(වසන්ත දිසානායක)
මහින්ද පාලන තන්ත‍්‍රයේ ඊළ`ග අදියර ඇරඹෙන්නේ 2010 සැප්තැම්බර් 8 දින සියලූ සදාචාර ධර්මයන්ට පටහැනිව දූෂිත කි‍්‍රයාදාමයක් මගින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබීමට නියමිත 18 වන ව්‍යවස්ථා සංශෝධනයත් සමග ය.
2010 ජනවාරි 26 පැවැති ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ මහින්ද චින්තන ඉදිරි දැක්ම නම් ලියවිල්ලෙහි
”පාර්ලිමේන්තුවට ජනවරමක් ලැබෙන හෙයින් සහ ගරු කිරීමක් ලෙස රටේ ජාතිකමය වශයෙන් අත්‍යවශ්‍ය අවස්ථාවලදී හැර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව හිතුමතේ වසරකට පසු විසුරුවා හැරීමේ බලය ඉවත් කිරීමට කටයුතු කරමි.”
”විධායක ජනාධිපතිධූරයේ බලතල පාවිච්චි කිීමේ දී මම ඉතා ප‍්‍රවේශම්කාරී වූයෙමි. අතීතයේ දී විධායක ජනාධිපති ධූරය යොදා ගන්නා ලද්දේ මැතිවරණ කල් දැමීමට , මැතිවරණවලින් පත් වූ ආණ්ඩු පෙරළා දැමීමට, අධිකරණයට බාධා කිරීමට, පක්ෂ තහනම් කිරීමට, උද්ඝෝෂණ මර්දනය කර ඝාතන සංස්කෘතියකට රට ගෙන යාමට, රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකුණා දැමීමට, අපරාධකරුවන් රැකීමට හා ජාවාරම්කරුවන්ට සහන ලබා දීමට ය. රට පාවා දෙන ගිවිසුම් ඇති කර ගත්තේ විධායක ජනාධිපති ධූරය යොදා ගනිමිනි. මා එය යොදා ගන්නේ මේ රට එක්සත් කිරීම පිණිස ය. විධායක ජනාධිපති ධූරය පිළිබඳ සියලූ පක්ෂ හා ජනතා නියෝජිතයන් සමග සාකච්ඡාවකට එළඹෙමි. පාර්ලිමේන්තුවට ලැබෙන ජනවරමට ගරු කරමින් පාර්ලිමේන්තුවට වග කියන, නීතිය ඉදිරියේ සියල්ලන් සමානය යන ප‍්‍රතිපත්තියට ගරු කරමින් අධිකරණයට වග කියන, ව්‍යවස්ථා සම්පාදනය විධායකය හා අධිකරණය එකිනෙකට ගැටෙන එකක් ලෙසින් නොව සහජීවනයෙන් බැඳුණු එක ම රාජ්‍යයේ කොටස් බව තවදුරටත් අවධාරණය කරන භාරකාර ධූරයක් බවට විධායක ජනාධිපත් ධූරය පත් කරමි.”
යයි දුන් පොරොන්දුවල උණුසුම මැකී යන්නටත් පෙර ගෙනවිත් තිබෙන 18 වන සංශෝධනයෙන් කර ඇත්තේ කුමක් ද?
එකී සංශෝධනයන්ට අනුව කෙරී ඇති ප‍්‍රධාන වෙනස්කම් මෙසේ ය.
