මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .

Tuesday, April 10, 2012

වාමාංශික පක්ෂ සහ සංවිධාන ඒකතුවට අපේ යෝජනා

 


 1. ගෝලීය ධනවාදය ස්වභාවිකවම එහි අඩංගු කරගත් ප‍්‍රතිවිරෝධී කොන්දේසි විසින් එය ගැඹුරු සංකිීර්ණ අර්බූදයක් කරා මෙහෙයවයි. අර්බූදයේ ප‍්‍රතිවිපාකයන්ගෙන් ගැලවීමට දරණ සෑම උත්සාහයක්ම පෙරළා අර්බූදය තීව‍්‍ර කරයි. ගෝලීය ධනවාදී බලවේගයන් ඔවුනොවුන්ම ඇන කොටාගන්නවා පමණක් නොව සමස්ථ මානව වර්ගයා මත ද යුද්ධය දරිද්‍රතාවය අයිතීන් අහිමිකිරීම හා විනාශය මුදා හරී.


2. මහින්ද රාජපක්ෂ පාලන තන්ත‍්‍රය 48 න් පසු බලයේ සිටි ඕනෑම පාලකයෙකුට වඩා වැඩියෙන් ගෝලීය ධනවාදය හා ගැට ගැසෙමින් ඔවුන් අනුව යමින් සිටී. එය ගොඩනගාගත් ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක ආවරණය යටතේ කොල්ලකාරී දූෂිත ඥාති - ගජමිතුරු කවයක් තුල ආර්ථික හා දේශපාලන බලය කේන්ද්‍ර ගතකරමින් ලංකාවේ පීඩිත පංතීන් හා පීඩිත ජතීන් මත යුද්ධය දරිද්‍රතාවය අයිතීන් අහිමිකිරීම හා විනාශය මුදා හරීමින් සිටී. මේ සියල්ල කරනුයේ පෝෂණය කරනු ලැබූ සිංහල බෞද්ධ ජාතිකවාදයේ සෙවනැල්ල යටතේය.


3. පාර්ලිමේන්තුව නියෝජනය කරන විරුද්ධ පක්ෂ රාජපක්ෂ රෙජිමයට අභියෝගකිරීමෙහි හැ`ගීමක් හෝ නොපෙන්වයි. එජාපය නොවිසඳෙන නායකත්ව අර්බූදයක එරී සිටී. ජවිපෙ නොනැසී පැවතීම සඳහා එදා වේල දේශපාලන සටන් පාඨ තෝරයි. දෙ ජා සංධානය දකුණේ පාලකයන් විසින් නැවත නැවතත් රවටනු ලැබීමේ උගුල තුල හිරවී සිටී.


4. වාමවාදී හා ප‍්‍රගතිශීලී කුඩා සංවිධාන සහ පුද්ගලයන් රාජපක්ෂ රෙජිමයට එරෙහිව හුදකලා මතවාදී අරගලයක ද සමහරවිට අඩු බලපෑමෙන් යුත් ප‍්‍රතිරෝධී ක‍්‍රියාකාරකම්වල ද යෙදී සිටිති.


5. මෙකී තත්වයන් අනුව දූෂිත අවිචාරවත් රාජපක්ෂ රෙජිමයට එරෙහිව කළ යුතුව ඇති අත්‍යාවශ්‍ය අරගලය අද අක‍්‍රීය තත්වයක පවතී . එම අරගලය ගෝලීය ධනවාදයට එරෙහි අරගලය හා බැඳුනු ධනේශ්වර විරෝධී පොදු අරගලයේ අඛණ්ඩ කොටසක් ලෙෂ සක‍්‍රීය කළ යුතුව ඇත . පීඩිත පංතීන්ගේ හා ජාතීන්ගේ සැබෑ විමුක්තිය රැුඳී ඇත්තේ එවැනි වූ අරගලයක ජයග‍්‍රහණය මත පමණි.


6. ඒ සඳහා , විද්‍යාත්මක දැක්මක් , නිරවුල් වැඩපිළිවෙලක් හා උපාය මාර්ගයක් සහිත පෙරමුණු බළ ඇණිය ගොඩනැගීම සඳහා අවශ්‍ය පූර්ව කොන්දේසීන් සකස් කළ යුතුව පවතී.


7. කෙසේ වුවද , පොදු අරගලය තුල වාමවාදීන්ගේ එක්සත්බාවය එම අරගලය ඉදිරියට ගෙනයාමට ශක්තියක් වන බව අපි පිළිගනිමු. මෙහිදී ලාංකීය වාමාංශික ව්‍යාපාරයේ ඉතිහාසයේ අත්දැකීම් මෙන්ම මෑත කාලයේ අපේම අත්දැකීම් ද පහසුවෙන් බැහැරකළ නොහැකි බව අවධාරණය කරමු. එළඹෙන ආසන්න දේශපාලන තත්වය අනුව ( විශේෂයෙන් මැතිවරණයක් ආසන්නයේ* ඒ ඒ පක්ෂවල ප‍්‍රයෝගිකවාදී පටු උවමනාවන් පෙරදැරිව සමගි සංධාන සඳහා උනන්දුවී ඇති බවත් එම පටු භාවිතයන් හේතුවෙන්ම ඒවා වැඩිකල් නොගොස් බිඳවැටී ඇති බවත් යතාර්ථයයි. ඒ හැරෙන්න ක‍්‍රියාවෙන් ක‍්‍රියාවට (පිකිටින් , උද්ඝෝෂණ අදිය * පමණක් සමගිය අපේක්ෂාකිරීම ද වාමවාදීන් ගේ තවත් ප‍්‍රතිපත්තියකි. තම වාමවාදී පැවැත්ම රැුකගැනීමට උවමනා නමුත් අනොන්‍ය විශ්වාසය බිඳවැටී තිබීම එම ප‍්‍රතිපත්තියෙන් ප‍්‍රකාශකෙරෙයි. .මේ තත්වයන් නිසා අවංක උවමනාවක් ඇති වාමවාදීන් පවා පසුබැස හුදකලාව සිටී. වාම එකතූන්ගේ මේ දෙආකාරයම පීඩිත පංති ව්‍යාපාරය පිරිහීමට ලක් කර ඇතිවා මිස ඵලදායී කිසිවක් ඊට එකතුකර නැත. වමේ එක්සත් මධ්‍යස්ථානයක් ගැන ෂලකාබැලීමේදී මේ කරුණු කෙරෙහි අවධානය යොමුකිරීම අත්‍යාවශ්‍යයයි අපි කල්පනාකරමු.






8. අප අතර සමගියකදී පංති සහයෝගතාවාදය හා පටු ජාතිකවාදය ප‍්‍රතික්ෂේප කිරීම මූලික පිළිගැනීම විය යුතුය. සමගියකට වෙනත් න්‍යායික වෙනස්කම් එතරම් බලපෑමක් ඇති නොකරයි. ගැටළු ඇති කරන්නේ ප‍්‍රායෝගික ක‍්‍රියා මාර්ග තේරීමේදීය. පළමුව ප‍්‍රාථමික දේශපාලන කරුණු සම්බන්ධයෙන් එක`ගතාවය ඇතිකර ගැනීම වාම එකතුවක් සඳහා වඩාත් යතාර්ථවත් ප‍්‍රවේශය වෙයි. අවම වශයෙන් නිශ්චිත කාල වකවානුවකට වලංගු වන ජාතික දේශපාලනය පිළිබඳ විශ්ලේෂණයක් ද ඒ අනුව ප‍්‍රතිපත්තින් ද උපාය මාර්ගයන් ද පිළිබඳ එක`ගතාවයකට පැමිණිය යුතුය. මෙය වුවද ඉක්මනින් කළ හැක්කක් නොවේ . අවංක හා විවෘත සංවාදයක් අවශ්‍යය. කාල සටහනක් අනුව සාකච්ඡුා ඉදිරියට ගෙන යා යුතුය.


ප‍්‍රතිපත්තිමය එක`ගතාවයකට පැමිණිය යුතු මූලික කරුණු


1. ලංකාවේ දේශපාලන ව්‍යුහය ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය කිරීම . ඒ සඳහා බැහැර කළ යුතු අංග හා අඩංගු වියයුතු නව අංග පිළිබඳ


2. දෙමළ ජාතික ප‍්‍රශ්ණය පිළිබඳ


3.අධ්‍යාපනය , සෞඛ්‍ය ආදී ප‍්‍රශ්ණ පිලිබඳ


9. සංවිධාන උපාය මාර්ගය


මේ පිළිබඳ වාමවාදීන් ෂතුව ඇත්තේ යාන්ත‍්‍රික ආකල්පයක් බව කිවයුතුය. වාම එකතුවක් සෑ¥ වහාම සමුළු, සම්මන්ත‍්‍රණ , පිකටින් වැනි ජනප‍්‍රිය යෝජනා ගලා එන්නේ ඒ නිසාය. මෙවැනි ක‍්‍රියාකාරිත්වයන්ට පෙර ඒ සඳහා ජනතාව සංවිධානය කිරීමේ අවශ්‍යතාවය මින් බැහැරකෙරෙයි.


අපට ප‍්‍රතිපත්තින් සකස්කළ හැක. එහෙත් ඒවා බල ගැන්වෙන්නේ පීඩිත ජනතාව ඒවා පිළිගෙන ඒ වටා පෙළ ගැසෙන්නේ නම් පමණි. මේ නිසා ජනතාවට ඒත්තුගැන්වීම හා සංවිධානය කිරීම මූලික කාර්්‍යයක් බව අපි සලකමු. එළඹෙන මොහොත අනුව විරෝධතා සංවිධාය කිරීම මින් ප‍්‍රතික්ෂේප නොවෙයි.


’සංවිධානය කිරීම’ යන්නෙන් නිශ්චිත ව්‍යුහයකට ක‍්‍රමානූකූල ගොනුකිරීම, ඒකරාශිකිරීම අදහස්වෙයි. අපේ ප‍්‍රතිපත්ති පළල් ජනතාව සඳහා නම් අපේ අරමුණ ඒ වටා ජනතාව සංවිධානය කිරීම නම් එම සංවිධානය බහු ජන සංවිධාන හැඩයක් ගනී. ඒ තුල මාක්ස්වාදීන් , ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් , මානව හිතවාදීන් , පරිසර හිතවාදීන් වැනි විවිධ බිම් තුල සටන් කරන්නන් සිටිය හැක. එය පලල් ජනතාව හා වාම සංවිධානය නැතිනම් පක්ෂය අතර පාලමක් ලෙෂ පැවතිය යුතුය. වාම සංවිධානය - පක්ෂය ඊට මග පෙන්වන්නේක් විය යුතුය. කිසිම අරගලයකට ජනතාව සියයට සියයක් ඇදී එන්නේ නැත. එසේ එන්නේ යම් තරමක හෝ උනන්දුවක් දක්වන කුඩා පිරිසකි. එම සක‍්‍රීය කොටස් ප‍්‍රථමයෙන් බහු ජන ව්‍යාපරය තුල හැඩගැස්වීම කළ යුතුය. පක්ෂයට උරාගත යුත්තේ එසේ හැඩගැස්වූ දියුණු කොටස්ය.


කම්කරු , ගොවි, තරුණ , ශිෂ්‍ය, කාන්තා හෝ වෙනත් කිසියම් නිශ්චිත විෂයයක් ඉලක්කකර ගත් ව්‍යාපාර පැවතිය හැකි මුත් අප අදහස් කරන මහජන ව්‍යාපාරය එවැන්නක් නොවේ. විවිධ අරගලයන් එකට කැටිකර ගත් පොදු ඉහළ තලයක මධ්‍ය සංවිධානයකි මහජන ව්‍යාපාරය. මෙය විප්ලවවාදි පක්ෂය නොවේ . පක්ෂය සාපේක්ෂව කුඩා නමුත් දියුණු කොටස්වලින් සමන්විත දෘෂ්ටිමය අතින් ඒකීය මධගත සංවිධානයකි.


මහජන ව්‍යාපාරයක සංවිධාන ව්‍යුහය වෘත්තීය ක්‍ෂේත‍්‍රය, නගරය හෝ ප‍්‍රාදේශිකය පදනම්කරගත් සමාන්තර මධස්ථාන වශයෙන් පැවතිය හැකිය. එහි වර්ධනීය සීමාවකදී සමුළුවක් තුල එකාබද්ධ කළයුතුය. වචනයේ සැබෑ අරුතින්ම එහි ප‍්‍රජාතන්වාදී විධික‍්‍රමය තිබිය යුතුය. වෙනස් මතවාදයන් පවතින නිසා තීරණගැනීමේදී සංවාදය අතිශයින් වැදගත්ය.


පීඩිත පංතීන්ට එරෙහිව තීරණ ගැනීමේ්දී හා ක‍්‍රියා මාර්ග තේරීමේදී ධනේශ්වරය මධ්‍යගත රාජ්‍ය බලය මත පිහිටයි.ආණ්ඩුව යන නමින් ඔවුන්ගේ පක්ෂ එම මෙහෙයුම හසුරුවයි. මේ තත්වයට එරෙහිව තීීරණ ගැනීමට හා ක‍්‍රීයාමාර්ග තේරීමට පීඩිත පංතීන්ට ඔවුන්ගේම විකල්ප බල මධ්‍යස්ථාන තිබිය යුතුය. ඔවුන්ගේ පක්ෂ එය හසුරවිය යුතුය. මහජන ව්‍යාපාරය පිළිබඳ අපේ දැක්මේ පදනම එයයි.(සම්පිණ්ඩනයකි)






No comments:

Post a Comment