ය. එහෙත් ඔඩු දුවා ඇති ආර්ථික අවපාතයට ජනතාවගේ පැත්තෙන් කිසිම විරෝධයක් තාමත් පැන නැගී නොමැත. අවුරුදු 30ක් ම පටි තද කර ගැනීමට හුරුවී සිටි ජනයා මැතිවරණයේදී පැතූ ”කාලා ඇඳලා සැනසීමේ ඉන්න” තැබූ පැතුම් උඩු හුලෙ`ග් ගසාගෙන යමින් තිබේ.
කිසිදු සාර්ථක සෞඛ්‍ය වැඩපිළිවෙලක් නොමැතිව ඩෙංගු වසංගතයෙන් ද සෞඛ්‍ය පහසුකම් කප්පාදුව නිසා බෙහෙත් හේත් නොමැති කමින් ද මියයන සංඛ්‍යාව දිනෙන් දිනම උග‍්‍ර වෙයි. සමාජ-ආර්ථික ගැට`ඵ වලට විසඳුම් ලබාදීම සඳහා ඡුන්දය දී පත් කර යැවූ නියෝජිතයෝ ඒවාට විසඳුම් මාර්ග යෙදීමේ වගකීම පැහැර හැර මඩි තර කර ගැනීම තම රාජකාරිය කරගෙන කටයුතු කරති. ඒවා මහජනයා පිට ම පටවා ඔවුන්ට රජ කාලේ ද`ඩුවම් පමුණුවති. ඒවායෙහි වගකීම ඡුන්දදායකයා පිට ම පටවා මහජනයා ගස් බැඳ අධිකරණය වෙත දැක්කීමට ද උත්සාහ ගන්නා අයුරු දැක ගත හැකි ය. යුද්ධයේ කැරට් අලය පෙන්නා ඉවසීමට පුරුදු පුහුණු කළ මහජනයා නිර්වින්දනය කිරීම සඳහා මෙවැනි නොයෙක් සට කපටකම් ගෙන හැර පාති.
ඉදිරිපත් කළ අයවැයෙන් මහජනයාට කිසිදු සෙතක් සලසා නැති බව අවබෝධ කර ගැනීම වලකාලමින් ද ඒ ගැන සංවාදයකට ඉඩකඩ අවුරමින් ද මහ ජනයා මුලා කරන ”මානව හිමිකම්” සංදර්ශණ” ආලින්දයට ගෙන එති. වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටුනා සේ, අන්ද මන්දව, අසරණව කරකියාගත හැකි දෙයක් නොමැතිව එම ඒක පාර්ශ්වීය සාධාරණීකරන වට්ටෝරු දෙස මහජනයාට බලා සිටීමට සිදුව ඇත. තැනින් තැන වෘත්තීය සමිති මගින් ආණ්ඩුව පොරොන්දු වූ රු: 2500/- පඩි වැඩි කිරීම මතක් කර දෙන උද්ඝෝෂණ රැල්ලක් දෙකක් ගිය ද සමස්තය ලෙස ගත් කල පැහැදිලි ලෙස ම වෙනත් කාල වකවානුවක පෙන්නුම් නොකළ නිද්‍රෝපගත සමාජ වාතාවරණයක් නිර්මාණයවී මහ ජනයා නිර්වින්දනයකට පත්කර තිබේ. මෙය බලය බරපතල ලෙස ම කේන්ද්‍රගත වීමේ සුවිශේෂී අවස්ථාවක ලක්ෂණ පෙන්නුම් කරන අතර පාලන බලාධිකාරයේ අධම මතවාදයට දැඩි ලෙස අවනතවී අන්ධයන්සේ කටයුතු කිරීමේ නොවැලක්විය හැකි ප‍්‍රතිඵලය ලෙසින් මේ තත්ත්වය උද්ගතවී තිබේ. මෙය ඒකාධිපතිවාදයක ස්වභාව නිරූපී ලක්ෂණයකි.