01ග ධූරය දැරීමේ වාර දෙකේ කාල සීමාව ඉවත ලා ජනාධිපතිවරයාට ඔහු කැමති තාක් කල් ජනාධිපති වශයෙන් තේරී පත් වීමේ අවකාශ ව්‍යවස්ථාව මගින් සලසා ගැනීම,
02ග විධායක ජනාධිපති ධූරයේ සීමා රහිත බලතල එක්තරා දුරකට සීමා කර ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතයකට අවකාශ සැලසූ 17 වන සංශෝධනයෙන් ව්‍යවස්ථාගත කර තිබූ ව්‍යවස්ථාදායක සභාව අහෝසි කර ඒ වෙනුවට කිසිදු බලයක් නැති නිරීක්ෂණ පමණක් ඉදිරිපත් කළ හැකි පුද්ගලයන් පස් දෙනෙකුගෙන් යුත් සංයුතියකට ඉඩ සැලසීම. එමගින් විධායක ජනාධිපති බලය යළි කූඨ ප‍්‍රාප්තිය කරා ගෙන ඒම,
03ග මැතිවරණ කොමිසමේ බලතල කප්පාදු කිරීම මගින් මැතිවරණ කොමිසම හුදු මැතිවරණ පැවැත්වීමේ කටයුතුවලට පමණක් සීමා කෙරුණ යාන්ත‍්‍රණයක් බවට පත් කිරීම,
04ග පොලිස් කොමිසම ඇතුළු සියලූ ස්වාධීනව කටයුතු කළයුතු කොමිෂන් සභාවලට, අගවිනිසුරු ඇතුළු ඉහළ විනිසුරු පදවිවලට, නීතිපති, විගණකාධිපති ඇතුළු ස්වාධීනව කි‍්‍රයා කළ යුතු අනෙකුත් ව්‍යවස්ථාපිත පදවිවලට ගජ මිතුරන් පත් කිරීමේ බලය තමන් අතට ගැනීම.
05ග දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් පත් කිරීමේ දී, ඉහළ නිළධාරීන්ට උසස්වීම් දීම, ඔවුන්ගේ විනය සම්බන්ධ කටයුතු, ආදිය සම්බන්ධයෙන් කි‍්‍රයා කිරීමේ බලය තනිකරම දේශපාලන බල ව්‍යුහයක් වූ කැබිනට් මණ්ඩලය යටතට ගැනීම.
06ග ජනාධිපතිවරයා මාස තුකට වරක් අනිවාර්යයෙන් ම පාර්ලිමේන්තුවට සහභාගි වීම.
මේ ප‍්‍රතිසංස්කරණ ගෙන ඒමට හේතු වශයෙන් නෙයෙකුත් හේතු ගෙන හැර දැක්විණ. ඒවා සැකෙවින් මෙසේ ය.
ජනාධිපති ධුරය දැරිය හැකි දෙවාර සීමාව අහෝසි කිරීම ඡන්දදායකයාගේ අයිතිය වර්ධනය කිරීමට හේතු වේ. ජනාධිපතිවරයා මාස තුනකට වරක් පාර්ලිමේන්තුවට සහභාගි වීමෙන් වගවීම වැඩි දියුණු කෙරේ. 17 වන සංශෝධනය නිර්දේශාත්මක මිස අනුගම්‍ය විධිවිධානයක් නොවේ. එනිසා එය දෝෂ සහගත ය. ව්‍යවස්ථාදායක සභාව ද සහජ දෝෂයන්ගෙන් යුක්ත ය. එය තුළ එක`ගතාවක් ඇති කර ගැනීම දුෂ්කර විය. මේ නීතිපතිවරයාගේ තර්ක ය. තවත් බෙහෝ තර්ක විය.
රටේ සංවර්ධන කි‍්‍රයාවලිය වේගවත් කිරීමට මෙවැන්නක් අවශ්‍ය වුණාලූ. මෙහි තේරුම මහින්ද රාජපක්ෂ නැත්නම් සංවර්ධනයක් නැත යනු නොවේ ද? එතකොට මේ ශී‍්‍රලනිපයේ ඉන්න අනෙක් නායක කාරකාදීන් සියල්ලෝම වැඩ බැරිදාසලා ද? තත්ත්වය එසේ නම් සංශෝධනය ගෙන ආ යුතුව තිබුණේ ජනාධිපතිත් ඇමති මණ්ඩලයත් රාජපක්ෂම විය යුතු ය කියා ය. එවැනි සංශෝධනයක් ගෙන එනු ලැබුවත් රාජපක්ෂට පාර්ලිමේන්තුවේ 2/3 කට වැඩි ඡුන්දයක් ලැබෙනු ඇත. අපේ පාර්ලිමේන්තු මන්තී‍්‍රන් අතිබහුතරයක් ඒ තරම්ම ඥානාන්විත ය! එසේ තිබියදී මේ තකහනිය, මේ කඩිමුඩිය, මේ කඩි කුලප්පුව ඇයි?
