මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Sunday, August 22, 2010

මර්වින් සිල්වා ඇගයීමේ ස`ග සමුළුව නොහොත් පනින රිලවුන්ට පිරිත් නූල් බැඳීම



‘සමෘද්ධි නිළධාරියෙකු ගස් බැඳීමේ සිද්ධිය හේතුවෙන් නියෝජ්‍ය ඇමති ධූරයෙන් ද ශ‍්‍රීලනිප කැළණීය ආසන සංවිධායක ධූරයෙන් ද ඉවත් කර ඇති හා ශී‍්‍රලනිප සාමාජිකත්වය අත්හිටුවා ඇති පා. ම. මර්වින් සිල්වා අගය කිරීම සඳහා හා ඔහුගේ සේවය  තව දුරටත් ලබා ගැනීමේ අරමුණ ඇතිව

Saturday, August 21, 2010

එදා විරුවන් අද මරුවන්




එදා ත‍්‍රිවිධ හමුදාව සහ පොලීසිය යනු ජවිපෙට විරුවන් පිරිසකි. බෙදුම්වාදය පරදවා රට බේරා ගත්තේ මෙම විරුවන් ය. මෙම ‘විරුවන් පිරිස කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීම සඳහා එකල ජවිපෙ හඩ වේදිකාවල රැව්පිළිරුවි දුන්නේ ය.

Saturday, August 14, 2010

රටක නීතියට ගිය කලක් !


පසු ගිය 12 වෙනි දින  ජවිපෙ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මංත‍්‍රී විජිත හේරත්, ගාල්ල දිස්ත‍්‍රික්  ජවිපෙ මංත‍්‍රී අජිත් කුමාර හා පළාත් සභා මංතී‍්‍ර නලීන් හේවගේ ඇතුළු 8 දෙනෙකු ගාල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන එදින ම ගාල්ල මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 2010. 08. 16 දින දක්වා රිමාන්ඞ් භාරයට පත් කර තිබේ.



ජෙනරාල් සරත් පොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලා 2010. 08 .12 දින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය ගාල්ල නගරයේදී පැවැත් වූ උද්ඝෝෂණයෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත. සාමකාමීව පැවැත්වූ උද්ඝෝෂණයට ගාල්ල පොලීසිය මගින් එල්ල කළ ප‍්‍රහාරය රූපවාහිනී නාලිකා මගින්  සමස්ත රට වැසියන්ට ම දැක ගත හැකි විය.

Friday, August 13, 2010

නිර්වින්දන සමාජයක ඛේදවාචකය





එළඹ ඇත්තේ 2010 අගොස්තු මාසය යි. ජනාධිපතිවරණය අහවරවී වසරකට ආසන්න වී ඇත. කැබිනට් මණ්ඩලය 35ට බැස්සවීම හීනයක් වෙමින් එය ආසියාවේ නොව ලෝකයේ ම ආශ්චර්යය ලෙස යෙහෙන් වැජඹෙයි. 17වෙනි ව්‍යවස්ථා සංශෝධනය, කොමිෂන් සභා පත්කීරීිම් යනාදියේ ද තත්ත්වය එයම ය. එහෙත් ඔඩු දුවා ඇති ආර්ථික අවපාතයට  ජනතාවගේ පැත්තෙන් කිසිම විරෝධයක් තාමත් පැන නැගී නොමැත. අවුරුදු 30ක් ම පටි තද කර ගැනීමට හුරුවී සිටි ජනයා මැතිවරණයේදී පැතූ ”කාලා ඇඳලා සැනසීමේ ඉන්න” තැබූ  පැතුම් උඩු හුලෙ`ග් ගසාගෙන යමින් තිබේ.

Tuesday, August 10, 2010

චෙල්සි ක්ලින්ටන් ගේ සහ අපේ ලෝකය

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් හා එහි වත්මන් රාජ්‍ය ලේකම්වරිය හිලරි ක්ලින්ටන් යුවළගේ දුව චෙල්සි ක්ලින්ටන් පසු ගිය ජුලි 30 වෙනිදා යුග දිවියට පිවිසුනා. මංගල උත්සවයට ගිය වියදම ඇ .ඩො. මිලියන 5 ක් පමණ වෙනව. සහභාගි වූ ආරාධිතයන් ප‍්‍රමාණය 400 ක්. ඇ. ඩො. මිලියන 5 ක් කියන්නෙ ලංකා රුපියල්වලින් නම් කෝටි 56 යි ලක්ෂ 10 ක් විතර. ඒ අනුව එක් අයෙක් වෙනුවෙන් වියදම රු ලක්ෂ 14 ක් විතර .
ඒත් අපට ලෝකයේ අනෙක් පැත්තෙන් මෙහෙම දේවලූත් අහන්න ලැබෙනව .
මිනිසුන් මිලියන 3 ක්  ජීවත්වීම සඳහා දිනකට ඩොලර් 2 ක් උපයාගන්න මහත් අරගලයක යෙදීසිටිනවලූ. 
ළමයින් මිලියන 15 ක් අවරුද්දකට බඩ ගිනනේ මියයනවලූ .
සෑම තත්පර 3.6 ට එක් අයෙක් බඩ ගින්නේ මිය යනවලූ .
 ඒ විතරක් ද, චෙල්සි ගෙ රටේ,  ඇමරිකාවේ ළමයි අට දෙනෙකුගෙන් එක් අයෙක් සෑම රාත‍්‍රියකම නිදාගන්න යන්නෙ බඩ ගිනනෙන්ලූ.

http://www.thinkquest.org/pls/html/think.library