අවුරුදු තිහක් පමණ තිස්සේ ම ලංකාවේ වෙසෙන මුඵ මහත් ජන සමාජය ම දිගින් දිගට ම මානව අයිතිවාසිකම් කඩවීම නිසා බලාපොරොත්තු විරහිත හා අවිනිශ්චිත තත්ත්වයකට පත්වී සිටී. යුද්ධය ම මත පදනම් වුණ ඒකාධිපති පාලනයකින් පසු අප මුහුණ පා සිටින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මකට මාරුවී යාමේ සංක‍්‍රාන්ති අවශ්‍යතාවයක් අභිමුඛව බව අවධාරණය කළයුතු ය. අප සමාජය හමුවේ ඇති බරපතල අභියෝගය වන්නේ ද මෙය යි. මෙම සංක‍්‍රාන්තිය සිදු කිරිමේ පළමු වගකිව යුත්තා වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් දිවුරන මහජනයාගේ ඡුන්දයෙන් බලයට පත් රජය යි. සමාජ ක‍්‍රියාකාරීන් ලෙස අප කාහටත් මග හැරිය නොහැකි භාරධූර කාර්යයක් ඇත. එයින් පළමු වැන්න ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡුන්දයෙන් බලයට පත් කළ එනමුදු ඒකාධිපති බලතල පවත්වාගෙන යන රජයට අඩුම තරමින් ව්‍යවස්ථාපිත නීති රීති වලට හෝ ගරු කිරීමට බල කිරීම යි. මෙතෙක් පැවති දූෂිත ව්‍යුහයන්ගෙන් සමන්විත ආයතන ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය විවිධ කටයුතු සිදු කිරිම යි. තවදුරටත් අපහට අහිමි වුණු, ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් සඳහා තීන්දු ගන්නා, ක‍්‍රියා විරහිත කර දමා ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අත්‍යාවශ්‍ය රාජ්‍ය ආයතන වූ කොමිෂන් සභා ආදිය පත් කිරිමට බල කිරිම යි. ශ‍්‍රී ලාංකීය සන්දර්භය තුළ අනෙකුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදයන් සිතියම්ගත කිරීම සඳහා රජයට බල කිරීමේ ක‍්‍රියාමාර්ග වෙතට පෙළ ගැසීම වැදගත්ම කාර්යයකි. ඒවාට සුදුස්සන් පත්කර ගැනීම ද අත්‍යාවශ්‍ය ය.
රජය විසින් සත්‍යයේ හා සංහිඳියාවේ (Truth and Reconciliation)කොමිෂමක් සඳහා සත් දෙනෙකුගේ විද්වත් මණ්ඩලයක් පත්කර ඇති බව ඇත්ත නමුත් එය හුදු රැුවටිල්ලක් නොවී වටිනා කාර්යයක් වීමට නම් යුද්ධයේ දෙපාර්ශ්වය විසින් ම කරන ලද වැරදි සමාලෝචනය කොට මතු එවැනි දෙයක් සිදු නොවීම සඳහාත්, සාමය ගොඩනැගිම සඳහාත්, වර්ගවාදයෙන් බැහැරවීම සඳහාත් මහගු ප‍්‍රයෝජනයක් ලබා දීමට දක්ෂතාවයක් ඇති පුද්ගලයින් එයට දායක කර ගත යුතු වෙයි. ඒ සඳහා ජාතිවාදී නොවන ජනවර්ග දෙකෙහි ම මධ්‍යස්ථ පිරිස්වලින් විද්වත් මණ්ඩලය සැදුම්ලත් වීම අතිශය වැදගත්ය. එයට සමාජ ක‍්‍රියාකාරීන්ගේ සහාය ලබා ගැනීම ද වැදගත් ය. එවන් වාර්ගික යුද්ධ බහුල ලෝකයක ජිවත්වන අපහට එබන්දක් සඳහා ජාත්‍යන්තර වශයෙන් එවැනි දෑ පිළිබඳ කීර්තිමත් නාමයක් දිනා ඇති කොමිෂන් ක‍්‍රියා කළ ආකාරය ගැන විමසා දැන ගැනිම ද මෙහිදි වැදගත් වේ. එහෙත් මෙම වාර්ගික යුද්ධයට පාර්ශ්වීය ලෙස පැටලූනු අයගෙන් එවැන්නක් බලාපොරොත්තු විය හැකි ද? අනිත් අතින් බලන කළ අප සතුව නොනැසී පවතින්නේ දශක ගණනාවක ශාපලත් යුද්ධයෙන් දෙපාර්ශ්වයේ ම තරුණ සංහාරයත්, එවැනි ම වූ 1971කුත්, කුප‍්‍රසිද්ධ 1983කුත්, එමෙන්ම 1989ක් ද නිර්මාණය කළේ ආණ්ඩු, රාජ්‍ය ව්‍යුහයන් හා දේශපාලන බලවේගයන් බව අමතක කළ යුතු නොවේ. විකල්ප වශයෙන් මතු වුණු දේශපාලන ධාරාවන් ද කලක් යන විට ඒ තත්ත්වයට ම වැටී ඇති බව නොරහසකි.