ඒ වගේ ම කොමිෂන් අකාර්යක්ෂම නිසා ඒවා වැඩකට නැති ඒවා වශයෙන් පැවතුණා ලූ. 17 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ කඩිමුඩියේලූ. ඒ නිසා ඒක විකාරයක් වුණා ලූ. කොමිෂන් සභා බොහොමයක් අකාර්යක්ෂම වූ බව ඇත්ත ය. එහෙත් ඒ අකාර්යක්ෂමතාවයටත් ප‍්‍රධාන වශයෙන් වගකිව යුත්තේ ඔය දේශපාලකයන් ම නොවේ ද? 17 වන සංශෝධනය ගෙන ආවේ කඩිමුඩියේ යයි අපි මොහොතකට කියමු. එහෙත් එය කුමන්ත‍්‍රණ ජාලයක් ඔස්සේ මන්තී‍්‍රන් මිලට ගෙන 2/3ක් හදා ගෙන සම්මත කර ගත් සංශෝධනයක් නොවේ. පාර්ලිමේන්තුවේ 225න් 223ක් ම ඡුන්දය දී සම්මත කර ගත් එකකි. අද එයට එරෙහිව පතාක යෝධයින් සේ නැගී සිටින හැමකෙක් ම එදා එයට පක්ෂව ඡන්දය දුනි. හොඳයි 17 වන සංශෝධනය ”කඩිමුඩියේ” ගෙන ඒම වැරදි නම් ඊටත් වඩා කිහිප ගුණයක තකහනියකින් 18 වන සංශෝධනය ගෙන ඒම නිවැරදි වන්නේ කෙසේ දැ යි පැහැදිලි කර දිය හැකි ද මහත්වරුනි?
කළ යුතුව තිබුණේ කඩිමුඩියේ දෙවාර සීමාව ඉවත් කර ගැනීම ද? 17 වන සංශෝධනය මගින් සීමා කළ බලතල නැවතත් තමන් අතට ගෙන ආඥාදායකයෙකු, රාජපක්ෂ තමන් හඳුන්වාගත් පරිදි ”මෙහෙබෝනයෙකු”වීම ද?
කළ යුතු වූ මහජන හිතකර ව්‍යවස්ථාමය ඇතුළු දේශපාලන, ආර්ථික ආදී හදිසි ප‍්‍රතිසංස්කරණ රැුසක් පවතී. කුරිරු යුද්ධයක වටාපිටාව මගින් අහෝසි කර තිබූ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස තහවුරු කිරීමේ ප‍්‍රතිසංස්කරණ ගෙන ආ යුතුව තිබේ. යුද්ධය නිමා වීමෙන් අහෝසි වූයේ එල්ටීටීඊයේ බෝම්බ හා වෙඩි හ`ඩ හා එල්ටීටීඊයට එරෙහි බෝම්බ හා වෙඩි හ`ඩ පමණි. යුද තත්ත්වය හේතුව කර ගනිමින් අහෝසි කරන ලද ජනතාවගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් හා නිදහස තවමත් පවත්නේ ඒවා නැති කරන ලද තත්ත්වයේ ම ය. හදිසි නීතිය ලිහිලකින් තොරව කි‍්‍රයාත්මක වෙයි. රාජ්‍ය ත‍්‍රස්තවාදයේ නිල බල අක්ත පත‍්‍රය වන ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත සම්පූර්ණ වශයෙන් බලාත්මකව නිදැල්ලේ කි‍්‍රයාත්මක වෙයි. මේ නීතිය යටතේ දස දහස් ගණන් දෙනා නඩුත් නැතිව පරීක්ෂණත් නැතිව ?ඳවුම් භාරයේ රඳවා සිටිති. වසර දශක ගණනාවක කුරිරු යුද්ධයකට මග පෑදූ දෙමළ ජනයාගේ ප‍්‍රශ්නය, දුක් ගැනවිලි එම ප‍්‍රශ්නයට මග පෑදූ අතීත
තත්ත්ත්වයන්ටත් වඩා බරපතල ය. අනෙකුත් සුළුතර ජන කොටස්වල දැවෙන ප‍්‍රශ්නවලට ද ආමන්ත‍්‍රණය නොකෙරේ. අති බහුතරයක් පෙළන ආර්ථික ගැටළු කිව යුතු නොවේ. ඉතින් ආමන්ත‍්‍රණය කළ යුතු ජාතික වැදගත්කමක් ගන්නා හදිසි ප‍්‍රශ්න මේවා ය.
