විප්ලවවාදීන් (විප්ලවවාදී පක්ෂය) පොදු ජනතාව සමග සංයෝගවන්නේ කෙසේ ද ?
විප්ලවවාදී පක්ෂය පෙරමුණු බල ඇණිය ලෙස ද හැඳින්වෙන බව අපි දනිමු. එසේ හැඳින්වීමෙන්ම පෙනීයන්නේ කැපවීම, නොපසුබස්නා වීර්ය හා වීරත්වයෙන් යුත්, පංති අරගලයේ ඉදිරියෙන් ම සිටිමින් එම අරගලයේ සියළු හැරවුම්, සංධිස්ථාන, ඉදිරියට යාම්, පසුබැසීම් කොටින්ම පංති අරගලයේ සියළු සම්බන්ධතාවයන් විනිවිද දැකීමෙහි සමත්, ඒ අනුව සිය ස්ථානය ක්ෂණයෙන් වෙනස්කර ගැනීමෙහි මනා පුහුණුව ලත්, නිපුණ විප්ලවවාදීන්ගෙන් එම පක්ෂය සමන්විත වී ඇති බවයි. එවැනි පක්ෂයක් තිබීම නිර්ධන පංති විප්ලවයේ ජයග්‍රහණය සඳහා ඇති එක් ප්‍රධාන කොන්දේසියකි. එම පක්ෂය බලය අල්ලා ගැනීමට පෙර, ඒ අතරතුර හා ඉන් පසුව නිර්ධන පංතියේ සහ නිර්ධන පංතික නොවන පීඩිත පංතික කොටස්වල නොදියුණු ස්ථරයන්ට පුහුණුව, අධ්‍යාපනය හා අවබෝධය දී ඔවුන් නව ජීවනයට අද්දාගැනීමට සමත් විය යුතුය. විප්ලවවාදී දේශපාලන කලාව යනු එයයි. (ලෙනින් තෝ. කෘති 165 පිට* විප්ලවවාදීන් ජනතාව සමග සංයෝග වන්නේ කෙසේ ද යන්න පිළිබඳ පැහැදිලි මග පෙන්වීමක් මින් ලබා දෙයි. නිර්ධන පංතියේ හා පීඩිත පංතියේ නොදියුණු ස්ථරයන් නොදියුණුබව තුළ දිගටම රඳවාගෙන සිටිනු ලබන්නේ ධනේශ්වර දෘෂ්ටිවාදය හා පසුගාමී සංස්කෘතික චර්යාවන් විසින් ය. ධනේශ්වරය තමන් සතුව ඇති සකලවිධ මාධ්‍යයන් මේ සඳහා යොදා ගනී. පීඩිත පංතිකයන්ට යොදා ඇති මේ තිරිංග කඩා බිඳ දැමිය යුතුව ඇත. සම්මත ආයතනික අධ්‍යාපන රටාවට එහා ගිය ප්‍රායෝගික දේශපාලනික ‘පාසැල් ‘ තුළට ඔවුන් ඇතුළත් කරගත යුතු ය. එහි දී ඔවුන් අවබෝධ ගැන්විය යුතු ය. පුහුණු කළ යුතු ය. ප්රජාතන්ත්රවාදය, නිදහස, දේශප්‍රෙමය ගැන ධනපතීන්ගේ මොරගෑම් සමග සහමිතියට ඒමට නොව අවබෝධයෙන් යුතුව ඒවාට එරෙහිව නැගී සිටීමට උගැන්විය යුතු ය.
නිර්ධන පංතියේ හා පීඩිත පංතියේ නොදියුණු ස්ථරයන්ට විප්ලවවාදී දේශපාලන කලාව උගන්වා පුහුණු කරන පාසැල නිවැරදිව හඳුනා ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි. අන් සෑම විප්ලවයකටම සාපේක්්ෂව රුසියානු බොල්ෂෙවික් විප්ලවය ලෝක නිර්ධන පංති ව්‍යාපාරයට මේ සම්බන්ධයෙන් බොහෝ දේ උගන්වා ඇතැයි යන්න පැහැදිලි සත්‍යයකි. විප්ලවීය අරමුණ සාක්ෂ්‍යාත්කර ගැනිම සඳහා ඔවුන් - බොල්ෂේවිකයන් පොදු ජනතාව සමග එකට වෙලී ඔවුන් දැනුවත්කරමින් හා පුහුණුකරමින් ද තමන්ම ද ඒ අනුව වෙනස්වෙමින් හා පන්නරය ලබමින් ගමන් කර ඇති මූලික පාසැල සෝවියට් ව්‍යාපාරයයි. මූල කඳවුරු න්‍යාය , ගරිල්ලා සටන් උපාය හෝ පැතිරුණ සන්නද්ධ අරගල න්‍යාය වැනි සන්නද්ධමය අරගල විධික්රම සමග සෝවියට් ව්‍යාපාරය පටලවා නොගත යුතු බව අපි අවධාරණය කරමු. මක්නිසාද ජවිපෙ පැතිරුණ කෙටිකාලීන සන්නද්ධ අරගල උපාය වෙත ප්රවේශවීමේදී සෝවියට් සභා අර්ථ ගැන්වූයේ රුසියානු විප්ලවයේ නැගිටීමේ උපාය ලෙසට ය. එවැනි උපායයක් ලංකාවට නොගැලපෙන බව ය. ඇත්තවශයෙන්ම සෝවියට් සභා ව්‍යාපාරය විප්ලවයේ නැගීසිටීමේ අවස්ථාවට අදාළ බලය අල්ලා ගැනීමේ අකෘතියක් නොව පුළුල් පීඩිත බහුජනතාව - කම්කරුවන්, ගොවීන් හා සොල්දාදුවන් - ඒකරාශිවූ සමස්ත විප්ලවීය දේශපාලන ව්‍යාපාරයකි. මෙය මේ අර්ථයෙන් තේරුම් නොගැනීම නිසා එදා ජවිපෙට විප්ලවයේ යෝධ බහුජන ස්වරූපය අත හැරිණි. අතිධාවනකාරී අන්තවාදයකට ඇද වැටුණි.
බොල්ෂෙවික්වාදය නියමාකාරයෙන් අර්ථ දැක්විය හැක්කේ එය සෝවියට් ව්‍යාපාරය හා එකට ගෙන කරන අධ්‍යයනයකින් පමණකි. මක්නිසා ද බොල්ෂෙවික්වාදය මෙන්ම සෝවියට් ව්‍යාපාරය ද හැදී වැඞී පෝෂණය වූයේ එකිනෙක අන්තර් සම්බන්ධිතව ය. ඒවා වෙන් කළ නොහැකි දේශපාලන ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙස පැන නැගි ඒවා ය. බොල්ෂෙවික් විප්ලවවාදීන් පොදු පීඩිත ජනතාව සමග සංයෝගවීමේ ප්‍රධාන මාධ්‍යය වූයේ මේ ඓතිහාසිකවූත් ඒ වගේම අතිශයින් සංකීර්ණවූත් සෝවියට් ව්‍යාපාරය යි. පීඩිත කම්කරුවන් ගොවීන් හා සොල්දාදුවන් සාර්වාදයට එරෙහිවත් පසුව ධනේශ්වර සභාගවාදට එරෙහිවත් විටෙක ඒ සමග සම්මුතිවාදීවත් අවසානයේ ඊට එරෙහිව තීරණාත්මකවත් නැගී සිටුවමින් ස්වකීයමය රාජ්‍ය බලය කරා ඔසවා තබනු ලැබූවේ සෝවියට් ව්‍යාපාරය හරහාය. සෝවියට් (soviet ) යනු රුසියානු භාෂාවෙන් සභා ( council) යන අර්ථය දනවන පදයකි. එවකට සාර් යටතේ වූ ඇමති මණ්ඩලය නම්කර ඇත්තේ ද soviet of ministers යනුවෙනි. ප්‍රථම වරට සෝවියට් යන්න කම්කරු නියෝජිතයින්ගේ සභා හැඳින්වීමට යොදා ගැනෙන්නේ 1905 විප්ලවයේ දීය. 1905 අවසන් කාර්තුව තුළ රුසියාවේ විප්ලවීය තත්ත්වයන් මෝරමින් පැවතිණි. පීටර්ස්බර්ගයේ ඉවනොවො වොසෙන්ස්කි ප්‍රදේශයේ රෙදිපිළි කර්මාන්ත කම්කරුවන්ගේ වැඩවර්ජනය තවත් වැඩවර්ජන රැුල්ලකට ආරම්භය දුනි. මේ වනවිට පීටර්ස්බර්ගයේ සිටි සමාජ ප්රජාතන්ත්රවාදීන් ක්‍රියාත්මක වෙමින් සිටියේ රහසිගතව ය. ඔවුන් හා පුළුල් ජනතාව අතර සජීවී සංවිධාන සම්බන්ධතාවයක් ගොඩනැගී නොතිබිණි. අනෙක් අතට ඔවුන් අතර කණ්ඩායම් දෙකක අභ්‍යන්තර ගැටුමක් ද විය. සමාජවාදී විප්ලවවාදීන්ගේ තත්ත්වය ද ඊටත් වඩා අයහපත් විය. මේ සියළු පාර්ශවයන් අන්‍යොන්‍ය අරගලයක පැටලී සිටිය ද වැඩ වර්ජන රැුල්ල තව තවත් වර්ධනය වුණි. පැවති යථාර්ථය තුළ පාක්ෂික නොවන ස්වයං පාලනයක් සහිත විප්ලවීය කම්කරු සභාවක් කැඳවීමට සමාජ ප්රජාතන්ත්රවාදී කණ්ඩායමක් ක්‍රියා කළේ ය. ඒ අනුව ඔක්තෝම්බර් 13 දින පීටර්ස්බර්ගයේ තාක්ෂණික ආයතනයේ දී නියෝජිතයින් 50 කින් පමණ සැදුම් ලත් කම්කරුවන්ගේ ප්‍රථම -සෝවියට් සභාව - රැුස්විය. වෘත්තීය ශ්‍රේණි හෝ දේශපාලන ප්රවනතා නොසලකා කම්කරු සමූහයා අතරින් තෝරාපත් කර ගත් නියෝජිතයින්ගෙන් එය සමන්විත විය. දේශපාලනමය මහා වැඩවර්ජනයක් කැඳවීමට එහි දී තීන්දු විය. වැඩවර්ජනය මොස්කව් ඇතුලූ නගර කරා තව තවත් පැතිර ගියේ ය. සැප්තම්බර් 6 දින රැුස්වූ සෝවියට් සභාව වැඩ වර්ජනය ආයුධ සන්නද්ධ නැගීටීමකට පරිවර්තනය කිරීමට තීරණය කළේ ය. පීටර්ස්බර්ග් කම්කරුවන්ගේ ප්‍රථම සෝවියට් සභාවේ ඉතිහාසය දින පනහකට පමණක් සීමාවිය. දෙසැම්බර් 3 දින ආණ්ඩුව විසින් එය මර්දනයකර දමනු ලැබිය.
සෝවියට් සභාවේ පාක්ෂික නොවන ස්වරූපය නිසා සමහර බොල්ෂෙවිකයන් එය පක්ෂයේ කාර්යභාරයට තර්ජනයක් වෙතැයි සැළකූහ. දේශපාලන වේදිකාවෙන් බොල්ෂෙවිකයන් බැහැර කිරීමට මෙන්ෂෙවිකයන් අටවන ලද කුමන්ත්රණයකැයි ඔවුන් සිතූහ. මේ වනවිට ලෙනින් සිටියේ විදේශගතව පිටුවහල් ජීවිතයක් ගතකරමිනි. ඔහු තොරතරුු ලබාගත්තේ දිනපතා පුවත්පත් හරහාය. ඒ නිසාම යම් අවිනිශ්චිත හැ`ගීමකින් යුතුව ඔහු (1905 නොවැම්බර්) අපේ කාර්යභාරය හා කම්කරු නියෝජිතයින්ගේ සෝවියට් සභාව (^http://www.marxists.org/archive/lenin/works/1905/nov/04b.htm යන මැයෙන් ලියූ ලිපියක් පක්ෂ පුවත්පතේ කතුවරුන් වෙත එවූයේ එය පලකිරීම හෝ නොකිරීම ඔවුන්ගේ අභිමතය පරිදි කිරීමට ඉඩහරිමින් ය. එසේම වඩාත් තොරතුරු ලැබූවිටෙක ඔහුගේ මතය වෙනස්කර ගැනීමට ද ඔහු සූදානම් බවක් පෙන්වීය. ඒ තොරතුරු සම්බන්ධයෙන් වූ අවිනිශ්චිතභාවය නිසාම ය. දින පනහක් පමණක් පැවති එහෙත් කිසිදිනක සෝවියට් සභාව ඇසින් නොදැක, ඒ සමග ප්‍රායෝගික සම්බන්ධතාවයක් නොමැතිව වුවද ලෙනින් එම සෝවියට් සභාව පදනම් කරගෙන ඒ ලිපියෙන් ඉදිරිපත් කළ මත තවත් අවුරුදු 12 ක් ඈත අනාගතයේදී සිදුවීමට නියමිත රුසියානු විප්ලවයේ දී පංති බලවේගයන්ගේ හැසිරීම, බොල්ෂෙවිකයන්ගේ උපාය මාර්ගය, විප්ලවීය ආණ්ඩුවේ ආකෘතිය ආදිය පිළිබඳ සපයන කටුසටහනක් බඳු ය. ඒ නිසාම තම මතයන් වෙනස් කරගැනීමට ඔහුට ඉතිහාසය අවස්ථාව උදා කළේ නැත. එළඹි 1917 විප්ලවයන්හිදී පංති අරගලයේ න්‍යෂ්ටීය කාර්යභාරය ඉටු කළේ නැවත පිහිටුවූ සෝවියට් සභා ය. නිර්ධන පංති රාජ්‍ය ආකෘතිය වුයේ සෝවියට් සභා ය. මෙලෙස සෝවියට් සභාවල නියෝජිත ස්වරූපයත්, විප්ලවීය අරගලයක් සඳහා ඒ තුළ ගැබ්වූ ශක්තියත්, හැකියාවත් සම්බන්ධයෙන් කල් ඇතිව නිවැරදි තක්සේරුවකට එළඹීමට ලෙනින්ට හැකි වූයේ ඔහු සතු තියුණු විප්ලවීය ඉව නිසා ය.
පක්ෂය හා බහුජන ව්‍යාපාරය අතර ද පක්ෂය හා වෙනත් විප්ලවීය පාර්ශවයන් අතර ද පැවතිය යුතු සම්බන්ධතාවය පිළිබඳ අපෝහකවාදී න්‍යායාත්මක දැක්මක් ලෙනින් එම ලිපිය තුළ සම්පිණ්ඩනයකර ඉදිරිපත් කරයි .
බොල්ෂෙවිකයන් සෝවියට් සභා ද? පක්ෂය ද? කියා අන්දමන්දව සිටියදී තම ලිපියෙන් ලෙනින් කියා සිටියේ නිසැකවම තීරණය විය යුත්තේ කම්කරු නියෝජිතයින්ගේ සෝවියට් සභාව සහ පක්ෂය යන දෙකම ය. එකම ප්රශ්නය සහ වඩා වැදගත්ම ප්රශ්නය නම් කම්කරු නියෝජිතයින්ගේ සෝවියට් සභාවේ සහ රුසියානු සමාජ ප්රජාතන්ත්රවාදී කම්කරු පක්ෂයේ කාර්යභාරයන් වෙන්කර දක්වන්නේ කෙසේ ද, ඒවා ඒකාබද්ධ කරන්නේ කෙසේ ද යන්න ය.
සෝවියට් සභාවේ ආර්ථික ඉල්ලී්ම් කිසියම් කම්කරු පිරිසකට පමණක් නොව සමස්ත නිර්ධන පංතියටම අදාළ වූ ඒවා ය. එහි දේශපාලන ඉල්ලීම් රුසියාවේ සියළු ජනයා රාජාණ්ඩුවේ වියගසින් නිදහස් කරගැනීමට, අයිතීන් අහිමි තත්ත්වයෙන් නිදහස්කර ගැනීමට හා කෲර පොලිස් පාලනයෙන් නිදහස් කරගැනීමට ඉලක්කකර ගත් ඒවා විය. මේ අර්ථයෙන් සෝවියට් සභාව බහුජනතාවගේ විප්ලවීය අරගල කේන්ද්‍රස්ථානය විය. කාර්මික හා කාර්යාල සේවකයින්, ගෘහ සේවකයින්, කෘෂිකාර්මික කම්කරුවන් වැනි සියළු කොටස් අතරින්, වැඩකරන ජනතාව වෙත වඩාත් උසස් ජීවන තත්වයක් ලබා දීම සඳහා පොදු අරගලයක් ගෙන යාමට සූදානම්, අවම වශයෙන් දේශපාලන අවංකභාවයේ මූලික මට්ටමක සිටින සියළු කොටස් අතරින්, ඔවුන්ගේ දෘෂ්ටිමය තත්ත්වයන් නොසලකා, නියෝජිතයින් තෝරා පත්කර ගැනීමට සෝවියට් සභාව පරිශ්රම දැරිය යුතු යැයි ලෙනින් වැඩිදුරටත් අදහස් දක්වයි. එසේම අන්ත ප්රතිගාමී කොටස්වලට පිවිසිය නොහැකි පරිදි සෝවියට් සභාවක දොරටු වසා දැමිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.
ලෙනින් සෝවියට් සභාව දෙස බැලුවේ එය කිසියම් විකල්ප සංවිධාන මාධ්‍යයක් ලෙස සලකා නොව පොදු ජනතාවගේ විශ්වාසය දිනාගත්, ඒ නිසාම පොදු ජනතාව අතර මුල් බැසගත්, විප්ලවීය ශක්තියෙන් හෙබි, විප්ලවීය ආකාරයට ක්‍රියා කරන, විප්ලවීය සංවිධාන හා පක්ෂ සමග ඉතා සමීප සබඳතා ඇති සජීවී නව සමස්ත රුසියානු දේශපාලන මධ්‍යස්ථානයක අඩුව පුරවන්නාවූ සංවිධානයක් ලෙස ය. පළල් දේශපාලන අරගල මධ්‍යස්ථානයක් ලෙස පැවතීමෙන් බැහැරව සෝවියට් සභා කිසියම් පක්ෂයකට ඇලී සිටීම හෝ සෝවියට් සභා නියෝජිතයින් බොල්ෂෙවික් වැඩපිළිවෙල පිළිගෙන එහි සාමාජිකයන් විය යුතු යැයි හෝ එම බැනරය යටතේ ගමන් කළ යුතු යැයි හෝ සිතීම නුවණට හුරු දෙයක් නොවන බව ද ලෙනින්ගේ අදහස විය. එය දේශපාලන අරගලය හා දේශපාලන නායකත්වය එකිනෙකට වෙනස් කරුණු දෙකක්ය යන්න නොසලකා හැරීමකි. බලය සම්බන්ධයෙන් පංතීීන් අතර කෙරෙන අරගලය දේශපාලන අරගලය යි. දැන් පීටර්ස්බර්ග්හි සිදුවන්නේ කම්කරුවන්ගේ හා පීඩිත පංතීන්ගේ දේශපාලන අරගලයකි. පංතියක් හෝ පංති ස්ථරයක් නියෝජනය කරන වැඩපිළිවෙළක් හෝ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා එම පංතිය හෝ පංති ස්ථරය ඉදිරියට මෙහෙයවීම දේශපාලන නායකත්වයෙන් අදහස් කෙරෙයි. එය තම අරමුණ සම්බන්ධයෙන් සවිඥානක, සාපේක්ෂව කුඩා පිරිසකගෙන් සමන්විත සංවිධානය වූ පක්ෂයක කාර්යභාරයයි. දැනටමත් අරගල බිම මත සක්‍රීයව පෙනෙන්නට ඇති සෝවියට් සභාව බහුවිධ දෘෂ්ටීන්ගේ, නායකත්වයන්ගේ පොදු එකතුවක්ය යන්න කිසිවෙකුටවත් ප්‍රතික්ෂේප කළ නොහැකි යථාර්ථය යි. එසේ වුව ද එය කම්කරුවන්ගේ විප්ලවීය අරගලයේ මධ්‍යස්ථානයක්ය යන්න ද එවැනිම යථාර්ථයකි. මේ අනුව තමන්ගේ බැනරය යටතේ පමණක් තිබිය යුතුයැයි සිතා එය පිටු දැකිය නොහැකි ය. සෝවියට් සභාව බොල්ෂෙවික් නායකත්වයේ මගපෙන්වීමට අනුගත කරගැනීම අවශ්‍යයෙන්ම කළ යුතු නමුත් එය කළ යුත්තේ එහි විප්ලවීය ගතිකත්වයට හානි කරන බලවේගයන් ජනතාව හමුවේ හෙළිදරව්වීමට සැලැස්වීම මගින් ය. ඒ සඳහා කරන නොනවතින අරගලයක් මගින් ය. අනෙක් සාධනීය පාර්ශවයන් තම පැත්තට දිනා ගැනීමට ක්‍රියා කිරීම මගින් ය. ඒ අනුව සෝවියට් සභා බොල්ෂෙවික් දේශපාලනයට අදාළ කරගන්නා උපාය මාර්ගික කරුණු දෙකක් ඔහු ඉදිරිපත් කරයි.
1. සියළුම වෘත්තීය සමිති තුළ පක්ෂ සංවිධාන නියෝජනය කරවීමට හැකි උපරිමයෙන් ක්‍රියා කිරීම
2. ඒකාබද්ධ අරගලය සැබෑ නිර්ධන පංති ලෝක දෘෂ්ටිය වූ මාක්ස්වාදය තහවුරුකිරීම සඳහා යොදාගැනීම
සෑම වෘත්තීය සමිතියක් තුළම පක්ෂ නියෝජනය වැඩිකර ගැනීමෙන් සෝවියට් සභාව නියෝජනය කිරීම සඳහා බොල්ෂෙවිකයන්ට වැඩි අවස්ථාවක් ලැබෙයි. එවිට ඔවුන්ට සෝවියට් සභාවට වැඩි බලපෑමක් එල්ල කළ හැකිවෙයි. එසේ කිරීමෙන් පමණි සෝවියට් සභාව ගෙන යන අරගලය තුළ දී පංතිමය දෘෂ්ටිය තහවුරු කිරීම මගින් ආර්ථික අරගලයෙන් ඔබ්බට යන්නාවූ දේශපාලන අරගලයේ -නිර්ධන පංති විප්ලවයේ - ජයග්‍රහණය සාක්ෂාත් කරගත හැක්කේ. වැඩ වර්ජන හරහා සාමාන්‍ය ආර්ථික ඉල්ලීම් දිනා ගැනීමේ සීමිත අරගලය සමග පංතියේ හා සෙසු පීඩිත ජනතාවගේ නිදහස දිනා ගැනීමේ පුළුල් අරගලය කරා මෙහෙයවීමේ බොල්ෂෙවික් පක්ෂයේ විප්ලවීය අරමුණ බද්ධකීරීමට එම උපාය මාර්ගය සමත් විය. වැදගත් කරුණ නම් පංතියේ ස්වයං ක්‍රියාකාරිත්වය සහ ඊට මග පෙන්වීමේ, නායකත්වය දීමේ විප්ලවීය පක්ෂයක කාර්යභාරය බෙදා වෙන්කිරීම වගේම ඒවා ඒකාබද්ධ කිරීමේ විධික්රමය එහි අන්තර්ගත වීම ය. පක්ෂ අරමුණු සෝවියට් සභාවන් හරහා පොදු අරගලයන් සමග ඒකාබද්ධ කළේ වැඩබිම් හා කර්මාන්තශාලා පදනම්කර ගත් බොල්ෂෙවික් පක්ෂ ඒකක විසින්් ය.
පොදු ජන අරගල ව්‍යාපාරය හා විප්ලවීය පක්ෂය අතර ඇති අපෝහකය සම්බන්ධයෙන් යථාර්ථවාදී අවබෝධය ලබා ගැනීමට නම් සෝවියට් ව්‍යාපාරය ආකෘතිමය කෝණයකින් නොගෙන අධ්‍යායනය කළ යුතු ය. එය පෙබරවාරි විප්ලවයේ අවධියේ බොල්ෂෙවික්වාදය හා බහුවිධ අවස්ථාවාදයන් එකට ගැටෙමින් තිබූ එකම වේදිකාවක් විය. සෝවියට් ව්‍යාපාරය බොල්ෂෙවිකයන් ද සුළු ධනපති අවස්ථාවාදීන් ද අන්ත ප්රතිගාමී ධනපති දෘෂ්ටිවාදීන් ද එකම මොහොතක එකම ස්ථානයක අභිමුඛ වෙමින් කම්කරුවන්, ගොවීන් හා සොල්දාදුවන් මත බලපෑම් එල්ල කරමින් විප්ලවය ඔවුනොවුන්ගේ දිශාවන්වෙත ඇදගෙන යාමට දරන ප්රයත්නයන්ගේ ගහණ වූවකි. විප්ලවවාදීන්ට හා අවස්ථාවාදීන්ට එකවර ඇහුම්කන්දීමට කම්කරුවන්ට, ගොවීන්ට, සොල්දාදුවනට අවස්ථාව ලැබිණිි. පංති අරගලය විවෘත වේදිකාවේ දිග හැරිණ. ඒ ඒ නළුවන් ර`ගපාන මොහොතේම ඒවා වෙත ඇ`ගිල්ල දිගුකර ඒවායේ චරිත ස්වභාවයන් නරඹන්නන්ට පැහැදිලි කරදීමට බොල්ෂෙවිකයන්ට හැකියාව ලැබිණි. සෝවියට් ව්‍යාපාරය තුළ අරක්ගත් ප්රතිගාමිත්වයට හා අවස්ථාවාදයට අභිමුඛව සිට ඒවා හෙළිදරව්කරමින් පංතිය අවබෝධ ගැන්වීමත් පුහුණු කිරීමත් සිදු වූයේ එලෙස ය. ශාස්ත්‍රීය අධ්‍යාපනයෙන් කිසිදාක නොලැබෙන තර්ක ඥානයක් ජනතාවට ඉන් ලබා ගත හැකි විය. බොල්ෂෙවික්වාදය සමගින් ජනතාව හැඩ ගැසී වර්ධනය වූයේ ඒ මගිනි. ඓතිහාසික අරගලයන් මගින් හිමිකරගත් වටිනාකම් ස්වර්ණාභරණයක් සේ එල්ලාගෙන සුපිරි යැයි සිතා විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරයක් නිර්මාණයකර ගැනීමෙන් බැහැරව ක්‍රියාකරන්නාවූ ජවිපෙ මෙම භාවිතයෙන් බොහෝ දුරස් බව ඔබට පෙනෙනවා ඇත.