පසුගිය කාලයේ පැවති සියලූම රජයන් යටතේ කාලාන්තරයක් තිස්සේ පැවති ආර්ථික, සමාජයීය සංවර්ධන ප‍්‍රවාහයන් තුළ යස රෙග්ට කෙරුණු ගසා කෑම, අල්ලස, දූෂනය හා කොමිස් ගැහීම අද වන විට සියලූ ම ආයතනයන් තුළ පාහේ ව්‍යාප්තවී, ව්‍යුහගතවී, ඔඩු දිවූ තත්ත්වයක් බවට පත්ව ඇත. යුද්ධයෙන් සුන්නද් විලි වී ඇති උතුරේ ජන ජීවිත ගොඩ නැංවීම සඳහා ලැබී ඇති මුදල් සියල්ල ම ඔවුන්ගේ සංවර්ධනයට යෙදිය යුතු ය, ‘සංවර්ධනය යනුවෙන් අදහස් වන්නේ හුදෙක් පාරවල් හැදීම හා ගොඩනැගිලි හැදීමය’ යන්න නොවන බව කිව යුතු ය. භෞතික සංවර්ධනය සමග විශේෂයෙන් ම ජනයාගේ මනෝ-සමාජයීය සංවර්ධනය උදෙසා ප‍්‍රමුඛ අවධානයක් යෙදිය යුතු ය. උතුරේ හා දකුණේ පෑරුණ සිත් සනහාලන, යා කෙරෙන සංවර්ධනයක් ගොඩ නැගීම උදෙසා නිසි අවධානය යෙදිය යුතු ය. කිසිදු පොරොන්දුවක් ඉටු නොකළ රජයක් කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය බිඳී ගොස් හමාර ය. මාර්ග හා ගොඩනැගිලි සංවර්ධනයට, පාරිසරික සංවර්ධනයට යොදන මුදල් සුපුරුදු හොර පාරේ යන බව ද කාටත් රහසක් නොවේ.
තව ද රාජ්‍යමය පැත්තෙන් අපගේ ආර්ථික සංවර්ධනය රඳා පවතින්නේ ලෝකයේ දුප්පත්කම වර්ධනය කළ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක වෙළෙඳ සංවිධානය (WTO)යන ඒවායේ මෙහෙයුම් මත පදනම් වුණු නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති මත ය. කාලාන්තරයක් තිස්සේ ම අපගේ රටෙහි රාජ්‍යමය මැදිහත් වීමෙන් යුතු ආර්ථික සංවර්ධනය රඳා පවත්නේ එම විදේශ බලවේගයන්ගේ බිලියන ගණන් වූ ණය ආධාර හා උපදෙස් මතය. මේ වන විට අපගේ සියලූ ම ජීිවිත එම ණය වලට වන්දි ලෙස දැරිය නොහැකි පරිමාණයක පොලී ගෙවමින් සිටිමු. එසේ ම අපි මේ වනවිට අපගේ දරුවන් ද උගස් තබා අපගේ මෙම අවම ආර්ථික පහසුකම භුක්ති විඳිමින් සිටින්නෙමු. ඔවුන්ගේ උපදෙස් වලට අනුව රටේ පැවති අත්‍යාවශ්‍ය ශුභසාධන සේවාවන් වන සෞඛ්‍යය, අධ්‍යාපනය, ගමනා ගමනය වැනි සෑම සේවාවාක් ම කප්පාදු කර දමා රටේ කෘෂිකර්මය ඇතු`ඵ දේශීය ආර්ථික ක‍්‍රමෝපායන්ට ප‍්‍රබල වැට කඩොලූ ඇති කරගෙන ඇත්තෙමු. මෙසේ නව ලිබරල්වාදයේ නැතහොත් අධිරාජ්‍යවාදයේ රූකඩ බවට පත්වී සිටිමින් ම මහජනයාට ස්වයංපෝෂිත රටක් , ආසියාවේ ඓශ්චර්ය, ලෝක ධනවාදයේ කඩා වැටුණු ආර්ථිකය හමුවේ කෙලින් සිටීම යනාදි රැවටිලි වදන් කියමින් ලෝකයාට ද බැන අ`ඩ ගසමින් ද අභියෝග කරමින් ද ලෝකයේ ඇ`ගිලි ගැසීම්වලට රට විවෘත කර දමා ඇතුවා පමණක් නොව සැබවින් ම යම් සහනයක් වූ ජීඑස්පී සහනය පවා කප්පාදු කරගන්නා තත්ත්වයකට රජය රට ඇද දමා තිබේ. මෙම පාලකයින් කටයුතු කරන්නේ මහජනයාගේ දුප්පත්කම ගැන, බඩගින්න ගැන වගේ වගක් නැති ගානට ය. කොටින්ම කියතොත් රජය මගින් ඉටුවිය යුතු කිසිවක් ගැන කිසිදු බලාපොරොත්තුවක් තබන්නට බැරි තත්ත්වයකට රට ඇද දමමින් ඇත. ඇ`ගලූම් කම්හල් වැසී යන තත්ත්වයක් උද්ගත වෙමින් තිබේ. විශේෂයෙන් ම නිදහස් වෙළෙඳ කලාපයේ කම්හල් වලට මේ තත්ත්වය බලපාමින් ඇත. ආයෝජකයන් තම කර්මාන්තශාලා ඉවත් කර ගනිමින් සිටින අතර එයින් රැුකියා අහිමිව මහ මගට වැටෙමින් ඇත්තේ තම දුගි පවුල් නඩත්තු කරන රටේ ආර්ථිකයෙන් තුන්වන තැන සාදන කලාපේ තරුණියන්ට ය.