එහෙත් රාජපක්ෂ තන්ත‍්‍රයට හදිසි ප‍්‍රශ්න වූයේ ඒ කිසිවක් නොවේ. එය හමුවේ ඇත්තේ ජනාධිපති ධූරය හා දේශපාලන බලය රාජපක්ෂ පවුල් තන්ත‍්‍රය අත සදාකාලිකව යටත් පිරිසෙයින් තවත් වසර 15 ක් 20ක් වත් පවත්වා ගැනීමට කළ යුත්තේ කුමක් ද යන ප‍්‍රශ්නය යි. ජනතාවගේ පරමාධිත්‍ය ගැන අවධාරණය කෙරෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයේ දී හෝ සංශෝධනයක දී එය මහ ජනතාව අතර සංවාදයකට භාජනය විය යුතුය යන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්පය අමු අමුවේ උල්ලංඝනය කරමින් මෙම සංශෝධනය හදිසි පනතක් ලෙස ඉදිරිපත් කිරීමේ පදනම් හේතුව එය යි.
රාජපක්ෂලා 18 වන සංශෝධනය ගෙන ඒමට දක්වා ඇති උමතු හදිසියට තවත් හේතුවක් තිබේ. ඔවුන් වීරයන් ලෙස හැසිරුණ ද දිවි ගෙවන්නේ භීතියෙන් ය යන කරුණ අප අමතක නොකළ යුතු ය. ඔවුන්ට වටේ ඉන්නා හැම එකා ම සැක ය. අද නොපැන්නත් ඉන් කොටසක් නමුත් හෙට පනින්නට ඉඩ ඇත යන සැකයෙන් මිදෙන්නට ඔවුන්ට නොහැකි ය. අපි ශී‍්‍රලනිපය ගනිමු. අද එය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයක් නොව ශී‍්‍ර ලංකා නිවටයින් ගේ පක්ෂයක් බවට ඇත. ශී‍්‍රලනිපාක්ෂිකයන් ඒ තත්ත්වයට පත් කළේ රාජපක්ෂලා ය. තමන් ශී‍්‍රලනිප පාක්ෂිකන් මේ තත්ත්වයට පත් කළ බව රාජපක්ෂලාගේ හෘද සාක්ෂිය ද දනී. සදාකාලික නිවටුන් සිටිය හැකි නමුත් හැමෙකා ම හැමදා ම නිවටුන් ලෙස සිටී යයි කිව නොහැකි ය. ඇතැමුන් නිවටත්වයෙන් මිදීමට පෙර කල් නොයවා තමන්ට අවශ්‍ය දේ රාජපක්ෂලා වහාම ඉටු කර ගත යුතු ය.
අද ලාංකීය සමාජය එක් අතකින් පාලන අත්තනෝමතිකත්වය ද අනෙක් අතින් ඒ වටා පෙළ ගැසී ඇති නිවටත්වය ද ජය කෙහෙළි නංවා ඇති සමාජයකි. නිවටත්වයට පත්ව ඇත්තේ ශී‍්‍රලනිපාක්ෂිකයන් පමණක් නොවේ. රාජපක්ෂ තන්ත‍්‍රය මෙතරම් දේ කරද්දී ඒවටා ගොනුවී සිටින වාමාංශික යයි කියන අය දෙස බලන්න. දිනේශ් ගුණවර්ධනලා, චම්පික රණවකලා දෙස බලන්න. ඇමති මැති වරප‍්‍රසාද අත් හැරීමට නොහැකිව ඔවුන් නිවටත්වය වැළඳ ගෙන ඇති සැටි බලන්න. ඔවුන් පමණක් නොවේ, වරප‍්‍රසාදවලට වඩාත් ගිජු වූ විපක්ෂ දේශපානඥයන් එකා පසු පස එකා තමන් ඒ වන විටත් කී දේවල් වමාරා කමින් නිවටත්වයේ පෙරහැර කරා සේන්දු වන අන්දම බලන්න. බොහෝ බුද්ධිමත්තු ද බොහෝ පූජ්‍යයයෝ ද තවත් බොහෝ දෙනා ද මෙයින් මිදුනෝ නොවෙති. ඉතින් නිවටත්වය ශ්‍රේෂ්ඨත්වය බවට කූඨ ප‍්‍රාප්ත ඇති මෙවන් පසු බිමක අප‍්‍රමාදී විය යුතු ය, අනලස් විය යුතු ය. රාජපක්ෂලා අප‍්‍රමාදී වූහ.
ගෙන එන ලද 18 වන ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ ඉතා පැහැදිලි ය. එනම් රාජපක්ෂ පවුල් බලය ලංකා දේශපාලනයේ අධිපති බල ව්‍යුහය ලෙස හැකිතාක් කල් ස්ථාපිතව පවත්වා ගෙන යාම ය.
ව්‍යවස්ථා සංශෝධනය හුදෙක් එක් පුද්ගලයෙකුට දෙවාරයකට වඩා ඉදිරිපත් විය නොහැකි ය යන සීමාව අහෝසි කිරීම පමණක් ම නම් එය එතරම් ම බරතල ප‍්‍රශ්නයක් නොවේ. එහෙත් ප‍්‍රශ්නය වන්නේ එම දිගු කිරිම තවත් කාරණා ගණාවක් සමග සම්බන්ධ වී තිබීම ය.
පළමුව, මෙම සංශෝධනයට අනුව වත්මන් ජනාධිපතිවරයාගේ දෙවන ධූර කාලය තුළ වසර හතරක් ඉක්ම ගිය පසු ඔහුට ජනාධිපතිවරණයක් පවත්වා ඉතිරි වර්ෂ දෙකත් ඊළ`ග වර්ෂ හයත් බලයේ සිටිය හැකි ය. තුන්වන ධූර කාලයෙන් වසර හතරක් ගෙවී ගිය පසු නැවත පෙර සේ ම ජනාධිපතිවරණයක් පවත්වා ඉතිරි වසර දෙකත් ඊළ`ග වසර හයත් බලයේ සිටිය හැකි ය. මෙසේ දාම කි‍්‍රයාවලියක් ලෙස ඔහුගේ අභිමතය තෙක් නැතහොත් ”ඔටුන්න හිමි කුමරා” සුදානම් කෙරෙන තෙක් බලයේ සිටිය හැකි ය. ජනාධිපති ධූරය දරණ තාක් දිගට ම ඉදිරිපත් වීමට ඔහුට අවශ්‍ය නම් පක්ෂය විරුද්ධ වුවත් කරන්නට දෙයක් නැත. මන් ද ව්‍යවස්ථානුකූලව ඔහුට එම අයිතිය ලැබෙන නිසා ය.
ඕනෑ ම ධනේශ්වර පාලකයෙකු රීතියක් වශයෙන් තුන්වන ධූර කාලයකට ඉඩ ලැබේ නම් ඒ අවස්ථාව වන විට ජන අප‍්‍රසාදයේ ඉහළට ම නගින්නට පුළුවන. රාජපක්ෂටත් එම රීතිය වලංගු වනු ඇත. මේ අප‍්‍රසාදය පවතිද්දීත් ඡුන්දය දිනා ගැනීමට හැකි යාන්ත‍්‍රණය මෙහෙය මෙහෙය වීමේ විධිවිධාන මෙම සංශෝධනය මගින් ව්‍යවස්ථාවෙන් ම ලබා දී තිබීම දෙවන කරුණ යි. 17 වන සංශෝධනය යටතේ බලතල සීමා කර තිබියදීත් එය අමු අමුවේ උල්ලංඝනය කරමින් හා ජනාධිපතිවරණය, මහ මැතිවරණය ආදියේදී එළිපිටම මැතිවරණ නීති උල්ලංඝකරමින් එලෙස දෝෂාභියෝගයක් මගින් ප‍්‍රජා අයිතිය අහිමි කළ හැකි වීමේ වරදක් පවා කරමින් අයුතු ලෙස බලය දිනා ගැනීම සඳහා කි‍්‍රයා කළ ජනාධිපති රාජපක්ෂ 18 වන සංශෝධනයෙන් ලබා ගන්නා බලතල අනුව කෙසේ කි‍්‍රයා කරනු ඇද්දැයි සිතා ගැනීම අසීරු නොවේ.
රාජපක්ෂලා මෙන් ම ඔවන්ගේ වන්දිභට්ට හමුදාව 18 වන සංශෝධනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් කරන්නේ ය, පාර්ලිමේන්තු බලතල පුළුල් කරන්නේ ය අදී වශයෙන් සමූහ ගායනයේ යෙදුන ද එම සංශෝධනය තුළ එවන් කිසිදු අන්තර්ගතයක් නැත. ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලතල සීමා කරන කිසිදු විධිවිධානයක් නැත. ව්‍යවස්ථා සභාවක් නැත. ව්‍යවස්ථාපිත පත් කිරීම් සඳහා දැන් ඔහුගේ අභිමතයට අනුව ඕනෑ ම පත් වීමක් කළ හැකි ය. පත් කිරීම සඳහා ඔහු තීන්දු කරන අය සම්බන්ධයෙන් නිරීක්ෂණ ලබා ගැනීම පිණිස පාර්ලිමේන්තුවේ පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් යෝජනා කර ඇත. එහෙත් ඔවුන් ව්‍යවස්ථාපිත මණ්ඩලයක් ලෙසවත් කි‍්‍රයා කරනවා ද යන්න ගැන පැහැදිලිතාවක් නැත. ඔවුන්ගේ නිර්දේශ පිළි ගැනීම සම්බන්ධයෙන් බැඳීමක් ද නැත. මේ පස් දෙනා කවරහු ද? අගමැති, කතානායක, විපක්ෂ නායක, හා අගමැතිවරයා ද විපක්ෂ නායකවරයා ද විසින් නම් කරන ඔවුන් ද කතානායකවරයා ද අයත් නොවන ජනවර්ගයන්ට අයත් සුළු ජන මන්තී‍්‍රවරුන් දෙදෙනෙක් ය. මෙසේ සිය පත් කිරීම් සඳහා කිසිදු බැඳීමක් නැති නිරීක්ෂණ ලබා ගැනීම පිණිස පාර්ලිමේන්තුව නියෝජනය කරන පස් දෙනෙකුගෙන් යුත් මොකක් දෝ සංයුතියක් පත් කිරීමෙන් පාර්ලිමේන්තුවේ බලතල පුළුල් කිරීමක් සිදු වන්නේ කෙසේ ද? ජනාධිපතිවරයාගේ අල්ලේ නැටවෙන අගමැතිවරයාත් කතානායකවරයාත් අගමැති නම් කරන නියෝජිතයාත් ජනාධිපතිවරයාගේ අභිමතය ඉක්ම වන්නේ යයි කින්නට තිබෙන සාධක මොනවා ද? එතරම් අදීන බවක් පෙන්වීමට තරම් කොන්දක් මේ අයට නැති බව පැහැදිලි ය. අද සිදු වන දේ අනුව විපක්ෂ නායකවරයා විසින් නම් කරනු ලබන මන්තී‍්‍රවරයාට සිදුවන්නේ කුමක් ද යන්න හකීම්ලාගෙන් දිගම්බරම්ලාගෙන් සිතා ගන්නට පුළුවන. ඒ අනුව මේ නිරීක්ෂණ ලබා ගැනීම සඳහා පත් කරන පාර්ලිමේන්තු කණ්ඩායම ඇස් බැන්දුමකට වැඩි දෙයක් නොවේ. මෙය නම් මාර විදියකට පාර්ලිමේන්තු බලතල පුළුල් කිරීමකි!
ජනාධිපතිවරයා මාස තුනකට වරක් පාර්ලිමේන්තුවට සහභාගි විය යුතු යයි යන සංශෝධනය මගින් ද පාර්ලිමේන්තු බලතල පුළුල් වෙන බව ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් වන බව ද කියති. අපේ පත්තර මහත්තුරු ද පොල් ගෙඩි අකුරෙන් මේවා අපට කියවන්නට වාර්තා කරති. එහෙත් මාස තුනකට වරක් පාර්ලිමේන්තු යාමෙන් මේ කියන දේ වෙනවා නම් ඕනෑ ම අවස්ථාවක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට සහභාගි වීමට තිබූ විධිවිධාන ඉවත් කර එය මාස තුනක සීමාවකට යටත් කළේ ඇයි දැ යි එකියන මහත්තුරුන්ගෙන් ප‍්‍රශ්න කරන්නට මේ මාධ්‍ය මහත්තුරුන්ට බැරි ය!
දැන් සියල්ල පැහැදිලි ය. 18 වන සංශෝධනයට අනුව මෙතැන් පටන් මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම, අධිකරණය සිසාරා පැතිර යන්නේ ජනාධිපති රාජපක්ෂයන් ගේ අභිමතය ය. ස්වාධීන, අපක්ෂපාතී යන යෙදුම්වල අර්ථය අද ව්‍යවස්ථානුකූලවම අහෝසි කර තිබේ. 18 වන සංශෝධනය යනු පාර්ලිමේන්තු කුමන්ත‍්‍රණයක් මගින් විධායක ජනාධිපති ධූරය නමැති ආඥාදායක පදවියේ විෂ දළවලට විෂ පුරවන විධි විධානයකි. මෙතැන් පටන් මෙම ධූරය දරන්නා මෙම විෂ පිරි දළවලින් හිස හැරුණු අතේ දෂ්ඨ කරනවා ඇත.
ජේ.ආර්.ජයවර්ධන නම්”කපටි නරියා” අභිබවමින් මහින්ද රාජපක්ෂ නැමැති ”කපටි වෘකයා” මකියාවලීගේ ”කුමාරයා” ලෙස, ”මෙහෙබෝනයෙකු” වශයෙන් ලාංකීය දේශපාලන පොළොවේ පුනර්භවය ලබන්නේ එලෙස ය.
2010 සැප්තැම්බර් 8 දායින් පසු එළඹෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් ආශ්චර්යයක් සිදු නොවුණහොත් මහජන නියෝජිතයන් යයි කියනු ලබන ජනතා ද්‍රෝහී රැසකගේ 2/3 දෙකක බලයෙන් ව්‍යවස්ථානුකූලව ස්ථාපිත කරනු ලබන සම්පූර්ණ ඒකාධිපතිත්වයකි. මෙය තවමත් හුදකලා වූ ඒකාධිපතිත්වයක් නොවේ. සමාජයේ රජ කරන මතවාදය හේතුවෙන් ජන සහමතිය ලබන ඒකාධිපතිත්වයකි. මුදල් කුට්ටි ඇතුළු වරප‍්‍රසාදවලට ඇති ගිජු බවට අමතරව විපක්ෂයේ මන්තී‍්‍රන් ජනාධිපතිගේ දෑත් සවිමත් කිරීමට පිල් මාරු කිරීමට එය ද හේතුවකි.
රාජපක්ෂ පාලනයේ ඒකාධිපති වියරුව වටහා ගන්නට ජනතාව තව බොහෝ දුර ගමන් කළ යුතු ය. විපක්ෂ බලවේග ඊට අභියෝගයක් එල්ල කිරීමට තරම් සකී‍්‍රය නැත. වාම හා ප‍්‍රජාතන්තී‍්‍රය බලවේග සිටින්නේ ඊටත් පිටු පසිනි. මේ සියලූ තත්ත්වයන් නිසා රාජපක්ෂ තන්ත‍්‍රය නිදැල්ලේ තම ඉලක්කය කරා ගමන් කරමින් සිටී. මේ නිශ්විත මොහොතේ රාජපක්ෂ තන්ත‍්‍රය පරාජයට පත් කිරීම අසීරු ය යන මේ සියල්ල යථාවකි. එහෙත් තත්ත්වය වෙනස් කළ නොහැක්කක් නොවේ.
එක් අතකින් පාලන තන්ත‍්‍රය ම ඒ සඳහා අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කර දෙයි. එය සිටින්නේ ජනපි‍්‍රයත්වයේ හිනි පෙත්තේ සිට කෙමෙන් කෙමෙන් ඉන් බැස යන තත්ත්වයක ය. ඒකාධිපතිත්වයක් කරා ගමන් කිරීමෙන් මේ තත්ත්වය ඊට යහපත් ලෙස හරවා ගත හැකි නොවේ. ඒ ගමනේ සෑම පියවරක් පාසාම එය එය තුළින් ම නොනැවතී වැඩෙන එදිරිවාදීන් බිහි කර ගනී. සැකය හා භීතිය සෑම ඒකාධිපතියෙකු තුළ ම නෛසර්ගිකව ම හට ගනී. ඔහුගේ ඉදිරි කි‍්‍රයාකාරිත්වය දිවෙන්නේ එය ද පදනම් කර ගනිමිනි. ඒ අනුව වටේ කැරකෙන අතලොස්සක් හැරුණු විට ඔහු සැ`ගවුණු සතුරන් බොහෝ දෙනෙකු නිර්මාණය කර ගනී. එහෙත් මෙබඳු තත්ත්වයක් ඇති වෙනවාය කියා ඒ මත බලාපොරොත්තු රඳවා ගනිමින් බලා සිටියහොත් සිදු විය හැකි එක ම දෙය වන්නේ රාජපක්ෂ වෙනුවට වෙනත් ඒකාධිපතියෙකු ආදේශ වීම හා ඔහු ද ජන සහමතිය ලබමින් තවත් කාලයක් බලය බුක්ති විඳීමින් ජනතාව තලා පෙළීම ය.
ප‍්‍රජාතන්ත‍්‍රීය බලවේගයන්ගේ කර්තව්‍යය විය යුත්තේ සිය බලවේග ගොනු කරමින්, සංවිධාන ගත කරමින්, පෙළ ගස්වමින් ජනතාව බලමුළු ගැන්නීමට පෙරට ගමන් කිරීම ය. මොන තරම් විෂ දළ සහිත ඒකාධිපතියෙකු වුවත් ලක්ෂ ගණනින් දශ ලක්ෂ ගණනින් බල මුළු ගැන්වෙන ජනතා බලය හමුවේ පර`ඩලාවක් වෙනු ඇත. කි‍්‍රයාරම්භ කළයුතු වන්නේ එවන් ජනතා බලයක් ගොඩ නැගීමේ අරමුණෙන් යුතුව ය. රාජපක්ෂලා පමණක් නොව බලයට එන අන් ඕනෑ ම ඒකාධිපතියෙකු පළවා හරින්නට ජන බලවේගයන්ට පුළුවන.
අපි ඉරානයේ ෂාට, පිලිපීනයේ මාකෝස්ට, චිලියේ පිනෝෂේට, උගන්ඩාවේ ඉඩි අමීන්ට අත්වූ ඉරණම මෙහෙබෝන් රාජපක්ෂට මතක් කර දෙමු, අපි ද මතකයේ තබා ගෙන කි‍්‍රයාරම්භ කරමු.
No comments:
Post a Comment