සෝවියට් ව්‍යාපාරය විසින් පිළිබිඹු කරන විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරය වාම පෙරමුණු හෝ වාම සන්ධාන ද නොවේ. ඒවාට විකල්පයක් ද නොවේ. එය පැහැදිලිවම පීඩිත පංතීන්ගේ සජීවී දේශපාලන අරගලයේ සංවිධානමය ව්‍යුහයකි. ලෙනින්ගේ ලිපි ලේඛන දහස් ගණනක් කියා පාන්නේ සෝවියට් පොදු ජන අරගල ව්‍යාපාරය තුළ බොල්ෂෙවිකයන් ගෙන ගිය අරගලයේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක තරම ය. මෙන්ෂෙවික්වරු හා සමාජ විප්ලවවාදීහු ද තාවකාලික ආණ්ඩුවේ ඔවුන්ගේ ඇමතිවරු ද බොල්ෂෙවිකයෝ ද සෝවියට් සභා තුළ, ඒවායේ මධ්‍ය විධායක කමිටු තුළ සහභාගි වූහ. මෙම රැුස්වීම්වලදී මෙන්ෂෙවිකයන්, සමාජ විප්ලවවාදීන්් සහ ඔවුන්ගේ ඇමතිවරුන් ඉදිරිපිට තබා ගෙනම බොල්ෂෙවික්වරු ඔවුන් දැඩි විවේචනයට ලක් කළහ. එසේම ඔවුහු ද බොල්ෂෙවික්වරුන්ට එලෙසම ප්‍රතිචාර දැක්වූහ. සමහර අවස්ථාවල ලෙනින්ගේ කථාවලට කෑකෝගැසීම් මගින් බාධා එල්ලවිය. 1917 ඔක්. 25 නැගීටීම ආරම්භ වූ දින පැවැත්වෙමින් තිබූ සෝවියට් සභා දෙවන සම්මේලනය විප්ලවයේ පොදු ජන ස්වභාවය මැනවින් විදහා දැක් වූ අවස්ථාවකි. ඒ ගැන ”ලොව හෙල්ලූ දස දවස” හි ජෝන් රීඞ් මෙසේ කියයි. එතැන (සෝවියට් සභා සම්මේලනය) ජරාවට ඇඳගත් විශාල සෙබළ සමූහයන් ය. අපිරිසිදු විශාල කම්කරු පිරිස් ය. ගොවි ජන සේනාවන් ය. ජීවත්වීම සඳහා ගෙන යන අමානුෂික අරගලයෙන් ඔත්පල වී ගිය දුගී ජන සන්නිපාතයකි. මේ ඔත්පල වී ගිය දුගී ජන සන්නිපාතය විප්ලවය වෙත වාරු කරගෙන ආවේ කවුරුන් විසින් ද? ඒ කුමන මාධ්‍යයක් ඔස්සේ ද? ප්‍රධාන වශයෙන් බොල්ෂෙවිකයන් විසින් ය. සෝවියට් නම් රුසියානු නමින් වූ පොදු ජන අරගල ව්‍යාපාරය නම් මාධ්‍යය හරහා ය. අරගලය සඳහා තම පාක්ෂිකයන් පමණක් නොව සාමාන්‍යයෙන් දේශපාලනය ගැන කිසිවක් නොදන්නා දුකසේ ජීවත් වන පාක්ෂික නොවන දහස් ගණන් ජනතාව ද පුබුදුවාලමින් ඔවුන් විප්ලවවාදී ලෙස ක්‍රියාකිරීමට හැඩගස්සූ විට එය බහුජන අරගල ව්‍යාපාරයක් බවට පත්වී එම ව්‍යාපාරය පක්ෂය හා බහු ජනතාව අතර පාලමක් ලෙස ක්‍රියා කරන බව ඉන් තහවුරු වෙයි. පක්ෂය විසින් බහු ජන ව්‍යාපාරය පෝෂණය කරනු ලබන අතරම බහු ජන ව්‍යාපාරය විසින් පක්ෂය පෝෂණය කරනු ලබයි. අසංවිධිත, අවරසික, සාමාන්‍ය පීඩිතයා සංවිධිත, විඥානගත විප්ලවවාදියකු බවට පරිවර්තනය කරනු ලබන්නේ සැබෑ ලෙසම බිමේ අරගලය මත යැපෙන බහුජන ව්‍යාපරය මගිනි. අනතුරුව එවැන්නන් ප්‍රථමයෙන් තරුණ, කාන්තා, ශිෂ්‍ය වැනි පක්ෂය න්‍යෂ්ටිය කරගත් කනිෂ්ඨ සංවිධානවලට ද ඒවායේ ඔවුන්ගේ භාවිතය තවදුරටත් පිරික්සා පක්ෂ සාමාජිකත්වයට ද ඇතුළත් කරගනී. අන්‍යොන්‍ය බලපෑම් සහිත මේ ක්‍රියාවලිය සමගම බහු ජන ව්‍යාපාරය ද ගුණාත්මකභාවයක් අත්කර ගනී. එය තවදුරටත් පැතිරෙමින් ඉදිරියට යන්නේ නම් සැබෑ විප්ලවයක් දක්වා වර්ධනය වෙයි. කාලෝචිත නිසි සටන් පාඨ ඉදිරිපත් කරමින් බහුජන ව්‍යපාරය මෙහෙයවන විට පමණක් පක්ෂය පෙරමුණු බල ඇණියක තත්ත්වය ගනී. සෝවියට් ව්‍යාපාරයේ හා බොල්ෂෙවික්වාදයේ අපෝහකය මෙයයි. පීඩිත පංතියේ නොදියුණු ස්ථරයන් උගන්වා පුහුණු කළ හැකි වෙනත් මාධ්‍යයක් තවත් තිබිය හැකි ද? ඇත්තවශයෙන්ම විප්ලවවාදීන් පොදු ජනතාව සමග සංයෝජනය වූයේ එලෙස ය. එවිට පමණකි, පොදු ජනතාව පෙරළා විප්ලවවාදීන් ගේ දේශපාලන නායකත්වයේ නිවැරදි බව, ඔවුන්ගේ ක්රියාමාර්ගයන්ගේ නිවැරදි බව තම අත්දැකීම් මගින්ම තේරුම් ගනිමින් ජන සන්නිපාතයක් ලෙස ඉතිහාසයට කඩා වදින්නේ.
ලෙනින් විප්ලවයේ බහුජන පදනම වෙනුවෙන් දැඩිව පෙනී සිටි අයෙකි. කුඩා පක්ෂයකට බලය ලබා ගැනීම කළ නොහැකි දෙයක් නොවන නමුත් එම පක්ෂය පීඩිත පංතික බහුතරයක සහයෝගය ලබා ගැනීමෙහි සමත්ව සිටිය යුතුයැයි ලෙනින් අවධාරණය කරයි. විප්ලවීය පක්ෂයකට එවැනි සහයෝගයක් ලබාගත හැක්කේ බහුජන ස්වරූපයේ සංවිධාන ව්‍යුහයක් හරහා පමණි. අපේ වාම දේශපාලන ව්‍යාපාරය නොතකා හැර ඇත්තේ ද එයම ය. මෙවැනි තත්ත්වයක් යටතේ පංති අරගලය බහු ජනතාවගේ අරගලයක් වෙනවා වෙනුවට පක්ෂයක් භාරගත් කොන්ත්‍රාත් එකක් බවට පත් වෙයි. මේ නිසාය අපේ බොහෝ උද්ඝෝෂණ පෙළපාලිවල නිතරම පක්ෂ හෝ සංවිධානවල නායකයන්, ඒවායේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන් සහ ළ`ගම අනුගාමිකයන් පිරිසක් පමණක්ම දකින්නට ලැබෙන්නේ. උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක අරමුණු දෙකකි. එකක් නම් ප්‍රශ්නගත කරුණ සම්බන්ධයෙන් පාලකයන්ට බලපෑම් කිරීම ය. දෙවැන්න නම් අප ඉහත උපුටා දක්වා ඇති ලෙනින්ගේ උදෘතයකට අනුව විප්ලවවාදී දේශපාලන කලාවට අයත් නොදියුණු ස්ථරයන්ට පුහුණුව, අධ්‍යාපනය හා අවබෝධය දී ඔවුන් නව ජීවනයට අද්දවා ගැනීමට කරන පෙළඹවීම ය.
මෙකී මුඛ්‍ය අරමුණු දෙක එයාකාරයෙන් සාක්ෂාත් කරගැනීමට අප සමත්වී ඇති ද? පාලකයන් මේවාට දැන් හොඳින් පුරුදුවී ඇත. ඒත් සැබෑම ජන අරගලවලදී පාලකයන් වෙව්ලූ අවස්ථා අපි දැක ඇත්තෙමු. විශ්‍රාම වැටුප් පනතට එරෙහි කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක අරගලය, සී ප්ලේන් බැස්සීමට එරෙහි මීගමුව ධීවරයන්ගේ අරගලය හා පීඩාවට පත් ගොවීන් මින්නේරිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය වටලෑම ඒ සඳහා මෑත උදාහරණයන් ය. වාමාංශික පක්ෂ නායකත්වය ඒවායින් බැහැර කෙරිණි. යම් මැදිහත්මක් සිදු වූයේ නම් ඒ පුද්ගලයන් වශයෙනි. එවැනි අරගල යම් ප්‍රතිසංස්කරණ හෝ තාවකාලික සහන දිනා ගැනීමෙන් කෙළවර වනවා වුවත් පීඩිතයින් ඉන් ලබන අවබෝධය හා පුහුණුව නොසළකා හැරිය නොහැකි ය. මෙයාකාර ජන අරගල හා විප්ලවීය දේශපාලනය අතර සහසම්බන්ධය ගොඩනැගීම මේ නිසාම වැදගත් කොන්දේසියක් වෙයි. ඇත්තවශයෙන්ම මෙය ලාංකීය වාම දේශපාලනයේ තීරණාත්මක අර්බූදයකි. සාමාන්‍ය වශයෙන් සෑම වාම දේශපාලන පක්ෂයක්ම වාගේ තමන්ගේ හංවඩුව නැති පරිබාහිර ජන ක්රියාකාරිත්වයන් දෙස බලන්නේ වපර ඇසකිනි. සියල්ල තමන්ගේම නායකත්වය යටතේ සිදුවිය යුතුයැයි ඔවුහු සිතති. තමන් වටා එක්වන්නැයි ඉල්ලා සිටිති. නැතිනම් තමන්ගේම ක්රියාකාරිකයන් යොදවා නාමමාත්රයෙන් පමණක් පොදු වූ සංවිධානයක් සාදා ඒ වටා එක්වන්නැයි ආයාචනය කරති. එසේ ගොඩනගන සංවිධාන මොන පැත්ත හරවා බැලූවත් මව් සංවිධානයෙන් වෙනස් වන්නේ නැත. ඇසෙන්නේ එහිම දෝංකාරය යි. මෙම ගුණාංගයන් වැඩිපුරම පිහිටා ඇත්තේ ජවිපෙ තුළ ය. එය විසින් කලින් කල එසේ ගොඩනැගූ පොදු ජන ව්‍යාපාර එමට ය. පුරුද්දේ බලය නිසාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද පූර්වයෙන් ජන අරගල ව්‍යාපාරය නමින් පොදුජන ව්‍යාපාරයක් ප්‍රකාශයට පත් කරමින් ඒ වටා එක්වන්නැයි ප්රගතිශීලී ජනතාවට ආයාචනය කළේ ය. එහෙත් ඒ හෝ මේ කිසිවක් සැබෑ පොදු ජන ව්‍යාරයක් වී නැත. එසේ වන්නේ ඇයි?
පොදුජන අරගල ව්‍යාපාරය හරයෙන් මෙන් ම ආකාරයෙන් ද විවිධත්වය අඩංගූකර ගනී. ධනවාදයේ පීඩන බරින් දුකට වේදනාවට මෙන් ම කෝපයට පත් සියළු පීඩිතයන්ගේ නියෝජිතත්වය ඒ තුළ ප්‍රකාශ වෙයි. සමහරවිට පාලක ධනේශ්වරයෙන් එල්ලවන ප්‍රහාර හමුවේ කරකියාගත නොහැකි ධනේශ්වර කොටස් පවා ද සෘජුව හෝ වක්‍රව එහි සරණ සොයා පැමිණිය හැකි ය. මේ නිසාම එය දෘෂ්ටිමය වශයෙන් ද අරමුණු අතින් ද විවිධ වේ, සමාජීය වශයෙන් විවිධ වේ. සංවිධානමය වශයෙන් නම්ය වේ. විෂය වශයෙන් සංකීර්ණ වේ. ඊට වෙනස් ලෙස විප්ලවීය පක්ෂය ඒකීය දෘෂ්ටිවාදයකින් සන්නද්ධ ය. සාමාජිකත්වය නිශ්චිත ය, මධ්‍යගත සංවිධාන විනයකින් බැඳී සිටී. මේ ආයතන එකිනෙකට සාපේක්ෂව එකක් බහුත්වයකි, විවිධත්වයේ ඒකත්වයකි. අනෙක ඒකීයත්වයකි. කිසියම් පක්ෂයකට මේ අපෝහක සම්බන්ධතාවයට පිටු පා නිර්ධන පංති විප්ලවයක් සාක්ෂාත් කරගත හැකි ද? නොහැකි ය. මතු පිටින් නොව ගැඹුරින් අධ්‍යයනය කරන්නේ නම් සෑම නිර්ධන පංති විප්ලවයකම ජයග්‍රහණය හෝ පරාජය තීන්දු කර ඇත්තේ වෙනත් කරුණුවලට අමතරව ප්‍රධාන වශයෙන් පක්ෂය බහු ජනතාව අතර දරන ලද තත්ත්වය මත ය. බොල්ෂෙවිකයන් සෝවියට් ව්‍යාපාරය හරහා ද චීනය හා වියට්නාමය දිගු කාලීන යුද්ධය හා බහු ජන ව්‍යාපරය ඒකාබද්ධ කළ මහජන ප්‍රතිරෝධක ව්‍යාපාරය හරහා ද කියුබාව ගරිල්ලා ප්‍රහාර සමග පෙළ ගැසුන නාගරික මහජන ව්‍යාපාරය හරහා ද බහු ජනතාව අතර ස්වකීය තත්ත්වය තහවුරුකර ගනිමින් ජයග්‍රහණය ලැබූහ.
මහජන ව්‍යාපාරයක් උදෙසා
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .
දෘෂ්ටිමය, සංවිධානමය හා දේශපාලනමය අරගලය වෙනුවෙන් . . . . .
Friday, May 10, 2013
Wednesday, May 8, 2013
පක්ෂය හා විප්ලවීය මහජන ව්‍යාපාරය 3
විප්ලවීය දෘෂ්ටිවාදය හා ප්‍රතිපත්ති
සමාජය පංතිවලට බෙදී පවතී. එම පංතීන් ගේ උවමනාවන් මෝරා වැඩෙත්ම එම උවමනාවන් ඉටුකර ගැනීමේ නිශ්චිත මාධ්‍යය රාජ්‍ය බලය ලෙස හඳුනාගත් විගස ඔවුන් දේශපාලන පක්ෂ ගොඩනගා ගනිති. දේශපාලන පක්ෂවල දෘෂ්ටිවාදය හා ප්‍රතිපත්ති ලෙස ප්‍රකාශ වෙන්නේ ආර්ථිකය, දේශපාලනය, සමාජය හා සංස්කෘතිය පිළිබඳ ඒ ඒ පංතීන්ගේ අභිලාෂයන්, සංකල්ප ආදියේ සම්පිණ්ඩිතය යි. ප්රාග්ධනයේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින හා ක්‍රියා කරන පංතීන් හා ඔවුන්ගේ පක්ෂවල දෘෂ්ටිවාදය වන්නේ ධනපති දෘෂ්ටිවාදය යි. ධනවාදයේ විෂයබද්ධ තත්ත්වයන් විසින්ම නිරායාසයෙන් ඊට අවශ්‍ය ධනේශ්වර දෘෂ්ටිවාදය ගොඩනන්වනු ලබයිි. පාලක අධිපති ධනපති පංතිය හැරුණු විට ධනපති පංතියේ තවත් ප්‍රභේද ඇති හෙයින් මෙය මැද ධනපති, සුළු ධනපති ආදී වශයෙන් තවත් ප්‍රභේදවලට බෙදී යයි. නිර්ධන පංතියට ඊටම වන නිශ්චිත දෘෂ්ටිවාදයක් පැවතිය ද ධනපති ක්‍රමය තුළ ස්වභාවිකව හා නිරායාසව නිර්ධන පංතිය තමන්ට හිමි දෘෂ්ටිවාදය මත පිහිටන්නේ නැත. සාමාන්‍යයෙන් නිර්ධන පංතියමත් ස්වභාවිකව හා නිරායාසයෙන් ධනපති දෘෂ්ටිවාදයේ කිසියම් ප්‍රභේදයකට අනුගත වෙයි. සෙසු පීඩිතයින් ගැන කිව යුතු නොවේ. තමන් නිරායාසව වැළඳ ගන්නා දෘෂ්ටිවාදය තමන්ගේ උවමනාවන් ප්‍රකාශ නොකරනවා පමණක් නොව, එය තමන් පීඩාවට පත්කරන්නාවූ ප්‍රති දෘෂ්ටිවාදයක් බවත් එමගින් තමන් නිරායාසව ඇලී සිටින්නේ තමන්ටම එරෙහි ප්‍රති දේශපාලනයක බවත් නිර්ධනීන් හා පීඩිතයින් වූ බහුතර ජනතාව කිසිවිටකත් ස්වයංව අවබෝධකර නොගනී. ඒ නිසාම ඔවුන් තමන්ගේ ම වූ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමෙහි අපොහොසත් වෙයි. ඒ තාක් ඔවුන් ධනපති පංතියේ බලපෑම හා මෙහෙයවීම යටතේ ක්‍රියා කරයි. නිර්ධනීන් හා පීඩිතයින් ධනපති දෘෂ්ටිවාදයෙන් ද එම දේශපාලනයෙන් ද- සියළු ධනපති සම්බන්ධතාවයනගෙන් ද පැහැදිලි ලෙසම කඩා ඉවත්කර විමුක්ත කරලීමේ තත්වයන් පිළිබඳ උගැන්වීම කොමියුනිස්ට්වාදය යි. (කොමියුනිස්ට් ප්රකාශනය, උප ග්‍රන්ථය) පංති අරගලය නිර්ධන පංති රාජ්‍ය බලය ඇති කිරීම අරමුණු කරගත් නිර්ධන පංති විප්ලවය දක්වා වර්ධනය වන බවත් අනාගතයේ යම් දවසක සූරාකෑම, පීඩනය හා මර්දනය නොමැති නිසා ජනයා ස්ව කැමැත්තෙන්ම සමාජ කොන්දේසීන් පිළිපැදීමට පුරුදුවන පංති රහිත එනයින් රාජ්‍යය ද නැති සමාජයක් දක්වා පරිවර්තනය වන බවත් කොමියුනිස්ට්වාදය අපට උගන්වයි. මාක්්ස් , එංගල්ස් සහ ලෙනින් මෙහි ලා ඉදිරිපත්කර ඇති සංකල්ප සමූහය මාක්ස්- ලෙනින්වාදී දෘෂ්ටිවාදය වෙයි. ඒ මත පදනම් වූ ව්‍යාපාරය නිර්ධන පංතියේ විප්ලවීය දේශපාලන ව්‍යාපාරය වෙයි. බොල්ෂෙවික් විප්ලවයේ ජයග්‍රහණය රැුඳුනේ මාක්ස්වාදී දර්ශනය මත පිහිටා මෙසේ ලෙනින්ගේ උපායික හා උපක්රමික මග පෙන්වීම අනුව බොල්ෂෙවික් පක්ෂය ගෙන ගිය අඛණ්ඩ අරගලය මත ය. නිර්ධන පංති විප්ලවීය පක්ෂයක් ගොඩ නැගීමට කි‍්‍රයා කිරීමේ දී එම සමස්ත අරගලයේ අත්දැකීම් යෝධ සවියක් ද ස්ථිරසාර පදනමක් ද වන බව අවධාරණය කරන අපි ඒ අත්දැකීම් ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු බව තවදුරටත් අවධාරණය කරමු.
අප හමුවේ ඇති ප්‍රධාන අත්දැකීමක් වන්නේ නිර්ධන පංති විප්ලවීය පක්ෂ ගොඩ නැගීමට ගොස් කලක් අපත් සිටි ජනතා විමුක්ති පෙරමුණේ අත්දැකීමයි. එදා ජවිපෙ ආරම්භක ක්‍රියාකාරීන් සෘජුව මුහුණලා සිටි ලාංකේය වාම ව්‍යාපාරයේ අවස්ථාවාදී හැඩගැසීම්වලට එරෙහිව ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට පෙළඹීම හා ඒ හේතුවෙන් වාම අන්තවාදය කරා ගමන් කිරීමත් ප්‍රධාන වශයෙන් ඔවුන් බොල්ෂෙවික් ව්‍යාපාරය සමස්තයක් වශයෙන් ගෙන අධ්‍යයනය කිරීම අවතක්සේරු කිරීමත් අතර ඇත්තේ පැහැදිලි සම්බන්ධතාවයකි. ඔවුන් පැරණි වමේ පංති සහයෝගිතාවාදය හඳුනාගත් මොහොතේ, මාක්ස්වාදීමය දැක්ම හා ප්රතිපත්තීන් හැඩගැසුන අවුරුදු 150 ට වැඩි පංති අරගල ඉතිහාසය තිබියදීත්, විශේෂයෙන් බොල්ෂෙවික් ව්‍යාපාරය වැනි අත්දකීමෙන් අති පොහොසත් ඉතිහාසයක් තිබියදීත් එය නිසි ගැඹුරකින් කියවීමට උත්සාහ දැරුවේ නම් විප්ලවය, පක්ෂය, පක්ෂ උපාය මාර්ගය හා සන්නද්ධ නැගීටීම ආදිය අතර වෙනස මෙන්ම ඒ එකිනෙක අතර තිබිය යුතු අපෝහක සම්බන්ධතාවය ද ඒවා සම්බන්ධ දෘෂ්ටිය හා ප්‍රතිපත්ති ද නිවැරදි ලෙස හඳුනා ගැනීමට ඉඩ තිබිණි. ජවිපෙ සම්බන්ධයෙන් එය එසේ නොවුන බව අපේ පිළිගැනීමයි.
දෘෂ්ටිවාදය හා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පැහැදිලිව සඳහන් කළ යුතු දේ නම් ඒවා ජාතික හෝ භූගෝලීය තත්වයන් අනුව වෙනස් නොවන බව ය, ධනවාදය සම්බන්ධයෙන් පොදු වශයෙන් අදාළ වන බව ය. මේ නිසා විප්ලවවාදී පක්ෂයක පදනම් කාර්ය වන්නේ මාක්ස්-ලෙනින්වාදී දැක්ම හා ප්රතිපත්තීන් නිවැරදි ලෙස හඳුනාගෙන ඒ මත තිර ලෙස පදනම් වීම ය.
විප්ලවීය උපාය මාර්ගය
මෙහි දී උපාය මාර්ගය හා උපක්‍රම යන යෙදුම් නිරවුල්ව යොදා ගැනීම අවශ්‍ය ය. ඒ නොයෙක් අවස්ථාවල මේ දෙකම එකම අර්ථයේ යෙදෙන බවක් පෙනෙන හෙයිනි. මෙය සිංහල පරිවර්තනයන්හි පමණක් නොව ඉංග්‍රීසියෙහි ද දැකිය හැකි ය. උපාය මාර්ගය හා උපක්‍රම යන ඒවාට ඉංග්‍රීසියෙන් යෙදෙනුයේ පිළිවෙලින් ිඑර්එැටහ හා ඒජඑසජි ය. මේ වචන දෙක ඔක්ස්ෆර්ඞ් ශබ්දකෝෂයෙහි සමාන වචන ලෙස ද දක්වා තිබේ. මෙයින් යම් අවුලක් ඇති වේ. ිඑර්එැටහ යන්නෙන් අදහස් කරන්නේ සමස්ත කි‍්‍රයා මාර්ගයකි. මූලෝපාය හෝ උපාය මාර්ගය ලෙස දැක්විය හැකි එය දිගුකාලීන හා සමස්ත කි‍්‍රයාවලියම වැළඳ ගන්නා එකකි. ඒජඑසජි යනු උපක්‍රම ය. ඒවා සමස්ත කි‍්‍රයාවලිය තුළ එක් එක් අවස්ථාවට, එක් එක් සිද්ධියට අනුව වෙනස් විය හැකි අතර උපාය මාර්ගය සාර්ථක කර ගැනීම සඳහා සේවය කරයි. එහෙයින් එම වචන එකී වෙනසට අනුව යොදාගත යුතුවේ. මේ වෙනස සැලකිල්ලට නොගෙන නොයෙක් අවස්ථාවල සිංහල පරිවර්තනයන්හි උපාය මාර්ගය ු උපක්‍රම වශයෙන් ද ඉංග්‍රීසි පරිවර්තනයන්හි ිඑර්එැටහ ු ඒජඑසජි වශයෙන් ද යොදා ගෙන තිබීම නොසලකා අපි උපාය මාර්ගය උපාය මාර්ගය ලෙස ද උපක්‍රම උපක්‍රම ලෙස ද එකිනෙකට වෙනස් අරුතෙන් භාවිතා කරමු. ඒ අනුව තැනක උපුටා ගැනීම්වලදී සඳහන්වන උපක්‍රම යන්න වෙනුවට අපි උපාය මාර්ගය යන්න යොදා ඇත.
පක්ෂයේ උපාය මාර්ගය සම්බන්ධයෙන් ලෙනින් මෙසේ කියයි.
”පක්ෂයේ උපාය මාර්ගය යනුවෙන් අප අදහස් කරන්නේ පක්ෂයේ දේශපාලන ස්වභාවය, නැතහොත් හැසිරීම, එල්ලය හා එහි දේශපාලන ක්‍රියාකාරිත්වයේ විධි ක්‍රමයයි.”
ලෙනින් තෝ. කෘති වෙළුම 3. 19 පිට
පැන නගින නව දේශපාලන තත්වයන් අනුව හෝ පක්ෂය මුහුණදෙන නව කර්තව්‍යයන් සමබන්ධයෙන් හෝ නිශ්චිත රටක නිශ්චිත අවධියක් සඳහා වලංගුවන සමස්තයක් වශයෙන් මුළු පක්ෂයේ දේශපාලන කි‍්‍රයා මාර්ගික හැසිරීම ඉතාමත් නොවරදින ලෙස පැහැදිලි කිරීම විප්ලවීය පක්ෂයක උපාය මාර්ගය යන්නෙන් අදහස් කෙරෙයි. නිර්ධන පංතිය වෙත රාජ්‍ය බලය දිනා ගැනීමේ කාලපරිච්ෙඡ්දය තුළ හා සමාජවාදය ගොඩ නැගීමේ කාලපරිච්ෙඡ්දය තුළ මෙන්ම එකිනෙක රටවල විශේෂිත තත්ත්වයන් අනුව ද අනුගමනය කරන උපාය මාර්ගික වැඩපිළිවෙල් එකිනෙකින් වෙනස් වන්නේ ද මේ නිසා ය. විප්ලවීය පක්ෂයේ තත්කාලීන අරමුණ විජයග්‍රහණය කරවීම වෙනුවෙන් නිර්ධන පංතිකයින්ගේ හා පීඩිත පංතිකයින්ගේ උපරිම සහාය ලබා ගැනීමට ඔවුන්ගේ දේශපාලන, ආර්ථික, මතවාදීමය හා විප්ලවීය හැකියා සියල්ල කළමනාකරණය කිරීමේ කලාව හා විද්‍යාව උපාය මාර්ගයෙහි අන්තර්ගත යි. උපාය මාර්ගික වැඩපිළිවෙල තුළ සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික යන සමස්තය මෙහෙයවන පොදු නියාමයන් සාරාර්ථයෙන් ගැබ්වෙන හෙයින් එය විද්‍යාවක් වන අතර පෘථුල අත්දැකීම් හා විමර්ශනයෙන් ලබා ගත් නිපුණතාවය අවශ්‍ය හෙයින් එය කලාවක් ද වෙයි. මෙම අර්ථයෙන් ගත් විට පක්ෂයේ දෘෂ්ටිවාදය හා ප්‍රතිපත්ති මෙන්ම උපාය මාර්ගය ද අතිශයින් වැදගත් තැනක් ගනී. එසේ නමුත් උපාය මාර්ගය දෘෂ්ටිවාදය හා ප්‍රතිපත්ති මෙන් ස්ථාවර තත්ත්වයක් ගන්නේ නැත. පංතීන් සැමවිටම ඔවුනොවුන්ගේ දිශාවන් කරා ගමන් කරයි. ක්‍රියාවන් හා ප්‍රතික්‍රියාවන් ඇති කරයි. මෙහි තේරුම නම් පංති අරගලය නිරන්තරයෙන් සක්‍රීයව පවතින බවයි. දේශපාලන තත්ත්වයන් වෙනස් වෙමින් පවතින බව යි. වෙනස් වෙන නව දේශපාලන තත්වයන් අනුව හා එම තත්වයන් යටතේ පක්ෂයට පැවරෙන නව කර්තව්‍යයන් අනුව උපාය මාර්ගය වෙනස් කිරීම්වලට භාජනය වන්නේ මේ නිසාය. මේ පිළිබඳ වැදගත් උදාහරණයක් නම් ලෙනින් ගේ අපේ‍්‍රල් තීසිසය යි. රුසියාවේ 1917 පෙබරවාරි විප්ලවයට පෙර උපාය මාර්ගය කේන්ද්‍රගත වූයේ සාර් එපා කම්කරුවන්ගේ ගොවියන්ගේ ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුවක් යන සටන් පාඨයෙන් ප්‍රකාශිත කෙරුණු ප්රජාතන්ත්රවාදී විප්ලවය මතයි. 1917 පෙබරවාරි විප්ලවයෙන් රාජාණ්ඩුව පරදවා රාජ්‍ය බලය ධනපති පංතිය අතට පත්වෙමින් සභාග ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසුව ප්රජාතන්ත්රවාදී විප්ලවයේ තැන බලය සමාජවාදී විප්ලවයේ තැනට මාරු වූ පසු විප්ලවයේ පළමු අදියර එනම් ප්රජාතන්ත්රවාදී විප්ලවය නිමා වී ඇති නිසා එය ඉලක්කකර ගත් පක්ෂයේ පැරණි අවම වැඩපිළිවෙල යල් පැන ගොස් ඇති හෙයින් එය වෙනස් විය යුතු විය. සිය අපේ‍්‍රල් තීසිසයන් මගින් ලෙනින් සියළු බලය කම්කරු ගොවි සෝවියට් සභා වෙත යන නව සටන් පාඨය පෙරට ගනිමින් එම වෙනස් වීම කළේ තවත් අදාළ වෙනස් කිරීම් ද සමග ය.
පක්ෂයේ දේශපාලන ස්වභාවය, හැසිරීම නැතහොත් එහි දේශපාලන ක්‍රියාකාරිත්වයේ විධික්රමය (උපාය මාර්ගය* සකස්කර ගැනීමේදී පංති හා පංති අරගලය පිළිබඳ ගැඹුරු කියවීමක් අවශ්‍ය වෙයි. රටේ ආර්ථිකයේ ස්වභාවය, සමාජය පංතින්ට බෙදී ඇති අන්දම, කම්කරු පංතියේ, ගැමි සහ නාගරික පීඩිත පංතින්ගේ හා පීඩිත ජාතීන්ගේ තත්ත්වය ආදිය පමණක් නොව මැද පංතියේ හා දේශීය ධනපති පංතියේ ස්වභාවය, ලෝක ධනපති පංතීන් සමග ඔවුන්ට ඇති සම්බන්ධතාවය, එහි ස්වභාවය ආදිය ද නිවැරදි ලෙස විමසා බැලිය යුතු ය. ඒ ඒ ජනවර්ගයන්ගේ සංස්කෘතික හැසිරීම තේරුම් ගත යුතු ය. අභ්‍යන්තර භූගෝලීය තත්ත්වයන් මෙන්ම කලාපීය භූ පිහිටීම හා එහි බලපෑම් ද අධ්‍යායනය කළ යුතු ය. මෙසේ ලබා ගත් දැනුම තවමත් උපාය මාර්ගය නොව, උපාය මාර්ගය සකස්කර ගැනීමට අවශ්‍ය පූර්ව කොන්දේසි සපුරා ගැනීමකි. එම කොන්දේසි මත පිහිටා නිර්ධන පංතික රාජ්‍ය බලය ගොඩනැගීම සඳහා නිර්ධන පංතිකයින්ගේ හා පීඩිත පංතිකයින්ගේ උපරිම සහාය ලබාගැනීමට ඔවුන්ගේ දේශපාලන, ආර්තථික, මතවාදීමය හා විප්ලවීය හැකියා සියල්ල කළමනාකරණය කිරීම විප්ලවීය උපාය මාර්ගයේ අතිශය වැදගත්ම අංගය වෙයි. මෙය පැහැදිලි ලෙසම විප්ලවීය පක්ෂයක දෘෂ්ටිවාදය සහ ප්‍රායෝගිකත්වය හා බැඳි පවතින්නකි, දෘෂ්ටිවාදය පංති අරගල යථාර්ථය සමග ගලපන අභියෝගාත්මක අවස්ථාවකි. න්‍යාය එහි අවසාන හැඩරුව ලබන්නේ සැබවින්ම පොදුජන සහ සැබවින්ම විප්ලවවාදී ව්‍යාපාරයක ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය හා සමග සමීප සම්බන්ධතාවයක් ඇතිව පමණි. (ලෙනින් තෝ. කෘති 10. 135 පිට) බොල්ෂෙවිකයන්ට මේ තත්ත්වය ජයග්‍රහණය කිරීමට හැකිවූ ඔවුන් සතු විශේෂ ගුණාංග තුනක් ගැන ලෙනින් අවධාරණය කරයි.
1. නිර්ධන පංතියේ පෙරමුණු බල ඇණියෙහි පංති විඥානය, විප්ලවය කෙරෙහි වූ කැපවීම, නොපසුබස්නා වීර්ය හා වීරත්වය
2. නිර්ධන පංතියත් නිර්ධන පංතික නොවන පොදු ජනතාවත් සමග ගැලපීම නැතිනම් සංයෝගවීමට ඇති හැකියාව
3. නිර්ධන පංතියේ පෙරමුණු බල ඇණිය දෙන දේශපාලන නායක්තවයේ නිවැරදිබව, පොදු දේශපාලන ක්‍රියාමාර්ගයේ නිවැරදි බව හා ඒවා නිවැරදි බව ජනතාව ඔවුන්ගේම අත්දැකීම් මගින් දැන තිබීම,
බොල්ෂෙවික්් ව්‍යාපාරයේ දෘෂ්ටිවාදය එහි ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය සමග බද්ධ කළාවූ ආකාරය පෙන්වන ඉහත කී කරුණු තුන ඕනෑම රටක විප්ලවීය ව්‍යාපාරයකට එකසේ අදාලවන බව පමණක් නොව අදාළ කරගත යුතු බව අපි අවධාරණය කරමු. මේ තත්ත්වය කරා ළගා වීමට අපොහොසත් කිසිම පක්ෂයකට දියුණු පංතියේ පක්ෂය බවට හෝ ධනපති පංතිය බලයෙන් නෙරපා දමා මුළු සමාජයම පරිවර්තනයට භාජනය කිරීම හෝ කළ නොහැක්කක් බව ඉතා පැහැදිලි ය. බොල්ෂෙවික්වාදය හුදු වචන යෙදුමක් නොව, විප්ලවීය හැඩගැස්මකී. මෙකී තත්ත්වයන් ජවිපෙ සන්නද්ධ අරගල දෙකක් සහිත අතීතය සමගත් එහි වර්තමාන දේශපාලනය සමගත් පෙළගස්වා බලන්න. පෙන්වූ කැපවීම, වීර්යය හා වීරත්වය හැරුණු කොට දෙවන හා තෙවන කොන්දේසි මගින් පෙන්වන ජනතාව සමහ සංයෝගවීම, දේශපාලන නායකත්වයේ නිවැරදිබව, පොදු දේශපාලන ක්‍රියාමාර්ගයේ නිවැරදි බව හා ඒවා නිවැරදි බව ජනතාව ඔවුන්ගේම අත්දැකීම් මගින් දැන තිබීම සත්‍ය වශයෙන්ම සිදු නොවූ දේවල්ම ය. ඒ කරා ළ`ගාවීමට ප්රයත්න නොදැරුවා පමණක් නොව අඩුම වශයෙන් සරළ අරුතින් හෝ ඒවා තේරුම් ගෙන තිබුණේ ද නැත. ජවිපෙන් කැඞී වෙන්වූ පෙස පක්ෂය ද බොල්ෂෙවික්වාදය මෙවැනි අරුතකින් තෙරුම් ගෙන ඇති බවක් මෙතෙක් පෙන්නුම් නොකරන නමුත් එය කියවා ගැනීමට ඔවුන් දක්වන උද්යෝගයට අපේ කියවීම යම් පිටුවහලක් වේයැයි අපි කල්පනා කරමු.
අපි නැවතත් උපාය මාර්ගය වෙත පිවිසෙමු. විප්ලවවාදීන් පොදු ජනතාව සමග සංයෝග වන්නේ කෙසේ ද? විප්ලවවාදී පක්ෂයේ දේශපාලන නායකත්වයේ නිවැරදිබව හා එහි දේශපාලන ක්‍රියාමාර්ගයේ නිවැරදි බව ජනතාවට ඔවුන්ගේම අත්දැකීම් මගින් දැනගන්නට සලස්වන්නේ කෙසේ ද? විප්ලවීය පක්ෂය එසේ දැනුවත් පළල් ජනතාව නියමිත එල්ලය කරා මෙහෙය වන්නේ කෙසේ ද? ඒ සඳහා ඇති යාන්ත්‍රණය කුමන ආකාරයක් විය හැකි ද? සවිඥානක, සංවිධිත කුඩා විප්ලවිය පක්ෂය, අවිඥානික, අසංවිධිත, පළල් බහු ජනතාව සමග සංයෝගවීමේදී එම ‘සංයෝගය’ ඊට මූලික වූ අංග දෙකෙන් එකක් පමණක් විය නොහැකි ය. එය විප්ලවීය පක්ෂයක් නොවී ය. අනෙක් අතට එය හුදු ප්‍රජා ඝනයක් වූයේ ද නැත. එය නම්, විප්ලවීය බලය දෑතට ගනිමින් තම ‘එල්ලය’ කරා පියවරෙන් පියවර ඉදිරියට යමින් තිබූ රුසියානු පොදු පීඩිත ජනතාව නියෝජනය කළ කම්කරුවන්, ගොවීන් හා සොල්දාදුවන්ගේ සෝවියට් ව්‍යාපාරය ය. බොල්ෂෙවික්වරුන් තම පක්ෂයේ දේශපාලන නායකත්වයේ නිවැරදිබව හා එහි දේශපාලන ක්‍රියාමාර්ගයේ නිවැරදි බව ජනතාවට ඔවුන්ගේම අත්දැකීම් මගින් දැනගන්නට සැලැස්වූ ප්‍රධාන හා වැදගත් ම මාධයය වූයේ එය යි. ‘සෝවියට්’ නම් රුසියානු භාෂාවෙන් ලියා තිබූ නාම පුවරුව පිටුපස වූයේ ඒ විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරය යි.
විප්ලවීය ව්‍යාපාරය සම්බන්ධයෙන් වැදගත් ප්‍රශ්න සාකච්ඡුා කිරීමේදී අපේ අත්දැකීම් පෙරට පැනීම නොවැළැක්විය හැකි ය. අප විශ්වාස කරන අන්දමට ලෙනින්වාදී, ට්‍රොට්ස්කිවාදී, මා ඕවාදී කුමන ප්රවනතාවයක් වුවත් පොදු වශයෙන් ලාංකේය වාම ව්‍යාපාරය, පක්ෂය හා බහුජනතාව අතර සහසම්බන්ධය ගොඩනැගීම සම්බන්ධයෙන් පිළිතුරු සොයා ගැනීමෙහි අපොහසත් වී ඇත. සත්‍යවශයෙන්ම පෙනෙන්නට ඇත්තේ බොහෝ පාර්ශවයන්ට ඒ පිළිබඳ අව්‍යජ උවමනාවක් හා දැක්මක් ද නැති බවකි. ජවිපෙ දියත් කළ සන්නද්ධ අරගල දෙක තුළින් ද එහි සමස්ත ඉතිහාසය තුළින් ද පෙන්නුම් කරන්නේ ‘විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරය’ වෙනුවට තමන් ආදේශ වීමකි, දේශපාලන ක්රියාමාර්ගයන්ගේ ‘නිවැරදිබව’, දේශපාලන නායකත්වයේ ‘නිවැරදිබව’ ඒත්තු ගන්වන්නේ සාමකාමී කාලවලදී නම් ආකර්ෂණීය ප්රවාරණය මගිනි. උද්ඝෝෂණ මගිනි. නැතිනම් කාමර සාකච්ඡුා මගිනි. ඒ ආදී වශයෙනි. අනෙක් කාලවලදී නම් අනෙක්වා ද සමග නීති සහගත මෙන්ම නීති කඩා ගෙන පෙරට යන ති්රයාකාරිත්වයන් ඇතුළු කි‍්‍රයා සමුච්චයක් මගිනි. ‘විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරය’ යනු පක්ෂය විටෙක පසුමුණේ ද බොහෝ විට පෙරමුණේ ද සිට කි‍්‍රයාකාරීව මැදිහත්වෙන වෙනස් වෙනස් හැඩයන් ඔස්සේ මුළු දෙන විප්ලවීය ජනතා කි‍්‍රයාකාරිත්වය යි. එහෙත් ජවිපෙ සම්බන්ධව ගත් කල සිදු වූයේ එය ජනතාව සමග සංයෝගවීම නොව ජනතාවගෙන් වියෝජනයවී කිසියම් නිකායික ස්වරූපයක හැඩයක් ගැනීම ය.
විප්ලවීය උපාය මාර්ගය ගැන විමසීමේදී පැහැදිලි කරගත යුතු තවත් වැදගත් කරුණක් වන්නේ සන්නද්ධ නැගිටීම පිළිබඳ සංකල්පය යි. සන්නද්ධ නැගීටීම සමස්ත උපාය මාර්ගය ද නැතිනම්, එහි නිශ්චිත තීරණාත්මක කඩඉමක් ද? 71 අරගලය සම්බන්ධයෙන් නම් ජවිපෙ උපාය මාර්ගය මුළු එකම සන්නද්ධ අරගලය පමණක්ම කැටිකොට ගත්තකි. එහි කැපවීම, වීර්යය හා වීරත්වය ප්‍රකාශ කෙරුණේ පංති විඥානයෙන් හෙබි පෙරමුණු බල ඇණිය එනම් නිර්ධන පංති පක්ෂය ගොඩනැගීම හෝ ‘විප්ලවීය පොදු ජන අරගල ව්‍යාපාරය’ මුඛ්‍ය කරගෙන නොව සන්නද්ධ අරගලයම, එයම පමණක් මුඛ්‍ය කර ගෙන ය. ඉහත ලෙනින් අර්ථදක්වන අන්දමටත් බොල්ෂෙවික් ව්‍යාපාරයේ ඉතිහාසයට අනුවත් උපාය මාර්ගයේ වැදගත්ම හා ප්‍රමුඛම කාර්යභාරය සංයුක්ත වන්නේ පෙරමුණු බල ඇණිය පංති විඥානගත කිරීම, ජනතාව සමග සංයෝගවීම හා පක්ෂයේ දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසනීයත්වය ගොඩනැගීම වැනි කරුණුවලින් ය. මෙකී මනෝමූල තත්ත්වයන් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විෂයමූල තත්ත්වයන් ද සම්පූර්ණ නම් පමණක් බලය ලබාගැනීම සඳහා නැගීසිටීම හැකියාවක් පමණක් නොව කළ යුත්තක් ද වෙයි. ඒ ඒ රටවල පවතින විශේෂිත තත්ත්වයන් අනුව නැගීසිටීම් ආකාරයෙන් වෙනස් විය හැකි ය. රුසියාවේ මෙන් නොව චීනයේ සහ වියට්නාමයේ මුලකඳවුරු හා ගරිල්ලා සටන් ක්‍රම පදනම් කරගත් දිග්ගැස්සුන මහජන යුද්ධයන්ගේ ස්වරූපයෙන් නැගිටීම් සිදුවී ඇත. ඒ සමගම එම රටවල් දෙකෙහිම නිර්ධන පංති විප්ලවවාදීන් කොමියුනිස්ට් පක්ෂ ගොඩනගමින්, කොමියුනිස්ට් පක්ෂවල මෙහෙයවීම ලබා දෙමින් පළල් බහු ජනතාව දැනුවත් කිරිමට හා සංවිධානය කිරීමට ප්රමුඛ අවධානයක් දී විප්ලවීය බහුජන අරගලය පණ පොවා ඇත. කියුබානු විප්ලවය මේ සියල්ලටම වඩා වෙනස් මුහුණුවරක් ගෙන ඇත. කොමියුනිස්ට්වාදීන් ද ඇතුළත් කුඩා නමුත් ප්‍රබල ගරිල්ලා කණ්ඩායමක සටන් ව්‍යාපාරය හා නාගරික ජනතා ව්‍යාපාරයක ඒකාබද්ධ ක්‍රියාකාරිත්වයක් අන්තර්ගතව තිබිම එම නැගිටීමේ විශේෂිත ලක්ෂණය යි. මෙහිදී අපි සැලකිල්ලට ගන්නේ කියුබානු විශේෂිතය නොව නිර්ධන පංති විප්ලවයේ පොදු ස්වභාවයි. ඒ අනුව නැගිටීමකට පූර්වයෙන් මනෝමූල තත්ත්වයන් ගොඩනැගීමත් නැගීසිීටීම සංවිධානය කිරීමත් එකම උපාය මාර්ගයකට අයත් අවස්ථා දෙකකි. නැගීසිටීම පෙරට ගැනීම මනෝරාජික විප්ලවවාදයක් මිස නිර්ධන පංති විප්ලවවාදය නොවේ. ජවිපෙ මේ සඳහා උදාහරණයක් වන අතර ප්රතිසංස්කරණවාදය වැළඳගෙන විප්ලවීය නැගීසිටීම බැහැර කර දැමීම සම්බන්ධයෙන් පැරණි වම උදාහරණයක් වෙයි.

Saturday, May 4, 2013
පක්ෂය හා විප්ලවීය මහජන ව්‍යාපාරය 2
විප්ලවය, පංතිය හා පක්ෂය
විප්ලවය පිළිබඳ සංකල්පය පොදු වශයෙන් ඉතිහාසය පිළිබඳ ලියකියවිලි හා පොත්පත් තුළ සටහන් වන්නේ මාක්ස්ට පෙර හා මාක්්ස්ට පසුකාලයේ පටන්ම ය. අදත් පාසැල් පෙළ පොත් තුළ අපට යුරෝපා ඉතිහාසය ඉගැන්වීමේදී විප්ලව ගැන කියා දෙයි. ඒ වැඩවසම්වාදය පෙරළා දමා ධනවාදය බිහිවීමට මග පෑදූ විප්ලවයන් - ධනේශ්වර විප්ලවයන් ගැන යි. නැගී එමින් තිබූ ධනවාදයට බාධකයන් වූ සියළු ආකාරයේ රදළවාදී සම්බන්ධතාවයන් වහාම බිඳදමා නව ධනේශ්වර සම්බන්ධතාවයන් තුළ මුළු මහත් සමාජය ස්ථානගත කිරීම ධනේශ්වර විප්ලවයේ කාර්යභාරය විය. එය ඒ තාක් දුරට ප්රගතිශීලී වෙයි. මානව සමාජය ම්ලෙච්ඡුත්වයේ සිට ශිෂ්ඨත්වය කරා, නොදියුණුබවේ සිට දියුණුබව කරා, පහළ අදියරයක සිට ඉහළ අදියරයක් කරා ගමන්කරමින් පැවතිිි විචල්‍ය ප්රපංචයක් ලෙස දුටු ඉතිහාසඥයින් එය ධනවාදය කරා පිවිසි විගස මානව සමාජීය සංවර්ධනය එතෙකින් කෙළවර කර ස්ථායී ප්රපංචයක් ලෙස සලකයි. සිදුවෙන යම් දියුණුවක් වේ නම් ඒ ධනවාදයම ප්‍රසාරණය කරන්නකි.
මාක්ස්- ලෙනින්වාදය ධනවාදය සමාජ සංවර්ධනයේ ස්ථායී කඩඉම සේ නොසලකයි. සමාජ සංවර්ධනය තවදුරටත් ධනවාදයෙන් සම්පූර්ණ වශයෙන් වෙනස් ගුණාත්මක තත්ත්වයන් අඩංගුකර ගන්නා නව සමාජ අදියරයක් කරා ගමන් ගන්නා බව පෙන්වා දෙයි. එය හුදෙක් මාක්ස්වාදයේ සොඳුරු බලාපොරොත්තුවක් හෝ අපේක්ෂාවක් නොවේ. ඊට පටහැනිව ධනේශ්වර සංවර්ධනයේ ම ප්රතිවිරෝධතාවයන් නව සමාජ අවධියක් ගොඩ නැගීම දිශානතිකර ගෙන මෝරා යන නිසා ය.
ලෝකය වසාගනිමින් යෝධ පරිමාණ ව්‍යවසායයන් වර්ධනය වී ඇත. ඒවා ලෝකය උඩු යටිකුරු කරමින් අමු ද්‍රව්‍ය බිම් සොයා යමින් එකිනෙක සැතපුම් සිය දහස් ගණන් ඈතින් පිහිටි වඩාත් සුදුසු ස්ථානවලට සංවිධිත ආකාරයෙන් ප්‍රවාහනය කෙරෙයි. නේකාකාර නිමි භාණ්ඩ රාශියක් නිෂ්පාදනය කරමින් කෝටි ගණන් පාරිභෝගික පිරිසක් වෙත එකම සැලැස්මක් අනුව බෙදා හරී. මේ සියල්ලටම ඉහළින් ආයෝජන බිම් සොයා මහ බලවතුන්ගේ ප්රාග්ධනය පෘථිවි ගෝලය පුරා වියරුවෙන් සැරිසරයි. මෙම සමස්ත කි‍්‍රයාවලිය කුමන රටක කුමන අවස්ථාවක සිදුවුව ද නිවැරදි ලෙස දශමස්ථානයට ගණන් තැබීමෙහි සමත් දියුණු තාක්ෂණවේදයක් සොයාගෙන ඇත. ප්‍රග්ධනය, අමු ද්‍රව්‍ය හෝ පාරිභොගිකයා යන මේ කිසිම දෙයක හෝ පිරිසක ජාතික විශේෂිත ලක්ෂණ තව දුරටත් ඉතිරිවී නැත. අධ්‍යාත්මික නිර්මාණවල තත්ත්වය ද මෙබඳුම ය. සීමා සහිත පටු ජාතික බුද්ධිය එන්න එන්න ම එහි සීමා වළලූ පුළුල් කර ගනිමින් ජගත් අධ්‍යාත්මික නිර්මාණ ක්ෂේත්‍ර කරා වර්ධනය වෙයි. මින් පෙනී යන්නේ වත්මන් ධනපති ක්‍රමය එය ගමන් ගන්නා සංවර්ධන මාර්ගය එය පිරිසිදු පෞද්ගලික ව්‍යපාර පටිපාටිය ඉක්මවා ගමන් ගන්නා බවය. මෙතරම් බලසම්පන්න නිෂ්පාදන මාධ්‍යයන් හා හුවමාරු ක්‍රම මවා තිබෙන සමාජය (කො. ප්රකාශනය* ලෙනින් වඩාත් පැහැදිලි ලෙස අර්ථ දක්වන්නේ නිෂ්පාදනයේ සමාජමයකරණය ලෙසය. මේ අරුතින් වත්මන් ධනවාදය නව සමාජය එනම් සමාජවාදය ගොඩ නැගීමට අවශ්‍ය තරමට නිෂ්පාදන බලවේගයන් වර්ධනය කර ඇත. එහෙත් නිෂ්පාදන මාධ්‍යයන් සියල්ල පෞද්ගලික දේපළ හිමිකම් යටතට එනම් ධනපතීන්ගේ ස්වල්පයක ස්තරයක් අතට පත්වී ඇත. අද ලෝකයේ පොදු තත්ත්වය එයයි. නිෂ්පාදනය අතිශයින් සමාජමයකරණය වුවද ජනගහනයෙන් වැඩි දෙනෙකූගේ තත්ත්වය වඩාත් දුගීබවට හා විඳ දරාගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ. වත්මන් සියළු විපත් සදහටම නැතිකරලීමට තරම් මාධ්‍යයන් තිබියදීත් එම මාධ්‍යයන් ධනපති ක්‍රමයට අනුව හැසිරවීම හේතුවෙන් විපත් වඩාත් තීව්ර වෙමින් පවතියි. ඒ අනුව ධනපති ක්‍රමය තවදුරටත් කාලයට අනුරූප නොවෙන බව ඔප්පු වෙයි. එසේ නම් සියලූ විපත් නැති කරලීමට සමත් අයුරින් මාධ්‍යයන් හැසිරවීය හැකි නව සමාජ ක්‍රමයක් බිහි කිරීම විෂයමූල තත්ත්වයන් විසින් ම ඉල්ලා සිටින්නක් මිස මාක්ස්වාදී පරිකල්පනයක් නොවේ.
මෙසේ මාක්ස් කළේ අනෙක් ඉතිහාසඥයින් හා අර්ථ ශාස්ත්රඥයින් අපොහොසත් වූ ඉතිහාසයේ අපෝහක තර්කණය ඔප්පුකොට පෙන්වීම ය. නිෂ්පාදනයේ සමාජමයකරණය වසා ගත් පෞද්ගලික දේපළ හිමිකම් කේන්ද්‍රීය කරගත් නිෂ්පාදන සබඳතා ක්‍රමය නැමති නොගැලපෙන පිටකටුව අනිවාර්යයෙන් ම ඉවත්කර නිෂ්පාදන බලවේගයන්ට යෝධ පිමි හරහා තව තවත් ඉදිරියට යාමට මං විවර කරන නව නිෂ්පාදන සබඳතා ක්‍රමයක්, සමාජ ධනය සමස්ත මානව වර්ගයාගේ පොදු යහපත එනයින් සෑම දෙනාගේම පෞද්ගලික යහපත සලසන ක්‍රමයක් උදෙසා සටන් වැදීම අද දවසේ කළ යුත්තක් බවට පත්ව තිබේ. බාධකයක්වූ මෙම පවතින පැරැුන්න ඉවත් කරීම හා නව දෙය ගොඩනැගීම අඩංගු සමස්ත ක්‍රියාවලිය සමජවාදී විප්ලවය ලෙස සැලකෙයි. ඇත්තවශයෙන් ම සමාජවාදී විප්ලවය මේතාක් දුරට හඳුනා ගැනීම ඒ පිළිබඳ තවමත් න්‍යායික වටහා ගැනීමක් පමණකි. කෙනෙකුට එවැනි අවබෝධයක් සාමාන්‍යයෙන් මාක්ස්වාදී සාහිත්‍යය කියවීමෙන් ලබාගත හැකි ය. නමුත් මාක්ස්වාදී විප්ලවවාදියා යනු හුදෙක් ඉහතකී වටහාගැනීම තුළ ?ඳී සිටින්නෙකු පමණක් නොවේ. ඔහු/ඇය විප්ලවය න්‍යායිකව වටහා ගැනීම භාවිතයට ද යොදන්නේ වෙයි. මුලදී ජාතික වශයෙන් ස්වකීය ධනපති පංතිය සමග ගනුදෙනු බේරා අවසන් කරමින් (කො. ප්රකාශනය* ලෝක ධනපති ක්‍රමය ම පෙරළා සමාජවාදය ගොඩනැගීම දක්වා වූ දැක්මක් හා භාවිතයක් ඔහු/ඇය තුළින් ප්‍රකාශ වෙයි. නව සමාජ ක්‍රමය -සමාජවාදය සඳහා පළමුකොට නිර්ධන පංතිය අතට රාජ්‍ය බලය ලබා ගත යුතුය. නිර්ධන පංති විප්ලවයේ ප්‍රථම කොන්දේසිය වන්නේ එයයි. නිර්ධන පංති විප්ලවය සරළ හා සුගම්‍ය දෙයක් සේ සලකා ක්‍රියාකිරීමට කිසිදු මාක්ස්වාදී විප්ලවවාදියෙකුට ඉඩක් නොමැති බව සැලකිය යුතු ය. විප්ලවය හා සම්බන්ධිත සියළු පැති පිළිබඳ පූර්ණ කියවීමක් ලබා තිබිය යුතුය. පූර්ව විප්ලවීය අවධිය හා පශ්චාත් විප්ලවීය අවධිය තුළ ජනතාව හා පක්ෂය සතු කාර්යභාරය ඒවා අතර අනොන්‍ය සම්බන්ධතාවය හා ඒ අනුව පක්ෂ උපාය මාර්ගය කෙසේ විය යුතු ද යන්න ගැඹුරින් හැදැරිය යුතුයයි අපි යෝජනා කරමු.
සමාජවාදය ගොඩ නැගීමට අවශ්‍ය තරමට නිෂ්පාදන බලවේගයන් වර්ධනය වී තිබීම සහ විප්ලවය සඳහා අවශ්‍ය තත්ත්වයන් මෝරා තිබීම එකක් ලෙස වටහා නොගත යුතු ය. (පළමුවැන්න වටහා ගත යුත්තේ න්‍යායික ඓතිහාසික අරුතකින් ය. දෙවැන්න ප්‍රායෝගික දේශපාලනික අරුතකින් ය.* ප්‍රථම කරුණෙන් ඉහත කී ලෙස ධනවාදය සමාජවාදය සඳහා භෞතික හා සමාජීය වශයෙන් මුහුකුරා ඇති බවක් අදහස් කරයි. දෙවැන්නෙන් අදහස්වන්නේ නිශ්චිත රටක පාලක ධනපති පංතියට සිය පාලනය තව දුරටත් පවත්වාගෙන යාමට නොහැකි තරමට එම රටේ ආර්ථික, දේශපාලන හා සමාජ අර්බූදය උත්සන්න වී තිබීම බවත් ඒ හේතුවෙන් තවත් එක අ`ගලක් හෝ ඉදිරියට යන්නට සමාජයට හැකියාවක් නොමැති බවත් ය. පීඩිත ජනතා නැගීටීම් මගින් සනිටුහන් කරන්නේ මෙහි උච්චතම අවස්ථාවන් ය. ස්වයං සිද්ධ හෝ යම් දුරකට සංවිධිත හෝ ජනතා නැගිටීම් සහිතව අර්බූදය එහි හිනිපෙත්තටම නැග තිබුණ ද එය සමාජවාදී විප්ලවයේ ජයග්රහණයෙන් කෙළවර වන්නේ යයි කිව නෙහැකි ය. එසේ වීමට නම් එම රටේ නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයේ විශේෂිත තත්ත්වයන් විසින් එම සමාජය වෙත ඇති කර ඇති බලපෑම් හඳුනා ගනිමින් ඒ අනුව නිර්ධන පංතිය ප්රමුඛ සෙසු පීඩිත පංතික බලවේගයන් දැනුවත්කරමින්, හැඩගස්වමින් හා පෙළගස්වමින් ඉවසිල්ලෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව නායකත්වය සැපයීමෙහි සමත් නිවැරදි දෘෂ්ටියක්, ප්‍රතිපත්ති හා උපාය මාර්ගයක් සහිත නිර්ධන පංතියේ විප්ලවීය පක්ෂයක් ගොඩ නගා තිබිය යුතු ය. මනෝමූල තත්ත්වයන් ගොඩනැගීම යනුවෙන් අදහස් කරන්නේ ප්‍රධාන කොටම එය යි. මේ අනුව ධනපති පාලනය පෙරළා දැමීමේ ජනතා නැගීටීමට පූර්වයෙන් විප්ලවීය පක්ෂයක කාර්ය කොටස අතිශයින් වැදගත් ස්ථානයක් හිමිකර ගනී.

පක්ෂය හා විප්ලවීය මහජන ව්‍යාපාරය 1
අද අප ජීවත් වන සමාජය ස්වභාවික වශයෙන් ම ධනපති ක්රමයයේ ප්රචණ්ඩමය ආධිපත්‍යය විසින් මෙහෙයවනු ලබන, සංස්කෘතිකමය සමාජයක් පමණක් ම නොව ආගමික හා වාර්ගික ඓතිහාසික සාධකයන් විසින් පොළවඹවනු ලැබ ආවේශයට පත් ජනතාවක් විසින් ස්ව කැමැත්තෙන්මත් තමන් පාලනය කරනු ලැබීමට ස්වකීය නියෝජිතයන් ලෙස සලකන සමාජ බල කණ්ඩායම් හරහා ධනපති පාලකයන්ට වරම් දෙනු ලැබ ඇති සමාජයකි. මෙම තත්ත්වයන් ගේ එකතුව විසින් රාජපක්ෂ හෙජමොනිය නිර්මාණය කරනු ලැබ ඇත. ඊට ගෝලීය ධනවාදයේ ආශිර්වාදය හා අනුබලය නොඅඩුව ලැබෙයි. තරවටු කිරීම් කරන්නේ නම් ඒ ‘‘යහ මගට’’ ගැනීම සඳහාම පමණි. උතුරේ දෙමළ ජනතාවට ගේ දොර ඉඩකඩම් අහිමිකර ඇත. ඔවුන්ගේ පැල්පත් යටකරගෙන විසල් හමුදා සංකීර්ණයන් ගොඩ නැගෙයි. ඊටත් වඩා ඔවුන්ට හිමි ජාතික ගෞරවය හා අභිමානය අහිමි කරනු ලැබීමෙන් ඉතිහාසයේ කවරදාටත් වඩා ඔවුහු විඳවමින් සිටිති.
Wednesday, March 6, 2013
ජනප්‍රියම වෙළද නාමය- හලාල් සහ බොදු බලය
චරිත භික්ඛවේ චාරිකං, බහුජන හිතාය බහුජන සුඛාය ( බහුජන හිතසුව පිණිස ධර්ම චාරිකාවේ යෙදෙන්න*. බුදුන්වහන්සේ ධර්ම ව්‍යාප්තියේ දී යොදාගත්තේ සිය ගිහි ජීවිතයට උරුමවූ ගෝති‍්‍රක බලය නොවේ , මහත් වෑයමෙන් පසක්කරගත් ධර්මයයි. එයින් ශික්ෂණය කරනු ලැබූ භික්ෂු ඝනයායි. එහි ගතික ගුණය වුනේ සියළු ලෝ සතුන් කෙරෙහි පෑ මෛත්‍රිය යි. ධර්මයෙහි හැසිරීමයි. එය ශක්තියක් මිස බලයක් නොවේ. කුල ගෝත්‍ර, දුප්පත් පොහොසත් . උගත් නූගත් විෂමතාවයන් සියල්ල විනිවිද ගියේ එම ශක්තියමයි. බෞද්ධ කතා වස්තූන්ට අනුව බුදුන් වහන්සේ ප්රතිපාක්ෂික සියල්ලෝම දමනය අර ඇත්තේ භෞතික බලය යොදා ගෙන නොවේ, ධර්මයෙහි හැසිරීමෙන්ම ය. බුදුන්ගෙන් පසු කාලයෙහි ධර්මයෙහි හැසිරීම ඓතිහාසිකව සෝදාපාළුවට ලක්වී ගියෙන් ඒ තැන ගත්තේ බුදුන් වහන්සේ විසින්ම එදා ප්‍රතික්ෂේප කරනු ලැබූ අභිචාරවිධීන් සහ නේකාකාර ඇදහිලි ය. ගතික ගුණය අහෝසි කරනු ලැබීමෙන් ඉතිිරිවුනේ ශක්තියෙන් තොර නාමික වශයෙන් බෞද්ධ වු ආගමික ආයතනික ව්‍යුහයක් පමණකි. එය නොනැසී පැවතීමට උත්සාහ ගත්තේ ආපසු ධර්මයෙහි පිහිටා නොව රාජ්‍ය බලයේ සෙවන යටට රිංගාගැනීමෙනි. ආගම හා රාජ්‍යය එකිනෙක ඌනපුර්ණය කරගත්තේය. ඉන් පසු වරප්‍රසාද දිනාගැනීමට හෝ රැුකගැනීමට බොදු බලය ඉහළ පංතීන්ට අවශ්‍යම සාධකයක් විය. බුද්ධාගම පමණක් නොව අනෙක් ආගම්ද මෙම ඉරණමෙන් බේරී නැත
Thursday, May 10, 2012
ලෙඩා මළත් බඩ සුද්දයි
බාල තෙල් පාඩුව කෝටි 14 යි
දිවයින 10 6 2012ශිරාන් රණසිංහ
මෙරටට ගෙනා ප්‍ර මිතියෙන් තොර ගුවන් යානා තෙල් (Jet Oil) මෙට්ටි්ර ක් ටොන් හත්දහස් පන්සියය භූමිතෙල් ලෙස භාවිතයට ගැනීමට ගත් තීරණය නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි දහහතරක් (මිලියන 140 ක්) යෑයි තෙල් සංස්ථා මුදල් අංශය ගණන් බලා තිබේ. නෞකාවට ගෙවූ ප්‍රමාද ගාස්තු මෙන්ම මේ දිනවල පවතින විදේශ විනිමය අනුපාතවල අවාසියද මෙම පාඩුව මෙතරම් වැඩිවීමට බලපෑ බව මුදල් අංශයේ නිළධාරියෙක් දිවයින ට පැවැසීය.
සිංගප්පූරු බ්රිුටිෂ් පෙට්රොය්ලියම්(සිංගප්පූරු බී. පී) නමැති සමාගමකින් මෙම ඉන්ධන තොගය ඛනිජ තෙල් සංස්ථාව මිලදී ගෙන ඇත.
මීට දින කිහිපයකට පෙරාතුව (Asdral Extra Ess ) නමැති නෞකාවකින් මෙරටට ගුවන් යානා තෙල් මෙටි්රුක් ටොන් විසිදහසක් රැගෙනවිත් තිබේග මෙම මෙටි්රාක් ටොන් විසිදහසින් ප්‍රමිතියෙන් තොර මෙටි්රනක්ටොන් 7500 ක් වෙනම ටැංකියක අසුරා තිබී ඇත.
ඉන්ධන තොගය ගොඩබෑමට පෙරාතුව ලබාගත් සාම්පල් පරීක්ෂණයේදී ගුවන් යානා තෙල් තොගයේ ප්‍රශ්ණයක් ඇතැයි තහවුරු වූ පසුව අදාළ සිංගප්පූරු තෙල් සමාගමද වෙනම රසායනාගාර පරීක්ෂරණයක් සිදුකර ඇත.
මෙම නෞකාවේම ඩීසල් මෙටි්රෂක් ටොන් විසිදහසක් ගෙන්වා ඇති අතර ඒවායේ ප්‍රශ්ණයක් නොතිබූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව තහවුරු කළේය. භූමිතෙල් හා ගුවන් යානා තෙල් (Jet Oil) අතර විශාල වෙනසක් නැති බව තෙල් සංස්ථාවේ ජ්යෙුෂ්ඨ නිලධාරීන් මෙන්ම ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්රේොමජයන්ත මහතාද සඳහන් කළේය.
කෙසේ වෙතත් පාඩුවක් සිදුව ඇතිදැයි ගණනය කිරීම තෙල් සංස්ථාව මගින් සිදුකරන කටයුත්තක් යෑයි ද ඇමැතිවරයා සඳහන් කළේයග ගුවන් යානා තෙල් මෙටි්රමක් ටොන් 7500 ක් භූමිතෙල් ලෙස පාවිච්චියට ගැනීමේදී වන පාඩුව අවම වන ලෙස සිංගප්පූරු බ්‍රිටිෂ් පෙට්‍රොලියම් නමැති ආයතනය ගුවන් තෙල් බැරලයකට ඩොලර් ශත විසිපහක් බැගින් මිල වට්ටමක් ලබාදුන් පසුවත් සංස්ථාවට රුපියල් කෝටි දහයක් පාඩුවී ඇතැයි තෙල් සංස්ථා මුදල් අංශය සඳහන් කළේය.
බාල ගුවන් යානා තෙල්වලින් රුපියල් ලක්ෂ 18ක ලාභයක්
දිනමිණ 10. 6. 2012
සිංගප්පූරුවෙන් ආනයනය කළ ගුවන් යානා ඉන්ධන මෙට්රි ක් ටොන් 7500 වෙනුවෙන් එක් බැරලයකට අමෙරිකානු ඩොලර් 0.25ක වට්ටමක් හිමිවීමෙන් රුපියල් 1787466ක ලාභයක් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමිව තිබේග
ඒ අනුව එම තෙල් තොගය භූමිතෙල් වශයෙන් භාවිතයට ගැනීම සඳහා තීරණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ භූමිතෙල් අවශ්‍යයතාව සැපිරීම සඳහා අනෙකුත් අවස්ථාවන්හිදී ආනයනය කරන මිල ගණන්වලට වඩා අඩු මිලකට භූමිතෙල් තොගය ලැබීමත් සමඟ වාසිදායක තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්යාං ශය සඳහන් කරයිග
ඊට අමතරව අදාළ තෙල් තොගය රැගෙන ආ නෞකාව දින තුනක් ප්රඳමාද වීම හේතුකොටගෙන දිනකට ඇමරිකානු ඩොලර් 4000 බැගින් ඩොලර් 12000ක මුදලක් සිංගප්පූරුවේ බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමිවන බවද එම අමාත්යාං ශය කියයි.
මේ ඉන්ධන තොගය සංස්ථාවට ආනයනය කර ඇත්තේ ගුවන්යානා ඉන්ධන මෙන්ම භූමිතෙල් වශයෙන්ද භාවිත කිරීම සඳහා බව ඛනිජතෙල් කර්මාන්ත අමාත්යංනශය කියා සිටී.
අප ඉහත උපුටා දක්වා ඇත්තේ ජාතික යයි කියන පුවත්පත් දෙකක් එකම සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තාකරණයේ යෙදෙන අන්දමය.
දිවයිනට අනුව පාඩුව රු. කෝටි 10 කි.
දිනමිණට අනුව කිසිම පාඩුවක් නැත. රු. ලක්ෂ 18 ක ලාභයක් ලාබා ඇත.
අඩු මිළකට භූමිතෙල් තොගයක් ලැබී ඇත
ගුවන් යානා තෙල් භූමිතෙල් කියල ඒ තරම් වෙනසක් නැත
එක බැරලයකට ඇ. ඩො. ශත 25 ක වට්ටමක් දීමට තරම් සිංගප්පූර් බ්‍රිටිෂ් පෙටේ්රා්ලියම් සමාගම කාරුණිකවී ඇත.
දිනමිණ යොදා ඇති උප ශීර්ෂයේ බාල (ගුවන් යානා තෙල්) යන්න මුද්‍රණ දෝෂයක් සේ සැලකිය යුතුය.
Sunday, April 29, 2012
ජන අරගල ව්‍යාපාරයට අභියෝගයක් වන ජවිපෙ උරුමය.
රීතියක් වශයෙන් ප්රතිගාමිත්වය අයත්වන්නේ දකූණට ය. එය විවෘතය, පැහැදිලිය. හඳුනා ගැනීම පහසු ය. නමුත් ප්රතිගාමිත්වය වමේ ද පවතී. එය හඳුනා ගැනීම පහසු නැත. මක්නිසා ද එය වාමාංශික වදන් හා සළු පිළි පැළඳ එන නිසා ය. වමේ ප්රතිගාමිත්වය සැබෑ විප්ලවීය ව්‍යපාරයක් සඳහා වන ප්‍රධාන බාධකයකි. එය ප්‍රකාශයට පත්වන්නේ අවස්ථාවාදය ලෙස යි.
Saturday, April 28, 2012
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමු සමුළුවට අපේ සුභාශිංසන
සහෝදර සහෝදරියනි,
ප්‍රථමයෙන්ම අද දින මුළු දෙන ඔබගේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රථම සමුළුවට සුභ පැතුම් පිරි නමන්නට අවස්ථාවක් සලසා දීම සම්බන්ධයෙන් පීපල්ස් මාච් සංවිධානයේ අපගේ සහෝදරාත්මක කෘතඥතාව පළ කරන්නට ඉඩ දෙන්න. මෙම සමුළුව පැවැත්වෙන්නේ එක් අතකින් ලෝක ධනේශ්වර ක්‍රමය තියුණු හා ගැඹුරු ව්‍යුහාත්මක අර්බුදයක් කරා ගමන් කරමින් තිබෙන්නා වූ ද එහි පරපෝෂිත හා මැරී යන ස්වභාවය ලෝකයට ප්‍රකට කරමින් තිබෙන්නා වූ ද වකවානුවක ය. එහි වෙන් කළ නොහැකි කොටසක් බවට පත්ව තිබෙන අපේ රට ද එලෙස ම අර්බුදයක් කරා ගමන් කර තිබෙන්නා වූ ද වැඩෙන ආර්ථික අවපාතය, ණය අර්බුදය, උද්ධමනය හා විරැුකියාව, දරිද්‍රතාව හා දුක්ඛිත භාවය හා අර්බුදය හමුවේ පිළියම් නොමැති පාලක රෙජිමය ඉවක් බවක් නැතිව ජනතාවන්ගේ සියලූ ප‍්‍රජාතන්තී‍්‍රය හා මානව අයිතීන් කප්පාදු කරන්නා වූ ද ඊට එරෙහිව කි‍්‍රයාකාරී වන විරෝධය පාන කොටස් මර්දනයට පමණක් නොව පැහැර ගෙන ගොස් ඝාතනයට පවා ලක් කරන්නාවූ ද වටා පිටාවක් තුළ ය. අනෙක් අතින් මීට විකල්පය විය යුතු වමේ ව්‍යාපාරය තුළ අවස්ථාවාදය, පටු ජාතිකවාදය හා කට්ටිවාදය ජයග්‍රාහීව ඇත්තා වූ ද ජනතා බලවේග විප්ලවීය නායකත්වයක්, කි‍්‍රයා මාර්ගයක් හා සංවිධානයක් නැතිව විසිරී සිටින්නා වූ ද එනයින් ප්‍රබල වමේ ව්‍යාපාරයක අවශ්‍යතාවය බරපතල් ලෙස මතුව තිබෙන්නා වූ ද වටාපිටාවක ය.
මෙම සමුළුව අද දවසේ අවස්ථාවාදයට, කට්ටිවාදයට හා පටු ජාතිකවාදයට ගොදුරුව වමේ වගකීම අත්හරිමින් ප්රතිගාමී වී ඇති වමට එරෙහිව සැබෑ වමේ විකල්පයක් පිළිබඳ සිහින මවා ගැනීමේ ද භේද භින්නතාවන්ගෙන් පීඩා විඳිමින් මහත් පසු බෑමකට ලක්ව තිබෙන වාම ජන බලවේගයන්ට නව අපේක්ෂාවක්, නව ජීවනයක් හා නව මාවතක් ලබා දීමේ ද විභවයක් අඩංගු කර ගන්නා බව අපි දකිමු.

1978- 2012 ජවිපෙ ගමන් මග කෘතිය පිළිබඳ සංවාදයට ප්‍රවේශයක්
පි‍්‍රය සහෝදරවරුනි, සහෝදරියනි,
පළමුවෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් එළි දක්වනු ලැබ ඇති ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය පිළිබඳ ස්වයං විවේචනාත්මක හැරී බැලීමක් සඳහා වන කෘතිය - 1978 -2012 ජවිපෙ ගමන් මග කෘතිය පාදක කර ගෙන ගොඩ නැගීමට අදහස් කරන කතිකාවතක ආරම්භක අවස්ථාවට පීපල්ස් මාච් සංවිධානයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් අපේ සහෝදරාත්මක ස්තුතිය පළ කරමු.
මෙය සැබවින්ම කදිම ආරම්භයක් යයි අපි සිතමු. මෙවැන්නක් වමේ ඉතිහාසයේ මින් පෙර දක්නට නොලැබුණු භාවිතාවකි. මෙය හදා වඩා පෝෂණය කරමින් අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු නව සංස්කෘතියක ප්‍රවේශයක් ලෙස හඳුන්වා දීමට අපි කැමැත්තෙමු. සැබවින්ම මෙය එඩිතර පියවරකි, ආදර්ශයකි. පි‍්‍රය සහෝදරවරුනි, සහෝදරියනි, මෙවන් ප්‍රවේශයක් ගැනීම ගැන අපි ඔබව බෙහෙවින් අගය කරන බව, අපගේ ගෞරවාදරයට ඔබ පාත්‍ර වන බව දැඩි සහෝදරත්වයෙන් යුතුව ප්‍රකාශ කරමු.
Tuesday, April 10, 2012
වාමාංශික පක්ෂ සහ සංවිධාන ඒකතුවට අපේ යෝජනා
1. ගෝලීය ධනවාදය ස්වභාවිකවම එහි අඩංගු කරගත් ප්රතිවිරෝධී කොන්දේසි විසින් එය ගැඹුරු සංකිීර්ණ අර්බූදයක් කරා මෙහෙයවයි. අර්බූදයේ ප්රතිවිපාකයන්ගෙන් ගැලවීමට දරණ සෑම උත්සාහයක්ම පෙරළා අර්බූදය තීව්ර කරයි. ගෝලීය ධනවාදී බලවේගයන් ඔවුනොවුන්ම ඇන කොටාගන්නවා පමණක් නොව සමස්ථ මානව වර්ගයා මත ද යුද්ධය දරිද්‍රතාවය අයිතීන් අහිමිකිරීම හා විනාශය මුදා හරී.
2. මහින්ද රාජපක්ෂ පාලන තන්ත්රය 48 න් පසු බලයේ සිටි ඕනෑම පාලකයෙකුට වඩා වැඩියෙන් ගෝලීය ධනවාදය හා ගැට ගැසෙමින් ඔවුන් අනුව යමින් සිටී. එය ගොඩනගාගත් ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක ආවරණය යටතේ කොල්ලකාරී දූෂිත ඥාති - ගජමිතුරු කවයක් තුල ආර්ථික හා දේශපාලන බලය කේන්ද්‍ර ගතකරමින් ලංකාවේ පීඩිත පංතීන් හා පීඩිත ජතීන් මත යුද්ධය දරිද්‍රතාවය අයිතීන් අහිමිකිරීම හා විනාශය මුදා හරීමින් සිටී. මේ සියල්ල කරනුයේ පෝෂණය කරනු ලැබූ සිංහල බෞද්ධ ජාතිකවාදයේ සෙවනැල්ල යටතේය.
3. පාර්ලිමේන්තුව නියෝජනය කරන විරුද්ධ පක්ෂ රාජපක්ෂ රෙජිමයට අභියෝගකිරීමෙහි හැ`ගීමක් හෝ නොපෙන්වයි. එජාපය නොවිසඳෙන නායකත්ව අර්බූදයක එරී සිටී. ජවිපෙ නොනැසී පැවතීම සඳහා එදා වේල දේශපාලන සටන් පාඨ තෝරයි. දෙ ජා සංධානය දකුණේ පාලකයන් විසින් නැවත නැවතත් රවටනු ලැබීමේ උගුල තුල හිරවී සිටී.
4. වාමවාදී හා ප්රගතිශීලී කුඩා සංවිධාන සහ පුද්ගලයන් රාජපක්ෂ රෙජිමයට එරෙහිව හුදකලා මතවාදී අරගලයක ද සමහරවිට අඩු බලපෑමෙන් යුත් ප්‍රතිරෝධී ක්‍රියාකාරකම්වල ද යෙදී සිටිති.
5. මෙකී තත්වයන් අනුව දූෂිත අවිචාරවත් රාජපක්ෂ රෙජිමයට එරෙහිව කළ යුතුව ඇති අත්‍යාවශ්‍ය අරගලය අද අක්‍රීය තත්වයක පවතී . එම අරගලය ගෝලීය ධනවාදයට එරෙහි අරගලය හා බැඳුනු ධනේශ්වර විරෝධී පොදු අරගලයේ අඛණ්ඩ කොටසක් ලෙෂ සක්‍රීය කළ යුතුව ඇත . පීඩිත පංතීන්ගේ හා ජාතීන්ගේ සැබෑ විමුක්තිය රැුඳී ඇත්තේ එවැනි වූ අරගලයක ජයග්‍රහණය මත පමණි.
6. ඒ සඳහා , විද්‍යාත්මක දැක්මක් , නිරවුල් වැඩපිළිවෙලක් හා උපාය මාර්ගයක් සහිත පෙරමුණු බළ ඇණිය ගොඩනැගීම සඳහා අවශ්‍ය පූර්ව කොන්දේසීන් සකස් කළ යුතුව පවතී.
7. කෙසේ වුවද , පොදු අරගලය තුල වාමවාදීන්ගේ එක්සත්බාවය එම අරගලය ඉදිරියට ගෙනයාමට ශක්තියක් වන බව අපි පිළිගනිමු. මෙහිදී ලාංකීය වාමාංශික ව්‍යාපාරයේ ඉතිහාසයේ අත්දැකීම් මෙන්ම මෑත කාලයේ අපේම අත්දැකීම් ද පහසුවෙන් බැහැරකළ නොහැකි බව අවධාරණය කරමු. එළඹෙන ආසන්න දේශපාලන තත්වය අනුව ( විශේෂයෙන් මැතිවරණයක් ආසන්නයේ* ඒ ඒ පක්ෂවල ප්රයෝගිකවාදී පටු උවමනාවන් පෙරදැරිව සමගි සංධාන සඳහා උනන්දුවී ඇති බවත් එම පටු භාවිතයන් හේතුවෙන්ම ඒවා වැඩිකල් නොගොස් බිඳවැටී ඇති බවත් යතාර්ථයයි. ඒ හැරෙන්න ක්‍රියාවෙන් ක්‍රියාවට (පිකිටින් , උද්ඝෝෂණ අදිය * පමණක් සමගිය අපේක්ෂාකිරීම ද වාමවාදීන් ගේ තවත් ප්රතිපත්තියකි. තම වාමවාදී පැවැත්ම රැුකගැනීමට උවමනා නමුත් අනොන්‍ය විශ්වාසය බිඳවැටී තිබීම එම ප්‍රතිපත්තියෙන් ප‍්‍රකාශකෙරෙයි. .මේ තත්වයන් නිසා අවංක උවමනාවක් ඇති වාමවාදීන් පවා පසුබැස හුදකලාව සිටී. වාම එකතූන්ගේ මේ දෙආකාරයම පීඩිත පංති ව්‍යාපාරය පිරිහීමට ලක් කර ඇතිවා මිස ඵලදායී කිසිවක් ඊට එකතුකර නැත. වමේ එක්සත් මධ්‍යස්ථානයක් ගැන ෂලකාබැලීමේදී මේ කරුණු කෙරෙහි අවධානය යොමුකිරීම අත්‍යාවශ්‍යයයි අපි කල්පනාකරමු.
8. අප අතර සමගියකදී පංති සහයෝගතාවාදය හා පටු ජාතිකවාදය ප්‍රතික්ෂේප කිරීම මූලික පිළිගැනීම විය යුතුය. සමගියකට වෙනත් න්‍යායික වෙනස්කම් එතරම් බලපෑමක් ඇති නොකරයි. ගැටළු ඇති කරන්නේ ප්‍රායෝගික ක්‍රියා මාර්ග තේරීමේදීය. පළමුව ප්‍රාථමික දේශපාලන කරුණු සම්බන්ධයෙන් එක`ගතාවය ඇතිකර ගැනීම වාම එකතුවක් සඳහා වඩාත් යතාර්ථවත් ප්‍රවේශය වෙයි. අවම වශයෙන් නිශ්චිත කාල වකවානුවකට වලංගු වන ජාතික දේශපාලනය පිළිබඳ විශ්ලේෂණයක් ද ඒ අනුව ප්‍රතිපත්තින් ද උපාය මාර්ගයන් ද පිළිබඳ එක`ගතාවයකට පැමිණිය යුතුය. මෙය වුවද ඉක්මනින් කළ හැක්කක් නොවේ . අවංක හා විවෘත සංවාදයක් අවශ්‍යය. කාල සටහනක් අනුව සාකච්ඡුා ඉදිරියට ගෙන යා යුතුය.
ප්‍රතිපත්තිමය එක`ගතාවයකට පැමිණිය යුතු මූලික කරුණු
1. ලංකාවේ දේශපාලන ව්‍යුහය ප්රජාතන්ත්රීයකරණය කිරීම . ඒ සඳහා බැහැර කළ යුතු අංග හා අඩංගු වියයුතු නව අංග පිළිබඳ
2. දෙමළ ජාතික ප්‍රශ්ණය පිළිබඳ
3.අධ්‍යාපනය , සෞඛ්‍ය ආදී ප්‍රශ්ණ පිලිබඳ
9. සංවිධාන උපාය මාර්ගය
මේ පිළිබඳ වාමවාදීන් ෂතුව ඇත්තේ යාන්ත්‍රික ආකල්පයක් බව කිවයුතුය. වාම එකතුවක් සෑ¥ වහාම සමුළු, සම්මන්ත්රණ , පිකටින් වැනි ජනප්‍රිය යෝජනා ගලා එන්නේ ඒ නිසාය. මෙවැනි ක්රියාකාරිත්වයන්ට පෙර ඒ සඳහා ජනතාව සංවිධානය කිරීමේ අවශ්‍යතාවය මින් බැහැරකෙරෙයි.
අපට ප්‍රතිපත්තින් සකස්කළ හැක. එහෙත් ඒවා බල ගැන්වෙන්නේ පීඩිත ජනතාව ඒවා පිළිගෙන ඒ වටා පෙළ ගැසෙන්නේ නම් පමණි. මේ නිසා ජනතාවට ඒත්තුගැන්වීම හා සංවිධානය කිරීම මූලික කාර්්‍යයක් බව අපි සලකමු. එළඹෙන මොහොත අනුව විරෝධතා සංවිධාය කිරීම මින් ප්‍රතික්ෂේප නොවෙයි.
’සංවිධානය කිරීම’ යන්නෙන් නිශ්චිත ව්‍යුහයකට ක්රමානූකූල ගොනුකිරීම, ඒකරාශිකිරීම අදහස්වෙයි. අපේ ප්‍රතිපත්ති පළල් ජනතාව සඳහා නම් අපේ අරමුණ ඒ වටා ජනතාව සංවිධානය කිරීම නම් එම සංවිධානය බහු ජන සංවිධාන හැඩයක් ගනී. ඒ තුල මාක්ස්වාදීන් , ප්රජාතන්ත්රවාදීන් , මානව හිතවාදීන් , පරිසර හිතවාදීන් වැනි විවිධ බිම් තුල සටන් කරන්නන් සිටිය හැක. එය පලල් ජනතාව හා වාම සංවිධානය නැතිනම් පක්ෂය අතර පාලමක් ලෙෂ පැවතිය යුතුය. වාම සංවිධානය - පක්ෂය ඊට මග පෙන්වන්නේක් විය යුතුය. කිසිම අරගලයකට ජනතාව සියයට සියයක් ඇදී එන්නේ නැත. එසේ එන්නේ යම් තරමක හෝ උනන්දුවක් දක්වන කුඩා පිරිසකි. එම සක්‍රීය කොටස් ප්‍රථමයෙන් බහු ජන ව්‍යාපරය තුල හැඩගැස්වීම කළ යුතුය. පක්ෂයට උරාගත යුත්තේ එසේ හැඩගැස්වූ දියුණු කොටස්ය.
කම්කරු , ගොවි, තරුණ , ශිෂ්‍ය, කාන්තා හෝ වෙනත් කිසියම් නිශ්චිත විෂයයක් ඉලක්කකර ගත් ව්‍යාපාර පැවතිය හැකි මුත් අප අදහස් කරන මහජන ව්‍යාපාරය එවැන්නක් නොවේ. විවිධ අරගලයන් එකට කැටිකර ගත් පොදු ඉහළ තලයක මධ්‍ය සංවිධානයකි මහජන ව්‍යාපාරය. මෙය විප්ලවවාදි පක්ෂය නොවේ . පක්ෂය සාපේක්ෂව කුඩා නමුත් දියුණු කොටස්වලින් සමන්විත දෘෂ්ටිමය අතින් ඒකීය මධගත සංවිධානයකි.
මහජන ව්‍යාපාරයක සංවිධාන ව්‍යුහය වෘත්තීය ක්ෂේත්රය, නගරය හෝ ප්‍රාදේශිකය පදනම්කරගත් සමාන්තර මධස්ථාන වශයෙන් පැවතිය හැකිය. එහි වර්ධනීය සීමාවකදී සමුළුවක් තුල එකාබද්ධ කළයුතුය. වචනයේ සැබෑ අරුතින්ම එහි ප්රජාතන්වාදී විධික්රමය තිබිය යුතුය. වෙනස් මතවාදයන් පවතින නිසා තීරණගැනීමේදී සංවාදය අතිශයින් වැදගත්ය.
පීඩිත පංතීන්ට එරෙහිව තීරණ ගැනීමේ්දී හා ක්‍රියා මාර්ග තේරීමේදී ධනේශ්වරය මධ්‍යගත රාජ්‍ය බලය මත පිහිටයි.ආණ්ඩුව යන නමින් ඔවුන්ගේ පක්ෂ එම මෙහෙයුම හසුරුවයි. මේ තත්වයට එරෙහිව තීීරණ ගැනීමට හා ක්රීයාමාර්ග තේරීමට පීඩිත පංතීන්ට ඔවුන්ගේම විකල්ප බල මධ්‍යස්ථාන තිබිය යුතුය. ඔවුන්ගේ පක්ෂ එය හසුරවිය යුතුය. මහජන ව්‍යාපාරය පිළිබඳ අපේ දැක්මේ පදනම එයයි.(සම්පිණ්ඩනයකි)
Subscribe to:
Posts (Atom)