මේ සන්දර්භය තුළ රජය විසින් ර`ගන තවත් කාර්යයක් තිබේ. එනම් රාජ්‍ය නොවන සංවිධානයන්ට බැට දීම ය. රාජ්‍ය නොවන සංවිධාන අද ලෝකයේ නොසලකා හැරිය නොහැකි සංවිධාන වර්ගයකි.මේවා සමස්තයෙන් ප‍්‍රතිගාමී යයි ද නැතහොත් ප‍්‍රගතිශීලී යයි ද යනුවෙන් වර්ගීකරණය කරන්නට බැරිය. හැම වර්ගයට ම අයත් ඒවා ඒ අතර වෙයි. අද රාජ්‍ය මෙහෙය විසින් කළ යුතුවන බොහෝ කාර්යයන් ලෝකයේ බොහෝ රටවල ඉටු කරනුයේ මෙම රාජ්‍ය නොවන සංවිධාන ය. නිදසුන් ලෙස රාජපක්ෂ ආණ්ඩුව උතුරේ හා නැගෙනහිර කි‍්‍රයාත්මක කරනවා යයි කියන උතුරු වසන්තයට හා නැගෙනහිර උදානයට වැඩි පුර ම ආධාර සපයන්නේ මේ සංවිධාන ය. ඒවායින් යැපෙමින් ඒවාට ම තලන්නේ, ඒවා මත දේශ ද්‍රෝහී මුද්‍රාව තබන්නේ තමන් මහා දේශපේ‍්‍රමීන් යයි මවා පාන්නට සහ එකී ඇතැම් සංවිධාන මගින් ආණ්ඩුව කරන මානව හිමිකම් උල්ලංඝනයන් වැනි දේ හෙලි දරව් කිරීම්වලින් ගැලවී ගැනීම සඳහා ඒවාට එරෙහිව ජනතා කෝපය අවුලූවාලන්නට ය. ජනතාව හමුවේ අලූත් අලූත් සතුරන් නිර්මාණය කරන්නට ය. එකී සතුරන්ට එරෙහිව ජනතාවගේ අවධානය යොමු කොට බලය හා කොල්ලය සඳහා වන තමන්ගේ වැඩ පිළිවෙල සිත් සේ කර ගෙන යන්නට ය. රටේ කිසිදු පිලිසරණක් නොමැතිව අසරණ කර දමා ඇති ප‍්‍රජාවන්ගේ දැනුම, ජීවන කුසලතා වර්ධනය කිරීම සඳහා විවිධ සංවර්ධනාත්මක කාර්යන්හි නියැලීි සිටින්නා වූ ද ජගත් පරිමාණයෙන් ද ජාතික වශයෙන් ද පවත්නා ක‍්‍රමයේ අසාධාරණය හා ඒවාට හේතු හෙළි කරමින් ජනතා ව්‍යාපාර ගොඩ නැගීමට ආධාර කරන රාජ්‍ය නොවන සංවිධාන තිබෙන බව බැහැර කළ නොහැක්කකි. සියල්ල සමස්තයෙන් ගෙන මේ පහර දීම් කරන්නේ නව සතුරන් මවන්නේ කුමකට ද යන්න තේරුම් ගැනීම අත්‍යවශ්‍ය ය.
මෙලෙස තම වැරදි වසා ගැනීමට විදේශයන්ට ද රාජ්‍ය නොවන සංවිධානවට ද දොස් පවරමින් ඔවුන්ට ඇ`ගිල්ල දිගු කරමින් තම නිරුවත වසා ගැනීමට විවිධ උපායන් මගින් ජනතා සිත් සතන් වෙනතකට හැරවීමට විවධ සන්දර්ශන මවා පාමින් ද ජනතාවට කිසිවක් නොලැබුනු අයවැය වැනි ඒවා ගැන සංවාද වසා දැමීමට ඔවුන් තාවකාලික රවටීම්වලට ලක් කරමින් රටේ පවතින විකල්ප සංවර්ධන මාවත් ද අඩාල කරමින් යන මෙම ගමනට එතරම් ආයුෂක් තිබෙන්නට බැරි බව නම් නොකියා බැරි ය.
හේමමාලි විජේසිංහ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment